Born With Fire || MYG ✓

By Silvermirror23

9.3K 2K 3.8K

ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙ... More

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N
New Story

Chapter 13

304 71 142
By Silvermirror23


"හායි මින්යූ...... ඔයා අද වර්නන්ගෙ පාර්ටි එකට යනවද?"

"ආහ්.... මට ඒක අමතක වෙලා. නායුට කියන්නත් බැරි වුණා හනා. මොකද කරන්නෙ?"

"ඒ වුණාට අනේ වර්නන් බලාගෙන ඉන්නෙ ඔයා එනකම්. ප්ලීස් අපි යමු. හොඳට එන්ජෝයි කරන්න පුළුවන්."

"හරි මම බලන්නම්. කොහොමත් මට අද හවසට ගෙදර යන්නෙ නැතුව කෙලින්ම එහෙට යන්න වෙයි."

මින්යූ කියද්දි ඔලුව වනපු හනා එතනින් යන්න ගියා. මින්යූ හිටියෙ වෙනදා වගේම විශ්ව විද්‍යාලයට වෙලා. කැෆටේරියා එකට වෙලා තමන්ගෙ දවල් කෑම තනියම ගන්න ඇයට සිද්ධ වුණේ ටේහ්යොන්ග් ඒ වෙලාවට වත් නායුන්ව අතෑරියෙ නැති නිසා. මින්යූ කල්පනා කලේ ගෙදර කාටවත්ම නොකියා පාර්ටි එකට යන එක හොඳයිද කියලා. ඇය ඒ ගැන හිත හිත ඉන්නකොටම එතනට ආවෙ වර්නන්.

"හේයි ස්වීටි..... ඔයා අද පාර්ටි එකට එනවා නේද?"

"මම තාම ඒ ගැන හිතුවෙ නෑ වර්නන්. මට ගෙදර ගිහින් එන්න වෙලාව මදි වෙයි."

"ඕහ්.... ආයෙ ගෙදර යන්න ඕන නෑ කෙල්ලෙ මං ඔයාව එහෙට එක්කගෙන යන්නම්. මාත් එක්කම යමු."

වර්නන් එතනින් යනකොට මින්යූ නැවතත් තමන්ගෙ කෑමට අවධානය යොමු කලා. කොහොම වුණත් අද නම් මේකට යන්නම වෙනවා කියලා ඇය දැනගෙන හිටියා. ලෙක්චර්ස් ඉවර වෙන්න කලින් ගිහින් ආවොත් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි කියලා හිතපු ඇය කාටවත් ඒ ගැන කියලා කරදර කරන්න ගියේ නැහැ.

මේ අතර නායුන් හිටියෙ ටේහ්යොන්ග්ගෙ අමුතු ඩිසයින් එක හදන්න උදව් කරන ගමන්. සුදු පාට කෝට් එකට නිල් පාට ස්ප්‍රේ එකක් ගහලා ග්ලිටර් වලින් අලංකාර කරන වැඩේ ඇයට බාරදීලා ටේහ්යොන්ග් නම් මේ වෙලාවෙ හිටියෙ විශේෂ දෙන්නෙක්ව හම්බවෙන්න ගිහිල්ලා. ඒ දෙන්නව හම්බවෙන්න ටේගෙ හිතේ නම් කිසිම කැමැත්තක් නැති වුනත් එහෙම නොකර ඉන්න ඔහුට බැරි වුණා.

"හරි දැන් මොනාද කතා කරන්න තියෙන්නෙ?"

"ඇරපු අතක් නෑ තමුන් ජිමිනාගෙ අනිත් කෑල්ලම තමයි."

"ඉතින් මිස්ටර් යුංගි බුංගි ඔයා මොන එහෙකටද මාව හම්බවෙන්න ආවෙ?"

"ඇයි එයා එක්ක විතරක් කතා කරන්නෙ මටයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ?"

එකපාරටම යුංගි ටේහ්යොන්ග් දෙන්නගෙ කතාව මැද්දට පැනපු ජිමින් කෑගහන්න පටන් ගත්තා. ඇත්තටම එතන තුන් දෙනාම පැය කාලක් තිස්සෙ කලේ ප්‍රශ්න අහ අහ ඔරවගන්න එක විතරයි. ඒ ඇරෙන්න සාම සාකච්ඡා තියන්න කාටවත් ඕන වුණේ නැහැ. විශේෂයෙන් ජිමින් ටේහ්යොන්ග් දෙන්නට.

"ඔහේට මොන ප්‍රශ්නයක්ද? මගේ නායුට ආදරෙයි කිව්වා නම් ඔක්කොම ඉවරයිනෙ."

"මට බෑ.... මං එයාට ආදරේ නෑ. ඔහේ මං කැමති කෙල්ලව හොයාගන්න මට උදව් කරනවා."

"මට බෑ.... මගේ නායුට මං ආදරෙයි. මං එයාට ආදරෙයි කියනවා."

ටේහ්යොන්ග් එතනින් යන්න හදද්දි ජිමින් අතින් ඇදලා ඔහුව නැවැත්තුවෙ මූනත් පුම්බගන්න ගමන්. ඒකටම හරියන්න ටේහ්යොන්ග්ගෙ මූනත් තරහට රතු වෙලා තිබුණා.

"ඔයාට බෑ එයාට ආදරෙයි කියන්න."

"එහෙනම් ඔයා කියන්න."

"මට බෑ."

"එහෙනම් මම කියනවා."

"යාආආආආ..... තමුන්ලා දැන්මම ඕක නවත්ත ගන්නවාආආආ...."

දෙන්නගෙ රණ්ඩුව ඉවසගෙන ඉන්න බැරිම තැන යුංගි කෑගැහුවෙ ජිමින් වගේම ටේහ්යොන්ග් බිම බලා ගනිද්දි. දෙන්නම කැමති වුණේ නැහැ අනිත් කෙනාට දිනුම දෙන්න. ඇත්තටම ඉතින් ඒ දෙන්නා එහෙම වෙන්න එපැයි. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු යුංගි දිගු හුස්මක් හෙලලා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

"හරි..... මේක අහගන්න ටේහ්යොන්ග්. අපි ඔයාලා දෙන්නව ආපහු එකතු කරන්න ඕන. ඒකට ඔයාගෙ කැමැත්ත ඕන කියලා ඔයා දන්නවනෙ. ඒ නිසා ප්ලීස් අපිත් එක්ක රණ්ඩු කරන්නෙ නැතුව ඒකට එකඟ වෙන්න."

"ඔයා දන්නවනෙ යුංගි හ්යොන්ග්... මං මේ ලෝකෙ ආදරේ කරන එකම කෙනා නායුන් විතරයි. මම ඉන්නෙ ගොඩක් පුංචි කාලයක් කියලා මම දන්නවා. ඒක නිසයි මම එයාව ජිමින්ට දීලා යන්න හදන්නෙ."

"මේක තේරුම් ගන්න ටේ. ජිමින් නායුන්ට කැමතියි කිව්වත් වැඩක් තියෙයිද? ඔයා එයාට දැනටමත් ගොඩක් ලංවෙලා. එයාට ඔයා නැතුව ඉන්න බැරි වෙයි."

විනාඩි ගණනාවක් යනකම් ඔවුන් අතර තිබුණෙ දැඩි නිශ්ශබ්දතාවයක්. ඇත්තටම මේ වෙනකොට නායුන්ට ටේහ්යොන්ග් නැති පුංචිම වෙලාව පවා ගොඩක් දැනෙන්න පටන් අරන්. ඇයටත් නොදැනීම ඇය ඔහුට ආදරේ කරන්න පටන් අරගෙන වත්ද? එක්වරම නිශ්ශබ්දතාවය බිඳිමින් කතා කලේ ටේහ්යොන්ග්.

"ඇයි හ්යොන්ග් ඔයා අපිව දෙන්නෙක් කලේ. ඔයා එහෙම නොකලා නම් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් නැති මං කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑනෙ."

"මට සමාවෙන්න ටේ.... එදා ජිමින්ගෙ ජීවිතේ බේරගන්න මට එහෙම කරන්න වුණා."

යුංගි කියද්දි ජිමින් ටේහ්යොන්ග්ව බදාගත්තා. තමන්ගෙම කොටසක් වුනත් නොවුනත් ජිමින්ට ටේහ්යොන්ග් කියන්නෙ තමන්ගෙම සහෝදරයෙක් යාලුවෙක් වගේ කෙනෙක්. ඇත්තටම ටේහ්යොන්ග් ජිමින් කියන්නෙ කවුද කියන ප්‍රශ්නය අපිට මෙතනදි ඇති වෙනවා. ඇත්තටම ඔවුන් අතර තිබුණෙ හරිම සංකීර්ණ බැඳීමක්.

ජිමින් සහ ටේහ්යොන්ග් කියන්නෙ එකම කෙනෙක් කිව්වොත්, ටේහ්යොන්ග් කියන්නෙ ජිමින්ගෙම තවත් කොටසක් කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? ඔව්, ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒක තමයි ඇත්ත. 

මීට වසර ගණනාවකට කලින් ජිමින්ව විනාශ කරන්න ඔහුගේ පවුලේ අය උත්සාහ කලා. ඒකටත් ලොකු හේතුවක් තිබුණා. මේ අවස්ථාවේ ඔවුන් ජිමින්ට නැවත උපතක් ලබා ගන්න නොහැකි වෙන්න කියලා ශාපයක් කලා. ෆීනික්ස් පක්ෂියෙක් හැටියට අළු මතින් නැවත ජීවය ලබා ගන්න ඔහුට හැකියාව තිබුණත් ශාපය නිසාම ඔහුට වේදනාවෙන් මිය යන්න සිද්ධ වුණා.

ඒත් මේ වනවිට ජිමින්ව දැකපු ඔහුගේ පවුලේ හතුරෙක් වන යුංගි තීරණය කරනවා ජිමින්ව බේරගන්න. ඒ ඔවුන් යුංගිට කරපු හැම නරක දෙයක්ම අමතක කරලා. යුංගි ජිමින්ට නැවත ජීවය ලබා ගත හැකි පරිදි ශාපයේ බලපෑම් අඩු කලත් ඒ සඳහා ජිමින්ගේ ජීවිතය විශාල ලෙස වෙනස් කරන්න ඔහුට සිද්ධ වුණා. ඒ අනුව ඔහු ජිමින්ව කොටස් දෙකකට වෙන් කලා. ඔහුගේ එක කොටසක් ජිමින් ලෙසම පවතිද්දි යුංගි ඔහුගේ අනිත් කොටස ටේහ්යොන්ග් ලෙස නම් කලා. ඒ වෙන් කිරීමේ අතුරු ප්‍රතිඵලයක් සහ ජිමින්ව මරන්න අවශ්‍ය වුණ හේතුව නිසා ජිමින් විටින් විට කුඩා දරුවෙකුගේ තත්වයට පත් වීම සිදු වුණා.

ඒ තරම් කාලයක සිට තමන්ගේ හතුරන්ට අයත් කෙනෙක්ව තමන්ගෙම සහෝදරයෙක් කරගෙන බලාගත්තෙ යුංගි. ඔහුගේ ඒ යහපත් ගතිගුණ නිසාම ජිමින් තමන්ගෙ විශේෂත්වය උපයෝගී කරගෙන යුංගිගේ අරමුණට යන්න උදව් කරනවා. නමුත් ඒ අරමුණ තවදුරටත් රහසක්.

ජිමින්ගෙම කොටසක් වුන ටේහ්යොන්ග්ගෙ රූපය වෙනස් එකක් වුණේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති. ඒකට හේතු වුණේ යුංගි. ජිමින්ව මරන්න උත්සාහ කරන අයට ඔහුගේ කොටස් දෙකම නැතුව ඒ කටයුත්ත සම්පූර්ණ කරගන්න නොහැකි වුනා. ඒ නිසාම යුංගි ජිමින්ට වඩා හාත්පසින්ම වෙනස් රූපයක් එක්ක ටේහ්යොන්ග්ව නිර්මාණය කරලා ඔහුව වෙනත් ස්ථානයකට යැව්වා. 

නමුත් කාලයත් එක්ක ඔහු කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා. ජිමින් වගේම ඒ කෙනා නැවත ඉපදෙන තුරු ඔහු බලාගෙන හිටියා. ඔහුට දවසක නැවතත් ජිමින්ගේ ශරීරයට එකතු වෙන්න වෙන බව දන්න නිසා ඔහු ජිමින්ගෙන් ඉල්ලීමක් කළා තමන්ගෙ එකම ආදරේ පරිස්සමින් බලාගන්න කියලා. ඒත් ජිමින් ඒ වනවිටත් තමන්ගෙ අප්‍රකාශිත ආදරය සොයන ගමන් හිටියෙ. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර ඇති වුන ප්‍රශ්නයක් නිසා ටේහ්යොන්ග් යුංගිගෙ භාරයෙන් ඉවත්ව ගියා. ජිමින් යුංගි දෙදෙනා කොයිතරම් හෙව්වත් ඔහුව හොයාගන්න පුළුවන් වුණේ නැහැ. නමුත් ඔහු දැන් නැවතත් ඇවිත් ඉන්නෙ ඔහුගේ එකම ආදරය ලඟට. ඒ නායුන්.


********************


"ටේ..... ඕහ් ඔයාලා? යුංගි සර්, ජිමින් ඔයාලා මොකද මෙතන කරන්නෙ?"

ටේහ්යොන්ග් එනකම් ගොඩක් වෙලා බලාගෙන හිටපු නායුන් බැරිම තැන එලියට ගියේ ඔහුව හොයාගෙන. එතකොට ඇය දැක්කෙ ජිමින් වගේම යුංගි ටේහ්යොන්ග් එක්ක කතා කරන විදිහ. ඒත් ඔවුන් දන්නෙ කොහොමද කියන එක ඇයට ප්‍රශ්නයක් වුණා.

"ආහ් මේ.... අපි මේ....."

"එයාලා ආවෙ අපේ වැඩේට නායු මැණික. යුංගි තමයි අපේ මොඩ්ල්. එන්නකො අපිට තව වැඩ ගොඩක් තියෙනවනෙ කරන්න."

යුංගි තමන්ගෙ වචන සම්පූර්ණ කරන්න කලින්ම කියලා දාපු ටේහ්යොන්ග් නායුන්වත් ඇදගෙන ආපහු ඇතුලට ගියේ යුංගි කටත් ඇරගෙන බලාගෙන ඉද්දි. ජිමින් නම් තාමත් බඩ අල්ලගෙන හිනා වෙන්නෙ යුංගි ඉල්ලගෙන කෑවා කියලා දන්න නිසාමයි.

"ආශ්.... මේ එක ඇඟේ කෑලි දෙකම එක වගේ. මටමයි සේරම කැත වැඩ කරන්නෙ. අර පිටසක්වලයා මොන ජාතියේ ඇඳුමක් මට අන්දවයිද දන්නෑ?"

"හහ්.... හහ් හා... යුංගි නම් ගිනි පිඹින ගිනි කුරුල්ලා මොඩ්ල් කෙනෙකුත් වුණා එහෙනම්. දැන් අර ගිනි කිරිල්ලිට පේන්නත් එක්ක ලස්සනට කැට් වෝල්ක් එකක් එහෙම දාන්න ලෑස්ති වෙන්න."

"කට වහගෙන එනවා ජිමිනා... ඇත්තටම මට පොල්ලකින් ගහන්න ඕන ඔහේ වගේ නසරාණි පොඩි එකෙක්ව බේරගත්තට."

යුංගි අනිත් පැත්ත හැරිලා කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යනකොට ජිමින් දුවගෙන ගිහින් ඔහුගේ අතේ එල්ලුනේ හිනාවෙවීමයි. ඇත්තටම තමන්ගෙම සහෝදරයෙක් නොවුනත් යුංගි ජිමින්ට මේ සලකන විදිහ හරිම ආදරණීයයි. කවුද කැමති වෙන්නෙ තමන්ගෙම කෙනෙක් වුනත් අසනීපයක් තියෙන කෙනෙක්ව බලාගන්න. ඒත් යුංගි එහෙම කලා... ඒ වගේම ඉස්සරහටත් කරයි.


********************


වෙලාව හවස හයයි.... හැමෝම හිටියෙ ගෙදර. හැමෝම කිව්වට ඉතින් මින්යූ නම් ලෙක්චර්ස් ඉවර වෙන්න තව වෙලාව තියෙනවා කියලා වර්නන්ගෙ පාර්ටියට ගිහින් හිටියෙ. රාත්‍රී හත වෙනකොට ආපහු කෙල්ලව යුනිවර්සිටි එකට ගෙනත් දානවා කියන පොරොන්දුව පිට වර්නන් ඇයව එක්කන් ගියත් යුංගි වගේම අනිත් අය හිතාගෙන හිටියෙ මින්යූ තාමත් ලෙක්චර්ස් වල කියලා. කොහොම හරි ඇයව ආපහු ගන්න යන්න වෙලාව තියෙන නිසා යුංගි නිවී සැනසිල්ලේ පැත්තකට වෙලා ඇස් දෙක වහගෙන හිටියා. හැබැයි ඔහුට වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනේ නැහැ.

"යාආආආ.... හ්යොන්ග් අරයා මොකද නායු එක්ක අච්චර කාමරේ අස්සට වෙලා කරන්නෙ?"

"ආයිශ්... මොකක්ද බන් මේ නහයෙන් ඇඬිල්ල? නායුනාගෙ කාමරේට කන තියාගෙන හිටියෙ මොකුත් ඇහුනෙ නැද්ද?"

"ඇහුනා ඇහුනා.... අර ටේයියා දාගෙන ලව් කරනවා. ඇත්තටම එයාට කියන දෙයක් තේරෙන්නෙම නැද්ද? අපිට තිබුණෙ මෙහෙ එන්න එපා කියන්න."

"එහෙම කිව්වා නම් එයා කෙල්ලව එයාගෙ ගෙදර එක්කන් යයි."

යුංගි කිව්වෙ කිසිම ගානක් නැතුව ඇස් පියාගෙන ඉන්න ගමන්. ඇත්තටම ජිමින් මේ වගේ කලබල වෙන්නෙ තරහා ගන්නෙ මොකටද කියලා වත් කාටවත් තේරුණේ නැහැ. ඒත් ටේහ්යොන්ග් නායුන්ට ලංවෙන හැමවෙලේම එයා තරහින් පුපුරනවා.

ටේහ්යොන්ග් නායුන් එක්ක එහෙට ඇවිත් දැනට පැය තුනක් විතර වෙනවා. නායුන්ට පහුගිය පාඩම් උගන්නන්න කියලා ආවත් ටේහ්යොන්ග් ඒ මුළු කාලය පුරාවටම ඇය දිහා බලාගෙන හිටියා. තව පුංචි කාලෙකින් තමන්ගෙ ආදරේ ජිමින්ට දීලා යන්න ඔහු දැන්ම ඉඳන් සූදානම් වෙනවා. ඔහුට ඒ ගැන කිසිම පසුතැවීමක් තිබුණෙ නැහැ. මොකද ජිමින් කියන්නෙ ඔහුගේම අනිත් කොටස. මේ දේවල් අමාරු වෙන්නෙ නායුන්ට විතරයි.

"ටේ..... මම ඔයාට බොන්න මොනවා හරි හදාගෙන එන්නද?"

"එපා නායු.... මම ඔයාට බොන්න දෙයක් හදාගෙන එන්නම්. ඔයා පාඩම් කරන්න."

"ඒත් අනේ මට උදව් කරන්න ඇවිල්ලා මම ඔයාට කියලා කන්න හදාගත්තම හරියනවද?"

"ඒකට කමක් නෑ මැණික... මං ඔයාට ආසාවෙන් හදලා දෙන එකනෙ ඉතින්. මොනවද ඔයා කන්න කැමති? හ්ම්... රාම්යොන් වලට ආසයි නේද? ඉන්නකො මං හදාගෙන එන්නම්."

කෙල්ලගෙ ඔලුව අතගාලා ටේහ්යොන්ග් එලියට යන්න ලෑස්ති වුණත් ඒත් එක්කම වගේ කාමරේ ඇතුලට ආවෙ ජිමින්. ඔහුගේ අතේ කෑම මොනවා හරි තියපු ලොකු ට්‍රේ එකක් තිබුණා.

"ජිමින් මොනාද මේ?"

"නායු.... මම ඔයාට කන්න ගෙනාවා. ස්පයිසි රාම්යොන් එකයි, ස්නැක් පැකට් තුනයි, කාලා ඉවර වෙලා කන්න චොක්ලට් අයිස්ක්‍රීම් එකයි."

කාමරේ ඇතුලට ආපු ජිමින් ටේහ්යොන්ග්ව ගණන් ගන්නෙ නැතුවම කෑම ටික ගැන කියාගෙන ගියේ නායුන් පුදුම වෙලා බලාගෙන ඉද්දි. වෙනදාට ඇය ජිමින් කියන කියන කෑම හදලා කවනවා. ඒත් අද ඔහු ඇයට මේ දේවල් කරනවා. ඒත් හේතුව මොකක්ද?

"අනේ ජිමිනි ඇයි ඔයා කරදර වුනේ?"

"මට මොන කරදරයක්ද? මේ ටික කාලා ඉන්නකො මැණික."

ජිමින් කියද්දි ටේහ්යොන්ග් කට කොනින් හිනාවෙලා කාමරෙන් එලියට ගියා. ඔහු තමන්ගෙ බෑග් එකත් අරගෙනම ගෙදරින් එලියට බැහැලා ගියේ යුංගි ඒප්‍රන් එකකුත් ඇඳගෙනම දොර ලඟට ගිහින් ඔහු යන දිහා බලාගෙන ඉද්දි. ටේහ්යොන්ග් පාරෙ යන ගමනුත් කල්පනා කලේ නායුන් ගැන. ඇය ජිමින්ට ලංවෙන එක හදවතට සියුම් වේදනාවක් ඇති කලත් ඔහුට ඇත්තටම අවශ්‍ය වුණෙත් ඒක.

යුංගි ආපහු කුස්සියට ගිහින් ඒප්‍රන් එක ගලවලා තමන්ගෙ දුරකථනය අතට ගත්තා. ඒත් එකපාරටම යුංගි ඒප්‍රන් එකක් ඇඳගත්තෙ මොකටද? දැන් ටිකකට කලින් ඔහු නිදාගෙනනෙ හිටියෙ. ඔව් ඔව්..... ඔහු එහෙම හිටියට ඒකට ඉඩදෙන්න ජිමින්ට පුළුවන් වුනේ නැහැ. නිදාගෙන හිටපු කොල්ලට වද දීලා ඇහැරවගෙන නායුන්ට ගෙනිච්ච කෑම ටික ජිමින් හදාගත්තෙ ඔහුට කියලාමයි. යුංගි තමන්ගෙ මල්ලිට ගොඩක් ආදරේ එකෙන් ඔහු හරි හරියට ප්‍රයෝජන ගත්තා. 

ටිකකින් විශ්ව විද්‍යාලයට ඇමතුමක් ගත්ත යුංගි තමන්ගෙ ඇස් දෙක ලොකු කරගත්තෙ මින්යූ එහෙ නැහැ කියලා දැනගත්තට පස්සෙ. ඔහු ගොඩක් කලබල වුනා. ඇයට කරදරයක් වෙලාද? ඇය කොහේ ඉන්නවා ඇත්ද? ඔහුගේ ඔලුව ප්‍රශ්න ගොඩකින් පිරිලා තිබුණා.

"ජිමින්..... මම මින්යූව අරගෙන එන්න යනවා."

පහල ඉඳන්ම ජිමින්ට කෑගහපු යුංගි තමන්ගෙ කෝට් එකත් අරගෙන ගෙදරින් එලියට බැස්සා. ඔහු හිටියෙ ගොඩක් කලබලෙන් වුනත් අනිත් අයවත් කලබල කරන්න ඔහුට ඕන වුණේ නැහැ.




______________________________________________

2001 අගෝස්තු 8 

මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. ඔහු තව කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්. මම කොහොමද කෙනෙක්ගෙ හැඟීම් වෙනස් කරන්නෙ? මම කොහොමද ඒ ආදරේ නවත්තන්න කියලා කාටවත් බල කරන්නෙ?

- Diary of someone who born with fire -


______________________________________________

ඔන්න ජිමින් ටේහ්යොන්ග් ප්‍රශ්නෙ විසඳුවා. ඒ ටික තේරුණා නේද?

Continue Reading

You'll Also Like

1.3K 157 16
හිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔ...
715 200 8
ඔයාට මතකද ඒ දවස... මම මුලින්ම ඔයාව අහපු දවස... ඒ කට හඬ මට ඇහුණ දවස... අදටත් මම අහන්න ආසම හඬ... හැම දේටම හේතු හොයන මම... ඔයාගේ කට හඬ අහන්න හේතු හෙව්වේ...
12.5K 2.1K 19
මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ ආත්මගත ආදරය...... කෙලෙස අවසන් වේවිද........ සතුටින් ද... විරහවින් ද... දෛවය ඔවුන්ට වෙනස් කල හැකිද..... ...
30.6K 6.5K 25
හුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්...