"බූඌඌඌඌ..... බඩගිලියි අලේ..... ඔම්මට එල්ල කියල්ලකොඔඔඔඔඔ...."
"කට වහගෙන ඉන්නවා ජිමිනා.... ඒ කෙල්ල ඉන්නකොට මට එයාව ඈත් කරන්න ඕන හ්යොන්ග් කියලා කිව්වෙ මහ ලොකුවට. දැන් මෙතන ඔම්මෙක් හොයනවා. තව ටිකක් ඉන්නවා... ඔහේගෙ කෑම හදන්න කලින් මේක මොප් කරලා ඉන්න ඕනෙ."
යුංගි හිටියෙ තමන්ගෙ කාමරේ මොප් කරන ගමන්. ඒවට ඉතින් වග කියන්න ඕන ජිමින් තමයි. යුංගි ගෙදරින් යනකොට හොඳට හිටපු කොල්ලා එකපාරටම යුංගිගෙ කාමරේ වොෂ් රූම් එකට ගියේ යුංගිගෙ පර්ෆියුම් එකට වැඩේ දෙන්න කියලා හිතාගෙන. ඒත් ඉතින් කොල්ලගෙ වෙලාවට ඒ මොහොතෙම ඔහු ආයෙත් අසනීප වුණා. එතනින් පස්සෙ ඉතින් වුණේ යුංගිගෙ කාමරේ පිහිනුම් තටාකයක් වුන එක.
ගෙදර ආපු ගමන්ම බිමට වෙලා වතුර ගොඩේ නට නට හිටපු ජිමින්ව උස්සලා අරං ඇඳුම් මාරු කරපු යුංගි ඒප්‍රන් එකකුත් දාගෙන ගෙවල් මොප් කරන්න පටන් ගත්තෙ නායුන්ව එලවගත්ත ජිමින්ටත් හිතින් බැන බැන. හැබැයි ඉතින් ජිමින් බබාටත් යුංගි ආයා ඔම්මා එක්ක ඉද්දි නායුන් ඔම්මව කිහිප සැරයක්ම මතක් වුනා.
"යුගී බූඌඌඌ.... මේවා කල්ල බෑ අලේ.... මේකත උළු දාලා නෑ."
"උළු දාන්න මේක වහලයක්ද ජිමිනා. කියන මඟුලක් තේරෙන භාසාවකින් කියනවා."
"හුවෑඈඈඈ.... මත ඔම්මා ඕලෙ...... යුගී බූඌඌඌ නලකයි. එයා බබාත කුලු කල්ල දෙලවා.... ඔම්මාආආආ..."
"ආශ්... මේ පොඩි එවුන් නම්."
යුංගි තමන්ගෙ නලල තදින් පිරිමදින ගමන් තමන්ගෙ ෆෝන් එක අතට ගත්තෙ නායුන්ට කෝල් එකක් ගන්න හිතාගෙන. මේ වෙලාවෙ ලොකු කම පැත්තකින් තියලා නායුන්ගෙන් උදව් ගන්න එක හොඳයි කියලා ඔහුට හිතුනා. දෙපාරක් තුන්පාරක් ගන්නවද නැද්ද කියලා හිත හිත හිටපු යුංගි අන්තිමට කෝල් එකක් ගත්තා.
In call
"හෙලෝ..... යුංගි සර් මොකෝ මේ වෙලාවෙ? ඇයි ගේ ගිනි අරන්ද?"
"මොකා? ගෙදරින් එලියට බැස්සට පස්සෙ කට වැඩි වෙලා තමුන්ගෙ. දැන්මම ගෙදර එනවා. අර තොත්ත බබාව බලාගන්න මට බෑ."
"මහ ලොකුවට මාව පැන්නුවෙ උදේ. එහෙම හිතුනු හිතුනු වෙලාවට එන්න මේක මගේ යුනි එකක් නෙවෙයිනෙ."
"හරි එහෙනම්.... අරයට පොඩ්ඩක් ඇඬිල්ල නවත්තගන්න කියනවා."
යුංගි ෆෝන් එකත් අතේ තියාගෙන හෙව්වෙ ජිමින්ව. හැබැයි ඉතින් කොල්ලා නම් පේන තෙක් මානෙක හිටියෙ නෑ.
"මං පස්සෙ ගන්නම් නායුන්. ජිමිනා නෑ."
Call end
ඇමතුම විසන්ධි කරපු යුංගි ගේ හැමතැනම ජිමින්ව හොයන්න පටන් ගත්තා. මෙච්චර වෙලා කෑම මේසෙ උඩට වෙලා හිටපු කොල්ලා එකපාරටම කොහෙට අතුරුදහන් වුනාද කියලා හිතාගන්න බැරුව හිටපු යුංගි කෑම මේසෙ යට, සෝෆා එක යට වගේ හැමතැනම ජිමින්ව හෙව්වා.
අන්තිමට යුංගි දැක්කෙ ගෙදර දොර මුල්ලට වෙලා නිදාගෙන ඉන්න ජිමින්ව. හරිම හුරතල් විදිහට ගුලි වෙලා හිටපු ජිමින්ව උස්සලා අරගත්ත යුංගි ඔහුව ඇඳෙන් තිබ්බෙ දිගු හුස්මක් හෙලන ගමන්. දවසම තනියෙන් ජිමින් එක්ක ඔට්ටු වෙන එක ලේසි වැඩක් නෙවෙයි.
"හහ්.... එයා ලේසියෙන් ඔයාව අතාරින එකක් නෑ ජිමින්. දැන් ඔයාගෙ ලෙඩේ වැඩි වෙලා."
යුංගි තමන්ගෙ කාමරේට ගිහින් පුටුවෙන් ඉඳගත්තෙ කල්පනා කරන ගමන්. ඇත්තටම කොයිතරම් කාලයක් තිස්සෙ මේ දේවල් ඔවුන්ගෙ පස්සෙන් එනවද? යුංගිට ඕන වුණේ හැමදේම ආපහු නිවැරදි කරලා මින්යූව තමන්ගෙ ලඟට ගන්න. ඒත් ඊටපස්සෙ නායුන් තෝරගන්නෙ කාවද? එයා තමන්ට ආදරේ කරන කෙනාව තෝර ගනියිද? නැත්නම් තමන්ව ඈත් කරන්න උත්සාහ කරන ජිමින්ව තෝර ගනියිද? ඒ දෙකම තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න විතරයි.
********************
"මේ මොකක්ද ටේ?"
"මේක මගේ අලුත්ම ඩිසයින් එක. ඇඳුමෙ කර ගාවට නිල් පාට රෝස් එකක් අල්ලලා බෙල්ට් එක විදිහට වයිට් කලර් රෝප් එකක් දානවා. බ්ලූ ඇන්ඩ් වයිට් හොඳයි නෙ?"
"ආහ්.... හොඳයි.... ඒත් මේක අමුතුයි වගේ නැද්ද? මං අහන්නෙ අපේ මොඩල් කැමති වෙයිද මේ වගේ ෆැන්සි එකක් අඳින්න?"
"ඒක තමයි මම මෙහෙම එකක් කරන්නෙ. මං ආසයි අමුතු දේවල් කරන්න. මොඩල්ට කොහොමත් මං කියන එක අඳින්න වෙනවා. එයා ඒක ඇන්දෙ නැත්තං බලාගමුකො."
ටේහ්යොන්ග් ආයෙමත් වැඩ පටන් ගනිද්දි නායුන් කලේ ඔහේ බලන් හිටපු එක. ඊටත් වඩා ඇයට තිබුණු ප්‍රශ්නෙ ටේහ්යොන්ග්ගෙ අමුතු ඩිසයින් එක අඳින්න මනුස්සයෙක්ව හොයාගන්න පුළුවන් වෙයිද කියන එක. පැය ගානක් යනකම් ටේහ්යොන්ග් කියලා දුන්න දේවල් අහගෙන ඉඳලා වෙන ලෝකෙකට වෙලා හිටියා වගේ හැඟීමකුත් එක්ක නායුන් විශ්ව විද්‍යාලයෙන් එලියට ආවෙ බාගෙට මැරිලා වගේ.
එලියට එනකොටම කාර් එකටත් හේත්තු වෙලා යුංගි හිටියෙ මොකක් හරි දිහා බලාගෙන රවන ගමන්. කාර් එක ගාවට ගිය නායුන් යුංගිගෙ ඉස්සරහට ගිහින් අත එහෙ මෙහෙ කරත් යුංගි කලේ ඇයගෙ අත එහාට කරලා තවත් තියුණු විදිහට තමන්ගෙ එකම ආදරේ වෙන කොල්ලෙක් එක්ක මුකුළු කර කර එන හැටි දිහා පුපුරණ ගමන් බලාගෙන ඉන්න එක.
"ඒයි..... යුංගි සර්.... මොකද මගේ යාලුවට ඔච්චර ඔරවන්නෙ?"
"ඒක තමුන්ට වැඩක් නෑනෙ. ගිහින් කාර් එකට නගිනවා. අන්න ඔහේගෙ අලි බබා බලාගෙන ඉන්නවා."
"මට වැඩක් නැති වෙන්නෙ කොහොමද? ඒ මගේ යාලුවා. මට අයිතියක් තියෙනවා කොල්ලෙක් එයා දිහා හොර බැල්මක් දාගෙන ඉන්නකොට ඒ ගැන හොයලා බලන්න."
"එහෙනම් අර මුකුළු කරන ඇටකෝට්ටා ගැන හොයලා බලනවා."
"ඕහ්.... හොබී ඔප්පා..... එයාට ෆැෂන් ඩිසයිනින් කම්පැනි එකකුත් තියෙනවලු. එයා තමයි අපේ මින්යූගෙ හොඳම යාළුවා. වාව්.... එයා නම් නියමයි. හරිම ජොලියෙන් ඉන්නවා. මං මූලික දේවල් ඉගෙන ගෙන හිටියා නම් මටත් එයා එක්ක ඉන්න තිබුණා. He is fabulous. මින්යූ මාර ආසයි එයාගෙ ඔන්නිගෙ ඩිසයින් වලට."
නායුන් විස්තර කරද්දි යුංගි ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන බලන් හිටියෙ මින්යූ දිහා. ඇත්තටම ඇය ඔහු එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා පේන්න තිබුණා. ඒත් ඉතින් යුංගිට ඒක දරාගන්න හරිම අමාරුයි. ඊරිසියාව ඉතින් කොහොමත් එයාගෙ හිත පුරාම පැතිරිලා තියෙනවා.
"මං එහෙනම් කාර් එකට යන්නම්."
"ඔහොම ඉන්නවා.... මේ මින්යූ කැමති කෑම මොනාද?"
"එයා කැමති කෑම මං දන්නෑ. එයා මූන් කේක්ස් වලට කැමති වෙයි. මං හරියටම දන්නෑ... අපි ඔන්ලයින් ෆ්‍රෙන්ඩ්ලනෙ ඉතින්."
"හරි හරි දැන් ඇති මං අතන රෙස්ටුරන්ට් එකට ගිහින් එන්නම්. ඔහේ කාර් එකට නගිනවා. අරයා වත් අර හොබියාගෙන් ගලවලා කාර් එකට දාගන්නවා."
යුංගි රවලා බලලා කියද්දි නායුන් ඔලුව වනලා කාර් එකට නැග්ගෙ මින්යූත් කාර් එකට නගින්න හදද්දි. ඒ වුණාට ඇයට ඉස්සරහ යන එක ටිකක් අවුල් සහගත හැඟීමක් ඇති කලා.
"නායුන්.... ඔයා ඉස්සරහින් නගිනවද?"
"හපෝ මට බෑ.... මං මේ මෝචි බෝලෙ එක්ක මෙතන යන්නම්. අර යකා මාව එක කටට ගිලලා දායි."
නායුන් කියද්දි මින්යූ මූනත් බෙරි කරගෙන ඉස්සරහින් ඉඳගත්තා. ඇයට යුංගි එක්ක යන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඇගේ හිතටත් ඔහු ගැන අමුතුම දෙයක් දැනෙන්න පටන් අරගෙන තිබුණා. ඒත් ඉතින් යුංගිගෙ හැසිරීම් රටාව නිසා ඇය ඔහුට ඒතරම් ලංවෙන්න ගියේ නැහැ.
මේ අතර නායුන් බලාගෙන හිටියෙ කටේ කෑම පුරෝගෙන හුරතල් විදිහට බලන් ඉන්න ජිමින් දිහා. කොල්ලා කකුල් දෙකත් සීට් එක උඩින් තියාගෙන හොඳට මෝචි කනවා. හැබැයි ඉතින් කොල්ලව සීට් එකට තියලා ගැට ගහන්න නම් යුංගි අමතක කරලා තිබුණෙ නැහැ. මොකද ජිමින් කියන්නෙ ඔහුට අනුව නම් නසරාණි පොඩි බබෙක්.
"ඔම්මා..... උයාටත් මෝති දෙල්ලද? යුගී බූඌඌඌ තමයි ඇදුවෙ."
"එයාද හැදුවෙ? ඒවා කන්න පුළුවන් ද ජිමිනි?"
"සූත්තක් උළු ඇඩි වුලාට කල්ල පුළුවන්. එයාට සසට උයල්ල පුළුවන්. එයා උයාටත් ඌලා දෙයි මින්යූ නූලා."
එකපාරටම ජිමින් කියපු දේ නිසා මින්යූ පුදුම වුනත් නායුන් තමන්ගෙ ඇස් පුංචි කරලා බලාගෙන හිටියෙ ලඟ ලඟම එන යුංගි දිහා. ඇය කල්පනා කලේ යුංගිගෙ හැසිරීම ගැන. මොකක් හරි කරදරයක් වුණොත් යුංගි මුලින්ම ගන්නෙ මින්යූගෙ පැත්ත, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක හිටියොත් යුංගිට ගොඩක් තරහා යනවා, දැන් ටිකකට කලින් එයා කන්න කැමති දේවලුත් ඇහුවා.
"නිගමනය තමයි අර පූස් තඩියා මෙයාට කැමතියි."
"ඌඌඌඌ....."
නායුන් කියද්දි ජිමිනුත් අත්පුඩි ගැහුවෙ මින්යූ තාමත් වුන දේ තේරුම් ගන්න උත්සාහ කරද්දි. ඒත් එක්කම කාර් එකට ආපු යුංගි මින්යූගෙ අතට පාර්සලයක් දීලා තවත් එක්ක ජිමින් නායුන් ඉන්න පැත්තට විසික් කලා. එතනින් නම් නායුන් වෙන දේ තවත් තහවුරු කරගත්තා.
______________________________________________
2000 මාර්තු 9
මම නැවතත් ගින්දර මතින්ම ඉපදුණා. මේ සියල්ල නිවැරදි කල යුතු කාලය ඇවිත්. තවත් කාලයක් මට ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න වේවි. මගේ එකම ආදරේ, මගේ සහෝදරයා සහ ඔහුගේ එකම ආදරයත් නැති වෙලා යද්දි මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මමත් ඔවුන් නැතිව කාලයක් ගත කලා. නමුත් මම දැන් ආයෙත් ජීවත් වෙන්න ලෑස්තියි.
- Diary of someone who born with fire -
______________________________________________
අද චැප්ටර් එකේ නම් ලොකු දෙයක් නෑ. ඊලඟ එකෙන් මොකක් හරි කරමු.