WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.

14.

66 18 8
By _Fairy_dimples_18









2DAYS AGO
MORNING,


උදේ class යන්න ලැහැස්ති වෙන ඇබී දිහා ජෝ බලන් හිටියෙ දුකින්... ජෝ ඇබීට සැලකුවේ තමන්ගේ ම නංගී විදිහට.. මෙහෙම දෙයක් වෙනවා කියලා හිතුවේ නෑ.. ඇබී ට එක දිගට කෝල් එනවා.. ඒ හැම කෝල් එකකම ස්ක්‍රින් එකේ පෙන්නන්නේ  Hannah 💜 කියලා.. ඒත් පලවෙනි කෝල් එක දැක්ක වෙලේ ඉදන් ඇබී පොන් එක දිහා බැලුවේවත් නෑ

එක දිගට කොල් එද්දී කේන්ති ගියපු ඇබී පොන් එක ලගට ගිහින් පොන් එක උස්සලා පොලවෙ ගහන්න හදද්දී ම ජෝ ඇවිත් ඇබීගෙ අතින් පොන් ඇදලා ගත්තා ඇබී ජෝ දිහා බලන් හිටියෙත් කේන්තියෙන්.. ඇබීට නොදැනුවත්වම වෙන කෙනෙක් ගැන තියෙන කේන්තිය අනිත් අයගෙන් පිටවෙනවා... ඇබී ජෝ දිහා බලලා හොද හුස්මක් අරන් බැග් එක අරගත්තා

" මං ගිහින් දාන්නද "

" එපා.. බයික් එක තියෙනවා.. "

" බයික් එකේ යන්න එ..."

" හරි මං පයින් යන්නම් "


ඇබී යන්න ගියත් ජෝ බලෙන් ම ඇබීව බයික් එක ලගට එක්කගෙන ගිහින් හෙල්මට් එක දැම්මා.. ජෝ හෙල්මට් එක දානකන් ඇබී ජෝ දිහාම බලන් හිටියා.. ජෝට බයත් හිතුනා කේන්තියට මොකෙන් හරි දමලා ගැහුවොත් කියන්න බෑ නේ 。⁠◕⁠‿⁠◕⁠。 .. .. ජෝ බයික් එක ස්ටාර්ට් කරද්දී ඇබී පිටිපස්සෙන් නැග්ගා.. මේ දෙන්නා යන දිහා ට්‍රිස් බලාගෙන හිටියේ ආදරෙන්..



Class එක ලගට ආවාම ඇබී බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලවද්දි ජෝ වතුර බෝතලයක් ඇබීට දුන්නා.. ඇබී ඒක දිහා ඇයි වගේ බලන් ඉද්දී.,

" මූණ හේදුවේ නෑ නේ... ආ... "

හිනා වෙන ජෝ දිහා ඇබී රවලා බලද්දී

" අඩලා කියලා පේනවා.. හෝදගෙන යනවා "







*

*

*

*








පාර්ටි එක නිසා දවස් දෙකක පන්ති නිවාඩුවට පස්සේ හැනා උදෙන්ම ආවෙ ඇබීව බලන්න.. හැනා ගෙ වැඩේම ඇබීට පැය 24ම කෝල් ගන්න එක.. ඒත් ඒ එකක්වත් ඇබී ආන්සර් කරේ නම් නෑ... msg එකකටවත් රිප්ලයි නෑ.. මේ දවස් දෙක ඇතුළත හැනාට තේරුණා එයා ඇබීට ගොඩක් කැමතියි කියලා..


මිෂෙල් එක්ක පොන් එක ඔබ ඔබ ඉන්න ඇබීව දැකපු හැනා ඇබී ලගට දුවගෙන ගියා.. හැනාව දැකපු මිෂෙල් අහක බලාගත්තා.. ඇබී නම් හැනාව ගණන් ගත්තේවත් නෑ



" ඇබී.. අ.අනේ මට සමාවෙන්න..  "

සමාව දෙනවා තියා ඇබී හැනා දිහා බැලුවෙවත් නෑ.. ඇබී දිගටම පොන් එකට අවධානය දුන්නා.. හැනා කොච්චර කතා කරත් ඇබී ඇහුනේ නෑ වගේ තමයි හිටියේ..

" අනේ ඔහොම කරන්න එපා.. කතා කරන්නකෝ.. සමාවෙන්නකෝ "

" මිෂෙල් යමුද.. පරක්කු වෙනවා "


ඇබී මිෂෙල් එක්ක යන්න හැදුවත් හැනා ඇබීගෙ අත එයාගේ අත් දෙකෙන්ම තදින් අල්ලගත්තා.. ඇබී හැසිරුණේ එතන හැනා කියලා කෙනෙක් නැති ගානට.. දෙයක් කරද්දී ඒ දේ තමන්ටත් උනොත් කොහොමද දැනෙන්නේ කියලා දැනගෙන කරන්න.. කෙනෙක්ව තමන්ට ඕනමයි කියන හැගීම ඇති උනාට පස්සේ ඒ කෙනා නැතුව ජීවත් වෙන එක ගොඩක් අමාරු වෙනවා


ඇබී හැනාගෙ අත එයාගේ අතින් අයින් කරත් ආයම හැනා ඇබීගෙ අත අල්ලගත්තෙ බැගෑපත් විදිහට.. ඇබී එයාගේ අත ඇදලා අරගත්තෙ හැනාගෙ අතින් අත ඇරිද්දි...



" තවත් මොනවද ඔයාට මගෙන් ඕන.. චැලෙන්ජ් එක දිනුවනේ.. ඒ මදි ද.. ඔහ් ඔයට තව ඕනද.. ඒ පාර මොනවද ඔයා එයාට චැලෙන්ජ් කරේ..  මාත් එක්ක නිදි යන්නද .. හා යං එන්න ඉතින් "


ඇබී කියපු දේට හැනා අත් දෙකෙන් කට වහගත්තෙ එයාට ඒක දරාගන්න අමාරුයි කියලා


" එනවා ඉතින්.. ආ.. කියනවා... නැත්තම් මං මැරෙන්න ඕනද.. ආ.. මොකක්ද වෙන්න ඕනේ.. අපෝ මං කරලා දෙන්නම්කෝ..  ඕක සුළු දෙයක් නේ.. නේද.. මං රැවටුණා තමයි.. හැබැයි එහෙම උනේ මං ඔයාව විශ්වාස කරපු නිසා.. ඔයා ඇයි අඩන්නේ.. ඔයා දන්නවද මට කොච්චර රිදෙනවද කියලා ඔව් මට එහෙම වෙන්න ඕන.. මට එහෙම වෙලා මදි කරන ගොංකං වලට"



ඇබී කෑ ගහල එතනින් යද්දි හැනාට හිනා උන මිෂෙලුත් ඇබීගෙ පිටිපස්සෙන් ගියා.. ඇබීට කොච්චර දැනෙන්න ඇති ද.. ඒක වචන වලින් කියන්න අමාරුයි.. ඇබී කියපු හැමදෙයක්ම අහගෙන හිටපු හැනාට ඉවසන්න බැරි උනා.. හැනා තමන් ගැනම ලැජ්ජා උනා.. ඔව් එහෙම වෙන්න ඕන.. ඇබී පාඩුවේ හිටියේ.. හැනා ඒ වගේ දෙයක් ඇබීට කරන්න තරම් ඇබී හැනාට මුකුත් කරලා නෑ.. ඇබී එතනින් ගියත් හැනා බිම ඉදගෙන ගොඩක් ඇඩුවා











*

*

*





ඇබී කොච්චර කේන්තියෙන් හැනාට කෑ ගැහුවත් එතනින් ආවට පස්සේ ඇබීට හිතුනෙ එයා කෑ ගැහුවා වැඩිද මන්ද කියලා.. එයා හැනා ගැන දුක් උනා හැනාට කෑ ගැහුව එකට.. ඔය බලන්නකෝ.. ආදරේ හැටි.. එයා තමන්ට කරන වැරදි දරාගන්නත් බෑ, එයාට ඒ වෙනුවට වෛර කරන්නත් බෑ.. ආදරය කොච්චර දරුණු දෙයක් ද


කේන්තියෙන් යන ඇබීට කොරිඩෝවේ දි හම්බ උනේ ජූලිව .. අලි මදිවට කොටි කිව්වලු.. ඇබී ජූලිව ගණන් ගන්නේ නැතුව යන්න ගියත් ඇබීව දැක්ක ජූලිගෙ කටට නම් බ්‍රේක් නැතුව ගියා...


" මං නම් හිතුවෙ දුකට දවස් ගානක් යනකල් ආය එන එකක් නෑ කියලයි.. ඔහ්.. ඇනා දැක්කද.. පරාද උන ආදරවන්තිය "


ජූලි හිනා උනේ වචන වලින් බරපතල කම නොදැන..  ජූලිව ටික දුරක් පහුකරගෙන ගිය ඇබී ජූලි කිව්ව කතාවට ආයම හැරිලා ඇවිත් ජූලිගෙ කට දෙපැත්තේන් අල්ලගත්තෙ ජූලි ගැලවෙන්න ට්‍රයි කරද්දි.. ගහනවා තමයි කියලා දන්න මිෂෙල් ඉක්මනට ඇවිත් ඇබීව පස්සට කරේ ජූලි වේදනාවට කටත් අල්ල ගද්දි



" තව එක වචනයක් හරි තමුසේ මට කිව්වොත්.. කන පැලෙන්න ගහනව "

මිෂෙල් ඇබීවත් ඇදගෙන එතනින් ගියේ ඇනා කටත් අරන් ඒ දිහා බලන් ඉද්දී










4 HOURS LATER,
AT CANTEEN,


" දැන් ඉතින් අඩලා වැඩක් නෑ නේ බං "
හේසල් ගෙ වැඩේ හැනා අඩන එක නතර කරන්න.. කොච්චර කිව්වත් අඩන එක ආයම වැඩි වෙනවා මිසක් අඩු උනේ නෑ .. ඒ නිසා ම lecture දෙකක් මං කටි කරන්න උනා.. වෙනදට එක පන්තියකට හැනා ආවෙ නැති උනොත් ඇබී පීරලා හැනාව හොයාගෙන අහනවා මොකද උනේ කියලා.. අද එහෙම අහන්නවත් අඩුම බලන්නවත් ඇබී කෙනෙක් නෑ

" වෙච්ච දේ උනා කියල බෑ.. මොකක් හරි කරන්න ඕන.. වැරැද්ද මගේ "

වැරැද්ද කරද්දී තේරෙන්නේ නෑ ඒකේ ප්‍රතිඵලෙ එද්දී තමයි තේරෙන්නේ..

" දැන් මොනවද කරන්නේ ආ "
ඉණටත් අත් දෙක තියන් ඉන්න හේසල් දිහා බලපු හැනා


" මොකක් හරි "
හේසල් ගෙ කට ඉරක් උනා.. කරන්න ඕන කිව්වට මොකක්ද දන්නෙ නෑ.. කියවනවා විතරයි වැඩේ කෙරෙන්නෙත් නෑ.. පොඩ්ඩක් ඉන්න.. ඇත්තටම මං මොනවද මේ ලියන්නේ ... ආය කතාවට


කැන්ටිමට වෙලා දහ අතේ කල්පනා කරන්නේ ඇබීගෙන් සමාව ඉල්ලන්න ක්‍ රසයක් .. ගොං නේ ඉතින්.. ඔය වගේ දෙයක් කරාම කව්ද ලේසියෙන් සමාව දෙන්නේ


" මං.. මං ආය යනවා ඇබීව හම්බෙන්න "

කොච්චර කිව්වත් ඇබී හැනාට දැන් කතා කරන විදිහට හැනා ආයම එන්නේ අඩාගෙන.. හැනා ඇබීව හැමතැනම හරවලා ඇබී පුස්තකාලෙ කියලා දැනගත්ත ගමන් දිව්වේ පුස්තකාලෙට


ඇබී හිටියේ නොට්ස් වගයක් හොය හොය.. ඔය නෝට්ස් හෙව්වට මේ වෙලාවේ කොහොමත් ඕවා ඔළුවට යන්නේ නෑ කියලා ඇබී දන්නවා ඒත්.. ඔළුව පුරවා ගන්න ඇබී අහුවෙන හැම පොතම කියෙව්වා... ඔළුව හිස්ව තියෙද්දී මතක් වෙන්නේම හැනාව


ඇබීව දැක්ක හැනා ඇබී ලගට යන්න හදද්දී ම කොහෙන්දෝ මතුවුන කොල්ලෙක් ඇබී ලගට ආවෙ පැණි හිනාවකුත් දාගෙන.. බොරුවට පොතක් ගැන අහන මුවාවෙන් කොල්ලා ඇබී එක්ක කතා කරන්න ට්‍රයි කරා.. හැනා ඒ ලගට යන්න හැදුවත් හැනාව දැකපු ඇබී හැනාට පේන්නම ඒ කොල්ලා එක්ක හිනාවෙලා කතා කරා


ආදරෙ කරන අය රිද්දන්න තවත් ක්‍රමයක් තමයි ජෙලස් හදවන එක.. ඒක ආදරය කරන අය තමන්ට ලං කරගන්නත් පාවිච්චි කරනවා.. ඕක වෙලාවකට පට්ට ජොලි උනත් තවත් වෙලාවකට අම්බානෙට කන්න වෙන වැඩක්



ඇබී කොල්ලා එක්ක කතාවට වැටුණා විතරයි හේසල් අමාරුවෙන් නවත්තගත්ත හැනාගෙ ඇඩීම ආය ම ආව.. කදුළු කම්මුල් දෙකේ බේරෙද්දි හැනාට වැඩිය ඒ දිහා බැලුව ඇබීට රිදුනා.. හැනා පස්සෙන් පස්සට ගිහින් ආයම හැරිලා පුස්තකාලෙන් එලියට දුවද්දී ඇබී හැරිලා ඒ දිහා බැලුව.. හැනා ගිය නිසා ඇබී අර කොල්ලට රවලා එතනින් ගස්සගෙන ගියෙ කොල්ලා කන්ෆියුස් වෙද්දි .....















නිදිමතෙන් ටයිප් කරේ... මොනවා හරි වැරදියට නැත්තම් වැරදිලා තිබුණොත් සොරි!

See you guys ❤️











Continue Reading

You'll Also Like

14.9K 424 13
"𝑪𝒂𝒖𝒈𝒉𝒕 𝒎𝒚 𝒆𝒚𝒆, 𝑰 𝒂𝒊𝒏'𝒕 𝒆𝒗𝒆𝒏 𝒂𝒕 𝒕𝒉𝒆 𝒔𝒑𝒐𝒕 𝒄𝒖𝒛 𝑰 𝒃𝒆 𝒐𝒏𝒕𝒐 𝒚𝒐𝒖"
814K 16.4K 112
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
8.7K 292 56
WOC SERIES SAMPINGAN XAVIER ADREAN X DAHLIA ARYANA Dahlia Aryana. Dipaksa bekerja di kelab malam oleh ibu kandungnya sendiri. Berhari-hari dipaksa me...
191K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...