Born With Fire || MYG ✓

By winterme05

10.4K 2.2K 3.8K

වෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work... More

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N

Chapter 8

345 83 102
By winterme05


නායුන් කුස්සියට වෙලා තමන්ගෙ වැඩ කරන ගමන් හිටියෙ. තවමත් උදේ වුණ දේවල් ඇගේ හිත කැලඹීමට පත් කලා. ඒත් ඇයගේ අවධානය වෙනස් වුනේ කෙනෙක් ඇයව පිටිපස්සෙන් බදාගත්ත නිසා. මුලදි ටිකක් කලබල වුනත් ටිකකින් ඇය ඒ කවුද කියලා අඳුනගත්තා.

"ආහ්.... ජිමිනි බබා.... මොනාද ඔයාට ඕනෙ? තාම කෑම නම් හදලා ඉවර නෑ මැණික."

නායුන් කෑම උයන ගමන්ම කියද්දි ජිමින් ඇයව තුරුළු කරගෙනම හිනාවුනේ ඇයගෙ කතාව නිසාමයි. ජිමින් කියන්නෙ කොහොමත් හිනාවෙන කෙනෙක් නිසා ඇය ඒක ඒතරම් ගනන් ගත්තෙ නැහැ. 'ජිමිනි බබා සතුටෙන්ද කොහෙද?' එහෙමයි ඇය හිතුවෙ. ඒත් ඇගේ අදහස වෙනස් වෙන්න ගියේ තත්පර ගානක් විතරයි.

"ඔයාගෙ බබාට බඩගිනි නෑ මැණික. ඒ වුණාට මේ ලොකු බබාට නම් ටිකක් බඩගිනියි වගේ."

"මොකාආආආආ..... දෙයියනේ ජිමින් සර්... ඔයා.... මේ ඔයාද? හහ්... මං හිතුවෙ ඔයා අර බබා මූඩ් එකෙන් ඉන්නවා කියලා. සොරි.... ආහ් මට සමාවෙන්න සර්."

"ආශ්.... මොකද අනේ මේ? මමයි සමාව ගන්න ඕන උදේ ඉඳලා ඔයාට වද දුන්නට. ඇත්තටම සොරි."

ජිමින් ලස්සන හිනාවකින් මූණ පුරවගෙන කියද්දි නායුන් හිස ඉහළ පහළ කලා. ජිමින් හිටියෙ නායුන් කතා කරපු විදිහත් එක්ක ටිකක් පුදුම වෙලා. හැබැයි ඒ විදිහට අකමැත්තක් නම් ඔහු තුල තිබුණෙ නෑ. ඔහුට හිතුනා දිගටම බබෙක් වගේම හිටියත් කමක් නෑ කියලා.

"හ්ම්.... දැන් කෑම හදන්න මොකක් හරි උදව්වක් ඕනෙද?"

"ආහ්.... මට තනියම කරන්න පුළුවන් සර්... ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සර් එකපාරටම වෙනස් වෙන්නෙ?"

නායුන් අහද්දි ජිමින් බිම බලාගත්තෙ ඔහු ඒ ගැන කතා කරන්න ඒතරම් කැමති නැහැ කියලා ඇයට තේරෙද්දි. ජිමින්ට ඒ දේවල් ආපහු මතක් කරන එක ගොඩක් අමාරු දෙයක් වුනා.

"ඔයා කියන්න අකමැති නම් කමක් නෑ ජිමින්."

"නෑ...... මම කියන්නම් නායු.... ඒත් මට ඔයාව වැළඳගන්න පුලුවන්ද? මට ඔයා ලඟ ඉද්දි මගේ ඔම්මත් මේ වගේ ඇති කියලා හිතෙනවා."

ජිමින් දුකින් වගේ බලාගෙන ඉද්දි නායුන් ඔහුට ඉඩදුන්නෙ ජිමින් ඇයව තුරුළු කරගෙන තමන්ගෙ හිස ඇගේ උරහිසින් තියාගෙන කතාව පටන් ගනිද්දි. මේ නුහුරු ලංවීම ඇයට පුංචි අපහසුවක් අරගෙන ආවත් ජිමින් ගැන තේරුම් ගත්ත ඇයට ඔහුව ඈත් කරන්න ඕන වුණේ නැහැ.

"මගේ ඔම්මයි අප්පයි දෙන්නා මම පොඩිකාලෙම නැති වුණා. එදා ඉඳන් මාව බලාගන්නෙ යුංගි හ්යොන්ග්. මම ස්ටඩීස් ඉවර කරලා ආපහු ආවෙ මගේ අසනීපෙ එක්ක වුනත් මාව තනි නොකරපු එකම කෙනා එයා නිසා. මට අසනීපයක් තියෙනවා නායු. ඒක මානසික ප්‍රශ්නයක් කියලයි කියන්නෙ. මට පුංචි කාලෙ වුන ෂොක් එකක් නිසා මම සැරින් සැරේට පොඩි ළමයෙක් වෙනවා.

මගේ අසනීපෙ නිසා හැමෝම මාව එයාලගෙන් අයින් කලා. යුනිවර්සිටි කාලෙත් මම ඉඳහිට මෙහෙම වෙනකොට ලමයි මට හිනාවුනා. එයාලා මට කරදර නොකලෙ යුංගි හ්යොන්ග්ට තියෙන බය නිසා.

සමහරවිට හ්යොන්ග් ඔයාටත් ටිකක් නපුරු වෙන්න ඇත්තෙ මම නිසා වෙන්න ඇති."

ජිමින් කියද්දි නායුන් ඔහුගේ සිනිදු කොන්ඩෙ අතරින් තමන්ගෙ ඇඟිලි අරගෙන ගියේ දැන් ඔහු තනිවෙලා නැහැ කියලා පෙන්නන්න වගේ. ඒත් එක්කම ජිමින් ඇයව ටිකකට ඈත් කරලා ඇය දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.

"ඇයි... ඇයි ඔහොම බලන්නෙ?"

"හ්ම්.... ඔයා මින්යූගෙ වයසෙමයි නේද? ඔයා යුනිවර්සිටි යන්නෙ නැද්ද?"

"ආහ්.... මම මෙතන කරන්නෙ ජොබ් එකක් නෙ. මං ඉගෙන ගන්න හිතන්නෑ ආයෙත්."

"ඒත් එහෙම බෑ... ඔයත් එයා එක්ක ඉගෙන ගන්න යන්න ඕන. ඉන්නකො මං අර බෝල පූස් එක්ක කතා කරන්නම්."

"අනේ ඒත්.... මට දැන් ඕවා කරන්න බෑ ජිමින් සර්...."

"බෑ කියලා බෑ.... ඔයා යන්නම ඕන."

ජිමින් කිව්වෙ උඩට නගින ගමන්මයි. මේ වෙලාවෙ මින්යූ හිටියෙ යුංගිගෙ කාමරේට වෙලා එයත් එක්ක කතා කරන ගමන්. මින්යූ තමන්ගෙ අත් වල ඇඟිලි එකට පටලගෙන ටිකක් නොසන්සුන් ස්වභාවයකින් ඉන්නවා දැක්කම යුංගි හිතින් හිනාවුනේ කෙල්ල තමන්ගෙ මූණ දිහා වත් බලන්නෙ නැති නිසයි.

"මින්යූ......"

"කි... කියන්න නායුන්ගෙ සර්."

"නායුන්ගෙ සර් නෙවෙයි... මට යුංගි ඔප්පා කියලා කතා කරන්න."

"හ්....හරි ඔප්පා."

"හ්ම්.... ඔයාගෙ වැඩ ටික හොඳට කරගෙන යනවා නේද? අනවශ්‍ය දේවල් වලට පැටලෙන්න යන්න එපා. ඔයා හිතනවට වඩා ගොඩක් නරක දේවල් මේ ලෝකෙ වෙනවා."

"මට තේරුණා ඔප්පා."

මින්යූ තාමත් තමන්ට ආදරේ නොකරන එක ගැන යුංගිට තිබුණෙ පුංචි දුකක්. කලින් ආත්මවල වගේ මින්යූ තමන්ගෙ ලඟට ඇවිත් තුරුළු වෙනකම් ඔහු බලාගෙන හිටියා. ඒත් ඔහුට ඒ කිසිම දෙයක් මේ විදිහට නැවත ලබාගන්න බැහැ. කලින් කුමාරිකාවකට ආදරේ කරන්න බැරි වුනාට මේ වෙලාවෙ ඔහුට අවශ්‍ය වුණා ඇයට අවශ්‍ය ආදරය ලබා දෙන්න. නමුත් ඔහු මේ වෙලාවෙත් නිශ්ශබ්දව ඇයව ආරක්ෂා කලා.

"හ්ම්.... ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මට කියන්න. මම පිට කෙනෙක් කියලා හිතන්න එපා.. මට තාමත් තේරුම් කරන්න බැරි තරම් ඔයා මට ලඟයි මින්යූ."

යුංගි කිව්වෙ කෙල්ලගෙ ඔලුව අතගාන ගමන්. ජිමින් කරනවා වගේ දුවලා ගිහින් ඇයව තුරුල් කරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න ඔහුටත් ඕන වුණා. ඒත් ඒ ඔහුගේ විදිහ නෙවෙයි. 

ටිකකින් කාමරේ ඇතුලට ජිමින් ආවෙ යුංගි ආයෙත් පියවි සිහියට එනකොට.

"ආහ්.... මම වැරදි වෙලාවකද මන්දා ආවෙ? සොරි සොරි ඔයාලා කරගෙන යන්න."

ජිමින් බොරුවට ඇස් දෙකත් වහගෙන දුවන්න හදද්දි යුංගි බැලුවෙ බයවෙලා වගේ ඉන්න මින්යූ දිහා. මෙහෙම ගියොත් කෙල්ල ගෙදර දාලා යයි කියලා හිතුන යුංගි ලඟ තිබුන කොට්ටෙකින් ජිමින්ට ගැහුවෙ කොල්ලා හිනාවෙවී බිම පෙරලෙනකොට.

"ආශ්.... මේ පොඩි එකා එක්ක මොකුත් කරන්න බෑ. ඔයා යන්න මින්යූ.... හෙට හවස අපි ටිකක් ඇවිදින්න යන්න හිතාගෙන ඉන්නෙ. ඔය දෙන්නත් ලෑස්ති වෙලා ඉන්න."

මින්යූ ඔලුව වනලා කාමරෙන් එලියට යද්දි යුංගි ගියේ තාමත් බිම පෙරළෙන ජිමින්ව නැගිට්ට වන්න. කොල්ලා නම් කොට්ටෙත් හපාගෙන තාම නිදි.

"මොනාද මනුස්සයො කරන්නෙ? අර කෙල්ල දැනටමත් බයවෙලා ඇති. මෙහෙම ගියොත් මං කැමතියි කියනකම් වත් එයා ඉන්න එකක් නෑ."

"ඔයා කැමතියි කියන්න හිතාගෙන ඉන්නෙ කොහොමද හ්යොන්ග්? ඒයි... මං ඔයාට කැමතියි.. අපි බඳිමු... වෙන කොල්ලො දිහා බලලා අහුවෙන්න එපා. එහෙමද?"

ජිමින් යුංගිට ඇද කර කර කියද්දි යුංගි ඇඳෙන් ඉඳගත්තෙ ඊට වඩා හොඳ විදිහක් ඔහුට තේරුනේ නැති නිසා. ඔහු අවුරුදු ගනනාවක් තිස්සෙ ඇයව ආරක්ෂා කලා මිසක් ආදරේ කරන්න පුරුදු වුනේ නැහැනෙ.

"වෙන මොකක්ද කරන්නෙ ආආආ? මං දන්නෙ ඔය විදිහ තමයි."

"අපෝ හ්යොන්ග්.... ඔයාගෙ පොඩි මල්ලි බබාගෙන්වත් ඉගෙන ගන්නකො අනේ. බලන්න මම කෙල්ල ලඟට ගියා ටිකක් ඇඬුවා... පස්සෙ තුරුල් කරගෙන ඉඳලා ආවා. එයාට මාව හීනෙනුත් පේනවලු."

ජිමින් කිව්වෙ තමන්ගෙ ඇඳුමෙ කොනක් උස්සන ගමන් ආඩම්බරෙන්. ජිමින් කියන්නෙ කොහොමත් තරුණියන්ව ආකර්ෂණය කරගන්න උපන් හපනෙක් කියලා යුංගි වුනත් දැනගෙන හිටියා. ඒ ජිමින්ගෙ විදිහ වුනාට යුංගිගෙ විදිහ හාත්පසින්ම වෙනස්.

"මම එයාට ආදරේ කරන්නෙ ඒක නොපෙනෙන්න වුනාට. මං එයාට ගොඩක් ආදරෙයි. එයත් මගේ ලඟට එනවට මං ආසයි. ඒත්... එයාට බල කරන්න ඕන නෑ මට."

"ඔය කිව්වට ඔයා දැනුත් එයාව බලෙන් හරි තියාගන්නනෙ හදන්නෙ."

"මට මගේ මුළු ජීවිත කාලෙටම තියෙන ආදරේ නැති කරගන්න බෑ. ඔයා දන්නවා ෆීනික්ස් කෙනෙක් ආදරේ කරන්නෙ එකම කෙනෙක්ට විතරයි වගේම ඒ කෙනා නැති වුනොත් ඒ ශෝකයෙන් එයා මැරෙනවා කියලත් ජිමින්. මොකද ඔයාටත් අත්දැකීම් තියෙනවා."




______________________________________________

1976 ජූලි 28

මගේ මල්ලිගෙ එකම ආදරේ වගේම මගේ එකම ආදරෙත් එදා කාල පක්ෂීන් නිසා නැති වෙලා ගියා. ඒ වේදනාව දරාගන්න බැරුව එයත් යන්න ගියා. හරියට මම යන්න තීරණය කරපු විදිහටම.

- Diary of someone who born with fire -


______________________________________________

කතාව දැන් පැටලිලා වගේ ඇත්තෙ. මන් ටික ටික පැටලුම ලෙහන ගමන්.. අලුතෙන් මොකක් හරි පොයින්ට් එකක් අහුවෙන්න ඇති කියලා හිතනවා.

Continue Reading

You'll Also Like

4K 550 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...
186K 8.5K 106
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
13.2K 3.9K 59
Harmony Of Love Series #1 © All rights reserved. Sa mundong ito peke lang ang lahat. May mga patakaran na bawal mong suwayin tulad ng huwag kang mahu...
365 69 16
හේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා...