You Belong To Meᵀᴷ (Ongoing)

By Chiru_Thv

12.1K 1.8K 622

"ආහ්,අනේ මාව අතාරින්න..මට රිදෙනවා..." "උබ කොහොමද ඒන්ජල් මගෙන් එහා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත්..." "මට තමුන්ව ඕන... More

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7
PART 8
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 19
PART 20
PART 21

PART 22

645 79 11
By Chiru_Thv

ටේහ්‍යොන්ගෙ මැන්ශන් එකට එන්න විනාඩි පහලවකට කලින් ජන්ග්කුක් ඇහැරුනේ ලොකු ඈනුමක් යවන ගමන්...ටේහ්‍යොන් ඉයර් බඩ් දෙකත් කනේ ගහන් ලාවට සින්දුවකුත් මුමුණ මුමුණ ඩ්‍රයිව් කරනවා ජන්ග්කුක් දැක්කෙ නිදිබර දෑසින්...

"හ්‍යුන්ගී.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඇඟට බරවෙලා කතාකරද්දී ටේහ්‍යොන් ෆෝන් එකේ ප්ලේ වෙවී තිබ්බ සින්දුව ඕෆ් කලා..

"බේබි නැගිට්ටද..තව විනාඩි දහයක් වගේ යන්නෙ මැණික ගෙදර යන්න..වොශ් එකක් දාලා කාලා ආයිත් නිදාගමු..ම්ම්.."

ටේහ්‍යොන් ඩ්‍රයිව් කරන ගමන්ම ජන්ග්කුක්ගෙ ඔඩොක්කුවෙ තිබ්බ අතකුත් මිරිකලා ජන්ග්කුක්ගෙ නළලටත් හාදුවක් දීලා එහෙම කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන් දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථ සහගත මූණකින්...

"හ්‍යුන්ගී..මම හොස්ටල් එකට යන්නෙ නැද්ද එතකොට.."

"ම්හ්.."

ටේහ්‍යොන් ජන්ග්කුක් දිහා බලලා ඇහැකුත් ගහලා හිමීට මුමුණලා එහෙම කිව්වම ජන්ග්කුක් ටේහ්‍යොන්ට ලාවට රැවුමක් පා කලා..

"මම එනකම් ජිමින් බලන් ඇති..."

ජන්ග්කුක් හිත යටින් සතුටු වෙවී වුනත් ටේහ්‍යොන්ට නෝක්කාඩුවකින් වගේ එහෙම කිව්වම ටේහ්‍යොන් එයාගෙ ඇහිබැම ඇකිලෙව්වා...

"මම ජිමින්ට කිව්වා අද මගෙ ඒන්ජල් මාත් එක්ක ඉන්නෙ කියලා..."

ටේහ්‍යොන් ලස්සන හිනාවකින් මුව සරසගෙන එහෙම කියද්දී ජන්ග්කුක් තමන්ගෙ අතකින් ටේහ්‍යොන්ගෙ කම්මුලක් තද කරලා ඇද්දේ ටේහ්‍යොන්ට රිද්දන්න කියලා හිතන්...

"මගෙන් අහන්නෙවත් නෑ දැන් මුකුත්..ඔක්කොම තනියෙන් තීරණෙ කරන්නෙ.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට රවාගෙනම එහෙම කියද්දී ටේහ්‍යොන් කලේ කටකොනින් හිනා වුනු එක...

"බිකෝස් බේබි යූ බිලෝන්ග් ටු මී..යූ බිලෝන්ග් ටු ඔන්ලි මී..."

සුළු මොහොතකින් ටේහ්‍යොන්ගෙ කාර් එක මැන්ෂන් එකට ඇතුළු වුවත් මොහොතකින් ජන්ග්කුක්ගෙ නිදිබර දෑස් යොමුවුනේ මිදුලේ නවත්තලා තිබ්බ තවත් කාර් එකකට...

"හ්‍යුන්ගී..කවුරුහරි යාළුවෙක්ද ඇවිත් ඉන්නෙ ඔයාගෙ..."

ජන්ග්කුක් එහෙම කිව්වමයි ටේහ්‍යොන්ගෙ දෑස් මිදුලෙ පැත්තකට වෙන්න නවත්තලා තිබ්බ කළු පාට කාර් එකට යොමු වුනේ..කාර් එක දැක්ක ගමන්ම ටේහ්‍යොන්ගෙ මුහුණ අඳුරුවෙන්න ගියේ තප්පර ගාණයි...ජන්ග්කුක් බලන් හිටියෙ ටේහ්‍යොන්ගෙ අඳුරු වෙච්ච මූණ දිහා..ටේහ්‍යොන් කිසිම කතාවක් නැතුව කාර් එකෙන් බැස්සම ජන්ග්කුක් නළලත් රැලි කරගෙන කාර් එකෙන් බැස්සෙ ඇවිත් ඉන්නෙ කවුද කියලා කුතුහලෙන්...

"හ්‍යුන්ගී..කවුද ඇවිත් තියෙන්නෙ.."

ජන්ග්කුක් ටේහ්‍යොන් ගාවට ගිහින් එහෙම ඇහුවම ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගත්තා..

"පපා ඇවිත් තියෙන්නෙ කූ..අපි යමු.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතත් අල්ලන් ඉස්සරහට යන්න අඩිය තිබ්බත් නැවතත් එහෙම්මම නැවතුනේ ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙන් අත ගලවගන්න දඟලපු නිසා..

"අනේ හ්‍යුන්ගී..මට බයයි..මම කාර් එකේ ඉන්නම් ඔයා ගිහින් කතා කරන්න..එයාල ගියාට පස්සෙ මම එන්නම්..හරිද හා නේද..."

ඇත්තම කිව්වොත් ජන්ග්කුක් හිටියෙ ටිකක් තිගැස්මෙන්...ජන්ග්කුක්ගෙ හිත නොසන්සුන් වෙලයි තිබ්බෙ...හොබී කිව්ව විදිහට ටේහ්‍යොන්ගෙ තාත්තා කියන්නෙ හරිම දැඩි පුද්ගලයෙක්..ජන්ග්කුක්ගෙ ඔළුවට ආවෙ එදා හොස්ටල් එකට ආපු පලවෙනිම දවසෙ හොබී එයාගෙ අප්පා ගැන කිව්ව කතා ටික...

නමුත් ඊළඟ තත්පරේ ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ අතේ ග්‍රහණෙන් දගලන එක නැවැත්තුවේ ටේහ්‍යොන්ගෙ තියුණු දෑස් තමන් දිහා රවන් හිටපු දිහා බලලා..ටේහ්‍යොන් වචනයක්වත් කිව්වෙ නෑ..ඒත් ටේහ්‍යොන්ගෙ ඒ එක බැල්මත් ඇතිවුනා ජන්ග්කුක්ව ගිනිගන්න...

"හරි හරි..යමු ඉතින්..ඔය හැටි රවන්නෝනියැ..මම එන්නම් අත අතාරින්න..."

ජන්ග්කුක් එහෙම කිව්වත් ටේහ්‍යොන් ජන්ග්කුක් කියන දේ ගණන් ගන්නෙ නැතුව ජන්ග්කුක්ගෙ අතින් ඇදන් මැන්ෂන් එකේ දොර ළඟට යද්දී ජන්ග්කුක් නහයෙන් ඇඩුවා...

"අනේ හ්‍යුන්ගී..ප්ලීස්...මේ සැරේ විතරක්..ප්ලීස්..."

ජන්ග්කුක්ගෙ කන්කෙඳිරිය අහන්න බැරිම තැන ටේහ්‍යොන් ජන්ග්කුක්ට රවාගෙනම ජන්ග්කුක්ගෙ අත අත්හැරියේ ජන්ග්කුක් දත් තිස්දෙකම පෙන්නලා හිනාවෙද්දී...

ටේහ්‍යොන් ජන්ග්කුක් එක්ක සාලෙට ඇතුල් වෙද්දී ටේහ්‍යොන්ගෙ අප්පා වගේම ටේහ්‍යොන්ගෙ අම්මාත් සෝෆා එකක වාඩි වෙලා තේ බොන ගමනුයි හිටියේ..

"ආ..පුතේ ඔයා ආවද..අපි පැයකටත් වැඩියි දැන් ඇවිත්..කොහෙද ගියේ..ඇයි පරක්කු අද..."

ටේහ්‍යොන්ගෙ අම්මා සාරා ටේහ්‍යොන් දුටුව ගමන් බිබී හිටිය තේ කෝප්පයත් පැත්තකින් තියලා ඉක්මන් ගමනින් ටේහ්‍යොන් ගාවට ඇවිත් ටේහ්‍යොන්ව වැළඳගත්තේ ටේහ්‍යොන්ගෙ පිටිපස්සෙන් තවත් පුද්ගලයෙක් ඉන්නවා කියලා නිනව්වක් නැතුව..සාරා දෑස් පියාගෙම ටේහ්‍යොන්ව වැළඳගෙන මිනිත්තු කිහිපයකින් දෑස් ඇරියමයි ජන්ග්කුක්ව දැක්කේ..

"ඕහ්..මේ කවුද පුතේ..මට මේ පුතාව දැකලා පුරුදුයි..ආහ් මතක් වුනා මේ අපේ පොඩ්ඩගෙ හොස්ටල් යාළුවා නේද.."

ටේහ්‍යොන්ගෙ අම්මා ලස්සන හිනාවකින් මුව සරසන් ජන්ග්කුක් ගාවටත් ගිහින් ජන්ග්කුක්ව වැළඳගත්තම ජන්ග්කුක්ගෙ ඇස් දෙක නම් ටීක් බෝල සයිස් වුනා...මොනා උනත් ඒ ඉන්නෙ ජන්ග්කුක්ගෙ අනාගත සැමියගෙ අම්මයි තාත්තයි..ජන්ග්කුක් හිතේ තිගැස්මෙන් වුනත් ආපිට සාරාව වැළඳගත්තේ සාරාගෙන් දැණුනු ඒ ලෙන්ගතු බවට...කොහොමත් ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යොන්ගෙ අම්මා නපුරු නෑයි කියලා..ටේහ්‍යොන්ගෙ තාත්තට නම් වගේ වගක් නෑ..ඔහු කිසිම කතාවක් නොමැතිව සෝෆා එකේ වාඩිවෙලා තම දුරකථනය දිහාත් ඇස් යොමු කරන් තේ කෝප්පෙට වග කියනවා...

"කෝ මේ හුරතල් කොලු පැටියගෙ නම කියන්න මට...එදා ආවට ඉතින් නමවත් අහගන්න බැරි උනානේ.."

ටේහ්‍යොන්ගෙ අම්මා ජන්ග්කුක්ව තම තුරුලෙන් මෑත් කරලා ජන්ග්කුක්ගෙ එක අතකින් අල්ලගෙන එහෙම ඇහුවම ජන්ග්කුක් සාරාට මඳ සිනහවක් පෑවා...

"මගේ නම ජන්ග්කුක් ආන්ටි.."

ජන්ග්කුක් යටහත් පහත් හඬකින් එහෙම කියද්දී සාරා එක අතකින් ජන්ග්කුක්ගෙ ඔළුව අතගෑවේ ලොකු සෙනෙහසකින්..

"මෙයා මොකද මෙහෙ කරන්නෙ ටේහ්‍යොන්..."

ඊළඟ තත්පරේදී ඇහුණු ටේහ්‍යොන්ගෙ අප්පගෙ කටහඬ නිසා ජන්ග්කුක්ව ගැස්සුණත් ඊළඟ මොහොතේ ටේහ්‍යොන් කියන්න යන දේ වටහගත්ත ජන්ග්කුක් තමන්ගෙ හිතේ තිගැස්ම පැත්තකට දාන්න හිතුවා...

"අප්පා...මේ ඉන්නේ මගේ.."

ටේහ්‍යොන්ට කියන්න ගිය දේ සම්පූර්ණ කරගන්න ලැබුණේ නෑ...මොකද ජන්ග්කුක්ට ඕනි වුනේ නෑ ටේහ්‍යොන්ගෙ පවුලේ අය දැන්ම මේ සම්බන්ධතාවය දැනගන්න..ජන්ග්කුක්ගෙ හිත අනිසි බියකින් පිරුණා..ටේහ්‍යොන්ගෙ ගෙදරින් මේ සම්බන්ධෙට අකැමැති වෙයි කියලා ජන්ග්කුක්ට හිතුණා..එහෙම උනොත් ටේහ්‍යොන්ව තමන්ට අහිමි වෙයි කියලා ජන්ග්කුක්ට හිතෙන්න ගියේ තත්පර ගාණයි..ටේහ්‍යොන් මගේ කියලා කියද්දීම ජන්ග්කුක් හිටගෙන හිටිය ටේහ්‍යොනුයි සෝෆා එකේ ඉඳන් හිටිය ටේහ්‍යොන්ගෙ අප්පගෙයි මැද්දට පැන්නේ ටේහ්‍යොන්ගෙ තාත්තා නළලත් රැලි කරන් ඇස් හීනි කරලා ජන්ග්කුක්ගෙ උඩ ඉඳන් පල්ලෙහාට බලන අතරේ..

"ආහ්..අන්කල්..මම අන්කල්ගෙ බාල පුතාගේ යාළුවෙක් වගේම ටේහ්‍යොන් සර්ගෙ ස්ටුඩන්ට් කෙනෙක්..මට සර්ගෙන් Assignment එකකට පොත් වගයක් ඉල්ලගන්න තිබ්බ නිසයි මම ආවේ..."

"ටේහ්‍යොන් සර්..මම පොත් ටික අරන් ගෙදර යන්නම්..උඩ තට්ටුවේ නේද පොත් ටික තියෙනවා කිව්වේ..මම ඒක ගන්නම්..සර් කතා කරන්නකො එහෙනම් ඔම්මයි අප්පයි එක්ක.."

"කරදරයක් වුනා නම් සමාවෙන්න.."

ජන්ග්කුක් එක දිගට එක දිගට එහෙම කියන් ගිහින් අවසානෙදී ටේහ්‍යොන්ගෙ අම්මට,තාත්තට වගේම ටේහ්‍යොන්ටත් අංශක අනූවටම හිස නවා ආචාර කලේ ටේහ්‍යොන්ගෙ තමන්ගෙ අත මිට මොලව ගනිද්දී..

"ජන්ග්කුක් මොන විකාර.."

"ඔහ්..සර් ..මම සර්ගෙ පොත් මේසෙ විකාරයක් කරලා දාන්නෙ නෑ..බයවෙන්නෙපා..."

ජන්ග්කුක් එවෙලෙ ටේහ්‍යොන්ගෙ කටින් පැන්න වචන ටික අහුලන් ඉක්මනට එහෙම කිව්වේ ටේහ්‍යොන්ගෙ අම්මටයි තාත්තටයි සැක නොහිතෙන්න..ඒත් ටේහ්‍යොන්ගෙ අම්මට නම් ජන්ග්කුක් ගැනයි ටේහ්‍යොන් ගැනයි සැකයක් මතු වෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ..සාරා ඒ සැකය ගැන ටේහ්‍යොන් එක්ක කතා නොකලේ මේ ඊට සුදුසු වෙලාවක් නොවන නිසා...

ජන්ග්කුක් ඉක්මන් ගමනින් පඩිපෙලත් නැගන් තමන්ගෙ කාමරයට දුවන දිහා ටේහ්‍යොන් බලන් හිටියේ ටිකක් විතර කේන්තියෙන්..ටේහ්‍යොන්ට හිතුණා දැන් ජන්ග්කුක්ගෙ මුරණ්ඩුකම වැඩි වෙලා කියලා..කේන්තියට තමන්ගෙ තොල කොනකුත් හපාගෙන ජන්ග්කුක් යන දිහා බලන් හිටිය ටේහ්‍යොන්ගෙ දැහැන බිදුනේ ටේහ්‍යොන්ගෙ අප්පගෙ කටහඬින්...

"ටේහ්‍යොන්..මම ආවේ වැදගත් දෙයක් කතා කරන්න..තමුන් දැන් කවද්ද බිස්නස් වැඩ බාරගන්නෙ..."

ටේහ්‍යොන්ගෙ පියා සෝෆාවේ වාඩිගෙන කකුලක් උඩින් කකුලක් දාගෙන තමා ඉස්සරහ හිටන් ඉන්න ටේහ්‍යොන්ට එහෙම කිව්වම ටේහ්‍යොන් ලොකු සුසුමක් හෙලුවා..

"ප්ලීස් අප්පා..මම ගෙදර ආවා විතරනේ..මට මහන්සියි..අඩුම මම මූණ කට හෝදන් එනකම්වත් ඉවසන්න බැරිද..."

"තමුන් හැමදාම ඕවා කියල අහන දේ මඟාරින එකනේ කරන්නේ..මට ඕනි කරන්නේ උත්තර..තමුන් දැන් යුනිවර්සිටි එකට අස්වීමෙ ලිපිය දීලද තියෙන්නේ..මොකක්ද ටේහ්‍යොන් මේකෙ තේරුම..මම මැරුණට පස්සෙද තමුන් මේවා බාරගන්න හිතන් ඉන්නේ.."

ටේහ්‍යොන්ගෙ තාත්තා ඉවක් බවක් නැතුව ඔහේ කියවන් යද්දී මෙච්චර වෙලාවක් ඉවසන් හිටිය ටේහ්‍යොන්ගෙ ඉවසීමෙ සීමාව පැන්නා..

"මට නිදහසක් ඇත්තෙම නැද්ද අප්පා...මහ කරුමයක්නෙ මේක..මට ඕනි විදිහට ජීවත් වෙන්න දෙන්න බැරිද ඔයාට...බිස්නස් බිස්නස් බිස්නස්..ඔයාගෙ මුළු ලෝකෙම බිස්නස්..ඔයා නිකමටවත් ඔයාගෙ පවුලෙ අය වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා තියෙනවද..අඩුම ඔයා අම්මා ගැනවත් හොයලා බලනවද...මතක ඇති කාලෙක මගේවත් මල්ලිගෙවත් උපන්දිනේකට ඔයා විශ් කරලවත් නෑ නේද අප්පා..ඔයාගෙ සතුට තියෙන්නේ ඔය ජිවිතේ උනාට මට එහෙම නෑ.."

ටේහ්‍යොන් කවදාවත් ටේහ්‍යොන්ගෙ අප්පට එහෙම කතා කලේ නෑ..ටේහ්‍යොන් මෙච්චර කාලෙකට ටේහ්‍යොන්ගෙ අප්පට වචනයක්වත් කිව්ව කෙනෙක් නෙමෙයි..ටේහ්‍යොන් කලේ හැමදාම තමන්ගෙ හිතේ පීඩනේ හිර කරන් හිටිය එක..ඒත් අද ටේහ්‍යොන් පලවෙනි පාරට ටේහ්‍යොන්ගෙ තාත්තට ටිකක් සැරෙන් කතා කලා..ටේහ්‍යොන්ගෙ දෑත් වෙව්ලනවා..ඇස් දෙකම ලාවට රතු වෙලා...ටේහ්‍යොන්ට ඕනි වුනේ දැන් ජන්ග්කුක් ගාවට යන්න...ටේහ්‍යොන්ගෙ අප්පා ඇහිබැම එකට අකුලවගන්නවා ටේහ්‍යොන් දැක්කත් ඒ ගැන ගණන් නොගෙන ටේහ්‍යොන් බර අඩි තියමින් පඩිපෙල දිගේ නඟින්න පටන් ගත්තේ පැත්තක හිටිය සාරා ඇවිත් ටේහ්‍යොන්ගෙ අප්පගෙ උරහිසට අතින් තට්ටු කරමින් සැනසිලි බස් දොඩන අතරවාරයේ..

↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭↭

මේ අතරේ ජන්ග්කුක් හිටියේ ටේහ්‍යොන්ගෙ පොත් රාක්කෙ තිබිලා හම්බ වුනු ටේහ්‍යොන් යුනිවර්සිටි යන දවස් වල ෆොටෝ දාලා තිබ්බ ඇල්බම් එකක් බලන ගමන්..අහම්බෙන් පොත් රාක්කේ යටම කොටසෙ තිබිලා හම්බ වෙච්ච ඇල්බම් එක ජන්ග්කුක් බලන්න ගත්තේ හරිම ආසාවෙන්..දැන් වගේම ඒ කාලෙත් ටේහ්‍යොන් හරිම කඩවසම්..යුනිවර්සිටි එකේ ගෲප් ෆොටෝ වල ටේහ්‍යොන් වෙනත් පිරිමි ළමයින්ගෙ කරට අත දාන් ඉන්නවා දැක්කම ජන්ග්කුක්ගෙ හිතේ ඉරිසියාවට සියුම් තරහවක් ඇති උනේ නෑ කියන්නත් බෑ..ජන්ග්කුක් තනියම ටේහ්‍යොන්ට මුණු මුණු ගගා බනින අතරේ ටේහ්‍යොන් තනියෙන් හිටපු පින්තූර වල ෆොටෝස් ෆෝන් එකේ කැමරාවට හසුකරගන්නත් අමතක කලේ නෑ..ෆොටෝස් බල බල ඇල්බම් එකේ අන්තිම පිටු පෙරලද්දී ජන්ග්කුක්ට අස්සක තිබිලා හම්බුනා එක ෆොටෝ එකක්..ඒක දැක්ක ගමන් ජන්ග්කුක්ගෙ මුහුණ අඳුරුවෙන්න මහලොකු වෙලාවක් ගියේ නෑ...ඒ ෆොටෝ එක ටේහ්‍යොන් කැම්පස් එකේ පිට්ටනියෙදි ගහපු ෆොටෝ එකක්..ටේහ්‍යොන් හිටියේ කෙල්ලෙක්ගෙ කර වටා අතදාගෙන..ඇය රූමත්..ටේහ්‍යොන් වගේම ජන්ග්කුක් නාඳුනන ඒ කාන්තාව ෆොටෝ එකේ හිටියෙ ගොඩක් ලොකු සතුටකින්...ඒත් මොහොතකින් ජන්ග්කුක්ගෙ ඇස් හිමි හිමීට කඳුලින් බරවෙන්න ගත්තේ ඒ ෆොටෝ එකේ පිටිපස්සෙ පෑනකින් ලියලා තිබ්බ දෙයක් නිසා...

"I'll love u till the end of the world..."

ඒ තිබ්බේ ටේහ්‍යොන්ගෙ අකුරු නෙමෙයි කියලා ජන්ග්කුක්ට තේරුණා..ඒත් අහේතුවකම දඟකාර ජන්ග්කුක්ගේ හිත ඒ තිබ්බ වාක්‍යට රිදෙන්න ගත්තේ ජන්ග්කුක් මීට ටික වෙලාවකට කලින් ටේහ්‍යොන් එක්ක සතුටින් හිටිය කාලය එක මොහතකින් සුණු විසුණු කරලා දාලා..ටේහ්‍යොන් ජන්ග්කුක්ට කියලා තිබ්බෙ යුනිවර්සිටි කාලේ කාටවත් ආදරේ කලේ නෑ කියලා..කෙල්ලොන්ට විහිළු තහළු කලා තමා..ඒත් කාටවත් හිත ගියේ නෑ කියලා ටේහ්‍යොන් කිව්ව හැටි ජන්ග්කුක්ට හොඳින් මතක තිබ්බා...ටේහ්‍යොන් කාමරයට එන සද්දෙ ඇහිලා ජන්ග්කුක් ඉක්මනටම අතේ තිබ්බ ෆොටෝ එක තමන්ගෙ සාක්කුවට දාගෙන තමන්ගෙ කදුළින් බරවෙච්ච ඇස් ලේන්සුවෙන් පිහිදාගෙන ටේහ්‍යොන්ට පිටුපාලා මේසෙ උඩ තිබ්බ ඇල්බම් එක පෙරලන්න ගත්තේ ටේහ්‍යොන් ආවා කියලා දැක්කෙ නෑ වගේ..

ටේහ්‍යොන් කෙලින්ම ජන්ග්කුක් ගාවට ඇවිත් ජන්ග්කුක්ගෙ ඉණ වටා තමන්ගෙ රළු දෑත් යවලා ජන්ග්කුක්ව තමන්ගෙ ඇඟට තද කරගත්තේ හරිම ඉක්මනට...තමන්ගෙ ඇසුත් පියාගෙන ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ගෙල පිටුපසට නැවතීමක් නැතුව තෙත හාදු තිබ්බේ ජන්ග්කුක් තමන්ගෙ යටි තොලත් හපන් තමන්ගෙ කටින් පිටවන කෙඳිරිලි පාලනය කරගන්න අතරවාරයේ...

"කවුද අවසර දුන්නේ මගෙ ෆොටෝස් බලන්න..ම්ම්ම්..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ගෙල සිපගන්න අතරවාරයේ එහෙම ඇහුවත් ජන්ග්කුක් නම් තාමත් හිටියේ ඇල්බම් එකෙන් හම්බ වෙච්ච ෆොටෝ එක සිහියෙන්...කවුද ඒ ගෑනු ළමයා..ඇයි හ්‍යුන්ගී නිකමටවත් එහෙම කෙනෙක් ගැන මට කියලා නැත්තේ..ෆොටෝ එක පිටිපස්සෙ ලියලා තියෙන එකේ තේරුම මොකක්ද..ජන්ග්කුක්ගෙ ඔළුව වටේ ප්‍රශ්න ගොඩක් කැරකෙද්දී ටේහ්‍යොන්ගෙ තෙත හාදු ජන්ග්කුක්ගෙ හිතට ගෙනාවේ අනිසි කේන්තියක්..

"හ්‍යුන්ගී..ස්ටොප්."

ජන්ග්කුක් හිමීට කෙඳිරිලි හඬකින් එහෙම කිව්වත් ටේහ්‍යොන් නෙමෙයි නැවැත්තුවේ..

"හ්‍යුන්ගී..නවත්තන්න..ඔම්මයි අප්පයි ඉන්නවා නේද.."

ජන්ග්කුක් එහෙම කියලා ටිකක් කේන්තියෙන් වගේ අත් ගසලා ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙන් මිදුණත් නැවතත් ජන්ග්කුක්ව ටේහ්‍යොන්ගෙ පපුවට ඇදිලා ගියේ ටේහ්‍යොන්ගෙ තම කෝපි පාට ඇස් හීනි කරලා ජන්ග්කුක් දිහා බලද්දී...

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ ඇස් දිහාවත් නොබලා තොලුත් උල් කරන් ටේහ්‍යොන්ගෙ ශර්ට් එකේ බොත්තමක් දිහා බලන් ඒක අතින් කරකව කරකව ඉද්දී ටේහ්‍යොන්ගෙ මුවඟට සිනාවක් ආවේ නොදැනුවත්වමයි..

"බේබි..ලුක් ඇට් මී.."

"කෝ ඉතින්.."

"දැන් මන් දිහා බලන්නෙවත් නැද්ද..."

"බේබි ඔයා හොඳටම මුරණ්ඩු වෙලා දැන්.."

"මොකක්ද දැන් ප්‍රශ්නෙ කියන්න ඔය පුන්චි මොළේ  ඇතුලෙ කැරකෙන.."

ටේහ්‍යොන් එකදිගටම කියවන් ගියත් ජන්ග්කුක් නෙමෙයි ටේහ්‍යොන් දිහාට ඇස් හැරෙව්වේ...

"ආ හරි එහෙමනේ...බලන්නෙ නෑනෙ මං දිහා.."

ටේහ්‍යොන් තත්පරයක්වත් ඉන්නෙ නැතුව ජන්ග්කුක්ව හරහට වඩාගත්තේ හදිසියේම සිද්ද වුනු දේ නිසා ජන්ග්කුක්ගෙ දෑත් ටේහ්‍යොන්ගෙ ගෙල වටා පැටලෙද්දී...

"හ්‍යුන්ගී..මොනාද දෙයියනේ කරන්නේ..මාව බිමට බස්සන්න..තාම ඔම්මයි අප්පයිත් ඉන්නවනේ..පිස්සු හැදිලද ඔයාට.."

මේ සැරේ ජන්ග්කුක් කියෙව්වත් ටේහ්‍යොන් නෙමෙයි වචනයක්වත් කතා කලේ..ටේහ්‍යොන් කෙලින්ම ගිහින් ජන්ග්කුක්ව තම ඇඳ උඩට අතෑරියේ ජන්ග්කුක් ඇඳේ දෙපාරක් විතර බම්ප් වෙද්දී..

ටේහ්‍යොන් කටකොනකින් හිනාවෙන ගමන් තමන්ගෙ ශර්ට් එකේ බොත්තම් කිහිපයක් ගැලෙව්වේ ටේහ්‍යොන්ගෙ නිරාවරණය වූ පපුව දිහා බලන් ජන්ග්කුක් ලොකු කෙල ගුලියක් ගිලින අතරේ..

"හ්‍යුන්ගී..ඔයා..ඔයා..මොනාද ක්ක්කරන්න යන්නේ..."

ටේහ්‍යොන්ගෙ ඇස් දිහා බලපු ජන්ග්කුක්ට තේරුම් ගන්න බැරි වුනා ඒ ඇස් වල තියෙන්නේ කේන්තියක්ද නැත්තම් වෙන මොකක්හරි දෙයක්ද කියලා..ජන්ග්කුක් ඇදේ ඉඳගෙන ගොත ගගහා එහෙම අහද්දී ටේහ්‍යොන් කලේ ජන්ග්කුක් ගාවට ඇවිත් ජන්ග්කුක්ගෙ ශර්ට් එක ගැලෙව්ව එක..ඒ මොහොතම ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ තොල් තමන්ගෙ දෙතොලින් අල්ලන් ඇඳේ දිගාවුනේ ජන්ග්කුක්ට සිද්ද වුනේ මොකක්ද කියලා හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර..වෙන වෙලාවක නම් ජන්ග්කුක් ටේහ්‍යොන්ට ආපිට ප්‍රතිචාර දෙනවා..ඒත් දැන් ටේහ්‍යොන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර..ජන්ග්කුක්ට බය හිතුණා..ජන්ග්කුක්ට ඕනි උනේ නෑ තමන්ගෙ සම්බන්දෙ මෙච්චර ඉක්මනට අවදානමක දාන්න...ටේහ්‍යොන් හරිම වේගෙන් ජන්ග්කුක්ගෙ තොල් උරා බොද්දී ජන්ග්කුක් කලේ ටේහ්‍යොන්ගෙ පපුවට අත තියලා ටේහ්‍යොන්ව තල්ලු කරපු එක..ඒත් හැඩි දැඩි ටේහ්‍යොන් ජන්ග්කුක්ව තමන්ගෙ ඇඟට යට කරගත්තට පස්සෙ ජන්ග්කුක්ට ටේහ්‍යොන්ව හොලවන්නවත් බැරිඋනා..

විනාඩියක්..දෙකක්...විනාඩි පහක් විතර ගත වෙන්නැති..ටේහ්‍යොන් ඉවරයක් නැතුව ජන්ග්කුක්ගෙ තොල් සිපගනිද්දී ටේහ්‍යොන්ගෙ ග්‍රහණෙන් ගැලවෙන්න දගලපු ජන්ග්කුක් කිසිම ප්‍රතිචාරයක් නොමැතිව ඔහේ හිටියේ ටේහ්‍යොන්ට ඕනි දෙයක් කරගන්න කියලා ඉඩදීලා..ජන්ග්කුක්ට හුස්ම ගන්න අපහසු වෙද්දී ජන්ග්කුක්ගෙ තොල් වලින් මෑත් වුනු ටේහ්‍යොන් ඊළඟට දඬුවම් කරන්න ගත්තේ ජන්ග්කුක්ගෙ කිරිසුදු පාට ගෙලට...

"ම්හ්..හ්‍යුන්..."

ජන්ග්කුක්ගෙ කෙඳිරිලි අතරේ ටේහ්‍යොන්ගෙ රළු අත් වේගෙන් ජන්ග්කුක්ගෙ නිරුවත් උඩුකය පුරා ගමන් කලේ හරිම වේගෙන්...තවත් මොහොතකට පස්සෙ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ගෙලෙන් මෑත් වුනේ රතු පාටට ලොකු හිකී එකක් ඒ නිකැලැල් ගෙලේ සනිටුහන් කරලා...

"බේබි..මාත් එක්ක මුරණ්ඩු වෙන්න නම් හදන්නෙපා තේරුණානේ..ආයිත් මම කියන දෙයක් ඇහුවෙ නැත්තම් මම මෙහෙම නෙමෙයි පනිශ් කරන්නේ..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට දෙයක් කියන්න තමන්ගෙ මුව විවර කලත් ඒ මොහොතෙම ජන්ග්කුක් ගැස්සිලා ගියේ ටේහ්‍යොන්ගෙ කාමරේ දොරට තට්ටු කරන හඬ ඇහිලා...මෙවර නම් ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ පපුවට අත තියලා තල්ලු කලාම ටේහ්‍යොන් ඇඳේ පැත්තකට තල්ලු වෙලා ගියේ ටේහ්‍යොනුත් දොරෙන් පිට කතා කරන හඬට අවදානේ දීපු නිසා..

"ටේහ්‍යොන්..ඉක්මනට එන්න ළමයෝ...අප්පගෙ හිත රිද්දන්නෙපා ඉතින්..අපි මෙච්චර කාලයක් කාලා බීලා හිටියේ අප්පා නිසානේ..ඇහෙනවා නේද මම කියන එක..අප්පට මීටින්ග් එකක් තියෙනවා තව පැයකින්..ඉක්මනට එන්න ඒ නිසා..ඒක නෙමෙයි කෝ අර ජන්ග්කුක් කියන කොලු පැටියා...තාම පොත් හොයනවද.."

ටේහ්‍යොන්ගෙ අම්මා දොර ගාව හිටගෙන ලාවට හිනාවෙන ගමන් එහෙම අහන අතරේ ජන්ග්කුක් ඇදෙන් බැහැලා හරිම ඉක්මනින් තමන්ගෙ උඩු ඇදුම ඇඟලා ගත්තා.

"ඔම්මා..අප්පට හදිස්සියි නම් යන්න කියන්න..අනික මට එයා එක්ක කතා කරන්න දෙයක් නෑ කොහොමත්..ජන්ග්කුක් මාත් එක්ක ඉන්නවා..."

ටේහ්‍යොන් අන්තිම පේළිය ජන්ග්කුක්ට ඇහැක් ගහන ගමන් කියද්දී ජන්ග්කුක්ගෙ ඇස් බෝල වුනා..

"ඔව් ඔව්..මම දන්නවා එයා ඔයා එක්ක කියලා..මම පස්සෙ අල්ලගන්නම්කො ඔයාවයි එයාවයි දෙන්නවම..ඉක්මනට පහළට එන්න පුතේ..මොනා උනත් ඒ ඉන්නෙ ඔයාගෙ අප්පනෙ..හරිද.."

සාරා එහෙම කියලා එතනින් යන්න ගියාම ජන්ග්කුක් මූණත් රතු කරන් ටේහ්‍යොන්ට රැව්වේ ටිකක් කේන්තියෙන්..

"මොකක්ද හ්‍යුන්ගී වෙලා තියෙන්නෙ ඔයාට..ඔම්මට කිව්වෙ ඇයි ඔයා එක්ක මම ඉන්නෙ කියලා..දොරත් වහලා තිබ්බේ..මොනා හිතුවද දන්නෙ නෑ.."

ජන්ග්කුක් තොලුත් උල් කර කර කේන්තියෙන් එහෙම කියවද්දී ඇදේ වැතිරිලා හිටපු ටේහ්‍යොන්ගෙ හිත නම් කිව්වෙම නැවතත් ජන්ග්කුක්ගෙ රෝස තොල් සිපගන්න කියලා..

"බේබි..ඔම්මා දන්නවා අපි දෙන්නා ගැන..ඒ නිසා මොනා හිතුවත් කමක් නෑ..හරි හරි..මම දන්නවා දැන් අහන්න යන දේ..ඔම්මා මේ ගැන දන්නෙ කොහොමද කියලනේ..පොඩි කාලෙ මායි මල්ලියි පුන්චි හොර වැඩක් කලත් තේරෙන අපේ ඔම්මට මේ දේවල් තේරෙන්නෙ නෑ කියලා හිතුවද..මගෙ මෝඩ හා පැටියා..."

ටේහ්‍යොන් හිනාවකින් මූණ සරසන් එහෙම කියද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්ට ළඟ මේසෙක තිබ්බ පොතකින් ගැහුවේ කේන්තියෙන්..

"මට මෝඩ හාවා කියලා කියන්නෙපා.තේරුණාද..."

"ඒක නෙමෙයි හ්‍යුන්ගී...අප්පා ආවේ බිස්නස් බාරගන්නෙ කවද්ද කියලා අහන්නද..."

තවත් මොහොතකට පස්සෙ ජන්ග්කුක් ඇඳෙන් වාඩි වෙන ගමන් එහෙම අහද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ පිටුපසින් ඇවිත් ජන්ග්කුක් ඉණ වටා තම දෑත් යවලා ජන්ග්කුක්ගෙ උරහිසෙන් තම නිකට තියාගත්තා...

"ම්ම්ම්ම්..."

ටේහ්‍යොන් හිමීට එහෙම මිමිණුවම ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යොන්ගෙ ලොකු කැමැත්තක් බිස්නස් වැඩ බාරගන්න නෑ කියලා...

"හ්‍යුන්ගී..ඇයි දැන් කැමති නැත්තේ බිස්නස් කරන්න..කවදහරි ඉතින් ඔයාටනෙ ඕවා හැන්ඩ්ල් කරන්න වෙන්නේ...දැන්ම පුරුදු වෙන එක හොඳ නැද්ද ඉතින්..."

ජන්ග්කුක් තමන්ගෙ උරහිසෙන් මුහුණ තියන් හිටිය ටේහ්‍යොන්ගෙ හිසකෙස් අතරින් තම අත් යවන ගමන් එහෙම කිව්වම ටේහ්‍යොන් කලින් ජන්ග්කුක්ගෙ ගෙලේ ඇති කල හිකී එක ගාවින් තමන්ගෙ තොල් තද කලා..

"මගෙ ලොකු අකැමත්තක් නෑ කූ..ඒත් ඔයා යුනි ඉවර වෙනකම් මම අනිවාරෙන්ම කැම්පස් එන්න ඕනි..ඒ නිසා තව අවුරුදු තුනහමාරක් විතර මට බිස්නස් වැඩ බාරගන්න බෑ..."

"ඇයි ඒ..මම කැම්පස් එකෙන් අවුට් වෙනකම් ඉන්නේ.."

"මොකද පැණි හලන උගුඩු පැටව්ගෙන් මගෙ මැණිකව මම ආරක්ෂා කරගන්නෙපැයි..විශේෂයෙන්ම අර බෝගම් කියන හැලපයගෙන්..."

ටේහ්‍යොන් ඇහිබැමුත් එකට ලං කරගෙන කේන්තියෙන් වගේ එහෙම කියද්දී ජන්ග්කුක්ට මහහඬින් හිනාගියා...

"ආයිශ් හ්‍යුන්ගී..ඔයාට ඉරිසියයි නේද..ඔච්චර ජෙලස් වෙන්නෙපා..බිස්නස් වැඩ බාරගන්න...මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..ඔයා බය වෙන්නෝනි නෑ..අනික හොබී,ජිමින් මාත් එක්ක ඉන්නවනේ..මොනා උනත් ඒ ඉන්නෙ අප්පනේ හ්‍යුන්ගී..එයා දැන් කොච්චර කාලෙක ඉඳන්ද ඔයාගෙ පස්සෙන් ඇවිත් වැඩ බාරගන්න කියන්නේ...එහෙම කරන්නෙපා..ඔයාගේ ඔම්මා කිව්වා වගේ පොඩි කාලෙ ඉඳන් ඔයාල හැඳුනේ අප්පා මහන්සි වෙලා වැඩ කරපු නිසානේ..කෙනෙක් ළඟින් ඉද්දී අගේ නැති උනාට නැති උනාම තමා ඒ කෙනාගෙ වටිනාකම ගොඩක් තේරෙන්නේ..ඉතින් ළඟින් ඉන්න කාලෙ පුළුවන් තරම් හොඳින් ඉන්න බලන්න.."

ජන්ග්කුක්  බැරෑරුම් මුහුණකින් එහෙම මුමුණලා ටේහ්‍යොන්ගෙ පැත්තට තම මුහුණ හැරෙව්වම ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ලා රෝස පැහැ බෝල කම්මුල් දෙකෙන් තම අත් තියලා ජන්ග්කුක්ගෙ මූණට එබුනා...

"පණ්ඩිත කොල්ලා..මම ඔයා කිව්ව දේවල් හිතලා බලන්නම්කෝ...දන්නවද මම ගොඩක් ආදරෙයි මගෙ බේබිට..මට බයයි මගේ මැණිකව මට නැතිවෙයි කියලා..මගේ පණ..මම ඇත්තටම  ඔයාට ගොඩක් ආදරෙයි කූ.."

ටේහ්‍යොන්ගෙ ඒ ආදරේ උතුරන දෑස් දැක්ක ජන්ග්කුක්ට එක මොහොතකට හිතුණා තමන් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ප්‍රේමවන්තයා කියලා..තවත් මොහොතකට පස්සෙ ටේහ්‍යොන්ගෙන් ජන්ග්කුක්ගෙ නළලට ලැබුණු උණුසුම් හාදුවෙන් දෑස් පියාගත්ත ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ විසල් පපුවට තුරුලු උනේ හිතේ කැරකෙන ප්‍රශ්නෙකුත් එක්ක...කවුද ඒ ෆොටෝ එකේ හිටිය ගෑණු ළමයා...

ආදරේ හරිම පුදුමාකාර දෙයක්...චුට්ටකට කලින් ටේහ්‍යොන්ගෙ අප්පා නිසාම කේන්තියෙන් හිටපු ටේහ්‍යොන් ජන්ග්කුක් ගාව නිවුණෙ හරිම ඉක්මනට...ටේහ්‍යොන්ගෙ හිත සැනසුනේ ජන්ග්කුක් ගාව...ජීවිතේ එක කාලයක් එනවා අපි අපේ සැනසීම හොයන්නෙම එක ලෙන්ගතු හිතකින්..ඉතින් ඒ ලෙන්ගතු හිත මහ හුඟක් පරිස්සම් කරගන්න...ආරක්ෂා කරගන්න...මොකද ඈත් වුනාට පස්සෙ ඔයා එයාව ළඟට ගන්න කොච්චර මහන්සි වුනත් එයා ආපහු කවදාවත් ඔයා ළඟට නොඑන්නත් පුළුවන්..

To be continued......

⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼⇼

හායි බබීලා..හීහීහීහී..😁ගැත්තිට අනුකම්පා කරන්න..හරියටම මාස එකහමාරකින් ආවේ..😪දන්නවනේ ඉතින් ටයිම් තියෙනවා නම් නොදී ඉන්නෙ නෑනේ..මුල් දවස් වල හිටපු රීඩර්ස්ලා හැලිලද දන්නෙත් නෑ මම අප්ඩේට්ස් දුන්නෙ නැති නිසා..අනේ ගොඩක් අය මට ප්‍රයිවට් මැසේජ් දාලා අහලා තිබ්බා කතාව දෙන්නෙ නැද්ද කියලා..අනේ සුදූලා සමාවන්න..🥺♥️අප්ඩේට් එකක් එනකම් බලන් ඉන්නවා කියන එක අමාරුයි තමා..මාත් රීඩර් කෙනෙක් හැටියට දන්නවා ඒක..ඒත් ඉතින් තියෙන වැඩ මැනේජ් කරගන්නත් එපැයි..මට සතුටුයි හැබැයි ගොඩක් අයට කතාව මතක තිබිලා...

මම කලින් චැපියෙ කිව්ව ස්මට් එකක් දෙන්නම් කියලා මේකේ..ඒත් ස්මට් එකක් දැන්ම දෙන්න බෑ වගේ..කතාව තාත්වික වෙන්නත් එපැයි..ටයිම් ස්කිප් කරලා දෙන්නම්..ඔන්ගොයින්ම කියවපු සෙට් එකට කතාව අමතකද දන්නෙත් නෑ..😬කමක් නෑ ආපහු කියවන්න..😾👍

ඉතින් ඉතින්...කුකියගෙ සෙවන් ආවා..යුන්ගි මිලිටරි යනවා..ටේගෙ ඇල්බම් එකේ සින්දු ටිකත් ටික ටික රිලීස් වෙනවා..ඔයාලා සපෝට් කරනවා නේද මෙම්බර්ස්ලගෙ සෝලො වලට...මම හිතනවා සැප්තැම්බර් 8 රිලීස් වෙන ටේගේ සෝලො එකට මීට වඩා ලොකු සපෝට් එකක් හැමෝගෙන්ම හම්බ වෙයි කියලා..🙂♥️Rainy Days mv එකට නම් විව්ස් සෑහෙන මදියි..තාම මිලියන 14යි..Love me again නම් දැන් මිලියන 35යි..මම හිතන්නේ OT7 ආමිලට වඩා ටේගේ සෝලෝ ස්ටෑන්ස්ලා නම් පුදුම මහන්සියක් වෙන්නෙ ස්ට්‍රීම් කරන්න..මම මේ ආමිලා ස්ට්‍රීම් කරන්නෙ නෑ කියනවා නෙමෙයි.. ඒත් සෑහෙන්න මදියි ඉතින්..8 වෙනිදට බලමුකෝ...

ආපහු හම්බවෙමු ඉක්මනින්..බායි..මට හිතින් බනින්නෙපා අප්ඩේට්ස් දෙන්නෙ නෑ කියලා..මට හචින් යනෝ හොඳටම..ආදරෙයි වස්තුලා..♥️

18+ Fan art දාන්නද කියලා අහපු එකට සමහරු කමෙන්ට්ස් දාලා තිබ්බා..ඊළඟ චැපි වල ඉඳන් දිගටම එක ගානේ දාන්නම්..අකැමැති කවුරුමහරි ඉන්නවා නම් මට ප්‍රයිවට් හරි කියන්න හරිද..මම බනින්නෙ නෑ..♥️

Continue Reading

You'll Also Like

81.3K 10.8K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
274K 48K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
22.6K 2K 67
ဖတ်ကြည့်နော်😉😉
30.5K 3K 22
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...