Born With Fire || MYG ✓

Bởi Silvermirror23

9.3K 2K 3.8K

ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙ... Xem Thêm

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N
New Story

Chapter 6

321 84 136
Bởi Silvermirror23


"වාව්.... එයා ලස්සනයි. එයා මගේ විතරයි."

ජිමින් තමන්ගෙ ඇස් දෙක ලොකු කරගෙන බලන් හිටියෙ ඔහුට ටිකක් එහායින් තියෙන දෙයක් දිහා. ඒ ඇස් සතුටින් දිලිසෙන්න පටන් ගත්තා. මේ වෙලාවෙ නායුන් හිටියෙ යුංගිටත් බැන බැන ටැංජරින් ගෙඩි ගොඩකින් ට්‍රොලිය පුරවන ගමන්. 

"ජිමින්...... ජිමින් සර්....... කොහෙ අතුරුදහන් වුනාද එකපාරටම? වෙලාවකට මෙයත් අර පූස් තඩියා වගේ. ඇත්තටම කොහෙට ගියාද මන්දා? හපොයි දෙයියනේ... එයාව මේ කොහේ හරි අතරමං වෙලා කවුරු හරි උස්සගෙන ගියොත් එහෙම. තාර බෝලයක් වගේ ඉන්න නිසා එහෙම වෙන්න බැරි කමකුත් නෑ. දෙයියනේ එහෙම වුණොත් අර පූසා මාව කීතු කීතු කරලා කරවල වගේ වේලයි."

යුංගි ගැනත් හිත හිත රටේ නැති විකාර ගොඩක් කියපු කෙල්ල ෆුඩ් සිටි එකේ රාක්ක අතරින් එබි එබි බැලුවෙ ජිමින් පේන්න ඉන්නවද කියලා. ඒත් අවාසනාවකට කෙල්ලට ජිමින්ව හම්බුනේ නෑ. දැනටමත් හොඳටම බයවෙලා හිටපු නායුන්ගෙ මුළු ඇඟම වෙව්ලන්න පටන් ගත්තා. මුලදි විහිලුවට වගේ විකාර කිව්වත් දැන් ඇත්තටම ජිමින් අතුරුදහන් වෙලා. 

"අනේ මොකක්ද වුනේ? ජිමින්..... ජිමින්..... ඔයා කොහෙද ඉන්නෙ? ඉන්න තැනකින් එන්නකො මාව බය කරන්නෙ නැතුව."

"ආහ්.... අනේ අංකල් ඕක මගේ. ප්ලීස් ඕක අතාරින්නකො."

"බෑ බෑ.... මේ ටෙඩී මගේ.... උයා ඕක අතාලින්න. මත එයාව දෙල්ලකො අනේ...."

එකපාරටම කවුරු හරි පොඩි ලමයි දෙන්නෙක් රණ්ඩු වෙනවා වගේ ඇහෙද්දි නායුන් ගියේ ඒ පැත්තට. පොඩි ලමයින්ගෙ සෙල්ලම් බඩු තියන පැත්තෙන් ඇහෙන කටහඬේ මොකක්දෝ හුරු පුරුදු බවකුත් ඇයට දැනුනා. ඒත් එක්කම ඇය දැක්කෙ ලොකු පුළුන් පුරවපු තාරාවෙක්ව දෙපැත්තට අදින ලමයි දෙන්නෙක්ව. කෙල්ල ඒක එච්චර ගණන් ගත්තෙ නැත්තෙ ජිමින්ව හොයාගන්න එක ඊට වඩා වැදගත් නිසා.

"හහ්.... මේ පොඩි ලමයි ඔහොම්මමයි. කිසි තේරුමක් නැති දේවල් වලට රණ්ඩු වෙනවා. ඒත්... පොඩ්ඩක් ඉන්න.... ඒ... ඒ ජිමින් නේද?"

"ඕක අතාලින්න ආආආ.... මේ තාලාවා මගේ... අලේ මත මගේ ඩකීව දෙල්ල කියල්ල."

ජිමින් හිටියෙ බාගෙට අඬලා කියලා ඔහුව දැකපු ගමන්ම තේරුණා. නායුන් හෙමින් ඔහු ලඟට ගියේ බය වුනු මූණක් හදාගෙන. ඇත්තටම ජිමින්ගෙ වෙනස්වීම මෙහෙම එකපාරටම වුනාම ඇය ගොඩක් කලබල වුනා. කලින් අවස්ථාව ඇයට ලොකුවට තේරුම් නොගියත් දැන් නම් ඇයට හොඳටම විශ්වාසයි මෙතන මොකක් හරි නොදන්න යමක් තිබෙන බව. ඇය ජිමින් ලඟට ගිහින් ඔහුව නවත්තන්න හැදුවෙ වෙන කරන්න දෙයක් මතක් නොවුන නිසා.

"ජිමින්..... ඕක නවත්තන්න. මොකක්ද ඔයාට එකපාරටම වුනේ? එන්න අපි ගෙදර යමු."

"අලේ ඔම්මාආආආ.... මත අල ඩකීව ඕනේ. අලන් දෙන්නකො අලේ......"

ජිමින් කිව්වෙ හුරතල් විදිහට බලන ගමන්. ඒ අතර ඔහු මොහොතකටවත් දරුවට රවන එක නම් නතර කලේ නැහැ. ඒත් එක්කම වුනේ කවුරුත් නොහිතපු දෙයක්. පොඩි දරුවා හයියෙන් අඬන්න ගනිද්දි නායුන් තවත් බයවුනා.

"ඔම්මා.... ඔම්මා මේ අංකල් මගේ ටෝයි එක දෙන්නෙ නෑ.... ඔම්මා."

"ආආආ.... පොඩි බබෝ... ප්ලීස් අඬන්න එපා. ඔයා මේක අරගෙන යන්නකො. එන්න ජිමින් අපි යමු."

"ආආආආ.... ඔම්මා නලකයි. එයා වෙන බබාලත ආදලේ කලනෝ. බෑ බෑ මත ඩකීව ඕනේ.... ඔම්මා මත ඩකීව අලන් දෙනකම් මං මෙතනින් හෙල්ලෙන්නෑ."

ජිමින් කිව්වෙ බිමින් ඉඳගෙන ලොකු පුළුන් පුරවපු තාරාවව තුරුළු කරගන්න ගමන්. ඒත් එක්කම එතනට ආවෙ පොඩි දරුවගෙ ඔම්මා. තමන්ගෙ දරුවව අඬවපු එක ගැන ඇයට නම් තිබුණෙ ලොකු තරහක්. තාමත් කරන්න දෙයක් හිතාගන්න බැරුව ජිමින් දිහා බලන් හිටපු කෙල්ලගෙ අතින් ඇදලා ඇය දිහා රවලා බලපු ඒ කාන්තාව එතනින් යන්න ගියේ කෙල්ලගෙ හිත රිදෙන දෙයක් කියලාමයි.

"පිස්සො මේ වගේ තැන් වලට අරගෙන එන්නෙ නෑ කියලා දන්නැද්ද ආආආ? බලනවා මේ පොඩි ලමයව අඬවපු හැටි. අඬන්න එපා පුතේ ඒකා පිස්සෙක්.. අපි යමු."

ඇය එකදිගටම කියවගෙන යද්දි වටේ පිටේ හිටපු හැම කෙනාම ජිමින්ට වගේම නායුන්ටත් හිනාවෙන්න පටන් ගත්තා. ඒත් ඇය තාමත් බලන් හිටියෙ පොඩි දරුවෙක් වගේ ඇඟිල්ලකුත් කටේ ගහගෙන ඉඳගෙන ඉන්න ජිමින් දිහා. කවුරු මොනවා කිව්වත් ඔහු ගොඩක් හුරතල් කෙනෙක්.

"ජිමිනි..... අපි දැන් යමු නේද?"

"මත බෑ..... මත ඩකී ඕනෙ."

"හරි මැණික මං එයාව අරන් දෙන්නම් දැන් යමු."

නායුන් කියනවත් එක්කම නැගිටපු ජිමින් සතුටින් හිනාවෙන ගමන්ම නායුන්ගෙ කම්මුලක් සිපගත්තෙ කෙල්ල රත් වෙලා යද්දි. තාමත් පොඩි දරුවෙක් වගේ හැසිරෙන නිසා ඇයට තේරුණා ඔහු මොකක් කලත් කිසිම තේරුමක් ඇතුව නෙවෙයි කරන්නෙ කියලා.

"අනේ මන්දා ජිමින්. ඔයා මට පිස්සු හදනවා. හදනවා නෙවෙයි මට දැනටමත් පිස්සු. ඒකනෙ මට හීනෙනුත් ඔයාවම පේන්නෙ."


********************


"කුමරියනි.... ඔබතුමිය මාලිගයෙන් පිටතට පැමිණියේ කුමක් නිසාද? දැන්ම ඇතුලට යන්න. ඔබ දන්නවා මේ දිනවල කාල පක්ෂීන් මෙහි සැරිසරන බව."

"මට යා නොහැකියි. මට යන්න ඕන පිටත ප්‍රදේශය නරඹන්න. ඔබ මාව රැගෙන යන්නකො. ඔබේ විශාල පියාපත් වල තබාගෙන මාව රැගෙන යන්නකො."

සුන්දර තරුණියක් සහ ඇගේ ආරක්ෂකයා වශයෙන් සැලකිය හැකි තරුණයෙක් විශාල රජ මාළිගාවක් ඉදිරිපිට කතාවක සිටියා. මාලිගාව තිබුණේ කැලෑව අසලම වුනත් ඇයට කිසිදිනෙක එහි යාමට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් ඇයට අවශ්‍ය වුණේ ඇගේ නපුරු සේවකයා සමඟ හෝ එහි යාමටයි. නමුත් ඔහු කිසිවිටෙක එයට අවනත වුනේ නැහැ.

"සමාවෙන්න කුමරියනි! මම ඔබගේ ආරක්ෂකයා වශයෙන් ඔබව මාලිගාවෙන් පිටතට ගෙන යා නොහැකියි. ඔබතුමිය දැන්මම යන්න. නැතිනම් මම මහ රජුට පවසනවා."

"යාආආආ.... මින් යුංගි නුඹ ඇයි මාව මෙතරම් නොසලකා හරින්නේ? මාව රැගෙන යනු... මා අණ කරනවා ඔබට."

තරුණිය පැවසුවේ ඔහුව පිටුපසින් බදාගන්න ගමන්. කොයිතරම් සැරෙන් කතා කලත් ඔහු යයි කියලා බයකුත් ඇයට තිබුණා. යුංගි ඇය දෙස නොබලාම සිනාසුනේ ඇය පිළිබඳ හොඳින්ම දන්නා නිසයි. එක්වරම තරුණිය දෙසට හැරුණු ඔහු ඇයව උස්සගෙන ජනේලය අසලට ගොස් ඇයව මාලිගාව තුලින් තැබුවේ තරුණියගේ විරෝධය මධ්‍යයේයි.

"මැණික.... ඔබ බොහෝ සෙයින් මුරණ්ඩුයි."

තරුණියගේ නලල සිප ගත් ඔහු සිය ෆීනික්ස් ස්වරූපයට හැරුණේ ජනේලය අසල ආරක්ෂාව තහවුරු කරමින්. ඇය තමයි ඔහුට මේ ලොව තිබෙන එකම වස්තුව. ඇයව ඔහුට බොහෝ සෙයින් වටිනවා.

එක්වරම යුංගි නින්දෙන් අවදි වුණා. ඔහු දැක්කෙ හීනයක් කියලා තේරුන ගමන්ම යුංගිගෙ මූණට හිනාවක් ආවා. තවමත් ඔහු සිටියේ කාර් එක ඇතුලෙ. මින්යූ සිය කටයුතු අවසන් කර එනතුරු ඔහු එතනටම වෙලා බලාගෙන හිටියෙ කලින් වගේම ඇයව ආරක්ෂා කරන වගකීමට ඔහු සැබැවින්ම බැඳී ඇති නිසයි.

සිය දුරකථනයෙන් වෙලාව බලපු ඔහු කාර් එකෙන් බැස්සෙ මින්යූ එන වෙලාව හරි කියලා තේරුන නිසයි. ටිකක් වෙලා සන්සුන්ව බලාගෙන හිටපු ඔහුට තවත් එහෙම ඉන්න බැරි වුනේ ඔහු ජීවිතයේ අකමැතිම කෙනෙක්ගේ කටහඬක් ඇසුනු නිසායි.

"එයා මේ පාර බේරෙයි කියලා හිතනවද?"

"හහ්..... ෂින්... තමුන් තාමත් පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද? මං කිව්වා මගේ පස්සෙන් පන්නන එක නතර කරන්න කියලා."

"මේ අහපන් යුංගි... උඹට බෑ මනුස්සයෙක්ට ආදරේ කරන්න. උඹ දන්නවා ඒකෙන් මොකද වෙන්නෙ කියලා."

"මෙච්චර කාලයක් ඒ සේරම කලේ තමුන්. දැන් මට ඒක නවත්තන්න ක්‍රමයක් තියෙනවා."

"හහ්... හහ්... හාආ.... තමුන් ඔය කියන්නෙ කළු කුරුළු පැටියා ගැන වෙන්නැති. ඌ ලෙඩෙක් මිනිහො... ඌට මොකුත් කරගන්න බෑ."

ඒ කෙනා එක්වරම එතනින් යද්දි යුංගි බලන් හිටියෙ ඈතින් එන මින්යූ දිහා. ඇය දැනටමත් යාලුවො කිහිපදෙනෙක්ව හොයාගෙන තිබුණ එක ඔහුට සතුටක් වුණා. එක්වරම මුහුණට ආපු හිනාව හංගගන්න ගමන් පරණ හැඟීම් විරහිත ස්වභාවයම ගත්ත ඔහු අත් දෙකත් බැඳගෙන බලාගෙන හිටියෙ තමන්ට බයවෙලා වගේ වේගෙන් දුවගෙන එන මින්යූ දිහා.

එකපාරටම කලබලේ වැඩි කමට කෙල්ල ගලක පැටලිලා විසික් වෙලා ආවෙ ඇගේ මූණ හරියටම යුංගිගෙ පපුවෙ වැදෙන කොට. කාලෙකට පස්සෙ ඇයව ලඟටම ගන්න ලැබුණු නිසා යුංගි ලේසියෙන් ඇයව අතෑරියෙත් නැහැ.

"තමුන් උඩ බලාගෙනද යන්නෙ ආආ? මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි ඉන්නෙ. තමුනුත් අර පිස්සු නායුනා වගේමයි."



______________________________________________

1968 පෙබරවාරි 21 

ඔබව මට හිමි වුනත් අයිති කරගත නොහැකියි තවමත්. ඔබ මට දුරින් තිබෙන මලක් වගේ. මං ආදරෙයි. නමුත් අපට ආදරේ කරන්න පුළුවන් ද? මම ඔබට ආදරේ කරන්නෙ කොහොමද? මම ඔබගේ සේවකයා පමණක්ම වනවිට.

- Diary of someone who born with fire -


______________________________________________

ගෙසින්ග්ස් එහෙම තියෙනවද?

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

1.3K 157 16
හිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔ...
955K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
30.6K 6.5K 25
හුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්...
12.5K 2.1K 19
මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ ආත්මගත ආදරය...... කෙලෙස අවසන් වේවිද........ සතුටින් ද... විරහවින් ද... දෛවය ඔවුන්ට වෙනස් කල හැකිද..... ...