Born With Fire || MYG ✓

By Silvermirror23

9.3K 2K 3.8K

ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙ... More

Prologue
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter
Characters
A/N
New Story

Chapter 4

349 88 126
By Silvermirror23


මින්යූ යුංගිගෙ ගෙදර නැවතුණාට පස්සෙ දවසෙ හැමෝම හිටියෙ කාර්යබහුල වෙලා. හැමෝම කිව්වට නායුන්ට තමයි උදේ පාන්දරම වැඩ ගොඩ ගැහුණෙ.

මින්යූ අලුත් විශ්ව විද්‍යාලයට යන දවස නිසා කලින්ටත් වඩා උදෙන් නැගිටලා කෑම හදන්න එයාට සිද්ධ වුණා. කොහොමත් කෙල්ලට ඇහැරෙන්න වුනෙත් යුංගි ඇවිල්ලා පාන්දර පහට විතර එයාගෙ කාමරේ ඉස්සරහ ගිනි පිම්බට පස්සෙ. ඇත්තටම නායුන්ට තේරුම් ගන්න බැරි වුනේ යුංගි මින්යූ ගැන මේ තරම් හොයන්නෙ මොකද කියලා.

"ආශ්...... මගේ උදව්වට කවුරුත් නැති හැටි. මේ භූත බංගලාවෙ වැඩ කරන්න තව කාවහරි ගත්තා නම් අර පූසට හෙනයක් වදිනවද දන්නෑ."

උදේ පාන්දරම වෙනදා වගේ යුංගිටත් බැන බැන නායුන් ගියේ යුංගිගෙ කාමරේට උදේ තේ එක දෙන්න. ඒ වුණාට කාමරේ පුරාම ඇස් යැව්වත් කෙල්ලට යුංගිව දකින්න ලැබුණෙ නැහැ.

"මේකා ගිනි පිඹලා වැඩි වෙලා අළු වුණා වත්ද? පූස්.... පූස් ඔයා කොහෙද? හහ්.... පූස් තඩියා කොහෙ ගිහින්ද මන්දා?"

ගෙනාපු තේ එකත් මේසෙ උඩින් තියපු කෙල්ල අල්මාරිය ඇතුළෙ ඇඳ යට වගේ හැමතැනම බැලුවත් යුංගි ඒ කොහෙවත් පේන්න හිටියෙ නෑ. ඒ ගැනත් හිත හිත කාමරෙන් එලියට ආපු කෙල්ල ගියේ මින්යූගෙ කාමරේට.

"මින්යූවා... ගුඩ් මෝනින්.... සේරම දේවල් හරි නේද?"

"ගුඩ් මෝනින් නායුන්.... ඒවා ඔක්කොම හරි. ඒත් ඔයා මොකටද මෙච්චර උදෙන් නැගිට්ටෙ? අනික මට කිව්වා නම් මාත් උදව්වට එනවනෙ."

"අර පූස් තඩියා මට ගොරවන්න පටන් ගත්තා උදේ පාන්දරම. ඔයා මෙහෙ වැඩ කරන්න ඕන නෑ මින්යූ.... ඔයා ඉගෙනගන්න වැඩ ටික කරගන්න. මට පුළුවන් මේ වැඩ කරන්න."

නායුන් කිව්වෙ හිනාවෙන ගමන්. ඒත් එක්කම කෙල්ල කාමරේ ජනේලෙන් එලිය බැලුවෙ යුංගි පහල උද්‍යානයේ වත් ඉන්නවද බලන්න. ඒත් ඉතින් එතනත් ඔහු නැහැ වගේ.

"ඒක නෙවෙයි නායුන්..... ඔයාට යුනි යන්න වුවමනාවක් නැද්ද?"

"හ්ම්.... මට දැන් නම් එහෙම වුවමනාවක් නෑ. මං කැමති දෙයක් කරන්න පුළුවන් වුනොත් හොඳයි. මං ඔන්ලයින් ඉගෙන ගන්නවා මොනවා හරි."

"ඔයා ඔය කියන්න හදන්නෙ මියුසික් ඉගෙන ගන්නවා කියලනෙ."

මින්යූ කියද්දි නායුන් හිනාවුනා. දැන් අවුරුදු කීයක් තිස්සෙ ඇය ඔන්ලයින් මියුසික් ඉගෙන ගන්නවද. ඒත් ඉතින් කවදාවත් සිංදුවක් කියන්න වුවමනාවකුත් ඇයට නැහැ. හැබැයි දැන් වෙනකොට ඇයට ඕන වුණේ වෙනස් දෙයක් ඉගෙන ගන්න.

"මං ඉතින් වැඩකට නැති දේවල්මයි ඉගෙන ගන්නෙ. ඒකට මොකද ඉතින් මට අඩුම මේ රස්සාව හරි තියෙනවනෙ. ඒක නෙවෙයි ඔයා අර පූස් තඩියව දැක්කද?"

"හ්ම්.... මං දැක්කෙ නම් නෑ. ඒ වුණාට ඊයෙ මුළු රෑම මට ඒ ගිනි පිටවෙන ඇස් දෙක හීනෙන් පෙනුනා."

"ඕහ්..... ඉතින් ඔයා බයවුනා ද?"

"බයවෙන්නෙ නැතුව ඉතින්. ඇයි එයා මාව බය කරන්නෙ?"

මින්යූ අහද්දි නායුන් කල්පනා කලේ එයාටත් ඊයෙ රෑ හීනයක් පෙනුනා නේද කියලා. මින්යූ කියනකොට තමයි ඇයටත් ඒක මතක් වුනේ.

"ආහ්.... මාත් ඊයෙ හීනයක් දැක්කනෙ. මං දැක්කෙ ජිමින් සර්ව. මොන එහෙකට මට එයාව පෙනුනද මන්දා?"

"ඒහ්..... එයා මොකටද පෙනුණෙ. මීට කලින් කතා කරලත් නෑ කිව්වනෙ?"

"හ්ම් ඒකනෙ... අවුලක් නෑ. ඔයා ලෑස්ති වෙලා පහලට එන්න. මට ජිමින් සර්ව ඇහැරවන්න තියෙනවා."

නායුන් කාමරෙන් එලියට ගියේ ඔළුවත් කසන ගමන්. ඒත් එක්කම මින්යූ ලෑස්ති වෙන්න පටන් ගත්තා. ටික වෙලාවක් කල්පනා කර කර හිටපු නායුන් ගියේ ජිමින්ගෙ කාමරේට. ඒක හරියටම තිබුණෙ එයාගෙ කාමරේට එහා පැත්තෙන්. මින්යූගෙ කාමරේ තිබුණෙ යුංගිගෙ කාමරේ ළඟමයි. ඒකට හේතුවක් වුනත් කෙල්ලට තේරුණේ නැහැ.

"ජිමින් සර්..... නැගිටින්නකො. කෑම ලෑස්ති කරලා තියෙන්නෙ.... ජිමින් සර්."

නායුන් ඇඳ ලඟට ගිහින් කතා කලත් ජිමින් කලේ පොඩි ළමයෙක් වගේ එයාගෙ ලඟ තිබුන කොට්ටෙත් බදාගෙන තවත් හොඳට නිදාගත්ත එක. 

"යුංගි බූ.... තව චුට්ටක් දොයියන්න දෙන්නකො අලේ... මත තෙල්ලම් කරලා මාන්සියි."

එකපාරටම ජිමින් පොඩි ළමයෙක් වගේ කතා කරන්න පටන් ගන්නකොට නායුන් හිටියෙ හොඳටම බයවෙලා. මුලදි ඇය හිතුවෙ ජිමින් විහිළුවක් කරනවා කියලා. ඒත් ඒ කතා කරපු විදිහ විහිළුවක්මද කියලා ඇයට සැකයක් තිබුණා.

"ජි.... ජි...ජිමින්... ඔයා හොඳින්ද? අනේ... නැගිටින්නකො."

නායුන් ජිමින්ගෙ ඇඟට අත තියලා ඔහුව ඇහැරවන්න උත්සාහ කලත් ඔහු නින්දෙන්ම හුරතල් විදිහට හිනාවෙන්න පටන් ගත්තා.

"මත තව චූට්ටක් දොයියන්න දෙන්නකො.... ඊත පත්තෙ මම කෑම කන්න එන්නම්."

දෙවෙනි පාරටත් ජිමින්ගෙ වෙනසක් නොවෙන කොට නායුන් කටත් අත් දෙකෙන් වහගෙන හෙමින් හෙමින් පිටිපස්සට ගියේ මෙතන වුන දේවල් තේරුම් ගන්න උත්සාහ කරන ගමන්. ජිමින්ගෙ හැසිරීම හරිම වෙනස්. කලින් ජිමින් එක්ක කතා කරද්දි ඔහු මෙහෙම හැසිරුණේ නැහැ. ඒත් දැන්?

"ආශ්.... නායුන්... තමුන් මොකද මෙතන කරන්නෙ? මං කිව්වෙ කෑම මේසෙට අරින්න කියලා නේද? යනවා දැන් කියපු වැඩේ කරනවා."

එකපාරටම දොර ඇරගෙන කාමරේට ආපු යුංගි නායුන්ගෙ මූණ දැකලා කලබල වුන බවක් පේන්න තිබුණා. ඒත් එක්කම ඔහු ඉක්මනට ගියේ ජිමින් ලඟට. නායුන් අපහසුවෙන් වුනත් කතා කරන්න උත්සාහ කලේ මෙතන වුන දේ යුංගිට කියන්න ඕන නිසා.

"යුංගි ඔප්පා..... එයා එයා.... පොඩි ළමයෙක් වගේ කතා කලා....."

"මං එක සැරයක් කිව්වනෙ නායුන්... මෙතනින් යන්න. එයා හිටපු ගමන් ඔය වගේ විහිළු කරනවා. ගිහින් කෑම මේසෙ ලෑස්ති කරන්න. අපි හැමෝම අද එකට කෑම කන්නෙ."

යුංගි කියද්දි තවත් ඒ ගැන අහන්න බැරි නිසාම නායුන් කාමරෙන් එලියට ගියා. ඒත් තාමත් ඇය හිටියෙ හිතාගන්න බැරි දේවල් ගොඩක් අතර හිරවෙලා. මේ අතර දිගු හුස්මක් හෙලපු යුංගි ජිමින්ගෙ ඇඳ උඩින් වාඩිවෙලා ඔහුව ඇහැරවන්න උත්සාහ කලා.

"ජිමින්.... දැන් නැගිටින්න......"

"අලේ මාව අඩා ගන්නකො යුංගි බූ.... මත මෝචි ගොඩාලියක් කන්න ඕනෙ..."

එකපාරටම නිදාගෙන හිටපු ජිමින් යුංගිව බදාගනිද්දි යුංගි ඔහුගේ හිස අතගෑවා. ජිමින්ගෙ ඇස් පුංචි දරුවෙක්ගෙ වගේම දිලිසෙනවා. ඔහුගේ හිනාවත් කතාවත් ඒ තරමටම හුරතල්. තවත් ටික වෙලාවක් ඒ විදිහට හිටපු ජිමින්ගෙ ඇස් එකපාරටම සාමාන්‍ය වුණේ යුංගි ලොකු හුස්මක් පිට කරද්දි.

"ආශ්.... හ්යොන්ග්.... ආයෙත් ඒක වුනාද? කවුරුත් දැක්කෙ නෑනෙ?"

"හ්ම්... දැන් ඒක හරි ජිමින්. හැබැයි නායුන්ට ඔයා කියපුවා ඇහුණා. මොකක් හරි කියන්න වෙයි."

"ආආආ... ඇයි හ්යොන්ග් මේක නතර වෙන්නෙ නැත්තෙ? ඇයි මට හොඳ වෙන්නෙ නැත්තෙ?"

ජිමින් කිව්වෙ තමන්ගෙ කොන්ඩෙ අත් දෙකෙන් ඇදගන්න ගමන්. සිද්ධ වෙන්නෙ මොකක් වුණත් ඒක ජිමින්ට ලොකු කරදරයක් වගෙයි පෙනුණෙ.

"ඒ ගැන හිතන්න එපා ජිමින්.... ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න."

"ඒත්.... ඒත් නායුන් මාත් එක්ක ඉන්න වෙලාවක ආයෙත් මෙහෙම වුනොත්?"

"බයවෙන්න එපා ජිමින්.... අපි ඉක්මනට ක්‍රමයක් හොයා ගමු. නායුන් කියන්නෙ පිස්සු හෝන්තුවක්... එයාට එච්චර දෙයක් තේරෙන්නෑ."

යුංගි කිව්වෙ කාමරෙන් එලියට යන ගමන්. ජිමින්ගෙ බය නැති කරන්න එහෙම කිව්වත් යුංගි වුනත් බයෙන් හිටියෙ නායුන් මේ වෙනකොට හිතන දේවල් ගැන. හැබැයි නායුන් එක්ක රහස් රැකගන්න ලේසියි කියලා යුංගි දැනගෙන හිටියා. ඒ නිසාමයි ඔහු වැඩිය සමාජ ආශ්‍රයක් නැති නායුන්වම ගෙදර වැඩට තියාගත්තෙ.

ඉහල මාලයේ ඉඳන්ම ඔහු බලාගෙන හිටියෙ පහල තට්ටුවේ කෑම මේසෙන් ඉඳගෙන හිටපු මින්යූ දිහා. ඔහුට මහ අමුතුම හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම මින්යූ නිසා ඔහුට යම්කිසි සහනයක් දැනුනා.



______________________________________________

1749 ඔක්තොම්බර් 13

මට සොහොයුරෙක් හමුවුණා. ඔහු හරියටම ඔබ වගේමයි. මම අදහස් කලේ ඔහු ඒ තරම්ම හුරතල් බවයි. ඔබ වෙත පැමිණෙන කාලයට තවත් දින ඉතුරුව තිබේ. මීලඟ ආත්මයේ හමුවෙමු.

- Diary of someone who born with fire -


______________________________________________

කතාව කම්මැලියිද ලමයි?

Continue Reading

You'll Also Like

40.9K 5.5K 63
ආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️ සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️ රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන...
21.9K 4K 25
පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහොම හැබෑ වෙයිද? කොරියාවට ආදරේ ඔයාලා වෙනුව...
12.5K 2.1K 19
මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ ආත්මගත ආදරය...... කෙලෙස අවසන් වේවිද........ සතුටින් ද... විරහවින් ද... දෛවය ඔවුන්ට වෙනස් කල හැකිද..... ...
972 62 2
it's been years since Y/N and Yunjin had seen each other since their breakup. Yunjin had went to become a famous idol like she said she would be and...