මින් බංගලාව තුල ගත කරන දෙවන දවස වෙනකොට තමන්ගෙ මිතුරියවත් එම නිවසේ නවත්තගන්න අවසර ලැබුණ එක ගැන නායුන් හිටියෙ සතුටින්. ඒත් උපතින්ම විචක්ෂණශීලී බුද්ධියක් තිබුණු ඇයට ඒකෙ සැකයක් නොතිබුණාමත් නෙවෙයි. මොන මනුස්සයද තමන්ගෙ ගෙදරට ආපු සේවිකාවගෙ යාලුවෙක්ව දෙවෙනි දවසෙම තමන්ගෙ ගෙදර නතර කරගන්න කැමති වෙන්නෙ? ඒ කොහොම වුණත් නායුන් හිටියෙ තමන්ගෙ යාලුවා එනකම් දොර ලඟට වෙලා පාර දිහා බලාගෙන.
"නායුන්....... තමුන් මොකක්ද ඔතන කොරවක්කෙක් වගේ ඉස්සි ඉස්සි කරන්නෙ ආආආ?"
එක්වරම යුංගිගෙ කෑගැහිල්ල නිසා නොසන්සුන් වුන නායුන්ගෙ අතින් යුංගිගෙ ආසම මල් පෝච්චිය බිඳිලා ගියේ කෙල්ලට හිතන්න වත් වෙලාවක් ඉතුරු නොකර.
"යු... යු.... යු.... යුංගි සර් මගේ.... ක...ක.... කකුල පැටලුනා හී....."
"යාආආආ..... මගේ ආසම මල් පෝච්චිය. ඇත්තටම තමුන් මොන සිහියෙන්ද වැඩ කරන්නෙ ආආආ? දැන් මොකද මේ දොර ඉස්සරහ බහිරව රූපෙ වගේ හිටගෙන කරන්නෙ?"
"ආආ.... මං මගේ යාළුවා එනකම් හිටියෙ සර්."
මෙච්චර වෙලා පුපුර පුපුර හිටපු යුංගි බලාගෙන ඉන්නැද්දි සන්සුන් වුණේ මොකක් නිසාද කියලා නායුන්ට තේරුණේ නැහැ. ඒත් මේ වෙලාවෙ යුංගිට මල් පෝච්චිය අමතක වුන එකෙන් ප්‍රයෝජන ගත්ත නායුන් ඉක්මනට තමන්ගෙ කකුලෙන් පෝච්චියෙ කෑලි ටික ලඟ තිබුන සෝෆා එක යටට තල්ලු කලේ යුංගි දිහාටත් හොර බැල්මක් දාන ගමන්මයි.
ටික වෙලාවක් යනකම් කල්පනාවක හිටපු යුංගි ආයෙත් කතා කලේ ඔහු මෙතනට ආපු හේතුව කියන්න.
"නායුන්...... අද මගේ නෑදෑ මල්ලි කෙනෙක් මෙහෙ එනවා. එයාටත් එක්ක උඩ කාමර දෙකක්ම ලෑස්ති කරන්න."
"හරි සර්.... මං කරන්නම්. ඒ වුණාට.... සර්ගෙ මල්ලි එකපාර කාමර දෙකක ඉන්නවද?"
නායුන් අහපු දේත් එක්ක උඩට යන ගමන් හිටපු යුංගි ආයෙත් පහලට ආවෙ ගිනි පිටවෙන ඇස් වලින් නායුන් දිහා බලන ගමන්. කෙල්ලට දැණුනෙ තමන් පිච්චිලා යනවා වගේ.
"තමුන්ට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනෙ. මං කියපු දේ කරනවා.... ආ එතකොට ඔය පුටුව යටට දාපු පෝච්චියෙ කෑලි ටිකත් එලියට ගෙනිහින් දානවා මට කියලා ඔය ඔලුව පලාගන්නෙ නැතුව."
යුංගි කියද්දි වේගෙන් ඔලුව වනපු නායුන් සෝෆා එක යටට එබිලා මල් පෝච්චියේ කැඩුණු කොටස් ටික එකතු කරන්න පටන් ගත්තෙ යුංගි කෙල්ල දිහා බලලා කට කොනින් හිනා වෙද්දි. යුංගිට තිබුණු ලොකුම සතුට වුනේ කෙල්ල එයාට ගොඩක් බය වුන එක. ආයෙත් තමන්ගෙ පාඩුවේ උඩට නැගපු යුංගි දිහා බලලා දිව දික් කරපු කෙල්ල වීදුරු කටු ටිකත් ඩස්ට් පෑන් එකට එකතු කරගෙන ගෙදර ඉස්සරහ එලියෙ තිබුණු කුණු බක්කිය ලඟට ගියේ ඒ ටික විසිකරලා දාන්න.
"හහ්.... අර නම් මනුස්සයෙක් වෙන්න බෑ. ගිනි මකරෙක්ද මන්දා? මින්යූව මෙතන නවත්තගෙන මොකක් හරි අවුලක් වෙයිද දන්නෑ. දැන් ඉතින් මොනවා කරන්නද? එන විදිහකට මූණ දෙනවා. ආයිශ්.... ඒ මදිවට මේ පෝච්චියත් බිඳුනනෙ ෂික්..."
යුංගිටත් බනින ගමන් පාර දිගේ ගිය කෙල්ල කුණු බක්කියට අඩි දෙක තුනක් ඈතින් ඉඳන් කුණු ටික විසික් කලේ තව අඩි දෙක තුනක් යන්න තියෙන කම්මැලි කම නිසාමයි. ඒත් එක්කම යුංගි එක්ක තිබුණ තරහත් කෙල්ල කුණු එකෙන්ම පිට කලා. හැබැයි වුනේ නම් කීයටවත් නොහිතපු දෙයක්.
"ආව්........."
"ඒ මොකක්ද ඒ? දෙයියනේ කුණු බක්කියෙ මිනිහෙක් ඉන්නවා නේද? හොරෙක්ද දන්නෑ.... ඒ වුණාට හොර පෙනුමක් නම් නෑ. පේන්නෙ නම් පුළුන් කොට්ටයක් වගේ. පොඩ්ඩක් ඉන්න... දුප්පත් පොඩි එකෙක්ද දන්නෑ... පව් අනේ... කන්න නැති නිසා කුණු කනවද කොහෙද?"
කෙල්ල මෙළෝ සිහියක් නැතුව එකේක දේවල් හිත හිත ඉන්නකොට ඒ කෙනා මූනත් පුම්බගෙන ආවෙ කෙල්ල ලඟට. ඒ කෙනා ආපු බව දැකපු කෙල්ල ඔහුගෙ මූණ දිහා බැලුවත් දුප්පත් පෙනුමක් නම් ඒ හුරතල් නපුරු පෙනුම ඇතුළෙ තිබුණෙ නැහැ.
"තමුන්ට මාව පේන්නෙ කුණු ගොඩක් වගේද ආආ? මම තමයි යුංගි හ්යොන්ග්ගෙ මල්ලි ජිමින්..... දැනගන්නවා."
ඔහු කිව්වෙ කකුල් පොළොවෙ හප්පන ගමන්. යුංගිගෙ මල්ලි කියලා ඇහුනු ගමන්ම කෙල්ලට දාඩිය දැම්මෙ මේ ගැන යුංගි දැනගත්තොත් එයාට මොකක් වෙයිද කියලා හරියට හිතාගන්න බැරි වුණ නිසා. මොකක් නමුත් ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා නම් විශ්වාසයි. ඉක්මනට තමන්ගෙ කල්පනා ලෝකෙන් එලියට ආපු නායුන් ඔලුව පාත් කරලා ඔහුට ආචාර කරන්න පටන් ගත්තා.
"ඕහ්.... මට සමාවෙන්න සර්. මං දැක්කෙ නෑ ඔයා ඉන්නවා. ඇත්තටම ඔයා මොකක්ද කුණු බක්කියක් ඇතුලට එබිලා කලේ?"
"ආහ්..... මම පාරෙ ඇවිදගෙන එනකොට ගලක පැටලිලා වැටෙන්න ගියා. ඒ වෙලාවෙ මං අරගෙන ආපු මල් පොකුර කුණු බක්කියට වැටුණනෙ. මං හැදුවෙ ඒක ගන්න. කුණු බක්කිය උස වැඩි නිසා ඇතුළටම එබෙන්න වුණා."
ජිමින් කිව්වෙ ඔළුවත් කසන ගමන් එයාගෙ ලස්සන හිනාවත් එක්කමයි. කලින් ටිකක් තරහින් හිටියට දැන් නම් කොල්ලා හිටියෙ වෙනම කෙනෙක් විදිහට. ඔහුගේ මුහුණ කලින්ට වඩා ලස්සනට පෙනුනා වගේම සුරදූතයෙක්ගෙ පෙනුමකුයි ඔහුට තිබුණේ.
ටිකක් වෙලා දැහැනකට සමවැදිලා හිටපු නායුන් ඔහුවත් එක්කගෙන ඇතුලට ගියේ ඒ වෙනකොටත් ගෙයි දොරකඩට වෙලා ගේ දිහා බලන් හිටපු කෙනෙක්ව පේන්න ගනිද්දි. තඩි සූට් කේස් එකක් දොරකඩ තියාගෙන එයා එබිකම් කර කර හිටියෙ කවුරු හරි හොයන්න වගේ.
"එක්ස්කියුස් මී..... ඔයා?"
"ඕහ්.... මම මින්යූ...... ඔයා නායුන් ද?"
"ඕ.... ඒ මම තමයි අනේ....... ආආආආ...."
"ආආආආආ......"
එතන හිටියෙ මින්යූ..... කෙල්ලව දැකපු ගමන්ම නායුන් හිටියෙ කියාගන්න බැරි තරම් සතුටකින්. සතුට දරාගන්න බැරිම තැන දෙන්නා බදාගෙන උඩ පනින්න ගත්තෙ හයියෙන් කෑ ගහන ගමන්මයි. දෙන්නා හම්බුන පලවෙනි වතාව වුනත් එයාලට එයාලව එහෙම නොදැනෙන්න ඇති.
ටිකක් වෙලා යනකම් බෙරිහන් දීපු දෙන්නගෙ සද්දෙ නිසාම පහලට දුවගෙන ආවෙ යුංගි. ඒත් එක්කම දොර ලඟ හිටපු ජිමින්ට දරාගන්න බැරි සතුටක් දැනුණෙ අවුරුදු දහයකට විතර පස්සෙ තමන්ගෙ සහෝදරයව දකින නිසා.
"යුංගි හ්යොන්ග්ආආආආආ........"
කෑගහගෙන ඒ පැත්තට දුවගෙන ගිය ජිමින් යුංගිගෙ ඇඟට පැන්නෙ මේ වෙනකොටත් මින්යූ දිහා බලාගෙන භාවනාවක හිටපු යුංගි ජිමින් එක්කම බිමට වැටෙද්දි. ජිමින්ගෙ වැඩ නිසා හොඳටම තරහා ගිය යුංගි ආයෙත් ඇස් වලින් ගිනි පිඹින්න පටන් ගත්තා.
"යාආආආ.... ජිමිනා.... බහිනවා බිමට. තාම චූටි බබෙක් කියලද හිතන් ඉන්නෙ ආආ?"
යුංගි කියද්දි ඔලුව උස්සලා යුංගි දිහා බලපු ජිමින් ආයෙත් යුංගිගෙ පපුවෙන් ඔලුව තියාගත්තෙ හුරතල් විදිහට හිනාවෙන ගමන්මයි.
"අනිත් අය බයවුනාට මම නම් ඔය ගිනි පිඹිල්ලට බය නෑ හ්යොන්ග්.... ඒක නෙවෙයි... මට මතක් වෙන්නෙ චූටි කාලෙ ඔයා මාව වඩාගෙන ගේ වටේ ගිහින් බත් කවපු හැටි. ඇයි එතකොට මං බත් ටික හපලා හපලා සුරුස් ගාලා ඔයාගෙ මූණට දැම්මම ඔයා මූණ ඇඹුල් කරගන්නෙ. මතකද ඔයාට?"
ජිමින් රස කර කර පරණ කතා කියනකොට යුංගි හිටියෙ දරාගන්න බැරි තරම් ලැජ්ජාවෙන්. ඒත් එක්කම ඔහු දැක්කෙ කටත් අතින් වහගෙන හිනා නොවී ඉන්න අසාර්ථක උත්සාහයක නිරත වෙන නායුන්ව. ඒක දැකපු ගමන් කොල්ලා දඩිබිඩි ගාලා නැගිට්ටෙ ජිමින්වත් පෙරලගෙන.
ඒත් එක්කම නායුන්ට තද රැවිල්ලක් පා කරපු යුංගි කෙලින්ම බැලුවෙ මින්යූගෙ දිහා. යුංගිගෙ ඒ බැල්මත් එක්ක ඔවුන් දෙදෙනාගේ ඇස් එකිනෙක පැටලෙද්දි මින්යූට දැණුනෙ තමන් පිච්චිලා යනවා වගේ හැඟීමක්.
______________________________________________
1745 අගෝස්තු 29
මම ඇය අසලට ගියා. ඇය මගේ දෑස් දෙස බලා සිටියේ වෙනදා මෙන්ම බයෙන්. නමුත් ඇය සෙමෙන් මගේ හිස අතගාන විට මට යමක් දැනුණා. මගේ ෆීනික්ස් ස්වරූපය තුල සැඟව තිබුණු හැඟීම් ඇය අවදි කරවනවා.
- Diary of someone who born with fire -
______________________________________________
කමෙන්ට් එකක් දාගෙන යන්න.