"අයි ම් ද කීලර්... කීලර්.... ජනින්හෙත්දොන් ඉබ්බ්යෝරෙ පුල් ද ට්‍රීගර්.... ට්‍රීගර්.... නෙ ෂිම්ජන්ගල් බුෂොත්තොනාන්... ලයික් අ ත්‍රීලර්.... ත්‍රීලර්..... යේ යේ.... යේ ආආආආ......."
ලස්සන රතු පාට පිරුණු අඳුරු මැන්ෂන් එකක් ඇතුළෙ ඉඳලා තරුණියක් බෙරිහන් දෙන්න පටන් ගත්තෙ ඇයගේ ගායන හැකියාව හොඳින්ම පෙන්නලා. හැබැයි කෙල්ලට සිංදු කියන්න ලොකු බැරි කමකුත් නෑ. දන්නවනෙ ඉතින් ඇක්ටින් එක්කම ගායනා කරන්න ගිහාම කොහොමත් පොඩ්ඩක් ට්‍රැක් පනිනවා.
මෙන්න මේ ගෑනු ලමයා හිටියෙ මහ විශාල මැන්ෂන් එකේ ලොකුම ලොකු කිචන් එකට වෙලා උයන්න ලෑස්ති වෙන ගමන්. හරියටම කිව්වොත් කෙල්ල තමයි මේ ගෙදර සේවිකාව.
"යාආආආආ..... නායුන්.... ඔය කරච්චලේ නවත්තලා මට කෝපි එකක් ගෙනත් දෙනවාආආආ....."
"මලා.... මේකට ඒක ඇහිලද? දෙයියනේ මගේ නම්බුව ඉවරයි පලවෙනි දවසෙම. හපෝයි.... මං කොහොමද දැන් මූණ දෙන්නෙ? ලැජ්ජාවෙ පණ යනවා. මොනා කරන්නද ඉතින් කෝපි එකත් අරගෙන යනවා."
දැන් ටිකකට කලින් හොඳටම කේන්ති ගිහින් කෑගැහුවෙ මැන්ෂන් එකේ අයිතිකාරයා. වෙන කවුරුත් නෙවෙයි මහා දානපති මින් යුංගි. යුංගි කියන්නෙ ගොඩක් දක්ෂ ව්‍යාපාරිකයෙක්. හැබැයි ඉතින් උපරිම දරුණු කෙනෙක්. දැන් මේ ඔහු කෑගැහුවෙ ගෙදරට විසි එක් වෙනි වතාවටත් ගත්ත අලුත් සේවිකාවට.
ඉක්මනට කෝපි එකත් හදාගත්තු නායුන් ට්‍රේ එකත් අතින් අරගෙන අනිත් අතට ලොකු මෆින්ස් පිඟානකුත් අරගෙන පඩිපෙල දිගේ උඩට නගින්න පටන් ගත්තා. නමුත් මේ දේවල් වලට ඇගේ වැඩි කැමැත්තක් තිබුණෙත් නැහැ.
"හහ්.... මදැයි එකවුන්ටින් වලට ජොබ් එකක් හොයාගෙන ගියා. දැන් එකවුන්ට් කැලේ... මං මෙතන තඩි පූසෙක්ගෙ කුස්සි ඔම්මා වෙලා."
තමන්ගෙ අත් දෙකත් අපහසුවෙන් සමබර කරගෙන කෙල්ල දිගටම උඩට ගියා.
ඇය නමින් නායුන්... වයස අවුරුදු විසි එකක් වන ඇය අධ්‍යාපන කටයුතු අවසන් කල ගමන්ම රැකියාවක් හොයාගන්න උත්සාහ කලේ දෙමව්පියන්ගෙන් නිතරම එල්ල වුන ඇනුම් බැනුම් නිසයි. අවසානයේ නිකං ගෙදරට වෙලා ඉන්නවට වඩා වැඩක් කරන එක හොඳයි කියලා පිළිගත්ත ඇයත් යුංගිට අයත් MY ආයතනයේ ලිපිකාර තනතුරකට ඉල්ලුම් කරනවා. නමුත් ආයතන අධිපති තුමා ඇයව වැඩට ගන්නෙ ඔහුගේ ගෙදර සේවිකාව විදිහට.
මුලදි ඒ ගැන කිසිම කැමැත්තක් නැතුව හිටපු ඇයට ඒකට කැමති වෙන්නම වුනේ ආයතනයෙන් ලැබුණු ගිවිසුම හොයන්නෙ බලන්නෙ නැතුව අත්සන් කරපු නිසා. දැන් ඉතින් කෙල්ලට කොහොමත් මෙහෙ වැඩ කරන්නම වෙනවා. කැමැත්තක් නැතුව මෙතනට ආවත් නිදහසකුත් මෙතන තිබුණ නිසා අන්තිමට ඇය වැඩ කරන්න හිත හදාගත්තා.
බොහොම අමාරුවෙන් පඩිපෙල නැගගෙන යුංගි හිටපු කාමරේ දොර ලඟට ගියත් දොර ඇරගන්න ක්‍රමයක් ඇයට තිබුණෙ නැහැ. ඇය සෙමින් ඔහුට කතා කරන්නෙ ආයෙත් බැනුම් අහගන්න වෙයිද කියලා බයෙන්.
"යු....යු... යුංගි සර්.... කෝපි එක ගෙනාවා. යුංගි සර්.... සර්.... පූස්.... ඤාව්.... ෂික් ආහ්....."
ටිකක් වෙලා කතා කරල කරලා කිසිම ප්‍රතිචාරයක් නැති වෙනකොට ඇය ඊට එහා කාමරේ ලඟ තිබුන මේසෙ උඩින් කෑම ටික තියලා ඇවිත් දොර ඇරියා. ඇය දැක්කෙ කිසිම දෙයක් නොවුන ගානට මේසයක් උඩ කකුල් දෙක තියාගෙන පොතක් කියවන යුංගිව. කෙල්ලට ලොකු තරහක් ආවත් ගිවිසුම මතක් වෙන මතක් වෙන සැරේට ඒ කේන්තිය නිවිලා ගියා.
ආපහු මේසෙ තිබුණ ට්‍රේ දෙකත් අරගෙන කෙල්ල කාමරේට ගිහින් ගෙනාපු දේවල් එතන තිබුණ තවත් රවුම් මේසෙකින් තිබ්බා.
"මොකද මෙච්චර පරක්කු වුනේ?"
"කෝපි එක හදන්න ගිය වෙලාව විතරයිනෙ සර්."
"හ්ම්.... ඊලඟ දවසෙ ඉඳන් හත වෙනකොට කෝපි එක මෙතන තියෙන්න ඕන."
"හරි සර් ඒ වුණාට දොර අරින්නෙ හතයි කාලටනෙ?"
කෙල්ල අහද්දි තමන්ගෙ අතේ තිබුණ පොත පැත්තකින් තියපු යුංගි කෙල්ල දිහා බලාගෙන ඉන්න පටන් ගත්තෙ ගිනි පිටවෙන ඇස් වලින්.
"හපොයි.... මොට්ට නායුනා... කේන්ති ගස්සන්න එපා කියලා කියලමයි මාව එක්කන් ආවෙ. ඇස් දෙකෙන් ගින්දරත් එනවද මන්දා? මෙහෙ ගිනි නිවන්න ගන්න කාබන්ඩයොක්සයිඩ් එහෙම තියෙනවද දන්නෑ?"
නායුන් ඒ සේරම හිතින් හිතුවෙ යුංගි එයාගෙ කෝපි එක බීලා ඉවර කරන අතරෙ. කෙල්ල ඉගෙන ගත්ත දේවල් අනුව එකපාරටම විද්‍යා දැනුම එලියට පනින ගතියකුත් ඇයට තිබුණා.
"සුබ දවසක් සර්.... මං එහෙනම් යන්නම් නේද?"
"හ්ම්......."
නායුන්ගෙ දිහා නොබලාම යුංගි කියද්දි කෑම පිඟන් ටිකයි කලින් දවසෙ කාලා තාමත් මේසෙ උඩ තිබුණු පිඟන් ටිකයි සේරම එකතු කරගෙන කෙල්ල ආපහු ගියේ කිචන් එකට. පිඟන් ටිකත් සින්ක් එකෙන් දාලා සාක්කුවෙන් ෆෝන් එකත් අරගෙන කෙල්ල ලෑස්ති වුණේ එයාගෙ හොඳම යාළුවා එක්ක කතා කරන්න.
ඇයට හිටපු හොඳම වගේම එකම යාලුවා වුනේ මින්යූ. දෙන්නා යාලුවො වුනේ ඔන්ලයින් වලින්ම තමයි. අවුරුදු දෙකක් විතර තිස්සෙ කතා කරන දෙන්නා දැන් ගොඩක් හොඳ යාලුවෝ වෙලා තිබුණා. ෆෝන් එක අතට අරගෙන චැට් එක ඕපන් කරද්දිම නායුන්ට හිනා ගියේ ඔවුන් කතා කරන පිස්සු දේවල් මතක් වෙලා.
කිචන් කවුන්ටර් එකෙන් වාඩි වුන කෙල්ල ලෑස්ති වුණේ අදත් කතා කරලා හිතේ තියෙන මහන්සිය නිවා ගන්න.
______________________________________________
In Chat
හායි.... මින්යූවා... මොකද කරන්නෙ?
හායි නායු... මං මේ යුනි එකට යන්න ඕන ඩොකියුමන්ට්ස් හදන ගමන්.
ඕහ්.... එහෙනම් මං පස්සෙ එන්නම් නේද?
නෑ නෑ පිස්සුද අනේ... අපි කතා කරමු... ඒක නෙවෙයි මට ඔය පලාතෙන් ඉන්න තැනක් හොයාගන්න බැරි වෙයිද?
ඒ මොකෝ අනේ එකපාරටම?
මට යුනි යන්න ඇවිත් තියෙන්නේ යොන්සෙයි වලටනෙ. ඉතින් මෙහෙ ඉඳන් දුර වැඩියි.
ඕහ්.... මං වැඩ කරන ගෙදර නම් එහෙට ලඟයි හැබැයි... මං සර්ගෙන් අහන්නම්.... අහන්නම් කිව්වට මට ගුටිකන්න වෙයිද මන්දා...
ඒ මොකෝ අනේ... එයා සැරයිද?
හපෝ නෑ.... ඒ තනිකර පරමාණු බෝම්බයක්... න්‍යෂ්ටික බලාගාරයක්... කොයිවෙලේ පුපුරලා මාව ගිනි ගනියිද දන්නෑ... මෙහෙ එනකොට ගිනි නිවන්න මොනාහරි අරගෙන එන්න...
හපෝ.... එහෙමත් එකක්ද... පුළුවන් නම් ලොකු දෙයක්... මටත් ලේසියි... ඇයි මට ඔයාව බලන්නත් පුළුවන්නෙ....
ඔව් ඒකනෙ..... ඔයාව දකින්න ආසයි.....
End of chat
______________________________________________
නායුන් සහ මින්යූ දෙදෙනා අන්තර්ජාලය හරහා හමුවුන මිතුරියන්. ඉතින් කවදාවත් ඔවුන් එකිනෙකා දැක තිබුණේ නැහැ. දැන් ඔවුන්ට අවශ්‍ය වුණේ අන්තර්ජාලයෙන් පිටත සිටත් ඇත්ත ජීවිතේදී පවා මිතුරන් වීමටයි.
"නායුන්...... තමුන් මොකක්ද ඔය තනියම ඔය හිකි හිකි ගගා කරන්නෙ?"
නායුන් එකපාරටම උඩ ගියේ යුංගි කෑගහපු නිසා. වැටෙන්න ගිය ෆෝන් එකත් යන්තං කුඩු වෙන්න නොදී බේරගත්ත කෙල්ල බැලුවෙ පඩිපෙල දිහා. එතන යුංගි හිටියෙ ගොඩක් තරහින්. නායුන්ට තේරුම් ගන්නම බැරි දේ වුණේ මෙච්චර තරහා යන්න තරම් එයා මොකක්ද කලේ කියන එක.
"මං.... මං... මේ චැට් කරන ගමන් හිටියෙ සර්."
"තමුන්ට වෙන වැඩ නැද්ද?"
"නෑ සර් දැන් වැඩ ඉවරයි."
"එහෙනම් මගේ සපත්තු දෙක මදිනවා."
යුංගි කියද්දි නායුන්ට හිතුනා තමන් කරගත්තෙ ලොකු වැරැද්දක් කියලා. කෙල්ල ආයෙත් නම් කවදාවත් වැඩක් නෑ කියලා කියන්න හිතන එකක් නැහැ. කෙල්ල දිහා රවලා බලපු යුංගි ආයෙත් උඩට යන්න සූදානම් වෙනකොට නායුන් ඔහුව නැවැත්තුවේ ඇයට දෙයක් මතක් වුන නිසායි.
"යුංගි සර්........ "
"හ්ම් ඇයි?"
"මගේ යාලුවෙක් ඉන්නවා. මින්යූ කියලා.... එයාව මෙහෙ නවත්තගන්න පුලුවන්ද? එයාට යුනිවර්සිටි යන්න මෙහෙ ඉඳලා ලඟයි."
නායුන් ඇහුවෙ දෙගිඩියාවෙන්. යුංගි මඳ වෙලාවක් ගැඹුරු කල්පනාවක හිටියත් ඇයට දැනුනේ ඔහු ඒ නම ඇසුණු සැනින් ගැස්සුණා කියලයි. හරියට ඒ ඔහු ඇයව බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් හිටියා වගේ. අවසානයේ යුංගි නිශ්ශබ්ද තාවය බිඳ දැමුවා.
"හ්ම්..... එයාට එන්න කියන්න."
කෙටි වචන කිහිපයක් සමඟින් කතා බහ අවසන් කල ඔහු නැවතත් සිය කාමරයට ගියා. මේසය මත තිබුණු පැරණි දිනපොත සමඟින් ඔහු ඉඳගත්තෙ දිග සුසුමක් හෙළමින්. අවසානයේ ඔහු එහි පිරුණු පිටුවක් පෙරළුවා.
______________________________________________
1647 පෙබරවාරි 23
අද මම ඇය දෙස බලා සිටියා. මගේ මිනිස් ස්වරූපය ලැබීමෙන් පසු මා දුටු ප්‍රථම රුව ඇයගේයි. ඇය සුන්දරයි වගේම රාජකීය පෙළපතකට අයත් කුමරියක් බවයි පෙනුණෙ. මට ඇයව හමුවීමට යාමට අවශ්‍යයි. ඇයට මාව කොහොම පෙනේවිද?
- Diary of someone who born with fire -
______________________________________________
කතාව තේරෙනවා නේද? මං හැම චැප්ටර් එකේම අන්තිමට යුංගිගෙ ඩයරියෙන් කොටසක් දානවා. එහෙම හොඳයිනෙ? එතකොට වෙනසක් වෙයි.
ඉතින් කතාව හොඳයිද?