මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

By ZHAYI_1085

139K 18.4K 7.4K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi More

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
08.කොටස
09.කොටස
10.කොටස
11.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
23.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
47.කොටස
48.කොටස
49.කොටස
50.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

51.කොටස

1.8K 286 166
By ZHAYI_1085

මගෙ අතේ තිබුනෙ විවහා ලියාපදිංචි කිරීමෙ සහතිකයක්.... ඒකෙ එයාගෙ වගේම තේජාන්ගෙත් අත්සන තිබුනා...
ඔව් ඒක ඇත්ත.... එයා මැරි කරලා තේජාන්ව.....

*
*
*
*

ඒක දිහා බලන් හිටපු මං ආයෙත් එයා දිහා බලනකොට දැන් එයත් බලන් ඉන්නෙ මගෙ මුහුණ..... අපි දෙන්නා මුහුණට මුහුණ බලන් ඉද්දි මගෙ අතේ තිබුන පේපර්ස් දේවාන් අරගෙන තාත්තගෙ අතට දුන්නා....එතකොටම මාත් එයාගෙන් ඇස් අහකට අරන් ඒ ලගම තියෙන පුටුවකින් වාඩි උනෙ කිසිම හැගීමක් නැති මිනිහෙක් ගානටයි....

"දේවාන් අර ටේබල් එක උඩ තියෙන ෆෝන් එක දෙන්න මට...."

මට ඇහුනෙ තාත්තගෙ කටහඩ.... පේපර්ස් දිහා බලාගෙන හිටපු තාත්තා කාටද මන්දා කෝල් එකක ගන්නවා මං දැක්කා....

"අතුල උබට දැන්ම අර පේපර්ස් අරගෙන අපේ ගෙදරට එන්න පුළුවන්ද...? "

"..........................."

"ම්ම්...ඔව් අතුල...මගෙ කොල්ලා දැන් කසාද බැදලා නිසා එයාගෙ මහත්තයට මේ හැමදේම දීලා දැන් මට මේවගෙන් නිදහස් වෙන්න ඕනෙ...."

"..........................."

"හරි....මං බලන් ඉන්නවා...."

තාත්තා කෝල් එක කට් කරා.... ඒ කියන්නෙ අදින් හැමදේම ඉවරයිද....?

"තේජාන්..........!!"

හිතපු නැති විදිහට කෑගහගෙන ඒ ආවෙ තේජාන්ගෙ අම්මා....ඒ මුහුණෙ තෘප්තිමත් හිනාවක් තියෙනවා මං දැක්කා....

"අම්මේ....ඔයා විතරයි අඩුවට හිටියෙ.... මගෙ මැසේජ් එක දැක්කද....?"

"ඔව් තේජු.....මං මේ ඒක දැක්කගමන් දුවගෙන ආවේ.... ඇයි ළමයිනෙ අපිට කිව්වෙවත් නැත්තෙ....? කිව්වනම් ලස්සන වෙඩින් එකක් අරගෙන අපි මේ දේවල් පිළිවෙලක් කරනවනෙ... නේද අයියෙ....?"

තේජාන්ගෙ අම්මා හිනා වෙලා තාත්තගෙන් එහෙම අහනකොට තාත්තා මුකුත් නොකියා බලන් හිටියෙ සන්සුන්ව....

"මට නෙමෙයි අම්මෙ...අපේ අශූටයි හදිස්සියෙම මේ දේ ඕන උනෙ... මාමා අකමැති වෙයි කියලා කොල්ලා බයෙන් හිටියෙ... කමක් නෑ පහුවෙලා හැමෝටම කියලා ග්‍රෑන්ඩ් පාටි එකක් දාමු....."

"අනෙ මන්දා අයියෙ මේ ළමයින්ගෙ වැඩ බලන්නකො ඉතින්.... මේවා අපිට කලින්ම කිව්වනම් මීට වඩා ලස්සනට වෙන්න තිබුන දේවල්නෙ....."

"මොනවා කරන්නද සුධීරා... වෙන්න තිබුන දේවල් උනානෙ.... මං දැන්වත් මේ දේවල් වලින් නිදහස් වෙන්න ඕනෙ.... මං අතුලටත් එන්න කිව්වා...."

"ආහ් ලෝයර් සමරදිවාකර දැන් එනවද...? ඒ කියන්නෙ අදම මේ හැමදේම අපේ තේජා......මං කිව්වෙ අශූට දෙන්නද අයියා හදන්නෙ....?"

"චූටි පුතාට නෙමෙයි නංගි... එයා බැන්දගමන් මේවගෙ අයිතිය කෙලින්ම ලැබෙන්නෙ එයාගෙ මහත්තයට.... අතුලට දැනටම ඒ ඩොයුමන්ට්ස් ලෑස්ති කරලා තියෙන්නෙ....චූටි පුතාගෙ හස්බන්ඩ්ට බාරදෙන්න විතරයි දැන් තියෙන්නෙ....."

"ඕවා ඉතින් හදිස්සියෙ වෙන්න ඕනෙත් නෑ අයියෙ...කවදා හිටියත් ලැබෙන දේවල්නෙ... අපේ තේජාන් ඕවා බලාගෙන අශූව බැන්දෙ නෑනෙ අයියෙ..."

"ඒක හොදයි.... ඒත් නංගි මං අතින් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට වෙන්න එපැයිනෙ...."

"ඒක නම් එහෙම තමයි.... අයියගෙ කැමැත්තක්...මං මුකුත් කියන්නෑ ඕවට.... ඔක්කොටම කලින් අර හිගන්නව මේ ගෙදරින් එලවලා ඉන්න අයියෙ...තවත් මොකටද ඌ මේක අස්සෙ රිංගන් ඉන්නෙ...."

"ම්ම්...අතුල ආවට පස්සෙ තව දුරටත් මේවගෙ අයිතියක් නැති උන්ට මේ ගේ අස්සෙ ඉන්න බැරි වෙයි.... මාවයි මගෙ දරුවයි රවට්ටන්නත් බැරි වෙයි...."

තාත්තා ඒක කිව්වෙ මගෙ මුහුණ බලාගෙන.... මං මුකුත්ම නොකියා තාත්තා දිහා බලන් හිටියා... ඒ කියන්නෙ අදින් පස්සෙ මේ හැමදේම ඉවරයිද තාත්තෙ....? මං තාත්තා දිහා බලන් එහෙම හිතනකොටම ඒ වෙලවෙ ගෙදරට ආවෙ තාත්තගෙ ලෝයර් මිස්ටර් සමරදිවාකර.....

"මිස්ටර් වික්‍රමසිංහ....මං පරක්කු උනාද......?"

"නෑ නෑ....මිස්ටර් සමරදිවාකර වෙලාවටම ආවා........එන්න....ඇතුලට ඇවිත් වාඩි වෙන්න...."

තාත්තා වගේම මිස්ටර් සමරදිවාකර වෙනදා වගෙ උබ බන් මචං නොකියා රාජකාරිය මට්ටමෙන් කතා කරෙ අද සිද්ධ වෙන්න යන වැදගත් දේ නිසා වෙන්න ඇති.... මං මේ දේවල් දිහා බලන් හිටියෙ කිසිම  හැගීමකින් නෙමෙයි.....තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා නෑ මට.....

"මෙන්න ඒ ඩොයුමන්ට්ස්.... දැන් ඉතින් සුරේන් වික්‍රමසිංහට අයිති හැම දේපළකම නීත්‍යානුකූල අයිතිකාරයා වෙන්නෙ යීබෝගෙ හස්බන්ඩ්....."

"මිස්ටර් සමරදිවාකර මේක ඔයාගෙ අතින්ම මගෙ කොල්ලගෙ මහත්තයට දෙන්න.... එතකොට මං නිදහස්....."

තාත්තා එහෙම කියද්දි මිස්ටර් සමරදිවාකර තාත්තා ලග හිටපු පුටුවෙන් නැගිටල තේජාන් ඉන්න පැත්තට යද්දි නැන්දගෙ මුහුණෙ තිබුන සතුට මං කලින් කවදාවත් නැතුව ඇති.... ඒ වගේමයි තේජාන්ගෙ මුහුණත්....

ඒත් මිස්ටර් සමරදිවාකර එතනින් හැරිලා ඒ දෙන්නව පහු කරගෙන ඇවිත් මගෙ ලගින් හිටගන්නකොට මං ලොකු හුස්මක් අරන් පුටුවෙන් නැගිට්ටා.... මං දැක්කා තේජානුයි නැන්දයි කට ඇරන් බලන් ඉන්නවා මොකක්ද උනෙ කියල හිතාගන්න බැරුව....

"මිස්ටර් ශාන් අනුහස් බණ්ඩාර.... මේ හැමදේම අද ඉදන් නීත්‍යානුකූලව ඔයාට බාරයි......"

"මිස්ටර් සමරදිවාකර.......!! තමුසෙට පිස්සුද මනුස්සයෝ.... ???"

එකපාරටම නැන්දා කෑගහද්දි අපි හැමෝම නැන්දා දිහා බැලුවා....

"මිසිස් විතානගෙ....මං කැමති නෑ කවුරුත් මට ඔහොම කතා කරනවට....මං ඇවිත් තියෙන්නෙ රාජකාරි වැඩකට....."

"එහෙනම් ආපු වැඩේ හරියට කරනවා.... තමුන්ට ඇහුනෙ නැද්ද මගෙ අයියා කිව්වෙ ඔය පේපර්ස් අශූගෙ මහත්තයට දෙන්න කියලා... අශූ බැන්දෙ මගෙ පුතා තේජාන්ව.... තමුන්ගෙ ඇස් පෙන්නෙ නැත්නම් මේ බලනවා....මේ ඉන්නෙ මගෙ පුතා.... එතකොට මේ තියෙන්නෙ කසාද සහතිකෙ....."

නැන්දා කේන්තියෙන් වෙව්ල වෙව්ල තාත්ත ලගම සෝෆා එක උඩ තිබුන තේජාන් දුන්න කසාද සහතිකෙ අරන් මිස්ටර් සමරදිවාකරගෙ අතට දෙද්දි ඒ මනුස්සයා ඒක අතට අරන් හොදට බැලුවා.....

"මේක විවහ සහතිකයක් තමයි... ඒත් මිසිස් විතානගෙ මේ විවහය වලංගු එකක් නෙමෙයි.... මොකද නීත්‍යානුකූල විවහයක් කරගත්ත කෙනෙක්ට එම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ජීවත්ව සිටියදී නීත්‍යානුකූල දික්කසාද වී නැත්නම් නැවත විවහයක් කරගන්න බෑ.... එහෙම කරගන්නවනම් ඒක නීතියෙ හැටියට දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා වගේම දෙවනුව කරගත්තා කියන විවහය අවලංගු වෙනවා.... ඒ කියන්නෙ මේ විවහ සහතිකය වලංගු එකක් නෙමෙයි....... මං හිතනවා මිසිස් විතානගේට තේරෙන්න ඇති කියලා....?"

"තමුසෙ මොන මගුලක්ද මනුස්සො කියන්නෙ...? අපේ තේජාන් දික්කසාද වෙලා මාස තුනකටත් වැඩියි.... ඒ බැදලා හිටපු ගෑණිත් වෙන මිනිහෙක් බැදලා.... එතකොට මගෙ කොල්ලට කසාදයක් බැදගන්න බැරි ඇයි....?"

නැන්දා හුස්මක් නොගෙන කියවන් යද්දි මිස්ටර් සමරදිවාකර ලොකු හුස්මක් අරන් ඔළුව දෙපැත්තට වැනුවා....

"මිසිස් විතානගෙ ටිකක් සන්සුන් වෙන්න.... මං කිව්වෙ මිස්ටර් තේජාන් ගැන නෙමෙයි....මං මේ කිව්වෙ මිස්ටර් ශාන් අනුහස් බණ්ඩාරගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා යීබෝ අශේල් බණ්ඩාර ගැන..... දැනටමත් විවහ වෙලා ඉන්න මිස්ටර් යීබෝ කොහොමද තවත් විවහයක් කරගන්නෙ....?"

"මොකක්........//"

තේජාන්ගෙයි නැන්දගෙයි ඇස් එළියට පනින්න තරම් පුදුමයෙන් ලොකු වෙද්දි මගෙ කොල්ලා හිනාවක් දාගෙන ඇවිත් මගෙ ලගින් හිටගත්තෙ මගෙ අත අල්ලගෙන.....

"ඔව්....ඒ දෙන්නගෙ මැරේජ් එක උනෙ මීට සති දෙකකට කලින්..... "

"අනේ අයියේ.... ඔ..ඔයාට ඇහෙනවද මේ මොනවද කියන්නෙ කියලා.....? මෙහෙම වෙන්නෙ කොහොමද....? මූ... මූ ආයෙත් ඔයාව රවට්ටලා......!"

නැන්දා තාත්තා දිහා බලලා මට අත දික් කරගෙන කෑගහන්න ගත්තා....

"මිස්ටර් සමරදිවාකර ඔයාගෙ රාජකාරිය ඉවර නම් ඔයාට යන්න පුළුවන්...."

නැන්දා කියපු දේවල් වලට මුකුත්ම නොකියා තාත්තා මිස්ට සමරදිවාකරට යන්න කියද්දි අතේ තිබුන ෆයිල් එකක් මගෙ අතට දීලා ඒ මනුස්සයා එතනින් ගියෙ තාත්තාටත් යන්තමින් හිනාවක් දීගෙනයි.....

මිස්ටර් සමරදිවාකර එතනින් යනකන් හිටපු තාත්තා වාඩි වෙලා හිටපු සෝෆා එකෙන් නැගිට්ටෙ අපි හැමෝවම පුදුම කරලයි....  ඒ කියන්නෙ තාත්තට ඇවිදින්න පුළුවන්ද.....? හොදටම හොද නැති උනත් තාත්තා කකුල් අද්ද අද්ද  ඇවිදගෙන ගියෙ තේජාන්ගෙ ඉස්සරහට......

චටාස්ස්.............චටාස්ස්...........

"අයියේ............!!!"

තාත්තා අත දිගඇරලා තේජාන්ගෙ කම්මුල් දෙකට ගහනකොට නැන්දා කෑගැහුවෙ තාත්තගෙ අතේ එල්ලිලා.....

"සුධීරා.......මගෙ අත අතඇරපාන්....!"

"අනේ අයියෙ....මොකක්ද මේ ඔයාට වෙලා තියෙන්නෙ....? ගහලා පන්නලා දාන්න ඕන එකා අතන ඉන්නකොට ඇයි මේ මගෙ කොල්ලට ගහන්නෙ....? ඔක්කොම කරේ අරූ..... දැන් ඌ ඔයාගෙ ඔළුවටත් විස පුරෝලද අ........."

"කට.......! කට වහපන් සුධීරා.....!! උබ මොනවද නංගි දන්නෙ උබෙ සුද්දවන්ත පුතා ගැන....? ආ....උබ මොනවද දන්නෙ කියපන් මේ පාහර බල්ලා ගැන.....? මං මෙච්චර කාලයක් ඉවසුවා..... මූ කරපු හැමදේම දැනගත්තට පස්සෙත් ඉවසුවා මූ දැන්වත් හැදෙයි කියලා.... උබ මගෙ නංගි නිසා මූට හැදෙන්න අවස්ථාවක් දෙන්න හැදුවා.... ඒත් මූ මොකක්ද කරේ....? මාවයි ශාන්වයි මරනවා කියලා මගෙ කොල්ලට තර්ජනය කරලා අරන් ගිහින් කසාද බැදගන්න හැදුවා..... "

"ම්..මොකක්ද අයි..යෙ මේ..මෙ කියන්නෙ....?"

"මං කියන්නෙ උබෙ කොල්ලා කරපු හපන්කම් තමයි..... එතකොට තේජාන් උබ මොකක්ද හිතුවෙ....? උබ මගෙ කොල්ලට එහෙම තර්ජනය කරපුගමන් ඒකා උබ එක්ක ආවෙ බයට කියල හිතුවද.....? එහෙනම් උබට වැරදුනා පුතේ.... මගෙ කොල්ලා උබ ලගට එන්න කලින් මට කෝල් කරලා විස්තරේ කිව්වා.... මමයි කිව්වෙ යන්න කියලා.... මුල ඉදන්ම උබ කරන හැමදෙයක් ගැනම හොයන්න මං කට්ටිය දාලා තිබුනෙ.... උබෙ ඔය ප්ලෑන් එකත් මං කලින්ම දැනගෙන හිටියෙ... මේ උබ උස්සන් ආපු කසාද සහතිකෙ කියන එක රෙජිස්ට්‍රර් කරෙත් මගෙ මිනිහෙක්.... ඉතින් මේක කොහොමත් ලීගල් එකක් නෙමෙයි....  උබ හිතුවෙ බය වෙලා තනි වෙලා කරන්න දෙයක් නැතිකමට මගෙ කොල්ලා උබව බැන්දා කියලනෙ.... එතනත් උබට වැරදුනා..... මගෙ කොල්ලගෙ පිටිපස්සෙන් මං දාලා තිබුන ගාඩ් එක උබ දැක්කෙ නෑ..... අද වැරදිලා හරි උබ මගෙ කොල්ලගෙ ඇගට අතක් තිබ්බනම් අද උබෙ අම්මට උබව දකින්න මෙතන ඉතුරු වෙන්නෑ.... පාහර බල්ලා.... තෝ පොඩි කාලෙ ඉදන් මගෙ කොල්ලගෙ ඔළුවට පුරවපු විස මං දන්නෑ කියලද හිතුවෙ ආ.....? ඒ මදිවට ගෑණියෙක්ව මගෙ ලග නිදිකරලා ගත්ත ෆොටෝස් මගෙ දරුවට යවලා ඒකාගෙ හිතේ මගෙ ගැන වෛරයක් ඇති කරන්න හැදුවා...."

"අයියෙ...මේ..මේ ඔයා...."

"මේ ටිකයි නංගි...උබෙ පුතාගෙ හපන්කම් ගැන කිව්වෙ මං බොහෝම ටිකයි.... මූ කරපු ඔක්කොම මං දැනගත්තට පස්සෙ මූට ඕන උනෙ මාව මරලා දාන්න.... එහෙම නේද තේජාන්....?"

"නෑ...නෑ මාමේ මං එහෙම කරේ නෑ...අහ්..."

චටාස්ස්..............

"ඔය කටින් මට ආයෙ මාමෙ කියන්න එපා යකෝ..... උබෙ අම්මා නිසා මල්ලි නිසා මං මෙච්චර කාලයක් ඉවසුවා.... හොස්පිට්ල් එකෙදි සිහිය ආවට පස්සෙ උබලා හිතුවෙ මට ඇත්තටම මතකය නැති උනා කියලද...හහ්...."

"අයියෙ ඒ කියන්නෙ ඔයාට හැමදේම මතකයිද.....?"

"ඔව් මතකයි මට....හැමදේම.... ඒක දැනගෙන හිටියෙ මගෙ කොල්ලො දෙන්නා විතරයි...... මට සිහිය ආපු දවසෙ මුන් දෙන්නා හොස්පිට්ල් ඇවිත් මාව බලලා ගියාට පස්සෙ මං ශාන්ට කෝල් කරා....."

තාත්තා කිව්වෙ මං දිහා බලාගෙන.... ඔව් එදා තාත්තට සිහිය ආපු දවසෙ ගෙදර ඇවිත් බෝ වොශ්රූම් එකෙ නාන වෙලාවෙ මාත් එයාගෙ රූම් එකට ගිහින් නාලා එද්දි ඒ ආපු කෝල් එක තාත්තගෙන්.......

Flashback........

"හෙලෝ...."

"ශාන්....."

"ස්.සුරේන් ස්.......

"තාත්තා කියපන් මගෙ පුතේ....."

"ත්..තාත්තේ.....ම්..මං මට.....ඔයාට මාව මත්කද තාත්තෙ...?"

" මේ තාත්තට මැරිලා ඉපදුනත් උබව අමතක වෙන්නෑ දරුවො....."

"එහෙනම් තාත්තා......"

"ම්ම්...මතක නෑ වගේ රගපාන්න උනා.... හේතුව කියන්නම්.... හෙට උදේ දහය වෙද්දි දෙන්නා එක්කම හොස්පිට්ල් එකට එන්න...."

Flashback end...........

"ඉතින් මං පහුවදාම මගෙ කොල්ලො දෙන්නට හොස්පිට්ල් එකට එන්න කිව්වෙ වෙන මොනවටවත් නෙමෙයි.... එදා මගෙ ඉස්සරහම රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙන්නලා මං මගෙ කොල්ලො දෙන්නව බන්දලා දුන්නා.... හොස්පිට්ල් රූම් එකක් ඇතුලෙ මගෙ ආශිර්වාදයෙන් මගෙ පොඩි එකාගෙ අයිතිය මගෙ හැම දේපලක් එක්කම ශාන්ගෙ නමට ලිව්වා.... ඒත් මෙච්චර දවසක් ඒ හැමදේම හැමෝගෙන්ම රහසක් උනා.... ඒ උබෙ නොසණ්ඩාල පුතා නිසා....හැදෙන්න අවස්ථාවක් දීලා මං බලන් හිටියා ආයෙ වැරද්දක් උනොත් ඊළඟට කරන්නෙ මොකක්ද කියලා පෙන්නලා දෙන්න.... එහෙනම් දැන් ලෑස්ති වෙයන් තේජාන් කරපු වැරදි වලට දඩුවම් විදින්න.... මොකද උබලා වගේ උන් දඩුවම් විදින්නෙ නැතුව හැදෙන උන් නෙමෙයි......"

"අයියෙ.... ම්..මොකක්ද මොකක්ද කරන්න හදන්නෙ....?"

"ශාන්.... පොලිසියට කෝල් එකක් ගන්න...මේ දැන්ම....."

තාත්තා මගෙ දිහා බලලා පොලිසියට කෝල් එකක් ගන්න කියද්දි මං දැක්කා නැන්දා කලබල වෙනවා.... මං තාත්තා දිහා බලලා ඔළුව වනලා ෆෝන් එක අතට ගත්තා.....

"ආහ්හ්....නැන්දි......."

"ඔය වැඩේ නම් කරන්න හිතන්නවත් එපා ශාන්.... මූගෙ ඔළු කට්ට පුපුරලා යන්න කලින් ෆෝන් එක දාපන් පැත්තකට.....!!"

"සුධීරා........!!"

"අම්මේ........!!"

මගෙ ලග හිටපු බෝව ඇදලා ගත්ත නැන්දා බෝගෙ ඔළුවෙන් ගන් එකක් තියාගෙන මට කෑගහද්දි හැමෝම පුදුම උනා..... නැන්දා කියන ගෑණිගෙ මේ ස්වරූපය ගැන අනිත් අය පුදුම උනාට ඒක මට පුදුමයක් නෙමෙයි.... මං පුදුම උනෙ අතේ තිබුන ගන් එක දැකලයි....

"හහ් හහ් හා..... මොකද මගෙ අයියෙ ඔයා ඔහොම බලන්නෙ ආ....? "

"ස්..සුධීරා.....! උබ මොකක්ද නංගි ඔය කරන්නෙ....?"

තාත්තගෙ ඇස්වල කේන්තියකට වඩා තිබුනෙ පුදුමයක් වගේම වේදනාවක්.... අතේ වැලමිටට උඩින් තද වෙන්න අල්ලගෙන ගන් එක නලලට තියාගෙන ඉන්න එයාගෙ නැන්දා දිහා මගෙ කොල්ලා ඇස් දෙකේ කදුළු පුරවන් බලන් හිටියෙ ශොක් වෙලා වගෙයි.....

"අම්මේ.... මොකක්ද ඔය කරන්නෙ....? අතාරින්න අශූව....!!"

"උබ එක අඩියක් ඉස්සරහට තියන්න එපා දේවාන්.... උබ තමයි මගෙ කරුමෙ.... කාළකණ්නියා.... මං උබ ගැන පස්සෙ බලාගන්නම්.....තේජාන් මුන්ගෙ අත් වල තියෙන ෆෝන් ටික ගන්නවා....."

සුධීරා කරන කියන හැමදෙයක් දිහාම කට කොණකින් හිනා වෙලා බලන් හිටිය තේජාන් අපි ලගට ඇවිත් අපෙ අත්වල තිබුන ෆෝන් ටික ගන්නකොට අපිට කරගන්න දෙයක් තිබුනෙ නෑ..... ඊටපස්සෙ නැන්දා  කාටද මන්දා කෝල් එකක් අරන් දැන්ම එන්න  කියල කට් කරේ මගෙ කොල්ලව තේජාන්ගෙ ඇගට තල්ලු කරලයි.....

"අතඇරපන් මාව....."

"දගලන්නෙ නැතුව හිටපන් අශූ මැරුම් නොකා....!"

තේජාන්ට අල්ලන්න නොදි බෝ තේජාන් එක්ක රණ්ඩු වෙද්දි නැන්දා බෝ දිහා බලාගෙනම ගන් එක මගෙ පැත්තට ඇල්ලුවා....

"අශූ මැණික....පොඩිකාලෙ වගේම නැන්දි කියන දේ අහලා සද්ද නොකර දගලන්නෙ නැතුව ඉන්න හොද කොල්ලා වගෙ.... නැත්නම් ඔයාගෙ හස්බන්ඩ්ගෙ ඔළුව එක වෙඩිල්ලකින් කුඩු වෙලා ගියොත් නැන්දිට නම් වගකියන්න බෑ හරිද.......?"

සුධීරා ඒක කියපු විදිහට මගෙ කොල්ලා බය වෙලා මං දිහා බලද්දි මං ඇස් වලින් කිව්වෙ එයාට කලබල වෙන්න එපා කියලයි.....

"එපා.... නැන්දි එපා..... අනේ ඇයි...? ඇයි නැන්දි මෙහෙම....? ඔයා මගෙ නැන්දිනෙ..... අම්මා වගේ මට ආදරේ කරපු නැන්දිනෙ.... අනෙ ඇයි දෙයියනේ මෙහෙම කරන්නෙ....? ම්..මේ..මේ නැන්දි කරන්නෙ විහිළුවක් නේද කියන්නකො...."

අනෙ මගෙ අහිංසකයා අඩනවා.... එයාට තාමත් විශ්වාස නැතුව ඇති....එයාට දරාගන්න බැරුව ඇති මේ වෙනස්වීම.....එයාට විතරක් නෙමෙයි තාත්තටත්.... කොහොමද දරාගන්නෙ ලගින්ම හිටපු අය ,අපි ආදරේ කරපු අය අපිව රැවැට්ටුවා කියලා දැනෙද්දි...

"සුධීරා....මොකක්ද උබ මේ කරන්න හදන්නෙ...?? අතඇරපන් මගෙ දරුවව....!"

"හහ්... අතාරින්න.....? හරි මං අතාරින්නම් මගෙ වැඩේ උනාට පස්සෙ......"

"ඇයි උබ මෙහෙම කරන්නෙ නංගි...? මොකක්ද මේ උබට එකපාරටම උනේ....?"

"හහ් හහ් හා.... එකපාරටම....? ඔයා හිතන්නෙ මේ හැමදේම එකපාරටම උනා කියලද අයියේ....? ආ....??"

"මොකක්ද සුධීරා උබ කියන්න හදන්නෙ....? උබ ඇයි මෙහෙම කරන්නෙ කියපන්....?"

"කියන්නම් අයියෙ කියන්නම්... පොඩ්ඩක් ඉවසන්න.... මං අවුරුදු ගානක් ඉවසුව නම් ඔයාටත් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නැහැනෙ නේද....?

ටික වෙලාවකට පස්සෙ කළු පාටින්ම ඇදගෙන කළු මාස්ක් දාගත්ත හතරපස් දෙනෙක්ගේ ගේ ඇතුලට ආවා.....උන් ඔක්කොම මැරයො වගෙ.... තව කෙනෙක් හිටියා වැදගත් විදිහට ඇදලා ෆයිල් එකක් අතේ තියාගෙන..... පෙනුමෙන් ලෝයර් කෙනෙක් වගෙ......

"ගැට ගහන්න අර දෙන්නව අර ගෑණිවත් එක්කම....මෙයාව එපා...."

සුධීරා එතනට ආපු මැරයන්ට දේවාන්වයි තාත්තවයි විතරක් නෙමෙයි නීතාඅම්මාවත් පෙන්නලා ගැටගහන්න කිව්වත් මාව ගැටගහන්න එපා කිව්වා....ඒ ඇයි කියල තේරුනෙ නෑ.....අපිට කරගන්න දෙයක් තිබුනෙත් නෑ....මොකද ඒ වෙද්දි මගෙ කොල්ලව ඇගට හිරකරන් තේජාන් ගන් එක එයාගෙ ඔළුව අල්ලගෙන හිටියෙ....

"ඇයි නංගි...? ඇයි උබ මෙහෙම කරන්නෙ....? උබට මොනවද ඕනෙ කියපන්...?මොන යකෙක් වැහිලද මේ.... උබට ඕන දෙයක් දෙන්නම් මගෙ දරුවන්ට පාඩුවෙ ඉන්න දීපන් සුධීරා....!!"

"හහ්.... මොනවද ඕනේ...?? අවුරුදු ගානකට කලින් මං ඔයාගෙන් ඉල්ලපු දේ ඔයා මට දුන්නද අයියේ....? එදා ඒ දේ දුන්නනම් අද ඔයාට මේ වගෙ දවසක් දකින්න වෙන්නෙ නෑ නේද....? එහෙම නැත්නම් ඔයාට තිබුනා තේජාන්ට අශූව බදින්න දෙන්න..... ඔයා ඒක වෙන්න දුන්නෙත් නෑ..... දැන් ඉතින් මට ඕන දේ මේ විදිහට හරි මං ගන්නම්....."

සමච්චලයට හිනා වෙනගමන් සුධීරා ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා තාත්තගෙ මුහුණ දිහා බැලුවා....
මේ ගෑණි මොනවද අවුරුදු ගානකට තාත්තගෙන් ඉල්ලලා තියෙන්නෙ.... තාත්තා මොනවද දීලා නැත්තෙ.....?

"මොනවද නංගි උබ මේ කියන්නෙ....? මං මොනවද උබට නොදුන්නෙ කියපන්.....? ගෙවල්දොරවල්,වාහන,ඉඩකඩම් විතරක් නෙමෙයි උබටම කියලා ආදායම් මාර්ගයක් හදලා දුන්නා.... ඒ මදි කියද්දි ඉල්ලන ඉල්ලන පාර සල්ලි දුන්නා.....තවත් මොනවද උබ ඉල්ලන්නෙ.....?"

"ඒත් ඒ හැමදේටම කලින් මං ඔයාගෙන් ඉල්ලපු දේ ඔයා දුන්නද.....?"

"ම්..මොකක්ද.....?"

"ආදරේ......මං ඔයාගෙන් ඉල්ලපු ආදරේ ඔයා මට දුන්නද අයියෙ....??"

"සුධීරා........!! උබ මගෙ නංගි..... මං හැමදාමත් මගෙ නංගිට ආදරේ කරා...."

"ඒ කෙහෙල්මල් ආදරයක් ගැන නෙමෙයි මං කියන්නෙ.....!! නංගි නංගි කිව්වට මං ඔයාගෙ නංගි නෙමෙයි අයියෙ........!!!"

නැන්දා තාත්තටත් වඩා හයියෙන් කෑගහද්දි අපි හැමෝම පුදුම උනෙ ඒ කියපු කතාව මොකක්ද කියල හිතාගන්න බැරුවයි..... මං දැක්කා තේජාන් උනත් පුදුම වෙනවා....එතකොට මේ ඉන්නෙ තාත්තගෙම නංගි නෙමෙයිද....?

"කටවහපන් සුධීරා....!! මෙතන අපේ දරුවො ඉන්නවා....."

"හහ්.... උන් තොත්ත බබාලා නෙමෙයිනෙ..... ඔයාටනෙ දැනගන්න ඕන උනෙ මං මෙහෙම කරන්නෙ ඇයි කියලා.... ඉතින් අහන් ඉන්න..... "

නැන්දා අපි හැමෝගෙම දිහා බලලා ආයෙත් තාත්තා දිහා බලද්දි තාත්තගෙ මුහුණෙ මං දැක්කෙ අසරණකමක්....

"මං ඔයාගෙම නංගි නෙමෙයිනෙ අයියෙ..... මාව ඔයාගෙ අම්මයි තාත්තයි අරන් හදාගත්ත ළමෙක්....ඒක අපි දෙන්නම දැනගෙන හිටියනෙ.... ඉතින් මං ඔයාට ආදරේ කරපු එක වැරැද්දක් නෙමෙයිනෙ.... ඒත් ඔයා කවදාවත් මගෙ ආදරේ පිළිගත්තෙ නෑ.... හැමදාමත් කිව්වෙ උබ මගෙ නංගි විතරයි කියලා..... අන්තිමට ඔයා මගෙ හැගීම් මරලා දාලා මගෙ ඇස් ඉස්සරහම වෙන කෙල්ලෙක්ට ආදරේ කරද්දි මං කොච්චර පිච්චුනාද කියල ඔයා දන්නවද අයියේ.....? නෑ.... ඒකීගෙ ආදරෙන් පිස්සු වැටිලා හිටපු ඔයා මගෙ වේදනාව දැක්කෙ නෑ....ඊටපස්සෙ ඔයා ඒකීව කසාදත් බැන්දා..... අන්න එදා තමයි මගෙ හිතේ ඔයාට තිබුන ආදරේ වෛරයක් උනෙ...... එදා ඉදන් මං ඔයාටයි ඔයාගෙ ගෑණිටයි වෛර නොකරපු ශාප නොකරපු දවසක්  නෑ..... "

ඇස් රතු කරගෙන කතා කරන නැන්දගෙ ඇස් වල ඒ වෛරය මට දැන් උනත් පේනවා.... දෙයියනේ එතකොට ඒ වෛරය නිසාද මේ හැමදේම...?

"ඒත් මං ඒක ඔයාලට පෙන්නුවෙ නෑ.... මොකද මගෙ හිතෙ ඊටපස්සෙ තිබුනෙ එක අරමුණයි....ඔයාගෙයි ඔයාගෙ පවුලෙ සතුටයි නැත්තටම නැති කරන එක විතරයි.....ඔයාගෙන් පලිගන්න එක විතරයි....."

ආදරේ කරා නම් ආදරේ කරපු හිතකින් එහෙම වෛර කරන්න පළිගන්න හිතන්නෙ කොහොමද.....? මං නම් කියන්නෙ ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ආදරේ තේරුම දන්න මිනිස්සු ඒ හැගීම විදලා තියෙන මිනිස්සු කවදාවත් තමන් ආදරේ කරන කෙනා තමන්ට නොලැබුනත් වෛර කරන්නෙ නෑ.... වෛර කරන්නත් බෑ.... ආදරේ කියන හැගීම ඇතුලෙ වෛරයට ඉඩක් නෑ..... ආදරේ කියන වචනයට කොච්චර අය මොන වගෙ නිර්වචන දුන්නත් ආදරය කියන්නෙ මේ ලෝකෙ තියෙන පිවිතුරුම හැගීමට.....

"එත් අයියෙ තමුසෙ.... තමුසෙ මොකක්ද මට කරේ....? තමුසෙ ලග මාසෙ පඩියට වැඩට ආපු හිගන්නෙක්ට මාව බන්දලා දුන්නා....."

"උබ කටින්ද සුධීරා කතා කරන්නෙ..? ඒ අහිංසකයව උබට බන්දලා දුන්න හේතුව උබට අමතක උනාද.....?"

මෙච්චර වෙලා කටවහන් හිටපු තාත්තා බිදුණු කටහඩකින් කතා කරද්දි මං තාත්තා දිහා බැලුවා.... ඒ ඇස්වල මං දැක්කෙ කළකිරීමක් විතරයි......

"ඔව් ඔව් ඌ එක්ක මං පොඩි ෆන් එකක් ගත්තා තමයි....වැරදීමකින් බඩට ළමෙකුත් ආවා.... වැරදීමකින් කිව්වට ඒක මගෙ කැමැත්තට මගෙ ඕනකමට වෙච්ච දෙයක්.... මොකද මට ඕන උනෙ මගෙ බඩේ ඉන්න දරුවා ඔයාගෙ කියලා ඔයාගෙ ගෑණිට කියන්න..... "

"ස්..සුධීරා...උ..උබ......."

"හා හා දැන්ම පුදුම වෙන්න එපා අයියෙ... තව පුදුම වෙන්න දේවල් ඉස්සරහට තියෙනවා.... ඒත් අර ඔයා අහිංසකයි කියපු හිගන බල්ලා මගෙ ප්ලෑන් එක දැනගත්තගමන් ඔයාගෙ ඉස්සරහට ඇවිත් මට ආදරෙයි කියාගෙන මගෙ බඩේ ඌගෙ දරුවෙක් ඉන්නවා කියලා මාව ඔයාගෙන් ඉල්ලලා මගෙ ප්ලෑන් ඔක්කොම විනාශ කරා.....ඒවට තමයි  දැන් ඌ තනි වෙලා විදවන්නෙ.....ගෑණිත් නෑ දරුවොත් නෑ....ඒක තමයි ඌගෙ දඩුවම....."

ඒ කියන දේවල් ගැන අහන් ඉන්නකොට මට සුධීරා ගැන තිබුන පිළිකුල තවත් වැඩි උනා.....

"ඊටපස්සෙ අයියෙ....ඔයාගෙ ගෑණිත් මැරිලා ගියාම තමයි මං මගෙ සෙල්ලම පටන් ගත්තෙ.....අම්මා තාත්තා අක්කා තුන්දෙනාම  ලග නැතුව තනි වෙලා හිටපු ඔයාගෙ චූටි පුතා තමයි මගෙ පලවෙනි ඉලක්කය උනෙ..... මට ඕන උනෙ ඌව   ඔයාට එපා කරවන්න....ඒ වගේම ඌටත් ඔයාව එපා කරවන්න.... ඔයාගෙ එකම පුතානෙ.... ඌගෙ ජීවිතේ විනාශ වෙනවා බලාගෙන ඔයා දුක් විදනවා දකින්න මට පුදුම ආසාවක් තිබුනෙ....... ඉතින් මං තේජාන්ව ඉස්සරහට දාලා ගේම් එක පටන් අරන් බලන් හිටියා...... ඒත් ඒ කාලෙ ඉදන්ම මෙන්න මේ කාළකණ්නියා  මට පොඩ්ඩක් හරි හරහට හිටියා.....තේජාන්ගෙන් අශූව බේරගන්න කිය කිය මූ මැරෙන්න හැදුවා....මුගෙ තාත්තාව වගේම මූසලයෙක් .... මගෙ ක........

"සුධීරා......!!!!"

සුධීරා කාළකණ්නියා  මූසලයා කිය කිය බැන්නෙ දේවාන්ට.... ඒත් එක්කම තාත්තට කෑගැහුනා.... ඇත්තටම මේ මොන වගේ ගෑණියෙක් ද....?

"ඇයි අම්මෙ ඔයා මට  ඒතරම්  වෛර කරන්නෙ....? අයියා වගේම මාත් ඔයාගෙ දරුවෙක්නෙ.....එතකොට ඒ හැම දෙයක් පිටිපස්සෙම හිටියෙ ඔයාද අම්මේ.... ?"

"කටවහපන් දේවාන්.... තේජාන් ඉපදුනෙ මගෙ ඕනකමට.... ඌ හැදුනෙත් මට ඕන විදිහට.... ඒත් උබ මගෙ බඩට ආවෙ උබෙ මහා එකාගෙ ඕනකමට.... මං බීලා හිටපු වෙලාවක මගෙන් උන එක වැරැද්දක්  විතරයි උබ......"

"අනෙ අම්මෙ..හ්... එහෙම...කියන්න..එපා අම්........"

"කට....කටවහපන් දේවාන්.....උබ මට අම්මා කියද්දිත් මගෙ ඇගෙ කටු අනිනවා වගෙ.... අම්මෙ අම්මෙ ගෑවට උබට හැමදාම ලොකු උනෙ ඔය ඉන්න මාමාවයි එයාගෙ ගෑණිවයි විතරයි.......ඒ ගෑණිගෙ රෙද්ද අස්සෙ රිංගගෙන ඒ ගෑණිට ඕන විදිහට උබ හැදුනෙ..... ඒ ගෑණි මැරිලා ගියත් ම්.........."

"අම්මේ...........!!!! ඇති.......! තව එක වචනයක් කියන්න එපා අමාලි අම්මට.... තව එක වචනයක් එපා......එහෙම උනොත් මට අමතක වෙයි මං ඔයාගෙ කුසෙන් බිහි උනා කියලා.....!!!"

දේවාන් ඇස් දෙකත් රතු කරගෙන දත්මිටි කාගෙන ඒක කියපු විදිහට මාවත් ගැස්සුනා....මොකද මං මීට කලින් කවදාවත් දේවාන්ගෙ එහෙම ස්වරූපයක් දැකලා නෑ...... දේවාන් අමාලි අම්මා කිව්වෙ මගෙ කොල්ලගෙ අම්මට කියල මට තේරුණා...

"ඔව් මට වටිනවා තමයි මගෙ මාමාවයි නැන්දවයි... නැන්දා නෙමෙයි ඒ මගෙ අම්මා.... මගෙ අමාලි අම්මා........
ඔයා මං ඉපදුනාම මට එක කිරි උගුරක් දුන්නෙ නෑ කියලා හරි ආඩම්බරෙන් නේද ඔයා කියන්නෙ....? චූටි කාලෙ ඒ වචන වලට මගෙ හිත රිදුනට දැන් මං සතුටු වෙනවා ඔයා මට කිරි නොදුන්න එක ගැන..... ඔයාගෙන් කිරි බිව්වනම් මාත් අයියා වගේම සර්පයෙක් වෙන්න තිබුනා......"

"දේවාන්......!!! උබ ඔහොමද මටයි උබෙ අයියටයි කතා කරන්නෙ... ආ...? මගෙන් කාලා බීලා මගෙ ලග හැදිලා උබ මුන්ගෙ පවුලෙ එකෙක් වගෙ කතා කරන්නෙ මුන්ගෙන් ඉනාවක් කාලාද..... උබට තමන්ගෙ අම්මට සහෝදරයට වඩා මොකක්ද මුන් ගැන තියෙන කැක්කුම.......?"

"ඔයා හිතනවනම් ඒක ඉනාවක් කියලා.... ඔව්... මාමාගෙන් අමාලි අම්මගෙන් අශූගෙන් මට ලැබුන ආදරේ ඉනාවක් තමයි....චූටි කාලෙ ඉදන් මාව මගෙ තාත්තගෙන් ඈත් කරලා තිබ්බට ඔයාගෙන් තාත්තගෙන් ලබන්න බැරි උන ආදරේ අඩුවක් නැතුව මට දුන්නෙ මේ මිනිස්සු...... ඔයාගෙන් කිරි නොබිව්වට මං කිරි රස අදුනනවා අම්මේ....අම්මෙක්ගෙ කිරි සුවද, කිරි රස මං විදලා තියෙනවා අම්මෙ.... ඒ මගෙ අමාලි අම්මගෙන්.... ඔයා නොදන්නවා උනාට අශූ ඉපදෙනකොට අවුරුදු දෙකක වයසෙ හිටපු මාව තුරුල් කරල් අමාලි අම්මා ඒ පපුවෙන් මට ඇති තරම් කිරි දීලා තියෙනවා.... අශූ එක පැත්තකින් බොනකොට මාව අනිත් තනේට තුරුල් කරන් එයා මට අවුරුදු එකාහමාරක් කිරි දුන්නා අම්මේ..... අශූව වගේම මාවත් ඒ පපුවට තුරුල් කරන් නිදාගත්තා ජීවත් වෙලා ඉන්නකන්ම.....අශූ දවසින් දවස ලොකු වෙද්දිවත් එයාගෙ අම්මට තුරුල් වෙලා කිරි බොන මාව පයින් ගහලවත් තල්ලු කරේ නෑ..... හැමදාමත් හිනා වෙලා මගෙ කම්මුලක් අල්ලගෙන හිටියා.... මගේම සහෝදරයගෙන් නොලැබුන ආදරේ ඒ පොඩි එකාගෙන් ලැබුනා....ඉතින් මට කැක්කුමයි තමයි මගෙ මල්ලි ගැන......."

දේවාන් කියන වචනයක් ගානෙ ඒ ඇස් වලින් බෝගෙ අම්මා බෝ ගැන තියෙන ආදරය මං දැක්කා......එක කුසින් බිහි නොවුනත් මගෙ කොල්ලයි දේවානුයි අතර තියෙන බැදීම මෙච්චර ශක්තිමත් වෙන්න හේතුව ඒක වෙන්න ඇති....

"හහ්....ඒකද උබ හැමවෙලාවෙම උබේම අයියත් එක්ක රණ්ඩුවට වෙවී මූව බේරගන්න දැගලුවේ....? මූ වෙනුවෙන් ගුටි කෑවෙ බැනුම් ඇහුවේ....? ආ......?? "

"ඔව්...ගුටි කෑවත් බැනුම් ඇහුවත් ඔයා ගිහින් මාව හොස්ටල් එකක නවත්තලා හිරකාරයෙක් කරත් මං මගෙ චූටි මල්ලි වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරා... තේජාන් අශූට කරන්න හදපු හැමදේම මට පුළුවන් විදිහට මං නැවැත්තුවා.....මගෙ අමාලි අම්මා නැති වෙනකොට මං අවුරුදු තුනහමාරක් ඇති..... ඒත් ඒ දවස අද වගෙ මට මතකයි.....එදා ඒ අන්තිම දවසෙ මගෙ චූටි අතකින් අල්ලගෙන අමාලි අම්මා මගෙන් ඉල්ලුවෙ එක දෙයයි.... හැමදාමත් මේ චූටි මල්ලියව බලාගන්න කියලා..... ඉතින් මං ඒක කරා.... එදා ඉදන් හැමදාමත් මට පුළුවන් විදිහට මං ඒක කරා...... "

දේවානුත් අඩ අඩ හිතේ තියෙන දුක වේදනවා පිට කරද්දි මගෙයි තාත්තගෙයි බෝගෙයි ඇස් කදුළු වලින් පිරිලා ගියා.......

"එතකොට උබද....? උබද ඒ කාලෙ ඉදන් මගෙ ප්ලෑන්ස් අවුල් කරේ.....ආ.......???"

කේන්තියෙන් පුපුර පුපුර නැගිටපු සුධීරා දේවාන් ලගට ගිහින් එක අතකින් දේවාන්ගෙ කම්මුල් මිරිකලා අල්ලගෙන කෑගහද්දි දේවාන් කට කොණකින් හිනා වෙලා ඔව් කියන්න ඔළුව හෙල්ලුවා....

චටාස්ස්........

"සුධීරා.........!! නවත්තපන් ඕක........!!"

සුධීරා දේවාන්ගෙ කම්මුල රතු වෙන්න පාරක් ගහද්දි අත් ගැට ගහලා හිටපු තාත්තා ඒවා ගලවගන්න දගලනගමන් කෑගැහුවා......

"ගහනවා නෙමෙයි මූව මරලත් මදි..... මට තිබුනෙ මූව ඉපදුනගමන් හරි මරලා දාන්න.... "

"සුධීරා.......!! ඇති යකෝ ඇති.... තෝ ගෑනියෙක් වෙලා අම්මෙක් වෙලා මොනවද යකෝ මේ දරුවට කියන්නෙ....??"

"මට කියපන් දේවාන්.... උබ කොහොමද එච්චර හරියක් කරේ....? උබව මං හොස්ටල් එකක නවත්තලා අශූගෙන් ඈත් කරේ උබ හැම වෙලාවෙම ඌව බේරගන්න දගලපු නිසයි...... හොස්ටල් එකට මං දැනුම් දීලයි තිබුනෙ මගෙන් අවසරයක් නැතුව උබට එළියට යන්නවත් කාටවත් උබව මුණගැහෙන්නවත් දෙන්න එපා කියලා..... "

"ඔව් ඔයා මාව එහෙම හිරකාරයෙක් කරා තමයි අම්මෙ.... ඒත් ඊට කලින් මං කෙනෙක්ගෙ උදව්වෙන් මාමාට දැනුම් දුන්නා තේජාන්ගෙන් අශූව බේරගන්න කියලා....ඒකත් කරේ ඔයාගෙ ෆෝන් එකෙන්.....ඔයාගෙ ෆෝන් එකෙන් මට මාමාට කතා කරලා කියන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.... මොකද ඔයා ඒක දැනගත්තනම් අයියට තියෙන ආදරේ නිසා ඔයා කොහොම හරි ඌව සුද්දවන්තයෙක් කරනවා කියල මං දන්නවා.... හැබැයි මං එතකොටත් දැනගෙන හිටියෙ නෑ මේ හැමදෙයක්ම පිටිපස්සෙ හිටියෙ මගෙ අම්මා කියලා........ මං හිතුවෙ ඒ ඔක්කොම  මගෙ අයියගෙ  බලු වැඩ කියලයි.... ඒත් ඒ ඔයා කියල දැනගෙන හිටියනම් ඔයාට මං මෙච්චර දුර එන්න දෙන්නෑ අම්මේ....."

"හහ්....උබ කවුද දේවාන් මාව නවත්තන්න....? ඒක උබෙ හිගන තාත්තටවත් බැරි උනා.... ඔහොම හිටපන් ටිකක්....මගෙ මේ වැඩේ ඉවර වෙලා මං උබ ගැනත් බලාගන්නම්....

"එතකොට පොඩි කාලෙ ඉදන් මගෙ කොල්ලගෙ ජීවිතේ විනාශ කරන්න හැදුවෙ උබද සුධීරා.....??"

"ඔව් ඉතින් කොල්ලා විතරනෙ මෙහෙ හිටියෙ.... ඔයාගෙ දෝණියත් මෙහෙ හිටියනම් වෙන්නෙ ඒ ටික තමයි.... මොකද උන් බුක්ති විදින්නෙ මට මගෙ දරුවන්ට ලැබෙන්න තිබ්බ දේවල්.... ඉතින් මට ඕන උනෙ උන්ව මගෙ පාරෙන් ඈත් කරලා දාන්න.... ඔයාගෙ දරුවන්ගෙ ජීවිත විනාශ කරලම දාන්න.....ගෑණිත් නැතුව දරුවොත් නැතුව ඔයා තනිවෙලා අඩවනවා බලන්න.... ඉතින් මං මුලින්ම අශූට බලන්න දුන්නෙ එයාගෙ තාත්තා වෙන ගෑණු එක්ක ඉන්න මං එඩිට් කරවපු ෆොටෝස්..... එතන ඉදන් තමයි මං ටික ටික ඒ ඔළුවට විස පුරවන්න ගත්තෙ..... තේජාන් මට ඒ දේවල් කරගන්න නියමෙට සපෝට් එක දුන්නා....මේ කාළකණ්නියා වගෙ නෙමෙයි........."

දේවාන්ගෙ කම්මුල් මිරිකලා ආයෙත් නැන්දා එහෙම කිව්වෙ කොල්ලා දිහා පිළිකුලකින් බලනගමන්... මොන වගෙ අම්මෙක්ද මේ....

" මං පොඩි කාලෙ ඉදන් මට ඒ හැමදේම කරේ ඔයාද නැන්දි...? මෙහෙන් යන්න කලින් මාව ඇක්සිඩන්ට් කරන්න හදපුවා, අර පාටි එකේදි මිනිස්සු දම්මලා මාව රේප් කරවන්න හදපු එක, මං අක්කි ලග ඉන්නකොට තාත්තගෙ අර ෆ්..ෆොටෝස්..... ත්..තාත්ත්ගෙ ඇක්සිඩන්ට්...එක.....න්..නැන්දි...මෙ...මේ හැමදේම..."

මෙච්චර වෙලා කටවහගෙන හිටපු මගෙ මැණික කතා කරන්න ගත්තට ඉතුරු ටික කියාගන්න බැරුව එයාට ඉකිගැහුනා.... මං දැනන් හිටියා මෙහෙම වෙයි කියලා.... එයාට අමාරුයි දරාගන්න.....අනෙ මට මගෙ කොල්ලව තුරුල් කරගන්න ඕනෙ.... එයාට දැන් මාව ඕනෙ.... ඒත්  එයා ලගට යන්න විදිහක් නැතුව මං හිටියෙ අසරණ වෙලා.....

"අයියො අශූ මැණික.... මං මෙච්චර වෙලා කිව්වෙ ඒක තමයි.... තාමත් තේරුණෙ නැද්ද ඔයාට....? ඔයාගෙ ජීවිතේ උන හැමදේම උනෙ මේ නැන්දිට ඕන දේවල් තමයි වස්තුවෙ.... හැමදේම තේජාන් කරා කියලා පේන්න තිබුනට තේජාන් කරේ මං එයාට කරන්න කියපු දේවල්....,ඔයාගෙ තාත්තගෙ ඇක්සිඩන්ට් එක..... ඒකත් මං කරේ... මොකද අර ඈන් කියන ගෑණි නිසා තාත්තා තේජාන්ගෙ තව හොර අල්ලන්න හැදුවනෙ.... ඉතින් මට සිද්ධ උනා ඔයාගෙ තාත්තව ගේම් එකෙන් අයින් කරලා දාන්න... ඒත් ඉතින් එයාට ඒකෙනුත් බේරෙන්න වාසනාව තිබුනා.... "

"අනෙ..හ් ඇයි..නැන්දි...? ඇයි...ඔයා...එහෙම...කරේ....? ඔයාගෙ..අශූ...ඔයාව...විශ්වාස.....කරානෙ....."

"හහ් හහ් හා....විශ්වාස කරා....? මේ මාව....? ඇත්තටම.....? එහෙනම්  ඇයි අශූ උබ නැන්දටත් නොකියා අර හිගන්නව බැන්දෙ....ආ.....??"

"ආහ්හ්.......... "

"එයාව අතාරින්නවා..........!!

මාව බැන්දේ ඇයි කියලා අහනගමන් සුධීරා මගෙ කොල්ලා ලගට ගිහින් එයාගෙ කොණ්ඩෙන් අල්ලලා පිටිපස්සට අදිනකොට මට කෑගැහුනා....

"ඌප්ස්ස්.......හස්බන්ඩ්ට තරහා ගිහින් වගෙ.... "

මගෙ කටහඩට මං දිහා බලලා හිනා උන සුධීරා බෝව අතඇරලා ඊළඟට ආවෙ මං ලගට......

"මට ඒ පොඩි එකාගෙන් වැඩක් නෑ ශාන්....ආයෙ ලංකාවට ආවම  ඉවරයක් කරලම  දාන්නයි මං හිතන් හිටියෙ....ඒත් ඉතින් අපේ තේජාන්ට ආස හිතනලුනෙ මස්සිනා පොඩ්ඩව දැක්කම..... ඊටපස්සෙ මට මගෙ ප්ලෑන්ස් ආයෙත් වෙනස් කරගන්න සිද්ධ උනා... එතනදි අපිට ලොකුම බාධාව උනෙ තමුසෙ..... මං තමුසෙව ගේම් එකෙන් අයින් කරන්න තේජාන්ට බාර දුන්නා........"

"ඉතුරු ටික මං කියන්නද අම්මා....."

එහෙම ඇහුවෙ තේජාන්....... සුධීරා ඔළුව වනලා හිනා උනා....

"අශූ ඕස්ට්‍රේලියාවෙදි වෙනම තනියම ජීවත් වෙන්න ගත්තට පස්සෙ මං අශූ ගැන ඇහගහගෙන ඉන්න කියල මගෙ එකෙක්ව අශූට ලන් කරා.... ඒ වෙන කවුරුත් නෙමෙයි.... ආදිත්‍ය.... ආදිත්‍ය සේනානායක.... ඌ පොඩි කාලෙ ඉදන් මගෙ යාළුවා.... ඌත් ඒ දවස්වල ඕස්ට්‍රේලියා හිටපු නිසා අශූ ගැන විස්තර හොයලා එවපන් කිව්ව්ම ඌ එකපයින්ම කැමති උනෙ දැකපුගමන් අශූගෙ ෆිගර් එකට වහ වැටිලයි... ඊටපස්සෙ මගෙ වැඩේ තවත් ලේසි උනා..... ආදිත්‍ය මට අශූ කරන කියන හැම දෙයකම විස්තර එව්වා......"

ම්ම්...මට කලින් ඉදන්ම ඔය සැකෙ තිබුනා.... එතකොට ආදිත්‍ය මේ වෙනකන් හැමදේම කරේ තේජාන්ට ඕන විදිහටද...? එහෙම හිතන්න අමාරුයි.... ආදිත්‍ය කියන්නෙ එහෙම අනිත් උන්ට ඕන විදිහට නටවන්න පුළුවන් එකෙක් කියල හිතන්න අමාරුයි.... අනිත් එක තමයි ආදිත්‍ය වෙනුකිගෙ ප්‍රශ්නෙ විසදපු විදිහ ගැන හිතනකොට මෙතන මං හිතනවට වඩා දෙයක් තියෙනවා වගෙයි....

"ආදිත්‍ය අපිට අශූගෙ මරු විඩියෝස් ෆොටෝස් ටිකක් එව්වා මාමාටත් බලන්න එක්කම.... මාමාට මතක ඇතිනෙ චූටි පුතාගෙ වැඩ කොහොමද කියලා....? "

එතකොට තේජාන් තාම හිතන් ඉන්නෙ ඒවා ඇත්ත කියලද...? ඒකෙන්ම තේරෙනවා ආදිත්‍ය ලස්සනට තේජාන්ව අන්දලා කියලා..... ඒත් ඇයි ආදිත්‍ය එහෙම කරේ...? ඇත්තටම මගෙ කොල්ලට ආදරේ කරන නිසාද.....? එහෙම හිතෙනකොට මගෙ හිතට අමුතුම ඊරිසියාවක් එක්ක වේදනාවක් දැනුනා....

"ඊටපස්සෙ ටික දවසකින් අශූ ලංකාවට ආවනෙ... අවුරුදු ගානකින් අශූව දැක්කම මාත් පිස්සු වැටුනා මේ ලස්සනට......."

"අතඇරපන්........!!"

"අහ්....දගලන්න එපා අශූ මැණික..... දැන්ම නෙමෙයි....තව ටික වෙලාවකින් මං මේ ලස්සන බලන්නම්.....ඊට කලින් අපිට වෙන වැඩක් තියෙනවා නේද අම්මා....?"

තේජාන්ගෙන් ගැලවෙන්න දගනකොට ඌ මගෙ කොල්ලට සෝෆා එකට තල්ලු කරලා ආයෙත් ගන් එක් ඔළුවට තද කරා.....

"උබ දන්නවද අශූ....? උබ දැක්ක දවසෙ ඉදන් මට මාමාගෙ දේපල වගේම උබවත් ඕන උනා.... ඒකයි අපේ ප්ලෑන් වෙනස් කරේ....ඒත් ඉතින් ඈන්ව මාමාගෙ අතට අහු උනාට පස්සෙ මට ඕන දේ කරගන්න ලේසි වෙන්නෑ කියලා මං දැනගත්තා.... ඒකයි අම්මා මාමාව ඇක්සිඩන්ට් කරේ මට තිබ්බ එකම බාධාව අයින් කරන්න... ඒත් එතකොටත් අපි පරක්කු වැඩියි....මාමාගෙ එයාගෙ හැම දේපලක්ම ශාන්ගෙ නමට ලියලා තිබුනා...."

අපි කවුරුත් සද්දයක් නැතුව තේජාන්ගෙ කෙරුවාව අහගෙන හිටියා.... මොනවා උනත් පිළිගන්නම වෙනවා අම්මයි පුතයි මාරම වැඩ කාරයො කියලා....

"අපිට ශාන්වත් නැති කරලා දාන්න ඕනකම තිබුනත් එහෙම කරේ නැත්තෙ ඒ වෙනකොටත් මාමාගෙ ඇක්සිඩන්ට් එකට පොලිසියෙන් මාවත් සැක කරපු නිසයි.... ඊටපස්සෙ මං තීරණය කරා ශාන්ව වෙන විදිහකට අපේ මාර්ගෙන් අයින් කරන්න.... ආයෙත් මං ඒකට උදව් ගත්තෙ ආදිත්‍යගෙන්..... ඌගෙ හිතෙ අශූ ගැන තිබුන ආසාව මං දන්න නිසා අශූව දවසකට හරි දෙන්නම් කියල ඩීල් එකක් ගහලා තමයි ඌව ආයෙත් මේ ගේම් එකෙ ඉත්තෙක් කරගත්තෙ...."

තේජාන් කියන වචනයක් මගෙ ඇගෙ ලේ නහර ගිනි ගන්නවා වගෙ දැනෙද්දි මට තේජාන් මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් දැනුනා.... ඒත් එක්කම මං මගෙ මැණිකගෙ ඇස් දිහා බැලුවෙ මාව නිවන්න පුළුවන් කෙනා එයා නිසයි.... මං බලනකොටත් ඒ ඇස්වල ආදරේ පුරෝගෙන එයා මං දිහාම බලන් හිටියෙ මගෙ හිත තේරුම්ගත්තා වගෙයි....එයා දන්නවා නිතරම කේන්ති ගන්න එයා වගෙ නෙමෙයි ඉදලා හිටලා තරහ ගියාම මගෙ කේන්තිය කොහොමද කියලා.... එක මොහොතකට හරි ඒ ඇස් දෙකෙන් මාව නිවන්න එයාට පුළුවන් උනා.... ඒ හැගීම් පිරුණු ඇස් වචන වලින් කතා කරනවට වඩා ගොඩාක් දේවල් මාත් එක්ක කතා කරා ඒ එක මොහොතට..... ඊටපස්සෙ පස්සෙ ඒ ඇස් දිහාම බලන් ඉදලා මං ලොකු හුස්මක් ගත්තෙ තේජාන්ගෙ කතාවෙ ඉතුරු ටික අහගන්න.....

"ශාන් එදා ශාන්ගෙ මාමාව බලන්න හොස්පිට්ල් යන දවසෙ තමයි මං ආයෙත් හැමදේම පටන් ගත්තෙ.... ආදිත්‍ය නෙමෙයි මගෙ මිනිස්සු තමයි ශාන්ගෙ කාර් එකට බෝම්බ සෙට් කරේ....ඊටපස්සෙ අශූට කෝල් කරලා බය කරන්න කියල ආදිත්‍යට කිව්වෙ මං.... එදා ඉදන් හැමදාම ආදිත්‍ය වැඩ කරේ මට ඕන විදිහට.... ආදිත්‍ය කරේ මං කියපු දේවල්..... ඒත් ඊයෙ පෙරේදා ඉදන් මට තේරෙන්න ගත්තා ඌගෙ ඇක්ටින් ඕවර් යනවා වැඩියි කියලා.... මට තේරෙන්න ගත්තා ඌට ඕන අශූව ඇත්තටම මැරි කරන්න කියලා.... ඌට ඒක කරන්න බැරිකමකුත් නෑ කියලා මං දන්නවා.... එහෙම උනොත් මෙච්චර දවසක් මං කරපු හැමදේම ගගට ඉනි කැපුවා වගෙ වෙන්න තිබුනා.... මං ඒකයි තර්ජනය කරලා අශූව එක්කන් ගිහින් මැරි කරේ.... හහ්...ඒත් කවුද හිතුවෙ අපේ මාමා අපි හැමෝටම වඩා වැඩ්ඩෙක් කියලා... නේද අම්මේ....?"

"හහ් හහ් හා.... ඔය මොන වැඩ්ඩටත් අද මගෙ ලග අද දණගහන්න වෙනවා තේජාන්..... ඔන්න ඉතින් අයියේ ඔයා දැනගන්න ආසාවෙන් හිටපු කතාව මමයි තේජානුයි කිව්වා.... දැන් අන්තිම කොටස....."

සුධීරා එහෙම කියලා එතන ෆයිල් එකක් අතේ තියන් හිටපු මනුස්සයට ඇස් වලින් මාව පෙන්නද්දි ඒ මිනිහා ෆයිල් එක අරන් මගෙ ලගට ඇවිත් හිටගත්තා....

"මේ ඩොයුමන්ට්ස් වලට සයින් කරන්න මිස්ටර් ශාන්...."

ලගට ආපු ඒ මනුස්සයා අතේ තිබුම ෆයිල් එක මගෙ ලගට දික් කරලා අත්සන් කියද්දි මං මුකුත් නොකියා ඒ මනුස්සයා දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයකින්.....

"මේකෙ තියෙන්නෙ මිස්ටර් ශාන්ට දැන් අයිතිවෙලා තියෙන හැම දේපලක්ම තේජාන්ගෙ නමට ලියනවා කියලා...."

"සුධීරා.......!! ඒක නම් කීයටවත් වෙයි කියලා උබ හිතන්න එපා....."

"අනෙ අයියේ ඔහොම නහර පුප්පන් කෑගහන්න එපා අනෙ....දැන් ටිකකට කලින් ඔයාම නේද කිව්වෙ ඉල්ලන ඕන දෙයක් දෙන්නම් මගෙ දරුවන්ට ඉන්න දෙන්න කියලා.... මට දෙන්න දෙයක් දැන් ඔයා ලග නෑ.....ඒ හැමදේම තියෙන්නෙ ශාන් ලග... එයා ඒ හැමදේම ලස්සනට තේජාන්ගෙ නමට පවරයි....ඔයාට තියෙන්නෙ බලන් ඉන්න විතරයි....."

"ශාන් ඉක්මන් කරපන්....... උබෙ මේ චූටි හස්බන්ඩ් ජීවත් වෙලා ඉන්නවා දකින්න ඕනෙ නම් ඕකට සයින් කරපන්....."

තේජාන් බෝව තව තවත් හිරකරගෙන කෑගහද්දි මං අර මනුස්සයගෙ අතේ තිබුන ෆයිල් එක උදුරලා ගත්තා....

"ශාන් එපා පුතේ.... ඒකට සයින් කරන්න එපා......"

"ඔව් ශාන් අයියෙ.... ඒ වැඩේ නම් කීයටවත් කරන්න එපා........!"

දේවානුයි තාත්තයි කෑගහනවා මට අත්සන් කරන්න එපා කියලා......

"තේජාන්..... ඕකගෙ කකුලකට වෙඩි තියපන්.... "

"එපා.........///"

සුධීරා තේජාන්ට කියද්දි බෝගෙ කකුලකට වෙඩි තියන්න කියලා අපි තුන්දෙනාටම කෑගැහුනා.....

"එපා....ම්.මං සයින් කරන්නම්......"

"ගුඩ්... ඉක්මන් කරනවා......"

මං අර ලෝයර්ගෙ අතින් පෑන අරගෙන පේපර්ස් වලට සයින් කරන්නයි හැදුවෙ....

ඒත්,



ඩෝං..💥

"ආආහ්හ්හ්..........."

"තේජාන්.............!!"

මං සයින් කරන්න හදනකොටම එකපාරටම ඇහුන වෙඩි හඩට අපි හැමෝම ගැස්සෙද්දි මං දැක්කෙ තේජාන්ගෙ අතට වෙඩි වැදිලා අතෙ තිබුන ගන් එක විසි වෙලා ගිහින් බිම වැටිලා තියෙනවා....

ශෙනාල්......
හරිම වෙලාවට ඇවිත්.... ශෙනාල් විතරක් නෙමෙයි ශෙනාල් එක්කම ගේ ඇතුලට ආපු පොලිසියෙ කිහිප දෙනෙක්ම එතන හිටපු මැරයන්ගෙ අත් වලට මාංචු දාලා ඇදගෙන ගියෙ සුධීරයි තේජානුයි මේ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව බලන් ඉන්නකොට.....

" මිසිස් සුධීරා විතානගෙ.... වැඩේ නියමයි..... ලස්සනට පාපොච්චාරණය කරලා ඔයා අපිට වැඩේ ලේසි කරා.....ඔයාට විරුද්ධව සාක්ෂි තිබුනත් ශාන්ට ඕන උනා ඔයාගෙ කටින් මේ පවුල ඉස්සරහ ඕවා වමාරනවා බලන්න.... ඉතින් අපිත් එළියට වෙලා සද්ද නොකර ඔයාගෙ බෝරින් කතාව අහගෙන හිටියා...."

ඒක ඇත්ත.... මං කලබල නොවී හැමදේම මෙහෙම ඉවසන් ඉන්න එකම හේතුව මේ වෙනකොටත් ගේ වටේටම පොලිසියෙන් ඉන්නවා කියල දන්න නිසයි.... මට ඕන උනා සුධීරගෙ කටින්ම හැමදේම එළියට ගන්න....

"එහෙනම් දැන් යමු නේද පුතත් එක්ක යකඩ කූරු ගණන් කරන්න.... එතන ඉන්න අයටත් ලස්සන කතා ටිකක් කියල දෙන්න අම්මටයි පුතාටයි පුළුවන් වෙයිනෙ....
එහෙම නේද ආදිත්‍ය......?"

ශෙනාල් හිනා වෙවී එහෙම කියනගමන් පිටිපස්ස හැරිලා බලද්දි ඉස්සරහ දොරෙන් ඇතුලට ආවෙ ආදිත්‍ය.... මේ මොකක්ද වෙන්නෙ....?

"ශාන්....මට මේක මුල ඉදන්ම කියන්න බැරි උනෙ ආදිත්‍යගෙ ඉල්ලීම නිසයි....ඈන් ගැන හොයන්න වගේම ඇක්සිඩන්ට් එක සම්බන්ධයෙන් ගොඩාක් දේවල් හොයාගන්න මට පෞද්ගලිකව උදව් කරේ ආදිත්‍ය..... ඒ වගේම තමයි තේජාන් කිහිප සැරයක් උබව මරන්න ප්ලෑන් කරලා තියෙනවා... ඒ හැමපාරම උබව බේරගෙන තියෙන්නෙ ආදිත්‍ය..... ඒ හැමදේමත් සාක්ෂි එක්කම අපි ලග තියෙනවා......."

"ආදිත්‍ය උබ........?? එහෙනම් උබත් මාව අන්තිමට රැවට්ටුවා නේද....??"

ශෙනාල් කියන ඒවා අහන් හිටපු තේජාන් වෙඩි වැදුනු ඌරෙක් වගේ ආදිත්‍යගෙ ඇගට කඩන් පනින්න හදනකොට ශෙනාල් පැනලා තේජාන්ව අල්ලගත්තා......

"අන්තිමට නෙමෙයි තේජාන්....මුල ඉදන්ම උබ මට රැවටුනා..... උබ හිතුවෙ මං උබට උදව් කරා කියලද....නෑ.... මං හැමදාමත් උදව් කරේ මගෙ කොල්ලට.... මගෙ පණට......... මං හැමදේම කරේ මගේ ආදරේ වෙනුවෙන්.........."

ආදිත්‍ය මේ කියන්නෙ බෝට ආදරේ කරපු නිසා මේ හැමදේම කරා කියලද....? ඒක ඇහුනගමන් තේජාන් හිනා වෙන්න ගත්තෙ වියරුවෙන් වගෙ....

"හහ්....ඒත් උබ පණ පණ කිව්වට උබෙ පණ උබටත් හොරෙන් වෙන එකෙක් කසාද බැදලා.... දැන් ඉතින් උබටත් හුළං තමයි......"

"ඒක කවදාවත් වෙන්නෙ නෑ තේජාන්.... මගෙ ආදරේ මං එහෙම ලේසියෙන් වෙන කාටවත් අයිති වෙන්න දෙන්නෑ......."

"අන්න හරි ආදිත්‍ය...... අයිති වෙන්න දෙන්න එපා...... අයිති උනොත් නැත්තටම නැති කරලා දාන්න.... මරාගෙන මැරෙන්න.... මේ මං වගෙ......හහ් හහ් හා....."

ආදිත්‍ය තේජාන් කතා කරන වෙලාවෙ මං දේවාන්ගෙ අත් ගලවලා නීතා අම්මගෙයි තාත්තගෙයි අත් වල ලණු ගලවලා දානකොට සුධීරා බිම වැටිලා තිබුන ගන් එක අහුලගෙන ඒක ආයෙත් කෙලින්ම තාත්තට එල්ල කරගෙන එහෙම කිව්වෙ වියරුවෙන් හිනාවෙනගමන්....

"එපා...........!! නැන්දි එපා............."

"මිසිස් විතානගෙ..... දැන්ම ඔය ගන් එක බිමට දානවා.... මෙතන ඉන්න කාටවත් කරදරයක් කරලා තමුන්ට ගැලවිලා යන්න ලැබෙයි කියල හිතන්න එපා......."

ශෙනාල්ගෙ වගේම පොලිසියෙ කිහිපදෙනෙක්ගෙම පිස්ටල් සුධීරගෙ පැත්තට එල්ල උනත් ඒ මුහුණෙ බයක සේයාවක්වත් මං දැක්කෙ නෑ.... ඒ ඇස්වල තිබුනෙ වෛරයක් විතරයි....

"මට දැන් කොහොමත් එකයි..... මං යන තැනක යන්නෙ මගෙ පලිගැනීම සම්පූර්ණ කරලා..... ඔයා හැමදාමත් විදවන්න ඕනෙ අයියේ..... ඒක තමයි මගෙ එකම සැනසීම........."

එහෙම කියනගමන් සුධීරා තාත්තා එක්ක හිනා වෙලා අතේ තිබුන ගන් එක මගෙ කොල්ලගෙ පැත්තට හරවද්දි මගෙ සර්වාංගෙම වෙව්ලන්න ගත්තා.... අඩියට දෙකට මගෙ මැණික ලගට දුවලා යන්න හැදුවත්,

මං පරක්කු වැඩියි.......

"එපා..............!!!!"

ඩෝං........💥





"දේව්..............!!"

"දේවාන් අයියේ........!!!"

"දේවාන්..........!!"

මට බැරි උනත් මට කලින් දේවාන් ඉස්සර උනා.... ඔව්...හැමදාමත් වගේ එයාගෙ චූටි සහෝදරයා බේරගන්න දේවාන් මැද්දට පැන්නා.... අන්තිම මොහොතෙත් එයාගෙ අමාලි අම්මට දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න ඉස්සරහට ආවා.......

ඒ උණ්ඩය දේවාන්ගෙ පපුව පසාරු කරන් යද්දි දේවාන් එතනම ඇදගෙන වැටුනෙ වේදනාවෙන් පිරුණු හිනාවක් මුවෙ රදවගෙනයි..... ඒත් එක්කම තවත් වෙඩි වරුසාවක් සුධීරගෙ ඇග පසාරු කරගෙන යනවා දැක්කත් අපි හැමෝම දිව්වෙ දේවාන් ලගට........

"දේව්........!! දේව් නැගිටින්න මගෙ පණ...... උබට බෑ මාව දාලා යන්න..... දේව්.....ඇස් ඇරලා මගෙ දිහා බලපන්......අනෙ..හ් දේව්.......නැගිටපන් රත්තරනෙ........!"

ඒ ආදිත්‍ය....... දේවාන්ගෙ ඔළුව උකුල උඩ තියාගෙන පිස්සෙක් වගෙ ආදිත්‍ය කෑගහද්දි දේවාන් හෙමීට ඇස් ඇරියා......

"අ..ආ..දී........ම්.....ආ..දී....."

"දේව්.....අනෙ ම්..මගෙ මැණික......ඇස් ඇරගෙන හිටපන් රත්තරන්.........ම්..මං උබට මුකුත් වෙන්න දෙන්නෙ නෑ........."

"ආ..ආ..දී....ම්..මං.........."

"දේව්............!!!!!"

අන්තිම මොහොතෙ ආදිත්‍යට මොනවා හරි කියන්න හදපු දේවාන්ගෙ ඇස් පියවිලාම යද්දි ආදිත්‍ය ගේ දෙවනත් වෙන්න කෑගහනකොට මගේ කොල්ලා මගෙ අත් උඩම සිහි නැතුව කඩන් වැටුනා...........

*
*
*
*
*
*
*
*
*

𝒵 𝒽 𝒶 𝓎 𝒾......🖊️

නැවත හමුවෙමු.........

_______________________________

ඊයෙ ගොඩාක් අය බෝනස් ඉල්ලලා තිබුනා. අනෙ මට සමාවෙන්න  දෙන්න බැරි උනාට. බෝනස් ඉල්ලපු ළමයි වෙනුවෙන්  අද දිග චැප්ටර් එකක් දුන්නෙ

කෝ මගෙ බෝබෝට බැනපු එයාව අවිශ්වාස කරපු ළමයි ටික? පෝළිමෙ එන්න නම් කියලා කතා කරන්න  කලින් 😌

දේවාන්ට සමුදෙමු...😔

Continue Reading

You'll Also Like

184K 5K 42
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...
1.1M 20.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
611K 9.5K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
246K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...