WHAT IF I KILL YOU IN THE END...

By _Fairy_dimples_18

2.4K 495 132

Euphoria, ඔබට පළමුවෙන් ආදරයක් දැනෙන විට ඔබ අත්දකින සතුට සමාජ සීමාවන් ඉක්මවූ දෙහදක ආදරය ♡ ⚠️ Quotation is str... More

01.
02.
03.
04.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.

05.

80 20 5
By _Fairy_dimples_18








ඇබී  class එක ඇරිලා ගෙදර ගියේ බස් එකේ.. ඇබී බයික් එක පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය දේකට විතරයි.. නැත්තම් එයා ගෙදර යන්නේ කෙටි පාරේ පයින් එහෙමත් නැත්තම් main road එකේ බස් එකේ .. ඇබී නැගපු බස් එකටම ඇබීට හොරෙන් හැනා, හේසල් දෙන්නත් නැග්ගේ ඇබීගෙ ගේ බලාගන්න.. ඇබී ඉස්සරහින් ඉදගද්දි හිමීට හැනා, හේසල් දෙන්නා පිටිපස්සෙන් ඉදගත්තා.. කොහොමහරි බස් එකේ ටිකක් පිරෙන්න සෙනග හිටිය නිසා ඇබීව එච්චර පෙනුනේ නෑ.. එක හෝල්ට් එකක් ලං වෙද්දි ඇබී නැගිටිනවා දැකපු මේ දෙන්නත් නැගිට්ටා.. බස් එක නවත්තපු හෝල්ට් එකෙන් ඇබී බහිද්දි හැනා හේසල් දෙන්නා පිටිපස්සෙ හිටපු නිසා සෙනග අස්සෙන් ඉස්සරහට එද්දි බස් එක යන්න පටන් ගත්තා...


" ඉක්මනට පලයන් යකෝ.. බස් එක යනවා.. බැහැගන්න ඕන " පිටිපස්සෙ හිටපු හැනා හේසල්ට කෑ ගහද්දි හේසල්.,

" හිටපන් ගෑණියේ.. මේ යනවා.. හම්මෝ පලයන්කො එහාට ලයිට් කණුව වගේ මැද්දේ හිටගෙන ඉන්නෙ " හේසල් ගෙ ඉස්සරහින් මහත මනුස්සයෙක් හිටියෙ හෙලවෙන්නෙවත් නැතුව.. හේසල් අන්තිම ටික හිමින් කිය කිය කොහොමහරි ඉස්සරහට ගියා..



" අංකලේ .... බහිනවෝ... " හේසල් කෑ ගහද්දි පැනපු ගමන් හැනා බෙල් එක ගැහුවා.. ඩ්‍රයිවර් එකපාරම බ්‍රේක් එක ගහද්දි හැනා හේසල් නූලෙන් නොවැටී බේරුණා..  හෝල්ට් එකේ ඉදන් ටික දුරක් ගිහින් බස් එක නවත්තද්දි.,


" ඒ බහින්නද නැවැත්තුවේ "  : හේසල්

" නෑ පනින්න.. බැහැපිය ඉක්මනට ආය මේක අද්දන්න කලින් " 

හැනා ඩ්‍රයිවර්ටත් රවලා ඉක්මනට බස් එකෙන් බැස්සා.. දෙන්නත් එක්ක බැස්සත් දෙන්නටම ඇබීව මග ඇරුණා..


" තොට කිව්වා එච්චර පස්සට යන්න එපා කියලා " : හැනා

" තෝ කොයි වෙලේද එහෙම කිව්වේ.. උබනේ මුලින්ම පස්සට ගියෙ " : හේසල්

" හරි හරි...ශිට්.. බලපන්කො ඉතින්.. මග ඇරුණා නේ "





*
*
*
*
*
*
*
*
*






ඇබී වොෂ් එකකුත් දාගෙන bathroom  එකෙන් ඇවිත් ඇදට ගොඩ උනා.. ඇබී කම්මැලිකමට movie  එකක් බලන්න phone  එක අතට ගද්දි ඇබී දැක්කා හැනා එයාට msg  එකක් දාලා තියෙනවා.. ඇබී msg එක කියවලා reply කරා...

How can I save you? 💌

ඇබීට එවෙලේම හැනාගෙන් reply එකක් ආවා..


ඔහ්හ් මේ ඉන්නේ ඔයා.. ඔයාට කැමති විදිහකට සේව් කරන්න  💌

Okay.. I will save you.. just.. Hannah 💌

Nooo!!! ... Don't save me just Hannah.. save me Hannah with a purple heart 💌


Okay! Ha ha ha 💌



හැනා එක්ක msg කරද්දී ඇබීට නිකන්ම හිනා යනවා.. ඇබීගෙ කාමරේ දොරත් අරගෙන එකපාර ඇතුලට ආවෙ ජෝ..


" මේ ඔයා වැඩක් ද "

" නෑ.. වැඩක් නැහැ "

" ඇයි? "

" මොකක්ද ඇයි? "

" මොකද තමුසේ හිනා වෙන්නේ " ජෝ කට ඉරක් කරගෙන අහද්දි හිනාව නවත්ත ගත්ත ඇබී.,

" නෑ.. මං හිනා උනේ නෑ "

" වෙන්න බෑ.. මං දැක්කා නේ මං එද්දි ඔයා තනියම හිනා වෙනවා "

" නෑ නෑ අනේ.. මං හිනා උනේ නෑ "

" එහෙමද.. මට හිතාගන්න පුළුවන්.. ඔය වයසට කොහොමත් තනියම හිනා යනවා තමයි "

" ජෝ! ...  "

" හිනා වෙලා ඉවර උනාම පහලට එන්න " ජෝ ඇබීට ඇහැක් ගහලා දොර වහගෙන පහලට ගියා..













NEXT DAY,


ඇබී අද class ගියෙ පරක්කු වෙලා.. ඒ නිසා එයාට පලවෙනි period එක මිස් උනා.. ඇබී ඇවිද ගෙන එද්දි හැබීට පිටිපස්සෙන් කව්රුහරි එයාගේ නම කියල කතා කරනවා ඇහුනා.. ඇබී පිටිපස්ස හැරුණාම දැක්කේ එයාගේ දිහාවට දුවගෙන එන හැනාව.. ඇබී හැනාට යන්තමට හිනා උනා

" අද ඔයා පරක්කුයි නේද "

" ඔව්.. අද ටිකක් පරක්කු උනා "

" මේ.. මේ මට පොඩි උදව්වක් ඕන "

" මොන වගේ එකක් ද.. පුලුවන් දෙයක් නම් කරන්නම් "

" මට ආරංචි උනා ඔයා maths වලට පට්ට දක්ෂයි කියලා.. ඇත්තටම මට maths පොඩ්ඩක්වත් බැහැ.. ඔයාට පුළුවන් ද මට maths  කියලා දෙන්න.. පාස් වෙන තරමට ඇති "


" ඒක ද උදව්ව.. ප්‍රශ්නයක් නැහැ.. මට පුළුවන් ඔයාට ඒ උදව්ව නම් කරන්න "


" ඕහ්.. thank you  අනේ.. ආ.. එතකොට අපි කවදාද පටන් ගන්නේ.. අද හවස "

" සොරි අද හවස නම් බැරි වෙයි .. මං පොඩි වැඩක් දාගත්තා.. හෙට හවස ඔයාට පුළුවන් ද "

" ඔයාට හෙට වැඩක් නැත්තම් මටත් ප්‍රශ්නයක් නැහැ "

" හරි එහෙනම්.. හෙට හවස අපි පටන් ගමු "





*

*

*

*





" අම්මේ.. මට ආය ඔය ගැන කතා කරන්න එපා.. ට්‍රිස් මගේ දරුවෙක් නෙමෙයි " කැතී එයාගේ අම්මට ඇබීගෙ ග්‍රැනීට ස්ථිරවම කිව්වා..

" ඔයා කොහොමද කැතී ඔහොම කතා කරන්නේ.. ට්‍රිස් ඔයාගේ ම දරුවා "

" එයා මගේ දරුවා උනත් එයා මාව අත ඇරියා.. එයා අර මෝඩ වැඩකට නැති කොල්ලව තෝරගත්තා "


" ඔයා ඒ ළමයව ඕනවට වඩා හිර කරනවා.. කොයි වෙලාවක හරි ඔයා එයාලට ආදරෙන් සලකලා තියෙනවා ද.. ඔයා හැමදාම කරේ එයාලා ඉන්න ඕන විදිහයි කරන්න ඕන දේවලුයි රිපීට් කරන එක.. ට්‍රිස් එයාගේ ආදරේ හොයාගත්තා.. ඒක වැරද්දක් නෙමෙයි " ග්‍රැනී කියද්දී ග්‍රැනී දිහා බලපු කැතී.,


" ආදරේ හොයා ගන්න එක වැරැද්දක් නෙමෙයි ඒත් ඒ වගේ ආදරයක්.. ඒක කොහෙත්ම අපේ පවුලට ගැලපෙන්නේ නැහැ.. මං මේ පවුල හදන්න ගොඩක් මහන්සි උනා.. අම්මා දන්නවද ට්‍රිස් නිසා අපේ siblings same words ලා කියන කතා "


" කැතී ආදරය වර්ග නැහැ.. ආදරය ආදරයමයි.. අනික ඔයා ඔය කතා කරන්නේ අපි අන්තෙටම වැටිලා හිටිය වෙලාවේ මැරුණා ද  කියලාවත් බලපු නැති හොද ( තත්වෙට ඉංග්‍රීසි නමක් ) ඒකකට ආවට පස්සේ පෝලිමේ ආව එවුන් ගැන නම් මට උන් කියන කිසි දෙයකින් වැඩක් නැහැ.. ඔයා පොඩ්ඩක් ළමයිව තේරුම් ගන්න බලන්න "



" අම්මේ .. ඇබීගෙ studies  ඉවර උන ගමන් ම එයාට company  එක භාර දෙනවා.. ඇබී හරි මට ඕන විදියට හිදියි " කැතීට කොච්චර කිව්වත් කැතී තේරුම් ගන්න පාටක් නැති නිසා ග්‍රැනී.,


" ඔයා ඔය කරන දේවල් වලින් වෙන්නේ ට්‍රිස් වගේම ඇබීත් ඔයාගෙන් ඈතට වෙන එක " ග්‍රැනී යන්න ගියෙ ලොකු සාලේ මැද කැතී විතරක් ඉතුරු වෙද්දී...





*

*

*

*





NEXT DAY,


හැනා ඇබීගෙ ගෙදරම පටන් ගමු කියලා කිව්ව නිසා ඇබී දුන්න address  එකෙන් හැනා ඇබීගෙ ගෙදරට ආවා.. ට්‍රිස්ගෙ ගෙදර සාමාන්‍ය ගෙයක්.. ඇබී ඇතුලට ඇවිත් door bell එක ගහද්දි දොර ඇරියෙ ට්‍රිස්..


" Ohh.. hi.. erm.. ඇබී ඉන්නවද " හැනා අමුතුවට අහද්දි හැනා දිහා බලපු ට්‍රිස්..


" Hey.. ඔව් එයා ඉන්නවා.. එන්න ඇතුලට "


ට්‍රිස් කතා කරලා ඇතුලට යද්දි හැනාත් ට්‍රිස් පස්සෙන් ඇතුලට ආවා..


" හැනාහ්! මං හිතුවේ ඔයා පරක්කු වෙයි කියලා " ඇබී හැනා ලගට එන ගමන් අහද්දි ඇබී එක්ක හිනා උන හැනා වටේට බලද්දී දැක්කේ කලින් දැකපු පිරිමි ලමයයි, තවත් පිරිමි ලමයෙකුයි එයාලා දිහා බලන් ඉන්නවා


" Hy.. mm.. " හැනා ඇබීට ඇස් වලින් අර දෙන්නව පෙන්නද්දි ඇබී.,

" ඔහ්.. මේ ඉන්නේ මගේ අයියා ට්‍රිස්.. එතකොට මේ එයාගේ හස්බන්ඩ් ජෝ.. එතකොට.. අයියේ මේ හැනා "

" Hello Hannah.. " : tris

" Hey Hannah " ජෝ ඇබී දිහා බලලා හිනා වෙද්දි ජෝට රැව්ව ඇබී.,


" හරි.. එහෙනම් අපි කාමරේට යමුද..  " බොන්න ගත්ත වතුර එක ඉස්මෝල්ලේ ගියපු ට්‍රිස්..


" ඈ මොකක්...කාමරේට " හැනා ඇබී දිහා බලද්දි ට්‍රිස් දිහා බලලා ජෝ දිහා බලපු ඇබී හැනාවත් එක්කන් කාමරේට ගියෙ.. කලින් දවසේ රැ ට්‍රිස්ට හැනා maths  අහගන්න එනවා කියලා ඇබී කියපු දේ ජෝ මතක් කරද්දි...

 






At Abby's Room,


" වොහ්.. ඔයාගේ කාමරේ නම් පට්ට ඈ "

" Thanks Hannah.. මෙතනින් ඉදගන්න.. " ඇබී හැනාට මේසෙයි පුටුවයි පෙන්නලා කියද්දී හැනා එතනින් ඉදගත්තා... ඇබීත් හැනාට ඉස්සරහින් ඉදගෙන.,


" අපි පටන් ගන්නද යන්නේ " හැනා අහද්දි ඇබී.,

" ඔව්.. ඇයි.. "

" නැහැ නැහැ හී "

" හරි.. මුලින්ම.. අපි පේපර් එකක් කරමු ඒකේ ඔයාට වරදින ගණන් හදලා ඉමු.. හරිද "

" හරී "

" ඉන්න මං පේපර් එකක් දෙන්නම් "

ඇබී හැනාට හිමිට කියලා දෙද්දී හැනාගෙ අවදානය පාඩමට වඩා ඇබීට යන්න ගත්තා.. කීප සැරයක් ම නවත්තගත්තත් ආය ආයම ඇබීටමයි ඇස් යන්නේ.. හැනා හිතුවේ ඒ ඇබී ලස්සන නිසා එයාව ආකර්ෂණය වෙනවා කියලා...

ඇබී හැනාට maths කියලා දෙද්දී ජූලිගෙ ගෙදර තිබ්බේ ඊට වෙස්ම දෙයක්...



" මොළයක් කියලා දෙයක් නැද්ද.. මොනවද මේ ලකුණු " ජූලිගෙ තාත්තා රිපොට් කාඩ් එක විසික් කරන ගමන් කිව්වා.. ජූලිගෙ ලකුණු හොදටම අඩුයි.,


" මං මගේ උපරිමේ කරා.. ඒවා තේරෙන්නේ නැහැ "

" තේරෙන්නේ නැති වෙන්න උබ බබෙක්ද.. මොළයක් තියෙනවා නේ.. අනිත් ළමයි කරන්නේ හොදට.. උබට බැරි ඇයි.. "

" ළමයට තේරෙන්නේ නෑ කියලා කිව්වානේ .. අපි හොද tution class  එකකට දාමු.. බනින්න එපා " ජූලිගෙ අම්මා ජූලිගෙ පැත්තට කතා කරද්දී.,

" එව්වට දාන්න සල්ලි කෝ.. උබ විතරනේ හම්බ කරන්නේ.. උබට බැරි ඇයි අනිත් ළමයි වගේ වෙන්න " අම්මා හම්බ කරන හැම සතේම බොන්න ගන්නවා කියලා ජූලි කියන්න ගියත් අම්මා ජූලිගෙ අතින් අල්ලගත්තා..



" අනිත් ළමයි එක්ක මාව සසදන්න එපා.. මං ඒකට කැමති නැහැ " ජූලිට කේන්තියි


" ආ.. උබෙ තරහා මට පෙන්නන්න එපා.. ඇයි.. හැමදාම උබ ගැන එන්නේ නරක  complain මයි.. උබට ඉගෙන ගන්න බැරි නම් ගෙදරට වෙලා පොල් ගාපන් " ජූලිගෙ තාත්තා එතනින් යද්දී ජූලිගෙ අම්මා හිමිට ගිහින් පුටුවෙන් වාඩි උනා..


" උබලා ඔක්කෝටම මං දවසක පොල් ගාන්නම් " ජූලී අම්මගෙ ඔළුව අත ගාන ගමන් තාත්තා ගිය දිහා බලලා හිමීට කිව්වා..
















See you guys 💓




Continue Reading

You'll Also Like

44.1K 1K 6
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...
8.3K 159 25
It's classification day for Riley. he is finally 18 but when he gets his results things turn for the worst quickly when he has to stay with his broth...
11.9K 1.3K 35
"කොල්ලො දෙන්නෙක්ට ලව් කරලා සෙක්ස් කරන්නත් පුළුවන්ද බන්.." ?
36.7K 7.6K 35
OPEN! Join a community of passionate readers, where the love of literature meets a welcoming and professional atmosphere.