මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

By ZHAYI_1085

135K 18.2K 7.4K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi More

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
08.කොටස
09.කොටස
10.කොටස
11.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
23.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
47.කොටස
48.කොටස
50.කොටස
51.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

49.කොටස

1.6K 258 94
By ZHAYI_1085


"ලොකු අයියෙ.......ම්..මං ප්‍රෙග්නට්....."

"මොකාක්.......///"

*
*
*
*

අපි තුන්දෙනාටම එකපාර  කෑගැහුනා..... මොනවද මේ මේකි කියවන්නෙ.....

"අනෙ ලොකු අයි..යෙහ්.....මාව බේරගන්නකො.....අනේ......ම්..මං දැන් මොකක්ද  කරන්නෙ ලොකු අයියේ....?"

ඒ කිව්වෙ මොකක්ද කියල හිතාගන්න බැරුව හොල්මන් වෙලා වගෙ හිටපු මගෙ කකුල් දෙක ලග දණ ගහලා වෙනුකි මගෙ කකුලක් බදාගෙන අඩනකොටයි මං හරි සිහියට ආවෙ....

"මොකක්ද වෙනුකි කරන්නෙ....? නැගිටපන් ඔතනින්....."

"අනේ..හ් බෑ ලොකු අයියේ.... පිං සිද්ධ වෙයි මාව බේරගන්න ලොකූ... "

මං නැගිටින්න කියලා කෑගැහුවත් නැගිටින්නෙ නැතුව මගෙ කකුල් බදාගෙන අඩන කෙල්ලව මං  උරහිස් වලින් අල්ලගෙන නැගිට්ටුවා.....ඒත් එක්කම පිටිපස්සෙන් මගෙ ශර්ට් එක කාගෙ හරි අතකට තද වෙනවා මට දැනුනා....

මං වෙනුකිව අතඇරලා ඔළුව පිටිපස්සට හරවලා බලද්දි එයා ඇස් දෙකත් රතු කරන් මගෙ ශර්ට් තදින් අල්ලන් ඉන්නව.... එයට සන්සුන් වෙන්න කියලා මං ඇස් දෙකෙන් කියද්දි එයා බෑ කියන්න ඔළුව වනලා අත් දෙකෙන්ම ශර්ට් එක මිරිකගත්තා.......

වෙනුකිට ඒක ගානක් නැති උනෙ හොටු පෙරාගෙන අඩන්න ගත්ත නිසයි.... මේකි දැන් මොකාටද මේ එන්න හදන්නෙ....? මං වෙනුකි දිහා බලන් ඉදලා දේවාන් දිහා බලනකොට කොල්ලත් ශොක් වෙලා කියලා තේරුනා.....

"වෙනුකි....මුලින්ම ඔය ඇඩිල්ල නවත්තපන්....."

මං ටිකක් සැරෙන් එහෙම කියද්දි ඒකී ඉක්මනට  අතේ තිබුන ලේන්සුවකින් කදුළුයි හොටුයි  පිහිදගත්තා.......

"ම්.මට වතුර එකක් දෙන්න පුළුවන්ද....?"

මුහුණ හොදට පිහිදගෙන මගෙන් වතුර එකක් ඉල්ලද්දි මං වතුර එකක් ගන්න හැරෙනකොටම මගෙ කොල්ලා වතුර වීදුරුවක් ගෙනත් වෙනුකිට දුන්නා.... බෝව  දැකලා මුලින්ම ඒකී ගැස්සුනා.....ඊටපස්සෙ   වීදුරුව අතට ගත්තෙ බිම  බලාගෙනයි.... වෙනුකි ඒක බොනකන් ඉදල  ආයෙත් ඒ හිස් වීදුරුව අතට අරන් එයා කලින් වගේම ගිහින් හිටගත්තෙ මගෙ පිටිපස්සෙන්....

ඊටපස්සෙ මං වෙනුකිට දැම්මෙ තියුණු බැල්මක්.... මේකි කියන්නෙ ඇත්ත වෙන්න පුළුවන්ද....?

"උබ මේ කියන්නෙ ඇත්තක්ද කියපන්...."

"අනේ මාව විශ්වාස නැත්නම් මාත් එක්ක ඩොක්ටර් කෙනෙක් ලගට යන්න එන්න ලොකු අයියෙ....."

එහෙනම් බොරුවක් වෙන්නත් බෑ... ඒත් විශ්වාස කරන්නත් අමාරුයි...

"ඒක ඇත්තක් නම් ,මට කියපන් වෙනුකි....කාගෙද ඔය බඩේ ඉන්න ළමයා...?"

"ඒ..ඒක ම්..මං දන්නෙත් නෑ ලොකු අයියෙ......"

"මොකාක්....?? දන්නෙ නෑ......? මොන කුණුහර්පයක්ද උබ ඔය කියන්නෙ....? උබ කියන්නෙ හුළගින් ආවා කියලද....? මගෙ යකා අවුස්සන එපා වෙනුකි....."

"අනෙ ලොකු අයියෙ මං මේ ඇත්තමයි කියන්නෙ....මේ ළමයා කාගෙද කියලා මං දන්නෑ අයියේ....මාසෙකට කලින් යාළුවෙක්ගෙ පාටි එකකට ගියා හොටෙල් එක්කට.... ඒ ගිහින් එදා යාළුවො බල කරපු නිසා උන් එක්ක ටිකක් බිව්වා.... එ....................."

"වෙනුකි.......! උබ.........."

"අනෙ අහන්නකො ලොකු අයියෙ..... එදා පළවෙනි පාරට මං එහෙම බිව්වෙ....ඒත් බියර් විතරයි....ඊටපස්සෙ පහුවදා නැගිටිනකොට මං හිටියෙ හොටෙල් රූම් එකක් ඇතුලෙ.... මං නැගිට්ටෙ ගොඩාක් අමාරුවෙන්....ඒ වෙද්දි මට මොනවද වෙලා තියෙන්නෙ කියල තේරුම්ගන්න අමාරු උනෙ නෑ.... එදා ක්..කවුරුහරි... කවුරුහරි ම්..මාව..................අනෙ..හ්... ල්..ලොකු..අයි..යෙ....."

එතනින් එහාට කියාගන්න බැරුව ඒකී ආයෙත් අඩන්න ගන්නකොට මං අතකින් මගෙ නලල දෙපැත්ත මිරිකගත්තා..... මේ දේවල් නැන්දයි මාමායි දැනගත්තොත් මොනවා වෙයිද..... නැන්දට වඩා මං දුක් වෙන්නෙ මාමා ගැන.... ඒ මනුස්සයා තාම ඉන්නෙ ලෙඩ  ඇදේ......

"ඉතින් ඒ කවුද කියලා උබ දන්නෙ නෑ...? එහෙමද උබ කියන්නෙ....? උබට එහෙම කරේ කවුද කියලා හොයන්න උබ උත්සාහ කරෙත් නෑ....එහෙමද....? ඒතරමට සිහිය නැති වෙන්න උබ බිව්වෙ බියර් විතරයි කියල විශ්වාස ද....?"

මං ආයෙත් වෙනුකි දිහා බලන් එහෙම ඇහුවෙ මගෙ කේන්තිය පාලනය කරගෙනයි......

"ඔ..ඔව් ලොකු අයියේ ඔව් බියර් එකක් විතරමයි..... අනිත් එක තමයි මට කාගෙන්වත් අහන්නවත් ඒ කවුද කියලා හොයන්නවත් හිතුනෙ නෑ.... ඒකෙන් මටමයි ලැජ්ජාවක් වෙන්නෙ... අනිත් මිනිස්සු දැනගත්තම මං කොහොමද ඊටපස්සෙ අනිත් අයට මුහුණ දෙන්නෙ කියල හිතුවා...."

"යකෝව් තෝ වගෙ..............."

"අනේ ලොකු අයියේ........! "

පාලනය කරගෙන හිටපු බැම්ම කඩාගෙන ආයෙත් මගෙ  කේන්තිය ඇවිස්සෙද්දි   වෙනුකිට ගහන්න ඉබේම මගෙ අත  ඉස්සුනා..... ඒකී බය වෙලා කෑගහගෙන අත් දෙකෙන්ම මුහුණ වහගන්නකොට බෝ ඉක්මනට අල්ලගත්තෙ මගෙ අතින්....

මං ලොකු හුස්මක් අරන් බෝ දිහා බැලුවා.... මගෙ අත අතාඇරියත් පිටිපස්සෙ ඉදන් එයා මගෙ පිට අතගෑවෙ මාව සන්සුන් කරන්න වගෙයි..... මං ආයෙත් වෙනුකිගෙ පැත්තට හැරුනා.....

"මට කියපන් එදා ඒ පාටිය තිබුනෙ කොහෙද ,දවස ,වෙලාව හැමදේම.... උබෙ යාළුවගෙ විස්තරත් එක්කම....."

"අ..අනේ ලොකු අයියෙ....ම්..මට ඒ මොකා උනත් මට වැඩක් නෑ.... මට මේ දරුවා එපා....මට මේ ළමයා නැති කරග්............."

"වෙනුකී........!!"

මේකී මේ දරුවෙක් නැති කරන්න මගෙන් උදව් ඉල්ලන්නද ඇවිත් තියෙන්නෙ...? ඒක අහද්දි මගෙ අත් පවා වෙව්ලුවා.....

"නැත්තන් මං මොකක්ද ලොකු අයියෙ කරන්නෙ...? කියන්න මට........ම්..මං කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ....? මගෙ අම්මා අප්පච්චිගෙ පපුව පැලිලා මැරෙයි දෙයියනේ......."

"ඒවට නූපන් දරුවො පලි නෑ වෙනුකි.... උබ ඕවා හිතන්න තිබුනෙ හොටෙල් අස්සෙ රිංගන් බොන්න කලින්..... කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තමන්ගෙ සීමාවන් දැනගන්න ඕනෙ...."

ඒ අතින් මගෙ කොල්ලා රත්තරන්.... එයාට නාස්ති වෙනවනම් අයාලෙ යනවනම් කොච්චර අවස්ථා තිබුනත් එයා එයාව පරිස්සම් කරගත්තා....

"අයියො...දැන් වෙලා ඉවරනෙ ලොකු අයියෙ....මං මේ මගෙ ඕනකමට බඩට ගත්ත එකක් නෙමෙයිනෙ.... මේකට විසදුමක් දෙන්නකො... "

"විසදුමක් හොයන්න තමයි මට විස්තර දීපන් කිව්වෙ....උබට ඒවා කියන්න බැරි නම් මං හොයාගන්නම්....උබට ඕක කරපු එකාම තමයි වගකීම බාරගන්න ඕනෙ........"

වෙනුකි මගෙ කොල්ලට කියපු කරපු දේවල් නිසා මං ඒකීව අතඇරලා දැම්මා... සහෝදරයෙක් විදිහටවත් ඒකී ගැන හොයලා බැලුවෙ නෑ.... ඒ ගැන හිතනකොට මට දැන් දැනුනෙ වරදකාරී හැගීමක්..... මේ දේවල් මෙහෙම උනෙ මගෙත් වරදින්ද කියල මට හිතුනා....

"අනේ...බෑ බෑ....ජීවිතේට දැකලවත් දන්නෙවත් නැති මට මේ වගේ තිරිසන් වැඩක් කරපු එකෙක් එක්ක ජීවත් වෙන්න මට බෑ...ඊට වඩා හොදයි මේ බඩේ ඉන්න එකා එක්කම මැරිලා යනවා....."

ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා...මෙහෙම දෙයක් කරලා ගිය එකෙක්ව කොහොමද විශ්වාස කරන්නෙ...ඒත් මේ වෙලාවෙ ඒ කවුද කියල හොයලා බලන්නම වෙනවා.... නැත්නම් මෙතන විනාශ වෙලා යන්නෙ එක ජීවිතයක් නෙමෙයි.....

"එතකොට උබෙ අම්මා අප්පච්චිට මොකද වෙන්නෙ කියල හිතුවද ආ.......?"

"ඒක තමයි දෙයියනේ කියන්නෙ.... අනෙ මට පිහිට වෙන්නකො ලොකු අයියේ..... මේ ලැජ්ජාව දරාගන්න බැරුව අර ලෙඩ ඇදේ ඉන්න අප්පච්චි මැරිලා යයි අයියෙ... "

"හරි...අපි මුලින්ම හොයලා බලමු මේක කරේ මොකාද කියලා...."

"බෑ බෑ දෙයියනේ....ඒ මොකෙක් උනත් මට එපා.... මට මෙහෙම දෙයක් කරපු එකෙක් මට එපා...... මේ බඩේ ඉන්න දරුවා නැති කරලා දාන්න එපා කියල ඔයා කියනවනම් අනෙ මටයි මගෙ බඩේ ඉන්න දරුවටයි පිහිට වෙන්නකො ලොකු අයියේ...... "

වෙනුකි ඒ කියන වචනත් එක්ක මගෙ අත් මිටි මෙලවුනා.... මොකක්ද ඒ කතාවෙ තේරුම....? මං කොහොමද පිහිට වෙන්නෙ....

"උබ මට මොකක්ද වෙනුකි කරන්න කියන්නෙ........??"

"ම්....දැන් ඔයාගෙ ජීවිතේ කවුරුත් නැති නිසා අනෙ මගෙ බඩේ ඉන්න දරු පැටියට අප්පච්චියෙක් වෙන්නකො මගෙ ලොකු අ.................."

"වෙනුකි........!!

සලාං...................

මට කෑගැහෙද්දිම මගෙ පිටිපස්සෙන් ඇහුන සද්දෙට පිටිපස්ස හැරිලා බලද්දි රතු උන ඇස් වලින් බලන් හිටපු එයාගෙ අතේම වතුර වීදුරුව කැඩිලා ගිහින්........

"බෝ.......!"

"අශූ.........!"

මං හැරිලා එයාගෙ අතින් අල්ලගන්නකොට දේවානුත් කලබලෙන් අපි ලගට ආවා.....

"දේවාන් ඉක්මනට අතනින් ෆස්ට්එයිඩ් බොක්ස් එක අරන් එන්න..සේලයින් එකකුත් ඇති ඒකත් ගේන්න..."

දේවාන්  ඒ ටික ගෙනත් දෙනකොට මං බෝගෙ අත අල්ලන් පුටුවකින් වාඩි කරා.... එයා මගෙ මුහුණ බලන්නෙ නෑ.... මං දන්නවා ඒ හිතට දැනෙන වේදනාව.... මට ඒක දැනෙනාවා.... මං එයාගෙ මුහුණ දිහා ටික වෙලාවක් බලන් ඉදලා දේවාන් දුන්න සේලයින් එකෙන් අත හොදට පිරිසුදු කරලා බෙහෙත්  දැම්මෙ එයා වෙන පැත්තක් බලන් ඉන්නකොට....

වෙනුකි දැන් ඉන්න තත්වෙ නිසයි ඒකී බේරුනෙ.... නැත්නම් එයාගෙ අතේ කුඩු උන වීදුරුව ඒකීගෙ ඔළුවෙ තියෙන්න තිබුනා.... මං එයාට බෙහෙත් දාලා ඉවර වෙලා නැගිටලා ගියෙ අපි දිහා බය වෙලා බලන් ඉන්න වෙනුකි ලගට....

"මේක හොදට අහගනින් වෙනුකි..... මගෙ ජීවිතේ කවුරු නැති උනත් මේ හිතෙ මං මැරෙනකන්ම ඉන්නෙ එකෙක් විතරයි.... ඒ තැන උබට තියා වෙන කාටවත් ගන්න බෑ.... මං දෙන්නෙත් නෑ........"

"මං හිතේ ඉඩක් ඉල්ලුවෙ නෑ ලොකු අයියේ.... නමට විතරක් හරි මේ ද............"

"උබට මං මේ හොදින් කියන්නෙ.... දැන් ඕක නවත්තපන්.....! දේවාන් මේකීව ගිහින් ඇනෙක්ස් එකට දාලා උබ හොස්පිට්ල් එකට වරෙන් මල්ලි.....මං බෝ එක්ක එන්නම්...."

මං දේවාන්ගෙ පැත්තට  හැරිලා එහෙම  කියනකොට දේවාන් අතේ තිබුන ෆස්ට්එයිඩ් බොක්ස් පැත්තකින් තියලා වෙනුකි ලගට ආවා.....

"ඔයා මෙයා ගැන මෙච්චර වද වෙන්නෙ මොකටද ලොකු අයියෙ.... ? මෙයා ඔයාව සතෙක් වගෙ එයාගෙ ජීවිතෙන් එළියට ඇදලා දැම්මටත් පස්සෙ ඔයා තවත් මොකටද මේ වගෙ එකෙක් මත්තෙ නැහෙන්නෙ....? ඇයි මෙයාට එක මිනිහෙක් මදි වෙලාද.................."

"දේවාන්.........!! මේ බැල්ලිව අරන් පලයන්.............!!."

මං කෑගැහුවෙ වියරුවෙන්....මේකි කොහොමද මගෙ කොල්ලට එහෙම කතා කරන්නෙ....?

"අනේ..හ් ලොකු අයියෙ....මගෙ බඩේ ඉන්න දරු............"

" ඔව්....මෙච්චර වෙලා ඉවසුවෙ ඔය බඩේ ඉන්න දරුවා ගැන හිතලා තමයි.....දැන්වත් මෙතනින් පලයන් ආයෙත් මගෙ අත ඉස්සෙන්න කලින්.....!"

මං දත්මිටි කාගෙන කියද්දි මගෙ කම්මුල් පවා කේන්තියට වෙව්ලනවා මට දැනුනා.........

"මෙන්න මෙහෙ එනවා වෙනුකි.......!"

"අනේ දේවාන් අයියෙ....ඔයාවත් ටිකක් කියන්නකො.........

දේවාන් වෙනුකිව ඇදගෙන යද්දි මං හැරුනෙ මගෙ කොල්ලගෙ පැත්තට.... එයා තාමත් පුටුවෙ ඉදගෙන කලින් ඒ හිටපු බැල්මෙන්ම පැත්තක් බලාගෙන ඉන්නකොට මං ගිහින් එයා ලග දණගහලා තුවාල උන අතින් අල්ලගත්තා..... ලොකු තුවාලයක් නෙමෙයි.... ගැඹුරට කැපිලා නෑ...... ඒත් ඉතින් එයාට පුංචි සීරීමක් වෙනවා කියන්නෙ ඒක මට දරාගන්න බැරි වේදනාවක්.......

"බෝ....."

"අපි යමු......"

මං දිහා නොබලම අපි යමු කියල එයා නැගිටින්න හදනකොට මං එයාට නැගිටින්න නොදී අල්ලගත්තා.....

"ඇයි මං දිහා බලන්නෙ නැත්තෙ....?"

මං අහනකොට එයා ලොකු හුස්මක් පහලට දැම්මා.....

"ඇයි අයියේ හැමෝම අපිව වෙන් කරන්නම හදන්නෙ.....?"

එයා ඒක ඇහුවෙ තුවාල උන අත දිහා බලාගෙන.....

"අපිව වෙන් කරන්න හදන එකෙක්වත් අපිට ආදරේ කරන අපි ගැන හිතන උන් නෙමෙයිනෙ මැණික.....?ඉතින් උන් නිසා අපි වෙන් වෙන්න ඕනෙද.....? උබ බය වෙලා මගෙන් ඈත් වෙන්න හැදුවත් මං උබට ඒක කරන්න දුන්නද.....?"

"ඒත් අයියේ.....මේ වෙනුකිගෙ ප්‍රශ්නෙදි ඔයා අසරණ වෙයිද........?"

එයා එහෙම අහද්දි මං නැගිටලා එයාවත් පුටුවෙන් නැගිට්ටුවා.... එයා තාමත් ඇස් බිමට බර කරන්..... මං එයාගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන මුහුණ උඩට ඉස්සුවා......

"අපිව කාටවත් බය කරන්නත් අසරණ කරන්නවත් බෑ අපි එකට ඉන්නවනම්....තේරුණාද.......?"

මං එයාගෙ නලලෙන් හාදුවක් තියලා කියද්දි එයා මගෙ පපුවට තුරුල් උනා.....වෙනුකිගෙ ප්‍රශ්නෙ ගැන බලන්න කලින් දැන් හොස්පිට්ල් එකට යන්න වෙනවා.... මේ මගෙ පණ.... එයාව මගෙන් ඈත් කරන්න මං කාටවත් ඉඩ දෙන්නෑ....

.
.
.

අපි යද්දි නැන්දා කලින්ම ඇවිත්....

"එහෙනම් මං යනවා අයියෙ.... හෙට එන්නම්.....මං කියපු දේ ගැන පොඩ්ඩක් හිතන්න....නැත්නම් ඉතින් ආයෙත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවො කෑවො කියන්න තමයි වෙන්නෙ...."

තාත්තට එහෙම කියල මටත් ගස්සගෙන නැන්දා රූම් එකෙන් එළියට යද්දිම ඒත් එක්කම ඇතුලට ආවෙ ආදිත්‍ය.... යකෝ මට නිදහසෙ තාත්තා එක්ක වචනයක් කතා කරන්න විදිහයක් නෑනෙ....

"දැන් කොහොමද අන්කල්....? හෙට ගෙදර යන්න පුළුවන් නේද....?"

ආදිත්‍ය තාත්තා ලගට එනගමන් බෝගෙන් පැත්තට බැල්මක් දානකොට මං කෙලින්ම ආදිත්‍ය දිහා බලන් හිටියා

"දැන් ගොඩාක් දුරට හොදයි පුතා.... ඩොක්ටර් කිව්වා හෙට යන්න පුළුවන් වෙයි කියල...."

"අශූ....ඇයි බබා මගෙ කෝල්ස් වලට ආන්ස්වර් කරේ නැත්තෙ....මං එනගමන් ඔයාවත් ගන්නයි කෝල් කරේ.....ගේට් එක ලගටත් ගියාම දන්නෙ ඔයා ගියා කියලා..... මං ඔයාට කෝල්ස් කීයක් ගත්තද....?"

"මං දැක්කෙ නෑ....."

එයා කිව්වෙ අහක බලාගෙන....

"ඒකට කමක් නෑ යද්දි මං ඩ්‍රොප් කරන්නම්...."

"නෑ එපා...මං යන්නෙ ඔෆිස් එකට........"

"හරි මං ඔෆිස් එක ල...................."

"හායි ආදිත්‍ය......
අශූට ශාන් අයියා එක්කම ඔෆිස් එකට යන්න පුළුවන්නෙ.....ඔයාට පුළුවන්ද මාව කැම්පස් එක ලගින් දාගෙන යන්න.....?"

ඒත් එක්කම දොර ඇරගෙන ආපු දේවාන් හිනා වෙලා  ආදිත්‍යගෙන් එහෙම අහද්දි  ආදිත්‍ය  ලොකු හුස්මක් ගත්තෙ ඇස් දෙක වහගෙන.....

"අන්කල්... මං ආවෙ පොඩි ඉන්වයිට් එකක් කරන්න....හෙට අන්කල්ව ඩිස්චාජ් කරනවනෙ.....ලබන සතියෙ සිකුරාදා මගෙ බර්ත්ඩේ එක.... අපේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා..... "

දේවාන් අහපු දේට උත්තර නොදී ආදිත්‍ය තාත්තට බර්ත්ඩේ පාටි එකක් ගැන කිව්වා.....

"බර්ත්ඩේ පාටිත් ගන්නවද....? හහ් අදනෙ දන්නෙ තාම බබා කියලා....."

අහක බලාගෙන කුටු කුටු ගෑවෙ දේවාන්..... හෙමීට කිව්වත් ඒක අපි හැමෝටම ඇහුනා....

"මාත් ඔය වගේ පාටි වලට නම් කැමති නෑ අන්කල්....ඒත් ඉතින් අපෙ අම්මගෙන් බේරෙන්න බෑනෙ.....අවුරුදු ගානකින් ආපු නිසා එයා පොඩි පාටි එකක් ගන්න ඕනෙලු....."

ආදිත්‍ය එහෙම කිව්වෙ තාත්තා දිහා බලාගෙන.....

" අම්මගෙ ආසාවට ඉඩ දෙන හොදයි දරුවො......."

තාත්තා කිව්වෙ ලෙන්ගතුව හිනා වෙලා........

"අන්කල්ටත් එන්න පුළුවන් නේද අශූ එක්ක.....? එදාට අපේ ගෙදර අයවත් අදුනගන්න පුළුවන්........."

"නෑ......තාත්තා කොහෙවත් යන්නෙ නෑ.....ගෙදර ගියත් තාත්තා රෙස්ට් කරන්න ඕනෙ...."

තාත්තට කලින් උත්තර දුන්නෙ බෝ.....

"චූටි පුතා ඒත් මේ ළ..........."

"තාත්තට මං කියන දේ අහන්න බැරිද......?"

බෝ තාත්තට රවාගෙන එහෙම අහනකොට තාත්තගෙ කට වැහුනා....

"හරි හරි අන්කල් ඒකට කමක් නෑ.... එහෙනම් අනිද්දට අශූ විතරක් ආවම ඇති........"

"මාමේ ඔයා අශූව තනියම යවන්නද හදන්නෙ......?"

හැම වෙලාවෙම වගෙ දේවාන් ඉස්සරහට පැනලා තාත්තගෙන් එහෙම ඇහුවෙ ආදිත්‍යට රවාගෙනයි.....

"අශූට තනියක් නෑ දේවාන්.... මං ඉන්නවනෙ...... අශූට විතරක් නෙමෙයි ඔයාටයි ශාන්ටයි දෙන්නටම ඉන්වයිට් කරන්න මං ආවේ.....මොකද ශාන්ට හෙට අනිද්දම ගමේ යන්න වෙනවනෙ..... ඉතින් යන්න කලින් පොඩ්ඩක් එන්ජෝයි කරමු නේද.....?"

ආදිත්‍ය කට කොණකින් හිනා වෙලා කියනකොට මං ආදිත්‍ය දිහා බැලුවෙ කුතුහලයෙන්....

"ඔහ්...එතකොට එදා අපිව ශොපින් එක්කන් ගියෙ ඒකද....?

ඒ දේවාන්..... ඒකට මුකුත් නොකියා ආදිත්‍ය හිනා වෙද්දි තාත්තා බෝගෙ ඔළුව අතගානවා මං දැක්කා.....

.

.

.

පහුවදා තාත්තව ගෙදර ගේනකොට නැන්දත් ඇවිත් ගෙදර නතර උනෙ තාත්තව බලාගන්න ඕනෙ කියලයි.... බෝටවත් තාත්තටවත් ඒකට විරුද්ධ වෙන්න බැරි උනා..... නීතාඅම්මත් ආයෙ ගෙදර ආවා... ඒ වෙද්දි නීතාඅම්මා ටිකක් සනීපෙන් හිටපු නිසා ඒක මට ලොකු සැනසීමක් උනා.....

බෝගෙ අතින් තාත්තගෙ හැම වැඩක්ම වෙද්දි නැන්දාගෙ උකුසු ඇස් නිතරම අපි දෙන්නට වැටිලා තිබුනා.... ඒ නිසා අපිට වෙනදා වගෙ නිදහසෙ ගේ ඇතුලෙ ඉන්න බැරි උනා..... තාත්තට නම් ඩොක්ටර් ඇදටම වෙලා රෙස්ට් කරන්න කියල තිබුන නිසා මට තාත්තගෙ කාමරේට යන එක තහනම් කරේ නැන්දා..... මං සද්ද නැතුව ඉවසුවෙ මේ වෙලාවෙ ඉවසන්නම ඕන නිසයි....

තාත්තව බලාගන්න ගෙදර වැඩ කරන්න ආවා කිව්වට නැන්දා කරේ දවසම ෆෝන් එක කොට කොට අපි කියන කරන දේවල් වලට අවදානය දුන්න එක.....ඒ නිසා ගෙදරින් පිටදි වගේම ගේ ඇතුලෙදිත් අපි දෙන්නට පිට උන් වගේ හැසිරෙන්න වෙද්දි හැමෝටම හොරෙන් අපි අපේ ආදරය වින්දෙ රෑට නිදාගන්නකොට කාමරේ ඇතුලදි විතරයි.... මේ ගෙවෙන අමාරුම දවස්වල අපිට තිබුන එකම සැනසීම එච්චරයි.........

.

.

"චූටි පුතා....හවසට ආදිත්‍ය පුතාගෙ ගෙදර අය මෙහෙ එනවා කිව්වා නේද...?"

තාත්තව ගෙදර ගෙනත් දවස් දෙකකට පස්සෙ උදේ වරුවෙ  මම, බෝ ,දේවාන් එක්ක තාත්තත් වාඩි වෙලා එකට කෑම කන්න ගත්ත වෙලාවෙ තාත්තා කියපු දේ නිසා මං කන එකත් නතර කරලා තාත්තා දිහා බැලුවා.....

"ඒ මොන මගුලකටද....?"

බෝ ඇහුවෙ කේන්තියෙන්......

"හ්ම්...මගුලක් ගැන කතා කරන්න තමයි....."

නැන්දත් සෝෆා එකට වෙලා ෆෝන් එකට එබීගෙන මේ පැත්තට ඇහුන්කන් දීගෙන ඉන්නවා මං දැක්කා... ඊටපස්සෙ එකපාරටම ෆෝන් එක ස්ටූල් එකට විසි කරලා නැගිටලා මේ පැත්තට එද්දි මං ආයෙත් බැලුවෙ තාත්තා දිහා....

"මොකක්ද අයියෙ මේකෙ තේරුම.....?"

නැන්දා කේන්තියෙන් ඇවිත් හිටගත්තෙ තාත්තා ලග....

"ඇයි මොකක්ද සුධීරා....?"

"මේ එකෙක්ව ගේ අස්සෙ දාන් එලවගන්න බැරුව ඉන්නකොට තව ලෙඩක් දාගන්නද හදන්නෙ...? ඇයි අයියා කෙලින්ම ඒ මිනිස්සුන්ට කිව්වෙ නැත්තෙ එන්න එපා කියලා.....?"

නැන්දට තාම මාව ගෙදරින් එළියට දාන්න විදිහක් නැතුව ඉන්නෙ බෝ කාවහරි මැරිකරනකන්  තාත්තගෙ දේපළ වල භාරකාරයා මං නිසයි.....

"ගෙදරට එන මනුස්සයෙක්ට එන්න එපා කියන්නෙ කොහොමද සුධීරා....? අනිත් එක, මං ඇයි එහෙම එපා කියන්නෙ....?"

"අයියා දන්නවා අපෙ තේජාන් හෙට එනවා කියල.... තේජාන් අශූ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියල අයියා දන්නවා.... දැන දැනත් ඇයි අයියා ආයෙත් පිට එකෙක්ව අශූට ලන් කරන්න හදන්නෙ...."

"චූටි පුතා ආදරේ කරන කෙනාට මං එයාව දීලා ඉවරයි නංගි....ආයෙ ඔය ගැන කතා කරලා තේරුමක් නෑ....."

තාත්තා කියපු ඒ කතාවට නැන්දගෙ ඇස් හීනි වෙනවා මං දැක්කා....

"මොකක්....? මොකක්ද ඒ කතාවෙ තේරුම......? අයියා තීරණය කරලා ඉවරද අශූව අර ආදිත්‍ය කියන එකාට දෙන්න....?? ඒකද එහෙම කිව්වෙ....??"

"සුධීරා.......! දැන් ඕක නවත්තපන්..... මගෙ දරුවා ගැන තීරණය කරන්නෙ මං.... මට වටින්නෙ මගෙ කොල්ලගෙ සතුට....."

"ඒත් අයියෙ තේ............."

"ඇති......!! ආදිත්‍යගෙ අම්මයි තාත්තයි මෙහෙ එනවා.... ආදිත්‍යයි මගෙ කොල්ලයි ඒ යෝජනාවට කැමති නම් ඒක සිද්ධ වෙනවා....එච්චරයි.......!"

තාත්තයි නැන්දයි කියන දේවල් තවත් අහගෙන ඉන්න බෑ කියලා හිතෙද්දි මං නැගිටලා ගිහින් අතත් හෝදගෙන එලියට ගියා.... කොච්චර ශක්තිමත්ව ඉන්න හැදුවත් මේ දේවල් කොහෙන් කොහොම කෙලවර වෙයිද කියල හිතෙනකොට මගෙ ඔළුව අවුල් වෙනවා.....

බෝ තේජාන් එක්ක එළියට එනකන් කාර් එකට වෙලා බලන් ඉන්නකොට මගෙ ෆෝන් එකට ආවෙ කෝල් එකක්....
ශෙනාල්ගෙන්....

"උබ කතා කරනකන් බලන් හිටියෙ....."

"අපි හිතුවා වැරදියි ශානා... ඒක තේජාන්ගෙ ගේමක් නෙමෙයි.... "

"මොකක්....?"

"ම්න්... පුළුවන් නම් හවස වරෙන් මාව හම්බවෙන්න....කතා කරගන්න දෙයක් තියෙනවා........"

ශෙනාල් කෝල් එක කට් කරාට පස්සෙ මං කල්පනා කරෙ මොකක්ද ඒ උනෙ කියල..... තාත්තව ඇක්සිඩන්ට් කරේ තේජාන් නෙමෙයි නම්.....

.
.
.

"අපි මේ ගමන යන්නම ඕනෙද අයියේ....? "

ඩ්‍රසින් ටේබල් එක ඉස්සරහ ඉදන් මං ශර්ට් එක ඇදලා බට්න්ස් දාගන්න හදනකොට එයා මගෙ ඉස්සරහට ඇවිත් ශර්ට් එක පපුව මැදින් දෙපැත්තට කරලා මගෙ ඉන වටේ අත් බැදෙන මගෙ නිරුවත් පපුවට තුරුල් වෙලා අහද්දි මං බැලුවෙ එයාගෙ මුහුණ දිහා....

ලස්සනයි මගෙ මැණික....... වචන වලට ගලපන්න බැරි තරම් එයා කඩවසම්..... අද කීදෙනෙක්ගෙ ඇස් වලින් මට එයාව පරිස්සම් කරන්න වෙයිද දන්නෑ..... අද විතරක් නෙමෙයි හැමදාම එහෙම තමයි.....

අද ආදිත්‍යගෙ බර්ත්ඩේ එක..... එයා උදේ ඉදන් මගෙන් මේ ප්‍රශ්නෙ අහපු කීවෙනිපාරද කියල මං මේ කල්පනා කරන්නෙ... ඒත් මේ ගමන නොගින් බෑ..... ඒ නිසාම අකමැත්තෙන් උනත් මාත් ලෑස්ති උනෙ ආදිත්‍ය මටත් ඉන්වයිට් කරපු එක හොදයි කියල හිතාගෙන....

"නොගිහින් බෑනෙ බෝ... අපි අද මේකට අනිවාර්යයෙන් යන්න ඕනෙ...."

"ඒත්......අනේ මන්දා අයියෙ.... මට හරි අමුත්තක් දැනෙනවා........"

"ඒ කිව්වෙ.......?"

"මේ යන ගමන ගැන හොදක් දැනෙන්නෙ නෑ........"

"ඇයි  එහෙම කියන්නෙ.....?"

"ආදිත්‍ය ඔයාටත් එන්න කියපු නිසා....."

"ආ දැන් උබට ඒකද ප්‍රශ්නෙ...? උබට මං නැතුව තනියමද යන්න ඕනේ.....?"

"යෝහ්....මේ මිනිහ නම්..... තමුසෙට මොංගල්ද අයියේ.....?? මං මේ බයෙන් ඉන්නවා අරූ මොකාටද එන්න හදන්නෙ කියල....තමුසෙ මගුලක් කියවනවා....."

"ආදිත්‍යට බය වෙන්න එපා බන්....මුකුත් වෙන්නෑ....."

"මං ඌට බය නෑ අයියේ.... ඔයාට අතක් හරි තිබ්බොත් ඌ එදාට දැනගනියි මේ යීබෝ කියන්නෙ කවුද කියලා....."

"ඌ මට නෙමෙයි උබට අත තියනකොටයි මට ඉවසන්න බැරි..... මාව පිච්චෙනවා......"

"අනේ අයියේ.........."

එයා අසරණ විදිහට  මං දිහා බැලුවා.......

"කමක් නෑ අන්තිම මොහොතෙ අපි ඉවසමු...."

ඒ ඇස් දිහා බලන් ඉදලා මං එහෙම කිව්වෙ නලලෙන් හාදුවක් තියලයි.....

"තව මොකටද අයියේ ඉවසන්නෙ....? හැමදේම කරපු එකාව දන්නවනම් සාක්ෂි තියෙනවනම් ඇයි තවත් පරක්කු වෙන්නෙ....? මේක ඉක්මනට ඉවරයක් කරමුකො....මට දැන්වත් ඔයා ලග නිදහසෙ ඉන්න ඕනෙ අප්පා.... "

මටත් ඕනෙ ඒක තමයි දෙයියනේ.... මේ දේවල් ඉක්මනට විසදිලා අපිට සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන් දවසක් කවදා උදා වෙයිද.....

"නෑ දරුවො.... ඒ අපි හිතපු කෙනා නෙමෙයි...... "

"මොකාක්....? ඔයා කියන්නෙ තත්තගෙ ඇක්සිඩන්ට් එක කරේ තේජාන් නෙමෙයි කියලද.....? එහෙනම් කවුද.....? ආදිත්‍ය ද.....?"

"ආදිත්‍යට එහෙම කරන්න උවමනාවක් තියෙනවද......?"

"එහෙනම් ආදිත්‍ය ඇයි දේපල ආයෙත් මගෙ නමට ලියාගන්න කිව්වෙ....?"

"ආදිත්‍යගෙ පවුල් පසුබිම දිහා බැලුවම මේ දේපල වලට ආදිත්‍යගෙ තණ්හාවක් ඇති කියල හිතන්න පුළුවන්ද.....? "

"නැත්තන් වෙන කවුද.....?"

"ඔයා අක්ක ලග ඉද්දි ඔයාට එවපු ෆොටෝස් , ඒ වගේම ඔයා ලංකාවෙ ඉද්දි ඔයාව නොමග යවන්න කියපු කරපු දේවල් වලට තේජාන් සම්බන්ධ උනාට ඒ හැමදේකම පිටිපස්සෙ වෙන කෙනෙක් ඉන්නවා බෝ.... ඒ කෙනා තමයි තාත්තගෙ ජීවිතේ නැති කරන්න හැදුවෙ......"

"ඒ කවුද අයියේ....? "

"ම්ම්...කවුද කියල ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි.... ශෙනාල් කිව්වෙ එහෙමයි....... සාක්ෂි නැතුව කාටවත් චෝදනා කරන්න කරන්න බෑනෙ.... ඒ නිසා අපි තව චුට්ටක් ඉවසලා බලන් ඉමුකො.....

"කවුරු උනත් මේක කරපු උන් කවුද කියල හරියටම දැනගත්ත දවසට මං උන් ඔක්කොටම යහතින් ඉන්න දෙන්නෙ නෑ...."

ඔහොම කියනවා වගෙ ඇත්ත දැනගත්ත දවසටත් ඔයාට දරාගන්න පුළුවන් උනොත් හොදයි....

"ඒකට තමයි බෝ නීතිය තියෙන්නෙ.... ඒ නිසා උබ පණ්ඩිත වැඩ කරන්න නම් හිතන්නවත් එපා.....ශෙනාල් හැමදේම බලාගනියි.....වැරදිකාරයන්ට ඉක්මනටම දඩුවම් ලැබෙයි....අපි තව ටිකක් බලන් ඉමු...."

"හ්ම්ම්...."

"දැන් යමු.... යනගමන් දේවාන්ව ගන්නත් ඕනෙ...."

"අයියෙ... තාත්තව ලග ඉන්න දුලාජ් අන්කල් එනවා කිව්වා නේද...? නැත්නම් තාත්තා පව්...කාමරේ අස්සට වෙලා තනියම කල්පනා කර කර ඉදියිනෙ.... නැන්දිවත් හිටියනම් ප්‍රශ්නයක් නෑ....."

නැන්දා නැති එකම තමයි මගෙ හිතට තියෙන සැනසීම.... එදා තාත්තා එක්ක උන බහින්බස් වීමෙන් පස්සෙ නැන්දා ගෙදරින් ගියෙ හිත හොදින් නෙමෙයි.... ඒ ඇස් වල තිබුන කේන්තිය වෛරය මං හොදටම දැක්කා....

"අපි ඉක්මනට ගිහින් එමු.... ඔයා යන්න කතා කරත් තාත්තා එන්න බෑ කිව්වනෙ....."

"හ්ම්ම්...."

"යමු එහෙනම්...."

"ටිකක් ඉන්නකො........"

මං එයාගෙන් ඈත් වෙලා ශර්ට් එකෙ බට්න්ස් දාගෙන යමු කියද්දි එයා මගෙ අතින් අල්ලලා නැවැත්තුවා...

"ඇයි....?"

"වෙනුකිගෙ ප්‍රශ්නෙට මොකක්ද කරන්නෙ අයියේ.....?"

"ඒකට ඉක්මනට විසදුමක් හොයාගන්න පුළුවන් වෙයි.... මං ශෙනාල්ටත් කියල තියෙන්නෙ.... දැන් ඒ ගැන හිතන්න එපා.....අපි යමුද....?"

මං එයාගෙ ඔළුව අතගලා කියනකොට එයා මගෙ අත ගසලා කට ඇද කරගත්තා.....

"බෑ......."

"ඒ පාර මොකද......?"

"එකක් දෙන්නකො මෙතනට...."

ඒ පාර  කටත් උල් කරගෙන කිස් එකක් ඉල්ලනවා......

"එළි වෙනකන්ම දීපුවා මදිද බන්....?"

"ම්හ්ක්...දීපියකො මිනිහෝ ලෝභකම් කරන්නෙ නැතුව....ආයෙ ගෙදර එනකන් මේ කාමරේ ඇතුලට එනකන් මුකුත්ම නෑනේ....."

මං හිනා වෙලා ඒ තොල් අල්ලගන්නකොට එයා මගෙ බෙල්ල වටේ අත් දාගෙන මොහොතකට ආයෙත්  මට තුරුල් උනා.......

.
.
.

"අම්මො ශාන් අයියේ....මේ ගෙයක්ද මාළිගාවක්ද හලෝ...."

අපි ආදිත්‍යගෙ ගෙදර වත්තට ඇතුල් වෙන්න කලින් එතන හිටපු ගාඩ්ස්ල අපිව චෙක් කරනකන් බලන් ඉද්දි දේවාන් එහෙම කිව්වෙ ඇරලා තිබුන ගේට් එකෙන් පේන ලොකු මාළිගාවක් වගේ තිබුන ගේ දිහා බලාගෙන.....

මේක හවස තියෙන පාටි එකක්.... අපි මෙතනට 4 වෙද්දි ආවා.... වැඩි වෙලා ඉන්නෙ නැතුව ඉක්මනට යන්න හිතාගෙනයි ආවෙ.... මොකද මගෙ කොල්ලගෙ මුහුණ මැලවිලා ගිහින්....එයා ආවෙ පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙමෙයි කියල මං දන්නවා.... මග දිගට එනකන්ම ඇහුවෙ අපි ආයෙත් හැරිලා ගෙදර යමුද කියලයි.....

"එයාලව චෙක් කරන්න එපා........! "

ගාඩ්ස්ලා අපිව චෙක් කරන්න අපි ලගට එද්දි ඒ ඇහුනු කටහඩට අපි හැමෝම ඒ පැත්ත බලද්දි එතන හිටියෙ ආදිත්‍ය....


"සොරි සර්...අපි මේ........."

"ඒකට කමක් නෑ.... එයාලා මගෙ විශේෂ අමුත්තො....."

ගාඩ්ස්ලා අපිව චෙක් නොකර ඔළුව පහත් කරගෙන එතනින් යද්දි ආදිත්‍ය අපි ඉස්සරහට ආවා......

"මගෙ රෝස මල අද ගොඩාක් ලස්සනයිනෙ..."

ඒවා නිකන්ම නිකන් වචන උනත් මගෙ හිත රිදෙනකොට මගෙ අත් ඉබේම මිටි මෙලවුනා.......

"කෝ ඉතින් මට විශ් කරන්නෙ නැද්ද.....?"


අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන ආදිත්‍ය කියනකොට බෝ අහක බලාගත්තා.....

"හැපි බර්ත්ඩේ  ආදිත්‍ය.... "

ආදිත්‍ය දික් කරගෙන හිටපු අත් මැද්දට ගිහින් එකපාරටම  ආදිත්‍යව හග් කරලා විශ් කරේ දේවාන්.....
 

"තෑන්ක්ස් කියුට් හැන්ඩ්සම්....."

ආදිත්‍ය හිනා වෙලා දේවාන්ට තෑන්ක්ස් කරා.....

"මං කියුට් නෑ හලෝ.... කියුට් කියුට් කියන එක නවත්තනවකො....."

"නොකියා බැහැනෙ මේ මුහුණ දකිනකොට....අද නම් තියෙන්නෙ කියුට් හැන්ඩ්සම් ලුක් එකක්....."

ආදිත්‍ය දේවාන්ව උඩ ඉදන් පහලටම ස්කෑන් කරද්දි  දේවාන්ගෙ මුහුණ රතු වෙනවා මං දැක්කා.... මේ මොකද මේකා ඇඹරෙන්නෙ....

ටික වෙලාවක් දේවාන් දිහා බලන් හිටපු ආදිත්‍ය මොනව හරි මතක් උනා වගෙ ඉක්මනට ඔළුව ගසලා මගෙ බෝ ලගට ආවා.....

"අශූ...කෝ එන්න.... අපෙ අම්මයි තාත්තයි ඔයා එනකන් බලන් ඉන්නවා...."

ලගට ආපුගමන් එයාට හිතන්න වෙලාවක්වත් නොදී ආදිත්‍ය බෝගෙ අතින් අල්ලගත්තා...... මං දැක්කා එයා හැදුවෙ එයාගෙ අත ගලවගන්න....ඒත් ආදිත්‍ය කණට කරලා කියපු දෙයක් නිසා කලබලෙන් වටපිට බලපු එයා ආයෙත් සද්ද නොකර බිම බලාගත්තා..... ඒ මොකද....?

මාව පිච්චෙනවා දෙයියනේ....ඒ අතින් තව කෙනෙක් අල්ලන් ඉන්නවා බලන් ඉන්නෙ කොහොමද මං...... මගෙ මිටි මෙලවුන අතෙ නියපොතු වලට අල්ල පසාරු වෙන තරමට ඇගිලි තද වෙද්දි මට තවත් ඉවසගන්න බෑ කියල හිතුනා......

"ශාන් අයියෙ...රිලැක්ස් වෙන්න.... අතින් ඇල්ලුවා විතරනෙ.... ඊට වඩා ලන් වෙන්න අශූ ඉඩ දෙන්නෙ නෑ කියල ඔයත් දන්නවනෙ...."

දේවාන් මගෙ ලගට ඇවිත් පිටට තට්ටු කරේ සන්සුන් වෙන්න කියලයි. දේවාන්ට දැනෙන්න ඇති මගෙ වෙනස..... බෝ මගෙ දිහා බලන්නෙ නැතුව ආදිත්‍ය එක්ක ගියා.... ඒ දිහා බලන් හිටපු මාව දේවාන් ඇදගෙන ගිහින් එතන තිබුන ටේබල් එකක් ලගින් වාඩි වෙලා මගෙ අතට දුන්නෙ වතුර වීදුරුවක්......

"දේවාන් මං එතනට යන්න ඕනෙ.... එයා තනියම ආදිත්‍ය ලග තියන්න බෑ...."

"ශාන් අයියෙ...ප්ලීස් කලබල වෙන්න එපා...අපිට මෙතනට අශූව පේනවනෙ... "

"ඒත් දේවාන් ඌ මගෙ කොල්ලව ඇල්ලුවා.... "

"අයියේ...කියන දේ අහනවකො ඕයී... අශූ උනත් මේ වෙලාවෙ සද්දයක් නැතුව ඉන්නෙ හේතුවක් ඇතුව වෙන්න ඇති.... ඔයා ගෙදර ඉදන් එද්දි පුළුවන් තරම් අපි දෙන්නට ඇඩ්වයිස් දුන්නා... ඒත් ඔයා.........

"ලොකු අයියෙ....."

එකපාරටම  ඇහුන කටහඩ නිසා මමයි දේවානුයි ඔළුව උස්සලා ඉස්සරහ  බලද්දි අපි පුදුම උනා.....
ඒ වෙනුකි....
අදුරගන්න බැරි තරමට වෙනස් වෙලා... ගමෙ ආපු කෙල්ලද කියලා හිතාගන්න බෑ.... කොණ්ඩෙ කොටට කපාගෙන... මේකප් තට්ටුවක් උලාගෙන.... මොකක් වෙලාද මේ කෙල්ලට....? මේ ඉන්නෙ ටික දවසකට කලින් ප්‍රෙග්නට් කියාගෙන අඩාගෙන ආපු කෙල්ලද කියලා හිතාගන්න බෑ..... කිසිම දෙයක් උනෙ නැති ගානට වෙනස්ම පෙනුමකින් අපි ඉස්සරහ ඉන්න වෙනුකි දිහා බලන් මං කල්පනා කරේ ඒ ගැන...... අනිත් එක තමයි මෙයා මොකද මෙහෙ කරන්නෙ....

මං වගේම දේවානුත් පුදුමයෙන් බලන් ඉද්දි වෙනුකි අපි හිටපු ටේබල් එක ලහට ඇවිත් පුටුවක් මං ලගටම අරන් වාඩි උනා.....මට ඉක්මනට බැලුනෙ ආදිත්‍යගෙ ගෙදර වැරැන්ඩා එක යට ආදිත්‍යගෙ අම්මා තාත්තා එක්ක කතා කරන බෝ දිහා.... එයා කතා කරනවා නෙමෙයි අහන දේවල් වලට ඔළුව වනනවා විතරයි.....ඒත් ඇස් තියෙන්නෙ මගෙ ලග.......

ඒත් එක්කම මං බැලුවෙ තාමත් එයාගෙ අතේ වෙලිලා තියෙන අත දිහා.... ඒ දිහා බලන් ඉද්දි හිතට වේදනාවක් දැනෙනකොට මං ඇස් අහකට ගත්තා....මං දන්නවා මගෙ කොල්ලා එතන ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි කියල....මං වගේම එයත් පිච්චෙනවා.... ඒත් මේ වෙලාවෙ ඉවසනවා ඇරෙන්න අපි දෙන්නටම කරන්න දෙයක් නෑ.....

"ලොකු අයියෙ....."

"ඇයි මොකද.....?? පොඩ්ඩක් එහාට වෙලා හිටපන් වෙනුකි අස්සෙ රිංගන්නෙ නැතුවා....."

වෙනුකි මගෙ ලගින්ම වාඩි වෙලා මුහුණට එබිලා ආයෙ කතා කරද්දි මගෙ හිතේ තිබුන වේදනාව කේන්තියක් වෙලා පිට උනා....

"අනෙ ලොකු අයියෙ..ම්.මං කියන්න ආ.......

වෙනුකි මොනවද කියන්න කලින් එතනට ආපු වේටර් කෙනෙක් අපේ ටේබල් එක උඩින් කූල් ඩ්‍රින්ක්ස් වගයක් තියලා ගියා.... එතකොටම දේවාන් එයා හිටපු පුටුවෙන් නැගිටලා මං ලගට ආවා.....

"ශාන් අයියෙ...මං ටිකක් වොශ්රූම් එකට ගිහින් එන්නම්...."

මං හිටියෙ ඔළුව අවුල් වෙලා නිසා දේවාන්ට අවදානයක් දෙන්න බැරි උනත් දේවාන් ලගට ඇවිත් වොශ්රූම් එකට යනවා කියද්දි මං දැක්කෙ කොල්ලගෙ ඇස් රතු වෙලා.... ඒ මුහුණෙ තිබුනෙ වේදනාවක්.... එද්දි හිනා වෙලා හිටපු කොල්ලට එකපාරටම මොකක්ද උනෙ...?

"මොකක්ද උනෙ මල්ලි....? උබ හොදින්ද...? "

"ඔව් ශාන් අයියෙ.... මං ඉක්මනට ගිහින් එන්නම්...."

දේවාන්ගෙ ඇයි අමුතු වෙලා....? ඒ ගැන හිතනකොට අපි හිටපු ටේබල් එකෙන් ඇවිත් තව කෙනෙක් වාඩි වෙනවා තේරුනා.... ඒත් මං ඒක ගණන් නොගෙන එතනින් නැගිටින්න හැදුවෙ වෙනුකි මගෙ ලගම ඉන්න එකෙන් මගෙ කොල්ලගෙ හිත රිදෙනවා කියලා දන්න නිසයි.... එයා නිසා මට රිදුනත් මට බෑ එයාට රිද්දන්න....
ඒත්,

"කොහොමද ශාන්...? ආෆ්ටර් ලෝන්ග් ටයිම්....."

පුටුවෙන් නැගිටින්න ගිය මං ආයෙ පුටුවෙ ඉන්ද උනෙ ඒ ඇහුන කටහඩ නිසයි....අපි හිටපු ටේබල් එකේ අපේ ඉස්සරහම වාඩි වෙලා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි....
ඒ තේජාන්.....

*
*
*
*
*
*
*
*
*
*

නැවත හමුවෙමු......

𝒵 𝒽 𝒶 𝓎 𝒾.....🖊️

_______________________________

කොහොමද ළමයිනෙ.. ගොඩාක් දවසකින් නේද 😊

කතාව අමතකත් වෙලා ඇති. සමාවෙන්න පරක්කු උනාට 🥺

වෙනුකිගෙ බඩේ ඉන්න ළමයගෙ තාත්තා කවුද කියලා වෙනුකි දන්නෙත් නෑලු . ශාන්ටම භාර ගන්න වෙයිද දන්නෑ 😒

තේජාන් ආයෙත් ආවා 😁

කතාව දෙන්න බැරි උනගමන් ඉන්බොක්ස් ඇවිත් මං හොදින් ඉන්නවද අහන හැමෝටම ගොඩාක් ස්තුතියි අනෙ. ආදරෙයි  ❤️😘

Votes ,Comments කරන හැමෝටම ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ❤️💚

Continue Reading

You'll Also Like

170K 4.8K 65
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
393K 23.9K 83
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
673K 24.5K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
995K 61.5K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...