You Belong To Meᵀᴷ (Ongoing)

By Chiru_Thv

12.3K 1.8K 622

"ආහ්,අනේ මාව අතාරින්න..මට රිදෙනවා..." "උබ කොහොමද ඒන්ජල් මගෙන් එහා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත්..." "මට තමුන්ව ඕන... More

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7
PART 8
PART 09
PART 10
PART 11
PART 12
PART 13
PART 14
PART 16
PART 17
PART 18
PART 19
PART 20
PART 21
PART 22

PART 15

422 75 30
By Chiru_Thv

"හොබියෝ..මගෙ හොබියෝ..."

ජිමින් කලබලෙන් එහාට මෙහාට දුවන හොබී ගාවට ගිහින් හොබීගෙ කණට ළංවෙලා එහෙම කතාකලේ ටේහ්‍යොන්ව මත්කරන්න  ටේහ්‍යොන්ට බොන්න දෙන්නෙ මොනාද කියලා දැනගන්න..ඔව්..ජිමින්ගෙ කුප්ප ප්ලෑන් එක උනේ ටේහ්‍යොන්ව හොඳටම මත්කරන්න..ඇත්තම කිව්වොත් ජිමින් වගේම ජන්ග්කුක් ගමේ ඉද්දී කවදාවත් ඇල්කොහොල් ජාති කටේ තියලා නෑ...ඒත් ජිමින් ඇල්කොහොල් ගැන දැනගත්තු දෙයක් තිබ්බා..ඒ තමයි ඒක බිව්වම ඒ පුද්ගලයා හොඳටම මත් වෙලා පිස්සු නටනවා කියන එක..යුනි එකේ දැඩි සෘජු ගති පැවතුම් තියෙන ටේහ්‍යොන් බිව්වට පස්සෙ කොහොම ඉඳියිද කියලා හිතයටින් ලොකු ප්ලෑන් එකක් ගගහා තමා ජිමින් හොබී ගාවට ගියේ..

"මොකද ජිමිනෝ..."

හොබී යන ගමන පැත්තක දාලා ජිමින් දිහාවට හැරුනේ ජිමින් කතා කලේ ඇයි කියලා දැනගන්න...

"මේ..මේ..මේකයි හොබී..මේ.."

"ආයිශ්..ජිමින්ශී..තටමන්නෙ නැතුව කියනවකෝ ඉක්මනට ඕක..මට වැඩ තියෙනවා.."

ජිමින් ගොතගගහා වචන අහුලද්දී හොබී නොරිස්සුම් මුහුණින් ජිමින් දිහා බලාගෙන එහෙම කිව්වේ අඩුම අම්මවත් හිටිය නම් තමන්ට මෙච්චර පාටි එක ගැන වද වෙන්න ඕනි නෑ නේද කියලා හිතින් හිත හිත..

"මේකයි හොබියෝ..මට උදව්වක් ඕනි ඔයාගෙන්...මට සැරම ජාතිය හොයලා දෙනවකෝ..එක ග්ලාස් එකක් ඇති මට..."

ජිමින් ඇඟිලිත් පටල පටල බිම බලන් එහෙම කියද්දී හොබීගෙ මූණට හිනාවක් නැගුනේ නිතැතින්මයි..

"කලින් කියන්නෙපැයි ඕක...බඩු තියෙනවා..හැබැයි එක දෙයක්..ඔයා බොන්නෝනි එක ග්ලාස් එකයි හොදේ..අයියා මට බොන්න කියලා පර්මිශන් දුන්නට හැමෝම හොඳ සිහියෙන් ඉන්න ඕනි කියලා අයියා මට කිව්වා..එකෙක් හරි බිම වැටෙන්න බීල හිටියොත් මං ඉවරයි..එන්න මගෙ පස්සෙන්..ඒක නෙමෙයි..ජන්ග්කුක් කෝ..."

හොබී ජිමින්ගෙන් එහෙම අහලා ඉදිරියට ඇවිදන් ගියේ ජිමින් හිත යටින් හිනාවෙවී හොබීගෙ පස්සෙන් එද්දී..

"ආහ්..එයා ටේහ්‍යොන් සර් එක්ක කතා කර කර හිටියේ..නෑ නෑ..ටේහ්‍යොන් හ්‍යුන් එක්ක..මට බෑ අප්පා සර්ට හ්‍යුන් කියන්න..හරි අමුතුයි සර් සර් කියලා කතා කරලා හ්‍යුන් කියද්දී..."

"ටික දවසක් යද්දී ඕක හරියයි ජිමින්..."

ජිමිනුයි හොබීයි ඔහොම හිනාවෙවී කියව කියව මැන්ශන් ගාඩ්න් එකේ පැත්තක හදලා තිබ්බ බාර් එක ගාවට ළඟාවුනා...

"මේ මම තව ටිකකින් එන්නම්..එක ග්ලාස් එකයි..ඕකේ..අතන ඉන්න බාර්ටෙන්ඩර්ට කියලා ඔයාට ඕනි එක ඉල්ලගන්න"

හොබී ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා එතනින් යද්දී ජිමින් හිමින් හිමින් බාර් එක ගාවට ලංවුනේ චුට්ටක් ලැජ්ජාවෙන් වගේ..මොකද ජිමින්ට මේ වගේ දේවල් පුරුදු නැති නිසා..

"අහ්ම් අහ්ම්..මේ අයියේ.."

ජිමින් හොඳ හුස්මකුත් අරන් තමන්ගෙ උගුර පාදලා බාර් එකේ හිටපු පුද්ගලයට කතා කලේ ලාවට මූණත් රතු කරන්...

"ඔව් සර් කියන්න..ඕනි ජාතියක් තියෙනවා..විස්කි,බ්‍රැන්ඩි,වොඩ්කා,බියර්,වයින්,ජින්,රම්,ටෙකීලා....ඕනි එකක්..."

බාර්ටෙන්ඩර් එක දිගට කියෝගන කියෝගන යද්දී ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බාර්ටෙන්ඩර් දිහා බලන් හිටියෙ තමන් කවදාවත් අහලා නැති ඒවත් කියවපු නිසා..

"ආ..මේ..මේ..නෑ අයියේ..මේ..මට ඔතන තියෙන සැර ජාතියක් දෙන්න..."

ජිමින් නළලත් රැලි කරන් බාර්ටෙන්ඩර්ට එහෙම කිව්වත් ජිමින් නැවතත් තම කට ඇරියේ දෙයක් කියන්න...

"අයියේ..මට ඕනි සැරම ජාතිය..තේරෙනවනේ එක ග්ලාස් එකෙන් හොඳට මත්වෙන එකක්...තව බීලා පැයක් දෙකක් විතර ගියාට පස්සෙ මත්වෙන එකක් නැද්ද ඔයා ළඟ..තව රහ ටිකක් තේරෙන්නෙ නැති..නිකන් වතුර වගේ එකක් නැද්ද...සුදු පාටට තියෙන එකක් එහෙම..."

ජිමින් බැරෑරුම් මුහුණින් එහෙම කිව්වත් බාර්ටෙන්ඩර් තුශ්ණිම්භූත වෙලා වගෙ ජිමින් දිහා බලන් හිටියේ මේ මොන විකාරයක්ද කියවන්නෙ කියලා හිත හිත...

"මෙහෙමයි සර්...ඔයා හොයන ජාතියේ එකක් නම් තියෙනවා Spirytus කියලා වොඩ්කා එකක්...හැබැයි සුදුපාටට තිබ්බත් ඒකෙන් ටිකක් සැර රහක් එනවා බොද්දී නම්..ඒත් ඔයා වගෙ පොඩි කොල්ලෙක්ට නම් ඒක අමාරුයි ටිකක්..ඔයාගෙ මූණ බැලුවම එහෙම බොන කෙනෙක් කියලා තේරෙන්නෙ නෑනේ..."

බාර්ටෙන්ඩර් කල්පනාකාරී මුහුණකින් එහෙම කියද්දී ජිමින් බාර්ටෙන්ඩර්ට රැවුමක් පා කලේ ඔහුට හිතින් හිතින් හොඳටම බැන බැන...

"නෑ කමක් නෑ අයියේ..කෝ ඔයා මට ඒ ජාතියෙන් එක ග්ලාස් එකක් දෙන්නකෝ..."

ජිමින් තමන්ගෙ අත දික් කලත් බාර්ටෙන්ඩර් ජිමින්ට ග්ලාස් එකක් දෙන්න මැලිවුනේ ඇත්තටම ජිමින් ඒ ඉල්ලපු ඇල්කොහොල් ජාතිය සෑහෙන්න සැර නිසා...

"මේකයි සර්ට ශුවර්ද මේක ඕනිමයි කියලා..."

නැවත නැවතත් බාර්ටෙන්ඩර් එකම දේ විමසද්දී ජිමින්ට ටිකක් කේන්ති ගියා..

"මේ මනුස්සයෝ..ඉල්ලන එක දෙනවකෝ මට..දුන්නෙ නැත්‍තම් මම හොබීට කියලා තමුන්ව අස් කරලා දානවා මෙතනින්..."

ජිමින් මූණත් රතුකරගෙන බාර්ටෙන්ඩර්ට බනිද්දී බාර්ටෙන්ඩර් ඉක්මනින් වොඩ්කා බෝතලේ අරගෙන ග්ලාස් එකේ බාගයක් පිරෙන්න වොඩ්කා දාලා පැත්තක තිබ්බ සෝඩා බෝතලේ අතට ගත්තේ ජිමින් බලන් ඉද්දිමයි...

"ඔය... ඔය මොනාද දාන්න යන්නේ..ආ.."

ජිමින් ඇහිබැමකුත් උස්සලා බාර්ටෙන්ඩර්ගෙන් එහෙම ඇහුවේ විමසිලිමත් මුහුණකින් යුක්තවයි...

"ආ..සර්..මේකයි..මේක ටිකක් සැරයිනේ..සැර අඩු වෙන්න මේ සෝඩා දාන්නේ හිතුවෙ මම..."

බාර්ටෙන්ඩර් එහෙම කියද්දී ජිමින් ඉක්මනින්ම මේසෙ උඩ තිබ්බ ග්ලාස් එක තමන්ගෙ අතට ගත්තා...

"නෑ නෑ මෙහෙම හොඳයි..ස්තූතියි උදව්වට..මම යනවා..."

ජිමින් එහෙම කියලා ඉක්මන් ගමනින් එතනින් පිටත් වුනේ ඊළඟට මොකක්ද කරන්නෙ කියලා හිත හිත..

"බලමු චුට්ටක් මේකෙ රහ.."

ජිමින් ග්ලාස් එක ඇතුලට තමන්ගෙ ඇගිල්ල දාලා ඇගිල්ල තම කටේ දාගත්තත් අනිත් පැත්තට ජිමින්ගෙ මූණ ඇඹුල් වෙලා ගියේ වොඩ්කා එකේ තිබ්බ සැරට...

"ආයිශ්..මේකෙන් මහ අමුතු සැරක් උගුරට දැනෙනවනේ...මේක හරියන්නෙ නෑ..අර පෝරිසාදයා කෝමත් දැනගන්නවා මම මේක නිකන් ගෙනිච්චොත්..ජූස්..අන්න හරි..ජූස් එකකට මික්ස් කරලා ගෙනියනවා මේක..එතකොට මේක ටිකක් ශේප් වෙයි...ජිමින් ඔයාගෙ මොළේ තමා මොළේ.."

ජිමින් තමන්වම ප්‍රශංසා කරන ගමන් ඉස්සරහට ඇදුනේ ජූස් එකක් හොයාගන්න...

"අර තියෙන්නෙ ජූස්..ශිට් මෙතන කට්ටිය වැඩිනේ..මේක මික්ස් කරනවා කට්ටිය දැක්කොත් මම ඉවරයි...ජූස් එකත් අරන් කවුරුත් නැති පැත්තකට යන්නෝනි..."

ජිමින් හිතින් එහෙම හිතන ගමන් ජූස් එකත් අතින් අරන් මැන්ෂන් එකේ පිටිපස්ස ගාඩ්න් එක පැත්තට ඉක්මන් ගමනින් ඇවිදින්න පටන්ගත්තා...


මේ අතරේ ජන්ග්කුක් හිටියේ ටේහ්‍යොන්ගෙ කතා බහෙන් පස්සෙ ජිමින්ව හොය හොය..

"මේ චිමියා කොහෙට අතුරුදහන් වෙලාද අප්පා..හොබීවත් නෑනේ පේන්න..මොන මඟුලෙ ගිහින්ද මන්දා..."

ජන්ග්කුක් තනියෙන් කුටු කුටු ගාන ගමන් නැවතත් මැන්ෂන් එකේ ගාඩ්න් එකේ මිනිස්සු අතරින් ඇස් යව යව ජිමින්ව හෙව්වා...ඒත් තවත් මොහොතකින් දැක්ක දෙයක් නිසා ජන්ග්කුක්ගෙ හිත ලොකු ඉරිසියාවකින් පිරුනා...

ඒ ටේහ්‍යොන්...ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ බැජ් එකේ කෙල්ලො ටිකක් එක්ක හොඳ වට මේස සාකච්ඡාවක හිනාවෙවී..ඒ අස්සෙන් ටේහ්‍යොන් විතරයි එතන පිරිමියෙක්ට කියලා හිටියෙත්...

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ මේසෙට ඉස්සරහා මේසෙ පුටුවකින් වාඩි වෙලා මූණත් රතු කරන් ටේහ්‍යොන්ග් දිහා රවාගෙන බලන් හිටියේ ටේහ්‍යොන් එක්ක මුකුළු කර කර ඉන්න කෙල්ලොන්ටත් හිතින් සෑහෙන්න බැන බැන...

"ආආආඅ....මේ නැට්ටිච්චියෝ ටික නම්..හැන්ඩ්සම් කොල්ලෙක් දැක්කත් ඇති ඉතින්..පස්සෙන් යන්නෙ කාන්දම වගේ...අරයත් ඉතින් හොඳට හුරතල් කර කර ඉන්නවා හිනාවෙවී..මං ගැන විතරයි කාටවත් ගානක් නැත්තේ..."

ජන්ග්කුක් තමන්ගෙ බැජ් එකේ කෙල්ලොන්ට බනින අතරේ ටේහ්‍යොන්ටත් බනින්න අමතක කලේ නෑ..මේ අතරේ වටපිට බලද්දී තමා ටේහ්‍යොන් දැක්කේ තමන් ඉස්සරහා මේසෙ වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් තමන් දිහා කේන්තියෙන් වගේ බලන් ඉන්නවා කියලා...ඒක දැකපු ටේහ්‍යොන් මුහුණට එන සිනාව නතරකරගත්තේ හරිම ආයාසයෙන්...

"ආහ්..මේ ඉන්නේ..මගෙ ජෙලි බේබි..දෙන්නම්කො මං හොඳ වැඩක්..මාත් එක්ක දැන් තරහා වෙලානේ ඉන්නෙ.."

ටේහ්‍යොන් හිතින් හිනාවෙවී ටේහ්‍යොන් ළඟ හිටපු කෙල්ලගෙ මුහුණෙහි තිබ්බ රොඩ්ඩක් අයින් කලේ ඈතින් තමන් දිහා රවන් බලන් ඉන්න ජන්ග්කුක් දිහා හොරෙන් බලාගෙනමයි..ටේහ්‍යොන් දිහා බලන් හිටිය ජන්ග්කුක් නම් දැන් හිටියෙ සෑහෙන කේන්තියකින්..ජන්ග්කුක්ට ටේහ්‍යොන් ළඟ ඉඳන් හිටිය කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා ඈතට විසික් කරලා දාන්න තරම් හිතුනා..කරගන්න දෙයක් නැතිකමට ජන්ග්කුක් තමන්ගෙ අතත් මිට මොලවගෙන ටේහ්‍යොන් දිහා එක එල්ලේ බලන් ඉද්දී ජන්ග්කුක්ට තවත් කේන්ති ගියේ ටේහ්‍යොන් තමන් දිහා බලලා ඇහැකුත් ගැහුවම...

"මේ මනුස්සයට මම..."

ජන්ග්කුක් අතත් මිට මොලවන් නැගිට්ටේ ටේහ්‍යොන් ගාවට යන්න..ඒත් හොබීගෙ කටහඬ ඇහිලා ජන්ග්කුක් ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට නැවතත් තිබ්බා...

"ජන්ග්කුකා..එන්න..එන්න යමු..ඩාන්සින් ෆ්ලෝර් එක ඕපන් කරලා තියෙන්නෙ..අද නම් අපි ඇති වෙන්න නටමු..."

එකපාරටම හොබී ඇවිත් ජන්ග්කුක්ගෙ අතින් ඇදන් යද්දී ජන්ග්කුක් නැවතත් ටේහ්‍යොන් දිහා බලලා රවලා හොබීගෙ පස්සෙන් ආවේ ටේහ්‍යොන් ගැන තිබ්බ තරහා මොහොතකට අමතක කරලා..

"හොබියෝ..ජිමින්ව දැක්කද.."

දැන් පැය බාගයක් තිස්සෙ ජන්ග්කුක්,හොබී එකදිගටම නටනවා...ඩාන්සින් ෆ්ලෝර් එක යුනි එකේ ළමයින්ගෙන් පිරිලා..අනිත් අයගේ ඇඟේ හැප්පි හැප්පි පිස්සුවෙන් නටන හොබීගෙ කණට කරලා මහහඬින් ජන්ග්කුක් එහෙම ඇහුවේ දාලා තිබ්බ සින්දු වල සද්දෙට කියන දේවල්වත් හරියට ඇහෙන්නෙ නැති නිසා..

"එයා එයි..පොඩි වැඩක් එයා..."

හොබී එහෙම කියන ගමන් ජන්ග්කුක්ගෙ අතින් ඇදලා වටයක් කරකවලා ආයිත් නටන්න ගත්තම ජන්ග්කුක් ද හිනාවෙවී හොබී එක්ක සින්දුවේ තාලෙට අඩිය තිය තිය නැටුවේ හරිම සතුටෙන්...

මේ අතරේ ජිමින් නම් හිටියේ ටේහ්‍යොන්ව මත් කරන්න දෙන වොඩ්කා එක ජූස් එකකට කලවම් කරන ගමන්...

"හරි ඒ වැඩෙත් හරි..දැන් බලමු මේකෙ රහ..."

ජිමින් ජූස් එකෙන් උගුරක් බිව්වේ කලින් එන වොඩ්කා එකේ සැර ජූස් එක්ක කලවම් කලාට පස්සෙත් තාම එනවද කියලා හොයාගන්න...

"ආයිශ්...වේ..වේ..මේ මඟුලෙන් තාමත් ටිකක් අමුතු රහක් එනවනේ..කමක් නෑ..ටේහ්‍යොන් සර්ට කියනවා අලුත් ජාතියේ ජූස් එකක් කියලා..."

ජිමින් හිතින් එහෙම හිතලා ජූස් එකත් අතින් අරන් මැන්ශන් එකේ ඉස්සරහා ගාඩ්න් එකට නැවතත් හිමීට ඇවිදන් එන්න ගත්තේ තෘප්තිමත් සිනාවකින් යුක්තවයි...

ජිමින් දැක්කා ඩාන්සින් ෆ්ලෝර් එකේ ජන්ග්කුක් හා හොබී නටනවා...ජිමින් ළඟ තිබ්බ මේසෙන් ජූස් එක තියලා වටපිට බලබල ඉස්සරහට ගියේ ටේහ්‍යොන්ව හොයාගන්න..නුවණක්කාර ජිමින්ට නිකමට හරි හිතුන නම් ජූස් එකක් ඔහොම මේසෙන් තියලා ගියාම වෙන කවුරුහරි ඇවිත් බොයි කියලා සමහරක්විට ජිමින් ඒක අතේම තියාගෙන ඉන්න තිබ්බා...

ජන්ග්කුක් දාඩිය පෙරාගෙන දැන් කලින්ට වඩා හිමීට හිමීට නටන්න ගත්තේ දැණුනු මහන්සියට..අනික ජිමින් තාම නෑ...හොබී නම් තාමත් පිස්සුවෙන් වගේ නටනවා..ජන්ග්කුක් ඩාන්සින් ෆ්ලෝර් එකේ ඉද්දිම නැවතත් වටපිට ඇස් යැව්වෙ ජිමින්ව හොයාගන්න..ජන්ග්කුක් දැක්කා ජිමින් අතේ තිබ්බ ජූස් එකක් මේසෙන් තියලා එතනින් කලබලෙන් වගේ යනවා...ජන්ග්කුක් හොබීට අතින් සන් කරලා ජිමින් හිටිය පැත්තට වේගෙන් ඇවිදන් යන්න ගත්තා...

"චිමී..කොහෙද මනුස්සයො අතුරුදහන් වුනේ..මම කීයෙ ඉදන්ද තමුන්ව හොයන්නේ.."

ජන්ග්කුක් හති හල හල එහෙම කියද්දී ජිමින් කලබලකාරී මුහුණක් මවන් තාමත් වටපිට බල බල හෙව්වේ ටේහ්‍යොන්ව...

"කුකියෝ..මම පොඩි වැදගත් වැඩක්..මම විනාඩි පහෙන් එනවා..ඔයා අරහෙට වෙලා ඉදගෙන ඉන්න..."

ජිමින් ජන්ග්කුක්ට කලබලෙන් එහෙම කියලා එතනින් දුවලා ගියේ ජිමින්ට ඈතින් ටේහ්‍යොන්ගෙ වගේ ඡායාවක් දකින්න පුළුවන් වෙච්ච නිසා...

"අනේ මන්දා අප්පා..හම්මෝ හරිම මහන්සියි..හොබී කොහොම නටනවද මන්දා..කකුල් දෙකත් රිදෙනවා දෙයියනේ..."

ජන්ග්කුක් හිමි හිමීට ඇඳුනේ ජිමින් ජූස් එක තියලා තිබ්බ මේසෙ ගාවට...ජූස්..ජන්ග්කුක් දැක්කෙ ලස්සන තැඹිලි පාටට තිබ්බ ඔරේන්ජ් ජූස් එකක්..ජන්ග්කුක්ට මතක් වුනා ජිමින් ජූස් එක අතේ තියන් හිටියා කියලා...හොඳටම දාඩිය පෙරන් හතිහල හල මහන්සියෙන් ඉන්න කෙනෙක්ට කූල් ඩ්‍රින්ක්ස් එකක් කියන්නෙ කාන්තාරෙට දියපොදක් වගේ...ජන්ග්කුක් කිසිම පැකිලීමක් නැතුව ජූස් එක අතට අරන් එක දිගට බීගෙන බීගෙන ගියේ නටලා නටලා තිබ්බ මහන්සිය නිසාමයි..ජන්ග්කුක්ට ඒකෙන් අමුතු රහක් දැනුනා තමා...ඒත් ජන්ග්කුක්ගෙ මහන්සිය වැඩි නිසා ජන්ග්කුක්ට ඒක ගාණක් වුනේ නෑ..මුළු වීදුරුවම හිස් කරලා ජන්ග්කුක් මහ සද්දෙට ගුඩුස් එකකුත් ඇරියා...අහිංසක ජන්ග්කුක් නිකන්හරි දැනන් හිටියා නම් එයාගෙ කොට මෝඩ හොඳම යාළුවා ජූස් එකට වොඩ්කා කවලම් කරලා කියලා සමහක්විට ඉස්සරහට වෙන දේවල් නොවෙන්නත් තිබ්බා..

මේ අතරෙ ජිමින් හිටියෙ ටිකක් කේන්තියෙන්..ජිමින් ටේහ්‍යොන්ගෙ වගේ ඡායාවක් දැක්කත් ඒ හිටියෙ ටේහ්‍යොන් නෙමෙයි..ටේහ්‍යොන්ටත් හිතින් බැන බැන ජිමින් නැවතත් හැරිලා එද්දී දැක්ක දෙයින් ජිමින්ගෙ ඇස් දෙක ටීක් බෝල වගේ ලොකු වෙලා ගියා..

"නෑ...නෑ...එපා...එපා.."

ජිමින් දැක්කෙ වෙන මොනවත් නෙමෙයි..ජන්ග්කුක් එක උගුරට වොඩ්කා මිස් කරපු ජූස් එක බොනවා...ජිමින් වේගෙන් දුවන් ආවත් ඒ වෙනකොටත් ජිමින් පරක්කු වැඩියි..ජන්ග්කුක් අන්තිම බින්දුව වෙනකම්ම වීදුරුව හිස් කරලා ඉවරයි..ජන්ග්කුක් ගාවට දුවලා ඇවිත් හිස් වීදුරුව දිහා බලපු ජිමින් එක අතකින් තමන්ගෙ නළලට අතක් ගහගත්තේ දැන් මොකක්ද කරන්නෙ කියලා කල්පනා කර කර...

"කුකී..මොන එහෙකටද මෝඩයෝ ජූස් එක බිව්වේ..ආයිශ් මම මොකද දැන් කරන්නෙ..ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නේ"

ජිමින් මූණත් කළු කරගෙන ජන්ග්කුක් හට බැනවදිද්දී ජන්ග්කුක් පුදුමෙන් වගේ ජිමින් දිහා බැලුවා...

"චිමී..මොකද අප්පා ඕකට කෑගහන්නේ...ඔයාට ඕනිම නම් මම තව ජූස් එකක් අරන් එන්නම්..."

ජන්ග්කුක් නොරිස්සුම් සහගත මුහුණකින් එහෙම කියද්දී ජිමින් ජන්ග්කුක්ට රැව්වා...

"ශිට්..දැන් මොකද කරන්නෙ..අනේ කුකියට අමාරු වෙයි..කවදාවත් බීලා නෑත් එක්ක..මම නම් මහ මෝඩයෙක්...ජූස් එක අතේ තියන් ඉන්නයි තිබ්බේ.."

ජිමින් ජන්ග්කුක් දිහා කණගාටුවෙන් බලන් එහෙම හිතුවත් තවත් මොහොතකින් ජිමින්ගෙ ඔළුවට අදහසක් ආවම ජිමින්ගෙ මූණ නැවතත් සතුටින් දිලිසුනා..

"බාර් එකේ අයියා කිව්ව විදිහට කුකියා මත් වෙන්න අඩුම තව පැයක්වත් යයි..හොස්ටල් එකට යන්න තියෙන්නෙ දැන්ම..කුකියව නිදි කරෝනවා මම..එතකොට හරි..."

"කුකියෝ..අපි දැන් හොස්ටල් එකට යමුකෝ..."

ජිමින් ජන්ග්කුක් ගාවින් වාඩි වෙලා ජන්ග්කුක්ගෙ වැලිමිට හරියෙන් ඇද ඇද ඒ විදිහට ඇවටිලි කලා...

"තාම පැය දෙකක්වත් ගියේ නෑ චිමී..දැන්ම යන්නෙ කොහොමද..අනික හොබී දැන්ම කොහොමත් යන්න දෙන්නෙත් නෑ කියලා මම හොඳටම දන්නවා.."

ජන්ග්කුක් හිමීට එහෙම කියද්දී ජිමින්ගෙ මූණ මැලවුනේ හරිම ඉක්මනට..ඔය අතරේ හොබීත් දාඩිය පෙරන් ජන්ග්කුක්ලා ගාවින් ඉදගත්තා...

"ආහ්..ජිමිනා..මොකද වැඩේ හරිනේ.."

හොබී ජිමිගෙන් එහෙම අහන ගමන් ඇහැක් ගැහුවේ ජිමින් තවත් මූණ බෙරි කරගද්දී...හොබී,ජිමින්,ජන්ග්කුක් මේසෙට වෙලා පැයක් තිස්සෙ කියව කියව හිටියේ යුනි එකෙන් පස්සෙ මොනා කරනවද කියලා ප්ලෑන් කර කර...කතා කර කර වුනත් ජිමින් ජන්ග්කුක් දිහා හොඳ අවදානෙකින් හිටියේ ජන්ග්කුක් කොයි වෙලාවෙ පිස්සු නටයිද කියලා හිත හිත...

තවත් මොහොතකින් හොබී නැවතත් ජන්ග්කුක්ගෙයි ජිමින්ගෙයි අත්වලින් ඇදන් ගියේ ඩාන්සින් ෆ්ලෝර් එකට...දැන් ඩාන්සින් ෆ්ලෝර් එකේ කට්ටිය කලින්ට වඩා ටිකක් අඩුයි...

"ලෙට්ස් ඩාන්ස් අගේන්..ආයිත් සෑහෙන කාලෙකට මෙහෙම නටන්න වෙන්නෙ නෑ අපිට..අද හොඳ ෆන් එකක් ගමු..."

හොබී හයියෙන් එහෙම කෑගහලා කිව්වම ජිමින් හා ජන්ග්කුක් නැවතත් නටන්න ගත්තේ සිනහවෙවී...තවත් විනාඩි පහකට විතර පස්සෙ නටන අතරෙම ජන්ග්කුක්ට ටිකක් ඔළුව කැරකෙවෙනවා වගේ දැණුනා...ඒත් ජන්ග්කුක් නටන එක නැවැත්තුවෙ නෑ..ජන්ග්කුක්ට තමන්ව නිකන් පාවෙනවා වගේ හැඟීමක් දැනුනේ...ජන්ග්කුක්ගෙ හිතට කවදාවත් දැනිලා නැති සතුටක් දැනුනා..ජන්ග්කුක්ට එක මොහොතකට හිතුනා තමන් මේ ලෝකෙ ඉන්න සතුටුම පුද්ගලයා කියලා..ජන්ග්කුක්ට දැන් ස්ටේජ් එකේ ඉන්න අය එක දෙක වෙලා පේන්නෙ..ජන්ග්කුක් දැන් හරි සිහියෙන් නෙමෙයි..ජන්ග්කුක් නටන ගමන්ම ළඟ නට නට හිටිය කෙල්ලෙක්ගෙ කරට අතදාගෙන නටන්න ගත්තේ තමන්ට වෙන්නෙ මොනාද කියලා කිසි දෙයක් තේරුම්ගන්න බැරුව...මේ වෙලාවෙ ජිමින් වුනත් හිටියෙ ජන්ග්කුක් ගැන අවදානෙන් නෙමෙයි...ජිමිනුයි හොබිත් වේගෙන් වාදනය වෙන රිද්මයට අඩිය තිය තිය නට නටයි හිටියේ..

ඒත් ජන්ග්කුක්ව හොය හොය ආපු ටේහ්‍යොන් නම් ඩාන්සින් ෆ්ලෝර් එකේ වෙන දේ දැකලා තමන්ගෙ අතමිට මොලවගත්තේ ටේහ්‍යොන්ගෙ මූණත් කේන්තියෙන් රතු වෙද්දී...

To be continued......

⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹

ජෙලි ඇන්ඩ් ඇන්ග්‍රි ටේ කමින් සූන්..😪♥️
කතාව හොඳයිද..කමෙන්ට් එකක් දාන් යන්න...

අද මම උදෙන්ම නැගිටලා ඩේටා ඔන් කරලා ගියේ ඉන්ස්ට එකට..ඉන්ස්ට එකේ මුලින්ම ෆීඩ් එකේ වැටිලා තිබ්බෙත් ටේ අප්ලෝඩ් කරපු ෆොටෝ ටික..මගෙ බයස් ටේ..ඉතින් හරිම සතුටින් දාලා තියෙන ෆොටෝස් බලබල ඉද්දී ටේගෙයි කුකියගෙයි ෆොටෝ එක දැකලා මගේ ටේකුක් හාටුව පුපුරන්න වගේ..මට අප්ඩේට් දෙන්න තියෙන්නෙ හෙට..ඒත් අද දුන්නා සතුටු නිසා..😌❤️

ට්විටර් ඉන්න ටේකුක් ඩයි හාඩ් ෆෑන් කෙනෙක් නම් ඔයා අනිවාරෙන්ම smol_kiaගෙ twitter එකේ fanart බලනවා ඇති..මම කලින් චැපි වල දාපු ෆෑන් ආර්ට් ගොඩක් එයාගෙ ඒවා..මේ පල්ලෙහා තියෙන්නෙ එයා අප්‍රේල් 23 දාපු ෆෑන් ආර්ට් එකක්..බලන්න අද ටේ ඉන්ස්‍ට අප්ලෝඩ් කරලා තිබ්බ එකයි මේකයි..😭ශොපින් උරෙත් එක වගේ..සුදු පාටයි..ඒ විතරක්ද බිම තියෙන ටයිල්...What a coincidence????🙊♡

ටේ එයාගෙ ඇල්බම් එකේ වැඩ..ඉවසිල්ලක් නෑ එනකම්..🙂💜


අන්තිමේදි ඔන්න BTS UNIVERSE ඩ්‍රාමා එක එනවා..කොච්චර කල් බලන් හිටියද..මම නම් අදහස අත් ඇරලා හිටියෙ ඇත්තම කිව්වොත් ඒක ගැන..😪💯පල්ලෙහා ඉන්නෙ රඟපාන කට්ටිය..රූකි ඇක්ටර්ස්ලා හැමෝම..🙂

ජිමින්ට වන් බිලියන් වෙන්න තව මිලියන සීයයි ස්ට්‍රීම්ස් ඕනි..We can do ARMY...Hwaiting...😌💪

ආයිත් ඉක්මනට හම්බ වෙමු.. හැමදාම වෝට් කමෙන්ට් කරන මගෙ රීඩර් බබාලා සෙට් එකට තැන්කිව්..ඒ වගේම මගෙ සයිලන්ට් රීඩර් බබාලටත් තැන්කිව්...සරන්ග්හේ..😗♥️


Continue Reading

You'll Also Like

16.6K 3.5K 51
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
489K 66.5K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
948K 108K 58
ကျွန်တော်က မောင့်ရဲ့ တစ်ပင်တည်းသော Cactus...။ KTH & JJK
316K 21.1K 36
Pᴇʀғᴇᴄᴛ ᴍᴀʀʀɪᴇᴅ ʟɪғᴇ ᴅᴏᴇsɴ'ᴛ ᴇxɪsᴛ, ᴀᴛ ғɪʀsᴛ. Taehyung × Jungkook - Married life Start Date - 2/9/2021 #1 Vottom #1 Taekook #2 Kim *Burmese language