You Belong To Meᵀᴷ (Ongoing)

Chiru_Thv

12.3K 1.8K 622

"ආහ්,අනේ මාව අතාරින්න..මට රිදෙනවා..." "උබ කොහොමද ඒන්ජල් මගෙන් එහා වෙන කෙනෙක් ගැන හිතන්නෙවත්..." "මට තමුන්ව ඕන... Еще

PART 1
PART 2
PART 3
PART 4
PART 5
PART 6
PART 7
PART 8
PART 09
PART 10
PART 11
PART 12
PART 14
PART 15
PART 16
PART 17
PART 18
PART 19
PART 20
PART 21
PART 22

PART 13

461 78 19
Chiru_Thv

"ඒන්ජල් ඔච්චර බලන්නෝනි නෑ...මම කොහොමත් ඔයාගෙ තමා..අනික මම දන්නවා මං ගොඩක් හැන්ඩ්සම් කියලා.."

ටේහ්‍යොන් කට කොනකට හිනාවක් අරන් එහෙම කිව්වෙ ජන්ග්කුක් තත්පර 30කට පස්සෙත් ටේහ්‍යොන්ගෙ දිලිසෙන ඇස් දිහා එකදිගටම බලන් හිටිය නිසා...ටේහ්‍යොන්ගෙ හඬින් පියවි සිහියට ආපු ජන්ග්කුක් ටේහ්‍යොන් දිහා ඇස් හීනි කරලා බලලා රවලා අහක බලාගත්තේ හිතට දැනුනු සියුම් ලැජ්ජාවත් එක්කමයි...

"අනේ මට වෙන වැඩ නෑනේ එක එක්කෙනා දිහා බලන් ඉන්න.."

ජන්ග්කුක් අහක බලාගෙන හිමීට එහෙම මිමිණුවත් ජන්ග්කුක් අහක බලන් ඉන්න අතරේ ජන්ග්කුක් ළඟට ආපු ටේහ්‍යොන්ට ඒක හොඳට ඇහුණා...

"මොකද තනියම කුටු කුටු ගාන්නේ..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ නිකටින් අල්ලලා තමන්ගෙ මූණ පැත්තට ජන්ග්කුක්ගෙ මූණ හරවලා අහද්දී ජන්ග්කුක් ටිකක් ගැස්සුනා..ඒත් ඊළඟ තත්පරේදී ජන්ග්කුක් බෑග් එකට අතදාලා ටේහ්‍යොන් දාපු සොරි කාඩ් එක එලියට ගත්තා..

"මේ මොකක්ද.."

ජන්ග්කුක් තමන්ගෙ අතේ තිබ්බ කාඩ් එක ටේහ්‍යොන්ගෙ මූණ ඉස්සරහට කරලා උස්සලා පෙන්නුවා...

"ආහ්..මදැයි..කණ්ණාඩි දාන්න වෙන වයිෆ් කෙනෙක්ද දෙවියො මට හොයලා දුන්නේ..ඔච්චරටම ඇස් පේන්නෙ නැද්ද බේබි ඔය මොකක්ද කියලා.."

ටේහ්‍යොන් හිනාවෙවී එහෙම කියන ගමන් ජන්ග්කුක් ගාව තිබ්බ පුටුවෙන් වාඩි වුනා..

"ප්‍රොෆෙසර් ටේහ්‍යොන්..පලවෙනි එක මම ඔයාගෙ වයිෆ් නෙමෙයි..දෙවෙනි එක මම දන්නවා මේ මොකක්ද කියලා..මම අහන්නෙ ඇයි මේක මගෙ බෑග් එකට දැම්මෙ කියලා.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට රව රව තොල් උල් කර කර එහෙම කියද්දී ටේහ්‍යොන්ගෙ අවදානෙ තිබ්බෙ ජන්ග්කුක් කිව්ව දේවල් වලට නෙමෙයි..ජන්ග්කුක් එකදිගට කියවන් යද්දී වේගෙන් වේගෙන් හෙලෙවෙන ජන්ග්කුක්ගෙ ලා රෝස පාට තොල් ගාව...

ටේහ්‍යොන් එකපාරටම ජන්ග්කුක්ගෙ අතින් අල්ලලා තමන්ගෙ ඔඩොක්කුවට ඇදලා ගනිද්දී ජන්ග්කුක් පරඩැලක් වගේ ටේහ්‍යොන් අතින් ඇදපු දිහාවට ඇදිලා ගිහින් ටේහ්‍යොන්ගෙ විසල් පපුවට තද වුනේ ටේහ්‍යොන් එහෙම දෙයක් කරයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැති නිසා...

"ආහ්..මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ.."

ටේහ්‍යොන්ගෙ ඔඩොක්කුවට වැටුණු ජන්ග්කුක් නපුරු මූණක් හදාගෙන එහෙම කිව්වත් ටේහ්‍යොන්ගෙ මූණෙ හිනාවක් ඇඳුනේ කේන්ති ගනිද්දීත් එයාගෙ ඒන්ජල්ගෙ තියෙන හුරතලේ දැකලා...

ජන්ග්කුක් පිටින් ටේහ්‍යොන් කරපු දේට කැමති නෑ වගේ හිටියත් හිත යටින් ජන්ග්කුක් ඒ දේට ගොඩක් කැමති වුනා..ජන්ග්කුක් හිතයටින් සෑහෙන්න සතුටු වුනා..ජිමින් කිව්ව දේවල් නිසා ජන්ග්කුක් හිතුවා ටේහ්‍යොන්ට අවස්තාවක් දෙන්න...ඒත් ජන්ග්කුක් හිතන් හිටියෙ තව සතියකින් විතර ටේහ්‍යොන්ට ඒ ගැන කියන්න...මොකද ජන්ග්කුක්ට ඕනි වුනේ නෑ ටේහ්‍යොන් කියපු දේවල් වලට මෙච්චර ඉක්මනට සමාව දෙන්න..ගමේ හිටිය අහිංසක ජන්ග්කුක් දැන් ටික ටික එවිල් ජන්ග්කුක් කෙනෙක් වෙලා ටේහ්‍යොන් නිසා..ටේහ්‍යොන්ගෙ නපුරුකම නිසා ජන්ග්කුක් දැන් ටික ටික මුරණ්ඩු වෙන්න අරන්..ටේහ්‍යොන් දුන්න සොරි කාඩ් එක නිසා ජන්ග්කුක් හිතුවා තව සතියක් ඉන්න ඕනිම නෑ කියලා..මොකද ජන්ග්කුක්ට තේරුණා ටේහ්‍යොන් සිද්ද වෙච්ච දේ ගැන ඇත්තටම පසුතැවෙනවා කියලා..

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ බඳ වටා එක අතක් යවලා ජන්ග්කුක්ගෙ හිස අනෙක් අතින් තමන්ගෙ පපුවට තදකරගද්දී ජන්ග්කුක් ඇස් දෙකත් පියන් ටේහ්‍යොන්ගෙ පපුවට තුරුල් වෙලා වේගෙන් වේගෙන් ගැහෙන ටේහ්‍යොන්ගෙ හදවතේ සද්දෙට ඇහුම්කන් දුන්නා...

"කූ...."

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ හිස එක අතකින් හිමින් අතගාන ගමන් කතා කලා...

"ම්ම්ම්ම්..."

ජන්ග්කුක් ඇස් පියාගෙනම ටේහ්‍යොන්ට ප්‍රතිචාර දැක්වුයේ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ඔළුව අතගාද්දී ජන්ග්කුක්ට දැනුනු සනීපය නිසාමයි...

"මගෙ මැණික මට සමාව දෙනවා නේද..."

ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙන් විමසුවේ එච්චරයි...තවත් තත්පර ගාණක් නිහඬවම ගත වුනා...

"කෝ මන් දිහා බලන්න..."

ටේහ්‍යොන් තමන්ගෙ පපුවෙ මූණ හොවන් හිටිය ජන්ග්කුක්ව තමන්ගෙන් ටිකක් මෑත් කරලා එක අතකින් ජන්ග්කුක්ගෙ කම්මුලක් අතගාන්න පටන්ගත්තා...

"මොකද දැන් කතාවක් නැත්තේ..ම්ම්ම්.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලන් එහෙම කියද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ දිලිසෙන කෝපි පාට ඇස් වල පැටලුනා..

"සමාව දෙන්නෙ නෑ...."

ජන්ග්කුක් මුහුණට හිනාවක් අරන් එහෙම කියද්දී ටේහ්‍යොන්ට තේරුනා ජන්ග්කුක් විහිළුවට ඒ දේ කිව්වෙ කියලා..ටේහ්‍යොන්ට තේරුනා ජන්ග්කුක් තමන්ට සමාව දීලා කියලා...

"එහෙම කරන්න බෑනේ..ඒන්ජල් මට සමාව දෙන්නෝනි..."

ටේහ්‍යොන්ග් ලාවට ජන්ග්කුක්ගෙ කම්මුලක් මිරිකන ගමන් එහෙම කියද්දී ජන්ග්කුක් ඇස් හීනි කරලා ටේහ්‍යොන් දිහා බැලුවා..

"මොකද බැරි..මට හිතුනොත් තමා මම සමාව දෙන්නේ..."

ජන්ග්කුක් එහෙම කියලා ටේහ්‍යොන්ට මඳක් රවලා අහක බලාගත්තා...

"මට........සමාව.........දෙනවද.....සමාව......දුන්නේ......නැත්තම්......මම........ඔයාට......අද.........යන්න....දෙන්නෙනෑ........"

ටේහ්‍යොන් හැම වචනයක් අවසානයේම ජන්ග්කුක්ගෙ මූණෙ තැනින් තැන කිස් කලා...මුලින්ම ජන්ග්කුක්ගෙ නළල,ඊටපස්සෙ කම්මුල් දෙක,නහය,නිකට,ජන්ග්කුක්ගෙ බෙල්ල දෙපැත්තට හැම වචනයක් අවසානයේම පිළිවෙලට හාදු දීලා අවසන් වුනාම ජන්ග්කුක් නැවතත් ටේහ්‍යොන්ගෙ පපුව අස්සෙ තමන්ගෙ රතුවුනු මූණ හංගගත්තේ හිතට දැනුනු ලැජ්ජාව නිසා..

නපුරු ටේහ්‍යොන් දැන් ගොඩක් ආදරණීය කෙනෙක් වෙලා...ජන්ග්කුක්ව හුරතල් කරන්න පටන් අරන් පොඩි බබෙක් හුරතල් කරනවා වගේ..ජන්ග්කුක්ට වුනත් දැන්, කලින් වගේ ටේහ්‍යොන් ගැන ආගන්තුක හැගීමක් දැනුනේ නෑ...ජන්ග්කුක්ට දැනුනා ටේහ්‍යොන්ගෙන් එන ඒ ආදරණීය බව...ජන්ග්කුක් ආදරේ කලා ඒ ආදරණීය හැඟීමට....

"ඒන්ජල්..ඔහොම ලැජ්ජ වෙලා නම් හරියන්නෙ නෑ...ඉස්සරහට කොච්චර නම් දේවල් අපි දෙන්නට කරන්න තියෙනවද..."

ටේහ්‍යොන් හිනාවෙවී එහෙම කියද්දී ජන්ග්කුක් තමන්ගෙ චූටි අත මිට මොලවලා ටේහ්‍යොන්ගෙ පපුවට පහරක් ගැහුවා...

"ඒක නෙමෙයි...අර සොරි කාඩ් එක හැදුවේ ඇත්තටම සර්මද..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ පපුවෙන් මෑත් වෙලා ටේහ්‍යොන්ගෙ මූණ දිහා බලන් ඇහුවම ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලලා ඔළුව වැනුවා...

"ඇදලා තිබ්බ චිත්‍රෙ ලස්සනයි හැබැයි..."

ජන්ග්කුක් එළියට පනින්න දගලන හිනාව බොහොම අමාරුවෙන් කටේ තදකරන් එහෙම කියද්දී ටේහ්‍යොන් ජන්ග්කුක් දිහා රවලා බැලුවා..

"මොකෝ හිනාවෙන්නෙ..මෙහෙම හිටියට මම එක වසරෙදී තිබ්බ චිත්‍ර තරඟෙකිනුත් පලවෙනියා වුනා හරිද..."

ටේහ්‍යොන් ජන්ග්කුක්ට රවාගෙනම එහෙම කියද්දී මෙච්චර වෙලා ජන්ග්කුක් තදකරන් හිටපු හිනාව කටින් එලියට පැන්නා...

"ඒක තමා..මට ඒක දැක්ක ගමන් හිතුනා..එක වසරෙන් පස්සෙ චිත්‍ර ඇන්දෙම නැද්ද...ඒක මම ජිමින්ටයි හොබීටයි නම් අනිවාරෙන්ම පෙන්නනවා..."

ජන්ග්කුක් හිනාව අතරින්ම එහෙම කියද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ෂර්ට් එක අස්සෙන් අත යවලා ජන්ග්කුක්ගෙ ඉණ තදින් මිරිකුවා..

"ආව්....ඒක රිදුණා.."

ජන්ග්කුක් එහෙම කෑගහලා ටේහ්‍යොන්ග් දිහා රවලා බැලුවම ටේහ්‍යොන් කට කොනකට හිනාවක් අරන් ජන්ග්කුක් දිහා බලාගෙනම හිටියා...

"කට හොඳටම වැඩිවෙලා බේබි..පුදුම පණ්ඩිත කොල්ලෙක්නෙ මට ඉන්නෙ..ඔයාගෙ යාළුවොන්ට එහෙම ඒක පෙන්නලා අහුවෙන්නෙපා මට.."

ටේහ්‍යොන් තදින් මිරිකපු ජන්ග්කුක්ගෙ ඉණ තමන්ගෙ අතින් හිමීට අතගාන ගමන්ම තරවටු හඬකින් එහෙම කිව්වා..

"නෑ පෙන්නනවා..දුෂ්‍ට කිම් ටේහ්‍යොන්..මම යනවා..හොඳටම පරක්කුයි..ජිමින් බලන් ඉන්නවා මං එනකම්..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට කලබලෙන් එහෙම කියලා ටේහ්‍යොන්ගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටත් ජන්ග්කුක් නැවතත් ටේහ්‍යොන්ගෙ ඔඩොක්කුවට වැටුනේ ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතින් ඇද්ද නිසා..

"ඒන්ජල්..කොහෙද දුවන්න හදන්නේ..මට කිස් එකක් දීලා යන්න..."

ටේහ්‍යොන් තමන්ගෙ මුහුණට අමුතු හිනාවක් නඟන් එහෙම කියද්දී ජන්ග්කුක් ටිකක් ඉස්සිලා ටේහ්‍යොන්ගෙ නළලෙන් හාදුවක් තිබ්බා..

"මෙතනටත් ඕනි..."

ටේහ්‍යොන් තමන්ගෙ කම්මුල ජන්ග්කුක්ගෙ මුහුණ පැත්තට දික් කරද්දී ජන්ග්කුක් තමන්ගෙ ඇස් හීනි කරලා ටේහ්‍යොන්ට රවලා ටේහ්‍යොන්ගෙ කම්මුලේ තමන්ගෙ තොල් තද කලා..

"මෙතන්ට..."

ටේහ්‍යොන්ග් නැවතත් තමන්ගෙ අනිත් කම්මුල ජන්ග්කුක්ට පෙන්නුවම ජන්ග්කුක් තමන්ගෙ මූණත් රතු කරගෙන ටේහ්‍යොන්ගෙ කම්මුලට හාද්දක් දුන්නේ එහෙම කලේ නැත්තම් තමන්ට මෙතනින් ටේහ්‍යොන් යන්න නොදෙන බව හොදාකාරවම දැනගෙනයි...

"අන්තිමට මෙතනට..."

ටේහ්‍යොන් තමන්ගෙ තොල් උල් කරලා ජන්ග්කුක්ගෙ මූණට නැවෙද්දී ජන්ග්කුක් ටේහ්‍යොන්ගෙ තොල් මත තමන්ගෙ දබරැඟිල්ල තිබ්බා...

"නෝ වේ ප්‍රොෆෙසර් කිම්..ඔය හොඳටම ඇති හුරතල් වුනා..මම යනවා...ගුඩ් බායි.."

ජන්ග්කුක් නපුරු මූණක් හදන් එහෙම කියද්දී ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ ඉණ වටා තියෙන අතේ ග්‍රහණෙ දැඩි කලේ ජන්ග්කුක්ට හෙලවෙන්නවත් බැරි වෙන්න....

"ඉට්ස් ඕකේ බේබි..ඔයා මට කිස් එක දෙන්නෙ නැත්තම් දවසම මාත් එක්ක මෙතන මෙහෙම ඉන්න..."

"ආයිශ්..මට යන්න දෙනවා..මම කෑ ගහනවා ඔහේ මාව දූෂණය කරනවා කියලා.."

ජන්ග්කුක් එහෙම කියන ගමන් ජන්ග්කුක්ගෙ ඉණ වටා එතිලා තිබ්බ ටේහ්‍යොන්ගෙ අත ගලවන්න හැදුවත් ටේහ්‍යොන්ගෙ දැඩි ග්‍රහණය හමුවේ ජන්ග්කුක්ට බැරිවුනා ඒ අත දශමයක්වත් සොලවන්න...ටේහ්‍යොනුත් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලාගෙන ආඩම්බරෙන් වගේ එක ඇහි බැමකුත් උස්සගෙන බලන් ඉද්දී ජන්ග්කුක් තම අතකින් ටේහ්‍යොන්ගෙ ඇස් වහලා තම තොල් ටේහ්‍යොන්ගෙ තොල් වලට තද කරලා තත්පර ගාණකින් ඈත්වුනා..

"ඔන්න දැන් හරිනේ..දැන්වත් මට යන්න දෙන්න..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට රව රව එහෙම කියද්දී ටේහ්‍යොන් මූණට අමුතු හිනාවක් නගාගත්තා..

"බේබි..ඕකක් නෙමෙයි මම ඉල්ලුවේ..එක්කො මමම දෙන්නම්...ඔයාට බෑ මේක කරන්න.."

"නෑ..මේ හොඳටම ඇ..ත්ලි.."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට කියන්න හැදුවේ මේ හොඳටම ඇති කියලා..ඒත් ජන්ග්කුක්ගෙ වචන ටේහ්‍යොන්ගෙ තොල් අතර සැගවිලා ගියේ හරිම ඉක්මනට...

නැවත වතාවක් ටේහ්‍යොන් තමන්ගෙ තොල් ජන්ග්කුක්ගෙ තොල් වල පැටලෙව්වා...කලින් දවසෙ දුන්න හාදුව හරිම මෘදු හාදුවක් වුනත් අද ටේහ්‍යොන්ගෙ හාදුව රළුයි..ටේහ්‍යොන් වේගෙන් වේගෙන් ජන්ග්කුක්ගෙ තොල් තමන්ගෙ පාලනේට ගද්දී ජන්ග්කුක්ගෙ කටින් කෙදිරිලි හඬවල් පිටවුනත් ඒවා පිටට නොඇසුනේ ටේහ්‍යොන් එක තත්පරේකටවත් ජන්ග්කුක්ගෙ තොල් පෙති තමන්ගෙ තොල් වලින් ගිලිහෙන්න දුන්නෙ නැති නිසා..ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ සිනිදු තොල් වලට ඇබ්බැහි වුනා කිව්වොත් හරි..ජන්ග්කුක් වුනත් ආපිට ටේහ්‍යොන්ට ප්‍රතිචාර දැක්වුවේ ජන්ග්කුක් වුනත් ටේහ්‍යොන්ගෙ තොල් වලින් තමන්ගෙ තොල් පෙති වලට දැනෙන ඒ ඇඟ හිරිවට්ටන අමුතු ස්පර්ශෙට ආස වුන නිසා..

විනාඩි පහකට විතර පස්සෙ ටේහ්‍යොන් හා ජන්ග්කුක් නළලට නළල තබාගෙන වේගෙන් හුස්ම ඉහල පහල ගත්තේ දෙන්නගෙම හදවත් වේගෙන් ගැහෙද්දී..

"ඒන්ජල්..හෙට හොබීගෙ පාටියට යනවද???"

ටේහ්‍යොන් හුස්ම ඉහලපහල හෙලන අතරෙ එහෙම අහද්දී ජන්ග්කුක් ඉක්මනින්ම ටේහ්‍යොන් දිහා තමන්ගෙ බෝල ඇස් ලොකු කරලා බැලුවේ ටේහ්‍යොන් හොබීගෙ පාටිය ගැන කොහොම දැනගත්තද කියලා කුතුහලෙන්...

"හරි හරි එන්ජල්..මම දන්නවා ඔයා අහන්න යනදේ...මට මේ ඇහුනා අද එයා කතාවෙනවා ඒක ගැන...ඒකයි ඇහුවේ.."

ටේහ්‍යොන් ජන්ග්කුක්ට එහෙම කියලා ජන්ග්කුක්ගෙ ඉණ වටා තිබ්බ තම අතේ ග්‍රහණෙ ලිහිල් කරද්දී ජන්ග්කුක්ට පුංචි දුකක් හිතට දැනුනේ තව දවස් දෙකක් යනකම් ටේහ්‍යොන්ව දකින්න වෙන්නෙ නෑ නේද කියලා මතක් වුන නිසා..මොකද සෙනසුරාදා ඉරිදා කැම්පස් නිවාඩු නිසා..

"ඔයා හැබැයි මගෙ ඔඩොක්කුවෙ තව වෙලා ඔහොම හිටියොත් මම හිතනවා ඔයාට මගෙන් තව කිස් ඕනි වෙලයි කියලා.."

ජන්ග්කුක් කල්පනාවේ ඉන්න අතරෙ ටේහ්‍යොන් ගැඹුරු හඬින් එහෙම කියද්දී ජන්ග්කුක් ගැස්සිලා ටේහ්‍යොන්ගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටේ මූණත් රතුකරගෙන...

"මම යනවා එහෙනම්..පරිස්සමින් ගෙදර යන්න..."

ජන්ග්කුක් ටේහ්‍යොන්ට මඳ සිනාවක් පා කරලා එහෙම කිව්වම ටේහ්‍යොන් ජන්ග්කුක්ගෙ අතින් අල්ලගත්තා...

"මගෙ ඒන්ජල් පරිස්සමින් හොස්ටල් එකට යන්න..වෙලාවට කන්නෝනි තේරුනාද..."

ටේහ්‍යොන් එක අතකින් ජන්ග්කුක්ගෙ කෙහෙරැල් අවුස්සන ගමන් එහෙම කිව්වා...

ජන්ග්කුක් ලෙක්චර් හෝල් එකේ දොර ගාවට ඇවිදන් යද්දී එකපාරටම ටේහ්‍යොන් ඇවිත් ජන්ග්කුක්ව තද කරලා බදාගත්තේ ජන්ග්කුක්ගෙ මූණට කෝල හිනාවක් නැගෙද්දියි...

"මගේ කූට මම ගොඩක් ආදරෙයි...මම බලන් ඉන්නවා මගෙ ඒන්ජල් මට ආදරෙයි කියනකම්..කොච්චර කාලයක් වුනත්..මම මගේ මැණික වෙනුවෙන් බලන් ඉන්නවා..."

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉

"කුකී..මොන මඟුලක්ද මනුස්සයෝ කලේ..විනාඩි 45ක් විතර..මට මෙතන හිටගෙන ඉදලම ඇති වෙලා තිබ්බේ..."

ජන්ග්කුක් යුනි ගේට්ටුව ගාවට ආපු ගමන් ජන්ග්කුක්ට කණ පුරා ජිමින්ගෙන් බැනුම් අහගන්න වුනේ ජිමින් ගේට්ටුව ළඟ සෑහෙන්න වෙලාවක් හිටගෙන හිටිය නිසා..

"අනේ මගේ හොඳ චිමියනේ..මන් ගොඩක් පරක්කු උනේ නෑනේ අනික..."

ජන්ග්කුක් හුරතල් මූණක් හදන් එහෙම කියද්දී ජිමින්ගෙ මූණට හිනාවක් ආවේ ඉබේමයි...

"ආහ් කුකී..ඔය මූණ දාන්නෙපා..ඔයා හැමෝවම රවට්ටගන්නවා ඔය අහිංසක මූණ දාලා.."

ජිමින් ජන්ග්කුක්ට රවරව එහෙම කියද්දී ජන්ග්කුක් ජිමින්ගෙ කරට තමන්ගෙ අත දාගත්තා...

"අපි දැන් යමූ..හෙට හොබියට දෙන්න තෑග්ගකුත් ගන්නෝනි චිමී..එයා තෑගි ගේන්නෙපා කිව්වට අපිට නිකන් යන්න බෑනේ..අනික අපේ හොඳම යාළුවෙක් නිසා අනිවාරෙන්ම අපි තෑග්ගක් දෙන්නෝනි...ජින් හ්‍යුන් එවපු සල්ලි වගයක් තියෙනවා..ඒ ටිකෙන් අපි තෑග්ගක් ගමු..."

පාරෙ යන ගමන් ජන්ග්කුක් ජිමින්ට එහෙම කියද්දී ජිමින් හිසසලා ඊට එකඟ වුනා..

"මං ගාවත් සල්ලි වගයක් තියෙනවා කුකී..අපි හොස්ටල් එකට ගිහින් වොශ් දාන් ශොප් එකකට ගිහින් තෑග්ගක් බලමුකෝ..."

ජිමින් සිනාමුසු මුහුණින් යුතුව ජන්ග්කුක්ට එහෙම කිව්වා...

To be continued.....

⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹⇹

හායි වස්තුලා..හොබීගෙ පාටියෙන් හම්බෙමු අපි..වෝට් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා....

Record maker Jungkook...😌💜

JVKEව දන්නවා නේද ඔයාලා..එයාගෙ Golden hour සින්දුව අහලත් ඇති ඔයාලා..මගෙ ආසම සින්දුවක්..අහලා නැති අය දැන්ම ගිහින් අහන්න..එකපාරක් කුකියා ලයිව් එකක පොඩ්ඩක් සින්ග් කලා මේ සින්දුව ටේගෙ ආසම සින්දුවක් කියලා..JVKE කලින් පාරක twitter එකේ tweet එකක් දාලා තිබ්බා Army & BTS hashtags use කරලා...මැයි වල එන සර්ප්‍රයිස් එකක් ගැන..කුකියගෙ GIF එකකුත් එක්ක..

ආයිත් එයා ඊයෙ tweet එකක් දාලා තිබ්බා..ඒත් කුකියගෙ GIF එකක් එක්ක..Collab එකක්ද දන්නෙ නෑ..තාම කන්ෆර්ම් නැති නිසා sure එකක් නෑ..ඒත් එන එක මොක උනත් සුපිරියක් වෙයි කියල හිතෙනවා මට..😌💯


ටේ බෙයාර් කේම් හෝම්...🥰♥️


SIM invest එකේ ටේව මීට් වෙන්න ඉන්දුනීසියන් අය බිලියන ගණන් සල්ලි ඉන්වෙස්ට් කරලා..වැඩේ කියන්නෙ ගොඩක් අය පිරිමි අය..😎❤️


Love...<3

ආයිත් ඉක්මනට හම්බවෙමු...😗❤️

Продолжить чтение

Вам также понравится

109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
316K 21.1K 36
Pᴇʀғᴇᴄᴛ ᴍᴀʀʀɪᴇᴅ ʟɪғᴇ ᴅᴏᴇsɴ'ᴛ ᴇxɪsᴛ, ᴀᴛ ғɪʀsᴛ. Taehyung × Jungkook - Married life Start Date - 2/9/2021 #1 Vottom #1 Taekook #2 Kim *Burmese language
7.7K 1K 22
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
228K 13.1K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ