Shhh... ( Complete )

Autorstwa geethma16

1.6K 297 131

Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you... Więcej

Introduction
Chapter 01
Chapter 02
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter ❤

Chapter 03

93 19 18
Autorstwa geethma16

...........

   ඒරා... 🤨

  ආහ්.. බබා ඒක මේ...

  එන්න යන්න .. ටෙරන්.. ඔයා අර ගොල්ලන් ව ට්‍රේන් කරන්න... කුකි කිව්වේ මගෙ අතින් අල්ලගෙන මගෙ අතේ තිබුණ ගන් එකත් පැත්තකින් තියන ගමන්..

  අහ්.. කුකි.. බෑ බෑ.. මං අද එයාලව ට්‍රේන් කරන්න ඕනි දන්නව නේ.. සති දෙකකින් තායිලන්ඩ් වලින් එන්නේ බිස්කට් ටික..

  තායිලන්ඩ් නෙවෙයි ඉතියෝපියාවෙන් ආවත් දැන් ඇති.. බොරුවට මැරෙන්න හදනවා.. 

  ඊහ්.. මොකද්ද දැන් හදිසිය...මං ඇහුවත් ඒ හාවා නෙවෙයි කනකට ගත්තේ.. දෙන්න හිතයි ඉතිං.. අතින් අල්ලගෙන සොෆා එකෙන් ඉද ගන්න ගමන්..

  මොකද්ද දැන් ඔච්චර කල්පනා කරන්න ම ඔයාට තියෙන ප්‍රශ්නේ..

  ප්‍රශ්න ද බබා නැත්තේ...

  මොනා ද...

  මේ මතක ද මට බෙහෙත් දැම්මා කිව්ව කෙනා.. කිම් නම්ජුන්...

  ඔව්.. ඇයි...

  ඒකා ප්‍රොෆෙසර් කෙනෙක් ද..

  ඇයි...

  නෑ මං දැකල ම නෑනේ මීට කලින්.. මං දැන් දවස් දෙක තුනක් ම බැලුවා.. ඒත් හොයා ගන්න නෑනේ..

  මොකද්ද කේස් එක..

  කේස් එකක් තාම නෑ.. ඒත් හොයාගෙන තියා ගන්න ඔනි මට දන්නව නේ.. අනික එයා මගෙ මූණ දැක්කා.. මේ රෙඩ් රෝස් ගේ..😌

  කවුරු ඔය මූණ දැක්කත් ඔයා අයිති මට නේ.. 😌

  හිතන් ඇති.. මං කැමති ජින් ඔප්පට...😌

  මට ඔප්පා කියන්න එපා..

  ඇයි කියනවා.. ඔප්පා ඔප්පා ඔප්පා... 😛

  ඒරා... ජින් ඔප්පා මට ඔරවගෙන කිව්වත් මං නම් නෙවෙයි සත පහකට ගනන් ගත්තේ.. 😌

  ජිනා.. නම්ජුන්කාරයා මොකෙක් කියල ද කිව්වෙ ඔයා...

  මොන...

  ඒරාට බෙහෙත් දැම්මේ..

  අහ්.. ඒරාගෙ බැජ් එකේ.. ඇයි.. ජින් ඔප්පා ලැප් එකෙ ඇස් දෙක ඔබාගෙනම ඇහුවා...

  එයා මගෙ එකේ.. මං දැකලා නෑනේ... මේකා නම් හොයා ගන්න ම ඔනි..

  ඇයි.. ජින් ඔප්පා අහද්දි මං හිනාවක් දාලා..

  නිකන්.. දන්නෙ නැද්ද.. 😁

  ඒරා ඒ මනුස්සයා අවුලක් කරොත් එක පාරින් ඉවරයක් කරන්න.... බලෙන් ප්‍රශ්න ඔනි නෑ.. හැබැයි එහෙම මොකුත් කරේ නැත්තම් එපා හරි නේ..

  හරි හරි.. මං එහෙම මොකුත් කරනව ද කාටවත්.. 😌

  අනෙ නෑ.. ඔයා ඉතිං අහිංසකකමේ උපත නේ..
  
  එක නේ කියන්නේ..😌 මං යනවා වොශ් එකක් දාන්න.. කුකි එනව ද..
 
  තව වැඩ වගයක් තියෙනවා ඔයා යන්න බබා..

  හරි... මං කිව්වේ කුකිගෙ කම්මුලක් මිරිකලා කාමරේට එන ගමන්..

  එහෙනම් හෙට බලමුකෝ අපි.. මිස්ටර් හැන්ඩ්සම් .. මං කොහොම හරි ඔයාව හොයා ගන්නවා.. පෙනුමෙන් නම් වැඩ්ඩා වගේ... ඇත්තට මං දැක්කෙ නැත්තෙ කොහොමද .. අනික එයා මාව දන්න නිසා හොයන්න ම ඕනි.. මේවා අප්පගෙ කනට යන්න දෙන්න බෑ කොහොමටවත් ම.. 😌
 
උදේ ම අලුතෙන් ගත්ත ෆයිටර්ස්ලා ටික ට්‍රේන් කරලා මං වොශ් එකක් දාගෙන මගෙ සුපුරුදු බ්ලැක් කලර් ජීන්ස් එකක් ඇදලා ටී එකත් දාගෙන කොණ්ඩේ උඩට කරලා බන් එකක් දාගත්තා.. මේ වෙලාවේ අපෙ ඔම්මා ඉදිය නම්...

  " ඒරා.. මොකද්ද ඔයා.. බලන්න හැටි කෙල්ලෙක් වගෙ අදින්න.. රස්තියාදුකාරයෙක් වගේ... "

  ඔම්මලට මේ ෆැෂන් තේරෙන්නෙ නැති එක නේ අවුල..  මොනා කරන්න ද ... අද නම් දවස ම ලෙක්චර්ස්... ඒ කියන්නේ අද නම් කොහෙවත් යන්න වෙන එකක් නෑ වගේ.. කමක් නෑ කමක් නෑ වැඩ ටික බැලන්ස් කර ගන්නත් එපෑ.. මං නෝට්ස් ලියන්න කොල ටිකක් ජින්ස් එකෙ එක සාක්කුවකට දාගෙන පෑන් දෙකක් විතර තව සාක්කුවකට දා ගත්තා...

  කුකී නම් අද මටත් කලින් ගිහින් නිසා මං තනියම යුනි එකට ආවත් ලෙක්චර් හෝල් එක ඇතුළට ආව ම නම් පොඩි හිනාවක් ගියේ මට ඕනි මනුස්සයා ඉස්සරහ ම ඉදගෙන ඉදපු නිසා... සුපිරි නේ.. දෙන්නම් අද මං මේ පප්පට.. 😏 මං ගිහින් එයා ගාවින් ඉදගෙන වැලමිට මේසෙට තියලා එයාගෙ පැත්ත බලන ගමන් ඔලුව අතට බර කරගෙන...

   Hey... Handsome ..  මං කිව්වෙ මං දිහා බලපු මනුස්සයට ඇහැක් ගහන ගමන්.. මං දිහා හැරිලා බලලා සතේකට ගනන් ගන්නෙ නැතුව අහක බලා ගත්ත හැටි මේකා..  හරි ඔයා එහෙම ද.. බලාගමුකෝ.. 😏

  ටික වෙලාවක් යද්දි ප්‍රොෆෙසර් නම් ගි ඇතුළට ආව නිසා හැමෝම සද්ද නැතුව ඉදියේ ප්‍රොෆෙසර් ටිකක් සැර මනුස්සයා නිසා. ඒත් ඉතිං මං ළඟ නම් එයාව බය කර ගන්න ඕනි තරම් දේවල් තියේ.. ඒවා හදිසි අවස්ථාවක දි භාවිතයට අරන් තිබ්බා.. Mr. Handsome  ඔන්න ඔයා අද තමා පාඩමක් ඉගෙන ගන්නේ.. 😌

  ලෙක්චර් එකට ම ඇස් දෙක දීගෙන මං මගෙ එක කකුලක් හෙමින් සැරේ හැන්ඩ්සම් ගේ කකුල ළගට අරන් ගිහින් තට්ටුවක් දැම්මේ මනුස්සයා ඔරවලා මං දිහා බලද්දි.. මං නොදැක්ක ගානට ඉස්සරහ ම බලාගෙන ඉදපු නිසා මට ඔරවල ද කොහෙ අහක බලා ගත්තා.. දෙතුන් සැරයක් ම මං හෙමින් සැරෙ මගෙ කකුල එයාගෙ කකුල උඩට ගෙනියද්දි මනුස්සයා  මගෙ දිහා බැලුවත් මං එයා දිහා නොබලා කට කොනින් හිනාවක් දැම්මා..

  මං ආයෙ ම පාරක් කකුල හෙමින් සැරේ එයාගෙ කකුල් දිගෙ අරන් යද්දි මං දිහා බැලුවේ බනින්න වුණත් එක පාරට ම...

  ඉස්සරහා පේළියේ තුන්වෙනියා.. ප්‍රොෆෙසර් නම්ගි කියද්දි හැමෝම අපි දිහා බැලුවා...

  ඔයා කිම් නම්ජුන් නේද....

  ඔව් සර්... හැන්ඩ්සම් කියද්දි ලෙක්චර් නම් ඔරවගෙන...

  මොකද්ද කරන්නේ .. ඔයාට එයා දිහා බලන්න ඕනි නම් එළියට ගිහින් බලා ගන්න.. මොකද්ද මේ.. දැන් තුන් හතර සැරයක් ම එයා දිහා හැරි හැරි බැලුවා.. ලෙක්චර් හැමෝගෙම ඉස්සරහා එයාට බනිද්දි මට නම් පොඩි හිනාවකුත් ගියා.. හොද වැඩේ.. 😌 මාව ගනන් ගත්තේ නෑනේ.. ඉන්නවකො අඹරන්න හොද මිරිසක්...

  Sorry sir.. මං ඔලුව නවන ගමන් කියද්දි සර් ..

  ඔයා මොකද සමාව ගන්නේ..
    
  මං ලස්සන වුණ නිසානේ මේ සේර ම.. මං ලස්සන වැඩි නිසා එයාට අහක බලන් ඉන්න බැරුව ඇති.. 😪 මං innocent look එකක් දාලා කිව්වෙ ප්‍රොෆෙසර්ත් කම්ෆූස් වෙද්දි..

මගෙ ලෙක්චර් එක වෙලාවට වෙන දේවල් කරලා අහුවෙන්න එපා.. එච්චරයි .. කියපු ප්‍රොෆෙසර් ආයෙ ම ලෙක්චර් එක පටන් ගනිද්දි මං රබර් ඇහැ ඒ පැත්තට යවලා පොඩි හිනාවක් දාද්දි හැන්ඩ්සම් ...
 
  My Foot..

  ම්හ්.. මේ මනුස්සයා.. මං ප්‍රොෆෙසර්ට හොරෙන් ඒකා දිහා බලලා ඇද කරලා ඉස්සරහා බලා ගත්තා...

  ප්‍රොෆෙසර් හෝල් එකෙන් එළියට යනවත් එක්ක ම මං නැගිට්ටේ එළියට යන්න වුණත් ඊට කලින් හැන්ඩ්සම් මගෙ අතින් ඇදලා ගත්ත පාර මාව පුටුවට ම වැටුණා..

  ආව්... මොකො...

  මොකද්ද ඔයාට මා එක්ක තියෙන ප්‍රශ්නේ..

  මට... ම්හ්.. බලමු.. කිසි ම ප්‍රශ්නයක් නෑ.. 😌

  එහෙනම්..🤨

  මේක නේ හැන්ඩ්සම් ... මං එදා මොකද්ද ඔයාට කිව්වේ... යන්න කියලා... ඒත් ඔයා ගියා ද නෑනේ.. ඉතිං දැන් මං කරන දේවල් ඉවසන්න වෙනවා.. 😌 මොකද ඔයා දන්නවනේ මං කවුද කියලා නෙහ්.. කියන ගමන් මං ඇහැක් ගහලා එතනින් නැගිටලා ආවේ ඒ මනුස්සයගෙ නහර පුපුරන්න තරම් තරහකින් මං දිහා බලන් ඉන්න අතරේ..😁

  ලෙක්චර්ස් දෙකක දි ම එයාට බැනුම් අසන්න ලැබුණා.. ඒක ඇත්තට ම නරක වැඩක් වුණත් හරි ම ෆනී.. පළවෙනි පාරට තනියම කෙනෙක් ට කරදර කරන්න හම්බුණේ.. නැත්තම් ඉතිං මමයි කුකි එකතු වෙලා නේ වැඩ කරන්නේ.. 😁

  මං එයාට එහෙම කරන්නෙ ඇයි... අනේ මං දා.. කරන්න ම හිතෙනවා.. හැම කොල්ලෙක් ම මං දිහා බලද්දි මා එක්ක කතා කරන්න හදද්දි ඇයි මෙයා මාව ගනන් ගන්නෙ නැත්තේ... ඒක මගෙ නම්බුවට කැළලක්.. 😒 ඉන්නවකො ඔය ලොකුකම බස්සන්න මං.. වැඩි සෙල්ලම් දැම්මොත් එයාගෙ අර ගර්ල්ෆ්‍රෙන්ඩ් ව ඉත්තාට ගන්න බැරි යෑ.. 😌

................................................................
Author pov.

  මං මේ ගැන කතා කරන්නම්...

  නෑ මං...

  රෙඩ් මූන් ඒවි කියලා එයාලා හිතන් ඉන්නේ ඒ නිසා එතන මොකක් හරි කරන්න දගලන්න පුලුවන් ... ඔයා මෙහෙ ඉන්න මං මුලින් ගිහින් බලන්නම්..

  බිබී.. මං මු...

  එයා ගැන හිතන්න.. මේ ලොකේ මං වෙනුවෙන් වද වෙන්න කෙනෙක් නෑ. ඒත් ඔයාට එහෙම නෑ ආර් එම්.. හ්ම්ම් මං යන්නම්.. ජන්ග්කුක් කිව්වේ ජින්ගෙ උරහිසට තට්ටුවක් දාලා කැලෑවට මුවා කරලා නවත්තලා තිබුණ black colour cab එකෙන් බහින ගමන්..

  ජන්ග්කුක් මුන්ග් ගැන්ග් එකේ හය දෙනෙක් එක්කගෙන වරාය පැත්තට යන ගමන්... මාස්ක් එකක් වගෙම කැප් එකකින් මූණ වහගෙන ඉදපු ජන්ග්කුක් ව දකිනවත් එක්ක ම වරායේ ඉදපු තායිලන්ඩ් ගැන්ග් එකෙ කට්ටිය ඉස්සරහට ආවේ එයාලගෙ නායකයත් එක්කමයි..

   Hey... Who are you.. ? Are you Red Moon..

  Do you think so ?

  That means you are not Red moon ?

   I don't know ... But I know I'm only here to make a deal.. So let's see about it.. ජන්ග්කුක් කිව්වෙ සැරෙන්..

  Ok.. let's go..

  ජන්ග්කුක් සේර ම වෙපන්ස් ටික චෙක් කරලා ටෙරන්ස් දිහා බලලා ඇහෙන් ඉගි කරේ ජින් ට ඒ ගැන කියන්න කියලා...

  So shall we finish this.. ?

  But... These are not what we were promised.. Ali Khan.. 🤨

  Oh god... really .. ? කලබලෙන් වගෙ කියපු අලිඛාන් වෙපන්ස් දිහා බලලා ජන්ග්කුක් දිහා බලන ගමන් ගන් එකක් දික් කරේ ජන්ග්කුක් කට කොනින් හිනාවක් දාද්දි...

  Why are you smiling at the moment of death?

  Because I remembered your death.. 😏

  What... My death... Never..  This is date of your death.

  චිංචා.. ඔයා එහෙම හිතනවා නම් මට මොකො... ජන්ග්කුක් උරහිස් අකුලවන ගමන් කියද්දි ...

  What did you say ?

  මං මොනා කිව්වත් ඔයාට තේරෙන්නෙ නෑ.. ජන්ග්කුක් කියද්දි අලිඛාන් ජන්ග්කුක් දිහා බලන් ඉදියේ කොරියන් තේරෙන්නෙ නැති නිසා... ඒ එක්ක ම බුලට් පිට වෙන සද්දෙ වැඩි වෙද්දි ජන්ග්කුක් ළග තිබුණ වෙපන්ස් එකක් අරගෙන ඛාන්ගෙ මිනිස්සුන්ට වෙඩි තියන්න පටන් ගත්තා...

  දෙගොල්ලන්ගෙම කට්ටියට තුවාක වෙද්දි ජන්ග්කුක් ළග තිබුණ යකඩ පෙට්ටියකට මුවා වුණේ ගන් එකෙ බුලට් ඉවර වුණ නිසා...

  බිබී... කියන ගමන් එහා පැත්තේ ඉදපු ජින් ජන්ග්කුක්ගෙ අතට ගන් එකක් පාස් කරා...

  විනාඩි පහළොවක විතර වෙඩි හුවමාරුවකට පස්සේ බිම දණගහගෙන ඉදපු අලිඛාන් ළගට ගිය ජින් ගන් එක ඔලුවට තියන ගමන්...

  Did you think it was easy to play with me.. ?

  Red Moon....
 
  Yeh.. I'm red moon.. You should have thought more before play with me..

  You won't have to play for long... kill me now...

  It's okey.. but You won't die as soon as you think.. 😏 ජින් කට කොනින් හිනාවක් දාන ගමන් කිව්වේ ටෙරන්ස් ඔහුගෙ සිහි නැති කරනවත් එක්ක මයි...

  ඔයා හොදින් ද...

  මං ගොඩක් හොදින්.. මං කිව්වනේ මෙතන මොකක් හරි ඇති කියලා... ජන්ග්කුක් කියද්දි ජින්...

  මේක එයා තනියම ප්ලෑන් කරපු එකක් වෙන්න බෑ.. මේකට තව අය සම්බන්ධ ඇති...

  ඔයා කියන්නේ ශාර්ක් නෙවෙයි නේ...

  මං හිතන්නෙ නෑ එයා ඒ වගෙ වැඩක් කරයි කියලා...

  එහෙනම් ශැඩෝ...

  ඒත් එයා මගෙ දේවල් වලට සම්බන්ධ වෙන්න කිසිම වුවමනාවක් නෑනේ...

  එතකොට කියන්නේ මේක වෙන කට්ටියකගෙ වැඩක්  කියල ද..

  හ්ම්...

  ඒත් වෙන කට්ටියක් නම්.. ඉන්න එයා මෙතන ඔයාව අල්ලන්න එනවා නම් ඔය වගෙ ටික දෙනෙක් අරන් ඒවි කියලා හිතනව ද...

  හ්ම්... අනික මේක .. අපි දැන් ඉන්නේ වරායෙ.. හරි නම් මේ වෙනකොට මෙතනට...

  ඒ කියන්නෙ තාම... ජන්ග්කුක් කියනවත් එක්ක ම ජින් ජන්ග්කුක් එක්ක ළග තිබුන නැවකට මුවා වුණේ කළු ඇද ගත්තු මිනිස්සු විස්සකට වැඩියෙන් ඒ පැත්තට දුවගෙන එද්දි ...

  අපේ කට්ටිය මදිවෙයි ජිනා..

  මෙතනින් ඔයා...  

  ඔය කටවහගෙන ඉන්න.. මං යන්නෙ නෑ.. ජන්ග්කුක් කිව්වෙ ළග තිබුණ වෙපන්ස් පුරවපු පෙට්ටියෙන් වෙපන්ස් දෙකක් අතට ගන්න ගමන්..

  තුවාල කර ගන්න එපා... ජින් කිව්වෙ ඉනේ තිබුණ ගන් එක අතට ගන්න ගමන්...

    ජින් ජන්ග්කුක් එතනට ආව මැරයෝ එක්ක සටන් කරන ගමන් එතනින් යන්න උත්සාහ කරේ මූන් ගැන්ග් එකේ ගොඩ දෙනෙක් නැති නිසා වගෙ ම ඉදපු ටික දෙනාටත් තුවාල වෙලා ඉදපු නිසා.. ජන්ග්කුක්ගෙ අතේ තිබුණ වෙපන්ස් එකේ බුලට් ඉවර වෙනවත් එක්ක ම ඉස්සරහා ඉදපු කළු ඇද ගත්ත මනුස්සයට වෙපන් එකෙන් ම ගහලා උඩ පැනලා බෙල්ලට කකුලෙන් කික් කරා..

   ඉස්සරහට ආව හැම කෙනෙක්ගෙ ම ඔලුවට ම වෙඩි තියපු ජින් ජන්ග්කුක් ට ගන් එකක් පාස් කරනවත් එක්ක ම ජින් ළගට ආව මැරයා අතේ තිබුණ යකඩ පොල්ලෙන් ජින් ගෙ පිටට ගැහුවේ ජින් ව ඉස්සරහට වැටෙන්න.. වැටෙන්න ගියත් බැලන්ස් වුන ජින් අනිත් පැත්තට හැරෙනවත් එක්ක ම ඒ මිනිහගේ ඔලු කට්ට මැද්දෙන් හිල් වුණ නිසා ජින් කෙලින් ම ඒ පැත්ත බැලුවා...

  ඔයා මෙහෙ... 🤨

  රෙඩ් මූන් ඇයි තනියම එන්න ද හිතුවේ..

  මං කිව්වා නේද...

  මං කියන දේ අහන්නෙ නෑ කියලා දන්නවා නේද.. 😌 කියන ගමන් බ්ලැක් කලර් අවුට්ෆිට් එකක් ඇදලා මාස්ක් එකක් වගෙ ම බ්ලැක් කලර් කැප් එකකින් මූණ හංගෙන ඉදපු ගෑණු ළමයා හිනා වුණේ ඒ එක්ක ම මූන් ගැන්ග් එකෙ අය එතන වට කරද්දි...

  රෙඩ් රෝස් ආවා එහෙනම්...

  මං නැතුව මේවා කරන්න දෙන්න බෑ බීබී.. ජන්ග්කුක් දිහා බලන ගමන් ඒරා කියනවත් එක්ක ම ජන්ග්කුක් ...

  බලාගෙන...

  ඔප්පා... ඒරා ඉක්මන් කරලා ජින් ළගට දුවන ගමන් කිව්වා ..

  Go to Hell %* ඒරා ජින් ට පිටි පස්සෙන් වෙඩි තියපු මැරයාගෙ පපුවට වෙඩි තියන ගමන් කියද්දි ජන්ග්කුක් ඉක්මන් කරලා ජින් ළගට ගියා..

  ජින්...

  ඒ..කා පැ..නලා යනවා අල්ල ගන්න...

  මං ඒක ගැන බලා ගන්නම් ඔයා ඒරා එක්ක යන්න.. ජන්ග්කුක් කිව්වෙ එතනට ආව ඒරා දිහා බලන ගමන්..

නෑ ඔයත් යමු.. මෙතනට දැන් පොලීසියෙන් ඒවි.. ඒරා කියද්දි ජන්ග්කුක් වගෙ ම තුවාල වෙලා ඉදපු ජින් අමාරුවෙන් ඒරා දිහා බලන ගමන්..

  මොකද්ද...

  ඔව්වා අපිට අදාළ නෑ දැන්.. ගෙනාව සේර ම වෙපන්ස් ටික මං යැව්වා බූසාන් වලට... එතකොට ජින් ඔප්පව අල්ල ගන්න හදපු කෙනා අනිද්දිට අල්ල ගමු.. මොකද එයාට දැන් ම යන්න බැරි වෙයි.. 😌

  ඒරා මොනා ද කරේ.. ජන්ග්කුක් අහද්දි ඒරා..

  පස්සෙ කියන්නම් බේබි.. යමු ද.. ඔප්පා නැගිටින්න පුලුවන් නේද.. ඒරා ජින් ව නැගිට්ටවන ගමන් කියද්දි ජන්ග්කුක් ජින් ව කරෙන් තියාගෙන එතනින් යන්න ගියා...

  විනාඩි විස්සකින් ඒරාගෙ ගෙදරට ආව ජන්ග්කුක් ජින් ව කාමරෙට අරගෙන ගියේ ඒරා ජින් ට බෙහෙත් කරන්න ලෑස්ති වෙනවත් එක්ක මයි..

  කෝ ජින්.. කොහොමද එයාට.. එළියට ආව ඒරාගෙන් ජන්ග්කුක් අහද්දි ඒරා..

  උරහිස ඩැමේජ් වෙලා..

  ගොඩක් අවුල් ද..

  සති දෙකක් විතර මොකුත් නොකර ඉදිය ම හරියයි.. කලින් තරම් අවුලක් නෑ..

  හ්ම්.. එහෙනම් ඔයාට එහෙ යන්න වෙයි ජී වොන් තනියම නේ..  මං ජින් ළග ඉන්නම්.. ජන්ග්කුක් නැගිටින ගමන් කියද්දි ඒරා ජන්ග්කුක් ගෙ අතින් අල්ල ගන්න ගමන්..

  ඔහොම ඉන්න..
 
  ඇයි ...

  ඉද ගන්න...

  ඇයි .. ප්‍රශ්නයක් .. ඔයාට තුවාල වුණා ද.. ආහ්.. ජන්ග්කුක් කලබලෙන් ඒරාගෙ උරහිසෙන් අල්ලගෙන හරවලා බලනවත් එක්ක ම..
.
.
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ❤️❤️

  කතාව හොදයි ද.. දෙන්න චුට්ටක් පරක්කු වෙයි හොදේ තරහා වෙන්න එපා..🥺

Czytaj Dalej

To Też Polubisz

607K 13.7K 41
In wich a one night stand turns out to be a lot more than that.
5K 776 12
promise! can you keep it?
9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥
6.8K 1.3K 30
You Me And Him Trapped Between Life And Death