මගේ හිතුවක්කාරයා (Zhanyi) Com...

By ZHAYI_1085

139K 18.4K 7.4K

ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi More

01.කොටස
02.කොටස
03.කොටස
04.කොටස
05. කොටස
06.කොටස
07.කොටස
08.කොටස
09.කොටස
10.කොටස
11.කොටස
12.කොටස (බෝනස්)
13.කොටස
14.කොටස
15.කොටස
16.කොටස
17.කොටස
18.කොටස
19.කොටස
20.කොටස
21.කොටස
A/N
22.කොටස
23.කොටස
24.කොටස
25.කොටස
26.කොටස
27.කොටස (බෝනස්)
28.කොටස
29.කොටස
30.කොටස
31.කොටස
32.කොටස
33.කොටස
34.කොටස
35.කොටස
36.කොටස
37.කොටස
38.කොටස
39.කොටස
40.කොටස
41.කොටස
42.කොටස
43.කොටස
44.කොටස
45.කොටස
46.කොටස
48.කොටස
49.කොටස
50.කොටස
51.කොටස
52.කොටස
53.කොටස
54.කොටස

47.කොටස

1.8K 274 89
By ZHAYI_1085

ඕතර් se_h_la_x නංගියගෙන් මට ලස්සන තෑග්ගක් හම්බ උනා ළමයිනෙ. ඒක හරිම ලස්සනයි නංගියො. ගොඩාක්ම ගොඩාක් ස්තුතියි ඔයාට . ආදරෙයි ❤️💚😘



"ආදිත්‍ය..............!

*
*
*
*

"ආදිත්‍ය....තමුසෙ මොකද මෙහෙ කරන්නෙ......?"

දේවානුයි අර කොල්ලයි දිහා බලන් හිටපු මං හරි සිහියට ආවෙ බෝ හඩටයි....... මං විතරක් නෙමෙයි බිම හිටපු දෙන්නත් පොල්ලෙන් ගැහුවා වගෙ දෙපැත්තට වෙලා නැගිටිනකොට මං බෝගෙ මුහුණ බැලුවා.... එයා කේන්තියෙන් බලන් ඉන්නෙ.... එතකොට....මේ.......
ආදිත්‍ය ද....?

ආදිත්‍ය

"කොහොමද මගෙ අශූ....?"

"තමුසෙ.......තමුසෙ මොකද මෙහෙ කරන්නෙ....?? කොහොමද ඇතුලට ආවේ....?"

"ඔයාව බලන්න ආවෙ.....ගේට් එක ලග ඉදන් මෙතනට වෙනකන් කකුල් දෙකෙන් ආවෙ........"

ආදිත්‍ය බෝගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නත් ඇස් තිබුනෙ දේවාන් ලග....... ආදිත්‍ය සේනානායක..... ම්ම්ම්... කොල්ලා හැන්ඩ්සම් ගොඩාක් .... මගෙ වයස කියලා හිතන්නත් බෑ.... ලාබාල පෙනුමයි....

"මොකටද ආවෙ....?"

එතකොට නම් දේවාන් ලග තිබුන ඇස් බෝගෙ පැත්තට හැරුනා.......

"මගෙ රෝස මල බලන්න.... "

එහෙම කියනගමන් අඩිය අඩිය බෝ ලගට ලන් උනා..... ආදිත්‍ය මගෙ කොල්ලා ලගට යන එක මට නවත්තන්න ඕන උනත් මං සද්ද නැතුව  බලන් හිටියෙ මේ වෙලාවෙ කලබල වෙලා බැරි නිසයි...මං හිටියෙ බෝගෙ දකුණු පැත්තෙ එයාට අඩියක්  ඉස්සරහෙන්  උනත් ආදිත්‍ය මං මෙතන නෑ වගෙ මට බැල්මක්වත් නොදී මගෙ කොල්ලගෙ  ඉස්සරහ හිටගත්තා.....ආදිත්‍යගෙ ඇස් කෙලින්ම එල්ල වෙලා තිබුනෙ එයාගෙ මුහුණට..... ඒ ඇස් වල හැගීම් කියවන්න අමාරුයි....

"ගොඩාක් කලෙකින් මෙහෙම ලගට දැක්කෙ.....මට ඔයාව ගොඩාක් මිස් උනා අශූ..........."

ආදිත්‍ය හැදුවෙ බෝගෙ කම්මුලක් අල්ලන්න...... ඒකට ඉඩ දෙන්න බෑ..... මං හැදුවෙ ආදිත්‍යව නවත්තන්න....ඒත් ඊට කලින් වෙන කෙනෙක් ඉස්සර උනා.....

"ඒක කරන්න හිතන්නවත් එපා........"

එහෙම කියනගමන් බෝගෙ ඉස්සරහට ඇවිත් හිටගත්ත දේවාන් ආදිත්‍යගෙ අත තදින් අල්ලගත්තා.....

"ඔහ්..... ඇයි මේ....?"

"මගෙ මල්ලිව අල්ලන්න හිතන්නවත් එපා......"

ආදිත්‍යගෙ ඇස් දේවාන්ගෙ මුහුණ පුරා දුවනවා මං දැක්කා....

"ඇයි ජෙලස්ද.........?"

"ඒ මොන මගුලකටද.......?"

"එහෙම නැත්නම් අයින් වෙනවා...."

"බෑ.......මේ මගෙ මල්ලි.... තමුසෙ කවුරු උනත් කමක් නෑ මගෙ මල්ලිගෙන් ඈත් වෙලා ඉන්නවා........."

"එහෙම නොවුනොත්........?"

"එහෙම නොවුනොත් මේ දේවාන් කවුද කියලා තමුන්ට බලාගන්න පුළුවන් වෙයි...."

"මට මේ දැනුත් පේනවනෙ ඔයා කවුද කියලා....ලස්සන කියුට් කොල්ලෙක්.... නම දේවාන්....... දේවාන් නෙත්සර විතානගේ......මං හරිද.....? "

ආදිත්‍ය එහෙම අහද්දි කොල්ලගෙ මූණ රතු උනා.... තාමත් දේවාන් ඒ අතින් අල්ලගෙන.....

"ඉතින් කියුටී... ඔයා කැමතිද  දිගටම මගෙ අත අල්ලන් ඉන්න......? "

"හහ්...මට එහෙම අමාරුවක් නෑ........"

ආදිත්‍ය අහපු දේට දේවාන් ගැස්සිලා  අත අතැරියා.......

"ම්න්....මටත් නෑ...... මං ආවෙ වෙන කෙනෙක්ගෙ අතක් අල්ලගන්න.... සදහටම.........."

එහෙම කියනගමන් ආදිත්‍ය ඔළුව ඇල කරලා දේවාන්ට පිටිපස්සෙන් හිටපු බෝ දිහා බලද්දි  මං ඉවසන් හිටියෙ අමාරුවෙන්........

" අශූ...... මං ආවෙ ඔයාව එක්කන් යන්න........"

"ඒ කොහෙද........?"

ඒ කොහෙද කියල ඇහුවෙ දේවාන්.......

"මං හිතන්නෙ ඒක ඔයාට අදාල නෑ කියුටි.... ඒ නිසා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඩ දෙනවද මට මගෙ ෆියොන්සෙ එක්ක කතා කරන්න....?"

"මොකක්......? තමුසෙ දවල් හීන දකිනවද.....? "

මම වගේම මගෙ කොල්ලත් නිහඩයි.... උත්තර දෙන්නෙ දේවාන් විතරයි...... මට සතුටුයි..... මගෙ බෝබෝ එයාගෙම සහෝදරයා නොවුනත් දේවාන් මගෙ එකාට පණ ඇරලා ආදරෙයි.... ඒ වගේම දේවාන් දන්නවා මේ වෙලාවෙ මට කේන්ති ගිහින් මං මැද්දට පැන්නොත් මේ වැඩ ඔක්කොම අවුල් වෙනවා කියලා....ඒ නිසා මං සද්ද නැතුව බලන් හිටියා.....

"ම්හ්ම්....දැකපු හීනෙ හැබෑ කරගන්න ආවේ.... ඒත් ඉතින් මේ චූටි කියුට්ටෙක් මැද්දට පැනලා මට ඩිස්ටර්බ් කරනවනෙ...."

"එහෙනම් ඒවා හීනම විතරයි .ආපු අතක් බලාගෙන යනවා......."

"එහෙම කරන්න බෑනෙ කියුටී.....යනවනම් යන්නෙ ඔයාගෙ මල්ලිව මගෙ කරගෙනම තමයි.... ඊට කලින් අපි අද ගමනක් යන්න ඕනෙ...."

"අශූ කොහෙවත් යන්නෙ නෑ.....ඒ වගේම තමුසෙ මට කියුටි කියුට් කියන එකත් නවත්තනවා........"

"එයා යනවා........ එහෙම නේද අශූ.......?"

ආදිත්‍ය ආයෙත්  ඔළුව පැත්තට ඇල කරලා දේවාන්ගෙ පිටිපස්සෙ හිටපු බෝ දිහා බලලා එහෙම ඇහුවෙ තර්ජනාත්මක බැල්මකින්..... ඒ වගේම ඒ බැල්මෙන් එතනට වෙලා බලන් ඉන්න මං දිහාත් බැලුවා....

"මං එන්නම්......ඒත් දැන් නෙමෙයි....මං දැන් ඔෆිස් යන්න ඕනෙ.... හවස පහට එන්නම්......."

බෝ එහෙම කියද්දි ආදිත්‍ය ආයෙ බෝගෙ පැත්තට හැරිලා එයා එක්ක හිනා උනා...... ඒත් එක්කම මං බෝ දිහා ඔරවලා බැලුවෙ උබව අල්ලගන්නම් කියන බැල්මකින්... එයා කොහොමද මගෙන් අහන්නෙ නැතුව ඌත් එක්ක යන්න එහෙම තීරණය කරේ....

"අශූ තමුසෙ කොහෙවත් යන්නෙ නෑ....!"

දේවාන් කෑගැහුවෙ ආදිත්‍ය දිහා බලාගෙන......

"අයියො... ඇයි කියුටි ඔයා හැම තිස්සෙම අපි දෙන්නා මැදට පනින්නෙ........?"

"ඔව් එහෙම තමයි.......අශූ යනවනම් මාත් එනවා යන තැනක......."

"ආහ්....ඒ මොකටද.......? "

"මාමා නැගිටිනකන් අශූ මගෙ වගකීමක්......ඒ මගෙ මල්ලි.... මාමාව ඇක්සිඩන්ට් කරපු එකා ගැන තාම හොයාගෙනත් නෑ....මට කාවවත් විශ්වාස නෑ.....විශේෂයෙන් තමුන්වත්....... ඒ නිසා මං එනවා......."

"ම්න්.......ඒකත් එහෙමද.......?ඕකෙ.... එහෙනම් මං හවස ඔෆිස් එක ලගට එන්නම් අශූ...... මේ චූටි කියුට් බොඩිගාඩ් එක්ක හවස පහ වෙද්දි යන්න ලෑස්ති වෙලා ඉන්න....."

ආදිත්‍ය කිව්වෙ දේවාන් දිහා බලාගෙන...

"යන්නම් කියුටී..... හවස මීට් වෙමු....."

ආදිත්‍ය එහෙම කියනගමන්  දේවාන් දිහා බැලුවෙ අමුතු බැල්මකින්......... ඒ විදිහට ටික වෙලාවක් දේවාන් දිහා බලන් හිටපු ආදිත්‍ය යන්න යනකොට  බෝ ගිහින් දේවාන් ලගින් ඇවිත් හිටගත්තා.... දේවාන්  තාමත් ඉන්නෙ ආදිත්‍ය ගිය දිහා බලාගෙන.......

"ක්හ්හ්ම්......දේවාන් අයියෙ...."

බෝ ටිකක් උගුර පාදලා කතා කරපුගමන් කොල්ලා උඩ ගිහින් ගැස්සුනෙ.....

"ආහ්..මේ...ඔහ්...හා හරි අශූ අපි කමු කමු....."

"මොනාද කොටෝ කන්න ඕනේ.....? ඇයි බිම පෙරලගෙන කාපුවා මදිද....?"

"ඇහ්...උබට මොංගල්ද අශූ...? හු#&%ක් කියන්නෙ නැතුව එහාට පලයන්....මට බඩගිනියි..."

අපි දෙන්නටම තද කරගෙන හිටපු හිනාව බකස් ගාලා එළියට පනිනකොට කොල්ලා අපිවත් තල්ලු කරන් ඉක්මනට  කිචන් එකට දිව්වෙ බිම බලාගෙන.....

"ක්හ්හ්ම්....දැන් එහෙනම් මගෙ සුදු මහත්තයා උත්තර දෙමුකො බලන්න....."

"ආහ්......."

දේවාන් කිචන් එකට යන දිහා බලන් හිටපු එයාගෙන් මං එහෙම අහනකොට එයා ගැස්සුනා....

"ම්ම්....කාගෙන් අහලද අරූ එක්ක ඇවිදින්න යන්න හැදුවේ....?"

"ඇයි ඊරිසියිද මගෙ  මහත්තයට....ම්ම්.....?"

එයා මගෙ ලගට ඇවිත් කරවටේ අත් දෙක ඔතාගෙන මුහුණ එබිලා එහෙම අහද්දි මං අහක බලාගත්තා.....

"මෙහෙ බලන්නකො ඉතින්...."

"ඕන්නෑ.... අත ගනින් එහාට.... පලයන් ඌත් එක්කම....."

"කමක් නැද්ද....."

එයා කමක් නැද්ද කියල අහනකොට  මං එයාගෙ ඉනවටේ අත් දෙක දාලා මගෙ ඇගට එයාව තද කරගත්තා......

"මරනවා..... !"

මං කිව්වෙ ඒ මුහුණෙ කිට්ටුවටම ඇවිත් ඒ තොල්වල ගෑවෙන නොගෑවෙන තරමට ලන් වෙලා

"හා...මරන්නකො ඉතින්.....අහ්හ්..."

එයා ඒක කියලා ඉවර වෙද්දිම මං අල්ලන් හිටපු එයාගෙ ඉනෙන්  මිරිකුවෙ එයාට කෙදිරිගෑවෙන්නම...

"එහෙනම් රෑට ලෑස්ති වෙලා ඉන්නවා.....මේක අද මං ඉතුරු කරන්නෙ නෑ......"

ඉනවටේ තියෙන අත්දෙක පහලට යවලා  මං එයාගෙ තට්ටම් රිදෙන්න මිරිකුවෙ කේන්තියටමයි........

"ආහ්ව්ව් මනුස්සයෝ..... !ඔහොම මිරිකන්නෙ ඕවා රබර් කියල හිතුවද....?"

"ඇයි කියපන් අරූ අහපුගමන් පැනලා හා කිව්වෙ....?"

"කවුද අනේ ඌ එක්ක තනියම යන්නෙ....? යන තැනක මං යන්නෙ ඔයා එක්කනෙ....."

"ඒ කොහොමද.........?"

"කොහොමද කියල බලන් ඉන්නකො....."

එයා මගෙ තොල් දෙක උඩින් සිපුමක් තියද්දි මං එයාව තදින්ම තුරුල් කරගත්තා.... ඊරිසියයි මට.... එයා මගෙනෙ....

"ම්හුක්...රිදෙනවා මනුස්සයෝ....ඊයෙ රෑ එළිවෙනකන් හපලා හපලා දැන් මිරිකුවා....අතගාපියකො....."

"කාමරේට යමුද ගලවලම අතගාන්නම්...."

මං එහෙම ඇහුවෙ රිදෙන්න මිරිකපු පස්ස  හෙමීට අතගානගමන්.....ඒත් එක්කම එයා මගෙ තොල් වල එල්ලුනා.......

"යෝහ්....අශූ.......!! ශාන් අයියේ.......!!"

එක තත්පරයයි පටන් ගන්නත් කලින්ම දෙන්නා දෙපැත්තට උනෙ දේවාන්ගෙ කටහඩට........

"ඇත්තටම තමුසෙලා දෙන්නට වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැද්ද ඇත්තටම ආ............?? පලයල්ලකො කාමරේට මාව බඩ කරන්නෙ නැතුව....."

දේවාන් අපිට බැනලා  මුහුණ රතු කරන් එළියට යද්දි අපිත් හිනාවෙවී එකාගෙ පස්සෙන් ගියෙ ඔෆිස් යන්න පරක්කු වෙන නිසයි.......

.
.
.
.

"මෙයා මොකද....?"

"ශාන් අයියත් යනවා මගෙ තනියට...."

ආදිත්‍යගෙ කාර් එක ඔෆිස් එකෙ ගේට් එක ලගට ආවෙ හරියටම පහ වෙද්දි..... දේවාන් කැම්පස් එකට ගිහින් 4 වෙනකොට අපෙ ඔෆිස් එකට ඇවිත් අපිත් එක්ක ඊළගට වෙන්නෙ මොකක්ද කියලා ප්ලෑන් කරගෙන අපි 5:10 වෙද්දි ගේට් එක ලගට ගියා.... අපිව දැක්කගමන් ආදිත්‍ය  එහෙම ඇහුවෙ මං දිහා බලාගෙන.....

"ඔයාට තනියක් කොහෙද කියුටි මමයි අශූයි ඉන්නකොට....."

"දැන් තමුන්ලා දෙන්නා කපල් එකක් වගේ යද්දි  මං කොහොමත් තනි වෙනවනෙ.... ඒ නිසා මං ශාන් අයියවත් එක්කන් ආවෙ...."

"එතකොට ඔයයි ශානුයි කපල් එකක්ද....?"

"ඔව් ඇයි අවුල් ව.............නෑ නෑ ශාන් අයිය මගෙ සහෝදරයා.....කපල් වෙන්න ඕනෙද එකට ගමන් යන්න හුහ්....."

ආදිත්‍ය අපි කපල් එකක්ද අහද්දි ඔව් කියන්න ගියපු දේවාන් ආයෙත් නෑ නෑ කිව්වෙ මගෙ කොල්ලගෙ මුහුණ දැකලා....

"ම්න්...ඕකෙ...අශූ එන්න ඉස්සරහට......"

"අශූ...උබ පලයන් පිටිපස්සට....මං ඉස්සරහ යන්නෙ...."

"වට් ද............"

බෝට නගින්න කියලා ආදිත්‍ය පැසෙන්ජර් සීට් එක තිබුන පැත්තෙ දොර අරිනකොට දේවාන් බෝට පස්සට පලයන් කියලා ගිහින් ඉස්සරහට නගිද්දි ආදිත්‍යගෙ මුහුණ දෙල් උනා....
මං මගෙ කොල්ලා එක්ක පිටිපස්සෙ සීට් එකට නැග්ගෙ හිනාව කාගෙන.....

ආදිත්‍ය අපිව එක්කන් ආවෙ කොළඹ ඔඩෙල් එකට......

"එන්න අශූ........"

අපි හැමෝම කාර් එකෙන් බැස්සට පස්සෙ ආදිත්‍ය බෝ ලගට ඇවිත් අත දික් කරේ එයාගෙ අතින් අල්ලගන්න....

"මෙහෙ මොකටද ආවේ...?"

සාක්කුවට අත් දෙකත් දාගෙන බෝ ඇහුවෙ කේන්තියෙන්....

"ශොපින් කරන්න තමයි....තව ටික දවසකින් පාටි එකක් තියෙනවා.... ඒකට අපි දෙන්නටම ඇදුම් ගන්න ආවෙ....."

"මං ත්............."

කොල්ලා දත් මිටි කාගෙන කියන්න හදපු දේ නැවැත්තුවෙ මං යන්තමින් ඔළුව හොලවලා එපා කියපු නිසයි..... මේ සිද්ධ වෙන දේවල් වලට මාත් කැමති නෑ.... ඒත් මේ වෙලාවෙ අපි ඉවසන්නම ඕනෙ....

"යමුද........?"

ආදිත්‍ය ආයෙත් යමුද අහලා බෝගෙ අතින් අල්ලගන්නයි හැදුවෙ.....

"මෙන්න මෙහෙ වරෙන් අශූ..... තමුසෙ යන්නෙ මාත් එක්ක....."

ආදිත්‍ය අල්ලන්න කලින් දේවාන් පැනලා බෝවත් ඇදගෙන ඉස්සර උනා.... මේ වෙලාවෙ මට ආදිත්‍යගෙ මුහුණ බලන්නෙ නැතුව පෙනුම ගැන හිතාගන්න පුළුවන්.....මාත් සද්ද නොකර කොල්ලො දෙන්නගෙ පස්සෙන් යද්දි ආදිත්‍යත් අපෙ පස්සෙන් එනවා මට තේරුනා......

"අශූ......මේ....."

"ආ....ඒක මුලින්ම මමයි දැක්කෙ...."

දේවාන් ශර්ට් එකක් අල්ලන් බෝට කතා කරද්දි මං දැක්කෙ ආදිත්‍යත් ඒකම අල්ලන් ඉන්නවා.....

"ඔහ්...ඒ කියන්නෙ කියන්නෙ අශූ කියපු දේ ඇත්ත....."

"මොකාක්...?"

"ඔව්... ඉස්සර අශූ නිතරම කියපු දෙයක් තමයි ' ආදි අයියෙ තමුසෙගෙයි අපේ දේවාන් අයියගෙයි චොයිස් එක වගේ කියලා....."

ඔව් ඔව් අපිටත් පේනවා දෙන්නගෙ චොයිස් එක වගෙ කියල.....

"වෙන්න ඇති.... ඒත් මේක දැන් මගෙ....."

"නෑ කියුටී...මට මේක ඕනෙ..... මේ කලර් එකම...මේකම....මේක තමයි මං අශූට දෙන්න අල්ලපු පළවෙනි ගිෆ්ට් එක...."

දැන් දෙන්නම එකම ශර්ට් එකක් අල්ලන් දෙපැත්තට අදිනවා....

"ඒක දේවාන් අයියට දෙන්න...! මට එපා................."

"අඩෝ ශානා....... !"

බෝ අර දෙන්නගෙ ලගට ගිහින් ඒක එයාට එපා කියද්දි  ඒත් එක්කම කවුරුහරි මට කතා කරනවා වගෙ ඇහුනා..... ඒ හඩට මං විතරක් නෙමෙයි අර තුන්දෙනත් ඒ පැත්ත බැලුවෙ කුතුහලයෙන්

ඒ ඇවිත් හිටියෙ ශෙනාල්.... මගෙ යාළුවා.....

"ශෙනාල්......"

මාව මෙහෙ දැකලා ශෙනාල්ට පුදුම ඇති.... බෝගෙ තාත්තට රට වටේම  තියෙන ගාමන්ට් ෆැක්ට්‍රීස් ගැන ශොප්ස් ගැන ඌ දන්න නිසා මේ ඔඩෙල් එක අස්සෙ මං මොකද කරන්නෙ කියලා බලනවා ඇති.....

"මේ මොකද ශානා.......? උබ මෙහෙ මොකද කරන්නෙ....?

"තාත්ති...........!"

ශෙනාල් මගෙන් එහෙම අහද්දි  අවුරුදු හතරක පහක විතර පොඩි කොල්ලෙක් ඇවිත් තාත්ති කියාගෙන  ශෙනාල්ගෙ කකුලෙ එල්ලුනා..... තාත්ති....? එතකොට මූ මට කිව්වෙ මැරි කරේ මාස දෙකකට කලින් කියලනෙ.....

"පුතූ.......කෝ අම්මි..? හොරෙන්ද දුවගෙන ආවේ......?"

"අම්මි පස්සෙන් එනෝ....අනේ තාත්ති මට ඒක අදින්න බෑ කියන්නකූ......."

"හිරූ........! "

මේ මොකද වෙන්නෙ කියල හිතාගන්න බැරුව මං වගේ බෝත් කම්පියුස් උනෙ දේවාන්  අර පොඩි දරුවගෙ ලගට ඇවිත් හිරූ කියලා කතා කරනකොට....

"ආ....මගෙ බාප්පි......!"

ඒ පොඩි එකත් පුදුම වෙලා දේවාන්ට බාප්පි කිව්වා..... බාප්පි....? මේ මොකක්ද වෙන්නෙ....?

"හිරූ........ මොකද මෙහෙ කරන්නෙ....? කෝ අම්මි.....?"

එහෙම අහනගමන් දේවාන් පොඩි එකාගෙ ඔළුව අතගානකොට  ශෙනාල් දරුවව වඩාගෙන දේවාන් දිහා බැලුවා......

"මං අම්මියි තාත්තියි එක්ක ශොපින් ආවා බාප්පියො....අර එන්නෙ අම්මි.....?"

එතකොටම එතනට ඇදුමකුත් අරන් දුවගෙන ආවෙ තරුණ ගැහැණු ළමෙක්.... අවුරුදු 25ක් 26ක් විතර පෙනුම තියෙන ලස්සන කෙල්ලෙක්....

"අනෙ බලන්න ශෙනූ මෙයා මේක අදින්න බෑ කියලා දුවගෙන ආවනෙ..........."

ඒ ආපු ගැහැණු ළමයා ශෙනාල්ගෙ වයිෆ්ද එතකොට.....?

"නෙහාරා අක්කෙ......"

ඒ ආපු කෙල්ල පොඩි එකා දිහාම බලන්  ආපු නිසා අපිට අවදානයක් දුන්නෙ නෑ....ඒත් දේවාන් ඒ ගැහැණු ලමයගෙ නම කියල කතා කරද්දි එයා දේවාන්ව දැකලා පුදුම උනා....... දේවාන්ව දැක්කගමන් ඒ මුහුණෙ ඇදුනෙ ලස්සන  හිනාවක්.... හිනාවෙද්දි පිං පාට ලස්සන ගැහැණු ළමෙක්.....

"අනෙ.... දේවාන් මල්ලි....?"

"කොහොමද අක්කෙ....? අක්කා ආයෙත් මැරි කරා කියලා මට දැනගන්න ලැබුනා....සමාවෙන්න අක්කෙ මට ඔයාලව බලන්න එන්න බැරි උනා.... එතකොට මේ ඉන්නෙ...."

"ඔව් මල්ලි.... මේ ඉන්නෙ මගෙ හස්බන්ඩ්..... ශෙනාල්.... ශෙනාල් දෑළබණ්ඩාර......පොලිස් ඔෆිසර් කෙනෙක්..... "

"කොහොමද ශෙනාල් අයියෙ....?"

"හොදයි මල්ලි..... සතුටින් ඉන්නවා.... මීට කලින් දැකලා නැති උනාට උබ ගැන ගොඩාක් දේවල් අහලා තියෙනවා කොල්ලො..... නෙහාරා එයාගෙ මල්ලිටත් වඩා උබට මාර ආදරෙයි....."

"මට සතුටුයි නෙහාරා අක්කයි පුතයි මෙහෙම සතුටින් ඉන්නවා දකිද්දි.....මගෙ අයියා කියන එකා අක්කව ඩිවෝස් කරන්න යද්දි එපා කියලා මං රණ්ඩු උනත් දැන් මං සතුටු වෙනවා අයියා අක්කව ඩිවොස් කරපු එක ගැන.... මේ දෙන්නා ඒ වගෙ පව්කාරයෙක් ලග දුක් විදින්න ඕන දෙන්නෙක් නෙමෙයි..... තමන්ගෙම දරුවා උනත් අපෙ අයියා කවදාවත් ඔයා වගෙ මේ පොඩි එකාව වඩාගෙන නෑ.... අඩුමතරමින් ඔළුවක් අතගාලා නෑ.... අක්කත් නොවිදිනා දුක් වින්දා ඌගෙන් ගුටි කාගෙන.... ම්..මට...ග්.ගොඩාක් ස්..සතුටුයි අයි..යෙ ....ඔ..ඔයාට ග්..ගොඩාක් පිං....මේ අහිංසකයො...දෙන්නගෙ..ජීවිතේට... ආවට......"

"ඒයී කොලු අඩන්න එපා බන්..... මේ උබේ අක්කත් අඩනවා...."

ඒ කියන්නෙ මේ ඉන්නෙ තේජාන් මැරි කරලා හිටපු ගැහැණු ළමයද....? පොඩි එකාවත් වඩාගෙන ශෙනාල් දේවාන්ගෙ උරහිස වටේ අත දාගෙන ලගට ගත්තෙ  කොල්ලා කතා කරද්දි ඇඩුන නිසායි.....

ශෙනාල් මට කිව්වෙ කැම්පස් යන කාලෙ ඌ තනියම හිතින් ආදරේ කරපු කෙල්ලව බැන්දා කියලනෙ.... කවුද කියල මං දැනන් හිටපු නැති නිසයි විස්තර ඇහුවෙ නැත්තෙ.... එතකොට ඒ නෙහාරාද....? පරක්කු වෙලා හරි ජීවිතේට වසන්තය එන්නවා හරිම කෙනා ලැබෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති......

"අනෙ අඩන්න එපා මල්ලො.... මං දැන් සතුටින් ඉන්නවා.... මේ බලන්න අපේ හිරූ උනත් කොච්චර සතුටින්ද...? එයා මටත් වඩා දැන් ශෙනාල්ටයි ආදරේ....."

"බාප්පියො අඩන්න එපානෙ....හිරූ බාප්පිටත් ආදරෙයිනෙ...."

"මගෙ බටු ඇටේ...... බාප්පි අඩන්නෙ සතුටට මැණික....."

දේවාන් කදුළු අතරින් හිනා වෙලා  පොඩි එකාගෙ ඔළුව අතගානකොට මගෙ කොල්ලත් ඇස් දෙකේ කදුළු පුරවන් බලන් ඉන්නවා මං දැක්කා.....

"ආහ්....නෙහාරා අක්කෙ....තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා..... අර ඉන්නෙ අපෙ අශූ.... මගෙ මල්ලි.... ඔයා ෆොටෝස් වලින් විතරයිනෙ දැකලා තියෙන්නෙ...... අශූ මෙහෙ වරෙන්කො....."

දේවාන්ට එකපාරටම බෝව මතක් වෙලා කතා කරනකොට එයත් හිනා වෙලා ගිහින් නෙහාරා ඉස්සරහ හිට ගත්තා......

"අනෙ කොහොමද මල්ලියො...? ෆොටෝස් වලින් දැක්කටත් වඩා අපේ චූටි මල්ලියා හරි ලස්සනයිනෙ දේවාන්.... බෝනික්කෙක් වගෙ..... ලංකාවට ආවා කියල දන්නවා උනාට ඔයාව බලන්න එන්න බැරි උනාට සොරි පැටියො.... ඒ දවස්වල මං හිටියෙ හොද මානසිකත්වයකින් නෙමෙයිනෙ....."

"අනේ ඒකට කමක් නෑ අක්කි.... දේවාන් අයියා ඔයාලා ගැන කියල තිබුනට මම අදමයි ඔයාලව දැක්කෙ.... මටත් සතුටුයි ඔයයි බබයි මෙහෙම හිනා වෙලා ඉන්නවා දැක්කම....."

"ඉතින් ඉතින්.... දේවාන් කිව්වා මේ චූටි කොල්ලට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා කියලා.... අපිටත් අදුන්නලා දෙන්නකො....."

එහෙම කියනගමන් නෙහාරා මාරුවෙන් මාරුවට  බැලුවෙ ශෙනාල් ලග හිටපු මං දිහා වගේම ආදිත්‍ය දිහා.....ඒත් එක්කම ආදිත්‍ය එයාලා ලගට ගියා.....

"හෙලො...මං ආදිත්‍ය.... ආදිත්‍ය සේනානායක.....මං තමයි අ................."

"ආහ්...නෙහාරා අක්කෙ මේ ඉන්නෙ ආදිත්‍ය..... මගෙ බෝයිෆ්‍රෙන්ඩ්......."

ආදිත්‍යට කතා කරන්න නොදී දේවාන්  එකපාරටම ආදිත්‍යගෙ අතේ එල්ලිලා මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියද්දි එතන හිටපු අපි විතරක් නෙමෙයි ආදිත්‍යත් ශොක් උනෙ අකුණක් ගැහුවා වගෙයි....

"මොකාක්....? දේවාන් මල්ලි ඔයා...? මං හිතුවා ඔයා කැමති........."

"ඔව් ඔව් අක්කා හරි....මං කැමති කෙල්ලන්ට තමයි.... ඒත් කිසිම කෙල්ලෙක් ලග නැවතුනෙ  නැති හිත මේ නපුරු කුමාරයා ලග නැවතුනානෙ...."

තාමත් ශොක් වෙලා දේවාන්ගෙ මුහුණ දිහා බලන් හිටපු ආදිත්‍යගෙ ඇස් දිහා බලන්ම දේවාන් එහෙම කියද්දි මං දැක්කා මගෙ එකා තොල් හපාගෙන හිනාව තද කරගන්නවා..... 'දේවාන් පුතේ උබෙ ඇක්ටින් ඕවර් යනවා වැඩියි වගෙ....' පුදුමෙ කියන්නෙ ආදිත්‍ය අතගසලා පැත්තකට උනෙ නෑ.... දේවාන් දිහාම අමුතු බැල්මකින් බලන් හිටියා.... මට බය අපි නිසා අපේ ප්ලෑන් නිසා මේකාව අනතුරේ වැටෙයිද කියලා....

"කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබුන එකට මට සතුටුයි මල්ලි..."

"අහ්...අක්කෙ...ක්හ්ම්ම්..... එතකොට අර ඉන්නෙ...... ශාන් අයියේ..... ! මෙහෙ එනවකො කටත් ඇරන් බලන් ඉන්නෙ නැතුවා......"

දේවාන් හැරිලා මට කෑගහද්දි මාත් එතනට ගියා.....

"මේ ඉන්නෙ අක්කෙ අපෙ අශූගෙ බෝයිෆ්‍රෙන්ඩ්......ශාන්..... ශාන් අනුහස් බණ්ඩාර.....ඒවගේම ඔයාගෙ හස්බන්ඩ්ගෙ බෙස්ට් ෆ්‍රෙඩාලු....."

දේවාන් තාමත් ආදිත්‍යගෙ එක අතක වැලමිටට උඩින්  එල්ලිලා ඒ අත බදාගෙන මාව නෙහාරාට හදුන්නවලා දෙනකොට ශෙනාලුත් අපි ලගට ආවා....

"ඔව් සුදූ....මේ ඉන්නෙ ඒලෙවල් කාලෙ මං ලගින්ම හිටපු එකා.....මගෙ බොක්ක....අදටත් මට මූ  තරම් හොද එකෙක් මගෙ ජීවිතේට සෙට් වෙලා නෑ....."

ශෙනාල් මගෙ ලගට ඇවිත් උරහිස වටේ අතදාගෙන එහෙම කියද්දි  මං දැක්කා මගෙ බෝම්බෙ මට ඔරවනවා...... මේකා ඒකටත් ඊරිසියාවෙ පුපුරනවා....

මං එහෙම්ම ශේප් එකෙ ආදිත්‍ය දිහා බැලුවා.... ඌ තාම දේවාන් දිහා බලන් පිළිකුල් භාවනව......

කොහොම හරි ශෙනාලුයි නෙහාරයි අපි  එක්ක ටිකක් වෙලා කතා කර කර ඉදලා ගියා.....

ඊට පස්සෙ දේවාන් බෝගෙ අතින් ඇදගෙන ශොපින් මෝල් එක වටේම ගිහින් දේවාන්ට ඕන විදිහට බෝටයි දේවාන්ටයි  ඇදුම් වගේම තව ගොඩාක් දේවල් අරගෙන අන්තිමට ආදිත්‍ය දිහා බැලුවෙ හරි දැන් මේවට ගෙවපන් කියන්න වගෙ....

මූ තමයි දවසකට හරි මිනිහා.... අපේ ප්ලෑන් එකෙ මෙච්චර දේවල් තිබුනෙ නෑ.... මේකා ඇදගෙන නානවද මන්දා....

ආදිත්‍යත් සද්ද නැතුව දේවාන්ට කැමති දෙයක් කරන්න දීලා බලන් ඉදලා ගත්තම ඔක්කොම බඩු වලට පේ කරල දේවාන් එක්ක ඒවා අරන් ඇවිත් කාර් එකට දැම්මා.... දැන් කළුවරත් වැටිලා.... වෙලාව බලද්දි 7:30ත් පහු වෙලා.....

"හරි ඒකත් ඉවරයි.... දැන් නම් බඩගිනි අප්පා.....නේද අශූ.....?"

දේවාන් එහෙම කිව්වෙ ආදිත්‍ය දිහා හොරෙන් බලනගමන්.....

"ම්න්....නගින්න කාර් එකට.... යනගමන් ඩිනර් අරගෙන මං ඔයාලව ඩ්‍රොප් කරන්නම්....."

"ආ ඔව් ඔව් කන්නත් අරන් දීලා ඩ්‍රොප් කරන්න ඕනෙ තමයි.... අපි කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයිනෙ.....බලෙන් අරන් ආපු නිසා ඩ්.................."

දේවාන් ආයෙ කියවන්න ගද්දි ආදිත්‍ය ඔරවලා බලපු විදිහට නිකන්ම ඒකගෙ කට වැහුනා.....

ඊටපස්සෙ කට්ටිය එක්කම  ඩිනර් එකත් අරගෙ ආදිත්‍ය මාවයි බෝවයි ගෙදරට ගෙනත් දාලා ආයෙ යන්න කලින් කාර් එකෙන් බැහැලා බෝ ලගට ආවා....

"මං ගිහින් එන්නම් අශූ.... පරිස්සමින් ඉන්න..... ඉක්මනටම ඔයාව ම............."

"මේ යමුද මිස්ටර් ආදිත්‍ය.......මට පරක්කු වෙනවා.... තමුසෙ අද දවසම කෑවා....ඇයි යකො මං හෙට කැම්පස් යන්නත් ඕනෙ....මහන්සියි නිදිමතයි....මොන මගුලක්ද මන්දා....එනවකො මනුස්සයො මාවත් බෝඩිම ලගින් දාගෙන යනවකො................"

දේවාන් තාමත් කාර් එකේ ඇතුලෙ ඉදන් ඔළුව විතරක් එළියට දාලා කෑගහද්දි ආදිත්‍ය ඇස් දෙක වහගෙන ලොකු හුස්මක් අරන් දේවාන් දිහා හැරිලා බැලුවා විතරයි අරූගෙ කියවිල්ල නැවතුනා..... ඊටපස්සෙ තව මුකුත් නොකියා ආදිත්‍ය ගිහින් කාර් එකට නගිනකොට දේවාන් අපිට ඇහැක් ගහලා හිනා උනෙ ආදිත්‍යට හොරෙන්....

"අයියෙ....! එනවකෝ.......!"

ආදිත්‍යගෙ කාර් එක නොපෙනී යනකන් බලන් හිටපු මං ගැස්සුනෙ බෝගෙ කටහඩට.....එයා ගේ දොරකඩ ලග ඉදන් කෑගහද්දි මාත් හැරිලා ගෙට ගියෙ ලොකු බරක් හිතෙ තියාගෙන..... ගෙට යනගමන් මං දේවාන්ට මැසේජ් එකක් දැම්මෙ ගියගමන් කෝල් කරන්න කියලයි.... ආදිත්‍ය මොන වගෙ කෙනෙක්ද කියලා මං දැන් දන්නවා උනත් අර පොඩි එකා ගැන මට බයයි.... අපි නිසා ඌට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑ.....

ඔෆිස් එකේ වැඩත් ඉවර වෙලා පැය ගානක් ශොපින් මෝල් එකක් අස්සෙ ඉදලා අපි දෙන්නම හිටියෙ තෙහෙට්ටුවෙන්..... කාලා ආපු නිසා හොදයි..... දෙන්නම වොශ් දාගෙන ඉවර උනාට බෝට කලින්  මං ඇදට ආවෙ එයා දේවාන් එක්ක කෝල් එකක හිටපු නිසයි....

කෝල් එක ඉවර වෙලා එයත් ලයිට් එක ඕෆ් කරලා ටික වෙලාවකින්  ඇදට ආවා.... ඇදට කිව්වට ඇදට නෙමෙයි කෙලින්ම මගෙ ඇග උඩට ආවෙ.... ඇවිත් ගෙඹි පැටියෙක් වගෙ කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි මාව හිර කරගෙන බෙල්ල අස්සෙ මුහුණ ඔබාගත්තා....

"කෝ කොල්ලො ඇදුම්....? "

එයා ලයිට් ඕෆ් කරලා ඇදුම් ගලවලයි ඇවිත් තියෙන්නෙ.....මං එයාගෙ පිටට එක අතක් තියාගෙන අනිත් අත තට්ටම් උඩින් තියෙන හෙමීට පිරිමදිනගමන් එහෙම අහද්දි එයා මගෙ බෙල්ල අස්සෙ ඉදන් හිනා වෙනවා....

"ඒවා ඉතින් ඇදට ආවම කොහොමත් ගැලවෙනවනෙ....මං ඔයාට ලේසි කරා....මේකත් දැන්ම ගලවමු....."

මං ඇදන් හිටපු සරමත් එයාගෙ කකුලෙන්ම ඇදලා ගලවලා ආයෙත් මාව තදට වෙලාගෙන එහෙම  කියද්දි මටත් හිනා ගියා....

"මොකද දේවාන් කියන්නෙ....? ආදිත්‍ය කොල්ලට මොනව හරි කියලද....?"

"මුකුත් කියලා නෑ.... බෝඩිම ලගින් දාලා ගුඩ් නයිට් කියුටි කියලා ගියාලු...."

"ආදිත්‍ය සද්ද නොකර දේවාන් කියපු කරපු හැමදේම ඉවසපු එක නම් පුදුමයි මට.... මට දේවාන් ගැන බයයි බෝ.... ඌ කොල්ලට අනතුරක් කරයිද.....?"

"නෑ....එහෙම වෙන්නෙ නෑ.... ආදිත්‍යට ඕන දේ කොහොමත් වෙනව කියල දන්න නිසා ඉවසන් ඉන්නව ඇති... අනිත් එක ඌ දන්නවා මගෙ කියන කාට හරි සීරිමක්වත් උනොත් මගෙන් ඌට සමාවක් නෑ කියලා...."

"මගෙ චණ්ඩියා......"

මං තවත් තදින් එයාව බදාගෙන ඔළුවට හාදුවක් තිබ්බා......

.
.
.
.
.

"ම්ම්ම්ම්හ්....බෝ..හ්...ආහ්හ්...මොකද.. කරන්නෙ....?"

මං ගැස්සිලා ඇහැරුනෙ යටි කයට දැනුන තෙත හාදු නිසයි.... පාන්දරම වැඩ පටන් අරන්....

"රෑ නින්ද ගියානෙ...ඇයි කතා කරේ නැත්තෙ....?"

"නිදාගෙන හිටපු විදිහට ඇහැරවන්න ලෝභ හිතුනා බන්....."

"ඔයා ඔළුව අතගාපු විදිහට නින්ද ගියානෙ....."

"ඉතින් කමක් නෑ.....දැන් නැගිටලනෙ...."

"අහ්...අයියේ....."

මං කට කොණකින් හිනාවෙලා ඇද උඩ මගෙ ලග දණ ගහගෙන හිටපු එයාව ඇදලා අරන් ඇද උඩට පෙරලගත්තෙ එයාගෙ ඇග උඩට එනගමන්.....

"මහන්සියි මගෙ පණට....දැන් නවත්තමු....."

"බැ..හ්.....ම්ම්හ්..තව...ඕනෙ....... වඩාගන්නකො....."

පාන්දර හතරට විතර නැගිටපු දෙන්නට ඉර එළිය කාමරේට වැටිලා එළිය වැටෙද්දිත් ඇති වීමක් නැති උනා..... එයාට මහන්සියි අමාරුයි කියලා මං නවත්තන්න හැදුවත් එයාට තව ඕනෙ කියනකොට මං එයාවත් වඩාගෙන ආවේ වොශ්රූම් එකට.....

"....අයි..යෙ..හ් දැන්.. නම්...ම්හ්හ්... පන නෑ වගෙ...."

තුන්වෙනි පාරටත් එයාගෙයි මගෙයි හැගීම් එකපාර පිට වෙද්දි මගෙ ඉන වටේ තිබුන එයාගෙ කකුල් වෙව්ලලා පහලට වැටෙන්න ගියා....ඒත් මං ඉක්මනට එයාගෙ  කලවා යටින් අත් දාලා එයාව උඩට උස්සලා අරගෙන බාත් ටබ් එක ලගට යද්දි එයා මගෙ උරහිසෙන් ඔළුව තියාගත්තා .....

"ම්ම්...දැන් එහෙනම් වොශ් එකක් දාගමු........"

"ම්හ්ක්....ආයෙ ටිකක් නිදාගන්න හිතෙනවා අනෙ...."

එයාව උකුල උඩ තියාගෙන උණුසුම් වතුර පුරවපු බාත්ටබ් එක ඇතුලෙන් වාඩි වෙද්දි  එයා එහෙම කිව්වෙ මගෙ පපුවෙන් ඔළුව තියාගෙන

"බැහැනෙ මැණික.... අද යන්නම වෙනවනෙ...."

"බඩගිනිත් එක්ක...."

"උදේ පාන්දර නැගිටගෙන මාව අවුස්සගත්තනෙ.... දැන් උයන්නත් පරක්කුයි....ඉක්මනට වොශ් දාගෙන යමු....කෑම ඕඩර් කරන්නද යනගමන් ගමුද....?"

"අරගෙන ගිහින් කමු...නැත්නම් තව පරක්කු වෙයි...."

"ම්ම්...එහෙම කරමු.... ඔයා ගිහින් අද වැඩ කරන්න ඕනෙ නෑ... කාලා රෙස්ට් රූම් එකේ ටිකක් නිදාගන්න...."

"ආ...ආස ඇති මාව නිදි කරවලා අර උඩැක්කිය එක්ක මුකුළු කරන්න...."

ඔන්න පටන් ගත්තා....

"මොකද සද්දයක් නැත්තෙ ආ....? කට උත්තර නෑ නේද ඒවට...."

එයා කියපු එකට මං සද්ද නොකර එයාව හොදලා මාත් හෝදගන්නකොට එයා මගෙ මුහුණට එබිලා ඇහුවෙ දත්මිටි කාගෙන..... මූට උත්තර දුන්නත් වැරදියි නොදුන්නත් වැරදියි.....

"උබට කියන කට හොදයි බිම උලාගන්නවා.....දැන් මං  කවදද කාත් එක්කද මුකුළු කරේ කියපන්කො...."

"මං කිව්වෙ නෑ ඔයා එහෙම කරා කියලා....මං කිව්වෙ අනිත් උන් එනවනෙ මං නැති වෙලාවට මගෙ මිනිහට පැණි හලන්න...."

"ඒ ඉතින් උබ ගැන දන්නැති එකෙක් තමයි.... මෙන්න මෙහෙ වරෙන් මගෙ ඊරිසියාකාරයා.... තවත් පරක්කු වෙනව....."

එයාව ටවල් එකකින් ඔතාගෙන ආයෙත් හරහට උස්සන් කාමරේට ඇතුලට ගියෙ තාමත්  කට  උල් කරගෙන කුටු කුටු ගලා මට බනින තොල් වලට හාදු දෙනගමන්.......

.
.
.
.

තවත් සතියක්  ගෙවිලා ගියෙ එදා ශොපින් ගිහින් ආවට පස්සෙ ආදිත්‍යගෙන් බෝට කෝල් එකක්වත් නැති වෙද්දි.... මිනිහා වැඩේ අතඇරලද...? එහෙම වෙන්න බෑ.... දේවානුත් ඒ සතියම කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා මේ පැත්තෙ එන්න කොල්ලට වෙලාවක් තිබුනෙ නෑ.... වෙනුකි නිතරම කෝල් කරලා මගෙ සැපදුක ඇහුවා සාමාන්‍ය විදිහට.... වෙනුකි හිතන් ඉන්නෙ තාත්තට සිහිය ආපුගමන් මං මේ හැමදේම අතඇරලා ගමෙ යන්න ඉන්නවා කියලයි.... වෙනුකි විතරක් නෙමෙයි ආදිත්‍ය වගේම රදීශ්ලටත් අපි දැනෙන්න ඉඩ දුන්නෙ එහෙමයි.... ඒත්  අපේ බැදීම කාටවවත්ම කඩන්න බැරි විදිහට දවසින් දවස ශක්තිමත් උනෙ ආත්මගානක ඉදන් පතාගෙන ආපු පුරුද්දට වගෙයි.....

"කියපන් ශෙනාල්.... මොකද උනෙ..? හොයාගත්තද....?"

"ඔව් බන් වැඩේ හරි....දැන් ඉතින් ඌට මගෙන් ගැලවීමක් නෑ....."

අද නිවාඩු දවසෙ දෙන්නම ගෙදර නිසා උදෙන්ම උයලා මුළු ගෙදරම දෙන්නත් එක්ක අස් කරලා  නාලා කාලා ඇදට ඇවිත් ටීවී එක ඔන් කරේ ෆිල්ම් එකක් බලන්න... හවස තාත්තා බලන්න යන්නත් ඕනෙ.... ඇදට ඇවිත් එයා මට තුරුල් වෙනකොටම කෝල් එකක් ආවෙ ශෙනාල්ගෙන්..... මූණ නරක් කරගෙන බනින්න හදපු කොල්ලා කෝල් එක කාගෙන්ද කියලා දැකපු නිසා සද්ද නැතුව ටීවි එක බලන්න ගත්තා.... මං කෝල් එකට ආන්ස්වර් කරලා බැල්කනි එකට ආවෙ එයා ආසාවෙන් ටීවි එක බලනවා දැකපු නිසයි....

"නියමයි බන්....මගෙ ඔළුවෙ තිබුන තවත් ලොකු බරක් නිදහස් උනා.... ඒත් ඌ ඇත්ත කියයිද ශෙනාල්...?"

"නොකියන ඇත්ත වමාරන විදිහ අපි දන්නැද්ද බන්...? උබ බය වෙන්න එපා.... ගානට හැමදේම සිද්ධ  වෙයි..."

"මං දන්නෑ බන් මං උබට කොහොම ස්තුති කරන්නද කියලා....?"

"යකෝ මේ මගෙ ඩියුටිය.... ස්තුති කරන්නෙ මොන ලබ්බටද....?"

"ඒත් ශෙනා පොලිසියෙම උන් යටගහන්න හදපු කේස් එකක්....උබ බාරගත්ත නිසයි මේ දේවල් හොයාගත්තෙ..."

"මං මේක මුලින්ම  බාරගත්තෙ උබ නිසාම නෙමෙයි ශානා.... උබ මගෙ යාළුවා කියන එකත් හේතුවක් තමයි.... අනිත් හේතුව නෙහාරා..... "

"නෙහාරා...?"

"ඔව්..... මිස්ටර් වික්‍රමසිංහගෙ ඇක්සිඩන්ට් එක ගැන නෙහාරට කෙලින්ම සැක හිතුනෙ තේජාන්ව.... අවුරුදු ගානක් ගුටි කාගෙන දුක් විදගෙන ජීවත් උන නිසා එයා දන්නවා බන් තේජාන් කියන්නෙ මොන වගෙ තිරිසනෙක්ද කියලා..... මගෙ කෙල්ල විදපු හැම දුකකටම ඌට පනිෂ්මන්ට් ලැබෙන්න ඕනෙ... "

"උබ හිතන්නෙ මේ හැමදේකම පිටිපස්සෙ ඉන්නෙ තේජාන් විතරයි කියලද....?"

මං ඒක ඇහුවෙ කාමරේ දිහාට  බැල්මක් දානගමන්...... එයා ටීවි එකෙ ගිලිලා... ෆිල්ම් එකක් බලමු කියලා ආවට ඒකා බලන්නෙ ස්පොන්ච් බොබ්....

"නෑ...ඌ විතරක් නෙමෙයි... මං  දන්නවා..."

"ම්ම්....ඉතින් කොහොමද බන්....? උබ ඉන්නෙ පොලිසියෙ වෙන්න බෑ.... පොඩි උන් ගොඩක් කෑගහනවා ඇහෙන්නෙ...?"

"ඔව්...අද ලීව් දාලා නෙහාරා එක්ක පොඩි එකාව අරන් පාක් ආවා....ඒකයි සද්දෙ...."

"දරුවා උබට ගොඩක් ආදරෙයි නේද...?"

"ඔව් ශානා.... ඊටත් වඩා මං කොල්ලට ආදරෙයි....ඒකා නෙහාරටත් වඩා මට ලගයි...... ඒ අහිංසකයට තාත්තගෙ ආදරේ ගොඩාක් මගඇරිලා බන්.... කොල්ලා පෙනුමෙන් වගේම ගතිගුණ වලින් නෙහාරා තමයි......"

" අම්මලා නෙහාරට ලේසියෙන්ම කැමති උනාද බන්...?"

"ලේසි උනෙ නම් නෑ.... ඒත් ඉතින් හැමදාම වගේ එයාලා තේරුම්ගත්තා මං වැරදි දෙයක් කරන්නෙ නෑ කියලා...."

"ඒක හොදයි ශෙනා....මට සතුට්........................"

"අයියේ............!!"

ශෙනාල් එක්ක කතා කර කර හිටපු මං එකපාරටම ගැස්සුනෙ බෝබෝගෙ  කටහඩට.......

"හෙලෝ....හෙලෝ ශානා....මොකද  උනෙ... යීබෝ නේද ඒ කෑගැහුවෙ....?"

"ශෙනාල්.....මං උබට පස්සෙ ගන්නම්...."

"ආ..හරි මචං හරි....."

බෝගෙ කෑගැහිල්ලට කාමරේට දුවගෙන ගිය මං දැක්කෙ එයා ෆෝන් එකත් කනෙ තියන් ඇස්වල කදුළු පුරවන් ඉන්නවා.....මං ඉක්මනට ශෙනාල්ගෙ කෝල් එක කට් කරලා එයා ලගට ගියෙ මගෙ පපුව හයියෙන් ගැහෙනකොට.... එයා හෙලවෙන්නවත් නැතුව බලන් ඉන්නකොට මං ලගට ගිහින් එයාගෙ උරහිසෙන් අල්ලගත්තා....

"බෝ මොකද උනේ....?"

"අ..අයි..යෙ......ත්..තාත්තා... අනෙ ම්.මගෙ..."

"ඔව්..ඉතින්....තාත්තට මොකද කියපන්  දරුවො....!"

එයාට කියාගන්න බැරුව තොල් විතරක් නෙමෙයි කටහඩත් වෙව්ලද්දි  මං එයාගෙ උරහිස් තදින් හොලවලා කෑගහනකොට එයා අඩාගෙන මගෙ පපුවට තුරුල් උනා......

"අනෙහ් ....අපෙ...තාත්තට..සිහිය.. ඇවිත්....අ.යි..යේ........"

*
*
*
*
*
*
*
*
*
නැවත හමුවෙමු.....

𝒵 𝒽 𝒶 𝓎 𝒾........🖊️

_______________________________

සුරේන් සර්ට සිහිය ආවනෙ. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න විසදෙයි නේද...? 😊

Continue Reading

You'll Also Like

619K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
246K 8.8K 99
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
146K 4.9K 100
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
282K 18K 22
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...