𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

45K 5.4K 351

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
04
05
06
07
08
09
10
11
13
14 ( Final )

12

2.6K 372 19
By Dedunu2003

Taehyung pov

ආයිමත් ඒ ඇස් වල කඳුළු. ඒ මදිවට තොල් දෙකත් වෙව්ලනවා. කම්මුල් රතු වෙලා. හිතෙන්නෙම මුළු මූණම ඉබගෙන ඉබගෙන යන්න. ඒත් හිත කියන හැම දේම කරන්න බෑනෙ.

ජන්ග්කුක් මාව තල්ලු කරලා දාලා දුවලා ගියේ මගේ අතේ තිබුණු එයාගෙ සපත්තුවවත් ගන්නැතුව. පව් කකුල් රිදෙනවා ඇති. මන් එයාලගෙ ඉස්කෝලෙ ළමයෙක්ගෙ අතේ ජන්ග්කුක්ගෙ සපත්තුව යැව්වෙ මට ආයිමත් රෙද්දක් ඇදන් ජන්ග්කුක් ඉස්සරහට යන්න බැරි නිසා මන් කියපු දේවල් වල හැටියට.

එදා අම්මා කිව්වා වගේම මට තේරුන් ගියා මන් ජන්ග්කුක්ට කැමතියි කියලා. ඒකත් මහ ගොඩක්. ඒත් ජන්ග්කුක් මට කැමති වෙයිද. විශේෂයෙන් කොල්ලෙක්ට. ඒකත් එයාගෙ කලින් ගර්ල්ව මගේ ගරල් කරගත්තු කෙනා එක්ක.

ඒ නිසාමයි මගේ හිතේ විතරක් මේ හැඟීම තියා ගන්න හදන්නෙ. මන් පුළුවන් තරම් ජන්ග්කුක්ව මගාරින්නෙ එයා දකින තත්පරයක් ඇති මගේ හිතේ එයා ගැන තියන හැඟීම් කුණාටුවක් වගේ ඇවිස්සිලා යන්න. ඉතින් මන් මේක කරන්නෙ අපි දෙන්නගෙම හොඳට ජන්ග්කුක්.


ප්‍රැක්ටිකල් සෙමිනා එක ඉවර වෙනකන්ම මන් ජන්ග්කුක් ඇහැටවත් දැක්කෙ නෑ. හිත කියන්නෙම දුවලා ගිහින් ජන්ග්කුක්ගෙ මූණ බලලා එන්න කියලා. මොළේ කියන්නෙම අනේ නිකන් පාඩුවේ ඉඳපන් කියලා.

" මොකද උඹ අද නිකන් මූඩ් ගහලා "

සෙමිනා එක ඉවර වෙලා ගෙදර යන වෙලාවෙ ජිමින් ඒක ඇහුවෙ මගේ කරට අත දාන ගමන්.

" මුකුත් නෑ බන්. දවසෙම එහෙටයි මෙහෙටයි ඇවිදලා ඔළුව රිදෙනවා. "

" ඇයි උඹ ජන්ග්කුක්ට අර විදියට සැලකුවෙ. "

" කොයි විදියටද. "

" කොයි විදියටද අහන්නෙ උඹ ඌ තඹේකට ගනන් ගන්නැතුවනෙ හිටියෙ. උගෙ මූන නිකන් අනේ මන්දා අඬන්න ඔන්න මෙන්න වගේ රතූ වෙලා තිබ්බා. "

ඒත් එක්කම අපි දෙන්නා ළඟට දුවන් ආවෙ යුන්ගියි හෝසොක්තුයි. ඒකත් හොඳටම හති දාන්.

" ඒ බන් උඹලා ජන්ග්කුක්ව දැක්කද. මූ නෑනෙ බන් කොහෙවත් හොයා ගන්න. "

යුන්ගි එහෙම කියද්දි මගේ හිත එකපාරටම ගැස්සුනේ මන් කියපුවා නිසා මේ මනුස්සයා මොනා හරි කරගෙනද කියලා.

" ඔයාලා කෝල් කරාද. "

ජිමින් අහද්දි මන් පට ගාලා මගේ ෆෝන් එකෙන් ඩයල් කළේ හුරතල් කොල්ලා කියලා සේව් කරලා තිබුණු ජන්ග්කුක්ගෙ නම්බර් එකට.

" හෙලෝ..... ක.... කවුද මේ.... "

" හෙලෝ ජන්ග්කුක් මම ටේහ්යුන්. ඔයා කොහෙද ඉන්නෙ ආ. ඇයි අමාරුවෙන් වගේ කතා කරන්නෙ. "

ජන්ග්කුක්ගෙ දුර්වල කට හඬ ඇහෙද්දිම තව ටිකක් බයට පපුව ගැහෙන්න ගත්තෙ දැන් ජන්ග්කුක්ට කරදරයක් වෙලා තමයි කියලා හොඳටම තේරුණු නිසා.

" 7 C රූම් එ.... එක.... ආහ්හා... "

ඒක ඇහුණ විතරයි මගේ ඇඟ වෙව්ලන්න ගත්තෙ බයටම. මට මතක් වුණේ එදා ජන්ග්කුක් මට එයාගෙ එපාර්ට්මන්ට් එකේදි කිව්ව දේ.

ඇයි අහල නැද්ද සමහර මිනිස්සුන්ට එක එක ෆෝබියා තියනවා කියලා. සමහ මිනිස්සු උස තැන්ල වලට බයයි. සමහර අය වතුර තියන තැන් වලට බයයි. ඒ වගේ මන් පොඩි කළුවර තැන් වලට බයයි. මතක නැද්ද එදා අපි හිටිය තැන චුට්ටන්කිතර තැනක්නෙ. "

7 C රූම් එක කියන්නෙ අපේ ක්ලාස් ක්ලීන් කරන බඩු දාන්න තිබ්බ පොඩි රූම් එකක්. මන් පුළුවන් තරම් ඉක්මනට ආපහු දිව්වෙ ඉස්කෝලෙ ඇතුළට.

ඒත් මට වැඩිදුරක් යන්න නොවුණේ යුන්ගි මගේ කොලර් එකෙන් අල්ලලා මාව නවත්ත ගත්ත නිසා.

" තමුසෙ කොහෙද දුවන්නෙ. ජන්ග්කුක් කොහෙද ඉන්නෙ. "

" එයා ඉන්නෙ 7 C රූම් එකේ. "


" එයා මොකක්ද ක්ලීනින් බඩු දාන රූම් එකේ කරන්නෙ. "

ජිමින් ඇහුවත් මට ඒවට උත්තර දෙන තරමෙ මානසිකත්වයක් තිබුණෙ නෑ. මට ඕන වුණේ පුළුවන් තරම් ඉක්මනට ජන්ග්කුක් ළඟට දුවන්න. ඒත් යුන්ගි ඉන්නෙ තාමත් මගේ කොලර් එක අල්ලන්.

" ඉතින් තමුසෙ මොකද පණ කඩාගෙන දුවන්නෙ. අපිත් එක්ක යමන් හෙමින්. "

" තමුසෙට තේරෙන්නද යුන්ගි. ජන්ග්කුක් බය වෙලා ඇත්තෙ. තමුසෙ එයාගෙ යාළුවා වෙලත් දන්නැද්ද ඌ කළුවර පොඩි කාමර වලට බයයි කියලා. "

" ඕ ෂිට් තමුසෙ දැන්ද කියන්නෙ මිනිහෝ. ඉක්මනට යමන් එතනට. "


කට්ටියම දුවලා ගියේ 7 C රූම් එකට. ඒත් රූම් එක තිබුණෙ ලොකු ඉබ්බක් දාලා ලොක් කරලා.


" ජන්ග්කුක්... ජන්ග්කුක් තමුසෙ ඇතුළෙ ඉන්නවද... "

අපි කොච්චර කතා කරත් ජන්ග්කුක් නෙමෙයි වචනයක් කතා කරේ. ඒත් එක්කම ජිමින් දුවන් ආවෙ අතේ ලී වලින් හදපු මල් වාස් එකක් අරන්. ඒක අතට අර ගත්තු මන් තුන් හතර පාරක් ගහලා ලොක් එක කඩලා ඇතුළට යද්දි දැක්කෙ බිම වැටිලා අමාරුවෙන් හුස්ම අල්ල අල්ල ඉන්න ජන්ග්කුක්ව.

" ජන්ග්කුක්.... ඕයි නැගිටිනවා... "

මන් මූණට තට්ටු කරලා ජන්ග්කුක්ට කතා කරත් එයා නෙමෙයි උත්තර දුන්නෙ. එදා වගේම අදත් ජන්ග්කුක් හිටියෙ සිහියත් අසිහියත් අතර. කාමරෙන් එළියට ජන්ග්කුක්ව වඩා ගෙන ආපු මන් කොරිඩෝ එකේ වාඩි වෙලා ජන්ග්කුක්ව තුරුල් කර ගත්තෙ මගෙ පපුවට. ජීවිතේ පළවෙනි වතාවට අද දැනුණා මගේ පපුව අසාමාන්‍ය වේගෙන් ගැහෙනවා කියලා.


" ජන්ග්කුකා නැගිටපන් බල්ලෝ අපිව බය නොකර. "

යුන්ගි වගේම හෝසොක්තුත් ජන්ග්කුක්ට කතා කරත් ජන්ග්කුක් තාමත් බාගෙට ඇස් පියන් හයියෙන් හයියෙන් හුස්ම අල්ලනවා.

" යා ජියෝන් ජන්ග්කුක්. තමුසෙ ඇහුවා නේද මන් මේ ලෝකෙ වැඩිපුරම බය මොකටද කියලා. මන් බය තමුසෙ මගේ ළඟ නැති වෙද්දි. මට තමුසෙව අහළ පහළක පේන්න නැති වෙද්දි හෙන බයයි බන්. තමුසෙ කාලද බීලද හොඳින් ඉන්නවද කියලා කොයි වෙලෙත් හිතෙනවා. ඒ නිසා මාව බය නොකර ඉක්මනට නැගිටිනවා මිනිහෝ. "

මන් දැක්කා මගේ කතාවට ජිමින් වගේම ජන්ග්කුක්ගෙ යාළුවො දෙන්නත් මන් දිහා අමුතුවට බලන් ඉන්නවා. ඒත් මට ඒවයින් වැඩක් නෑ. මට දැන් වැදගත්ම ජන්ග්කුක්.

" ටේ....ටේ.... "

බාගෙට පියාවෙලා වගේ තිබුණු ඇස් වලින් මන් දිහා බලලා ජන්ග්කුක් ඒ ඇස් වැහෙන්නම පියා ගත්තෙ ටේ ටේ කියන වචන දෙක කියලා.




කතාවට වෝට් කමෙන්ට් කරන ළමයිට මන් හරි ආදරෙයි.

අදත් මොනවා හරි කොටාගෙන යන්න මගේ හිත හැදෙන්න.

හෙටත් අප්ඩේට් එකක් අරන් එන්නම්. කතාව ඉවර වෙන්න ළඟාාාායි.

#දේදුනු
23/04/29

Continue Reading

You'll Also Like

379K 33K 93
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
2.1M 57.7K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
7.2K 263 10
Sequel to Getting closer After the bombing, a new chapter starts in the lives of Seventeen, but will they succeed or will they fail into this new lif...
3K 56 12
Sokka couldn't believe his luck. He never expected that when the Gaang and he entered Ba Sing Se, it would be the beginning of the worst, yet best ex...