𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

37.1K 4.9K 340

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
04
05
06
07
08
09
10
12
13
14 ( Final )

11

2.1K 330 28
By Dedunu2003

Jungkook pov

ටේහ්යුන් කාමරෙන් ගිය ගමන්ම මන් පපුවටත් අත තියා ගත්තෙ අද ඒක වෙනදටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්ත නිසා. හැමදේම පටන් ගත්තෙ ටේහ්යුන් මගේ කොණ්ඩෙ පිහිදාන්න ගත්තු වෙලේ.

මන් එවෙලේ කණ්ණාඩියෙන් හොඳටම දැක්කා ටේහ්යුන් ඇස් දෙකත් වහන් මගේ කොණ්ඩෙ ඉබිනවා. ඒ වෙලාවෙ මුළු ඇග පුරාම සීතලක් උඩු දිව්වෙ මාව පිස්සු වට්ටලා. මේ මනුස්සයට පිස්සුද මන්දා. කරොත් කරන්නෙම විකාර.

මන් හෙට ස්කූල් හෝම් වරක්තුත් කරලා ටිකක් රෑ වුණාට පස්සෙ තමයි ටේහ්යුන්ගෙ අම්මා එවපු කෑම කෑවෙ. මට ගෙදර හදපු කෑම කන්න වෙන්නෙ කලාතුරකින් නිසා පොඩ්ඩක්වත් ඉතිරු නොකර සේරම කෑවෙ ආසාවෙන්.

ආපහු ටික වෙලාවක් පාඩම් වැඩ කරලා නිදා ගන්න ගියේ හෙට උදේම ස්කූල් යන්න ඕනි නිසා.


" ළමයි ඔයාලගෙ ෆයිනල් එක්සෑම් එක ළඟ එන නිසා ලබන සතියෙ ඔයාලට ප්‍රැක්ටිකල් සෙමිනා එකක් තියනවා. ඒක සෝල් නැෂනල් යුනිවසිටි එකේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඇවිත් තමා කරන්නෙ.ඒ නිසා ලබන සතියෙ ඔයාලා එද්දි ෂින්වා හයි ස්කූල් එකට යන්න ලෑස්ති වෙලා එන්න. "

හේතුවක් දන්නෑ. අද ස්කූල් එක ඉවර වෙන්න කලින් සයන්ස් මැඩම් කිව්ව කතාව නිසා හිතට පොඩි සතුටක් දැනුණා. ඒ මට ටේහ්යුන් බලන්න පුළුවන් නිසාද... ආයිෂ් කොහෙවත් හිටිය මට වෙච්චි දෙයක්.

" අඩෝ ජන්ග්කුකා මොකත ඔය තනියම හිනා වෙන්නෙ. අපිට හොරෙන් කෙල්ලෙක්වත් සෙට් කර ගත්තද. "

යුන්ගි එහෙම අහද්දි මන් ඔළුව වැනුවෙ නෑ කියන්න.

" එහෙනම් මොකද බන් පිස්සෙක් වගේ හිනා වෙන්නෙ. "

" මුකුත් නෑ. යමන් බන් ගෙදර. "











ටේහ්යුන් අපේ ගෙදර ඇවිත් ගිහින් දැන් දවස් පහකට කිට්ටුයි. අද වෙනකන් එයා ගැන කිසිම තොරතුරක් නෑ. මන් හෙට වෙනකන් බලන් හිටියෙ හෙට ප්‍රැක්ටිකල් වලට ශින්වා එකට ගියාම කොහොමහරි ටේහ්යුන්ව බලා ගන්න පුළුවන් කියලා හිත හදාගෙන.





යොන්හා එකේ අපේ ළමයි ශින්වා හයි ස්කූල් එකට ආවෙ බස් එකකින්. කට්ටියම ගියේ අපේ සයන්ස් ටීචර් පස්සෙන්. ශින්වා එකේ ළමයිතුයි අපේ ස්කෝලෙ ළමයිතුයි ළමයි පස් දෙනා ගානෙ ග්රූප් වලට කැඩුවේ ප්‍රැක්ටිකල් කරන්න ලේසි වෙන්න.

" යා ජියෝන් ජන්ග්කුක් තමුසෙට තාම ඇති වෙලා නැද්ද. තමුසෙ ඔය බෙල්ල ඇද කර කර හොයන්නෙ අර සුසීවද ආ.. "

මේ හෝසොක් කියන්නෙ මගෙ තුන් හිතකවත් තියන දෙයක් නෙවේ.

" පිස්සුද උඹට. මන් මේ වෙන කෙනෙක් බැලුවෙ. "

ඒත් එක්කම මගේ ළඟට හිනා වෙවී තව ගෑණු ළමයි දෙන්නෙක් එක්ක ආවෙ සුසී.

" ඕ කුකී ඔප්පා. කවුද හිතුවෙ අනේ අපි දෙන්නා එකම ග්රූප් එකට වැටෙයි කියලා. "

ඕ ෂිට්. මේ මලවලාමත් මන් ඉන්න එකේමද. මෙයිට වඩා හොඳයි නියගලා අලයක් තම්බන් පොල් එක්ක කෑවනම්.


" අඩෝ උඹලට බල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවද. අඩෝ මගේ කන් දෙක. "

ඒ අපේ යුන්ගි. පොරටත් ඉතින් සුසී එක්ක ඇන ගන්න තියනවනම් ඊට වැඩිය දෙයක් නෑ.

" යුන්ගි ඔප්පා ඔයා මටද බල්ලා කිව්වෙ. "

" කවුද බන් උඹේ ඔප්පා. උඹේ ඔප්පලා මෙහෙ නෑ. "

සුසී එයාගෙ යාළුවොනුත් එක්ක ගස්සගෙන ගියේ මටත් එක්කමයි. මන් ඒ අතරවාරෙදිත් බැලුවෙ ටේහ්යුන් කොහෙද කියලා.

" මොකද මිනිහෝ ආපු වෙලේ ඉඳන් බඹර චක්කරේ වගේ එහාටයි.මෙහාටයි කැරකෙන්නෙ. කවුද උඹ ඔය හොයන්නෙ කියපන් ඉස්සෙල්ලා. "

යුන්ගිට තාමත් සුසී නිසා කේන්ති ගිහින් තිබුණ නිසාදෝ මන්දා මටත් කතා කරේ කේන්තියෙන්.

" මන් මේ අර ටේහ්යුනුයි ජිමිනුයි කොහෙද කියලා බැලුවෙ. "

ටේහ්යුන්ව විතරක් හොයනවා කියලා යුන්ගිගෙන් ගුටි කන්න තරම් අවධානමක් ගන්න බැරි නිසා මන් අර අසරණ කොට ජීවිතෙත් අපි මැද්දට ඇදලා ගත්තා.


ඒක කියලා කට පියා ගන්න වුන්නෑ එතනට එකපාරටම ආවේ ජිමින්.

" ආ කොල්ලො ටික ආවනේ. කොහොමද ඉතින් අපේ ඉස්කෝලෙ ලස්සනත. "

" අනේ මගේ පු# "

ජිමින්ගෙ මූණ ඇද වෙලා ගියේ යුන්ගිගෙ කතාවට. මේකාට මනුස්සයෙක් එක්ක ටිකක් හොඳට කතා කරන්න බැරි හැටියක් අම්මපා.

" දෙන්නෙ යුන්ගි ඔයාට මන් බුන්ගි වෙලා යන්න. "

" අනේ නිකන් ඉදාම් මට කියලා තව අඟල් බාගයක් කොට කරගන්නැතුව පොඩි එකා. "

" යා මින් යුන්ගි තමුසෙ ඉවරයි... "

ජිමින් එහෙම කියාගෙන අතේ තිබුණු ෆයිල් එකකින් යුන්ගිගෙ ඔළුවට ගැහුවේ ටාං ගාලා.ඒත් එක්කම එතනට ඇවිත් ජිමින්ව යුන්ගිගෙන් එහාට ඇදලා ගත්තෙ ටේහ්යුන්.

එයාව යුනිෆෝම් එකෙන් අදමයි දැක්කෙ. මොක ඇන්දත් මේ මිනිහා පට්ට හැන්ඩිනේ. පුදුමයකට වගේ ටේහ්යුන් මන් ඇරෙන්න අනිත් හැමෝම එක්ක කතා කළා. ජියෝන් ජන්ග්කුක් කියලා කෙනෙක් මේ ලෝකෙ නෑ වගේ තමයි එයා හැසිරුණේ.

මේ මනුස්සයට එකපාරටම මේ මොකක්ද වෙලා තියෙන්නෙ. මන් මොන වැරැද්දක් කරාටද මෙහෙම කරන්නෙ.


" හරි ළමයි. දැන් ඔයාලා ඔයාලගේ ග්රූප් මෙම්බර්ස්ලාත් එක්ක එකතු වෙලා ඔයාලට අදාළ ප්‍රැක්ට්කල් ඒ ඒ ක්ලාස් රූම් වලට ගිහින් කරගන්න. ඒ ප්‍රැක්ටිකල්ස් වලට අදාළ තොරතුරු ඔය දීපු ප්‍රැක්ටිකල් පොතේ කෙටියෙන් ලියා ගන්න. "

ආයිෂ්... මේ මොන විකාරයක්ද. අපේ ටීම් එකේ පිරිමි පරාණයකට කියලා හිටියෙ මන් විතරයි. අනිත් හිටියෙ සුසීයි තව කෙල්ලො තුන් දෙනෙකුයි. මුන් ටික එකතු වෙලා මට අඩත්තේට්ටම් කරයිද මන්දා.

" අඩෝ ජන්ග්කුකා දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නෙ මේකට තමා. බලාන්කො උඹට කෙල්ලො හතරක්ම ඉන්නවනේ. ඒකට බලපන් මන්. ආසාවට කෙල්ලෙක් නෑ. "

හෝසොක් ඒක කිව්වෙ මගේ කණ්ඩායමේ හිටිය කෙල්ලො දිහා මහ පෙරේත විදියට බලන් ඉන්න ගමන්.

" හරි ළමයි එහෙනම් දැන් ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න පටන් ගන්න. "

අපෝ මේ ගෑණු නම් මහ අප්පිරියයි. එක ප්‍රැක්ටිකල් එකක් කරල ඉවර වෙද්දිම මට මුන් ටික එපා වුණේ කොයි වෙලෙත් ජන්ග්කුක් ඔප්පා ගගා මගේ පස්සෙන් පන්නන්න ගත්තු නිසා.

"ඔප්පා ඔයාට බඩගිනිත් ඇතිනේ. ආ මේ ජූස් එක බොන්න. "

අපේ ටීම් එකේ ගෑණු ළමයෙක් මට එහෙම කියලා ජූස් එකක් දික් කරද්දි දැක්කෙ මන් ඈතින් යන ටේහ්යුන්ව. ඒ ගෑණු ළමයාවත් අතින් පැත්තකට කරලා මන් දිව්වෙ ටේහ්යුන්ගෙ පස්සෙ.


" ටේහ්යුන්..... යා කිම් ටේහ්යුන්... "


මන් නම කියද්දි ටේහ්යුන් පිටිපස්ස හැරිලා බැලුවත් ආපහු එයාගෙ කණ්ඩායමේ අයත් එක්ක යන්න ගියේ මාව දැක්කෙ නෑ වගේ. මේකගෙ කනේ කිරල ඇබද මන්දා. දැන්නම් හිතයි ගහන්න සෙරෙප්පුවෙන්. ආයෙ ඉතින් විනාඩියක්වත් පරක්කු නොකර සපත්තුව ගලවලා ටේහ්යුන්ගෙ ඔළුවට සොට් එකක් ගහද්දි ටේහ්යුන් කෑ ගැහෙව්වෙ එක අතකින් ඔළුවත් අත ගාන ගමන්. ටේහ්යුන්තුයි එයාගෙ යාළුවොයි මගේ දිහා බැලුවෙ මරාගෙන මැරෙන සයිස් එකෙන්.



ටේහ්යුන් මටත් රවාගෙනම මන් විසික් කරපු සපත්තුවත් අරන් ටිකින් ටික මන් ළඟට එද්දි නොදැනුවත්ම මන් පස්සෙන් පස්සට ගියේ ටේහ්යුන්ගෙ ඇස් වල තිබුණු ඒ බැල්මට. ඒකනම් මාරාන්තික බැල්මක්. අඩියට දෙකට මන් ළඟට ආපු ටේහ්යුන් මාවත් ඇඳගෙනම ගියේ ළමයි වැඩිය නැති පැත්තකට.

" යා මෝඩ ටේහ්යුන්. මගෙ අත අතාරිනවා. මගෙ කකුල රිදෙනවා ගල් ඇනිලා. "

මන් කොච්චර කෑ ගැහුවත් මේ මනුස්සයා නෙමේ හැරිලවත් බැලුවෙ. ඔහේ මගේ අතත් ඇදන් යනවා යනවා ඉවරයක් නෑ. කන්වල කිරල ඇබ ගහලද මන්දා. සපත්තු නැතුව යන නිසා මුළු කකුලම රිදෙන්න ගත්තෙ බිම
තිබ්බ ගල් ඇනිලා.



එකපාරටම මගේ අත අතෑරපු ටේහ්යුන් මගේ දිහා හැරිලා ටික වෙලාවක් බලන් ඉඳලා කතා කරන්න ගත්තා.


" මොකක්ද තමුසෙට වෙලා තියෙන්නෙ ආ. "


" මමනෙ තමුන්ගෙන් ඒක අහන්න ඕන. මොකක්ද තමුසෙට වෙලා තියෙන්නෙ. ඇයි මාව අඳුරන්නෑ වගේ හැසිරෙන්නෙ. තමුසෙ මන් ඇර මෙහේ ඉන්න හැම එකා එක්කම කතා කරනවනේ. මාව පේන්නෙ කවුරු වගේද ආ. "


හේතුවක් දන්නෑ. හැබැයි කියපු හැමටද්ම කිව්වෙ මට පුළුවන් උපරිමයෙන් කෑ ගහලා. ටේහ්යුන් මගේ ඉනෙන් අල්ලලා මාව එතනම ළඟ තිබුණු බිත්තියටත් එයාටත් අතර හිර කරන් එයාගෙ එක අතක් තියා ගත්තෙ මගේ මගේ මූණට ටිකක් එහාට වෙන්න. අනිත් අත තාමත් මගේ ඉනේ. අපි දෙන්නා අතර පරතරය සෙන්ටිමීටරයක් වෙන්නැති. අනේ මන්දා මට ඕවා මැන මැන ඉන්න වෙලාවක් තිබුණෙ නෑ. මන් හිටියෙ හොඳටම බය වෙලා.


" මේ අහනවා ජියෝන් ජන්ග්කුක්. මන් කරන්නෙ මට ඕන දේ. මන් කතා කරන්නෙ මට ඕන අයත් එක්ක. ඒක තීරණය කරන්න තමුසෙට අයිතියක් නෑ.  අනික තමුසෙත් එක්ක දකින දකින තැන කතා කරන්න තරම් අපි දෙන්නා කවුද. අඩුම අපි යාළුවොවත් නෙවේනෙ. අනිත් දවසෙ මාව දැක්කොත් මාව අඳුරන්නෑ වගේ ඉන්නවා. මට තමුසෙ දකින එකම පුදුම වදයක්. "


ඒවා වචන නෙමේ පපුවට ඇනපු පිහි පාරවල්. මෙච්චර දවස් හොඳට ඉඳලා මෙයාට මොනවා වෙලාද. පුරුදු විදියටම අදත් ටේහ්යුන් ඉස්සරහදි මගේ කඳුළු ඉස්සර වුණා.


" ටේහ්යුන් තමුසෙ දන්නවද මට මන් ගැනම තරහ මොකද කියලා. කවදාවත් අනිත් අය ඉස්සරහ අඬන්නැති මම තමුසෙ ඉස්සරහ අඬන එක. කරදර කරාට සොරි. "


මන් ටේහ්යුන්ව අහකට තල්ලු කරලා ආපහු යන්න ගියේ වොෂ් රූම් එකට මූණ හෝද ගන්න.

" කුකී ඔප්පා ආ යූ ඕකේ. "

පැත්තක හිටපු සුසී එහෙම අහද්දි මන් එයාට උත්තර නොදීම වොෂ් රූම් එකට දිව්වෙ එයාට උත්තර දෙන්න තරම් මට මානසිකත්වයක් තිබුණෙ නැති නිසා.



කතාවද කැතද ලස්සනද කියලවත් කමෙන්ට් කරන් යන්නකො ළමායි. කමෙන්ට් නැතුව කතාව ලියන්න හරි කම්මැළියි.

#දේදුනු
23/04/28

Continue Reading

You'll Also Like

2.1K 520 7
"You are the cause of my euphoria...." පියානෝව වයන අතරම ගී පද මුමුණනමින් ඔහු යමෙකු සෙව්වා. ඒ ඔහුගේ ප්‍රමෝදය..... ඔහුගේ ඒකපාර්ශ්වික ආදරය..... ♡A jinko...
911 102 3
" යා .. තමූ~ " " අයිගෝ ඔප්පා ඔයා මොකද අපේ ටීච කිව්වා පලියට මේ සමලිංගිකයා ළග වාඩි වුණේ ? " " ඒකනේ ඔප්පා ඔයා කිව්වා නම් මන් ඉන්න තැනින් නැගිටලා ඔයාට...
479K 7.3K 82
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.4M 53.9K 55
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...