𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

37.9K 4.9K 340

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
04
05
06
07
08
09
11
12
13
14 ( Final )

10

2.1K 328 7
By Dedunu2003

Taehyung pov

" ටේ බබා අර හුරතල් කොල්ලා එහෙම සැප සනීපෙන් ඉන්නවද ළමයෝ. "

" දන්නෑ අම්මා. මන් ළඟ එයාගෙ නම්බර් එකක්වත් නෑනෙ අනේ. "

" ඉතින් ඒ ළමයගෙ ගෙදරට ගිහින් බලල එන්නකො ඒ දරුවා හොඳින්ද කියලා. ඔයා කිව්වනේ එයා ඉන්නෙ තනියම කියලා. මන් කෑම වගයකුත් හදලා තියෙන්නෙ. ඒ ටිකත් අරන් ගිහින් එයාට දෙන්න. "

" හරි අම්මා. "

අම්මා කිව්වා වගේම මේ සතිය ඇතුළත මට ජන්ග්කුක් ගැන කිසිම තොරතුරක් අහන්න ලැබුණෙ නෑ. අඩුම තරමෙ නම්බර් එකක්වත් හොයා ගන්න බැරි වුණේ මන් අඳුරන කිසිම කෙනෙක් යොන්හා එකේ නැති නිසා. අම්මා පැක් කරලා දීපු කෑම ටිකත් අරන් මන් හවස් වෙලා බයික් එකත් අරන් ගියේ ජන්ග්කුක්ගෙ එපාර්ට්මන්ට් එකට.

මන් දොරට දෙපාරක් තුන්පාරක් තට්ටු කරත් ජන්ග්කුක් දොර ඇරියෙ නැති නිසාමයි ජන්ග්කුක්ගෙ නම කියලා කතා කරන්න ගත්තෙ.

" ජියෝන් ජන්ග්කුක්.... ඒයි හුරතල් කොල්ලා.... මේ දොර අරිනවා..... "

ඔන්න එතකොට නම් පොර ඇවිත් දොර ඇරියා. ඒත් මට උන්හිටි තැන් අමතක වුණේ ජන්ග්කුක් හිටපු විදිය දැකලා. ජන්ග්කුක්ගෙ ඇඟටම කියලා තිබුණෙ සුදු පාට ටවල් එකක් විතරයි. තවත් පොඩි සුදු ටවල් එකකින් ඔළුව පිහිදාන ගමන්ම මට ඇතුළට එන්න කියලා ඔළුවෙන් සන් කළා.

මේකට තියෙන්නෙ හුරතල් මූණක් වුණාට ඇඟ නම් තියනවා නිකන් වාත්තු කරලා අඹවලා වගේ. මෙයාව මවද්දි දෙයියෝ ඉන්න ඇත්තෙ පට්ටම හැපි මූඩ් එකේ. ඒකනෙ cute & hot දෙකම මේ කොල්ලා ගාව තියෙන්නෙ.

" ඔහොම චුට්ටක් ඉන්න. මන් ඇඳුම් ඇදන් එන්නම්. "

එයා ගිහින් ටික වෙලාවකින් ආවෙ සුදු පාට ෂෝට් එකකුයි සුදු පාට ෂර්​ට් එකකුයි ඇඳන්. මෙයා සුදු පාට ඇන්දම මාර හැඩයිනේ. වැරදිලා පෘථිවියට ආපු සුර දූතයෙක් වගේ. හරිම පින් පාටයි.

" මන් දන්නවා මන් ලස්සනයි කියලා. ඒ වුණාට ඔහොම බලන් ඉන්න එපා. "

ජන්ග්කුක් ඒක කිව්වෙ මට කින්ඩියට හිනා වෙන ගමන්. ෂිට් ලැජ්ජාවෙ බෑ.

" ආ මෙන්න ගන්නවා. "

මන් එයාට දික් කරේ අම්මා දුන්නු කෑම පාර්සලේ.

" මොනාද ඔය. "

" අම්මා දුන්නෙ ඔයාට දෙන්න කියලා කෑම වගයක්. බලනෝ තමුසෙ එක දවසයි ගෙදර ආවෙ. ඒ ටිකට අපේ අම්මවත් දැලේ දාගත්තා නේ. "

ජන්ග්කුක් ඔළුවත් කස කසම ඇවිත් මගේ අතින් කෑම එක අරන් ගියේ කිචන් එකට. එයා ආපහු ආවෙ අතේ ජූස් වීදුරු දෙකක් අරන්.

" ආ බොන්න. "

අපි දෙන්නම එයාගෙ ඇඳේ වාඩි වෙලා ජූස් බොන්න පටන් ගත්තා.

" මේ ජන්ග්කුක් ඔයාට සුසීව ආපහු හම්බුනාද. "

මන් සුසී ගැන කිව්වා විතරයි එයාගෙ මූණ අඳුරු වුණේ මන් බලන් ඉද්දිමයි.

" නෑ. ඔයාට හම්බුනාද. "

" හම්බුනාද අහන්නෙ එයා මගේ ක්ලාස්මේට් කෙනෙක්. හැමදාම දකිනවා. "

" සුසී මගේ ෆර්ස්ට් ලව් එක. "

ජන්ග්කුක් වීදුරුව ලෑම්ප් ටේබල් එක උඩ තියන ගමන් ඇඳේ දිගෑරුණේ හරියට දිග කතාවක් කියන්න වගේ.

" සුසී මාව දාලා ගියාම හිතුවෙ මන් එයාට හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවුණු නිසා දාලා ගියා කියලා. මන් ෆුට්බෝල් ප්‍රැක්ටිස් නිසා මට එයාව ගොඩක් මිස් වුණා. අපි මුලදි හොඳට හිටියා. හැබැයි හිතුවෙ නෑ හැමෝම වගේ එයත් මාව දාලා යයි කියලා. "

මමත් ජන්ග්කුක්ට එහා පැත්තෙන්ම ඇඳේ දිගෑරෙද්දි ජන්ග්කුක් ඔළුව හරවලා බැලුවෙ මගේ දිහා.

" මන් සුසී එක්ක යාළු වෙද්දි දැනන් හිටියෙ නෑ ඔයාගෙ කලින් ගර්ල් කියලා. දන්නවනම් ඕකිව ළඟටවත් ගන්නෑ. "

" ඇයි තමුසෙට මාව ඒ තරමට අප්පිරියද. "

"  පිස්සුද මිනිහෝ. අප්පිරිය නෑ තරහයි. යොන්හා එකේ හැන්ඩ්සම් බෝයිට පොල්ල තියපු එකී මට පොල්ල තියන එක අහන්නත් දෙයක්ද. "

මෙච්චර වෙලා මලානික වෙලා තිබුණු ජන්ග්කුක්ගෙ මූණ ඒකටනම් පණ ගැහිලා ආවා.

" කෝ තමුසෙ දැන් කන්නැද්ද හලෝ. "

මන් දවල්ට කෑවා. ඒ ටික රෑට කන්නම්. "

" මොනාද කෑවෙ. "

" රාමේන් තමා. "

" හැමදාම ඒවද. "

" නැතුව ඉතින්. මන් වෙන ඒවා හදන්න දන්නෑ. "

" යා හැමදාම රාමේන් කන්න එපා ඕයි. තමුසෙට රටේ නැති ලෙඩ හැදෙයි. "

" ඉතින් වෙන ඒවා හදන්න බැරි නිසානෙ  ඒවා කන්නෙ. මට ඉතින් ඔයාට වගේ කෑම හදලා දෙන්න කවුරුවත් නෑනෙ. "

ඒකටනම් මට ඇත්තටම දුක හිතුණා. කවුද හිතුවෙ යොන්හා එකේ හැන්ඩ්සම්ම බෝයිට කවුරුවත්ම නෑ කියලා.

" හරි හරි නාහෙන් අඬන්න එපා. මන් අපේ අම්මට කියලා ඔයාට හැමදාම කෑම හදන් එන්නම්. "

මට ඕන වුණේ ජන්ග්කුක්ව පොඩ්ඩක් හිනස්සවන්න. හිතුවා වගේම එයා හිනා වුණා. දැන් ඉතින් කොහොමහරි මෙයාගෙ නම්බර් එක ඉල්ල ගන්න ඕනි.

" මේ ජන්ග්කුක් ඔයාගෙ ෆෝන් එක දෙන්නකො. මට මගේ ෆෝන් එක ගේන්න අමතක වුණා. මට කෝල් එකක් ගන්න තියනවා. "

ජන්ග්කුක් වැඩිය ප්‍රශ්න අහන්නැතුව මට ෆෝන් එක දෙද්දි මන් එයාගෙ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට මිස් කෝල් එකක් ගත්තා. පස්සෙ ආපහු ෆෝන් එක ඇඳ උඩින් තිබ්බා.

" හච්චුස්.. "

" ආයිෂ් මෝඩයා. නෑවනම් හරියට කොණ්ඩෙ පිහිදා ගන්නවා. "

මන් ජන්ග්කුක්ගෙ කරේ තිබ්බ ටවල් එකෙන් එයාගෙ ඔළුව පිහිදාද්දි ජන්ග්කුක් මගේ අතින් අල්ලලා නැවැත්තුවා.

" මොකද. අත ගන්නවා අහකට. "

" මට පිහිදාගන්න පුළුවන්. මන් වෙනදත් තනියම පිහිද ගත්තෙ. "

" ඉතින් අද වෙනදා නෙමේනෙ. මෙතන මන් ඉන්නවනේ. ඒක නිසා කට පියාගෙන ඔහොම ඉන්නවා. මන් කොණ්ඩෙ පිහදෑවා කියලා තමුසෙගෙ තට්ටෙ පෑදෙන් නෑනෙ. "

පව් කටේ හැටි. තොල් දෙකත් උල් කරන් මටත් රව රව ඉද්දි නම් කියෝට් මෙයා. මන් එයාගෙ කොණ්ඩෙ පිහිදද්දි එයාගෙ කොණ්ඩ ගස් අතේ ගෑවෙද්දි තමා දැනුණෙ එයාගෙ කොණ්ඩෙ කොච්චර සිනිඳුද කියලා. ඒ මදිවට එයාගෙ කොණ්ඩෙ සුවඳ. මන් හිමින් සැරේ මගේ නාහෙ ළං කළේ ජන්ග්කුක්ගෙ කොණ්ඩෙට. වාව් මාර සුවඳයි නේ. මෙයා ළඟින් පොඩි ළමයෙක්ගෙ වගේ සුවඳක් නේ. ආයිෂ් මෝඩ ටේහ්යුන් මොනාදා මේ කරන්නෙ. මන් ආපහු මගේ මූණ පට ගාලා ජන්ග්කුක්ගෙ ඔළුවෙන් එහාට මෑත් කරේ මේ කොල්ලා මේක දැක්කනම් මෙතන දහ අට සන්නිය නටයි කියලා.

" මන් එහෙනම් යනවා. පරිස්සමින් ඉන්නවා. "

මන් එහෙම කියලා ආපහු බයික් එකට නැගලා පිටත් වුණේ ගෙදර එන්න.

ගෙදර ඇවිත් කාමරේට ගියපු ගමන්ම මන් කරේ ජන්ග්කුක්ගෙන් මගේ ෆෝන් එකට ආප් මිස්කෝල් එකේ නම්බර් එක සේව් කර එක.

හුරතල් කොල්ලා

ඒකනම් එයාටම ගැලපෙන නම. අපේ අම්මගෙ වැඩ තමා. මන් ජන්ග්කුක්ව සේව් කරේ ඒ විදයට.

ඊට පස්සෙ ඉන්ස්ටග්‍රෑම් එකට ගිහින් එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දි මෙන්න තියනවා කොල්ලගෙ ලස්සන ලස්සන පොටෝ. මන් එක පොටෝ එකක් සූම් කරලා ජන්ග්කුක්ගෙ ලස්සන බලන ගමන් හිටියෙ.

හරියට නිකන් සුදු පුළුන් ගොඩක් වගේ. ඒ තරම් සොෆ්ට් වගේ එයාගෙ මුණ. දවසක අල්ලලා බලන්න ඕනි. අනේ ඉස්සරහ හා දත් දෙක.

" ටේ බබා. ඔයා හුරතල් කොල්ලට කැමතිද. "

ඒ ඇහුණු දේට ෆෝන් එක මගේ අතින් ඉබේටම අතෑරුණා. මගේ පිටිපස්සෙ හිටියෙ අම්මා.

" අම්මා ඔයා. "

" මන් බලාගෙන හිටියෙ ඔයා එයාගෙ පොටෝ එක දිහා බලන් හිටිය විදය. ඒක හරියට ඔයාලගෙ අප්පා මන් දිහා බලන් ඉන්න කොට ඔයාගෙ අප්පගෙ ඇස් වල පෙනුම වගේමයි. "

අම්මා එහෙම කියන ගමන් මගේ ඔළුවත් අත ගාලා කාමරයෙන් එළියට ගියේ මට හිතන්න දෙයක් ඉතුරු කරලා.

#දේදුනු
23/04/27

Continue Reading

You'll Also Like

623 112 4
A YOONMIN SHIP STORY Just a funny story with some hilarious scenes:) Hope you will enjoy! Will you promise me right now Every time you feel all al...
622 70 9
"එතන තිබුණෙ blue roses පොකුරක්.. සමහර මිනිස්සු ඉන්නවා ගුප්තයි,නපුරුයි.. හැබැයි එයාලා කැමති අයත් එක්ක හරි විවෘතයි.!!" ...
616 83 3
එක් දිනෙන් වූ ප්‍රේමයක් වර්ශ ගනනාවක අබිරහසක් නොකියූ දේ දැන්වත් කියා අවසන් ගමන යන්න අවසර දෙන්න මගේ ආදරය
469K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...