𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

45K 5.4K 351

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
04
05
06
07
08
10
11
12
13
14 ( Final )

09

2.6K 360 8
By Dedunu2003

Jungkook pov

ටේහ්යුන්ගෙ බයික් එකෙන් බැහැලා මන් යන්න ගියේ මගේ එපාර්ට්මන්ට් එකට. ඒත් ඇහුණෙ පිටිපස්සෙන් ටේහ්යුන් කතා කරන සද්දෙ.

" යා ජියෝන් ජන්ග්කුක් තමුන් යන්නෙ මට තැන්කිව්වත් කියන්නැතුවද ඔය. "

" තැන්කිව් කියන්න. ඒකත් ඔයාට. තමුසෙ නිසානෙ මේ හැම දෙයක්ම. බලනවා මගේ කකුල තාම රිදෙනවා.ඒ මදිවට ඇඟ නිකන් තලා දාලා වගේ. අපිටත් ගුටි කන්න වුණේ තමුසෙ නිසානේ. ෂිට් මටත් යන්න වෙන ක්ලබ් එකක් තිබ්බෙම නෑනෙ ඒකටම ගියා. "

කිව්වා සැර වැඩීද මන්දා මේකා ඔළුවත් බිමට නමන් ඉන්න හැටි. අනේ පව් අහිංසකයා දුක හිතුණද දන්නෑ. මන් ආපහු එපාර්ට්මන්ට් එකට යන්න හදද්දි මෙන්න මේකා එනවා ග්‍රොසරි බෑග් එකකුත් අතේ එල්ලන්.

" ඒ පාර මොකද පස්සෙන් එන්නෙ දැන් ආ. "

" ඔයාගෙ තුවාල වලට බෙහෙත් දාන්න එන්නෙ. "

එහෙම කියන ගමන් උඩට උස්සලා මට පෙන්නුවේ ග්‍රොසරි බෑග් එකේ තිබුණු බෙහෙත් ටික.

" මට බෙහෙත් ඕන නෑ. දැන් යන්න මෙතනින්. "

" දැන් ඔයාමනෙ කිව්වෙ මන් නිසයි හැමදෙයක්ම වුණේ කියලා. ඒ නිසා මට අඩුම තරමේ බෙහෙත්වත් දාන්න දෙන්න. "

මම හූම් කියලා ටේහ්යුන් මගේ පස්සෙන් එද්දි දෙවනි තට්ටුවේ තිබුණු මගේ එපාර්ට්මන්ට් එකට ගියා.

" ෂා වාව්... ඔයා මෙහෙද ඉන්නෙ. මේක පට්ට ලස්සනයිනේ. ඔයා තනියමද ඉන්නෙ මෙහෙ. "

" හ්ම්. "

" අම්මලා කොහෙද එතකොට. "

" අම්මලා නෑ. අක්කා කෙනෙක් විතරයි ඉන්නෙ. එයත් බැඳලා. "

" ඒ කිව්වෙ. "

" ඇයි තමුසෙට ඒකවත් තේරෙන්නැද්ද. අම්මා නෑ කියන්නෙ මැරිලා කියන එක. අක්කා බැඳලා කිව්වෙ එයා ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් එක්ක. මන් මෙහේ තනියම ඉන්නෙ. දැන් හරිනේ. "

අන්තිම ටික කියද්දි ඇස් වලට කඳුළු ආවෙ මන් තනියම නේද මෙච්චර කල් ජීවත් වුණේ කියලා මතක් වෙලා. කදුළු පිරුණු නිසා ඇස් වල මන් බොඳ වෙලා දැක්කෙ මගේ දිහා බය වෙලා බලන් ඉන්න ටේහ්යුන්. ඔව් ඉතින්  මන් මහ හයියෙන් කෑ ගහලා කියද්දි එයා බය වෙන්න ඇති.

මන් පට ගාලා බාත්රූම් එකට දිව්වෙ මන් අඬනවා ටේහ්යුන් දකිනවට කැමති නැති නිසා. බාත්රූම් එකේ කණ්ණාඩියෙන් දැක්කෙ හොඳටම රතු වෙලා තියන මගේ මූණ.

" ෂිට් විලි ලැජ්ජාවේ බෑනෙ.අදත් ඇඩුනනෙ මූ ඉස්සරහා. ඒ මදිවට ඊයෙත් ඇඩුවා. හිතනවා ඇති මන් දවස ගානෙ අඬනවා කියලා හොටු බබෙක් වගේ. "

මන් මටම හිතෙන් බැන බැන මූණත් හෝදන් යද්දි ටේහ්යුන් මගේ ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා.

" කෝ එනවා. ඇවිත් මෙතනින් වාඩ් වෙනවා. "

ටේහ්යුන් ඇඳේ එයා වාඩි වුණ තැනට එහා පැත්තට අතින් තට්ටුවක් දාලා කියද්දි මාත් ගිහින් වාඩි වුණේ එතනින්. එසැණින් එයා වාඩි වුණු තැනින් නැගිටලා ආපහු වාඩි වුණේ හරියටම මට ඉස්සරහ බිමින්. එහෙම කරලා එක පාරටම මගේ කකුල ඇඳලා අරන් එයාගෙ උකුළ උඩින් තියන් ඒකෙ බෙහෙත් ගාන්න ගත්තා.

" හරේ මෙහේ රෝන්දෙ ගහන්නැතුව ගෙදරට වෙලා ඉන්නවා මේ කකුල අඩු වෙනකන්. "

මන් ඔළුව වැනුවෙ හා කියන්න.

" මන් එහෙනම් යනවා. පරිස්සමින් ඉන්නවා. "

පරිස්සමින් ඉන්නවා. ඇයි එයා එ​හෙම කිව්වෙ. ටේහ්යුන් යන්න හදද්දිම මන් එයාව ඇදලා වාඩි කෙරෙව්වේ ඇඳේ මට එහා පැත්තෙන්.

" ඇයි යන්න එපාද. ඔයාට මන් නැතුව පාළුද. "

ඊව් ඒක කිව්ව කැත. මුගෙ තියෙන්නෙ මහ පුදුම මනමාල කමක්නෙ.

" ඔහොම ඉන්නවා තමුසෙගෙ ඔය මූණට බෙහෙත් ටිකක් දානකන්. ආයෙ ඉතින් කෙල්ලෙක්වත් ආසාවට හැරිලා බලන එකක් ඔහොම දැක්කොත්. "

" අපෝ මෙන්න ආයෙ නම් සංසාරෙ​ට කෙල්ලො එපා. පේන්නැද්ද එකියක් නිසා කාපු පරිප්පුව. "

මන් හිනා වෙවීම එයාගෙ තොල ළඟ තිබුණු තුවාටලට බෙහෙත් දාන්න පටන් ගත්තා. ඒත් එක්කම මගේ ඇස් ගියේ එයාගෙ කම්මුලට ටිකක් උඩින් තියන උපන් ලපේ. ඒක ගොඩක් ලස්සනයි.
යා ජන්ග්කුක් ලැජ්ජ නැද්ද අනුන්ගෙ උපන්ලප වලට පෙරේත බැල්මවල් දාන්න. මන් බෙහෙත් දාලා ඉවර වෙලා වාඩි වෙලා බලන් හිටියෙ ටේහ්යුන් දිහා.

" ආ ඒක නෙමේ ජන්ග්කුක්. ඊයෙ රෑ ඔයාට අර වෙලාවෙ හුස්ම ගන්න අමාරු වුණේ ඇයි. "


" කොය් වෙලේද. "


" මතක නැද්ද හලෝ අපි අර තාප්පයක් අස්සෙ හැංඟිලා හිටියේ. ඒ වෙලාවෙ තමුසෙ හෙන අමාරුවෙන් හුස්ම අල්ල අල්ල දැඟලුවා. මන් බය වෙලා කෑ ගැහුව පාරනේ අපි අරුන්ට අහු වුණේ. ඒ වෙලාවේ අපේ නම්ජූන් හ්යුන් ආවෙ නැත්තන් එතනම දෙන්නම පරලොව. "


" ආ ඒ වෙලාවෙද. මට ඒ වගේ පොඩි තැන්වල හිටියම බය හිතෙනවා. "

ටේහ්යුන් මගේ දිහා බැලුවෙ අඟහරු වලින් පෘථිවියට ආව හඳුනා නොගත් පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ.

" ඇයි අහල නැද්ද සමහර මිනිස්සුන්ට එක එක ෆෝබියා තියනවා කියලා. සමහ මිනිස්සු උස තැන්ල වලට බයයි. සමහර අය වතුර තියන තැන් වලට බයයි. ඒ වගේ මන් පොඩි කළුවර තැන් වලට බයයි. මතක නැද්ද එදා අපි හිටිය තැන චුට්ටන්කිතර තැනක්නෙ. "


මම ඔහේ කියවන් යද්දි ටේහ්යුන් හිටියෙ කටත් ඇරන්.

" අදමයි ඇහුවෙ එහෙම එකක්. "

" ආ දැන් ඔයා මොකටවත් බය නැද්ද. "

" මේ මන්. පිස්සුද හලෝ. මන් කාටවත් බය නෑ. "

අනේ මුගෙ බොරුව. ඊයෙ අර මිනිස්සු පස්සෙන් පන්නද්දි දුවපු හැටි මන්නෙ දැක්කෙ. පුහ් විතරක් වැඩ නෑ කට විතරයි.

" දැන් යනවා බෙහෙත් දාලා ඉවරනේ. "

" ගෙදරට ආපු මිනිස්සුන්ව ඔහොම එලවනවද. "

" අනේ මෙි මගුලක් කියන්නැතුව යනවා ගෙදර. "

" අපි එහෙනම් ගියා කොල්ලො. "


ටේහ්යුන් යද්දි ගියේ ඊයෙ ග්රවුන්ඩ් එකේදි වගේම මගේ ඔළුවට තට්ටුවක් දාන්. මේකට මගේ ඔළුවත් එක්ක තියෙන්නෙ පුදුම තරහක්.මන් එහෙම්ම ඇදේ පෙරලිලා නිදා ගත්තෙ ඊයෙ ගුටි කාපුවා තාම ඇදුම් කද්දි.


ඔයාලට කතාව කම්මැලිදෝ. කම්මැලි නම් කියන්ට.

#දේදුනු
23/04/26

Continue Reading

You'll Also Like

3K 56 12
Sokka couldn't believe his luck. He never expected that when the Gaang and he entered Ba Sing Se, it would be the beginning of the worst, yet best ex...
3.1K 110 10
Naruto and Sasuke have been best friends since... forever. Well, they were really each others only friend. They didn't mind because they enjoyed one...
495 108 9
" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ හරි නපුරුයි ඕයී....!!"
379K 33K 93
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)