Taehyung pov
කට්ටියම වාඩි වෙලා හිටයෙ කෑම මේසෙ. ජින් හුය්නුයි නම්ජූන් හ්යුනුයි වගේම අද තාත්තත් හිටියා. කට්ටිය කෑම කන විදිය දැක්කම පේන්නෙ නිකන් දානයක් දීලා වගේ. කනවා කනවා මුන් සාගතෙන් පෙලිලා ඉඳලා වගේ.
" ටේ බබා මොනවද ඔයා ඔය හුරතල් කොල්ලගෙ මූණ දිහා බලන් කල්පනා කරන්නෙ. ඔය කෑම එක කනවා ළමයෝ සීතල වෙන්න කලින්. "
ෂිට් විලි ලැජ්ජාවෙ බෑ. කට්ටියම මගේ දිහා බලන්.
" අනේ ඔයාගෙ මහලොකු හුරතලේ. මෙයාගෙ මූණෙ මොනවද බලන්න තියෙන්නෙ. අම්මටත් පිස්සුනේ. "
මන් අම්මටත් රවලා ජන්ග්කුක්ටත් රවලා කෑම කන්න ගද්දි බිම වැටුණු හැන්දක් ඇහිදින්න ගිය ජිමිනා ඒ විදියට නැවිලා හිටියෙ කොන්දත් අල්ලගෙන.
" හැම්මූ මගේ කොන්ද නැන්දේ..... "
" ජිමිනි මොකෝ පුතේ... "
අපේ අම්මා ගිහින් ජිමින්ව කෙළින් කරනකන්ම හිටියෙ කොන්දත් අල්ලන් නැවිලා.
" මහත්තුරු ටිකට හරි අමාරු ඇති නේ ඊයෙ ගුටිකාලා. "
හරි ඔන්න තාත්තත් පටන් ගත්තා.
" තාත්තා දන්නවද මන් ගියේ නැත්තම් අපේ එකාගෙයි මෙන්න මේ පොඩි හුරතල් කොල්ලගෙයි කෑලි හොයන්නවත් නෑ. උන් හිටියෙ යකඩ පොළුත් අරන්. "
ඒ නම්ජූන් හ්යුන්. අඩුවට හිටියෙ එයා විතරයි. මොනා වුණත් ඉවසන්න බැරි හැම එකාම අර ජන්ග්කුක්ට හුරතල් කොල්ලා කියන එක. ඇයි යකෝ මෙච්චර ලස්සන මාව මුන්ට පේන්නෙ නැති හැටියක්.
" ඇත්තටම ටේ බබා මොකක්ද වුණේ ඊයෙ රෑ. කාත් එක්කද ගහගත්තෙ. යොන්හා එකේ ළමයි එක්කද රණ්ඩු වුණේ මැච් එක පරාද නිසා. "
" මොන යොන්හද ඇන්ටි. ඊයෙ යොන්හයි ශින්වයි දෙකේම එවුන් ලෙසටම කෑවා. මේ අපි තුන් දෙනා යොන්හා එකේ ටීම් එකේ අය. ඔයාගෙ මේ හුරතල් කොල්ලා තමා ඒකෙ කැප්ටන්. අනික අපි ගුටි කෑවෙ මේ ටේහ්යුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්ගෙන්. ඔයා දන්නවද ඒ ගෑණු ළමයා තමා අපේ ජන්ග්කුක්ගේ ඒ කියන්නෙ ඔයාගෙ හුරතල් කොල්ලගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. "
යා මේ ජන්ග්කුක්ගෙ මෝඩ යාළුවා හෝසොක්ගෙ කටට නිවනක් නැති හැටි. විනාඩියක් ඇතුළත සේරම දේවල් කිව්ව හැටි. මන් දැක්කා ටේහ්යුන් වැලමිටෙන් හෝසොක්ගෙ බඩට සොට් එකක් ඇනලා රවනවා.
" යා පොඩි එකා. තමුසෙ කිව්නෙ නෑනෙ කෙල්ලෙක් ඉන්නවා කියලා අපිට. "
ඒ ජින් හ්යුන්. දැන් ඉතින් මේවට උත්තර දීපන්කො.
" ඉන්නෝ නෙමෙයි හලෝ හිටියා. දැන් ඒක නෑ. "
මන් ඒක කියද්දි ජන්ග්කුක්ගෙ ඇස් දෙක එක පාරටම යොමු වුණේ මන් දිහාට. ආපහු එයා කෑම කන්න ගත්තෙ හෝසොක්ට රව රව.
කෑම කාලා කට්ටිය එකා දෙන්නා යන්න පිටත් වුණේ තම තමන්ගෙ ගෙවල් වලට. යන්න කලින් වොෂ්රූම් එකට යන්න ඕන කියලා ගිය නිසා ජන්ග්කුක් තමා අන්තිමට යන්න ඉතුරු වුණේ. ජන්ග්කුක් පහළට එන්න කලින් මන් බයික් එකත් අරන් ගේට් එක ගාවට වෙලා බලන් හිටියෙ ජන්ග්කුක්ව ගෙදරට දාන්න හිතා ගෙන. මොකද ඊයෙ මගේ කකුල එයාගෙ කකුලෙ වැදිච්ච තැන අද උදෙත් තිබුණෙ නිල් වෙලා.
" නගිනවා බයික් එකට. "
ජන්ග්කුක් ගේට් එක ගාවට යද්දි මන් එහෙම කිව්වා. ඊට පස්සෙ මෙන්න මේකා ආපහු ඉන්නවා ඇස් ලොකු කරන් කටත් පුම්බන්.
" ඔහොම බලන්න එපා බන්. කිව්වනේ මට ගිලින්න හිතෙනවා කියලා. "
ඊට පස්සෙ ඇස් ගෙඩි දෙක තව ටිකක් ලොකු වුණා. මූ නම් මොකෙක්ද මන්දා.
මන් හෙල්මට් එක විසික් කරද්දි ඒක අල්ලන් කිසිම කතාවක් නැතුවම ජන්ග්කුක් බයික් එකට නැග්ගා. බයික් එක ගේට් එකෙන් එළියට දෑවත් මන් ටික දුරක් ගිහින් නතර කළේ ජන්ග්කුක්ගෙ ගෙවල් කොහෙද කියලා දන්නෙ නැති නිසා.
" මේ කොහෙද ගෙවල් තියෙන්නෙ තමුසෙගෙ. "
" ඔහොම දිගටම යන්. මන් පාර කියන්නම්. "
අපි දිගටම යද්දි මන් සයිඩ් කණ්ණාඩියෙන් බැලුවෙ ජන්ග්කුක් දිහා. මන් බලද්දිම එක පාරටම එයත් සයිඩ් කණ්ණාඩිය දිහා බැලුව නිසා මන් ඉක්මනටම ඉස්සරහ බලා ගත්තා.
" වටපිට බලන්නැතුව හරියට වාහනේ පදිනවා. මට බෑ අඩු වයසින් මැරෙන්න. ඒකත් තමුසෙ එක්ක. "
මොනා වුණත් කට නම් කියනවා අඩුවක් නැතුව.
" ඔය ඉස්සරහින් බත් කන අත පැත්තට දානවා. "
ජන්ග්කුක් කියපු නිසා මන් බයික් ඉස්සර තිබුණු තුන්මන් හංදියෙන් දකුණු පැත්තට දැම්මා.
" මං කිව්වෙ බත් කන අත පැත්තට කියලා. ඔය කොහෙද හැරෙව්වෙ. "
මූට මොංගල්ද.
" ඉතින් දකුණට තමයි හැරෙව්වෙ බන්. "
" මන් බත් කන්නෙ වමෙන්නෙ. ඔන්න ඕක වමට හරවලා ගන්නවා. "
අනේ මූට නම් පිස්සු. පොඩි එකෙක් වගේනෙ. මේකා මාව කොහේ කොහේ අරන් යයිද මන්දා මේ විදියට.
ජන්ග්කුක් කියපු විදියට විනාඩි තිහකට විතර පස්සෙ අපි එයා ඉන්නවා කියලා කියපු එපාර්ට්මන්ට් එක ළඟට ආවා.
#දේදුනු
23/04/26