𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

45K 5.4K 351

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
04
06
07
08
09
10
11
12
13
14 ( Final )

05

2.7K 357 25
By Dedunu2003

Jungkook pov

මැච් එක දින්න එකේ සතුට මට නිකන් දැනුණෙ අහසෙ පියාඹනව වගේ. පස්සෙ තමා දැක්කෙ අපේ සෙට් එක මාව උස්සගෙන ග්රවුන්ඩ් එක වටේ යනවා කියලා. හම්මෝ කාටද ඉතින් ආඩම්බර කෙල්ලො මගේ නම කිය කිය කෑ ගහද්දි. මන් ඉතින් ඇදන් හිටපු ෂර්ට් එක ගලවලා විසි කරද්දි ගෑනූ ටික පොර කෑවෙ නිකන් සෝමාලියාවට පාන් දැම්මා වගේ. මට දාඩිය වැඩි කමට ගඳ උහුලන්න බැරුව ෂර්ට් එක විසි කරද්දි මුන් ටික ඒක අහුලලා සුවඳත් බලනවා. අනේ මෙහෙත් පිස්සියො ටිකක්.


මාව වඩාගෙන අරන් යද්දි දැක්කෙ ඔළුවත් බිමට බර කරන් යන ටේහ්යුන්. යස වැඩෙ ගල් ඉබ්බට මට අද කරපුවට. මට ඇඩුණත් එක්කයි මු ඉස්සරහා. ඒ මදිවට ග්රවුන්ඩ් එක මැද්දෙ අත අල්ලන් නටපු විකාරෙ. ඒ මදිවට යද්දි ඔළුවටත් ගහලා ගියේ. විලි ලැජ්ජාවේ බෑ.

මැච් එක දින්න එකේ සතුටට අපි කට්ටියම ගියේ ක්ලබ් එකට. ක්ලබ් එකට පය තිව්ව සැනින් යුන්ගි මගේ අතට අනින්න ගත්තෙ නතර කරන්නැතුව.


" මොකද බල්ලො අරහෙන් මෙහෙන් අනින්නෙ. අතපය තියන් ඉන්න බැරිද. "

" අත පය මගුලක් නෙමේ. අර බලපන් අතන ටේහ්යුන්ලයි සෙට් එක ඉන්නවා ඇවිත්. "


යුන්ගි පෙන්නපු දිහා බලද්දි තමය් මාත් දැක්කෙ එයාලත් මෙතන කියලා. ෂිට් මුන්ටත් මෙතනට එන්න ඕන වුණානේ. අපේ සෙට් එකේ කොල්ලො ටික ඩාන්ස් ෆ්ලෝර් එකට යද්දි මායි යුන්ගියි හෝසොකුයි ටේබල් එකකින් වාඩි වුණේ වයින් වීදුරු තුනක් අතට ගන්න ගමන්.


" අඩෝ බලපන්කො අරූගෙ මූණෙ හැටි නිකන් ගෑණි මැරිච්ච මිනිහා වගේ. "

ඒ අපේ හෝසොක්. ඌ කිව්වා වගේම ටේහ්යුන් බොනවා බීමක් අද ලෙසටම. 


" උගෙ මැරිච්ච ගෑණි නෙමේ දැන් උඹ කියපන් අපිට අර තෝ උදේ කොන්ඩෙ හදන් හිටියෙ කෙල්ලෙක් එනවා කියලා. කෝ දැන් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් අපි දැක්කෙ නෑනෙ. "


ඒ අපේ යුන්ගි. මටත් දැන් තමා ඒක මීටර් වුණේ. පොර උදේ මනමාලයා වගේ කැරක් කැරකි ලෑස්ති වුණේ එයාගෙ කෙල්ල එන නිසානෙ.


" තොපිත් එක්ක මොන කෙල්ලොද බන්. මන් දැක්කා අන්න ඒකි මේ ජන්ග්කුකාගෙ නමක් ගහපු බෝඩ් කෑල්ලක් උස්සන් සරංහේ සරංහේ ඔප්පා ගගා වැලලෙනවා. "


ඒකටනම් අපි දෙන්නටම හිනා ගියා. ඒ වුණාට හෝසොක් නම් මට රවනවා ලෙසටම.

" තෝ මට රවන්නෙ මන් කියලත් මොනා කරන්නද. මොකෝ මන් කිව්ව එකක්ද "


" හරි හරි ඒකෙන් වැඩක් නෑ. යමල්ලා ටිකක් නටලා එන්න. "

යුන්ගි අපි දෙන්නව ඇදන් යන්න හදද්දිම වගේ අපි ඉස්සරහට ආවෙ ටේහ්යුන්තුයි එයාගෙ අර මිටි යාළුවයි. ඒත් එක්කම කොහෙන්ද මන්දා සුසීත් කඩා පාත් වුණා.


" ඔප්ප ඔයා දැන් හුඟක් වෙලාද ඇවිත්. "

සුසී මන් ඉස්සරහම ඇහුවෙ ටේහ්යුන්ගෙ කම්මුලකට හාදුවක් දෙන ගමන්. ටේහ්යුන් එක පාරටම සුසීව තල්ලු කරද්දි නට නට ඉදපු අය වගේම ක්ලබ් එකෙන් බාගෙට බාගයක් ඒ දිහාට හැරුණා. අපිටත් ඉතින් ඕපයක් නම් වෙන මොනවත් ඕන්නෑනෙ. අපිත් කටවල් ඇරන් මේ ඩ්‍රාමා එක බලනවා.


" දැන්ද අහන්නෙ දැක්කෙ නැද්ද කලින්.... ආ ඔයා හෙන බිසීනෙ. වට වන්දනාවෙ ගිහින් එනවා මෙතන මගේ ඇඟේ එල්ලෙන්න. "

" ඔප්පා.... "


" ඔප්පා පප්පා ගාන්න එපා දෙනෝ උඹට කන පැලෙන්න. කෙල්ලෙක් නිසා මන් පාඩුවේ ඉන්න. "


මන් බැලුවෙ මේ එකපාරටම ටේහ්යුන්ට වුණේ මොකක්ද කියලා. අද උදේ මැච් එකේදි සුසී වෙනුවෙන් අපි එක්ක රණ්ඩු කරපු මිනිහා ඇයි දැන් මේ සුසී එක්කම රණ්ඩු කරද්දි අහක ඉඳපු අපිත් කන්ෆියුස් වෙලා ගියා.

" අනේ ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ ටේහ්යුන්. "


සුසී ටේහ්යුන්ගෙ අතේ එල්ලෙද්දි ටේහ්යුන් සුසීගෙ අත ගසලා දැම්මෙ එයාගෙ ඉස්සරහට වැටිච්චි කොණ්ඩෙ අතින් පිටිපස්සට කරන ගමන්. වාව්.. මෙයා තරහ ගිහින් ඉද්දි පට්ට හොට්නෙ.යා ජන්ග්කුක් මනස්ගාත හිතන්නැතුව ඩ්‍රාමා එක බලපිය. මොනා වුණත් ඒ උඹේ එක්ස්තුයි එක්ස්ගෙ අලුත් කොල්ලයි නේ.

" මොකක්ද වෙලා තියෙන්නෙ කියලද අහන්නෙ. ආ.. "

එහෙම කියන ගමන් ටේහ්යුන් හිනාවුණේ වියරුවෙන් වගේ. දැන් නම් එනපොට හොඳ නෑ වගේ. ටේහ්යුන්ගෙ ඒ රතු පාට ඇස් වලින් තේරුණෙ මේ වෙලාවෙ ටේහ්යුන් ඉන්නෙ සුසීව මරන්න තරම් තරහකින් වගේ.


" අඩෝ මල්ලි උඹ කිව්ව එක හරි බන්. උදේ බැන්නට සොරි බ්‍රෝ. "


ටේහ්යුන්ට පදම ගානට සෙට් වෙලා වගේ. නැත්තම් අපේ හෝසොක්ගෙ කරට අත දාගෙන ඔය වගේ දෙයක් කියයිද.


" උඹ කිව්ව වගේ මේකිනම් මෙලෝ වැඩකට නෑ. බලපන් මන් එන ටිකට මේකි වෙන මිනිහෙක් කිස් කරනවා. ෂිට් විතරක්. "

" ටේහ්යුන් මම මේ ම.... "

සුසී ආපහු පාරක් ටේහ්යුන්ගෙ අත අල්ලන්න යද්දි ටේහ්යුන් ආපහුම පාරක් සුසීව තල්ලු කරා. සුසී ගිහින් නැවතුණේ කොල්ලෙක් ළඟ. ටේහ්යුන් තාමත් ඉන්නෙ හෝසොක්ගෙ කරට අත දාන්. හෝසොක්ගෙ මූණෙන්ම පේනවා ඌ ඉන්නෙ හොඳටම බය වෙලා කියලා. හෝසොක්ගෙ කරෙන් අත අයින් කරපු ටේහ්යුන් යන්න ගියේ සුසී ගාව හිටිය කොල්ලා ළඟට.


" ආ මේ ඉන්නෙ. සුසී මේ උඹේ අලුත් කොල්ලද. මන් දැක්කා උඹ මූව පණ දාගෙන කිස් කරපු හැටි. "

ටේහ්යුන් ඒ කොල්ලගෙ කොලර් එකෙන් අල්ල ගද්දි එක පාරටම කළු ඇද ගත්තු තඩි හයේ හතරෙ පොරවල් ටිකක් ටේහ්යුන්ව වට කර ගත්තා. පෙනුන විදියට ඒ සුසී ළඟ හිටිය කොල්ලගෙ බොඩි ගාර්ඩ්ලා. පේන විදියට ඒ කොල්ලා හෙන ලොකු අත්තක් වගේ.


" මන් කිස් කරේ මගේ කෙල්ලව. තොට මොකද මන් ඒකිව කිස් කරාම. "

ඒක ඇහුණ ගමන්ම ටේහ්යුන් ඒ කොල්ලට ගැහුවෙ නාහෙන් ලේ විසික් වෙන්නම. ඒත් එක්කම විනාඩියක්වත් පරක්කු නොවුණු උගේ බොඩිගාර්ඩ්ලා ටික ටේහ්යුන්ට ගහන්න ගත්තෙ බිම දාගෙන. ටේහ්යුන්ගෙ ටීම් එකේ අයත් ඒ බොඩිගාඩ්ලට ගහන්න ආවත් උනුත් කළේ ගුටි කෑව. ඒ දඩාර මිනිස්සු එක ගහන්න තියා හෙලවෙන්නවත් බෑ. ​ඒත් එක මිනිහෙක් අර ටේහ්යුන්ගෙ කොට යාළුවට ගහන්න යද්දිම වගේ යුන්ගියා මේසෙ උඩ තිබ්බ වයින් බෝතලයක් අරන් ඒ මිනිහගෙ ඔළුවට ගැහුවෙත් ඒ මිනිහා සිහි නැතිව බිම වැටුණෙත් එකටම වගේ.

ඉතින් පැත්තක ඉඳපු යොන්හා එකේ අපිත් වලියට එන්ටර් වුණේ ඔය විදියට.



#දේදුනු
23/04/26

Continue Reading

You'll Also Like

7.1K 263 10
Sequel to Getting closer After the bombing, a new chapter starts in the lives of Seventeen, but will they succeed or will they fail into this new lif...
298K 14.6K 94
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
3K 56 12
Sokka couldn't believe his luck. He never expected that when the Gaang and he entered Ba Sing Se, it would be the beginning of the worst, yet best ex...
192K 2.2K 38
Basically Deku with the abilities of DIO. I'm bad with descriptions. Jojo's bizzare adventure is owned by Hirohiko Araki My hero academia is owned b...