𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Co...

By Dedunu2003

37.9K 4.9K 340

උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න... More

Intro
01
02
03
05
06
07
08
09
10
11
12
13
14 ( Final )

04

2.3K 316 13
By Dedunu2003

Taehyung pov

අර ජන්ග්කුක්ගෙ යාළුවො සුසී​ට කියපු එකට මල පැන්නත් ඒ සේරම අමතක වෙලා ගියේ අර යකාගෙ කඳුළු දැක්ක නිසා. අනේ මන්දා කොච්චර තරහ වුණත් ඌ අඩද්දි හිතට පට්ටම අවුල්. ඇස් දෙක මෙන්න සයිස් ටීක් බෝල වගේ. සුදු සුදු පාට ඇස් මැද්දෙ ඒ කළු බෝලෙ තියෙද්දි නිකන් අනේ මන්දා. හරි අමුතුයි. ලස්සනයි. මන් ජන්ග්කුක්ව ළඟට ඇදලා ගත්තු පාර කොල්ලගෙ අතේ තිබ්බ බේ‍්‍රස්ලට් එක මගේ ෂර්ට් එකේ පැටලිලා තියනවා දැක්කෙ කට්ටියම ග්රවුන්ඩ් එකට යන්න යද්දි.

ඒ බ්‍රේස්ලට් එක ආපහු දෙන්න ඕනකම නිසාම මන් පටස් ගාලා දුවලා ගිහින් ජන්ග්කුක්ව නවත්තගද්දි එකපාරටම ග්රවුන්ඩ් එකේ ඈයො ටික විලාප තියන්න ගත්තා. මුන්ට ඕන්නැති එකක් නෑනෙ හැම එකටම හූ තියන්න ගත්තා.

මන් අතින් ඇදපු පාර මෙන්න මේකා ආපුහු ඉන්නවා ඇස් දෙකත් ලොකු කරන් කටත් පුම්බගෙන. හිනා යන්නත් එනවා මේකගෙ පෙනුමට. මන් අත ඇදලා අරන් බ්‍රේස්ලට් එක ගෙට ගහනකන්ම පොර හිටියෙ ෂොක් වෙලා. මන් බ්‍රේස්ලට් එකත් ගෙට ගහලා පොරට ඔළුවට පොඩි තට්ටුවකුත් දාලා යද්දි තාම මන් දිහා බලන් ඉන්නෙ ඔළුවත් කස කස.

" මොකද යකෝ රිලවෙක් වගේ ඔළුව කසන්නෙ. මෙන්න මෙහෙ වරෙන් මිනිහෝ. "

එයාගෙ අර සුදු යාළුවා ඇවිත් ජන්ග්කුක්ව ඇදන් යද්දි මන් ළඟට ආවෙ ජිමින්.

" මේ ටේහ්යුන්... උඹ ඌත් එක්ක තරහ නැද්ද ඕයි. ඒ සුසීගෙ එක්ස්නෙ. "

" තරහයි තමා ඉතින්. ඒ වුණාට අරූගෙ හුරතල් මූන දැක්කම බන් බනින්නවත් හිතෙන්නෑනෙ. "

මන් එ​හෙම කියද්දි ජිමින් ඇස් දෙකත් ලොකු කරන් හිටියෙ මගේ කතාවට. මන් ජිමින්ගෙ පිටටත් තට්ටුවක් දාලා ගියේ මැච් එක පටන් ගන්න තිබ්බ නිසා.

මැච් එක ඉවර වෙන්න තියෙන්නෙ තව විනාඩි දහයක් වගේ. ලකුණු පුවරුව තිබුණෙ 2:2 විදියට. දෙවනි අර්ධෙ පටන් ගත්තු ගමන්ම මන් ගෝල් එකක් ගත්තු නිසා හොඳට ගියා. දැන් ඉතින් මැච් එක කොහොම හරි මේ විනාඩි දහය ඇතුළත ගොඩ දා ගන්න ඕනි.

දුර තියාම බෝලෙ පාස් කරන් ආවෙ සුසීට අනම් මනම් කීව එකා. මන් ඒකගෙ පස්සෙන් පන්නන් ගියත් පොර දිව්වෙ නිකන් ෆ්ලෑෂ්ගෙ ලොකු අයියා වගේ. මිනිහා ඒ ගෝල් එක ගද්දි යොන්හා එකේ කට්ටිය සතුටින් කෑ ගහද්දි අපේ අය හිටියෙ අතේ නියපොතුත් හප හප.

තව විනාඩි හයයි. මේ විනාඩි හය ඇතළත ගෝල් එකක් අරන් මැච් එක සම කර ගත්තොත් ඊළඟට මොකක්හරි කරගන්න පුළුවන්. අපි ටීම් එකේ කොල්ලො සේරම තමන්ගෙ උපරිමෙන් ප්ලේ කරා. අපේ කොල්ලෙක් මට බෝලෙ පාස් කරද්දි මන් දිව්වෙ එහා ගෝල් එකට. ගෝල් කීපර්ට හිටිය ජන්ග්කුක්ගෙ යාළුවා හිටියෙ හොඳ අවධානෙන්. මන් තැන බලලා බෝලෙට කික් කරත් ඒක ගෝල් එකට යන්න ඔන්න මෙන්න තියද්දි බෝලෙට ඔළුවෙන් පාරක් ගහලා බෝලෙ වෙන පැත්තකට හැරෙව්වෙ ජන්ග්කුක්.

යොන්හා එකේ සේරම ළමයි කඩා බිඳ ගෙන ග්රවුන්ඩ් එකට ආවෙ තව කට්ටියක් ජන්ග්කුක් වඩා ගනිද්දි. කොහොමින් කොහොම හරි විසි පස්වෙනි ෆුට්බෝල් ටුනමන්ට් එක දින්නෙ යොන්හා එක.


මොනා කරන්නද ඉතින්. මිනිස්සු විදියට දිනන එක වගේම පරාද වෙන එකත් බාර ගන්න ඕනිනෙ. මොනා වුණත් අපේ කොල්ලො හැමෝම උන්ට පුළුවන් තරම් මහන්සි වුණා අද දවසෙම. ඒ නිසාමයි ටීම් කැප්ටන් විදියට උන්ට පොඩි පාටියක් දෙන්න ක්ලබ් එකට එක්කන් ගියේ.


කට්ටියම නාලා කියලා අලුත් ඇඳුම් ඇදන් ගියේ අපේ ස්කූල් එක හරියෙම තිබුණු ක්ලබ් එකට. වෙලාව රෑ හතටත් කිට්ටුයි. මුළු ක්ලබ් එකේම හිටියෙ එදා හයි ස්කූල් ළමයි විතරමයි. මැච් එකෙන් පස්සෙ බාගෙට බාගයක් මෙතන. කට්ටිය නටන්නෙ නිකන් පිස්සු හැදිලා වගේ. මන් දැක්කෙ සෙනඟ මැද්දෙ නටන සුසීව. මේකි ඔළුව හොල්ල හොල්ල නටන නැටිල්ලට බෙල්ල ගැලවිලා විසික් වෙයිදෝ කියලා සාධාරණ සැකයක් තිබුණා.

මන් සුසීගෙ ළඟට යද්දි ඉස්සරහට තිබුණු අඩිය පිටිපස්සට ඉබේටම තිබ්බෙව්නේ මන් දැක්ක දෙයින්. ඒ හිටියෙ සුසී. එයා කිස් කර කර හිටියෙ වෙන කොල්ලෙක්.


මන් ඩාන්ස් ෆ්ලෝර් එකෙන් ඈතට ඇවිදන් යද්දි අපෙ කොල්ලො ටිකත් මගේ පස්සෙන් ආවා. මන් වේටර් කෙනෙක් අල්ලපු ට්‍රේකක තිබුණු වයින් ග්ලාස් දෙකක් එක හුස්මට බිව්වෙ අද දවසට උණු දේවල් හොඳටම ඇති කියලා හිතන ගමන්. උදේ මැච් එක පරාද වුණා. දැන් මගේ එකී වෙන එකෙක්ව කිස් කරනවා. මට පේන්නන්නම බැරි මේ වටේ යන ගෑණු.



කතාව මේ වගේ චූටි චූටි චැප්ටර්ස් වලට කැඩුවේ ඔයාලට කියවන්න කම්මැලි නැති වෙන්න වගේම මට ලියන්න කම්මැලි නැති වෙන්න.

ඊළඟ කොටසින් හමු වෙමු.

#දේදුනු
23/04/25

Continue Reading

You'll Also Like

320K 9.6K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1K 270 7
_සමුගැනීමක් නැතුව අත්හැරිය තැන්වල එක හිතක් මැරි මැරි ජීවත් උනා! ?!?
958K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
18.8K 332 14
Jaune's transcripts were revealed by Cardin and Winchester and was disowned by his father, but his Team, Team CFVY, Ruby, Blake and Weiss along with...