WERE WOLF HUSBAND (Wangxian O...

Por Kim_niru_55

30.5K 5.3K 1.4K

දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙 Mais

චරිත හඳුන්වා දීම - 1
චරිත හඳුන්වා දීම - 2
1 - කොටස
2 - කොටස
3 - කොටස
4 - කොටස
5 - කොටස
6 - කොටස
7 - කොටස
8 - කොටස
9 - කොටස
10 - කොටස
11 - කොටස
13 - කොටස
14 - කොටස
15 - කොටස
16 - කොටස
17 - කොටස
18 - කොටස
19 - කොටස
20 - කොටස
21 - කොටස
22 - කොටස
23 - කොටස
24 - කොටස
25 - කොටස
26 - කොටස
27 - කොටස
28 - කොටස
29 - කොටස

12 - කොටස

854 171 28
Por Kim_niru_55

මිතුරන් දෙදෙනා මාවත් රැගෙන නොනවත්වා දිව්වා.. අප පිටුපසින්ද එන පිරිසද අත් නොහැරම හබා ආවත්.. අපද එක් මොහොතක්වත් විවේක නොගෙනම ඔවුන්ගෙන් දිවි රැක ගන්න උත්සහ දැරුවා..

එක් පසින් ආ හී පහරකින් yi පෙරලී ගොස් පල්ලමකට වැටෙද්දී.. මාව පිට මත තියාගෙන සිටි jin ලිස්සා ගිහින් පල්ලම අසල නැවතී පහල බැලුවා..

"" හූහූහූහූ........""

Yi අපට එක් ඉගියක් දුන්නේ.. ඔහු හොදින් සිටින බව අගවායි.. වෘර්ක ඇස විශාල කරගත් jin පිටුපස බලා නැවත දුවන්නට පටන් ගත්තාය..

මා සිටියේ ජීවිතේ අත් හැර.. මෑණියන් සහ පියාණන් නැති මේ ලොවේ මා මෙහි සිට කුමක් කරන්නද.. මාගේ කියා කවුරුන්ද මෙහි සිටින්නේ.. මා හට පන මෙන් සෙනෙහස දැක්වූ ඔවුන් දෙදෙනාම මා තනි කර ගියා.. මා ඇත්තෙන්ම පව් කාරයෙක් නොවේද.. jin ගෙ ගෙල වැලදෙගෙන සිටි මාගෙ සිතට එක් එක් දේ සිතුනත්.. අවසානෙදි මා හට මැවී පෙවුනේ වැංජිවයි..

"" ඔබව අවසන් වරට නොදැකම මා හට මියැදෙන්නට සිතක් නැත වැංජි..""

*
*
*
*
*
*

මා සේනාවත් පිරි වරාගෙන එමින් සිටියේ වෙයි මාලිගය වෙතටයි.. මාගේ සිතට බියක් නොදැනිම නොවේ..වෙයි යින්ග්ට කුමක් හෝ වී ඇත්ද.. ඔහු හොදින්ද නැතිද මා හට දැන ගැනීමට නොහැකි නිසාම.. මා සිටියේ හිත් තැවුලෙන්...

"" අධිරජුනි ඔබ තුමන් මාලිගයට ඇතුල් වන්නට එපා..""

"" ඔබ සේනාවත් රැගෙනම මාලිගයට ඇතුල් වෙන්න.. මා සෙන්පති සමග අධිරැජිනිය සොයා යන්නම්..""

මා පාලකට අන කරේ මේ සටනට ඔහුත් එකතු වූ හෙයින්.. මා හට හිස නවා ඔහු සේනාවත් සමග වෙන් වන මාර්ග දෙපසින් එක් මන්තීරුවක නොපෙනී යද්දී.. මා සෙන්පති සමග තරගෙක නියැලී මෙන් අසු පිට ඇදුනේ ඉදිරියට..

මාගේ සිත බියෙන් වෙලී ඇති මොහොතක්.. කිසි දින කිසි කෙනෙකුට මාව බිය ගන්වන්නට බැරි වූවා.. නමුත් අද මා බියෙන් ගැහෙනවා.. කුමක් නිසාද.....? එයට හේතුව ඔබද වෙයි යින්ග්.. ඇත්තෙන්ම ඔබට මා ප්‍රේම නොකරනවා කීවට.. මටත් නොදැනි මා ඔබට ප්‍රේම කරන්නේද..

වැටෙන දහඩිය පිසදාගෙන අසු පිට කෑ ගසමින් අසුට පහර පිට පහර ගැසුවේ හිතේ වේදනාව සගවාගෙනයි..

"" අධිරජුනි..""

එක් වරම නතර වූ සෙන්පති පා සලකුණු තිබී ඇති පොළොව පෙන්වූයේ දෑස් විසල් කරගෙන..

"" මා හට හැගෙනවා..""

මා හිස ඔසවා සුළං අතරින් එන වෙයි යින්ග්ගේ ජීවන සුඟන්දය.. හ්ම් මා හට එය හොදින් හැගෙනවා.. ඔහු සිටින්නේ අපට ආසන්නයේමයි...

"" ඉක්මනින් මා පසු පස එන්න..""

මා වියරු වැටී ඇත්තෙක් මෙන් සෙන්පති පසු කරගෙන පා සලකුණු තිබූ මාර්ගයේ ඉදිරියටම ඇදුනේ.. වෙයි යින්ග් ගැන සිතේ ඇති බිය තව තවත් වැඩි වෙද්දී..

"" මා පැමිනෙනවා වෙයි යින්ග්..බිය නොවන්න...""

*
*
*
*
*
*

මා දිවිය පිළිබද ඇති බලාපොරොත්තු අත් හැර දමා අවසන් දැනටමත්.. ඔමේග කෙනෙක් උනත් මා සිටියේ බොහෝ දුර්වලවයි..මා jinගෙ පිට මත එහෙට මෙහෙට වැනි වැනි සිටියේ.. jin පාශාන , වලවල් උඩින් පයිමින් දිව යන නිසාය..

එක් වරම ඔහුගේ අවදානය බිදී යන්නාක් මෙන් මා හට දැනුනේ ඔහු කෙලින් ගමන් නොකර වෙනත් දිශාවකට ගමන් කරන්න ගනිද්දීය..

"" ජින්....ඔබට ඇසේද මාව.....""

මා ඔහුගේ වෘක සවන් වලට ලන්ව කෑ ගැසුවත් ඔහු සිටියේ වෙනත් ලොවක..

"" ජින්න්න්න්...............""

එක් වරම ඉදිරියෙන් පැමිනි මුව දෙනකගේ ගතේ වැදී මා මෙන්ම ජින්ද විසිවී ගොසින් බිම ඇදගෙන වැටුනේය..

"" ආහ්හ්..""

මා මඩ ගොඩක් උඩ වැටී සිටියදී.. සෙමෙන් දෑස් ඔසවා බැලුවේ ජින් දෙසයි.. ඔහු වෘක රූපෙන් මිනිස් රුවට හැරී තිබුනේ ඒ වන විටත්..

පොළොවට දෑත් තබා මා නැගිටිමින් ශරීරයේ ගෑවී තිබූ මඩ ගසා දමා ඉවත් කරද්දී.. ජින් මා දෙස බලා සිටියේ අසරණවයි..

"" වෙයි යින්ග් ඔබ ප...ලා..යන්න..""

රත් පැහැති දෑසින් මා දෙස බලා පොළොවේ වැටී සිටි ඔහු වචන ගලපා අපහසුවෙන් හඬ විවර කරද්දී.. මා ඔහු දෙස බලා ඈතින් ඇසෙන සතුරන්ගේ හඬට කන් යොමු කරේය..

"" ඔබත් පැමිනෙන්න ""

ඒ සමගම ගෝශාවක් එක්ක ලග ලගම සතුරන්ගේ හඬවල් ඇසෙද්දී.. මාගේ හද ගැස්ම තව තවත් වැඩි වන්නට ගත්තා.. එමෙන්ම ජින් මා දෙස බලා සිටියෙ කදුළු අතරින් සිනා සෙන ගමන්...

"" ඔබව රකින ලෙසට පියාණන්ට පොරොන්දු වූවා වෙයි යින්ග්.. මා ඔවුන්ව වලකා සිටින්න උත්සහ කරන්නම්.. ඔබ පිටවෙන්න.....""

නැගී සිටි ඔහු මා හට කෑ ගසා අවසාන වදන් පවසද්දී.. මාගේ දෑසින් කදුළු ගලා ගොසින් ගෙන්දගම් පොළොව සිපගත්තා..

කිමද සැවොම මාගේ දිවියෙන් දුරස් කරන්නේ.. මා කුමක්ද කල වරද.. ආදරනීයන් මාගෙන් සදහටම දුරස් කරන්නෙ කිමද සඳ දෙව්දුවනි....

මා හඬා වැටෙමින් අහස දෙස බලා ප්‍රශ්න කරද්දී.. ජින් අප අසලට පැමිනි සතුරන් සමග සටන් කරන්නට පටන් ගනු ලැබුවේ නැවතත් වෘක රූපෙට හැරී..

"" ඔබව අත් හැර මා යන්නෙ නැත..""

වෛරී දෑසින් ඔවුන් දෙස බලා ඔමේග රූපෙට හැරී මා ජින් අසලට දිව යද්දීම.. එක් ආරක්ශකයෙක් මාගේ වම් පසින් පැමින හෙල්ලකින් පහරක් එල්ල කරද්දී මා විසිවී ගොස් වැටුනේ වෘක්ෂයකද වැදීය..

නැවතත් ඔහු හෙල්ල දික් කරගෙනම මා සිටින දිහාවට දිව එද්දී.. මා කිසි දිනක නොවුන දෙයක් සිදු වූයේ මාගේ දෑස් ඉදිරිපිටම..

"" ජින්......................""

මාගෙ ඉදිරියට පැන්න ජින්ගේ පපුවම පසාර කරන් හෙල්ල යද්දී.. ජින් කෙදිරි ගාමින් බිම ඇදගෙන වැටුනේ.. මා මනුස්ස රූපෙට හැරී කෑ ගසා ඔහු අසලට දිව යද්දීය..

මා හෙල්ල අතැතිව සිටි ඔහුව තල්ලු කර දමා.. ජින් අසලටම දිව ගියේ මා ඉකි ගසාගෙන හඬමින්..මේ වන විටත් වෘක රූපෙන් මනුස්ස රූපෙට හැරී සිටි ඔහු සිටියේ මුවින් රුදිරය පිට කරමින් මා දෙස බලා එක එල්ලේ..

මා ඔහුගේ හිස මාගේ උකුලේ තබාගෙන හඬන්නට වූයේය.. රුදිරයෙන් මාගේ දෑත් පවා නැහැවී යද්දී.. සතුරු සේනාව අප දෙදෙනා දෙස බලා සිනා සෙන්නට ගත්තේය..

"" ජින්.. ඔබ දෑස් වසා ගන්න එපා.. මා වෙනුවෙන් දරාගෙන සිටින්න.. මාව දමා යන්න එපා.....""

මා අතෝරාවක් නැතිව හඬා වැලපෙද්දී.. ජින් මා දෙස බලා සිනා සී මාගේ හිස අත ගෑවේය..

"" ක...මා..කර..න්න..වෙයි..යින්ග්...""

"" මොහුව රැගෙන යන්න..""

ජින් දෑස් වසා ගනිද්දී...මාගෙ ඉකිය නැවතී ගියා.. එමෙන්ම මා ඔහුගේ කොපුලකට සෙමින් තට්ටු කර බැලුවත්.. ඔහු ඒ වෙනකොටත් අවසන් හුස්ම හෙලා තිබුනේය..

අප දෙදෙනා දෙසම බලා සිටි එතැන ඉහල තලයේ කෙනෙකු ආරක්ශකයින්ට මාව රැගෙන යන ලෙස අන කරද්දී.. එතැන සිටි ආරක්ශකයින් මා අසලට පැමිනියේ එක් වරමයි..

"" අත් හරිනු...නුබලා කෙසේද මාව ස්පර්ශ කරන්නේ...""

මාගෙ දෙපසින් අල්ලා ගත් ඔවුන් දෙදෙනා මාව ඇදගෙන යද්දී.. ජින්ගේ හිස මාගේ උකුලෙන් පොළොවට පතිත වූයේය..

මා ඔවුන්ට කෑ ගසා හැඬුවත්.. ඔවුන් කනකට නොගෙන ජින්ගෙ ශරීරය මතට ගිනි තැබුවේ සිතක් නැති තිරිසනුන් ලෙසයි..

"" ආහ්හ්හ්හ්හ්...නුබලාව මා මරාදමනවා...""

මා කෑ ගසද්දී.. එක් ආරක්ශකයකු මාගේ කොපුලකට පහර දුන්නේ මා බිම ඇද වැටෙද්දීය..

බිම බලා ඉකිගසන මාගේ සවන් වල රැව් දුන්නේ.. එක් ආරක්ශකයෙකු කෑ ගසන හඬ..

"" පසු බසිනු..""

මාගේ ඉදිරියට පැමිනියේ ඔහු.. හ්ම් මාගේ වැංජි.. ඔහු සිටියේ ලයිකන් ස්වරූපෙන්.. ඔවුන්ව ඉරා මාංශ අනුබව කරන ලෙසට බලා සිටි වැංජිගේ දෑස් දැක සතුරු සේනාවම දිව යන්නට සෑදුවත්.. ඔවුන්ගේ පසු පසින් පැමිනියේ ෆීලෙන් රාජ්‍යයේ සෙන්පති..

වැංජිත් ඉදිරියට ගොස් ඔවුන් එක් එක්කෙනාව මරා තැන තැන දමද්දී.. මා කුරිරු දෑසින් ඔවුන්ගේ මරනය බලා සිටියා..

එක් වරම කුසින් ආ වේදනාවකින්.. මාගෙ දෑස් කුසට යද්දී.. රුදිරය ගලා යනු දැක්කේ එවිටයි.. කිමද සතුරන්ගේ එකෙකු මා හට පහර දෙන විට.. මාගේ අවදානය ජින් අසල තිබූ නිසා..

මා බොද වූ දෑසින් වැංජි සටන් කරන අයුරු බලා සිටියදී.. මාගේ එක් හස්තයක් ඔහු දෙසට දික් වූයේ.. මාගේ ප්‍රානය ශරීරයෙන්ම ඉවත් වෙන වග හැගෙන නිසාය..

ඔහුට කෙසේ දැනීද මා නොදනී.. එක් වරම ඔහු මා දෙස හැරී බලද්දීම..

"" වැං...ජි..""











S.M.බඩී✍️







වෙයි යින්ග් මැරුනද...? 😥

වෝට් කරන්නෝඕඕඕඕඕඕ

Continuar a ler

Também vai Gostar

85K 11.4K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
101K 18.8K 48
දරාගෙන සෙනෙහෙ මේ පපුව මත ... රැකගනිමි හදවතින් නුඹව මම.....
30.2K 6.9K 41
🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංග...
12.9K 2.4K 12
දඩබ්බර ජිවිතයකට පෑයු නිහඬ තරුව🌟