සන්තානේ - දෙහදක් 2

Da Rithu_Sakura

66.1K 6.1K 171

තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ... Altro

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87 - අවසාන කොටස
පසුවදන

22

709 69 0
Da Rithu_Sakura

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️22 කොටස💜️

කොහොම ගෙදර ආවද කියලා අහිංසාට මතකයක් තිබ්බෙ නෑ.හිසරදය කියලා ගෙදරටත් කිව්ව නිසාම ඇයට කාමරේට වෙලා තනි වෙන්න කාගෙන්වත් බාධාවක් තිබ්බෙත් නෑ.ෆෝන් එකට කෝල් එන එකත් වදයක් වෙයි කියලා හිතලා ඇය හිතා මතාම ෆෝන් එක ඕෆ් කරලා දැම්මා.අහිංසාට මතක් උනේම ශාදිගේ මුහුණ.ඇත්තටම ශාදි ලස්සන කෙල්ලෙක්.සාරංග එක්ක එකට ඉද්දි ඔවුන් දෙදෙනාව අනිත් අයට පෙනෙන්නේද ලස්සන ජෝඩුවක් විදියට.ඉතින් අහිංසාටත් දෙන්නව පෙනුනේ එහෙම.

මුතූ කිව්ව වචන හිත පුරා රැව් දෙද්දි අහිංසා උන්නේ ඒ හැමදෙයක්ම මායාවක් කියලා හිතට තරවටු කරන ගමන්.

'නෑ.මං සාරංග අයියට ආදරේ කරන්නෙ නෑ.මුතූට එහෙම හිතිලා තියෙන්නේ වැරදිලා.මං ආදරේ නෑ.නෑ..නෑමයි.එහෙම බොරුකාරයෙක් මට එපා'

කෙදිනකවත් ආදරේක නොබැදුනු හිත සාරංගට ආදරේ කරන්න පටන් අරන් කියන එක අහිංසා පිළිගන්න කැමති උනේ නෑ.මෙච්චර කාලයක් ළඟින් උන්නු සාරංග ගැන අහිංසාගේ හිතේ තිබ්බේ සහෝදර බැඳීමක් විතරයි.ඒත් ඒ බැඳීම ඇයටත් හොරා මෙච්චර දුර දිග ගිය එක ඇයටම දරාගන්න බෑ.ආදරේ කියන හැඟීම හිතට දැනුනා විතරයි.ඒක උපන් ගෙයිම මැරිලා ගියේ හීනෙන් වගේ.ඇඳේ එහෙට මෙහෙට පෙරලුනද අහිංසාගේ හිතට නිවනක් නෑ.බැරිම තැන පැනඩෝල් දෙකක් බිව්ව ඇයට නින්ද ගියේ හිසේ කැක්කුම වැඩි වෙච්ච තැන.

හවස් යාමය වෙනකන්ම කාමරේට වෙලා උන්නු අහිංසා හිසේ අමාරුව තියාගෙනම නාන කාමරයට වැදී නා ගත්තේ ඇයටම දඬුවම් දෙන්න වගේ.මුතූ කිව්ව දේ පිළිගන්න හිත අදිමදි කළාට අහිංසා ඒ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි සාරංග ඇගේ හිතම හොල්ලලා කියන්න.ඒක ආදරේමද නැත්තම් වෙනත් විශේෂ හැඟීමක්ද කියලා ඇයට තේරෙන්නෙ නෑ.

බඩගින්නක් නොතිබ්බද කෑම වෙලාව ළං වෙද්දී ඇය පහළට ආවේ ඇය තුළින් කිසිම වෙනසක් කවුරුත් දකිනවට අකැමැති නිසා.විශේෂයෙන්ම කේශව ඒ වෙනස දකිනවට ඇය කැමති නෑ.වෙලාවකට ඇයට ඔහු එක්කත් තරහයි.සාරංග කවදාවත් ඔහුගේ දේවල් කේශව එක්ක නොකියා ඉන්නේ නෑ කියලා අහිංසා දන්නවා.ඕක හංඟන් ඉන්නෙ නැතිව එකපාර කිව්වා නම් ඇය හිතේ කවදාවත් සාරංග වෙනුවෙන් ඉඩක් හදාගන්නෙ නෑ.

"මොකද මේ ඔලුවෙ කැක්කුම තියාගෙන නාලා?"

කාටත් කළින් අහිංසාව දැක්කේ චාන්‍යා.ඒකට මුකුත් නොකීව අහිංසා බොරු හිනාවක් පෙන්නලා වාඩි උනා.චාන්‍යාට පුදුමයි.ලෙඩක් තිබ්බත් අහිංසාගේ කට නම් මෙච්චර කාලෙකට වැහිලා නෑ.කෑම දීසි මේසෙන් තියන ගමන් චාන්‍යා අහිංසාගේ නළලට අත තියලත් බැලුවා.ඇයට දැනුණේ ලා රස්නයක්.

"උණ ගන්න වගේ.ඔය කොණ්ඩෙ හොඳට වේලගෙන කෑම කාලා පැනඩෝල් දෙකක් බොන්න"

ඒත් අහිංසා කිසිවක්ම කිව්වේ නෑ.අහිංසාගේ හිතේ මොනාම හරි ගැටලුවක් තියෙනවා කියලා චාන්‍යාට තේරුණත් කෑම මේසෙ ඉඳන් ඒක අහන්න බෑ.ඒ නිසාම ඇය සුදුසු වෙලාවක් එනකන් උන්නේ.ගිරිරාජ් හා කේශවත් කෑම මේසෙට එද්දි තිහසුත් ආවේ තෙත කොණ්ඩය පිහ පිහ.

"මොකද නිකන් පැණි වරකා ගහට හෙණ ගහලා වගේ?සාරංග කිව්වා වේලාසනම සැලෝන් එක වහලා ගෙදර ආවා කියලා.මොකක්ද අමාරුව?අසනීපයක්ද?"

කේශව කියවගෙන යද්දි අහිංසා ඔලුව උස්සලා ඔහු දිහා බැලුවා.සාරංග ඒ වගේ සුළු දේත් කේශව එක්ක කියනවා නම් අර වගේ ලොකු කාරණයක් කීයටවත් නොකියා ඉන්නේ නෑ.කේශවත් කළේ ඒ දේ දැනගෙන නොකියා උන්නු එක.කේශව ඒක දන්නවා නම් අනිවාර්‍යෙන්ම චාන්‍යාත් ඒක දන්නවා.ඒ කිසි ඇයි කවුරුත් ඇයට නොකිව්වේ කියලා අහිංසාට හිතුනේ සියුම් දුකක් හිතට දැනෙද්දී.අහිංසා කේශවට උත්තර දෙනවා වෙනුවට කේශවට රවලා අහක බලාගත්තා.

'හප්පා.යකා නැඟලා නේද ඉන්නේ?ඒත් ඉතින් ඌ කරන කියන හැමදේම මේකිට කියන්න ඕන කියලා සිරිතක් තියෙනවයෑ.මුතුවත් එක්ක එකතු වෙලා හොඳට දෙහි කපන්න ඇති'

කේශව හිතුවේ අහිංසාගේ බෙරි වෙච්ච මූණ දිහා බලාගෙන.සාරංග හැම විස්තරයක්ම කේශවට කියලයි තිබ්බේ.හැබැයි ඇගේ අසනීපයයි ඒ කාරණාවයි අතර ඍජු සම්බන්ධයක් තියෙන්න ඇති කියලා කේශවට නිකමටවත් හිතුනේ නෑ.

"අහිංසා..."

"අ..අප්පච්චී..."

අහිංසාගේ මැලවුනු මූණ දිහා බලාගෙන උන්නු ගිරිරාජ් ඇයට කතා කළේ බැරිම තැන.

"සැලෝන් එකේ මොකක් හරි ගැටලුවක්ද?"

අහිංසාගේ මුහුණේ සියුම් වෙනසත් අඳුනගන්න ගිරිරාජ්ට අමාරු නෑ.හැමවෙලාවෙම ගිරවි වගේ කියවන,ලෙඩක් තිබ්බත් ලෙඩේ ගැනම විස්තර කියන අහිංසාගේ අද ස්වරූපය ගිරිරාජ්ට ආගන්තුකයි.මේ වගේ නිහඬ බවක් ඇයගෙන් දැක්කේ කුසුම් මිය ගිය දා සහ කේශව රිය අනතුරට මූණ දුන්නු දවසේ විතරයි.ඒත් දැන් එහෙම අවුලෙන් ඉන්න කාරණේ ගිරිරාජ්ට ගෙනාවේ කුතුහලයක්.

"න්..නෑ අප්පච්චී.එහෙම අවුලක් නෑ"

"දුන්නු උත්තරේ ගැන විශ්වාසයිද?"

ගිරිරාජ් ආයෙම අහද්දි අහිංසාව ගැස්සුනා.

"ඔව්"

ඇය ඒ උත්තරේ දුන්නෙත් අහක බලාගෙන.ගිරිරාජ්ට ඒකෙන්ම තේරුනා ඇය කිව්වේ බොරුවක් කියලා.ඒත් පිරිසක් ඉදිරියේ ඇයව අසරණ කරන්න තියෙන අකැමැත්තටම ඔහු එතනින් එහා මුකුත් අහන්න ගියේ නෑ.නිහඬවම කෑම බෙදාගත්ත තිහස් අහිංසාගේ මූණ දිහා හොඳට බැලුවා.ඒ මූණ දිහා බැලුවාම ඔහුටෙ හිතුනේ ඇයට තියෙන්නේ ගතේ අමාරුවක් නෙමේ කියලා.

කට්ටිය නිහඬවම කෑම ගනිද්දී කේශවයි චාන්‍යායි උන්නේ ඔවුන්ගේ සුපුරුදු එකට එක කිරීම කරන ගමන්.කේශව චාන්‍යාව ගණන් ගත්තේ නෑ.ඔහුට ඕනේ චාන්‍යාව පස්සෙන් ගෙන්න ගන්න.ඒත් චාන්‍යා නම් කළේ කේශවව අවුලවලා පැත්තකට වෙන එක.ඔෆිස් එකේ ඉද්දිත් ඇය කළේ ඒකමයි.කේශව ඇයව ගණන් නොගෙන ඉද්දී ඔහුව අවුස්සන්න හිතා මතාම ඔහුගේ ඉදිරියෙන් එහා මෙහා ඇවිදින්නේ වෙනදටත් වඩා නළවමින්.

රෑ කෑම වෙලාවේදී චාන්‍යා කේශවට කෑම බෙදුවේ හිතාමතාම ඔහුගේ අත් බාහුවේ වැදෙමින්.සමහර වෙලාවට ඔහු ඉදිරියට නැමී කෑම බෙදාගත්තේ හිතාමතාම ඇගේ උණුසුම් සුසුම් වැල් ඔහුගේ මුවේ වද්දමින්.මේ දෙදෙනාගේ ආදර සංග්‍රාමය වෙන කිසිවෙකුටත් ඉව නොවැටුනු එක නම් පුදුමයි.චාන්‍යාගේ මේ හැසිරීමට කේශව ඇයට ඇස් වලින් තරවටු කළත් චාන්‍යාට පැරදෙන්න නම් හිතක් තිබ්බෙ නෑ.ඔවුන් දෙදෙනාටම ඒ නිසා අහිංසා සිටිනේ දුකින් බවවත් වටහා ගන්නට තරම් සිහියක් තිබ්බෙ නෑ.

අහිංසා බත් කෑවේද ලොකු කල්පනාවක ඉඳගෙන.ගිරිරාජ් ඇයගෙන් ප්‍රශ්ණ නොකරම කෑම ගෙන අවසානයේ මේ වෙලාවේ ඇගෙන් ප්‍රශ්ණ කර පලක් නැති නිසා.කේශවත් කෑම ගෙන කාමරයට යද්දී ඉතිරි වූයේ අහිංසා සහ තිහස් විතරයි.අත සෝදගන්නා අතරතුර තිහස් බැලුවේ අහිංසා දිහාවේ.බත් ටික අත ගගා ඇය සිටින්නේ ගැඹුරු කල්පනාවක.

"තමුසේ බත් එකේ නිදන් හොයනවද?"

ඇගේ හැසිරීම ඉවසන් සිටිය නොහැකිම තැන තිහස් ඇහුවේ ටිකක් සද්දෙන්.ඒ සද්දෙට ගැස්සිලා වගේ ඔලුව උස්සද්දි තමා ඇය දැක්කේ කෑම මේසේ ඔවුන් දෙන්නා ඇර වෙන කවුරුත් නෑ කියලා.තාම බත් එකේ බාගයක්ම ඉතුරුයි.කන්න පිරියක් නැතිම තැන ඇය කෑම එක පැත්තකට කළා.වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගිහින් අතත් සෝදගෙන ඇය නැඟිට්ටේ තිහස් දිහා නොබලාමයි.

"අහිංසා"

තිහස් ඇයට කතා කළේ අහිංසාත් බාගෙට ඔහු දිහා හැරිලා බලද්දියි.

"තමුසෙට ඔය තියෙන්නේ ඇඟේ ලෙඩක් නෙමේ හිතේ ලෙඩක්"

තිහස් එහෙම කියද්දි අහිංසා ගැස්සුනා කිව්වොත් හරි.බලද්දි හැමෝටම ඇයව තේරෙනවා ඇයට හැර.තිහස් එක්ක අන්තිමට වෙච්ච බහින්බස් වීමෙන් පස්සේ තිහස් මේ ඇය එක්ක කතා කළාමද කොහෙද.

"මගේ ලෙඩ ගැන මම බලාගන්නම්.තමුන් පාඩුවේ ඉන්නවා"

වෙනදා වගේ සැරෙන් කියලා අහිංසා යද්දි තිහස්ගේ මුවේ ඇදුනේ හීන් හිනාවක්.කොහොමත් දුක සැප බෙදාගන්න තරම් යාලුකමක් නැති නිසා තිහස් ඊට වඩා ඇය එක්ක කතාවට වැටුනේ නෑ.කාමරයට ගිය අහිංසා ෆෝන් එක ඔන් කරගත්තේ මුතූට මැසේජ් එකක් දාන්න හිතාගෙන.ඒ වෙද්දි ෆෝන් එකට සාරංගගෙන් මිස්ඩ් කෝල් විස්සකට වඩා ඇවිත් තිබුනා.ඒ එක්කම එකම එක මැසේජ් එකකුත් ඇවිත් තිබ්බේ ඔහුගෙන්.

"සොරි අහිංසා.හංඟන්න හිතුවෙ නෑ.ශාදි කිව්වා වගේ එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමේ.ඕනෙ නම් තමුසෙගෙ අයියගෙන් අහනවකෝ.මං කාටවත් කියන්න එපා කිව්වේ ඒ ප්‍රපෝසල් එකට මම කැමති නැති නිසා.ඒක මට හිසරදයක් ඒකයි.සොරි"

සාරංග හැමදේම විස්තර ඇතිව එවලා තිබ්බට අහිංසාගේ හිතේ දුක එහෙමමයි.ඒත් අහිංසාට පස්සේ හිතුනේ මෙහෙම සමාව ඉල්ලලා මැසේජ් කරන්න තරම් දෙන්නගේ අතරේ තියෙන බැඳීම මොකක්ද කියලා.

"මගෙන් සමාව ඉල්ලන්න හේතුවක් නෑනේ.ඒ ඔයාගේ ජීවිතේනේ සාරංග අයියේ.ඒවා මට හැංඟුවා කියලා මං තරහ නෑ.මං අද ආවේ ඔයා එක්ක තරහා වෙලා නෙමේ.මට ඇත්තටම උණ ගතියක් දැනුනා.ඒකයි"

අහිංසාත් ඔහුව තඹේකට මායිම් නොකරන විදියේ මැසේජ් එකක් යැව්වේ සාරංගට රිද්දන්න කියලා හිතාගෙන.ඒත් ඒකෙන් ඔහුට ඇත්තටම රිදෙනවද නැද්ද කියලවත් ඇය දන්නෙ නෑ.ඒ එක්කම මුතූටත් මැසේජ් එකක් යැව්වේ හෙට සැලෝන් එකට එන්න එපා කියන්න.කෝකටත් හිත හදාගන්නත් එක්ක පොඩ්ඩක් ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා ඇයට හිතුනා.

.....💜....... R I T H U S A K U R A .......💜️......

වොශ් එකක් දාගෙන එද්දිම ටිකකට පෙර අහිංසාගෙන් ඇවිල්ලා තියෙන මැසේජ් එක දැකලා සාරංග උන්නේ හොඳටම අවුලෙන්.සාරංගට මතක් උනේ ගෙදර එද්දි මිහිරානි එක්ක උනු කතාබහ.හවස ගෙදරට ආවත් හරි ඔහු මිහිරානිට බැන්නේ හිතේ තිබ්බ කේන්තියටමයි.ශාදි ඒ ටිකට මුතූගේ කනේ ඒක තියයි කියලා මිහිරානිත් හිතුවේ නෑ.ඒත් මිහිරානි ඒ වෙලාවෙත් ගත්තේ ශාදිගෙ පැත්ත.

"ඒ කෙල්ලත් ආසා ඇතිනේ පුතේ ඔයා එයාගේ කොල්ලා කියලා කියන්න.සතුටට කියවෙන්න ඇති"

"මං ඒකිගෙ කොල්ලා නෙමේ.අම්මට තේරුනාද?මාව මේ විදියට ප්‍රෙශර් කලොත් මං මේ ගෙදරින් යන එක යනවා.පුලුවන් නම් දීපා ආන්ටිටත් කියන්න මේ කසාඳේ වෙන්නෙ නෑ කියලා"

කේන්තියේ උපරිමේ උන්නු සාරංග කෑ ගැහුවේ වෙනදටත් වඩා සද්දෙන්.ඒ කේන්තිය මීට කළින් මිහිරානි දැකලා තිබ්බෙ නෑ.ඒකමයි ඇගේ නෙතට කඳුලු ඉනුවේ.

"අනේ පුතේ ඔයා ඇයි මෙහෙම....."

"මාව ගෙදරින් යවාගන්න වැඩ කරන්න එපා.ප්ලීස්"

සාරංග එහෙම කියලා හයියෙන් දොර වහලා ඇතුළට එද්දි මිහිරානි ඉකි ගැහුව හැටි සාරංගට මතක් උනා.ඔහු කොණ්ඩෙ දෑතින්ම ඇදගත්තේ පවුලක තනි ළමයෙක් වෙලා ඉන්න එක මොන තරම් නම් වේදනාවක්ද කියලා හිතන ගමන්.දුක බෙදාගන්න කෙනෙක් නෑ.තේරුම් ගන්න කෙනෙක් නෑ.ඒ මදිවට දෙමව්පියනුත් තමන්ගේ ආසාවන් ඉෂ්ඨ කරගන්න හදන්නේ පවුලෙ එකම ළමයනේ කියන තුරුම්පුව දාලා.හැම පවුලම එහෙම නොවුනට සාරංගට ඉන්නේ එහෙම අම්මා කෙනෙක්.

අහිංසාගේ මැසේජ් එක සාරංග දහපාරකට වඩා කියවන්න ඇති.අහිංසාට ඇත්තටම දුකක් දැනුනෙම නැද්ද?ඒ ප්‍රශ්ණෙ හිතේ උඩු දුවද්දි සාරංග හිස යටින් අත තියාගෙන සිවිලිම දිහා බලාගෙන කල්පනාවක උන්නේ අහිංසාගේ රුව මැවි මැවි පෙනෙද්දී.

.....💜....... R I T H U S A K U R A .......💜️......

වෙනදට වඩා දුහුල් නිදන ඇඳුමක් ඇඳගත්ත චාන්‍යා කොණ්ඩේ පීරමින් කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉද්දි වොශ් එකක් දාගෙන තුවාය පටලවගෙන කාමරේට ආවේ කේශව.වෙනදට පිජාමා කිට් එකක් ඇඳන් ඉන්න චාන්‍යා කවදාවත් නැතිව එහෙම ඉද්දි කේශවට කෙළ ගිලින්නත් අමතක උනා.තාමත් දොර ගාව ඉන්න කේශවව චාන්‍යා ඇස් කොණකින් දැක්කත් ඔහුව ගණන් නොගෙන ඇය කොණ්ඩෙ පීරුවේ හිනාවත් හංඟගෙන.

'දැන් බලමුකෝ මහත්තයාගේ ඉවසීම...මට දෙන්න හැදුව දඬුවම මම ඔයාට නොදුන්නොත් මම චානු නෙමේ..'

පනින්න යන හිනාව දෙතොල් එකට තියලා තදකරලා වලක්ක ගත්ත චාන්‍යා හිතාමතාම පිට පේන්න කොණ්ඩය ඉස්සරහට ගත්තා.හීනි පටි සහිත නිදන ඇඳුමෙන් ඇගේ වත යාන්තමට පෙනෙද්දී කේශව අහක බලාගෙන ඇඳුමක් ඇඳගන්න ගත්තේ තමන්ගේ සිතුවිලි වලට තරවටු කරන ගමන්.

'මේකි ගාණට මාව මඩවනවනේ...නැතුව කොහොමද?කේශවගේ වයිෆ් කේශව වගේම වෙන්න එපැයි...'

ශෝටකට මාරු වී අත් රහිත කමිසයක් ඇඳගත්ත කේශව තුවායත් පුටු ඇන්ඳකට අතඇර ඇඳ විට්ටමෙන් හේත්තු උනේ ෆෝන් එකත් අතට අරගෙන.චාන්‍යා වෙනදටත් වඩා කැපිලා පෙනෙන තමන්ගේ වත තව තවත් පේන විදියට කොණ්ඩය උඩට කරලා බැඳගෙන වෙනදා වගේම ක්‍රීම් ගා ගෙන කාමරේ විදුලි පහන නිමලා දැම්මා.ආලෝකයකට තිබ්බේ ඇඳ ගාව ටේබල් ලෑම්ප් එකේ මඳ එළියයි කේශවගේ ෆෝන් එකේ ආලෝකයයි විතරයි.කේශව බලන් උන්නේ ඇය ඇඳේ එහා පසින් ඇළවෙනකන්.ඒත් නොහිතුව විදියට චාන්‍යා කේශවගේ ඔඩොක්කුව උඩින් පැනලා අනෙක් පසට පැන්නේ හිතාමතාම ඇගේ ලමැද කේශවගේ මුහුණට වැදෙන විදියට.වෙච්ච දෙයින් කේශව උන්නේ ගල්ගැහිලා වගේ.

"සොරි අනේ.අර පැත්තෙන් දුර වැඩියි කියලා හිතුනා.ඒකයි මේ පැත්තෙන් ආවේ..ගුඩ් නයිට් කේශ් බබා"

තොල් උල් කරලා කිව්ව චාන්‍යා හිනාව අමාරුවෙන් ගිලගෙන ඔහුගෙ පැත්තටම හැරිලා නිදාගත්තේ කේශව තාමත් තක්බීරී වෙලා වගේ ඉද්දි.ඒ පහස තාමත් මූණට දැනෙනව දැනෙනවා වගේ.ඇය මේ හදන්නේ ඔහුගේ ඉවසීම පරීක්ශා කරන්න.කේශව දුන්නු අභියෝගයෙන් ඔහුවම පරද්දවන්න.කේශවට ඒක හොඳටම තේරිලයි උන්නේ.අන්තිමට ඇයට ඕනේ කේශවටම බලන් ඉන්න සිද්ද කරවන්න.ඒත් ඔහුත් පැරදෙන්න කැමති නෑ.පැය භාගයක් විතර යනකන් ඔහු උන්නේ විසිරුණු සිතුවිලි එකතු කරගැනීමේ අරගලයක.හිත කිව්වෙම ලොකුකම පැත්තකට දාලා හිතූ හැටියට ඇගේ පහස විඳින්න.හැබැයි ඇඟේ ඉන්න අහංකාර චරිතය නිකන්ම පරාජය බාරගන්න ඉඩ දෙන්නෙත් නෑ.ඔහේ ෆෝන් එක දිහා බලන් උන්නු කේශව හිතට එකපාරටම ආව අදහසකට ඔහුගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක ටික වෙලාවකට ප්ලේ කළේ ඔහුට කෝල් එකක් ආව බව පෙන්නන්න.

"හෙලෝ.."

ඇමතුමක් ආවා වගේ කේශව එයට පිළිතුරු දුන්නේ චාන්‍යා ඇස් වහගෙන උනත් ඒකට ඇහුන්කන් දීගෙන ඉද්දී.

"නතාශා..ඇයි මේ වෙලාවේ?"

කේශව හිමීට කියද්දී චාන්‍යාගෙ ඇස් ඇරුනේ ගැස්සිලා වගේ.

"නෑ.චානු නිදි.ඇයි හදිස්සියක්ද??....නෑ.නෑ..කතා කරන්න පුලුවන්.එයාගෙන් වැඩක් නෑ...කියන්න"

කේශව කතා කරන්නෙත් හරිම හිමීට.හරියට රහසින් වගේ.චාන්‍යාට ඒක බොරුවක් කියලවත් හිතන්න තේරෙන්නෙ නෑ.නතාශා කියන නම ඇහෙද්දිත් ඇයව කැළඹෙනවා.

"මං සතුටින් නතාශා.ඔයා දන්නවනේ ඒක.ඒත්..."

කේශව හිනාව හංඟගෙන හිතාමතාම දුක් පාටට හඬ හදලා කියද්දි චාන්‍යාට බයක් දැනුනා.ඒත් කියලා කේශව එහෙම නතර කළේ ඇයි?

"ඒත් සමහර වෙලාවට එයාව එපා වෙනවා නතාශා...හුරතලේ වැඩියි.මාව තේරුම් ගන්නෙ නෑ.බොරුවට මාව අවුස්සන්න එක එක දේවල් කළාට ඔයාට වගේ ඒ දේවල් එයාට කරන්න බෑ"

කේශව මේ කරන්නේ බොරුවක් කියලා හිත කිව්වත් නතාශාව සන්සන්දනය කරලා ඒ වගේ දෙයක් කියද්දි චාන්‍යාට ඉවසුම් නැතිව ගියා.තරහට කළින් ඇගේ හිතට ආවේ දුකක්.ඔහුව අවුස්සන්න කියලා හිතලා වැඩිය අඳින්නෙ නැති දුහුල් නිදන ගවුමෙන් සැරසුනත් ඇගේ හිතේ තිබ්බේ රාගික හැඟීම් නෙමේ.තමා පණටත් වඩා ආදරේ කරන තම සැමියාගෙන් සියුම් ස්පර්ශයකට උනත් ගෑණියෙක් කැමතියි.ඔහු වෙනුවෙන් විශේෂ වෙන්න කැමතියි.ඔහු දුන්නු අභියෝගයෙන් ඔහුවම පරද්දලා ඔහුගේ ආදරණීය සිපුම් අතරේ හිරවෙන්න ඇගේ හිත ආසා කළා.ඒ ආදරය නිසාමයි.ඒත් කේශව එහෙම කියද්දි චාන්‍යාට දැනුණේ ඇය නරක කෙනෙක් විදියට.

"ඔයා මාව රැවැට්ටුව බව ඇත්ත නතාශා.ඒත්...ආදරේ හැර ඔයා ගාව හැමදේම තිබ්බා.මං ගන්නෙ නැතිව පරිස්සම් කළාට....දැන් ඒවාගෙන් වැඩක් නෑ...අනික මං....."

ඒ ටික කියනවත් එක්කම චාන්‍යා ඇඳෙන් නැඟිට්ටේ ඉද්ද ගැහුවා වගේ.කේශව දිහාවත් නොබලා ඇය අල්මාරිය ගාවට ගිහින් ගත්තේ පිජාමා කිට් එකක්.ඇස් වලට උනන කඳුලු හංඟගෙනම ඇය තම ගතින් දුහුල් ඇඳුම ගැලෙව්වේ අල්මාරියේ දොරට ආවරණය වෙලා.කේශව තුශ්නිම්භූත වෙලා වගේ බලන් උන්නේ ඇය මේ එකපාරටම කරන්නේ මොකද කියලා.කරපු විහිලුව දුර දිග ගියා කියලා කේශවට තේරුණේ ඇගේ වේගවත් හුස්ම හඬින්.

"චානු..මොකද මේ?"

ෆෝන් එක පැත්‍තකින් තියලා කේශව නැඟිටලා චාන්‍යා ගාවට එද්දි ඇය පිජාමා කිට් එක ඇඳන් උන්නේ බාගෙට.අල්මාරියේ දොරට මුවා වෙලා ඇය කරන දේ කේශවට හරියටම පෙනුනෙ නැත්තේ ඒ හරිය ටිකක් අඳුරු නිසා.ඒත් ඇගේ පිටුපසින් ගිහින් හිටගද්දි කේශව දැක්කේ ඇගේ නිරුවත් පිට.නිදන ගවුම ඔහුගේ පයට පෑගෙද්දී ඔහුට හැමදේම තේරුනා.

"චානු..ඇයි මේ?මොකද මේ පිජාමා කිට් එක අඳින්නේ?"

කේශව අහද්දි චාන්‍යා ඔහු දිහා නොබලම පිජාමා කිට් එකේ උඩු ඇඳුම තමන්ගේ පපුවට ළං කරගත්‍තා.

"එහාට වෙලා ඉන්න.මට ඇඳගන්න දීලා"

චාන්‍යා කිව්වේ නොරිස්සුමෙන්.ඒත් ඒ වෙද්දී ඇගේ හඬ හොඳටම බිඳිලා.කඳුලු බිඳු කීපයක් ඇගේ කම්මුල දිගේ ගලාගෙන ගිහින්.

"ඒ..මෝඩි..තමුසෙ අඬනවද?"

තමන් කළ විහිලුව චාන්‍යා ඇත්තටම බාර අරගෙන කියලා තේරුනු කේශවට හිනාවක් ගියා.ඒකමයි ඔහු ඇයව තුරුලු කරගන්න හැදුවේ.ඒත් චාන්‍යා උරපතු ගස්සලා කේශවව ඈත් කළා.

"අහකට වෙන්න.ඔයා ගිහින් නිදහසේ අර නතාශා එක්ක කතා කරගන්න.යන්න"

"ඒක ජෝක් එකක් කියලා තේරෙන්නෙ නැද්ද මෝඩියේ?"

"ඔව්..ඔයාට මාව ජෝක් එකක් තමා.මගෙන් මුකුත් ලැබෙන්නෙත් නෑනේ..යනවද මට ඇඳගන්න දීලා"

චාන්‍යා අඬමින් කියද්දී කේශව ඇයව තමන්ගේ පපුවට තුරුලු කරගන්න හැදුවත් චාන්‍යා කළේ ඒක වලක්වන්න දඟලපු එක.

"චානු...ඇති දැන් මුරණ්ඩු උනා"

කේශව ටිකක් සැර කළත් චාන්‍යා නෙමේ ඔහුගෙන් මිදෙන්න දඟලන එක නැවැත්තුවේ.

"සුදූ..කිව්වම ඇති දැන්..ඇති හිතුවක්කාරකම් කළා"

එවර කේශව ඇගේ නිරුවත් පිට ඔහුගේ පපුවට තදකරගත්තේ තාමත් උඩු ඇඳුමින් පපුවම වහන් ඉන්න චාන්‍යාගේ අත් දෙකත් තදින් අල්ලගෙන.ඔහුගේ උණුසුමින් හිතම සැනසෙද්දී චාන්‍යා දෑස් පියාගෙන සන්සුන් උනා.ඒත් හිතේ වේදනාව නම් අඩු උනේ නෑ.

"මං කළේ ජෝක් එකක් කියලා නොතේරෙන්නෙ තරම් තමුසෙ බබෙක් නෙමේ සුදූ...තමුසෙ තරම් මාව දන්න කෙනෙක් මේ ලෝකේ නෑ කියන්න දන්නවා නේද?"

චාන්‍යා ඇස් වහගෙන හිස සලද්දී කේශවට ඒක දැනුනා.හිමීට ඇයව ඔහුගේ පැත්තට හරවගෙන කේශව ඇගේ මූණට එබුනේ ඇගේ හුස්මක් වදින දුරින්.

"එහෙනම් මොකද මේ පොඩි එකෙක් වගේ මුරණ්ඩුකම් කරන්නේ?"

චාන්‍යා හිමීට ඇස් ඇරලා තමන්ගේ මූණ ආසන්නයේම තියෙන කේශවගේ දෙනෙත් දිහා බැලුවා.

"මං කැමති නෑ නතාශා එක්ක මාව සන්සන්දනය කරනවට"

පොඩි එකෙක් වගේ මූණ බෙරි කරන් චාන්‍යා කියද්දී කේශවගේ මූණේ ඇදුනේ පොඩි හිනාවක්.ආදරේ ඉස්සරහා ඕන කෙනෙක් බොළඳ වෙනවා.

"තමුසෙව මං කා එක්කවත් සන්සන්දනය කරන්නෙ නෑ.විශේෂයෙන්ම නතාශා එක්ක.ඒ හැම එකක්ම මං කිව්වේ අවුස්සන්නනේ...අනික තමුසෙගෙන් මට ලැබුනේ ආදරේ විතරක් නෙමේ..."

අන්තිම ටික කේශව කිව්වේ හඬ බාල කරලා.ඒ හඬේ තියෙන්නෙත් ආදරේ විතරමයි.චාන්‍යා ඔහු දිහාම බලන් උන්නේ ඔහු ඒ වැකිය සම්පූර්ණ කරනකන්.

"මගෙ හිත ඉල්ලන හැමදේම හම්බුනේ තමුසෙගෙන්.හොයන්නෙත් තමුසෙගෙන් විතරයි"

ඔහු රහසින්ම කිව්වේ ඇගේ ඉණ තදින් මිරිකමින්.කිතියෙන් ඇකිලුනු චාන්‍යා ඔහුගේ පපුවට හේත්තු වෙද්දී කේශව නැමිලා ඇගේ නිරුවත් උරපත්තක් සිපගත්තා.ඒ සිපගැනීම ගෙල දිගේ එද්දී චාන්‍යා එක අතකින් ඔහුව තල්ලු කළේ ඇය ඉන්න විදිය මතක් වෙලා.

"අහකට වෙන්න.මට ඇඳගන්න ඕනේ"

ඒත් ඒ මුකුත්ම අහන්නෙ නැතිව කේශව ඇය ගතට තුරුලු කරන් උන්නු ඇඳුම අල්ලලා විසි කළේ චාන්‍යාට හුස්ම ගන්නත් අමතක වෙද්දි.ලැජ්ජාවෙන් රතු උනු චාන්‍යා නිරුවත් ලමැද වහගන්න හදද්දිම කේශව ඒ අත් දෙක ඔහුගේ අත් දෙකෙන් අල්ලගත්තේ තදකරලා.

"තමුසෙට මාවත් මට තමුසෙ නැතිවත් ඉන්න බෑ කියලා දන්නවනේ.අනිත් දවසේ බොරුවට චැලේන්ජ් නොකර ඉමු.දෙන්නම පරදිනවා ඒකෙන්..."

කේශව කිව්වේ ඇයව තම පපුවට තුරුලු කරගෙන.ඇගේ ලමැදින් තමන්ගේ පපුවට දැනුනු උණුසුම කේශවට තවත් දරාගන්න පුලුවන් උනේ නෑ.ඒ ක්ශණයෙම ඉදිරියට නැමී ඇගේ දෙතොල් සිපගත්ත කේශව ඇයව අල්මාරිය අතරට හිර කරගත්තේ උමතුවෙන් වගේ.විනාඩි කීපයක සිපගැනීමකින් හති වැටුණු කේශව චාන්‍යාගේ නළලත තම නළලත තියාගද්දී චාන්‍යා ඇස් පියා ගත්තේ ලැජ්ජාවෙන්.ඇගේ ලේ පිරුණු මූණ දැකලා කේශවට නැඟුනේ මඳහසක්.

"මෙන්න මෙහෙ එනවා.අච්චර දුහුල් නයිට් ඩ්‍රෙස් එක ඇඳන් සබ්බ සකලමනාවම එළියෙ දාන් ඉද්දි ලැජ්ජා නෑ.දැන් තමා මේකිට ලැජ්ජා.කෝළම"

ඒ තප්පරේම කේශව ඇයව හරහට වඩා ගද්දී චාන්‍යා ඔහුගේ ගෙල වටා අත යැව්වේ ඔහු දිහාම බලාගෙන.

"ම්ම්ම්...තමුසෙ අර නතාශාට වඩා බර අඩුයි තමා"

කල්පනා කරනවා වගේ කේශව කියද්දී මූණ රකුසු කරගත්ත චාන්‍යා ඔහුගේ උරපත්‍ත හැපුවේ කේශවගෙ ගෙල තදින් අල්ලගෙන.

"අහ්...මං ජෝක් එකක් කළේ..ආයි..."

"අනිත් දවසේ නතාශාගේ නම ඔය කටින් පිට උනොත් මරන්නේ හපලමයි...තේරුනාද?"

චාන්‍යාගේ තර්ජනේට කේශව ඇය දිහා බැලුවේ ඇස් දෙකත් හීනි කරලා.

"හපපන් එහෙනම්..එහෙම මැරෙන එකත් සැපක්...නතාශා..නතාශා...නතාශා..."

කේශව ඇයව තව තවත් අවුස්සද්දී චාන්‍යා කිව්වත් වගේම ඔහුගේ ගෙල හැපුවේ කේශවට වේදනා දෙද්දී.ඇයත් එක්කම ඇඳට වැටුනු කේශව චාන්‍යාගේ සපාකෑම නවත්ත ගත්තේ පුදුම අමාරුවකින්.

"මං රිටර්න් එක දුන්නොත් තමුසෙට මීට වඩා රිදෙයි සුදූ..හොඳද?"

ඇයව තම ගතට යට කරන් කේශව කියද්දී චාන්‍යාගේ මුවේ ඇදුනේත් ලස්සන හිනාවක්.ඒ හිනාවේ හැමදෙයක්ම ලියවිලා තිබුනා.ආදරය,සෙනෙහස,නුරාව,අයිති කරගැනීම..හැමදේම.

"මේකි යකෝ.."

කේශවට එහෙම මිමිණෙද්දී නැවතත් ඇගේ ලවන් ඔහුගේ ලවන් අතර හිර උනේ ආදරයත් නුරාවත් කැටි වෙච්ච රාත්‍රියකට අඩිතාලම දමමින්.

-මතු සම්බන්ධයි-

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

හමුවෙමු.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

Continua a leggere

Ti piacerà anche

4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
3.6M 288K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
414 62 10
උසස් ද පහත් ද....මට අදාල නැහැ ........ මොකද ඔයා විතරයි මෙහෙ අධිරාජිණිය වෙන්නේ 🥀 Start date : 07 May 2022 Finished date : ???
757 119 14
නොකියා හිතේ හංගන් ජීවත් වෙද්දි පපුව හත් කඩකට නෙමෙයි හතලිස් නමකඩකටත් වැඩිය ඉරි තලනවා!!...පුන්චි පුන්චි ඉරි තැලීම් හදවත පුරා යද්දි දැනෙන වේදනාව කියාගන්...