මාගේ තුරුලේම දැවටි දැවටි මාගෙන් සමාව අයදිමින් සිටි ඔහු නින්දට වැටුනි.. බොහෝ වේලාවක් ඔහු දෙස බලා සිටි මාද.. ඔහු අසලින්ම සැතපී සිටිද්දිම.. මා හටද නොදැනීම නින්දට ගියෙ ඔහුගේ පියවී තිබෙන දෙනෙත් දෙස බලා සිටිද්දීමය..
"" ආහ්..""
රාත්‍රියේදි තුවාල කරගත් මාගේ අත රිදුම් දෙන්න ගද්දී.. මා හිමිදිරි උදයේම අවදි වී සයනයේ ඉද බලා සිටියේ පෙර දින රාත්‍රියේ වෙයි යින්ග් මාගේ හස්තයට බෙහෙත් තබා ගැට ගැසූ වෙලුම් පටිය දෙසයි..
මාගේ මුවගට ආ සිනහවින්ම මා අසල නිදා සිටින වෙයි යින්ග් දෙස බැලුවේ හිතේ ඇති කර වූ අමුතුම ආකාරයේ හැගීම් ගොන්නකින්..
"" වෙයි යින්ග්..""
ඔහුගේ නලලේ සිට පහලට මාගේ ඇගිල්ලක් ගෙනයන ගමන් මා ඔහුව අවදි කර ගැනීමට උත්සහ කරලූවේ.. අද දින ඔහුව මා වෙයි රාජ්‍යට පිටත් කිරීමට පොරොන්දු වූ බව සිහි ගැන්වුනු නිසා..
''" අධිරජුනි ඔබ රාත්‍රියේ සිට මා අසලද සිටියේ..""
"" හ්ම්..""
එක් වරම මාව දුටු වෙයි යින්ග් සයනයේ කෙලින් වී හිද ගනිමින්.. නොනවත්වා කියවගෙන කියවගෙන ගියෙ මා ඔහු දෙස විසල් වූ දෑසින් බලා සිටියදී..
"" ඔබ ලග රැදෙන්න මා අවසර ගත යුතු නැත.. කිසි වෙකුගෙන්..""
මා හට තියුණු බැලමක් හෙලූ ඔහු සයනයෙන් බැස යාමට සැරසෙද්දී.. මා ඔහුගේ හස්තයෙන් අල්ලා නැවත් වීය.
"" කිමද..""
"" සූදානම් වන්න ඉක්මනින්.. අදම වෙයි රාජ්‍යට පිටවිය යුතුයි ඔබ..""
"" හ්ම්..""
මාගෙන් මිදී ඔහු උඩු සලුවද බිම දමා ස්නානය කරන්නට ගියේය..
"" මුරණ්ඩුයි ඔබ වෙයි යින්ග්..""
සුසුමක් පිට කරමින් මා සිතුවේ ඔහු ගැනයි..
*
*
*
*
*
*
"" ඔබත් අධිරැජිනිය සමග එහි රැදෙන්න වැංජි..""
"" නොහැකී උතුමානනි.. මා හට රාජ සභාවේත් නිම නොවූ බොහෝ වැඩ තිබෙනවා සම්පූර්ණ කිරීමට..""
"" නුබ..""
මුත්තනුවන් සමග තර්ක කරමින් සිටි මාගේ දෙනෙත් යොමු වූයේ.. සුදු වස්ත්‍රයකින් සහ සුදු පැහැතිම සලුවකින් මුහුණ ආවරනය කරන් මා ඉදිරියට පැමිනෙන වෙයි යින්ග් දෙසට..
"" ඔහු ඇත්තෙන්ම සුන්දරයි..""
මාගේ මුවින් ඒ වචන පිටවෙද්දි.. මා සමග කෝපයෙන් සිටි මුත්තනුවන් මාගේ ඉදිරියට පැමිණියා..
"" ඉක්මනින් නැවත පැමිනෙන්න වුක්සියන්..""
මුත්තනුවන්ගේ වදන් අසා සිටි වෙයි යින්ග්.. ඔහුට හිස නවා ආචාර කර මා දෙස අවසානෙදි බැලීය..
මුත්තනුවන් අප දෙදෙනාට ඉඩ දී පිටව යද්දී.. මා වෙයි යින්ග් සමග ඇදුනේ ඉදිරියට නිහඬවමයි..
දෙදෙනාම නොසන්සුන් මෙන්ම ඉතා නිහඬයි.. නමුත් ඇයි අප මෙසේ හැසිරෙන්නේ.. මා ඔහු දෙස හොරැහින් බලද්දී.. ඔහු මා දෙස හොරැහින් බලන්නේ.. අප දෙදෙනාම ඇතුලතින් ඔබ ඉස්සර වෙන්න ඔබ ඉස්සර වෙන ලෙස පවසන අතරයි..
"" මා දැන් පිටව යන්නම්..""
"" ඔබ දැන් පිටව යායුතුයි..""
දෙදෙනාම නිහඬව සිට.. කතා කරේ එකම වේලාවේයි.. දෙදෙනාම මුහුණට මුහුණ බලා සිනා සුනේ.. දෙදෙනාගේ මෙ අමුතු ආකාරයේ චර්යාවට හේතුව නොදැනයි..
ටිකෙන් ටික මාලිගයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ සිටියේ පාලක පාලිකාවන් සහ වෙයි යින්ග්ට තිළිණයක් ලෙස මා දුන් කන්සො අසු සමගයි..
"" අධිරැජිනිය ආරක්ශා කරගැනීමේ වගකීම මා නුබලාට බාර කරනවා..""
"" දිවි තොර වුවත් අප අධිරැජිනිය ආරක්ශා කරනවා අධිරජුනි..""
ආරක්ශකයින් සිව් දෙනාම හිස නවා ඔවුන්ගේ පක්ශ පාතී බව පෙන්වද්දී.. මාගෙ දෙනෙත් තිබුනේ වෙයි යින්ග් අසලමයි..
"" හොදයි දැන් පිටවෙන්න..""
පිටු පසට වෙන්න අත් දෙක බැදගත් මා බලා සිටිද්දීම.. වෙයි යින්ග් අසු පිට නැග හැරී මා දෙස බලද්දී.. ආරක්ශකයින් ද ඔවුන්ගේ අසු පිට නැග්ගේ පාලිකාවද ඔවුන් සමග එක් කරගනිමින්..
වෙයි යින්ග් දෑස් වලින් මා සමග සිනා සෙනවා.. නමුත් ඔහුගේ සිතේ ලොකු දුකක් මට පෙනෙනවා..
ඔවුන් ප්‍රධාන දොරටුවෙන් පිට වී පටු පාර දිගේම නොපෙනී යන තෙක් මා බලා සිටියේ නොයිවසිල්ලෙන් මෙනි..
"" අපත් යමු..""
"" ආහ් අධිරජුනි කුමක්ද පවසන්නේ..""
එක් වරම මා කියූ දෙයින් කලබල ඌ පාලක දෙස මා බලා සිනා සෙද්දී.. පාලකගෙ මූණෙන් මා හට පෙවුනේ ඔහුගේ හිතේ ඇති කුතුහලයයි..
"" සෙන්පති කැදවන්න.. මා යායුතුයි දැන් මාලිගයෙන් පිටතට..""
"" ඔබ තුමා කුමක් කරන්නටද සැරසෙන්නේ අධිරජුනි..""
"" නුබට මා අණ කර දේ පමනක් කරන්න පාලක..""
"" එසේයි අධිරජුනි..""
මාගේ දෑස් දැක බිය වූ පාලක වැටි වැටී ආපිට දිව යන්න ගත්තෙ මා සිනාසී ඔහු දිහා බලා සිටිද්දීමයි..
"" ඔබට මා තනිව යෑමට ඉඩ දෙන්නේ නැහැ වෙයි යින්ග්..""
*
*
*
*
*
*
ඔහුගෙන් දුරස් වෙලා සදහටම යාමට මා සිතුවත්.. ඔහුව මාලිගයේ දමා ආපු එකම මට දැනෙන්නේ ලොකු දුකක්.. නමුත් ඔහුට මන් නැති අඩුව කිසි මොහොතකවත් නොදැනේවී.. එ නිසා මන් කුමකටද නිකරුනේ දුක් වෙන්නේ..
කොයි තරම් මා ඇඬුවත් සැම විටම මාගේ මුරණ්ඩු කම ඉදිරියට පැමින වැංජිට අනුකම්පා නොකර ඔහුට බැන වදිනවා.. ඒ තමයි මගේ සිත.. කිසි දිනෙක පිළිගන් නෑ තමන්ට වරදක් කරපු කිසි කෙනෙක්ව..
වැංජි ගැන සිතමින් සිටි මා අසුගේ කෙහෙරැලි අල්ලමින් වට පිටාව විපරමින් බැලීය.. මා ඉදිරියෙන් යන ආරක්ශකයින් දෙදෙනා සහ පිටුපසින් එන ආරක්ශකයින් දෙදෙනා මාව නේත්‍රා දෙක මෙන් රැකගෙන මේ ගමන ඉදිරියට ඇදුනේ..
"" අධිරැජිනියනි........""
නොසිතූ ලෙස මාගේ එක් පසෙකින් විදගෙන ආ හීයක් මාගේ නාසය ලගින් ගියෙ.. කන්සොද බිය ගන්වමින්..
අසු පිටින් බැස්ස මාව වට කර ගනිමින් ආරක්ශකයින් තම අවි පිටතට ගෙන වට පිටාව හොදින් නිරීක්ෂනය කරේය..
"" ඔබතුමා හොදින්ද..""
"" මා හොදින්..""
පාලිකාව මා දෙස බියෙන් බලාගෙන ප්‍රශ්න කරද්දි.. මාගේ හිතත් එක් මොහොතකට නතර වී ගියා සේ හැගුනේ මා අසලින් ගිය හීය සිහියට එන විටයි..
එක් වරම වෘක්ෂයන් අතරින් අප සිටි තැනට කඩා පහත් වූ ව්‍යාග්‍රයෙක් ආරක්ශකයෙක්ව බිම පෙරලා ගනිද්දී.. මා පාලිකාව සමග කන්සො පිටුපස සැගවුනා..
ආරක්ශකයින් සිව් දෙනාම ව්‍යාග්‍රයා සමග ගැටෙද්දී.. ගැහෙන මාගේ පපුවට අත තබාගෙන මා සිහි කරේ එක් පුද්ගලයෙක් පමනයි මේ මොහොතේ..
"" වැංජි ඔබ කොහෙද..""
ආරක්ශකයින්ගේ කඩුද පසෙකට විසි වී යද්දී.. ඔවුන්ගෙන් මිදී ව්‍යාග්‍රයා මා සිටි දිහාට හැරුනේ එක්ශනයකින්..
පාලිකාව දිව යද්දී වෙනතකට.. මා ව්‍යාග්‍රයාගේ ලා රන් පැහැති දෙනෙත් දිහා බලන් හිටියෙ හීන් දහඩිය දමාගෙනයි..
උල් දත් විරිත්තාගෙන මා අසලට ලන් වූ ඔහුගේ ලේ පිපාසය මා හට හොදොටෝම දැනුනි.. මාගේ අවසානය කියා සිතූ මා දෙනෙත් තදින් වසා ගනිද්දී.. එක් වරම ඇසුනේ ව්‍යාග්‍රයාගේ කෙදුරුම් හඬයි..
දෑස් එකපාරට විවර කර මා බලද්දී.. එක් හීයක් ව්‍යාග්‍රයාගේ මුඛය විදගෙන අනෙක් පසින් මතුවී ඇති අයුරු දුටු විට.. මා වට පිටාව දෙස බැලුවේ.. මා බේරා ගත් පුද්ගලයා කවුරුන්ද යන්නයි..
"" මා නිසා අද ඔබගේ දිවිය රැකුනා..""
අදුරු වෘක්ෂයන් අතරින් මතු වූ ඒ රුව දැක මාගෙ දෑස් විසල් වී ගියා..
හුරුපුරුදු රුවක් උවත් මාගේ මතකයේ ඔහු රැදී නැත.. නමුත් ඔහු මනා පෞරුෂයක් ඇති පුරශයෙකු බව නම් මා හට බැලූ බැල්මට දැක ගන්නට හැකි උනා..
"" ඔබට ස්තූති..""
ඔහුගේ පිටු පසද ආරක්ශකයින් දෙදෙනෙක් සිටියා..ඔහුගේ සේද සලු වලින්ද මට රාජකීය බවක් හැගුනේ.. ඔහුගේ ආරක්ශකයින්ගේද දෙනෙත් මා හටම සම වැදී තිබුනු වග හොදින්ම මට පෙනෙන්නට තිබුනා..
"" හානියක් නැතිද නුබලාට..""
"" නැත අධිරැජිනියනි..""
අපගේ බස් වලට සවන් දුන් නාදුනන පුද්ගලයින් එක් වරම හිස නමා දණ ගසා ගත්තේ මා ඉදිරියේය..
"" අපට කමා කරන්න අධිරැජිනියනි.. ඔබතුමා කවුරුන්ද යන වග දැන සිටියේ නැත..""
"" දණ නවන්න අවශ්‍ය නැත.. දැන් නැගී සිටින්න.. ""
මාගෙ වචන ඇසූ ඔවුන් නැගී සිටියත්.. මා දෙස එක් වරක් වත් බලන්නට සිතුවේවත් නැත ඔවුන්..
"" මෙය මාගෙන් ඔබට..""
මා හට කල උපකාරයට මා ඔහුගේ ප්‍රධානියට මාගේ සේද සලුවෙන් කැබැල්ලක් ඉරා ඔහුගේ අතේ පැලදුවේය..
"" මෙය මට සතුටක් අධිරැජිනියනි..""
දිලිසෙන දෙනෙත් මා වෙත යොමු කර ඔහු ප්‍රීතියෙන් ඉපිලී යද්දි.. මා කන්සොගෙ පිටට නැග ආරක්ශකයින් සමග පිටත් වූයේ ඔවුන්ට සමු දීලයි..
*
*
*
*
*
*
වෙයි යින්ග් පසු පසින්ම ආ මා සහ සෙන්පති සිටියේ වෙහෙසට පත් වීලායි..
"" ඔබ තුමාට අධිරැජිනිය සමග යාමට තිබුනානේ අධිරජුනි.. ඇයි මෙසේ සැගවී යන්නේ..""
""රහසේම ඔහුව රැක ගන්නයි මා හට ඕන කරන්නේ සෙන්පති..""
මාගේ වදන් වල අරුත වැටහුනු සෙන්පති නිහඬ වෙද්දී.. අදුරු වැටී ඇති රාත්‍රියේම මා වෙයි යින්ග් පසු පස හබා ගියේය..
ඔහුට ලන් නොවී රහසේ ආරක්ශා කර ගැනීමටයි මා හට අවශ්‍ය.. ඔහු සමග යාමට තිබුනා එක්වම මේ ගමන.. නමුත් මාලිගයේ තවත් කෙනෙකු මා වෙනුවෙන් බලා සිටිනවා.. ඇයව අත් හැර ඔබ සමග ඒමට නොහැකී වෙයි යින්ග් මා හට.. ඔබගේ සිත බොහෝ සෙයින් රිදවන්නට ඇති මා අද.. නමුත් ඔබ දිනෙක මාගේ සිත වටහා ගනී.. මා මේ සියල්ල සිදු කරේ ඔබ සහ යීශි ගැන සිතායි..
ඔබ මුණ ගැසුනු දා පටන් මා යීශි සමග කායිකව එක් වූයේ නැත වෙයි යින්ග්.. ඒ ඇයිද කියා මා නොදනී.. ඔබ මාගේ දිවියට ආදා පටන්.. යීශිව මට මගෑරෙනවා කියා දැනුනා.. ඔබ මාව වෙනස් කරලා කියා සැවොම මට පවසද්දී වැටහුනේ නැත.. නමුත් අද මට හොදින් වැටහී තිබෙන්නේ.. ඔබ මාව වෙනස්ම කරල වෙයි යින්ග්.. නැතිනම් දරදඬු සිතක් ඇති මා ඔබ හබාගෙන මෙසේ පැමිනෙයිද..
වෙයි මාලිගයේ දොරටුවෙන් වෙයි යින්ග් ආරක්ශකයින් සමග ඇතුල් වන තුරු මා සෙන්පති සමග සැගවී බලා සිටියේය..
ඔවුන්ව දොරටුවෙන් ඇතුලතට ගත් පසුයි මා බර හුස්මක් පිට කර දැමුවේ..
"" අධිරජුනි දැන් අප පිටව යායුතුයි..""
"" සෙන්පති..""
"" කුමක්ද කාරනය අධිරජුනි..""
"" චාඕ කුමකට සැරසෙනවා කියාද ඔබට සිතෙන්නේ..""
"" හොදක් නම් වන්නට බෑ අධිරජුනි.. මා එසේ පැවසුවේ එතුමා අධිරැජිනිය දෙස බලා සිටිය අයුරු මාගෙ සිතට හරි ගියේ නැත..""
මා වෙයි යින්ග් සොයා එද්දී චාඕ සිටියේ වෙයි යින්ග් සමග කතා කරමින්..මා එන්නට පෙර කුමක් හෝ සිදුවී ඇති බවක් වැටහුනේ ඔවුන්ගේ ඉදිරි පිට ව්‍යාග්‍රයෙක් රුධිරය හලාගෙන වැටී සිටියදී..
එසේ නම් චාඕ වෙයි යින්ග්ව අල්ල ගන්නටම ඇටවූ උගුලක් විය හැකී එය.. නමුත් ඔහු කුමකටද මේ සැරසෙන්නේ..
"" මාගේ මවගේ සහ පියාගෙ දිවි ගත් ලෙසට වෙයි යින්ග්ගෙ දිවියට හානියක් වන්නට මා ඉඩ තබන්නේ නැත.. චාඕ කුමකට සැරසුනත් මෙදා පාර මා ඔහුගේ හිස කදින් වෙන් කර දමනවා අනුකම්පා නොකර..""
කෝපයෙන් වියරු වී සිටි මාගේ හස්තයේ තිබූ අසිපත පොඩි කර ගනිමින් සිටි මා දෙස සෙන්පති බලා සිටියේද යම් බියෙකින්..
_S.M.බඩී✍️
චාඕ එන්ටර් උනා එහෙනම්..😒
වෝට් කරන්නෝඕඕඕඕඕඕ