• W i n t e r B e a r • |...

By Moon_Fayre

801 167 76

පොරොන්දු තියෙන්නේ බිදෙන්න... ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න. ගතින් එක තැන නොහිටියත්, වෙන් නොවෙන්නම බැදෙන්න... ✿ W... More

✿ WINTER BEAR✿
♡ Everytime I smile ♡
♡ Can u look at me ♡
♡ Cause I'm blue and gray ♡

♡ Every time I cry ♡

179 37 7
By Moon_Fayre

"ටේ.....!!!!!"

සුදුපාට සැහැල්ලු කලිසමකට සුදුපාටම අත් දිග සිල්ක් කමිසයක් ඇදගෙන උන්නු තරුණයා තමන් එක්කම හිනා වුණේ පඩිපෙළ දිහාවින් ඇහුණු සද්දෙට.

ඒත් ඒක ඇහුණේ නෑ වගේ ඔහු හදමින් උන්නු කෝපි එක දිය කරන්න ගත්තේ බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන.

ඔහුට මේක අලුත් දෙයක් නෙමෙයි..

අවුරුදු ගානක් තිස්සේ ඒ හඩ අහල අහලම ඔහුට දැන් ඒක පුරුදුයි..

ඔහුට දැනුනා කවුරු හරි කුස්සියට ඇතුල් වෙන හැටි.ඒ කෙනාගේ පියවර හෙමි හෙමින් තමන්ගේ පැත්තට එද්දි තරුණයා කෝපි ටික කෝප්ප දෙකකට වක්කරලා කරමින් උන්නු වැඩේ නැවැත්තුවේ හැන්ද පැත්තකින් තියමින්.

ඒත් එක්කම කොහෙන්දෝ මතු වුණු අත් දෙකක් ඔහුගේ ඉණ වටේ එතුණේ උණුසුම් සිරුරක් ඔහුව පිටුපසින් බදාගනිද්දි.

"ඇයි ඔයා මාව තනියෙන් ඇදේ දාලා ආවේ....?"

ගැඹුරු කටහඩකින් හෙමින් මුමුණන ගමන් ඒ සිරුරේ අයිතිකාරයා ඔහුගේ මුහුණ තරුණයාගෙ බෙල්ලේ හන්ගගත්තේ ඔහුගෙන් දැනෙන ස්ට්‍රොබෙරි සුවද සිත් සේ විදින ගමන්.

ඔහු ඒ සුවදට ආසයි..

ඒ සුවද එක්ක එකතු වුණු තරුණයගෙ සුවදට ඔහු ඊටත් වඩා ආසයි.

"මට ඔයාව ඇහැරවන්න හිතුනේ නෑ...."

තරුණයා කිව්වේ ඔහුගේ දැත් මතින් තමන්ගෙ දෑත් තියමින්.

"ඒ උණාට ඔයා නැති වුණාම මාව ඉබේම ඇහැරෙනවා...මට නින්ද යන්නේ ඔයා ලග ඉන්නවානම් විතරයි..."

පිටුපසින් උන්නු කෙනා තරුණයාව තවත් තමන්ගෙ සිරුරට තුරුල් කරගනිමින් කියද්දි ඔහුගේ නිරුවත් පපුවෙන් දැනෙන උණුහුම තරුණයට තවත් දැනෙන්න ගත්තේ ඔහුගේ කම්මුල් රතු වෙද්දි.

"හ්‍යුන්ග්....!!"

තරුණයා කිව්වෙ ඔහුගේ දෑතින් මිදෙන්න උත්සාහ කරමින්.ඒත් ඒකෙන් වුණේ ඔහුගේ ග්‍රහණය තවත් දැඩි වෙන එක විතරයි.

"ම්ම්ම්....?"

ඔහු මිමිණුවේ තරුණයාගේ ගෙලේ තමන්ගේ දෙතොල් තද කරමින්.

"මට යන්න දෙන්න...."

තරුණයා කිව්වෙ ඔහුගේ බෙල්ලට සියුම් කිතියක් දැනෙද්දි.

"ම්හ්..බෑ....!"

ආයෙමත් ඔහු තරුණයව සිපගත්තේ ඔහුගේ හුස්ම තරුණයාගේ සවන්පත්වල වැදෙන විදිහට.තරුණයාගේ කිකිණි හිනා හඩ මුලුතැන්ගෙය පුරා පැතිරිලා ගියේ මිහිරි ගී රාවයක් වගේ.

"ආහ්හ් හෝසෝකී හ්‍යුන්ග්ග්ග්...!!"

මේ වතාවේ නම් තරුණයාට පුලුවන් වුණා ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්න.ඒ දෑත් අතරේම ඔහු අනිත් පැත්තට හැරුණේ පිටුපසින් හිටපු කෙනාගේ කඩවසම් මුහුණ ඔහුගේ ඇස් ඉස්සරහ මතුවෙද්දි.

"ම්ම්ම්ම්ම් කියන්න ටේයෝන් බබී....?"

හෝසෝක් ටේයෝන්ගේ මූණට එබීගෙන කියද්දි ටේයෝන් හිනා වෙවීම ඔහුව බදාගත්තේ හෝසෝක්ගේ මූණෙත් ඉබේම හිනාවක් ඇදෙද්දි.

ටේයොන්ව වැලදගෙනම කවුන්ටරය පැත්තට හැරුණු හෝසෝක් ඒකට හේත්තු වුණෙ ටේයෝන්ගේ නලලින් හාදුවක් තියන ගමන්.

එයා දන්නවා දැන් ඉතින් සෑහෙන්න වෙලාවක් යනකම් ටේයෝන් එයාව අත් අරින්නේ නෑ කියලා.මොකද එයා අත්දැකීමෙන් දන්නවා නැගිටපු ගමන් ටේයොන්ව හොයන් ඇවිත් තුරුල් කරගන්නෙ තමන් උණාට ඊට පස්සේ ඉදන් දවසම වලස් පැටියෙක් වගේ තමන්ට තුරුල් වෙලා ඉන්නේ ටේයෝන් කියලා.

අවුරුදු ගානක් තිස්සේ එයාලගේ ආදරෙ තාමත් ඉස්සෙල්ලා වගේමයි.ඉස්සර දවසක ජන්ග් හොසෝක් කියන වෛද්‍යවරයාට අහම්බෙන් මුණ ගැහුණු කිම් ටේයෝන් කියන ආදරණීය සිත්තරා ජන්ග් ටේයෝන් වුණාට පස්සෙත් ඒ ආදරේ දශමයක්වත් අඩු වුණේ නෑ වැඩි වෙනවා මිසක.

"මං ඔයාට ආදරෙයි....!"

ටේයෝන් හෝසෝක්ගේ හදවත තියෙන තැනින් තොල් තියමින් මුමුණද්දි හෝසොක් ඔහුව තුරුල් කරගත්තේ ඒ මූණේ ආදරණීය හිනාවක් ඇදෙද්දි.

ඒ දෙන්නා ආදරේ කළේ පිස්සුවෙන් වගේ..

දෙවියන්ට පවා ඉරිසියා හිතෙන බැදීමක් එයාලා අතරේ තිබුණේ.

"මාත් ඔයාට මහ හුගක් ආදරෙයි ටේ...!"

හෝසෝක් මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කළේ ටේයෝන්ට..ටේයෝනුත් එහෙමයි..ඒ ආදරේට සම කරන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකේ තව තියෙන්න ඇති කියලා ඔයාලා හිතනවද...?"

ඔයාලා හිතන්නේ නෑ කියලද...

නෑ ඔයා වැරදියි.

මොකද...

"අප්පා......!! පපා......!!!!"

ඇත්තටම ඒ ආදරේට සම කරන්න පුලුවන් තව දෙයක් තිබුනා...



________________________________________

🙃











Moon_Fayre

Continue Reading

You'll Also Like

13.9K 2.7K 15
Apologies Don't mean anything If you keep doing what you are sorry for.... 🤙💞
377K 13.5K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
720M 11.4M 114
Tessa Young is an 18 year old college student with a simple life, excellent grades, and a sweet boyfriend. She always has things planned out ahead of...
1.3M 56.4K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC