එයා එහෙම කියල මගෙන් ඇස් හංගනකොට මං ලොකු හුස්මක් ගත්තෙ එතනින් එහාට අහන්න ඕන දේවල් මෙතන ඉදන් අහන්න බැරි නිසයි.....ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග්ස් උනා එයාව පපුව උඩ තියාගෙනම එයත් එක්කම ටිකක් ඉස්සිලා කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අරන් බැලුවා....
*
*
*
සුරේන් සර්ගෙන්....
"හෙලෝ සර්....."
"කොහෙද ශාන් ඉන්නෙ....?
මං කතා කරන ඒවා මගෙ පපුව උඩ ඉන්න එයාටත් ඇහෙනවා....
"සර් අපි තාම ආපු තැනමයි....."
"ම්ම්...අද මොකක්ද උනේ..."
"සර්...?"
"මං අහන්නෙ ග්‍රීන්ලෑන්ඩ් රෙස්ටුරන්ට් එකේදි මොකක්ද අද උනේ කියලා...? මොකද මං සෝශල් මීඩියා වල දාන හැම ලබ්බම විශ්වාස කරන එකෙක් නෙමෙයි.... මේ පේන දේ නෙමෙයි වෙලා තියෙන්නෙ කියලා මං දන්නවා..."
සර් කියන දේවල් එයාටත් ඇහෙද්දි එයා ඔළුව උස්සලා ආයෙත් මං දිහා බැලුවා...
"සර් මං ඇවිත්ම කියන්නම් මොකක්ද උනෙ කියලා..."
"හරි දරුවො... දෙන්නත් එක්ක පරිස්සමින් එන්න... මං දැන් ඉන්නෙ මහරගම ඔෆිස් එකේ...."
"ම්ම්...අපි එන්නම් සර්... බුදුසරණයි..."
මං කතා කරලා ඉවර වෙද්දිම බෝ මගෙ ෆෝන් එක අතට අරන් කෙලින් වෙලා මොනවද බලන්න ගත්තා.... මං එයාට ලන් වෙලා බැලුවෙ මොකක්ද කියලා.... දැන් ටිකකට කලින් රෙස්ටුරන්ට් එකේ සිද්ධ උන දේ එකෙක් යූ ටියුබ් දාලා තිබුනෙ 'වික්‍රමසිංහ ගාමන්ට් අධිපතිගෙ සෙල්ලක්කාර පුත්‍රයා සමග ඔහුගෙ අලුත්ම පෙම්වතා ' කියලා... ඒක බලන් ඉද්දි එයා අල්ලන් ඉන්න ෆෝන් එක අතට තද වෙනකොට මං ඒ අතින් අල්ලගත්තා....
"හිතන්න එපා... උන් කියන හැමදේම ඇත්ත නෙමෙයි කියලා දන්න මිනිස්සු දන්නවා.... මගෙ මැණික සෙල්ලක්කාරයෙක් නෙමෙයි කියල මං දන්නවා... ඒ ඇති නේද....? අපිට අනිත් උන් හිතන විදිහ වැඩක් නෑ නේද ..?"
මං ඒ ඇස් දිහාම බලන් එහෙම අහනකොට එයා වේදනාවෙන් මං දිහා බලන් හෙමීට ඔළුව හෙල්ලුවා...
"ඒත් එක කතාවක් නම් ඇත්ත... සමහර වෙලාවට මුන් දැනගෙන බොරු දාලා නොදැනෙ ඇත්තත් එළියට දානවා නේද...?"
එයා දැන් එක ඇහිබැමක් උස්සන් ප්‍රශ්නාර්ථයකින් මං දිහා බලන් ඉන්නවා....
"ඇයි බන් මේ මං උබේ පෙම්වතා කියලා තියෙන්නෙ... "
එහෙම කියලා මං හිනා වෙද්දි එයත් හරි ලස්සනනට හිනා උනා.... මට ඕනෙ හැමදාම මේ හිනාවෙන මුහුණ දකින්න...
"මං ලගදි විතරක් මට විතරක් දෙන මේ හිනාවට මං හරි ආදරෙයි බෝබෝ..."
එහෙම කියලා ඒ හිනාවෙන තොල් උඩින් හාදුවක් තියලා අයින් වෙන්න හදනකොට මේකා ආයෙත් මගෙ තොල් වල එල්ලෙන්න හදනවා....
"හා හා ඇති දැන්... ගුටි නොකා එහාට පල... කට කන්නම තමයි බලන් ඉන්නෙ ඕන වෙලාවක...."
"හුහ්..කවුද දන්නැ දුන්නගමන් කාගෙන කාගෙන යන්නෙ...."
"ඉතින් තෝ දෙන්න මොකටද...? දුන්නම කනවා තමයි..."
"අනේ මේ අයියෙ මං ඇත්තටම හිතුවෙ නෑ ඕයී තමුසෙ ඔච්චරටම වල් කියල..."
"ඇයි එහෙම කියන්නෙ...? මං දැන් මොකක්ද කරපු වල්කම..."
"දැන් නෙමෙයි ඊයෙ අනෙ... "
"ඊයේ මොකක්ද....?"
"අයියෝ මොකක්ද අප්පා... මං කිව්වෙ තමුසෙ මගෙ කට කාපු විදිහ...."
"මේ කොල්ලො... උබ මගෙ ෆස්ට් කිස් එකට මේ අපහාස කරන්නෙ.......හහ්"
"අම්මො ෆස්ට් කිස් එක මෙහෙම නම් අනිත් ඒවා හිතාගන්න පුළුවන්... වල් හාවා..."
"ආහ්...දැන් මං වල් ද...? උබ එතකොට එල්ලි එල්ලි මොනවද කරේ...?"
"හරි ඉතින්... ඒත් මං හිතුවෙ ඔයා ගමේ හැදුන හරි තැන්පත් කොල්ලෙක් කියලනෙ... අනිත් එක තමයි මං හිතුව කවදාහරි මම තමයි ටොප් කියලා...."
"ඈහ්හ්.........!!"
යකෝව්...මේකා මාව දැක්කගමන් බොටම් කරාද....? එහෙම කියල එයා හයියෙන් හිනා වෙන්න ගත්තා...
ඒ හිනාව දිහා වශී වෙලා බලන් හිටපු මං ආයෙත් හරි සිහියට ආවෙ එයා මගෙ කම්මුලට දුන්න හාදුවෙන්....
"ඇයි මොකෝ ආ...?"
තාමත් හිනා වෙවී අහන ලස්සන....
"අනේ මේහ්...එහාට පල...මාව තවත් පිස්සු වට්ටන්නෙ නැතුව....
මං ඉක්මනට එයාගෙ ඉන දෙපැත්තෙන් අල්ලගෙන උස්සලා එහා පැත්ත සීට් එකෙන් තියලා එයාගෙ සීට් බෙල්ට් එක දානගමන් ඒ මුහුණට එබුනා....
"ඉතින් මගෙ චූටි මහත්තයා හිතන් ඉන්නෙ තාමත් මාව බොටම් කරන්නද...ම්ම්...?"
මං එහෙම ඇහුවෙ කට කොණකින් හිනා වෙලා අමුතුම කටහඩකින්... එයා ඒකට ගැස්සුනා.... ඕහ්... දැන් මුහුණ රතු වෙනවා... ලැජ්ජ හිතිලා වගෙ කොල්ලට...
"එහෙමද හිතන් ඉන්නෙ මගෙ මැණික... ම්ම්...?
එයා නෑ කියන්න ලැජ්ජාවෙන් ඔළුව දෙපැත්තට හොලවනකොට මට පනින්න ආපු හිනාව තොල් හපාගෙන නවත්තගත්තා....
"තැන්පත් උනාට හෙන නපුරෙක් කියල තේරුනා මාව දැකපු දවසෙම රවපු විදිහට.... නපුරුයි වගේම තැන්පත් කමක් ගෑවිලවත් නෑ කියල දැනගත්තෙ ඊයෙ මගෙ කට කාපු විදිහට...දැන් දන්නවා ගම් වල කොල්ලො හෙන වලත්තයි කියලා..."
එයා එයාගෙ උකුල උඩ තිබුන ඇගිලි දිහා බලන් එහෙම කියනකොට නම් මං හිරකරගෙන හිටපු හිනාව බකස් ගාලා එළියට පැන්නා....
දැන් එයා මං දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා... එයා බලන් ඉන්නකොටම මං හිනා වෙවී කාර් එක රිවස් කරලා පාරට දැම්මෙ සුරේන් සර්ගෙ ඔෆිස් එකට යන්න...
.
.
.
.
.
.
.
"ශාන් වාඩි වෙන්න...චූටි පුතා ඔයත්..."
සර් අපි දෙන්නටම වාඩි වෙන්න කියද්දි අපි දෙන්නා වාඩි වෙනකොට සර් අපි දෙන්නගෙම මුහුණු දිහා හොදට බලනවා මං දැක්කා... ඇයි දන්නෑ... මුහුණෙන් මොනව හරි පේනවද...? මං ශේප් එකේ බෝගෙ මුහුණ බැලුවෙ එයාගෙ වෙනසක් තියේද බලන්න... එයා තොල් දෙක එකට තද කරන් අත දිහා බලන් අතේ ඇගිලි ගණන් කරනවා... පුදුමයි මං ඔය දැක්කමයි මේකා සුරේන් සර් ඉස්සරහ බිම බලන් ඉන්නවා....
"ක්හ්ම්ම්...ශාන් මට කිව්වනම් එතන මොකක්ද උනෙ කියල...?"
සර් උගුර පාදලා එහෙම අහනකොට මං ගැස්සිලා සර් දිහා බැලුවා...
"සර්... මේකයි උනෙ.............................................................................................................................................................................................................................................................................................
බෝ මං නිසා තරහා ගත්තා කියන එක කියන්නෙ නැතුව ටෙහාන් කරපු ගොන්කමක් නිසයි එහෙම උනෙ කියලා සර්ට විස්තරේ කිව්වා... කොහොමත් එතනදි අපි කතා කරපු වචනයක්වත් කාටවත් ඇහුනෙ නැ කියල මට විශ්වාසයි..... මොකද එයා කේන්තියෙන් හැමදේම කිව්වෙ මගෙ පපුවට තුරුල් වෙලා... මං කිව්වෙ එයාගෙ කනට ලන් වෙලා....
මං කියලා ඉවර වෙද්දි මං කියපු හැමදේම ඇත්තද කියලා අහන්න වගේ බැල්මකින් සර් මං දිහා බලන් හිටියා.... මං මුකුත්ම නොකියා බිම බලාගත්තෙ සර්ට අපි ගැන දැන්ම ඇත්ත කියනවද නැද්ද කියල හිතනගමන්.... මොනව උනත් මහා වරදකාරී හැගීමක් හිතට දැනෙද්දි මං ඔළුව ඉස්සුවෙ සර්ට කියනවා කියල හිතාගෙන.... ඒත්,
"මීට වඩා දෙයක් මට දැන්ම දැනගන්න ඕනෙ නැ දරුවො.... මට දැන් තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්....."
මං කියන්නත් කලින් සර් මොකක් හරි දෙයක් තේරුම්ගත්තා වගෙ එහෙම කියද්දි හිතට පොඩි සහනයක් දැනුනත් ඊළග ප්‍රශ්නෙ මොකක්ද කියලා මට හිතාගන්න බැරි උනා.... මෙච්චර වෙලා ඇගිලි දිහා බලන් හිටපු බෝබෝත් ඔළුව උස්සලා සර් දිහා බලනවා මං ඇස් කොනින් දැක්කා...
"ඒ මොකක්ද සර්....."
"දැන් මේ වීඩියෝ එක කීදෙනෙක් දැකලද කියල ඔය දෙන්නම දකින්න ඇතිනෙ... මේක නවත්තන්න බැරි විදිහට පැතිරිලා ඉවරයි... මේ වෙද්දි ශාන්ගෙ අම්මලා මේ ගැන දන්නෙ නැතුව ඇති කියල ශාන්ට හිතෙනවද....? එයාලා මොන විදිහට මේ දේවල් ගැන හිතයිද...? "
දෙයියනේ..... හෙනයක් ගැහුවා වගෙ මට දැනුයි ඒක මතක් උනෙ... අම්මා අප්පච්චි මල්ලි මතක් වෙද්දි මගෙ ඇස් ලොකු උනා... මට ප්‍රශ්නයක් නෑ මං බය නෑ මං මගෙ බෝබෝට ආදරෙයි කියලා ඕන තැනක කියන්න ඕනම කෙනෙක් ඉස්සරහ කියන්න මං බය නෑ... ඒ නිසාමයි මං ඒක දැන් සුරේන් සර්ට උනත් කියන්න හැදුවෙ.... මට ඕනෙ නෑ මගෙ කොල්ලට හොරෙන් ආදරේ කරන්න....ඒත් දෙයියනේ ලෙඩින් ඉන්න අප්පච්චි.... මේ වෙලාවෙ අප්පච්චි මේ ගැන දැනගත්තොත් මොන විදිහට මේ දේ බාරගනියිද කියල මං දන්නෙ නැ.... ඒත් එක්කම මතක් උනෙ මේ ලගදි වෙද මහත්තයා ඇවිත් අප්පච්චිව බලපු වෙලාවක කිව්වලු අප්පච්චිගෙ හදවතෙත් දුර්වලතාවයක් තියෙනවා කියලා... මල්ලි දවස් දෙකකට කලින් කෝල් කරපු වෙලාවේ ඒ ගැන කියද්දි තවත් කල් නොදා සුරේන් සර් කියපු විදිහට ලබන සතියෙම අප්පච්චි කොළඹ ගේන්නත් තීරණය කලේ ඒ නිසයි.....
මම බෝබෝට ආදරේ නොකලනම් මේ දේ විසදන එක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි..... ඒත් ආදරේ කර කර නෑ කියන්න මට බෑ... මට එහෙම කරන්න ඕනෙත් නෑ....සර් උනත් දැනගෙන මාව ගහලා එළියට දැම්මත් මං මගෙ ආදරේ හංගන්නෙ නෑ... ඒත් දෙයියනේ ලෙඩින් ඉන්න මගෙ අප්පච්චි....? මං එයාලව දාලා කොළඹ ආවෙත් අප්පච්චි නිසයි.... ඒ ආවත් මං එයාලා වෙනුවෙන් කරන්න තියෙන වගකීම් මග ඇරියෙ නෑ.... මාසයක් ජීවත් වෙන්න හැමදේම අඩුපාඩුවක් නැතුව සූදානම් කරලයි ආවේ... මගෙ ඔළුව යකාගෙ කම්මලහක් වගේ වෙද්දි මං එතන තිබුන මේසෙට ඔළුව තියාගත්තා....
"ශාන් පුතා.....!"
"අ.නේහ් අයියේ....!!"
සුරේන් සර් නැගිටලා මගෙ ලගට එද්දි එයත් පුටුවෙන් නැගිටලා ඇවිත් මාව අල්ලගත්තා... එයා හඩ හැඩුම්බරව වගේ ඇහෙද්දි මං ඉක්මනට ඔළුව උස්සලා එයා දිහා බැලුවා... ඒ ඇස් වල කදුළු.... මං ආස නෑ එයාව එහෙම දකින්න.... මං ඉක්මනට හිනාවෙලා පුටුවෙන් නැගිට්ටා... ඊටපස්සෙ සුරේන් සර් දිහා බැලුවා....
"ශාන් මං ඔයාගෙ ගෙදර අයත් එක්ක කතා කරන්නද දරුවො... වැරදි වැටහීමක් තියෙනවනම් මට පුළුවන් වෙයි ඒක නැති කරන්න..."
" නෑ සර් එපා.... එයාලා මේක දැකලා මොනව හිතුවත් කමක් නෑ.. මට පුළුවන් මේ ප්‍රශ්නෙ එයාලා එක්ක විසදගන්න...මේක එච්චර දෙයක් නෙමෙයි..."
මං එහෙම කියනගමන් බෝබෝ දිහා හිනා වෙලාම බැලුවා... එයාගෙ ඇස් වල තියෙන්නෙ ලොකු අසරණකමක්... 'ඔයා ඔහොම ඉන්නවට මං ආස නෑ මැණික... මං කවදාවත් ඔයාව අතඅරින්නෙ නෑ......ඔයාව වගේම මගෙ ගෙදර අයවත්....' බෝ දිහා බලන් එහෙම හිතනගමන් මං සුරේන් සර් දිහා බැලුවා.... සර් කේන්තියෙන් බලන් ඉන්නෙ බෝගෙ දිහා....
"යීබෝ....!! තමුන් නිසයි මේ හැමදේම... තමුන් අන්තිමට මේ කොල්ලවත් ප්‍රශ්න ගොඩකට ඇදලා දැම්මා... "
"සර්......!!!"
"ඔයා පැත්තකට වෙලා ඉන්න ශාන්.... මෙයා හැමදාම කරන්නෙ එයාට ඕන දේ... අනිත් මිනිස්සුන්ගෙ හැගීම් ගැන කවදාවත් හිතන්නෙ නෑ... මේකාගෙ හිතුවක්කාරකම නිසයි මේ හැමදේම.....
"සර් ඇති.....!! ප්ලීස් ඔය ඇති.... එයා වැරද්දක් කරේ නෑ.... ප්ලීස් සර් තව මුකුත්ම කියන්න එපා...."
සර් කේන්තියෙන් එයාට කෑගහනකොට මට තවත් දරාගන්න බැරි උනා.... සර් ඉස්සරහ කටවහන් බිම බලන් ඉන්න එයාව මං ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා...
"යන්න....දෙන්නම දැන් ගෙදර යන්න... මං එද්දි රෑ වෙයි...."
මං ඒ වෙලාවෙ කරපු දේට සර් පුදුම උනෙවත් මොනවත් කිව්වෙවත් නෑ...අපිට ගෙදර යන්න විතරක් කියල සර් කැබින් එකෙන් එළියට ගියා... සර් යද්දි මගෙ පපුවට ඔළුව තියන් ඉන්න මගෙ මැණිකගෙ මුහුණ මං අත් දෙකට අරන් එ ඇස් දිහා බැලුවා...එයා අඩනවා....
"ම්..මට.. ස්මා..වෙන්න මගෙ අයියෙ...."
"නෑ මැණික අඩන්න එපා....ප්ලීස් අඩන්න එපා... උබේ කදුළු මාව දුර්වල කරනවා බන්... අඩන්නෙ නැතුව හැමදේටම මං ඔයත් එක්ක ඉන්නවා අයියෙ කියපන්කො...."
එහෙම කියද්දි එයා ආයෙත් අඩාගෙන මට තුරුල් උනා....
"අනේ..හ් මාව අතඅරින්න එපා අයි..යේ...!! මං හුස්ම ග..න්න පටන් ගත්තා විතරයි දෙයියනේ.... ම්..මට ජී..ජීවත් වෙන්න ඕනෙ අයියේ.... ඔයත් එක්ක ජීවත් වෙන්න ඕනෙ දෙයියො.... අනෙ..හ් මාව අත..ආරින්න එපානෙ...."
අනේ එයා අඩනවා...එයා බය වෙලා... මාව නැති වෙයි කියලා එයා බය වෙලා... මගෙ පිස්සු හිතුවක්කාරයා....
"ඒයී පිස්සා... මෙහෙ බලනවා... කෝ මෙහෙ බලනවා... චණ්ඩියා වගේ ගැම්මෙන් හිටියේ උබ මහා හොටු කොල්ලෙක්නෙ බන්..."
මට දුකයි බයයි... මගෙ ලෙඩ අප්පච්චි නිසා...ඒත් මාත් අඩලා දුක් වෙලා අඩන කොල්ලව තවත් අඩවන්න මට ඕනෙ නෑ...මං මැරුනත් එයාගෙ අත අතාරින්නෙ නෑ කියන විශ්වාසය එයාගෙ හිතේ ඇති කරන්න ඕනෙ...
මං එයාව මගෙ පපුවෙන් ඈත් කරලා ඒ මුහුණ දිහා බැලුවා...
"ඊව්...බලනවකො මූණෙ කැත... ඌරු පැටියෙක් වගේ....අඩන එක නවත්තනවා මගෙ පිස්සු ඉස්සා...."
"ම්..මොකා...?? ඉ..ස්සා..??"
"ඔව් තෝ මහා පිස්සු ඉස්සෙක්... ඉස්සගෙ ඔළුවෙ තියෙන්නෙ මොනවද කියල දන්නවනෙ... ඒවා තමයි මේ ඔළු ගෙඩියෙත් තියෙන්නෙ... උබ මාව අතඇරියත් මං අතාරියි කියල කොහොමද හිතුවෙවත්...ආ...? මාව අතාරින්න හිතුවොත් එදාට මං උබවත් මරාගෙනයි මැරෙන්නෙ... අන්න ඒක මතාක තියාගනින්... "
"ඉස්සා කියන්න එපා...මට ඉස්සො ඇලජික්...හුම්...."
"ආ.....ඒකද චූටි මහත්තයා එදා ඉස්සෙක් කෑවේ....?"
එහෙම අහපුගමන් ඔන්න ඇස් ලොකු උනා...
"ම්..මම්..මං .........."
"හා....මම් මම් දැන් යමන්කො ගෙදර.... අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවනෙ වස්තුවේ....යමු යමු...."
ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න එයාගෙ කදුළු පිහිදලා එයාවත් ඇදගෙන සර්ගෙ කැබින් එකෙන් එළියට ආවෙ ගෙදර යන්න...
"ශාන්...! පුළුවන් වෙලාවක මේ ෆයිල්ස් ටිකත් මට චෙක් කරලා දියන් කොල්ලො...."
අපි ඔෆිස් එකෙන් එළියට යද්දිම සර් කොහෙද ඉදන් දුවන් ආවෙ සර්ගෙ සෙකට්‍රි මිස් ඈන් එක්ක...
"අහ් හරි සර්...."
මං එහෙම කියල මිස් ඈන් අතේ තිබුන ෆයිල්ස් ටික මගෙ අතට ගන්නකොට මිස් ඈන් මාත් එක්ක ලස්සනට හිනා උනත් මං යන්තමින් හිනාවෙලා ආයෙත් එන්න හැරුනා... හැරෙනකොටම මං දැක්කෙ බෝබෝ මිස් ඈන් දිහා රවාගෙන බලන් ඉන්නවා... ඒ අත දෙකත් මිටිමොලවන්... මේ කොල්ලට මේ මොනව වෙලාද...? අර අවුරුදු 45ක විතර ඇන්ටි මාත් එක්ක හිනා උන නිසාද...? එහෙම හිතන් මං එයා ඉස්සරහට ගියා....
"බෝබෝ යමුද අපි...?"
"ම්ම්..යමු..."
.
.
.
.
අද දවසෙ සතුට දුක හැමදේම මිශ්‍ර වෙලා හිත අමුතුම හැගීමකින් පිරිලා තියෙද්දි මං ශවර් එක යට ඉදන් පැයක් විතර නෑවා....
සර්ගෙ ඔෆිස් එකේ ඉදන් එනගමන් මගදි දවල්ටත් කෑම කාලා අපි දෙන්නා එක්ක ගල්කිස්සේ බීච් එකට ගියෙ එදා ගිහින් එයාට වැඩි වෙලා ඉන්න බැරි උනා කියල කියවන්න ගත්ත නිසයි...
ඒ ගිහින් එයා පොඩි එකෙක් වගේ බීච් එකේ හැමතැනම දුව දුව සෙල්ලම් කරනවා මං පැත්තකට වෙලා බලන් හිටියෙ හරිම සතුටින්.... අපිට කතා කරන්න විසදගන්න දහසක් දේවල් තිබුනත් එයාම මට කියයිද කියලයි මං මේ ඉවසගෙන බලන් ඉන්නෙ... මං දවසක් දෙකක් බලන් ඉන්න තීරණය කරා.. එයාම හැමදේම මට කියනකන්... කිව්වෙ නැත්නම් ඊටපස්සෙ මගේම ක්‍රමයට මං එයාගෙන් ඒවා අහගන්නම්... මොකද මං එයා ගැන හැමදේම දැනගන්න ඕනෙ එයාව පරිස්සම් කරන්න.... මේ වෙද්දි මට රදීශ් ගැන නම් ප්‍රශ්නයක් නැ... ඒත් ඌ එක්කත් නටපු නැටුම මොකක්ද කියල මං දැනගන්න ඕනෙ...
අපි ගෙදර එද්දි 5ත් පහු වෙලා... බීච් එකේ සෙල්ලම් කරලා එයා මුහුදු වැලි ලුණු වතුර නාලා හිටපු නිසා මහන්සි කියල එයාගෙ කාමරේට යද්දි මාත් කාමරේට ඇවිත් සුරේන් සර් දුන්න ෆයිල්ස් ටික මගෙ කාමරේ ටේබල් එක තියලා කෙලින්ම ගියෙ වොශ්රූම් එකට....
පැයක් විතර නාලා ටවල් එකත් ඉනට ඇදගෙන වොශ්රූම් එකෙන් එළියට එද්දි ඇද උඩ හිටපු කෙනා දැකලා මගෙ ඇස් දෙක උඩ ගියා... මෙයා මොකද මගෙ කාමරේ කරන්නේ.....
*
*
*
*
*
*
*
*
*
නැවත හමුවෙමු.....
𝒵 𝒽 𝒶 𝓎 𝒾 .......🖊️
_______________________________