වසර පහකට පසු....
" මම හිතනවා මම කියපු දේ ඔයාලට පැහැදිලි ඇති කියලා..."
මෙච්චර වෙලා තමන්ගෙ පැහැදිලි කිරීම කරගෙන ගිය ජන්කුක් තමන්ගෙ ස්ටාෆ් එකෙන් ඇහුවෙ එයාලා දිහා පිරික්සුම් සහගත බැල්මක් හෙලන ගමන්.
අද දවසට ජන්කුක් තමන්ගෙ අප්පගෙ බිස්නස් ටික කන්ට්‍රෝල් කරන්න පටන් අරගෙන අවරුදු හතරක් වෙනවා වගේම ඒ දේ ගැන අමතක වුණ ගානට ජන්කුක් තමන්ගේ මීටින් එක හැඬල් කරගෙන ගියා.
ඔෆිස් ඩෝ එක එකපාරට ම ඇරගෙන ඇතුලට ආව කෙනෙක් ජන්කුක් දිහාට හැරිලා ඔරවන්න පටන් ගත්තා
" උයාත මං නැතුව කවුද කීවේ මිතිං කලන්න... හහ්... උයා අලිම මීනි මිස්තල් ජියොන්..."
අවුරුදු හතරක පොඩ්ඩා ජන්කුක් දිහා ඔරවගෙන බලාගෙන ඉද්දි එවෙලෙම රූම් එකට ඔලුව දැම්මෙ තද ඒත් කඩවසම් පෙනුමක් තියෙන කෙනෙක්.
" එක්ස්කියුස් මී මිස්ටර් ජියොන්..."
රූම් එකට ආවෙ ටේහ්‍යුන්ග්.
" මම හිතන්නෙ මේ මීනි පොඩි එකා ඔයාගෙ මීටින්ග් එකට බාධා කරනවා වෙන්න ඇති. මම එයාව අරගෙන යන්නම්කො..."
" අලේ.... මාව අත අලින්නකූ.. පපා.... අලේ..... මාව අත අලින්න කූඌඌඌ"
එහෙම කියපු ටේහ්‍යුන්ග් පොඩ්ඩාව වඩා ගෙන එතනින් යන්න හදද්දි ජන්කුක් ආයෙමත් එයාලා දිහාට හැරිලා කතා කළා.
" ඔයාලා දෙන්නා මෙහෙම එක පාරටම කඩන් පැනලා... අයිම් සොරි කිව්වම හරි කියලද හිතාගෙන ඉන්නේ....? ඔහොම ඉන්නවලා දෙන්නම... "
ජන්කුක් කිව්වහම පුංචි කොලු පැටියා බය වෙලා වගේ ටේහ්‍යුන්ග් ගෙ පැත්තට හැරුණේ තමන්ගෙ දඟ වැඩ හින්දා ජන්කුක් ගෙන් තමන්ගේ පපාට බැණුම් අහන්න වෙයිදෝ වගේ..
" තොලි අලේ... මත බලිල්ල උයා... ඒත් මගේ පපාත විතලක් බලිල්ල එපා.. "
ටේහ්‍යුන්ග් ව දෝතින් ම කවර් කරගෙන පොඩ්ඩා හිට ගනිද්දි ටේහ්‍යුන්ග් බලාගෙන හිටියේ දැන් ජන්කුක් ඇත්තටම තමන්ටයි පොඩ්ඩාටයි මොනා කියයිද කියලා හිතාගෙන.
" ඔයාගෙ පපාව පරිස්සම් කරන්න නම් පැනලා ම එනවා නේද...? "
ජන්කුක් පොඩ්ඩා ගාවට පාත් වෙලා අහද්දි නම් පොඩ්ඩා පණ්ඩිත තාලෙට කියවන්න පටන් ගත්තා.
" ඔව්.. මං මගේ පපාත ආදලෙයි.. එයත් මත ආදලෙයි.. එ නිශා මං එයාව පලිත්තං කලනවා... පපා මාව පලිත්තං කලනවා..."
ජන්කුක් දිහා ටේහ්‍යුන්ග් බලද්දි ටේහ්‍යුන්ග් එක්ක ලස්සනට හිනා වුණ ජන්කුක් බබා ව එයාගෙ අත් දෙකට ගත්තා.
" මිස්තල් මීනී... මාව බිමිල් තියල්ල... මත පපා එක්ක තෙල්ලම් කලල්ල ඕනීඊඊඊ"
බබා කෑ ගහද්දි ටේහ්‍යුන්ග් බබාව නලවන්න කතා කළා.
" ඔහොම කතා කරන්න හොඳ නෑ නෙ බේබි. බලන්න... කෝ පපාට කිස් එකක් දෙන්න.."
ටේහ්‍යුන්ග් කම්මුල් ලං කළහම බබා ටේහ්‍යුන්ග් ට කිස් එකක් දුන්නා.
" එතකොට බබා අප්පාට කිස් එකක් දෙන්නේ නැද්ද..? "
තොලුත් පෙරලගත්ත ජන්කුක් අහනකොට බබා ටක් ගාලා ජන්කුක් ගේ කම්මුලකට කිස් එකක් දීලා හුරතල් තාලෙට හිනා වුණා.
" ඒත් අප්පා... බිනී උයා එක්ක තලායි.. අද තමයි බිනී උයාව සප්ලයිස් කලන්න හිතාන ආවේ... ඒත් උයා බිනීත ලැව්වා.... "
බිනී... එහෙමත් නැත්තම් සූබින් ජියොන් ජන්කුක් වගේම ටේහ්‍යුන්ග් අරගෙන හදා ගන්න ගත්ත පුංචි හා පැටියා. අවුරුදු හතරක් වුණාට පණ්ඩිත කම අතින් නම් සූබින් ට ගහන්න කවුරුත් ම නෑ...
" බිනීට රැව්වා නෙවෙයි.... බිනී තමයි අප්පට රැව්වේ... නරක දරුවා... බොරු කියන්නත් පුරුදු වෙලා..."
ටේහ්‍යුන්ග් බිනී ගේ කනෙන් ඇදලා කියද්දි බිනී බොරුවට ඉකි ගහන්න පටන් ගත්තා.
" අප්පලාත බිනී එක්ක ඉන්න වෙලාවත් නෑ.. අප්පා බිනීත ඔඳ නලක කීලා දීලා නෑනේ."
බිනී කියවන්න පටන් ගත්තෙ ජන්කුක් මේ දරුවා ට මොකවත් ම කියලා දීලා නැත්ද කියලා එයාගෙ ස්ටාෆ් එකේ කට්ටියට දැනෙද්දි.
" ටේ... ඔයා මීටින්ග් එකේ ඉතුරු ටික කරගෙන යන්න. මම මේ බිනී ට හොඳ නරක ටිකක් කියලා දීලා එන්නම්. "
ජන්කුක් ටේහ්‍යුන්ග් දිහාට හැරිලා එහෙම කියද්දි ටේහ්‍යුන්ග් තමන්ගේ හැට් එක ගලවලා දාලා කෝට් එකත් හදාගෙන කන්ෆරන්ස් හෝල් එකේ කෙරුණු මීටින් එකට ලීඩ් එක ගනිද්දි බිනී ට හොඳ නරක කියා දෙන්න කියලා වද කරපු නිසා බිනීව වඩා ගත්ත ජන්කුක් තමන්ගේ ඔෆිස් එකට ගියා.
" මිස්ටර් කිම්... ඔයාලට මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක ගැන කියන්න තියෙන්නේ..? මොකද අපි මේක කරන්න පටන් ගත්තට පස්සෙ ඒකෙන් අපිට හොඳ ප්‍රොෆිට් එකක් වගේම මිනිස්සුන්ට මේ ප්‍රොජෙක්ට් එක නිසා හොඳක් වෙනවා කියන එක විතරයි මට ඕන..."
ටේහ්‍යුන්ග් තමන්ගෙ කතාව ඒ විදිහට ඉවර කරද්දි ඔෆිස් එකේ හිටපු මැදි වියේ මනුස්සයෙක් කතා කළා.
" ඕකේ... අපි එකඟයි. ඒ වගේම මේ ක්‍රමවේදය පොඩ්ඩක් මිල වැඩියි. ඉතින් හයි ක්ලාස් එකට මේ ක්‍රමවේදය ගැලපුණත් කොහොමද මේක මිඩ්ල් ක්ලාස් එකටයි ලෝවර් ක්ලාස් එකේ අයටයිත් ගැලපෙන්නේ."
ටේහ්‍යුන්ග් හරිම ආසාවෙන් රැස්වීම හොඳට මෙහෙයවන හැටි දොරෙන් එළියෙ ඉඳන් බිනී ව වඩාගෙන ජන්කුක් බලාගෙන හිටියා.
" බිනී... ",
" කියල්ල අප්පා.. "
" මොකක්ද ඒ මම හොඳ නරක කියලා දුන්නේ නැහැ කිව්ව කතාව... ".
" ඇත්තලේ අප්පා.. පපා කියලා දීලා තියෙලවා. ඒත් පපා කෑ ගහලවානේ.
මත පැහැදිලි නෑ.."
ජන්කුක් තමන්ගේ ඔෆිස් රූම් එකට ගිහින් බිනී ව උකුලට ගත්තා.
" අහගන්නකෝ...."
ජන්කුක් බිනී තමන් කියලා දෙන්නෙ නෑ කියලා කියපු හොඳ නරක පැහැදිලි කරලා කියලා දෙන වෙලාවෙ, බිනී ඇස් ලොකූ කරගෙන හැම දේම උවමනාවෙන් අහගෙන හිටියා.
" දැන් බිනීට පැහැදිලියි ද..? හොඳ ළමයි කොහොමද ඉන්න ඕන කියලා."
ජන්කුක් අහද්දි බිනී හිනා වුණේ ටේහ්‍යුන්ග් ට ඉවසීමක් නැහැ වගේම තුන් පාරකට වඩා එකම දෙයක් කියන්න ටේහ්‍යුන්ග් කැමතිම නෑ කියන එක ජන්කුක් හොඳටම දන්න නිසා.
" පපාත කේන්ති යල්ලෙ බිනී ඉයාව කේල්ති ගස්සල නිසා... නැත්තම් පපා හලිම ඔඳයි... "
ටේහ්‍යුන්ග් ව අවුස්සගෙන ආතල් එකට බැනුම් අහන එක බිනී දැනටමත් කළා වුණත් ටේහ්‍යුන්ග් ට ඒ විදිහට කේන්ති ගස්සවන්න එපා කියලා බිනීට පැහැදිලි කරලා කියද්දි බිනී හරිම සතුටින් ජන්කුක් ගේ කරේ එල්ලුණා.
ඒ වෙලාවේ ජන්කුක් ගෙ ඔෆිස් රූම් එක දොරට තල්ලුවක් දාගෙන ඇතුලට ආවෙ ජිමින්. එයාලගෙ චූටි දුව ජෙනී ව දැක්ක ගමන් බිනී කතා කළා.
" ගුම් ආප්තලූන් මිනී අන්තල්... හායි ජෙනී.."
ජිමින් නම් හිටියෙ ආවේස වෙලා වගේ.
" ඕකේ බිනී.."
කියන ගමන් ජෙනී ගෙ අත අතහැරිය ජිමින් ජන්කුක් ඉස්සරහ වාඩි වුණේ ඔෆිස් චෙයා එකක් පස්සට ඇදගෙන.
" අර යුන්ගි හ්‍යුන්ග් කියන මිනිහා කොහෙද...?"
" එච්. ආර් ඩිපාට්මන්ට් එකේ මැනේජර් ගේ ඔෆිස් එකේ... "
ජන්කුක් බිනී ව බිමින් තියන ගමන් කිව්වේ හිනා වෙලා.
" බීනී.. ජෙනී එක්ක ප්ලේ රූම් එකට ගිහින් සෙල්ලම් කරන්න.." කියපු ජන්කුක් හැරුණේ ජිමින් දිහාවට.
" ඇයි මොකක්ද කාරණාව. "
" අයි මීන් ජන්කුක්, ඇක්ෂුවලි මනුස්සයෙක් ට තමන් වෙඩින් එකක් ගත්තහම, මැරේජ් එකක් කර ගත්තහම එක ස්පෙෂල් ඩේ එකක් නේ. නේද..?
ඇත්තටම ඒ ඩේට් එක මතක තියාගත්තා කියලා මේ මෑන් ට තන්ඩර් ස්ට්‍රෝම් එකක් ගහන්නෙ නැහැනේ නේද. ඒත් ඒ මනුස්සයට අද අපේ වෙඩින්ග් එක වෙලා ඇත්තටම ෆයිව් ඉයර්ස් වෙනවා කියලා වත් මතක නැහැ. වට් කැන් අයි ඩූ ජන්කුක්..? මේ මිනිහා කවදාකවත් හැදෙන මිනිහෙක් නෙවෙයි. නෙවර්... "
ජිමින් කියද්දි ජන්කුක් හිනා වුණා.
" ඕක අමතක වෙන එක සාධාරණයි. මිනිහට ඔයාව මැරි කරන්න කලින් ප්‍රපෝස් කරන්න විදියක් හිතා ගන්නවත් බැරිව ඉන්න වෙලාවෙ, මගෙන් තමයි යුන්ගී මස්සිනා ප්‍රපෝස් කරන්න අලුත් අයිඩියා එකක් ඉල්ල ගත්තේ.
මට ඒකෙ ණය ගෙවන්නම් කිව්වට තාමත් මිනිහා මට මිනිහගෙ ගානේ එක වේලක් වත් කන්න අරන් දිලා නෑ... "
ජන්කුක් කියද්දී ජිමින් ඇස් ලොකු කරගෙන අත මිටි කරලා මේසෙට එකක් ගැහුවා.
" ඒ කියන්නේ මේ ඉඩියට් ඒකවත් තමන්ගේ මයින්ඩ් එක යූස් කරලා නෙවෙයි කරලා තියෙන්නේ. දැන් තමයි මට තේරෙන්නේ අපේ මම් මට මොකද මේ මෑන් ව බඳින්න එපා කියලා වෝන් කළේ කියලා.
දැනුත් මන් කියන්නම් ජන්කුක්... කොහේ හරි කණුවකට හේත්තු වෙලා මෑන් ස්ලීපින් වෙන්න ඇති. එහෙම නොවුණොත් මගේ නේම් එක ජිමින් නෙවෙයි.
මේ කොකනට් ඩොන්කි නිසා මගේ ලයිෆ් එකම ඕවර් වෙලා.. "
ජිමින් ජෙනී එක්කම බිනී වත් අරගෙන ගියේ ඒ දෙන්නව යුන්ජි ට බාර දීලා යුන්ගී ව හොයාගෙන යන්න.
🔸
ජන්කුක් ඔෆිස් එකේ තියෙන වීදුරු ජනේලයෙන් එලිය බලාගෙන හිටියේ සාක්කුවට අත්දෙක දාගෙන.
ජන්කුක් ගෙ ඉන වටේ මොහොතකින් අත් දෙකක් එතිලා ජන්කුක් ව බදා ගනිද්දි ජන්කුක් අනිත් පැත්ත හැරුණා.
" මම දන්නවා ඒ ඔයා කියලා බේබි."
ජන්කුක් කාව්වහම හිනා වුණ ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ අතින් ඇදගෙන ඔෆිස් එකෙන් එලියට දුවන්න පටන් ගත්තෙ හරියට පොඩි කෙනෙක් වගේ.
" කොහෙද බේබි මේ දුවන්නෙ.."
" සප්‍රයිස් එකක් අනේ.."
ටේහ්‍යුන්ග් එහෙම කියලා කා එක ඇතුලට ජන්කුක් ව තල්ලු කලේ එයා ඩ්‍රයිවින් සීට් එකට එන්න කලින්.
" කොහෙද මේ යන්නෙ අපි.."
ටේහ්‍යුන්ග් අන්තිමට කා එක ගෙනිහින් නතර කළේ එයාලගේ කොලේජ් එක ගාව.
" අපේ මතක පටන් ගත්ත තැන..."
ටේහ්‍යුන්ග් කියද්දි ටේහ්‍යුන්ග් ගේ අත අල්ලගත්ත ජන්කුක් කොලේජ් එක ඇතුලට ඇවිදගෙන ගියා. ශිෂ්‍යයන් විදිහට නැතිව දැන් ආයෝජකයන් විදිහට ගියත්.... මේ තැන ඒ දෙන්නට ම හරිම ආදරණීය වුණා.
" අපි ආයෙමත් ආවා.."
ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ කටහඬ වල් එක්ක තවත් කටහඬවල් දෙකක් කියනවා ඇහුණා.
යුන්මිනුත් ඇවිත්. ටේහ්‍යුන්ග් වගේම යුන්ගී එයාලගෙ පස්වෙනි සංවත්සරය පාසලේ ගත කරන්න තමන්ගෙ ආදරණීය හස්බන්ඩ් ට සප්‍රයිස් එකක් දෙන්න අමතක කළේ නෑ..
මල් වැටුණු පාසල් මාවත දිගේ ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ අතේ එල්ලිලා වගේම ජිමින් යුන්ගිගේ අතේ එල්ලිලා ඉස්සරහට ඇවිදගෙන ගියා. ඔවුන් තවත් ආදරයෙන් ඉදිරියට ම ඇවිද යාවි. මාවත මලින් සැරසුනු එකක් වුණත් නැතත්...
නිමි....
ආයෙමත් මේ කතාවේ අප්ඩේට් නෑ ස්වීටීස්..
ඔයාලා අනේ මේකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්නකො...
වෝට් නැතත් කමක් නෑ...