STILL WITH YOU | JJK AU | ✔️

By A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... More

prologue
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

01.01.2023

473 71 16
By A_Shee1

යාන්තමින් සඳ එළිය වැටීගෙන ආවා වුව ද ඒ සවස් කාලයේ ආරම්භය නම් නොවී ය. වෙලාව රාත්‍රී දහයත් පසුව තිබුණි. සමහර විට ඒ අමාවක රාත්‍රියක් වන්නට ඇත. මුලු දවසම කාර්'යයබහුලව සිටි නුගේගොඩ ප්‍රධාන වීදියට හැරෙන අතුරු මාර්'ග ගොන්න ඒ වන විට විවේක ගන්නාක් බව පෙනිණි. එහෙන් මෙහෙන් රැහැයියකු කෑ මොර දෙන්නට උත්සාහ කලද ඒ කොළබ කියමින් ආඩම්බරකම් පෙන්නන්නට මෙන් සුඛෝපබෝගී නිවෙස් තුළ සිටි බල්ලන් උඩු බුරලන්නට වූ නිසා රැහැයි හඩ යටපත් ව ගියේ ය.

ලාවට වැටෙමින් තිබුන පොද වැස්ස නුගේගොඩ උණුසුමට ඇත්තෙන්ම ආගන්තුක විය. නමුත් දෛවය එම උණුසුමට බය වූ බවක් නම් පෙනෙන්න තිබුණේ නැත.

' " සීතලයි.."

" වැස්ස නිසා ද එහෙමත් නැත්නම් අසනීපයක් නිසා ද..?"

~~~~~~~~~~

අදටත් මේ තරම් ආදරයක් හිමි වන මගේ "තවමත් ඔබ සමඟ" කතාංගය මෘදු පිටපතක් ලෙස එළි දක්වා මෙතරම් කාලයක් ගතව ගොස් ඇතැයි මා අදටත් පිළිගන්නේ නැත. නමුත් ඇත්ත එයයි. මම ඔබ, අවුරුදු ගණනකින් වසය ගිහින් ය. එතරම් කාලයක් ගතව තිබියදීත් මා පණ මෙන් ආදරය කරන නවකතා රචනයෙන් ඉදිරියට පියවරක් තබන්නට නොහැකි වීම ගැන මම පසුතැවෙමි. ඊටත් වඩා දුක ය. නමුත් අප තවමත් යැපෙන්නන් ය.

'ජොන් සේහි' අදටත් මතක් නොවන මොහොතක් නැත. Still With You ගීතය ට මා සවන් දුන් මුල්ම අවස්ථාව මට සිහිවේ. බී.ටී.එස්. හි බාලම සාමාජිකයා ජොන් ජන්කුක් යනු මම ඉන් බයම සාමාජිකයාය. නමුත් ඔහුගේ කටහඩ.. එය ආගමක් ලෙස ඇදහිය යුතු ය. මෙම මුලු කතාවටම මුල් වුණේ ඔහු සහ ඔහුගේ කටහඩ ය. ඒත් සමග Still with you ගීතයයි.

මෙම ගීතයට විවිධ වූ විවරණ ඇති අතර ජන්කුක් ජොන් විසින්ම මෙයට දුන් විවරණයක් ද ඇත. නමුත් මම එය මට උචිත ලෙසින් වෙනස් කර ගතිමි. සේහිට මා අසාදාරණයක් කළෙමි. මම අද ද එය නොපැකිළිවම පිළි ගනිමි. නමුත් "ජොන් සේහි" අදටත් ඔබට මතක යැයි මම සිතමි. අනිත් කෘති වල මා මාවම චරිතයක් කර ගත්තද මෙහි මා චරිතයක් වූයේ නැත. මම ලේඛිකාවගේ චරිතයම රඟපෑවෙමි. නමුත් තේහ්‍යුන් කිම්, මම මගේ උපරිමය ඔහු වෙනුවෙන් ලිවුවෙමි. මා ඒ ගැන ආඩම්බර විය යුතු ද? නැත.. ඔහු ද දුක්කාන්තයකි..

මම මෙම කෘතිය ගැන යමක් සඳහන් කළ යුතුව ඇත. මෙහි "ජොන් සේහි" යනු ආදේශක නාමයක් පමණි, නූර්'යා, සෞම්‍ය සූරියබණ්ඩාර වැනි චරිත ඔබ අදද හඳුනන්නේ නැත. එය ඔබේ වරදක් නොවේ..

මා කතා ලියන්නට පටන් ගත්තේ යන්තමින් අවුරුදු නවයක්, දහයක් වන තැනදී ය. නමුත් සම්පූර්'ණ කළා යැයි එකඳු කතාවක්වක්වත් මට තිබුනේ නැත. තිබුණේ ආසාව පමණි. ඉදිරි ගමනක් සිතුවේ නැත. ඒත් තාක්ශණය ළං වූවාට පසු මම ලෝකයට එබී බැලුවෙමි. එකල මා දැන සිටියේ ගූගල් ගිහින් 'flowers' කියා search කරන්නට විතර ය. නමුත් අවුරුදු හත අට වෙද්දී මා word doc වල නොදැන සිටි දෙයක් නැති තරම් ය. කුඩා කල බලාගෙන ටයිප් කල පිටු දහස් ගණන් අදටත් පරන pc එකෙන් සොයා ගත හැකි ය. ඉතින් මා අද සිනාසෙමි. අහිංස සහ දෙව්ලිගේ නවකතාව ඔබ තවමත් දන්නේ නැත.

ඊට පැහැදිලි හේතුවක් තිබුණ බව සඳහන් කළ යුතුමය. මා රචනා කර නිම කරන ලද පොත් එළි දැක්වීමට මට උවමනා විය. නමුත් මට කිසිඳු ක්‍රමයක් නොවීය. 'අනිත් අය මගේ කතාව කියෙව්වොත්!!' මම ඒ ගැන සිතමින් ඒ කල සිහින දැක්කෙමි. තනිව සිනාසුනෙමි. මුහුණු පොතෙහි රචනා වූ ෆෑන් ෆික්ශන් ද, වොට්පෑඩ් ද මට හමුවන්නේ එකලය. ඇත්තෙන්ම ඒ කල නව කතා වලට වඩා රසික ප්‍රබන්ධ වලට සෑහෙන්න ප්‍රතිචාර තිබුනි. A.R.M.Y. රසිකයෙක් විදිහට මගේ සැලසුම් සියල්ල වෙනස් වන්නේ එවිට ය.

රචනා කල පොත් බොහොමයක නම් වෙනස් වෙමින්, සිංහල වදන් ඉංග්‍රීසියට සහ කොරියානු භාශාවට පරිවර්'තනය වෙමින් තේහ්‍යුන්, ජන්කුක්, ජිමින් සමහ එළි බසින්නේ ය. ලැබුණු ප්‍රතිචාර ගැන අදටත් පුදුම සිතේ. Still with you අදටත් මා කළ හොඳම නිර්'මාණයක් බව මගේ හෘද සාක්ශිය කියයි.

නමුත් සත්‍ය එය නොවන බව ඔබද මාද දැන ගත යුතු කල එලඹී ඇත. ඒ සිටියේ "ජොන් ජන්කුක්" නොව තවත් සූරියබණ්ඩාර කෙනෙකි. ඒ "සේහි" නොව, "නූර්'යා පතිරණ" ය. නැවත කියවද්දී අඩුපාඩු සෑදීමට වෙලාවක් නොවුණද ඒ භාශා විලාසය වෙනස් වි යුතු ය. මගේ ජීවිතය ඇරඹුනේ සිංහල නවකතාවෙන් ය. එබැවින් ඒවායේ අත් පිටපත් අවස්ථාවක් ලැබෙන තුරු තවමත් මා ලඟ සුරක්ශිතව ඇති බව කිව යුතුය.

සමහර විට සෝල් වලින් අවසාන කළ ඒ ආදර කතාව දිනක නුගේගොඩින් එළිබැසීමට ද පුලුවන. ඉදින් මා සිනාසෙමි. මා ලිවූ පොතක් ගෙදර එක් අයකු හෝ කියවා නැත. ෆෑන් ෆික්ශන් ඔවුන් විකාර ලෙස දකින එක සාදාරණ යැයි සිතමි. මන් ද ගෙදර සිටින් කොරියන්, ජැපනීස්, තායි චයිනීස් පිස්සා මම ය. ඔබට අයිති නැති තැන ඔබ මෝඩයා වන එක සාමාන්‍ය ය..

ආදර කතා ලෝකයේ එමට ය. නමුත් අදටත් මගේම අසාර්'ථක වූ ආදර කතාවටත් වඩා "තවමත් ඔබ සමඟ" කෘතියේ ආදර කතාවට මම ආදරය කරමි.

ඉතින්.. නූර්'යා ද දිනෙක එළි බැසිය යුතු බව ඔබ සිතනවා ද..?

ඇත්තටම ඔයාලාගෙ ලස්සන වචන නැතුව මට පාලුයි. "තවමත් ඔබ සමඟ" රචනා කළ කාලය මගේ හොඳම පාඨකයන් මා සමඟ සිටි කාලය වන්නට ඇත..

ආපසු හැරී බැලීම අවසන්..! හැමදාමත් ආදරයෙන්..



A_Shee1.official 010123

Continue Reading

You'll Also Like

56.1K 9.9K 47
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
1.7K 343 8
කලු සුදු කඩදාසි වන් ජීවිත පාට පාටින් වර්ණ ගන්වන සෑම මිතුරියකටම ආදරයෙන් මෙය අකුරු කලෙමි ❤️
28.8K 4.6K 13
Completed " ආයිශ්... මං මොනාද මේ කරගත්තේ... ඒකත් මං අදුරන්නෙත් නැති මනුස්සයෙක් එක්ක.. කමක් නෑ.. ආයෙමත් මට ඒ කෙනාව හම්බෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැති...
6.7K 1.4K 15
Don't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01