ටේහ්‍යුන්ග් ගේ ඇතුලට යද්දි දැක්කේ ජින් ගෙදර තිබුන ප්ලාස්ටික් මල් පොකුරු ටිකක් දූවිලි ගසන ගමන් මල් පෝච්චි වලට දාන හැටි.
" ඔහ්... ටේ බෙයා... ඔයා ආවද..?"
ජින් හිනා වෙලා අහද්දි අද උදේ සේරම දේවල් වෙනකම් තමන් එක්ක වචනයක් වත් කතා නොකරපු තමන්ගේ ඔම්මා තමන් එක්ක කතා කරපු සතුට ට ටේහ්‍යුන්ග් හිනා වුණා.
" මොකද ටේ මග ඉන්නේ.. දොරකඩ ඉන්නෙ නැතිව ඇතුලට එන්න"
ඒත් ටේහ්‍යුන්ග් ට එක පාරටම බයක් දැනුණා. උදේ තරහ වෙලා හිටපු ඔම්මා එක පාරටම තමන් එක්ක හොඳට කතා කරපු නිසා සතුටක් ටේහ්‍යුන්ග් ට ආවත්, ඒ එක්කම බයකුත් ටේහ්‍යුන්ග් ට දැනුණා.
" මට යුන්ගී ගෙදර ආව ගමන් ම කිව්වා.. එයාට ජිමින් කිව්වලු ඔයාගේ මැත් පේපර් එකට ලකුණු හැටක් තියෙනවා කියලා.."
ජින් ටේහ්‍යුන්ග් ගේ උරහිස් දෙකෙන් අල්ලලා ටේහ්‍යුන්ග් ව සෝෆා එකේ වාඩි කරලා අනිත් පැත්ත හැරෙද්දි එයා දැක්කේ ජන්කුක් ව.
" අනේ දෙවියනේ.."
ටේහ්‍යුන්ග් මුමුණද්දි ජන්කුක් ගාවට ජින් ඇවිදගෙන ගියේ කලින් තිබුණ හිනාව එක්කමයි.
" මං හිතන්නේ ඔයා තමයි එයාට මැත් ඉගැන්නුවේ.. ඇතුලට එන්න. ඇවිත් වාඩි වෙන්න... මම බොන්න මොනවා හරි අරන් එන්නම්..."
ජින් ගෙ මේ හදිසි වෙනස ගැන දැකගන්න ලැබුණු ටේහ්‍යුන්ග් කට ඇරගෙන බලා ඉද්දි ජන්කුක් ව අතින් අල්ලගෙන ගේ ඇතුලට එක්කගෙන ආව ජින් ටේ වාඩි වුණ සෝෆා එකෙන් ම ජන්කුක් ව ත් ඉන්දවලා කුස්සියට ගියේ කූල් ඩ්‍රින්ක්ස් දෙකක් අරගෙන එන්න.
" ජන්කුක්.. මේ මොකක්ද මේ වෙන්නෙ..? මම හිතන්නේ අපේ ඔම්මගේ ඔලුව කොහේ හරි වැදිලද කියලා."
ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ කනට කිට්ටු කරලා මුමුණද්දි ජන්කුක් හිනාවුණෙත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි තාලෙට.
මොහොතක් ගත වෙනකොට කුස්සියේ ඉඳන් ආව ජින් ටේහ්‍යුන්ග් ගෙයි, ජන්කුක් ගෙයි අතේ කූල් ඩ්‍රින්ක්ස් වීදුරු දෙකක් තියලා ඉස්සරහ සෝෆා එකෙන් වාඩි වුණා.
" ඇත්තටම මට සමාවෙන්න ටේ බෙයා. මම ඔයා එක්ක අමනාප වෙලා හිටියට. මගේ බේබි තනියම තමන්ගේ දේවල් කර ගන්න දන්නවා දැන්...
එයා ලොකුයි දැන්.. හොඳ නරක හරියට තේරුම් ගන්න පුළුවන් දැන්.. ජන් ඔයාට ගොඩක් පිං.. මගේ දරුවට මේ වගේ හොඳ හිතක් තෑගි කළාට."
ජන්කුක් දිහා බලාගෙන ජින් කියද්දි ටේහ්‍යුන්ග් සම්පූර්ණයෙන්ම අන්දොස් වෙලා ජන්කුක් දිහාට යි ජින් දිහාවටයි මාරුවෙන් මාරුවට බලද්දි ජින් ආයෙමත් කතා කළා.
" මං කවදාවත් දුප්පත් පොහොසත් කියලා බේද කරපු කෙනෙක් නෙවෙයි පුතේ. ඒත් ඔයා එහෙම කළා නේද..? මේ ජන්කුක් නිකන්ම කෙනෙක් නෙවෙයි. එයාව තමයි මම ඔයාට මැරේජ් ප්‍රපෝසල් එකක් කරපු යුන්ජි ගේ පුතා."
ටේහ්‍යුන්ග් ඇස් අදහගන්න බැරිව ජන්කුක් දිහා බලද්දි ටේහ්‍යුන්ග් වෙලා අහගෙන හිටියේ එයාගෙ නිල් ඇස් දෙක බෝල කරලා ජින් දිහා වගේම ජන්කුක් දිහාත් බලන ගමන්.
" වට්.. ඒ කියන්නේ... මේ සේරම.. සේරම.. හැමදේම.. රඟපෑමක් විතරයි. "
ටේහ්‍යුන්ග් කියාගත්තේ බොහොම හෙමින්. එයා කියද්දි ඇස් වල කඳුළු පිරුණේ බොහොම බයෙන් හිටියා වගේ.
" ඒ කියන්නේ ඔහේ ජන්කුක්..... කරන්න පුළුවන් හැමදේම කරලා ඉවරවෙලා තමුසෙ... තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි... තමුසෙ හිතුවේ නැද්ද නිකමටවත් තමුසෙ ගෙ මේ රඟපෑම හෙලි වුණ දවසට මම තමුසෙ එක්ක තරහ වෙයි කියලා..
ජන් කියලා නේද කිව්වේ... ඒ කියන්නේ තමුසෙ මෙච්චර කාලයක්.. මෙච්චර කාලයක් තිස්සේ මාව රැවැට්ටුවා.. මගේ හිතේ ඔහේ ගැන තිබ්බ ආදරේ ඉවරයි කියලා හිතා ගන්නවා. බූරුවා. "
කූල් ඩ්‍රින්ක් එක මේසෙ උඩින් තියපු ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ කනටත් එකක් ගහලා අඬාගෙන උඩ තට්ටුව ට දුවලා ගිහින් දොර ඩාල් ගහලා වහ ගත්ත සද්දෙ ඇහුණේ එක පාරටම.
" එයා එහෙම කරයි කියලා මම හිතුවෙ නෑ ජන් පුතේ. මම කලබල වෙලා හැමදේම කියලා දැම්මද..? "
ජින් ඇහුවෙ තමන් ජන්කුක් ගේ හිතේ තිබ්බ ප්ලෑන කඩා කප්පල් කරලා දැම්මද කියලා හිතා ගන්නවත් බැරිව. ඒත් එයාට එක දෙයක් ස්ථීර වුණා. තවත් නම් ටේහ්‍යුන්ග් ගෙ හිත රිදෙන විදිහෙ රඟපෑම් කරන්න බෑ කියන එක එයා තීරණය කළා.
" දැන් ඉතින් මොනවා කියලා කරන්නද අංකල්. මම එයාට කතා කරන්නද..."
ජන්කුක් හුස්මක් පිට දාලා ටේහ්‍යුන්ග් ගෙ කාමරේ දිහා බලලා අහද්දි ජින් එයාට යන්න කිව්වේ කොච්චර නම් අහංකාර කබ පෙන්නලා තරහ වෙලා හිටියා වුණත් ටේහ්‍යුන්ග් ජන්කුක් ට පුරාම ආදරේ බව එයාම දන්න නිසා.
" යන්න.. "
ජින් හිනා වෙන්නද කියලා හිතාගන්න බැරිව ටේහ්‍යුන්ග් මේසෙ උඩ තිබ්බ වීදුරුවයි ජන්කුක් ගෙ අතේ තිබුණ වීදුරුවයි අරගෙන කුස්සියට ගියා. ඒත් ටේහ්‍යුන්ග් ජන්කුක් ට ගහපු කනේ පාර ගැන ජින් ට දැනුණේ වරදකාරි බවක්.
තමන් ඒ සේරම කරුණු එක පාරටම පිට දුන්නා කියලා දැනගත්ත ගමන් ටේහ්‍යුන්ග් ගෙන් ජන්කුක් කාපු පහර ජින් ට දුකක් ගෙනාවේ දැනටමත් ජන්කුක් ගේ පිම්බුණ බෝල කම්මුලේ ඇඟිලි පාර හිටලා තිබුණ නිසා.
ටේහ්‍යුන්ග් ගේ කාමරේ ගාවට ගිය ජන්කුක් දොරට තට්ටු කළා.
" ටේ... බෙයා.."
" යනවා යන්න දුෂ්ටයා.. නපුරු මිනිහාආආආආආ.."
ටේහ්‍යුන්ග් කොට්ට වලින් ඇඳට ගහන ගමන් වහපු දොරෙන් දීපු උත්තරේ ට ජන්කුක් ට දුක හිතුණේ නැත්තෙමත් නැහැ.
" අහන්නකො බෙයාර්..."
" යනවා යන්න... මම ඔහෙගෙ බෙයා නෙවයි.. යනවා.. බොරුකාරයා.. රැවටිලිකාරයා.... වංචාකාරයා... "
වහපු දොරට එහා පැත්තෙ ඉඳන් ටේහ්‍යුන්ග් කෑ ගහද්දි ජන්කුක් ට තේරුම් ගියා ටේ තමන් ගැන හිතාගෙන ඉන්නේ තමන් එයාගෙ ආදරේ ට වංචා කළා කියලා තේරුම් අරගෙන .
" අහන්න බෙයා..."
" නෑ නෑ නෑ... කවුරුත් මට ආදරේ නෑ.. හැමෝම එකතු වෙලා මාව විහිලුවකට ගත්තා එහෙනම්. ඔහේ මහ චීප්... යනවා යන්න... ඔහෙගෙයි මගෙයි සම්බන්දෙ මේ දැන් ඉඳන් ඉවරයි. මේ දැන් ඉඳන්....
මම ඔහේව දන්නෙත් නැහැ.. ඔහේ මාව දන්නෙත් නෑ... අපි අඳුනන්න්නෙත් නෑ.. ආයෙ බෙයා බෙයා ගාගෙන ආවොත් මම ඔහෙව හම ගහනවා. "
ටේහ්‍යුන්ග් ට දැන් මොකවත් කියලා තේරුම් කරන්න බැරි බව තේරුම් අරගත්ත ජන්කුක් එයාට කාලය දෙන්න හිතාගෙන කියන්න ගිය දේ කියන්නෙත් නැතිව ආපහු පහලට එද්දි කාමරේ ඉඳන් ඔලුව කස කස පහලට ආව යුන්ගී ජන්කුක් ව දැකලා එයා ගාවට ගියා.
" කුක්... මොකෝ බං මේ මූණෙන් පැත්තක් රතු වෙලා..."
ජන්කුක් ගෙ කම්මුලට අත තියන ගමන් යුන්ගී අහද්දි ජන්කුක් දුකෙන් හිනා වුණා.
" ජින් අංකල් ටේහ්‍යුන්ග් ට ඇත්ත කිව්වා. එයා දැන් හිතාගෙන ඉන්නේ මම එයාගෙ හැඟීම් එක්ක සෙල්ලම් කළා කියලා. මාත් එක්ක තරහ වෙලා...
බොරුකාරයා.. වංචාකාරයා.. රැවටිලිකාරයා කිය කිය මට බනිනවා."
ජන්කුක් කියපු වෙලේ යුන්ගි පඩිපෙළේ කියලා නොබලා ම බඩ අල්ලාගෙන හිනා වෙන්න පටන් ගත්තෙ අසරණ ජන්කුක් මොකට මේක යුන්ගී ට කිව්වද කියලා හිතාගෙන පඩිපෙළේ පහළට බහිද්දී.
" ඒයි මස්සිනා... "
යුන්ගී කතා කළහම ජන්කුක් ඔලුව උස්සලා බැලුවා.
" ෆයිටින්... ෆයිටින්.. "
යුන්ගී ඒක කිව්වෙත් හිනා වෙවී වෙච්චි කොට අසරණ තාලෙට ජින් දිහාට හිනා වුණ ජන්කුක් ගෙදරින් එළියට බැස්සා.
" එහෙනම් මම යන්නම් අංකල්.."
🔸
ඒ අස්සෙ ටේහ්‍යුන්ග් තමන්ගෙ කාමරෙ තිබුණ හැම බඩුවක් ම පොළේ ගහන ගමන් තමන්ගෙ හිතේ ජන්කුක් ගැන තිබ්බ කේන්තිය පිට කරන්න පටන් ගත්තා..
" හහ්... මගේ හිත එක්ක සෙල්ලම් කරන්නේ... දන්නෙ නැත්ද ඒක... බූරුවා... ගොනා... වල්... නෑ... මොංගල් හාවා... යක්ෂයා... පිස්සා... අහිංසකයි වගේ රඟපාන රාස්සයා... දුශ්ටයා... වැම්පයර්.. සයිකො කාරයා... රැවටිලිකාරයා...."
ටේහ්‍යුන්ග් ඇඳ උඩ ඉඳගෙන කෑ ගහනවා. ජන්කුක් ට කියන නම් අහගෙන ඉන්න ජන්කුක් එතන හිටියෙ නැති වුණාට ජින් ට තමන්ගේ හදිස්සිය නිසා හොඳට හැදීගෙන ආව ටේහ්‍යුන්ග් එක පාරටම පිස්සෙක් වගේ හැසිරෙන එක දරාගන්න බැරි නිසා ම ටේහ්‍යුන්ග් ගේ දොරට තට්ටු කළා.
" උපන් දා ඉඳලා සනීපෙට හැදුණු එයා... මට කියනවා හිටියෙ ළමා නිවාසෙ ලු. එයාට අම්මා තාත්තා නැහැලු. ඊට පස්සෙ පෙනානුවා මට පොඩි ගේකුත්....
තව කිව්වා හොඳට හැදෙන හැටි. හොඳට හැදෙන හැටි මමත් දන්නවා මෙච්චර කාලෙකට තනියෙම නොහැදුනාට.. සමාවක් නම් දෙන්නෙ නෑ ඔය වංචාකාරයා ට ආත්මෙකට... "
ටේහ්‍යුන්ග් මේ විදිහට බෙරිහන් දෙද්දි තමන්ගෙ දොරට ගහන සද්දෙ ඇහුණ ගමන් ම ටේහ්‍යුන්ග් මොහොතකට කට වහ ගත්තා. රටේ ලෝකෙ නැති නම් කියන ගමන් ජන්කුක් ට බැණපු මහන්සිය යවා ගන්න වගේ ටේහ්‍යුන්ග් අත් දෙක දෙපැත්තට දික් කරගෙන ඇඳ උඩ වැටෙද්දි ජින් ගේ කටහඬ ඇහුණා.
" පුතේ... ටේ බෙයා.."
ටේහ්‍යුන්ග් ට ජින් එක්ක කේන්තියි. ඒත් ජින් ආදරෙන් කතා කරද්දි උත්තර නොදී ඉන්න ලෝබයි.
" බේබි බෙයා... දොර අරින්න... අනේ.."
" ඇරලා තියෙන්නේ.. ඇතුලට එන්න නම් එපා.."
ටේහ්‍යුන්ග් කිව්වෙ තමන් කාමරේ යකා නටලා තියෙන හැටි දැක්කම ජින් ආයෙමත් තමන් ට කලින් අමතපු රාජකීය බාසාවෙන් අමතන්න බැරි නෑ කියලා තේරුම් අරගෙන.
ඒත් මේ වෙද්දිත් ටේහ්‍යුන්ග් ගේ කාමරේ හැටි ගැන ජින් ට අනුමානයක් තිබුණ නිසා ජින් හෙමිහිට දොර ඇරියා. අත් දෙක දෙපැත්තට දාගෙන ඇඳේ ඇලවුණ ටේහ්‍යුන්ග් ව දැක්කම ජින් කාමරේ හැටි ගැන කියන්න ආපු දේ නවත්තගත්තා.
ඒ වෙනුවට ගිහින් ටේහ්‍යුන්ග් ගාවින් ම වාඩි වෙලා ටේහ්‍යුන්ග් ගෙ අතෙන් අල්ල ගත්ත ජින් කතා කළා...
" බේබි බෙයා...."
ටේ ටේ ට කුක් එක්ක කේන්ති ගිහින්..
ටේ ටේ කේන්තියෙන් ඉන්නේ ජන්කුක් කරපු දේ නිසා. එයා ගොඩක් කල් කූ එක්ක තරහ වෙලා ඉන්න ඕනද ස්වීටීස්..?
මම චැප්ටර් විස්සකින් විතර කතාව ඉවර කරන්න හිතාගෙන ඉන්නේ..
මොකද කියන්නේ...