මාව දැක්කා විතරයි අප්පා පපුවත් අල්ලගෙනම එහෙමම බිමට නැමුණා.. ඔම්මා කෑගහගෙනම අප්පව අල්ලගනිද්දි ජනේලෙ ලඟ හිටගෙන හිටපු එයා එක හුස්මට මගෙ ලඟට දුවගෙන ආවා..
"මැණික... අනේ මගෙ පණ. ඇයි බබා මේ?? රිදෙනවද වස්තුව?"
"ම්ම්හ්..."
"චිම්.. ඉදපන් මං කොල්ලව ගන්නම්..."
ඒ ටේ හ්‍යොං එයත් ඇවිත්..
"නෑ.. නෑහ් මං ගන්නම්. මට පුළුවන් ටේ... මං ගන්නම්.."
"ම්ම්හ්හ්හ්"
"මැණික.. බබා... එ..එපා.. අනේ ඇස් ඇරන් ඉන්න රත්තරන්. ප්ලීස්..."
නෑ එයාට බෑ.. මේ ඇවිදින්න ගත්තා විතරයි. ඔයාට බර උස්සන්න හොඳ නෑ වස්තුවේ... ඒත් මට එපා කියාගන්නවත් පණක් තිබුනෙම නෑ.. බාගෙට පියවෙන්න ඇරන් තිබුණු ඇස් පිහාටු එයාගෙ කටේ බලේටම ඇරගෙන මං මහ වේදනාවකින් හුස්ම ඇද්දා..
අනේ අන්තිමට එයා මාව දෝතටම උස්සගත්තා.. ඒ කිව්ව විදිහටම පොරොන්දු වෙච්ච විදිහටම.. මං හිටියෙ ඒ පපුවට ඔලුව ගහගෙන...
දැනෙන වේදනාව මෙච්චරක් කියලා කියාගන්න බැරිවෙනකොට උහුලගෙන ඉදලා ඉදලා බැරිම තැන මං පුළුවන් වෙර දාලා එයාගෙ උරහිස හැපුවා.. රිදෙන්න ඇති.. දෙයියනේ මහ හුඟක් රිදෙන්න ඇති.. ඒත් මීක් සද්දයක්වත් නැතුව එයා මාව උස්සගෙනම එක හුස්මට වාහනේට දිව්වා..
"ඉවසන් ඉන්න වස්තුව.. ඉවසන් ඉන්න..."
එයාගෙ කටින් නොනවත්වාම කියවුණේ ඉවසන් ඉන්න කියලා වුණත් තවත් ඉවසන්න තරම් ඉවසීමක් මට ඉතුරුවෙලා තිබ්බෙ නෑ..
"ටේ... ටේ මගෙ කෙල්ල..."
ඔම්මට හදිස්සියේ අසනීප වෙච්ච අප්පව හොස්පිට්ල් ගෙනියන්න කියන ගමන් ගේ ඇතුළෙ ඉදන් දුවන් ආපු ටේ හ්‍යොංට එයා මහ සද්දෙන් කෑගැහුවා.. ටේ හ්‍යොං ඒ හුස්මට ආයිමත් ගෙට දිව්වෙ කෙල්ලව හොයන් එන්න...
විනාඩි තුනහතරක්ම ගෙවෙන්න ඇති.. ඒත් එයාලා ආවෙ නෑ.. තවත්නම් බෑ වස්තුවේ... අනේ තව වෙලා උහුලන්න බෑ දෙයියනේ...
"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ඔම්මාහ්හ්හ්හ්හ්හ් අනෙහ්... අනේ බෑ රත්තරන්... රි..දෙ..නවාහ්... ම්ම්හ්හ්හ්"
මං පළාතම දෙවනත් වෙන්න මර හඬින් විලාප තිබ්බා.. කකුල් දෙක මැද්දෙන් එයා එලියට එන්න දඟලනවා... මගෙ මුළු සර්වාංගෙම ගැහෙන්න ඇරන් තිබුනෙ.. හුස්ම ගන්න එක පවා මහ වේදනාවක් තරම් මට දැනුනා...
"ම්ම්හ්.. අපිහ්.. අපි දෙන්නගෙන්.. කෙනෙක්ක් ත්ත්තෝරගන්න වුනොත්... ප්පැටියව බේරගන්න හ්හ්‍යොං.. ආහ්හ්හ්හ් එයාටහ්... එයාට කියන්න පපා ග්ගොඩක් ආදරෙයි කිව්වා කියලාහ්..."
"මොන මඟුලක්ද කියවන්නෙ යකෝ.. තෝ නැතුව මට මොකෙක්ගෙන්වත් වැඩක් නෑ... කුකී.. කුකී දෙයියන්ගෙ නාමෙට ඔහොම දේවල් හිතන්නවත් එපා මගෙ වස්තුව... ඔයාට මුකුත් වෙන්නෙ නෑ.. අපේ පැටියට මුකුත් වෙන්නෙත් නෑ..."
එයා නොසෑහෙන්න වේදනා දෙන මගෙ කොන්දයි බණ්ඩියයි එක සීරුවට අතගගා හාදු තොගයක් හරි පරිස්සමට මගෙ මූණ පුරාවටම තිබ්බා.. මගෙ ඇඟිලිතුඩුවල ඉදම්ම සීතල වෙලා වෙව්ලනවා..
"මගෙ පණට මුකුත් වෙන්නෑ මැණික.. මගෙ හුස්ම ටික. ඔහොම කියන්න එපා වස්තුවේ..."
"ම්ම්හ්... අහ්හ්හ්හ්හ් අනෙහ් අනේ එයා රිද්දනවා රත්තරන්. ආහ්හ්"
"ටේ.. ටේ... ටේ... කොහෙද යකෝ ඉන්නෙ..."
එයා දත්මිටි කකා කෑගහනවා.. නෑ ටේ හ්‍යොං තාමත් නෑ... ෆෝන් එක වැඩත් නෑ.. එයා වෙව්ලනවා.. මාව ඉඹ ඉඹම මගෙ මුළු ඇඟම අතගානවා... පුතුට දඟලන්න එපා කියනවා.. තව චුට්ටක් ඉවසන්න කියනවා...
නෑ දෙයියනේ ටේ හ්‍යොං ඒත් නෑ..
"ම්ම්හ්... අහ්හ්ක් අනේ බෑ මහත්තයෝ තවත්නම් බෑහ්..."
"චිම්... චිම් අනේ කෙල්ල නෑ බං..."
අන්තිමට කොහෙන්දෝ මතුවෙච්ච ටේ හ්‍යොං කියපු කතාවට අපි දෙන්නගෙම හුස්ම නැවතුනා.. අනේ රෝසමල.. මේ චුට්ටට ඔයා කොහාට වුණාද වස්තුවේ..
"මොහ්... මොකක්ද??"
"කෙල්ල නෑ බං.. ගෙදර කොහෙවත්ම නෑ.."
"මොකක්ද උඹ කියන්නෙ යකෝ..."
"නූමි නෑ චිම්.. මුළු ගෙදරම බැලුවා කෙල්ල කොහෙවත් නෑ.. සර්වන්ට්ලා ගාඩ්න් එකත් ආයෙ බලනවා.."
"ජ්..ජැක්සන්.. ජැක්සන් කොහෙද?"
"ඌ නෑ.. ඌ... ද්දෙයියනේ චිම්..."
"අ...ශ්.... ආහ්හ්හ්හ්හ්හ්.... මං.. මං ඕකව මරනවා.. මගෙ කෙල්ලට මොනවහරි උනොත් මං ඕකව මරනවා..."
එයා දත්මිටි කාගෙන කෑගහනවා හීනෙන් වගේ ඇහෙනකොට මගෙ ඇස් යාන්තමට පියවීගෙන ආවා..
"ම්ම්ම්හ්හ්හ්හ්"
"කුකී.. හේයි.. හේයි කූ... මැණික... ටේ.. ටේ... කා එක ගනින්.. ඉක්මනට කා එක ගනින්.. කූ.. බබා.. අනේ ඉන්න රත්තරන්... අපි යනවා.. හොස්පිට්ල් එකට යනවා වස්තුවේ.. ඉවසන් ඉන්න මගෙ පණ"
"ද්..ද්..දෝනිහ්.. හ්‍යොං..අහ් අනේ මගෙ දෝනී..."
"දෝනිව හොයාගමු වස්තුව.. මට ඔයාලවත් නැති කරගන්න බෑ... ඉන්න මං යුංගි හ්‍යොංට කියන්නම්.. කෙල්ලව බලන්න කියලා කියන්නම්..."
එයා යුංගි හ්‍යොංට කතා කරලා වෙච්ච දේ කිව්වා.. ඒකව මරලා දාලා හරි කෙල්ලව හොයාගන්න කිව්වා... කෙල්ලට හීරීමක තරම් දෙයක්වත් වෙලා තියෙන්න බෑ කිව්වා... මං අඬසිහියෙන් මේ සේරම අහගෙන හිටියෙ..
අන්තිමට ෆෝන් එක පොකට් එකක් අස්සට ඔබාගත්තු එයා හරි පරිස්සමට නැමිලා මාව මහ ආදරේකින් ඉම්බා..
"ම්ම්හ්හ්හ්හ්"
"ඉවසන් ඉන්න මගෙ වස්තුව..."
"ම්ම්හ් රිදෙනවා මහත්තයෝ... ඉන්න බෑ දෙයියනේ... අනේ එපා කියන්නකෝ.. අනේ රිද්දන්න එපා කියන්... ආ...හ් ආහ්හ්හ්හ්හ්හ් ම්හ්හ් එයා එනවා... අනේ එයා එනවා රත්තරන්...එයා.. ආහ්හ්හ්හ්හ්හ්.."
ඇදන් හිටපු පෑන්ට් එක කකුල් දෙක මැද්දෙන් යාන්තමට පිම්බුනේ පුතු පැටියා එළියට එද්දි වෙනකොට මං එයාගෙ අතේ එල්ලීගෙන විලාප තිබ්බා.. මගෙ නියපොතු පාරවල් දත් පාරවල්වල සැරට ඒ අත දම්පාටට හැරීගෙන එන ගමන් තිබුනෙ..
"ටේ.. ඉක්මනට පලයන් යකෝ... අනේ මගෙ කොල්ලා මැරෙයි බං.. මගෙ පණ.. අ..ශ්.. ද්දරුවා එනවා... දරුවා එළියට එනවා ටේ... ඉක්මන් කරපන්.."
"මේ ලඟ ඉන්නෙ චිම්.. තව ටිකයි.. තව විනාඩි පහයි කූ.. හුස්ම.. හුස්ම ගන්න... කොල්ලට හුස්ම ගන්න කියපන් චිම්..."
එයාලා තව මොන මොනවදෝ කියෙව්වත් ඒ එකක්වත් අහන් ඉන්න තරමෙ සිහියකින් නෙවෙයි මං හිටියෙ..
"සිහිය තියාගනින්.. කොල්ලගෙ සිහිය තියාගනින්... ෆේන්ට් වෙන්න දෙන්න එපා.."
පියවීගෙන එන ඇස් ආපහු ඇරගන්න බැරිවෙනකොට එයා දිගින් දිගටම මගෙ මූණට තට්ටු කරා.. ඒත් බැරිවෙනකොට හාද්දක් දෙකක් තියලා තොල්පට මහ හිරට හැපුවා.. මගෙ වේදනාව දරාගන්නම බැරිතැන පෑන්ට් එක යාන්තමට ගලවලා පුතු පැටියගෙ ඔලුව පරිස්සමට අල්ලගෙන මාව නොසෑහෙන්නම ඉම්බා..
"එපා රත්තරන්.. අනේ ඇස් ඇරන් ඉන්න මැණික.. ඔහොම ඉන්න එපා මට බය හිතෙනවා වස්තුවේ..."
ඒ කටහඬ වෙව්ලනවා.. ඒ ඇඟිලිතුඩු ඕනෙවටත් වඩා ගැහෙනවා... මට හයියක් වෙන්න ඕනෙකමට දරාගෙන හිටියත් එයා ඒ හිටියෙ පුළුවන්කමකට නෙවෙයි.. මිනීමරන්න තරම් හයිය ඒ හිත අන්තෙටම කඩාගෙන වැටිලයි තිබුනෙ..
මං හිටියෙ දාඩියෙන් නෑවිලා... ඇඟිලි පුරුකක් ගානෙම පවා මහ වේදනාවක් දැනුනා.. දරුවෙක් ලැබෙන එක මෙච්චරම වේදනාවක් වෙයි කියලා මං හිතුවෙ නෑ.. කෑගහලා කෑගහලම මගෙ උගුර තනිකරම ලේ රහ වෙලා තිබුණා..
"චිම් බැහැපන්.."
"ආවා.. ආවා මැණික අපි හොස්පිට්ල් එකට ආවා... තව චුට්ට වෙලාවයි ඉවසන්න.."
මට හරියකට සිහියක් තිබුනෙ නෑ.. එයා මාව දෝතින්ම උස්සලා අරන් හරි පරිස්සමට ට්‍රොලියක තියනවා මට හීනෙන් වගේ දැනුනා.. ඊට පස්සෙ ටේ හ්‍යොංට වාරුවීගෙන ට්‍රොලි එකත් තල්ලු කරගෙනම ඩිලිවරි රූම් එක දිහාවට දිව්වා..
"එපා.. අනේ යන්න එපා හ්‍යොං... මට බයයි.. අහ්හ්හ්හ්හ් එපා.. දාලා යන්න එපා..."
මං කෑගැහුවා... එයාගෙ අත ටිකෙන් ටික බුරුල් වෙනවා දැනෙද්දි අනේ මං ඒ අතේ එල්ලීගෙන කෑගැහුවා..
"අතෑරපන්.. මාව අතෑරපන් ටේ.. මට ඇතුළට යන්න ඕනෙ.. මට ඇතුළට යන්න ඕනෙ ටේ... බෑ... මට මගෙ කොල්ලව තනි කරන්න බෑ.."
අන්තිමට කොහොමහරි කෑගහලා කෑගහලම එයා ඇතුළටත් පැනගත්තා.. ඒ වෙනකොටත් දරුවගෙ ඔලුවෙන් බාගයක්ම එළියට ඇවිත් තිබුනෙ..
"ආහ්හ්හ්හ්හ්හ් ඔම්මාහ්..."
"ඉවසන්න වස්තුව... තව චුට්ටයි... මේ මං ඉන්නවා.. මං ඔයාගෙ ලඟම ඉන්නවා රත්තරන්... මගෙ පණ.. මගෙ හුස්ම ටික... අනේ ඉවසන් ඉන්න වස්තුවේ..."
මං දන්නෙ නෑ මං කොච්චර වෙලාවක් තිස්සෙ දැගලුවද කියන්න.. කීපාරක්නම් ඒ අත කෙනිත්තුවද හැපුවද කියන්න...
උහුලගන්න බැරි මහ දරුණු වේදනාවක කෙලවරකදි ඈතින් වගේ ඇහුන පොඩි දරුවෙක්ගෙ එක අඬන සද්දෙකට ඒ සේරම වේදනාවල් එක තප්පරේට කොහෙ කොහෙටදෝ අතුරුදන් වෙලා ගියා..
"ඔහෑහ්.. ඔහෑහ් ඔහෑහ්..."
අන්තිමට අප්පගෙ ඇස්ම අප්පගෙ නහයම ඒ මූණම තියන පුංචිත්තෙක් ගිරියටින් කෑගගහා මගෙ පපුව උඩ ගුලි ගැහුනා... මගෙ ජීවිතේ මං විදපු ලස්සනම සුන්දරම වේදනාව මහ සැනසීමකින් මං පපුවට ගුලිකරගත්තා... අනේ මේක රැකගන්න අපි විදපු දුකක් රත්තරන්..
එයා දිළිසෙන ඇස් එක්ක පුතු පැටියා දිහා බලලා හරි පරිස්සමට අපි දෙන්නවම මහ ආදරේකින් ඉම්බා... එක සීරුවට ඒ කම්මුල් තෙමන කඳුළු බිංදු මහ තොගයක් මං වෙව්ලන ඇඟිලිතුඩුවලින් පිහ දැම්මා..
උහුලගන්න බැරි තරමෙ මහ වේදනාවකින් හිටපු මට පුතාව සෝදවන්න ආයිමත් ගන්නවත්තෙක්කම වගේ එයාගෙ අත අතෑරිලා සිහිය නැතුව ගියා... ඒත් ඒ තප්පරෙත් මට මතක් වුණේ මගෙ කෙල්ලව.. අනේ කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න මගෙ රෝස මල... අප්පා ඔයාව හොයාගනී.. එයා කොහොමහරි ඔයාව හොයාගනී...
*********
ආයිමත් ඇස් අරිනකොටම මට බලන්න ඕනෙ උනේ එයාගෙ ඇස්දෙක ඒ සතුටු මූණ වුනත් මං ඇස් අරිද්දි එයා ලඟ හිටියෙ නෑ.. ටේ හ්‍යොං මගෙ ඇඳට පැත්තකින් තිබුන කොට් එකේ හිටපු හුරතලයා දිහාවට ඇස් තියාගෙන හිටියා..
"හ්යො.. ම්ම්ම්හ්..."
"අහ්.. කූ... ඔයා ඇහැරියද? මොනවද ඕනෙ වතුර චුට්ටක් දෙන්නද??"
මං යාන්තමට ඔලුව වැනුවම එයා හරි පරිස්සමට වතුර උගුරක් දෙකක් මට පෙව්වා.. කෑගහලම මගෙ උගුරකට වේලිලා රිදෙන්න අරන් තිබුනෙ... ඉතිං ඒ වතුර උගුර දෙකත් මට මහ සැනසිල්ලක් වුණා..
"ම්හ්හ් එයා කොහෙද?"
"න්..නූමිව ගේන්න ගියා කූ..."
"අහ්.. අනේ මගෙ දරුවා හම්බුනාද හ්‍යොං.."
ටේ හ්‍යොං යාන්තමට ඔලුව දෙපැත්තට වනද්දි මගෙ පපුව එහෙම්පිටින්ම පිච්චිලා ගියා.. අනේ ඔයා කොහෙද රෝසමල.. ඔයාට මේ මොකක්ද වුණේ මගෙ පුතේ...
"දරුවට කරදරයක් වෙන එකක් නෑ කූ.. අපේ නූමි හරි ශක්තිමත් කෙල්ලෙක්නෙ.. අපි බලන් ඉමු... චිම් මොන ලෝකෙන් හරි කෙල්ලව හොයාගෙන එයි.."
ටේ හ්‍යොං නොසෑහෙන වෙලාවක් අරන් මගෙ ඔලුව අතගගා හරි පරිස්සමට හිත හැදුවා..
"පුතු දොයිද හ්‍යොං.."
"හ්ම්ම් සැපට නිදි.. මේක අල බෝලයක්නෙ කූ.. කිව්වත් වගේ බෝල පැන්ඩෙක්ම තමයි... කොහොමද දෙයියනේ මේකව උස්සගෙන හිටියෙ.."
ටේ හ්‍යොංගෙ ඉවරයක් නැති විහිළු කතාවලට හිනාවෙවී ඉදිද්දි එකපාරම රූම් එකේ දොරත් ඇරගෙන ආවෙ ඔම්මා.. ඒ ඇස් අඬලමද කොහෙදෝ ඉදිමිලා රතුගැහිලා තිබුනා..
"මගෙ පුතේ..."
"ඔම්මාහ්..."
"අනේ ඔයාට ඕනෙම වෙලාවෙදිවත් මට ඔයාලඟ ඉන්න නැතිවුණා වස්තුවේ.."
"ඒකට කමක් නෑ ඔම්මා.."
මහ ලෝබකමකින් වගේ දිග හාද්දක් මගෙ නළලට තියපු ඔම්මා හීන්සීරුවෙ ගිහින් කොට් එකට එබුනා...
"දෙයියනේ හුරතලේ.. අනේ අර දරුවමයි පුතේ.. ජිමින් චූටි කාලෙ මේ විදිහමයි..."
මගෙ කම්මුල් තෙමාගෙන ගලපු කඳුලක් ටේ හ්‍යොං හිමින් සීරුවේ පිහදැම්මා..
"මොකක්ද තියන නම??"
"එයාට ඕනෙ වුණේ ජන්මින් (Jungmin) කියන නම තියන්න ඔම්මා.."
"පාක් ජන්මින්.. ලස්සන නම..."
"හ්ම්ම් අප්පට කොහොමද ඔම්මා.."
"තාම රිදෙනවද වස්තුවේ..? අමාරුයිද? ඔයාට මොනවහරි ඕනෙද?"
මගෙ ප්‍රශ්නෙන් ඔම්මා ගැස්සුනා.. ඒත්තෙක්කම එයා හරි හදිස්සියෙන් මගෙ කතාව මගෑරියා.. මට ඒක හොඳටම තේරුනා... ඇයි එයා අප්පා එක්ක කේන්තියෙන්ද?
"ටිකක් රිදෙනවා ඔම්මා.. ඒක අඩුවෙයි... අප්පා කෝ ඔම්මා..."
"අ..අප්පා... ම්හ්හ්... අප්පා හොඳින් පුතේ.."
"එහෙනං ඇයි ආවෙ නැත්තෙ... එයා ආසාවෙන්නෙ හිටියෙ දරුවා බලන්න.."
"මේහ්.. මේ..."
"කලබලෙන් කලබලෙන් බොරු ගොතන්න එපා ඔම්මා.. මට කියන්න මොකක්ද වුණේ...?"
"අහ්.. අ..අප්පට අප්පට එයාගෙ වැරදිවලට දඬුවම ලැබුණා මගෙ පුතේ.. එයා කරපු දේවල්වලට එයාට දඬුවම් ලැබුනා..."
ඔම්මා අඬන්න ගත්තම මොකක්ම හරි නරක දෙයක් වෙලා කියලා තේරෙද්දි මං අමාරුවෙන් වාරුවෙලා වාරුවෙලා ඇදේ ඉදගෙන ඒ ඇස් අස්සට එබුනා..
"මොකක්ද වුණේ ඔම්මා...?"
"එයාට හාට් ඇටෑක් එකක් ආවෙ රත්තරන්.. ඔය තුන්වෙනි වතාව.. අපි හොස්පිට්ල් ගෙනියනකොටත් එයා නැතිවෙලා..."
ටේ හ්‍යොං මාව හරි පරිස්සමට අල්ලගත්තා.. ඔම්මා එතනම තිබුනු පුටුව උඩ වැටීගෙන අඬද්දි මට මගෙ වස්තුව මතක් වුණා... ඔයත් මෙහෙමම ඇඬුවා මහත්තයෝ... ඔයාගෙ ඔම්මා අප්පා ඔයාගෙ පළවෙනි ආදරේ.. එක පෝළිමට මේ සේරම මැරි මැරී යනකොට ඔයත් මෙහෙමම පිස්සෙක් වගේ ඇඬුවා...
ඒ කඳුළු වැටුනෙ මගෙ ඉස්සරහා.. ඒ කඳුළු පිස්සෙ මේ ඇඟිලිවලින්... ඔයාව එහෙම අඬවපු ඔයාගෙ ජීවිතේ විනාසම කරලා දාපු මනුස්සයගෙ මරණෙ ඉස්සරහා මං තවත් අඬන්න ඕනෙද රත්තරන්.. ඒ මගෙ අප්පා වුනත්.. මේ ඇගේ දුවන්නෙ ඒ ලේ වුනත්... බෑ මට එච්චර හයියක් නෑ මහත්තයෝ..
ඔයා අදටත් මේ දැන් මේ මොහොතෙත් විදවන්නෙ ඒ මනුස්සයාගෙ පව් රත්තරනේ... ජැක්සන්ව අපේ ජීවිතවලට ගෙනාවෙ අප්පා.. මගෙ කෙල්ලට අද වෙච්ච දෙයක් හොයාගන්න බැරුව ගිහින් තියෙන්නෙ අප්පා නිසා... ඉතිං මං අඬන්න ඕනෙද වස්තුවේ.. මං කොහොමද කඳුලක්වත් බිමට වට්ටන්නෙ...
"අඬන්න ඕනෙනම් අඬන්න කූ.. ඒකට කමක් නෑ.. ඔහොම හිත හයිය කරන් තනියම විදවන්න එපා..."
"නෑ මට අඬන්න ඕනෙ නෑ.."
"අහ්?"
"මට අඬන්න ඕනෙ නෑ ටේ හ්‍යොං.. මට නිදිමතයි. මාව චුට්ටක් හාන්සි කරනවද? ජිමිනි හ්‍යොං ආවොත් මාව ඇහැරවන්න.."
ඔම්මයි ටේ හ්‍යොංවුයි ගල් ගැහිලා බලන් ඉදිද්දි මං සැපපහසුවට ඇදේ දිගාවෙලා ඇස් පියාගත්තා.. චූටි කාලෙ ඉදන් මං වෙනුවෙන් අප්පා කරපු දේවල්.. ඒ දුන්නු ආදරේ... හැමදේම ඇස් ඉස්සරහා මැවෙද්දි මට හොරෙන් කඳුළු බිංදුවක් දෙකක් හරි හදිස්සියෙන් කම්මුල් තෙමන් ගිහින් කොට්ටෙට උරාගත්තා.. මොනවා උනත් ඒ මගෙ අප්පනෙ රත්තරන්.. මට සමාවෙන්න මට දුකයි...
එයා හරි ආසාවෙන් හිටියෙ පුතු පැටියව බලන්න.. ඒත් ඒකට ඔයාට අයිතියක් නෑ අප්පා... එයාව මරලා දාන්න හැදුවෙ ඔයාමයි. ඉතිං මේ වෙච්ච දේවල් මගෙ දරුවට අනුව සාධාරණයි.. එයාගෙ නපුරු සීයගෙ මූණ නොබලා සැනසීමෙන් ජීවත් වෙන්න එයාට පින තිබුනා.. ඔයා මේ දේවල් මෙහෙම විනාස නොකරන්න මේ මොහොත කොච්චර ලස්සන එකක් වෙන්න තිබුනද අප්පා..
අප්පගෙ ලෝකෙ හිරවෙලා රහසින්ම කඳුළු පෙර පෙර හිටපු මට කොයිම වෙලාවක හරි නින්ද ගිහින් තිබුනා.. ආයිත් ඇහැරෙද්දි මගෙ අත ලඟින් දැනුනු උණුහුමට මාව ගැස්සිලා ගියා.. දෙයියනේ කෙල්ල... අනේ මගෙ දරුවා...
පූස් පැටියෙක් ගානට මගෙ පපුව අස්සට ගුලි ගැහිලා නිදාගෙන හිටියෙ මගෙ දෝනි.. මං ඉස්පාසුවක් නැතුවම කෙල්ලව ඉම්බා.. නිදිමතේ කෙදිරිලි තිය තිය කෙල්ල කුනුකුනු ගාද්දිත් මං අසිහියෙන් වගේ කෙල්ලව ඉම්බා...
අනේ ඔයා කිව්වත් වගේ සීරීමක තරම්වත් තුවාලයක් නැතුව පරිස්සමට ඔයා කෙල්ලව ගෙනත් තිබුනා වස්තුවේ.. මං ආයෙ ආයෙමත් කෙල්ලව ඉම්බා.. දෙයියනේ මගෙ පපුව පිච්චුණු තරමක්... අනේ දැන් සැනසීමෙන් හුස්මක් ගත්තහැකි රත්තරන්..
චුට්ටක් වෙලා දෝනිගෙ ඔලුව අතගගා ඉදිද්දි නර්ස් කෙනෙක් ඇවිත් පුතු පැටියට කිරි පොව්වන්න කිව්වා.. හරි සිනිඳු පාටට රෝස බෝලයක් වගේ ඉන්න කොල්ලා දැක්කම පපුවම පිරිලා ගියත් මට තනියම වඩාගෙන කිරි පොවන්න බය හිතුනා...
"බය වෙන්න එපා එයාව නිපල් එකට ලං කරන්න. එතකොට එයාම තනියම බොනවා.."
දෙයියනේ ඒක වෙනමම හැඟීමක්.. ඇගේ ලේ ටික කිරි කරලා දරුවෙක්ට දෙන එක... ඒක පපුව සන්තෝසෙන් පුම්බන හරි අමුතු ලස්සන හැඟීමක්..
කෝ ඔයා කොහෙද රත්තරන්.. මෙච්චර වටින දේවල් මඟෑරගෙන ඔයා කොහෙ ගියාද වස්තුවේ.. ඔයා කෙල්ලව තියන්න ඇවිත්නෙ... මේ කාමරේ පුරාම ඔයාගෙ සුවඳ තියනවා.. ආපු හුස්මට කොහෙද ගියෙ මහත්තයෝ ආයෙමත්...
පැටියා බඩ පිරෙන්න කුක්කු බීලා හොඳ නින්දකට වැටුනම පැටොයව ආයිමත් කොට් එකෙන් තියලා තව පැය දෙක තුනකින් ආපහු කිරි චුට්ටක් දෙන්න කියාගෙනම නර්ස් යන්න ගියා...
"ක්කූ පපා..."
කෙල්ල නින්දෙන් කියවනවා.. අප්පා නොකියා මට පපා කියනවා... අනේ මගෙ ඇස්වලට තප්පරේට කඳුළු පිරුනා.. දිගටම පපා කියන්න කියලා කියන්න ඕනෙ... එතකොට ආදරේ වැඩිපුර දැනෙනවා..
මං කෙල්ලව එහෙමම අරන් පපුවට තුරුල් කරගත්තම කිරි සුවඳටද මන්දා කෙල්ල දෙතුන් පාරක්ම කට එහෙමෙහෙ කරා.. බලන් ඉන්න බැරිම තැන ඒ චූටි කට පපුවට ලං කරද්දි අනේ මාස ගානක් බඩගින්නෙ හිටපු තාලෙට කෙල්ල එක හුස්මට කිරි බීගෙන බීගෙන යන්න ගත්තා..
"කූහ්..."
කෙල්ලගෙ සුවඳ කොණ්ඩෙ ඉඹ ඉඹ ඔලුව අතගගා ලොකු කල්පනාවකට වැටිලා හිටපු මං එකපාරම දොරත් ඇරගෙන හොබීලා එනකොට ගැස්සිලා ගියා..
"දෙයියනේ කෙල්ල..."
"පව් හ්‍යොං.. මේ කෙල්ල කිරි බොනවා කියලා මෙච්චර කාලයක් තිස්සෙ කරේ ජිමින් හ්‍යොංගෙ කිරිනැති පපුව ඔහෙ උරාබොන එක.. ඒත් ආයෙ එහෙම වෙන එකක් නෑ හ්‍යොං..."
"චිම් දැක්කානං උඹව ඉඹලම මරයි.."
"කෝ අපේ අලුත් යාලුවා.."
"ම්ම්.. අර ඉන්නෙ පස්සත් උඩ දාගෙන..."
එයාලා හිටියෙ එසේමෙසේ සතුටකින් නෙවෙයි.. සත්තමයි ඒ ඇස්වල සතුටු කඳුළු උතුරන්න තිබුනා.. මාව බදාගෙන ඉඹලා දෝනිවත් ඉඹලා සනීපෙට දොයියගෙන ඉන්න පුතු පැටියා දිහා බලාගෙන කියවන්න දාහක් දේවල් එයාලට තිබුනා.. මෙතනට අඩු ඔයා විතරයි වස්තුවේ... අනේ කොහෙ ගියාද රත්තරන් ඔයා..
"ජින් හ්‍යොං..."
"ඕ පැටියෝ..."
"එයා කොහෙද??"
"කොල්ලා ටිකකින් එයි කූ.. ඔයාට බඩගිනියිද? අපි සුප් චුට්ටක් බොමුද?? මං හොඳ රසට හදාගෙන ආවා. මේ.."
ජින් හ්‍යොංගෙ කෑම කොහොමත් රසයි. මං හොඳට බඩපිරෙන්නම සුප් එක බිව්වා.. තවත් සෑහෙන වෙලාවක් එහෙමම කතා කර කර ඉදලා ඕනෙකරන දේවලුත් අරන් හවසට එන පොරොන්දුව පිට කට්ටියම පිටත්වෙලා යන්න ගියා.. මේ වතාවෙ මගෙ තනියට නැවතුනේ යුංගි හ්‍යොං...
"මං මේ දවස් ටිකේ හැසිරුණ විදිහ ගැන මට සමාවෙන්න කූ..."
නොසෑහෙන වෙලාවක් තිස්සෙ හොරගල් අහුල අහුල හිටපු යුංගි හ්‍යොං වචන හිර වෙවී වචන හිරවෙවී යාන්තමට කෙඳිරිලි තිබ්බා..
"හ්‍යොං.. ඇයි මේ? මොකක් ගැනද කියන්නෙ?"
"මේහ් මිනීව එහෙ නොතියා ගෙදර ගෙනියපු එක.. මේ..."
"යා.. අයියෝ ඒකට කමක් නෑ හ්‍යොං.. ඔයා කරේ ඒ වෙලාවෙ කරන්න තිබුනු හරිම දේ... ඒ ගැන කවදාවත් පසුතැවෙන්න එපා.. අනික ඔයාලා ඔහොම රැකගෙන බලාගත්තෙ නැත්තන් මේ වෙද්දි මට එයා නැතිවෙලා සෑහෙන කල් හ්‍යොං"
"හ්ම්ම්.."
හ්‍යොං අන්තිමේට හරි ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන ඇද කෙලවරකින් වාඩි වුණා..
" එයා කොහෙද හ්‍යොං.. ඇයි තාමත් නැත්තෙ.??"
"චිම් ගියෙ ඔයාලගෙ ගෙදර.."
"ආහ්??"
"හ්ම්ම් අප්පගෙ මළගෙදර වැඩටික බලලා කරන්න.."
දෙයියනේ මගෙ පපුව එහෙම්පිටින්ම නැවතුනා... ඔයා දන්නවනං.. අනේ ආන්ටි ජියෝලව මරුවෙ අප්පා කියලා ඔයා දන්නවනං වස්තුවේ.. ඒත් මට හංගන්න බෑ රත්තරන්... ඔයා දැනගන්න ඕනෙ.. මාව අතෑරලා ගියත් ඔයා මේ ඇත්ත දැනගන්න ඕනෙ මහත්තයෝ...
"එයා දන්නවා.."
"ආහ්??"
"ඒ මිස්ටර් ජොන් කියලා ඌ දන්නවා කුකී.. ඔයා හිතන් ඉන්නෙ ජොන් මෙච්චරකල් යහතින් ජීවත් වුනේ මිනීමරුවා එයා කියලා චිම් නොදැන හිටපු හින්දා කියලාද.. හහ් නෑ.. නෑ.. නෑ...
ඒ ඔයා හින්දයි කූ.. අප්පා මේ වෙනකල් යහතින් ජීවත් වුණේ චිම්ට ඔයාගෙ ඇස්වලට කඳුළු දෙන්න බැරිවෙච්ච හින්දයි.. උට එක විනාඩියට දෙකට ජොන්ව ඉවරයක් කරලා දාන්න තිබ්බා.. ජොන් ඔය නටවන්නෙ උගෙ සල්ලි කියන දේත් ඌ දැනගෙන හිටියා... ඒකාට තියෙන්නෙ එසේමෙසේ ඉවසීමක් නෙවෙයි කූ.. ඒකා උඹට මැරෙන්න තරමටම ආදරෙයි.. උඹට ඌව හම්බුනේනං උඹෙ පෙර පිනකට... මට එච්චරයි කියන්න තියෙන්නෙ.."
"එ..එතකොට ජැක්සන්ට මොකද වුණේ හ්‍යොං.."
"මැරුවා..."
"අහ්??"
"ඌව මැරුවා කූ.. ඌ ගැන හිතන්න එපා... චිම් ඌට ඕනෙ පළිය ගත්තා.. උගෙ දේකට අත තිබ්බ එකෙක්ට යහතින් ඉන්න ලැබෙයි කියලා හිතුවෙවත් කොහොමද ඔයා ආ? කෙල්ලට දුන්න වදේටයි ඔයාට දුන්නු වදේටයි සේරම පලිය ඌ එකපාරින්ම ගත්තා.. හ..හ් අඩුගානෙ කොල්ලට දැන් හිතේ සැනසීමෙන් නින්දවත් යයි කූ..."
"හ්ම්ම්..."
ඒත්තෙක්කම දොර ඇරන් රූම් එකට ආවෙ එයා... අනේ ඒ මහන්සි පාට මූණෙ ආදරේ බේරෙනවා.. යුංගි හ්‍යොං එයාව චුට්ටක් බදාගෙන ඉදලා රූම් එකෙන් එළියට ගියා..
"මගෙ වස්තුව..."
දරුවා දිහාවත් නොබලා දුවන් ඇවිත් මාව ඉඹපු එයා මාව එහෙමම ඇදලා ඇරන් පපුවට කරගත්තා..
"මං මැරෙන්න තරම්ම බයවෙලා හිටියෙ රත්තරන්... ආයෙ එපා.. ආයෙනම් දරුවො එපා වස්තුවේ මේ හොඳටම ඇති..."
මං ඒ මූණ දෝතටම අරන් හරි සැනසිල්ලෙ ඉම්බා..
"අන්න ඔයාගෙ ජන්මින් සනීපෙට දොයි..."
එයා දෝනිවත් චුට්ටක් අතගාලා හාද්දක් එහෙම දීලා පුතු පැටියා ලඟට දිව්වා.. අනේ ඒ ඇස්වලට ආදරේ උතුරනවා..
"එයා.. අනේ එයා..."
"ඔව් එයා ඔයා වගේ රත්තරන්..."
"මං එයාව චුට්ටක් වඩාගන්නද?"
මං හිනාවෙවීම ඔලුව වැනුවා.. එයා හිටියෙ එසේමෙසේ නොඉවසිල්ලකින් නෙවෙයි..
"එයා අඬයිද??"
"නෑ.. හිමීට පරිස්සමට ගන්න වස්තුවේ..."
කම්මුල් දිගට සතුටු කඳුළු පෙර පෙර කොල්ලව වඩාගෙන ඉඹපු එයා හරි පරිස්සමට දරුවව අරන් ඇවිත් නූමි ලඟින්ම ඇදෙන් තිබ්බා..
"අපේ පුංචි පවුල..."
"ඇයි හ්‍යොංලා ටිකයි හොබියි.. අපි ඔක්කොම එක පවුලක්.."
"හ්ම්ම්.. ඔයාට එක්කනෙක් මඟෑරුණනෙ..."
"කවුද නෝවද?"
"ම්ම් නෝවත් ඉන්නවා තමයි.. ඒත් එයා ගැන නෙවෙයි මං කිව්වෙ... යුංගි හ්‍යොංගෙ දරුවා ගැන..."
"අහ්?"
"හ්ම්ම් හොබී ආයිත් ප්‍රෙග්නට් මැණික... අපේ චූටියා ආපහු ඇවිත්.."
***************************
ඉවරයි 🙃
අදනං කමෙන්ට් එකක් ඕනෙමයි 🥺