"හහ්.. මට යන්නලුනෙ නේද?"
මං එද්දි එයා හිටියෙ කාමරේ කෙලවරක සිගරට් එකක් පත්තු කරගෙන.. මෙච්චර එපා කියද්දිත් ඒකම කරන හින්දම ආපු කේන්තියට මං සද්දෙන්ම කෑගැහුවා...
"ඔව් යන්න.."
එයා සිගරට් දුමෙන් මුළු පපුවම පුරවගෙන ඉතුරු සිගරට් කොටේ ජනේලෙන් එහා පැත්තට විසික් කරන ගමන් කොහේදෝ ඈතක් බලාගෙනම ඔහේ මිමිණුවා..
"ඔයා.. ඔයා මහ නපුරෙක් හ්‍යොං..."
වෙව්ලන කටහඬකින් යාන්තමට කියාගන්න තරම් හයියක් මට තිබුණා.. ඒත් අන්තිම හරිය කියවෙද්දිනං මටත් නොදැනිම මගෙ කටහඬ බිඳුනා..
"මාව.. ම්හ්.. මාව යකෙක් වගේ දැනෙනවද රත්තරන්? ඔයාට ඔම්මව ඕනෙ මැණික.. මං දන්නවා මේ මාස ගානම ඔයා ඒක කියාගන්න බැරුව විදෙව්වා... මේ කාලෙට ඔම්මා ලඟ ඉන්නම ඕනෙ.. යන්න මගෙ වස්තුව.. ගිහින් පරිස්සම් වෙලා ඉන්න... මේ ඔයාගෙ ඔම්මයි අප්පයි නොවෙන්න මං ඔයාව යවන්නෙ නෑ... ඒත් දැන් මට වෙන කරන්න දෙයක් නෑ මැණික.. හදිස්සියේ හරි මං විතරක් ඉන්න වෙලාවක ඔයාට අමාරු උනොත් මං අසරණ වෙනවා දෙයියෝ.. මගෙ පණ ඒ හින්දා මාත්තෙක්ක කේන්ති නොගෙන පරිස්සමට යන්න.."
ඔයා මාව මෙච්චර තේරුම් අරන්ද ඉන්නෙ වස්තුවේ.. ඔය පපුවට මාව මෙච්චරක් දැනෙනවද දෙයියනේ... ඔව් මට ඔම්මව ඕනෙ වෙලා නේන්නම් හිටියෙ.. ඔම්මගෙ තුරුලට ගුලි ගැහෙන්න.. එකම එක හාද්දක්වත් ගන්න.. එයාගෙ බත් කටක් කන්න දෙයියනේ මට මේ සේරම ඕනෙ වෙලා තිබුනෙ වස්තුවේ...
ඔම්මා දරුවට ආදරෙයි.. අප්පා වුණත් ඒ වෙලාවෙ කිව්ව දේවල් ගැන පසුතැවෙනවා කිව්වා... ඉතිං දරුවා ගැන අපිට බයක් නෑ රත්තරන්.. ඇරත් දැන් එයාව ඇබෝට් කරන එක මගෙ ජීවිතේටත් රිස්ක් එකක්.. ඒ දැන දැන ඔම්මලා නරක දෙයක් කරන එකක් නෑ..
ඒත් දෙයියනේ ඒත් මේ මොන දේ කොහොම වුණත් ඔයා නැතුව එක තප්පරයක් ගෙවුවෙ නැති මම කොහොමද රත්තරනේ මාස දෙකක් තිස්සෙ එහෙ ගිහින් ඉන්නෙ.. අනේ හූල්ලලාම මට මොනවහරි වෙයි වස්තුවේ...
"ම්හ්.. මේ... ඔ..ඔයාටත් එන්න බැරිද??"
"නෑ එයාව එවන්න බෑ.."
ඒ යුංගි හ්‍යොං... කවදාවත් නැති විදිහකට මට කෑගහගෙන ආවෙ යුන්ගි හ්‍යොං.. ඒ ඇස්වල තිබුනෙ කේන්තියක් විතරයි... එච්චරමයි..
"ඇයි?? මාව යවන්න පුළුවන් නං ඇයි එයාව එවන්න බැරි..."
"තමුන් යන්නෙ තමුන්ගෙ ඔම්මයි අප්පයි ලඟට ඒත් මූ.. මූ යන්නෙ උගෙ.."
"යාහ්.. යුංගි... ඇති දැන් ඕක නවත්තන්න හ්‍යොං..."
එයා යුංගි හ්‍යොංට කෑගැහුවා.. කවදාවත් නැති විදිහට කෑගැහුවා.. මේ මිනිස්සු මොන මොනවහරි මගෙන් හංගනවා... ඇයි මෙහෙම කරන්නෙ රත්තරන්.. මොනවද මට නොකිය ඔච්චරකටම රකින්නෙ?
"මගෙ මැණික.. අප්පට ඔයා එනකල්ම ඔයාව බලන්න වෙන්නෙ නෑද ම්?"
බෝල බණ්ඩිය සිනිඳුවට අතගගා දුකපාටට කියවන්න ගත්තු අප්පගෙ කතාවලට හිත රිද්දගෙනද මන්දා පුතු පැටියා නොසෑහෙන්න දඟලන්න ගද්දි මං එහෙමම එයාගෙ උරහිස මිරිකගෙන යාන්තමට කෙඳිරිලි තිබ්බා..
"එපා රත්තරන්.. පපාට රිද්දන්න එපා... අප්පා ඉක්මනටම මගෙ පුතුව බලන්න එන්නම් ම්.. එතකල් පපාත්තෙක යන්න වස්තුව... උම්මා.. මගෙ පණ... ප්ලීස්.. ප්ලීස් එයාව පරිස්සම් කරගන්න කූ.."
"කුකී... අපි යමුද දරුවො.. දැම්ම යන තරමට රෑ නොවී යාගන්න පුළුවන්... ඔයාට මහන්සියකුත් නෑ එතකොට.."
ඔම්මලා ලඟට යන්න ආපහු ගෙදර යන්න කොච්චර ආස වුණත් මුළු ජීවිතේම මෙතන තියලා යන්න හිත හදාගන්න මට තේරුමක් තිබුනෙ නෑ.. මටත් නොකියම ඇස් දාර උතුරගෙන එළියට පැනපු කඳුළු බිංදු ඔහේ කම්මුල් දිගට ගලද්දි මං දෙතුන්වතාවක්ම සද්දෙන් හීල්ලුවා...
"ජිමිනී.. ආන්ටිට සමාවෙන්න මගෙ පුතේ... අපි ඔයාව රිද්දපු තරමෙ සීමාවක් නෑ.. දැං අංකලුයි මායි දෙන්නම ඒ ගැන පසුතැවෙනවා.. ඔයාට කැමතියි නම් කුකී එක්ක එහෙ ඇවිත් ඉන්න පුළුවන්... දරුවා ලැබෙනකල් විතරක්වත්.. අංකල්මයි ඔයාට එන්න කියන්න කිව්වෙ. වෙච්ච දේවල් එක්ක එයාට ලැජ්ජයි ඔයාට කතා කරන්න. ඒකයි ඔහොම මගෑර මඟෑර ඉන්නෙ.."
දෙයියනේ ඔම්මා මොනාද මේ කියවන්නෙ? අප්පට හ්‍යොංට මූණ නොදී ඉන්න තරම් වුණේ මොනවද? මොනව ගැනද මේ කියන්නෙ.. දරුවව නැතිකරන්න හදපු එක ගැනද..? ඒත්.. ඒත් ඒක හ්‍යොං දන්නෙ නෑනෙ..
"මගෙ පුතා ආන්ටියි අංකලුයි එක්ක කේන්තියෙන් ඉන්නෙ කියන්න මං දන්නවා.. ඒත් මගෙ දරුවා ඉන්න තත්වෙ ගැන හිතලවත්..."
"හේයි හේයි මිසිස් ජොන්.. ඔහෝ තාමත්.. මෙච්චර දේවල් වුනාට පස්සෙත් තාමත් තමන් ගැන විතරයි නේද හිතන්නෙ ආ? මගෙ දරුව ඉන්න තත්වෙ හිතන්න නෙහ්? ඔව්නෙ එහෙමනෙ කිව්වෙ.. මේකා මර උගුලකට බෙල්ල තියන්න ඕනෙ තමන්ගෙ දරුවගෙ සැනසීම වෙනුවෙන් නෙහ්?"
"යුංගි හ්‍යොං ඕක නවත්තනවා..."
යුංගි හ්‍යොං කේන්තියෙන්ම මගෙ ඔම්මට බැන බැන කෑගහද්දි එයා ඊට නොදෙවෙනි වෙන්න කෑගැහුවා..
"නවත්තන්න?? නවත්තන්න තිබුනා තෝ බූරුවෙක් වගේ උඩපැනගෙන මෙතන යන්න දඟලන්නෙ නැත්තන්.. යකෝ දෙයක් උනොත් මේ ඉන්න එකෙක්ටවත් ඒක උහුලගන්න පුළුවන්කමක් නෑ... කැක්කුමයි යකෝ.. රිදෙනවා... තොට මොනවාහරි වෙනවා බලන් ඉන්න බෑ රිදෙනවා.. පිට මැද්දට පිහියක් ඇනගෙන හොස්පිට්ල් එකේ ඇදක් උඩ වැටිලා ඉද්දි ජුනී විදෙව්ව තරමක් දැක්කනං තෝ යන්න තියා මුන්ගෙ මූණක්වත් බලන්නෙ නෑ..."
"යුංගි...හ්"
එයා ගේම හෙල්ලිලා යන්න කෑගැහුවා.. නෑ ඒත් යුංගි හ්‍යොං නෙවෙයි නැවැත්තුවෙ.. දෙයියනේ මොනවද රත්තරනේ මට මේ ඇහෙන්නෙ?? ඔයාට පිහියෙන් ඇන්නෙ අප්පද? එහෙමද යුංගි හ්‍යොං හිතාගෙන ඉන්නෙ.. එහෙමත් නැත්තන් ඒකද ඇත්තටම වුණේ...
ඔම්මා සමාව ඉල්ලුවෙ එයාලගෙන් ඒ වැරැද්ද වුණ හින්දද? ඒත් ඇයි?? දෙයියනේ මං නිසාද? ඔයා කකුල් පණ නැතුව ඔහොම රෝදපුටුවකට වැටිලා ඉන්නෙ මං හින්දද මහත්තයෝ... අනේ මේ හැමදේකම කෙලවර ඉන්නෙ මමද වස්තුවේ..
දාහක් ජාති එක හුස්මට හිතට ගලාගෙන එනකොට මං දෝතින්ම කන්දෙක වහගෙන ඇඳ කෙළවරකින් ඉදගත්තා..
"යුංගි.. යුංගි ඕක නවත්තනවා... ම්හ්.. මැ..මැණිකහ්.. මැණික... ෂ්.. ෂ්... මේ කිසිදෙයක් අහන්න එපා වස්තුවේ.. ඔය මුකුත් වුණේ නෑ.. ඔව්වා හිතන්න එපා රත්තරන්.. ඔය මුකුත් වුණේ නෑ.. දෙයියන්ගෙ නාමෙට උඹ ඔලුව නිදහසේ පරිස්සමට ගිහින් වරෙන් මැණික... අනේ අපේ දරුපැටියව බලාගනින්.. ඒ ඇති..."
එයා අඬනවා.. මාව ඉඹ ඉඹම අඬනවා.. ඒ තොල් නොසෑහෙන්නම වෙව්ලනවා...
"උඹ ඔය මොනවා කිව්වත් යවන්නෙ මරුකටට කියලා දැන දැනම උඹව යවලා ඇස්කන් පියාගෙන ඉන්නෙ කොහොමද කියපන්..? උඹ මොන නාඩගම නැටුවත් උඹට මේ ගෙදරින් අඩියක් හොල්ලන්නනං දෙන්නෙ නෑ ජිමින්.. මට ඕකා ගැන දුකයි. හරි පව්... ඒත් මට කරන්න දෙයක් නෑ.. කුකී.. මට බෑ මූව උඹ එක්ක යවන්න... සමාවෙයන් රත්තරනේ මට බෑ.. මට ඔය කාටත් වඩා මේකව වටිනවා.."
මං ඉදලාම යාන්තන් හුස්මක් දෙකක් අමාරුවෙන් ඇදගත්තා.. නෑ.. නෑ කියන්න රත්තරන්... ඔයාට ඔහොම කරේ මගෙ අප්පා නෙවෙයි කියන්න වස්තුවේ... එයා නෙවෙයි කියන්නකෝ..අහ්.. අප්පා.. අනේ ඇයි දෙයියනේ මගෙ ජීවිතේ මෙච්චර විනාස කරේ.. මේ අහිංසකයව රෝදපුටුවකට කරලා කොහොමද ඔහොම සැනසිල්ලෙ ජීවත් වෙන්නෙ...
නෑ.. නෑ මෙයාලා වැරදි වෑහීමක ඉන්නෙ.. මගෙ අප්පා එහෙම නෑ.. අනේ එයා එහෙම කෙනෙක් නෙවෙයි රත්තරන්... මං දන්නවනෙ එයාට එහෙම කරන්න බෑ වස්තුවේ.. එයා හොඳ මනුස්සයෙක්... යුංගි හ්‍යොංලට වරදින්න ඇති.. අපි අයිමත් හොයලා බලමු... ඒ එයා වෙන්න බෑ...
මං ඇඬුවා.. ඇස්වල කඳුළු ඉවරවෙනකම්ම ඇඬුවා.. එයයි ඔම්මයි මොනතරම් දේවල් කියලා හිත හදන්න හැදුවත් බැරිවෙනකොට එයා අන්තිමට ඔම්මා ඉස්සරහදිම මගෙ තොල් ඒ තොල් එක්ක පටලගත්තා.. මට අඩන්න තියා හුස්මක් ගන්නවත් අමතක වෙන තරමෙ ආදරයක් සෙනෙහසක් ඒ හාද්ද පුරාවට තැවරිලා හිබුනා..
"ම්හ්හ් දැන් හරි.. උම්ම්මාහ් දැන් සේරම හරි.. තවත් රෑ නොවී දැන් පරිස්සමට ගෙදර යන්න මගෙ වස්තුව..."
"අහ්.. බෑ.. අනේ... අනේ ඔම්මා.. ඔම්මා අපි මෙහෙ ඉමුකෝ..."
"කරන්න බැරි දේවල් ඉල්ලන්න එපා මගෙ පුතේ.. අපි අසරණ වෙනවනෙ.."
"මට යන්න බෑ ඔම්මා.. අනේ මගෙ හුස්ම ටික මෙතන දාලා මං කොහොමද යන්නෙ ඔම්මා..."
"මාස දෙකයිනෙ පුතු.. මේ දරුවටත් එන්න බැරිනම් මොකක්ද අපි වෙන කරන්නෙ...?"
ඔම්මටයි අප්පටයි ඕනෙ වුණේම මාව ආපහු ගෙනියන්න වෙච්චිකොට යුංගි හ්‍යොංගෙ අවසරේ නැතුව එයාට ගෙදරින් එළියට බැහැගන්න විදිහක් නැතුව ගිහින් තිබුනා.. එයා කෙලින් කටින් හිටියනං මටත් කලින් එළියට බහින්නෙ එයා කියලා දන්න හින්දම තවත් දුක හිතෙන කතා කිය කිය ඒ හිත රිද්දන්න බැරිකමටම මං ඔම්මලාට අවනත වෙලා එන්න හැරුණා..
"මැණික.. පුළුවන්නං දෝනිව ඇහැරවලා එයාට යනවා කියලා කියලා යන්න.. හවස ඇහැරලා හොයන්න ගත්තොත් මට දෙන්න උත්තර නෑ. ප්ලීස්..."
"අනේ මට යන්න බෑ මහත්තයෝ.."
මං අන්තිම වතාවටත් ඒ මූණ දිහා බලාගෙන යන්තමට මිමිණුවා..
"අහ්... කමක් නෑ.. ඒකට කමක් නෑ.. ඔයාගෙ හිත කියන දේ කරන්න මැණික... ඉන්න ඕනෙනං අපි ඉමු.."
ඇයි දෙයියනේ... ඇයි මට ඔම්මව මෙච්චර ඕනෙ හිතෙන්නෙ..අනේ මං කාවද තෝරගන්න ඕනෙ වස්තුවේ...
"කුකී ඉක්මනට යමු අපිට පරක්කු වෙනවා.."
"එ..ඒත් අප්පා.."
"කූ මේ අහන්න.. ඔයාට යන්නම ඕනෙද මැණික?"
එකපාරම එයා හරි හදිස්සියෙන් ඇවිත් මගෙ අත දෝතින්ම ගුලි කරන් මගෙ ඇස් අස්සෙ ගිලීගෙන මිමිණුවා.. ඔම්මව ඕනෙම හිතුනත් අනේ මං නෑ කියන්න ඔලුව වැනුවා...
"ජන්කුක් ඔයා දන්නවා අප්පට නාස්ති කරන්න වෙලාව නෑ කියලා.. බෑයි කියලා බෑ.. යමු... මෙහෙ ඔයාට කිසි පහසුකමක් නෑනෙ දරුවො.. මොනතරම් අමාරුවෙන්ද ඉන්නෙ.. දරුවා ලැබෙනකල් විතරයිනෙ.. හොඳ පුතා වගේ ගිහින් ලෑස්ති වෙන්න. අපි දැන්ම යන්න ඕනෙ.. ..."
අප්පගෙ වචනෙන් එහාට තවත් වචනයක් නෑ.. මං වෙන මොනවා කරන්නද වස්තුවේ... හා කියලා යනවා ඇරෙන්න මං වෙන මොනවා කරන්නද?
"එයාගෙ අකමැත්තෙන් ඔයාට එයාව ගෙනියන්න බෑ මිස්ටර් ජොන්.."
"මේ මගෙ දරුවා ජිමින්..."
"මං එයාගෙ දරුවගෙ තාත්තා මිස්ටර් ජොන්.."
දෙයියනේ එයා ඒ පාර අප්පා එක්ක කෑගහගන්නවා.. මං ඒ වතට හේත්තු වෙලා හරි හිරට ඒ උරහිස මිරිකගෙන එපා කියන්න දෙපැත්තට ඔලුව වැනුවා.. නෑ එයා නවතින කෙනෙක් නෙවෙයි...
"ඒ දෙන්නගෙම යහපතට මං මගෙ කොල්ලව ගෙදර ගෙනියන්න හදන්නෙ දරුවො.."
මං කවම කවදාවත් දැකලා නැති තරමෙ ඉවසීමකින් අප්පා කතා කරන්නෙ.. මට බය හිතුනා.. සත්තමයි මට බය හිතුනා...
"ඔය කොල්ලො දෙන්නම බොහොම පරිස්සමට මෙච්චරකල් මේ ගෙදරත් හිටියා මිස්ටර් ජොන්.."
"අ..හ් මගෙ කාලෙ නාස්ති වෙනවා.. කුකී.. ගිහින් ඉක්මනට ලෑස්ති වෙනවා..."
ඊලඟට අප්පා එයාගෙ වචන නෑහුන ගානට ගෝරණාඩු කරා.. තවත් දුරදිග ඇදුනොත් එසේමෙසේ දේකින් මේක කෙලවරක් නොවෙන බව තේරුණ පළවෙනි තප්පරේම මං ඒ මූණ දෝතටම අරන් ඒ ඇස් අස්සටම ගිලුනා..
"මං පරිස්සම් වෙන්නම් මහත්තයෝ.. පොරොන්දු වෙනවා අපේ පැටියව ඇස්දෙක වගේ රකිනවා... එයත්තෙක්කම ඉක්මනට එන්නම්.. ඒ එනකොට හොඳටම සනීප වෙලා ඉන්න... හොරට මඟාරින්නෙ නැතුව වෙලාවට බෙහෙත් ටික බොන්න වස්තුවේ.. මං අහනවා ජින් හ්‍යොංගෙන් කෝල් කර කර හොඳද.."
ඒ නළල මැද්දට හරි ආදරෙන් තොල් තදකරපු මම පියවුණු ඒ ඇස් උඩිනුත් ලෝබකමෙන් හාදු දෙකක් තිබ්බා..
"ප්..පරිස්සමින් මැණික... මිසිස් ජොන් ප්ලීස් එයාව බලාගන්න.. හවස් වෙද්දි කකුල් ඉදිමෙන්න ගන්නවා. අනේ චුට්ටක් බලලා තවන්න.. රෑට නින්දෙන් දඟලනවා ඒසී එක දාලා කොට්ට වට කරලා තියන්න.. ප්ලීස් මිසිස් ජොන් එයා..."
"අනේ රත්තරනේ ඇයි මේ..? ඉස්සර වගේම කටපුරා ආන්ටි කියලා කතාකරන්න දරුවෝ.. ඔය වචන මාව රිද්දනවා... හ්ම්ම් මං ඔයාගෙ මැණිකව හරි පරිස්සමට බලාගන්නම් පුතේ. ඒක පොරොන්දුවක්.. බයවෙන්න එපා.. මේ ඉන්නව වගේම බලාගන්නම්..."
අන්තිමට ඒ හිත සනසලා සනසලා ඔම්මලා එක්කම මං වාහනේ දිහාවට ඇදුනේ අමාරුවෙන් ගල්කරගත්තු හිතක් එක්ක.. දෙයියනේ අර තොක්බොක්කි ටිකවත් කව්වගන්න බැරිවුණා... දැන් ආයෙ කන එකකුත් නෑ පව්..
මට හිතන්න දාහක් දේවල් තිබුනා.. එයාව දෝනිව මෙහෙම තනිකරලා යනඑක ගැන හිතන්න මට මහමෙරක් තරම් දේවල් තිබුනා...
"හේයි බේබ්.."
වාහනේ දොර අරිනවත්තෙක්කම ඇතුළෙන් ඇහුණු කටහඬට මාව ගල්ගැහිලා ගියා.. දෙයියනේ ජැක්සන්... එයා මොකක්ද මේක අස්සෙ කරන්නෙ.. මං හුස්මක වේගෙන් හැරිලා ගේ දිහා බැලුවා... අනේ එයා හිටියෙ එහෙමම රෝදපුටුවට කඩන් වැටිලා.. මුළු ලෝකෙන්ම පැරදුනු ගානට හිත හොඳටම රිද්දගෙන..
"අ..හ් ඔම්මා... මෙයා ඇයි මේ? මට බෑ.. අනේ මට බෑ මෙයත්තෙක්ක යන්න එන්න.."
"ජැක්සන් ඔයාව එක්කන් යන්න ආපු ගමනක් නෙවෙයි දරුවො මේ.. එයා ආවෙ එයාගෙ වැඩකට..."
එයාගෙ වැඩකට ආවානං එයාගෙ වාහනේ එන්න තිබුනනෙ දෙයියනේ.. මට ආපස්සට හැරිලා ගෙදරට දුවන්න හිතුනා..
"ඕකා එළියට එනකල් මට තමුන්ගෙන් වැඩක් ගන්න බෑ ජන්කුක්.. බය නැතුව ඇවිත් නඟිනවා.."
මං ජැක්සන්ට රවාගෙනම ගිහින් එයාට පැත්තකින් වාඩිවුණා.. ඔම්මට තිබුනා මාත්තෙක්ක පිටිපස්සෙන් වාඩි වෙලා ජැක්සන්ට අප්පා එක්ක ඉන්න ඉඩ අරින්න.. එහෙමත් නැත්තන් ඩ්‍රයිවර් ලඟ සීට් එකට ජැක්සන්ට යන්න කියන්න.. නෑ එයත් කිසි කතාවක් නැතුවම වාහනේට නැගලා අප්පා ලඟින්ම වාඩිවුණා..
ඇයිද මන්දා පුතු හරියට කලබල වෙලා එහෙට මෙහෙට දඟලනවා... මං හිතෙයි ගතෙයි වේදනාව දරාගන්න බැරිම තැන එහෙමම ශටර් එකට ඔලුව ගහගෙන ඇස් පියාගත්තා.. මට අප්පිරියයි. මට මේ මනුස්සයා ලඟින් ඉදගෙන යන්නත් අප්පිරියයි රත්තරන්..
යන මඟදි කොයිම වෙලාවකහරි මට නින්ද ගිහින් තිබුනා.. ඒත් ආයෙත් ඇස් අරිද්දි මං හිටියෙ ජැකීගෙ පපුවට ඔලුව තියාගෙන... දෙයියනේ මං ගැස්සිලා අයින් වුණා.. ඒ මූණෙ තිබුනෙ මහ අප්‍රසන්න හිනාවක්... එයාගෙ එක අතක් මගෙ බණ්ඩිය උඩ තිබුනා දැක්කම පපුව කොච්චරක් ගිනිගත්තද කියනවනං මට පිස්සු හැදෙන්නම ආවා..
"අත ගන්නවා.. ම්ම්හ්... එපා... අතගන්න ජැක්සන්.. ප්ලීස්..."
"ඊලඟට අපේ එක්කනා මෙතෙන්ට එන්නෙ.."
අත ආපහු ගන්න ගමන් ඒ ජරා මූණ මගෙ පැත්තට බර කරගෙන එයා රහසින් වගේ මිමිණුවා.. අනේ මට ඔයා ලඟට එන්න ඕනෙ රත්තරන්.. මට බයයි.. මට මේ ගමන යන්න බයයි දෙයියනේ...
"පුතු මොනවහරි කන්න ඕනෙද?"
කල්පනාවක හිටපු මං එකපාරම ඉස්සරහා ඉන්න ඔම්මාගෙන් ඇහුණු කටහඬට ගැස්සුනා..
"වහ ටිකක් දෙන්න ඔම්මා.. මේ දරුවයි මායි එකපාර මැරිලා යන්න වහ ටිකක් දෙන්න..."
"මොනවද දරුවො ඔය නොදරුවෙකුත් බඩේ තියාගෙන කියන කතා.."
ඔම්මා සද්දෙට කෑගැහුවත් එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ.. මාත් සද්දයක් නැතුවම ශටර් එකෙන් කොහේදෝ ඈතක් බලාගෙන ගෙදර එනකල්ම හීල්ලුවා..
මං ගෙදර ආපු එක ගැන සතුටු වෙන්න හිටියෙ එකම එක මනුස්සයයි.. ඒ අංකල් බොරම්. එයා කඳුළු උතුරන දිලිසෙන මගෙ බණ්ඩිය දිහා නොසෑහෙන වෙලාවක් තිස්සෙ බලන් හිටියා.. හරි අහිංසක හිනාවක් මූණට අන්දගෙන...
"චූටි බේබි.. යමු ඇතුළට.. පරිස්සමින්..."
ගෙදර ගියපු ගමන්ම හොඳ සනීපෙට උණු වතුරෙන් ඇඟ සෝදගත්තු මම මහන්සියටම ඇදේ දිගාවුණා.. ඔයා හිටියනං ඔක්කොටම කලින් මාව තුරුල් කරගන්නවා.. ඊට පස්සෙ නින්ද යනකල් ඔලුව අතගානවා.. ඒ අතරින් පතරට මූණ පුරාවටම හාදු මහ ගොඩකුත් තියනවා...
එයා ගැන කල්පනාවක හිටපු මං එකපාරම ෆෝන් එක රින්ග් වෙද්දි ගැස්සිලා ඇස් ඇරියා.. ඔව් ඒ එයා...
"බබා.. කෑවද??"
"හ්ම්.."
නෑ මං කෑවෙ නෑ රත්තරන්.. ඉස්පාසුවක් නැතුව හිත අස්සෙ ඔයා දඟලද්දි උගුරෙන් පහළට බත් කටක් යවාගන්නෙ කොහොමද වස්තුවේ..
"බොරු නේද?"
ඔයාට බොරු කියන්න මට බෑ රත්තරන්.. එක හුස්මක සද්දෙන් ඔයා සේරම තේරුන් ගන්නවා..
"නොකා නිදාගන්න එපා වස්තුව. පැටියා පව්නෙ.. කුක්කු චුට්ටක් හරි බීලා දොයියන්න ම්..."
"හ්ම්ම්.."
"දුකින්ද?"
අනේ ඉතිං මට සද්දෙන්ම ඉකිගැහුනා..
"අඬන්න එපා මැණික... කෝ චූටියා දොයිද? පපාට කරදර කරන්නෙ නෑ නේද?"
"ම්හ්හ් ඉන්න ස්පීකර් ඔන් කරන්න.. එයාට අද අප්පාගෙ කතන්දරත් නෑනෙ..."
"ඒකනෙ මගෙ චූටි කොල්ලා පව්.."
අපි වරුගානක් කතා කරා.. ගමන් මහන්සියටමද කොහෙදෝ කීයටම හරි මට නින්ද ගිහින් තිබුණත් උදේ නැගිටිද්දිත් කෝල් එක ඒ විදිහටම තිබුනා.. දෙයියනේ එයා තාමත් මං දිහා බලාගෙන ඉන්නවා... ඇස් වටේ යකෙක් වගේ කලු ගැහිලා ඇස් බෝල රතුවෙනකල්ම එයා නිදිමරාගෙන මං දිහා බලාගෙන ඉදලා තිබුනා..
"ම්හ්හ්.. දොයියෑවෙ නැද්ද පණ..?"
"ම්හු..."
"දෙයියනේ ඔයා මුළු රෑම ඇහැරන් හිටියද හ්‍යොං?"
"හ්ම්ම්..."
දැක්කනෙ මුළු රෑම ඇහැරන් ඉදලා.. අනේ මේ පිස්සු කොල්ලා..
"දෝණි කලබලයක් නෑ නේද ම්.."
"ඇඬුවා මැණික.. රෑ තිස්සෙම ඇඬුවා... බැරිම තැන මං මෙතනට අරන් ඇවිත් ඔයාව පෙන්නුවා.. එතකොට තමයි යන්තන්වත් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණේ.."
අනේ පව් මගෙ කෙල්ල..
"එයා හිතන් ඉන්නෙ ඔයා හෙට එනවා කියලා බබා..."
දෙයියනේ මාස දෙකක් කොහොම මොනව කියලා රවට්ටන්නද රත්තරන්.. මගෙ පපුව ආයෙ ආයෙත් පිච්චිලා ගියා... පව් මගෙ අහිංසකී..
කෝල් එකෙන් පස්සෙ එහෙම්මම වොශ් එකක් දාගත්තු මං කම්මැලිකමෙන්ම ඔහේ කෑම කාමරේ දිහාවට ඇදුනා..
දවස ගෙව්නෙ මහ මූසල විදිහට.. එයාගෙ උණුහුම ඒ ආදරේ ඒ හාදු නැතුව තප්පරෙන් තප්පරේට ඇදුම් කන පපුව යාන්තමට යාන්තමට අතගගා හරි අමාරුවෙන් එකම එක දවසක් ගෙවාගත්තා.. තව දවස් කීයක්ද.. චූටියෝ ඔයා ඉක්මනට ආවොත් අපිට ඉක්මනට අප්පා ලඟට යන්න පුළුවන් රත්තරන්...
උදේ කෝල් එකෙන් පස්සෙ එයාගෙන් කෝල්ස් තිබුනෙම නෑ.. හවස් වෙද්දි ඒ ෆෝන් එකත් ඕෆ් වෙලා තියෙනකොට මං ආයෙ ආයෙත් නිස්කාරණේ පපුව රිද්දගත්තා... නිකමට මැසේජ් එකක්වත් තියන්න බැරිවුණාද රත්තරන්... අනේ මං බලන් ඉන්නවා කියලා දන්නවනෙ..
ඔහේ ගෙවිච්ච දවසෙ අන්තිමට රෑ ඇඳට ආපු මට නින්ද ගියෙ කීයටද කියන්න මං දන්නෙ නෑ.. ඒත් එකපාරම ජනේලෙ ලඟින් ආපු සද්දෙට මාව ගැස්සිලා ඇහැරුණා..
කවුරුහරි ජනේලෙ ලඟ ඉන්නවා. රහසින් රහසින් කතාකරනවත් ඇහෙනවා.. හොරෙක්ද? නෑ වෙන්න බෑ... මෙහෙට එන්න තරම් මෝඩවෙන හොරු ඉන්න විදිහක් නෑ.. මගෙ පපුව එක සීරුවට ගැහෙන්න ගත්තා... හො..හොල්මන්ද? දෙයියනේ මට මතක් වුණේම නානාප්‍රකාරයෙ හොල්මන් වෙනකොට මං වෙව්ලන ඇඟිලිතුඩුවලින් ඩුවට් එක ඔලුවෙ ඉදම්ම පොරවගෙන ඇද කෙලවරකට ගුලිගැහුනා..
"ස්.. ස්..."
"ක්..කවුද??"
"ඉක්මනට මේක ඇරපන් මැණික.. අපිව අහුවෙනකල්ද ඉන්නෙ?"
දෙයියනේ ඒ කටහඩ එයාගෙ... මේ මනුස්සයා කොහොමද මෙහෙට ආවෙ.. හීනයක්ද? මං මේ හීනයක් දකිනවද?? එක සීරුවට මං කල්පනා කරල කරලම හුස්මත් හිරකරගත්තා...
"චූටි බේබි.. ඉක්මනට මේ ජනේලෙ අරින්න.."
ඈහ් ඒ අංකල් බොරම්.. මං දුවගෙනම ගිහින් ලොකු වීදුරු ජනේලෙ ඇරියා.. දෙයියනේ එතන හිටියෙ එයයි බොරම් අංකලුයි යුංගි හ්‍යොංවුයි... ඔව් ඔව් ඇත්තටම යුංගි හ්‍යොං තමයි.. අ..ශ් අම්මපා මේ මනුස්සයා නේද එයාව මෙහෙ එක්කන් එන්න දෙන්න බෑ කියලා ඊයෙ දවල් තිස්සෙම මැරෙන්න හැදුවෙ..
අංකල් බොරම්ගෙයි යුංගි හ්‍යොංගෙයි වාරුවෙන් ගෙට රිංගගත්තු එයා එක හුස්මට මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා..
"සර්ලා යනකොට මට කියන්නකො එහෙනම්.."
චුට්ටකින් බොරම් අංකල් තවත් මොන මොනවදෝ මුමුණ මුමුණම යන්න ගියා..
"දෙයියනේ ඔයාලා මෙහෙ.. කොහොමද ආවෙ?.."
"මට නින්ද යන්නෑ මැණික.. ඔයා නැතුව බෑ.. මට.. මට ගෙදර ඉන්නම බැරුව ගියා..."
"මූ හොඳ පිස්සුවක් නටලා ඔය ආවෙ කූ..."
එයා ඩිවාන් එක කෙලවරක ඉදගෙන ඉස්පාසුවක් නැතුව බණ්ඩිය ඉඹිනවා.. පුතු පැටියව අතගානවා.. දෙයියනේ හරියකට ඇවිදගන්නත් බැරුව ඔයා මේ මොනවද කරන්නෙ වස්තුවේ...
"අනෙහ්.. අනේ ඔයාටනං පිස්සු රත්තරන්... තව පොඩ්ඩෙන් මට බයවෙලා මොකක් හරි වෙනවා... අශ්... අනේ මේ එක දවසට ඔයා වැහැරිලා වගේ වස්තුවේ... කොහොමද දෙයියනේ ආවෙ.. මොකේද ආවෙ? ඔයාලා කාලද ඉන්නෙ.."
"යා.. හුස්මක් ගනින් යකෝ.. මොකක් හරි වෙයි.."
"ම්හු.. කෑවෙ නෑ බබා.. බඩගිනියි මෙව්වා ඕනෙ.."
"යා හ්‍යොං..."
අශ්.. දෙයියනේ එයා යුංගි හ්‍යොං ඉන්න තැනම මගෙ පපුව මැද්ද සද්දෙට ඉඹ ඉඹම කියෙව්වා..
"කුකී.. ජන්කුක් මොකක්ද දරුවො ඒ සද්දෙ?..."
දෙයියනේ අප්පා... කවදාවත් නැතුව කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එකපාරම කාමරේට කඩන් වැදුනෙ අප්පා...
"ඔහ් ජීසස්.. ජ්..ජිමින්... තමුන්ලා කොහොමද මගෙ ගෙට රිංගුවේ ආ..?"
"අහ් මිස්ටර් ජොන්.."
"ජන්කුක්.."
"නෑ නෑ.. කිසිම විදිහකින් එයා දැනුවත්ව ආපු ගමනක් නෙවෙයි මේක... අහ්ම්.. මේ මට පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා කරන්න..."
"මොකක්ද? මොන රික්වෙස්ට් එකක්ද?"
"මිස්ටර් ජොන් මං ඔබතුමාගෙන් ඉල්ලන පළවෙනි සහ අන්තිම ඉල්ලීම මේ.. මගෙ කොල්ලව මට ගෙනියන්න ඕනෙ... අඩුම තව එක මාසයක්වත්.. මට ඇවිදගන්න පුළුවන් වෙනකල්වත් එයාව මට මගෙ ලඟම තියාගන්න ඕනෙ..."
එයා අප්පා දිහාවට ඒ තියුණු ඇස් තියාගෙන එක හුස්මටම කියලා දැම්මා.. නෑ ඒක ඉල්ලීමකටත් වඩා අණක් වගෙයි පෙනුණෙ... අප්පා මුකුත්ම නොකියා කිසිම කිසි දෙයක් නොකියා විනාඩියක් දෙකක් බිම බලාගෙන එහෙමම හිටියා..
************************
දෙයිත මගෙ කොල්ලව ගෙනියන්න.. 🥲
වෝට්, කමෙන්ට්ස් අඩු ඇයි පැටවුනේ.. අනේ දුකයි එතකොට 🥺🤧💔
ආදරෙයි 🥰❤️
පරිස්සමට ඉන්න 🥺🥰😘