අපි අන්තිමට තොක්බොක්කි හැදුවා.. බුල්කොගි දාපු තොක්බොක්කි... නෑ කිම්චි චිගේ එක්ක නෙවෙයි. රස පාට උතුරන ජජම්‍යොන් තොගේකුත්තෙක්ක...
දෙයියනේ ඒක හීනයක් නෙවෙයි.. මුලදි මට එහෙම හිතුනත් ඇත්තටම අපි දෙන්නගෙ අත් දෙකෙන් රස කෑම මහ ගොඩක් හැදුනා... දෝනිට කන්න වෙනම හැදුව සැර නැති රාම්‍යොන් චුට්ටකුත් එයාගෙ පිඟාන පිරෙන්නම තිබුනා..
"චිකන් ටිකකුත් ෆ්‍රයි කරලා ගමුද මැණික.."
ඔව්නෙ අන්තිමට එයා යාළු වුණා... චුට්ටක් වෙලා යනකන් ලැජ්ජාවෙන් රතුවෙලා පැත්තකට වෙලා හිටියත් මහ ගොඩක් වෙලා ඒක දරාගෙන ඉන්න පුළුවන්කමක් එයාට තිබ්බෙ නෑ.. ඉතිං ඇඹරි ඇඹරි ආයෙත් අපි අස්සෙම දැවටෙන්න ගන්නකොට දෝනියි මායි බොරු තරහවල් සේරම පැත්තක දාලා එයාගෙ තුරුලට පැන්නා...
"එක්කො එපා නේද? තෙල් ගොඩයිනෙ.."
"ම්ම්හ්???"
"චිකන්?? ෆ්‍රයි කරාම තෙල් ගොඩයි නේද මැණික. පැටියට හොඳනෑනෙ..."
"කමක් නෑ හදන්න හ්‍යොං.. අනිත් අය කනවනෙ... මං දන්නවා ඔයත් ආසයිනෙ.."
එයා ආසයි චිකන් ෆ්‍රයි කරලා සෝස් තලියක ඔබාගෙන කන්න.. පව් ඔය මං හින්දනෙ නොකා ඉන්න හදන්නෙ...
"මට එපා.. අපි එහෙනම් එයාලට විතරක් හදමු..."
"ඇයි ඔයා..."
"ඔයා මගෙ කොල්ලා වෙනුවෙන් කරන කැපකිරීමෙන් දශමෙක තරම්වත් දෙයක් මටත් කරන්න දෙන්න මැණික.."
එයා ලස්සන හිනාවක් එක්ක ඇදිලා එන තරම් සද්දෙන් මාව ඉඹ ඉඹම කියෙව්වා.. ඔව් එයා හරි සතුටින් හිටියේ.. ඒ ඇස්වල හැම තප්පරේකම සතුටු පාටට කඳුළු දිළිසුනා...
මහන්සියක් අමාරුවක් ලාවටවත් ඒ මූණ කෙලවරකවත් තැවරිලා තිබුනෙ නෑ.. අපි දෙන්නටම වාරුනැති තැන්වලදි ජින් හ්‍යොං හරි ටේ හ්‍යොං හරි උදව්වට ආවා.. මේ ආපහු ලස්සන දවස්... ආදරේ උතුරන ලස්සන දවස්...
ගෙවිච්ච විනාඩියක් ගානෙම පුතු පැටියට අප්පගෙනුයි අක්කි බබාගෙනුයි හාදු මහ ගොඩක් හම්බුනා.. ඉතිං කොල්ලත් මහ සන්තෝසෙකින් එහෙට මෙහෙට කකුල් ගස ගසා බණ්ඩිය ඇතුළෙ ඉදන් එයාගෙ විස්තරේ කියෙව්වා..
"අප්පා කූ අප්පට කවන්න. කූ අප්පා දූනිට කවන්න.. දූනි අප්පට කවන්න..."
කෙල්ල කලින්ම කෑම කනබොන පිළිවෙල හරි පරිස්සමට කියාගෙන ගියා.. කාවවත් මිස් නොවෙන්න තුන්දෙනාගෙම බණ්ඩි එකම වෙලාවක පිරෙන්න.. අහ් නෑ... අපි හතරදෙනාගෙම...
"අ..ශ්... ඒක ම්හ්හ්.. ඒක සැරයි හ්‍යොං.."
හොඳටම රතු ගැහුනු ඉදිමිච්ච තොල් එකට හපාගෙන සුරුස් ගගා නහය උඩට ඇද ඇදම මං කඳුළු පිරිච්ච ඇස්වලින් කියෙව්වා.. දෙයියන්ගෙ නාමෙට මේ මනුස්සයා කොච්චර මේකට මිරිස් හලලද.. සැර කන්නත් හොඳ නෑ...
"කුක්කු චුට්ටක් ගේන්නද?"
"අහ්??"
"නෑ නෑ ෆ්‍රෙශ් මිල්ක් බබා.. අශ්... මේකගෙ කැත හිත..."
"යා... ඇයි දැන් මං මොකක්ද කිව්වෙ ආ.."
කට සැරට කාගන්න බැරුව කුනුකුනු ගගා හිටපු මං එයා මිමිණුව වචනත්තෙක්ක ගැස්සුනා.. අර පොඩි දරුවත් ලඟ තියාගෙන මේ මොට්ටයා කියන කතා...
නෑ දෝනිට ඇහෙන්න නැතුව ඇති.. කෙල්ල ඉන්නෙ ෆෝන් එකේ ගිලිලා.. මීෂ්කා මීෂ්කා ගගා වළහෙක් පස්සෙන් දුවන එයාගෙ තාලෙම යක්ෂ කෙල්ලක් දිහා ඇස් බෝල කරන් හුස්මක්වත් ගන්න සිහියක් නැතුව එක දිගට බලාගෙන..
"අනේ...හ් බෝල නහය සතු වෙලා.. හුඟක් සැරයිද මැණික.."
හහ් ඒ පාර මාව විහිලුවට අරන්ද?? මං ඔක්කොටම කලින් තොල නොපිටට පෙරලගත්තා.. ඊටපස්සෙ අහක බලාගෙන බිමට රවාගෙන පුටුවෙ කෙලවරක් කොනිතිගැහුවා.. ම්හ් නපුරෙක් මහ...
"රෝස මල.."
"ම්ම්ම්හ්..."
"ඔයාට නෙවෙයි අනේ.. කූ අප්පට කතා කරේ.. ඔයා සද්ද නැතුව ඕක බලන්නකො.."
"ම්හුක්.. ඉතිං උයා මතනෙ තෝත මල කීන්නේ..."
"ඒ වුණාට දැන් කිව්වෙ ඔයාට නෙවෙයිනෙ.. බොරුවට යැයි යැයි ගාන්නැතුව කාලා බීලා ඉවරනං එළියට යන්නකො රත්තරනේ වද නොදී.."
"දෙයියනේ හ්‍යොං.."
අනේ අර පොඩි එකීගෙ මූණ හොඳටම රෝසපාට කරගෙන හිටියෙ.. ඇත්තනෙ දුක හිතෙන්න ඇති හොඳටම.. ඒ ඇස්වලට එක තප්පරේට කඳුළු පිරුනා...
"අ..අප්පා.. අප්පා නූටී.. නේත කූ අප්පා??"
කෙල්ල උගුර හිරවෙවී කෙදිරිලි තිය තිය මුමුණද්දි එයා සේරම පැත්තක දාලා කෙල්ලව මහ හිරට බදාගත්තා..
"අනේ මගෙ රත්තරනේ.. උම්මා.. උම්මා... අප්පට සොරි මැණික.. අප්පා විහිළුවටනෙ කිව්වෙ.. මගෙ පණව එලවනවද එහෙම... සෝස බෝලෙ.. මගෙ වස්තුව අපි කූ අප්පව එළවලා හොරෙන් අයිස්ක්‍රීම් කමු හොඳද.."
"හ්ම්ම්..."
"යා..."
ඒ පාර දෝනියි අප්පයි දෙන්නම හොඳයි.. පැත්තක හිටපු මං තමයි නරක.. දෙන්නා මට හොරෙන් අයිස්ක්‍රීම් කන්නත් ප්ලෑන් කරනවා...
මේ කෙල්ලටත් අයිස්ක්‍රීම් ටිකක් දෙන්නම් කිව්වොත් ඕනෙ සටනක් තප්පරේට පාවලා දෙනවා... අප්පා එක්කම ඉදලා ඒ ගතිමයි තියෙන්නෙ දැන්.. අශ්.. මෙහෙම දරු පවුලක්නෙ දෙයියනේ මට ඉන්නෙ..
"ආ.. ආ... මොකද මේ අපේ චූටියගෙ කූ පපාට ඩෝං ගිහින් ආ??"
එයා විනාඩි ගානක් ඔහේ කුනුකුනු ගගා ඉදලා එකපාරම දෝනිගෙ මූණ ඒ පපුව අස්සට ඔබාගෙන තොල්වලින් හරි රස්නෙට මගෙ තොල් අල්ලගෙන ඉරුවා... සැර නිසා ඉදිමිලා පුපුරු ගගහා තිබුනු තොල් එයාගෙ දත්වලින් හිතේ හැටියට හප හපම ඉරුවා...
"ම්හ්හ්..."
දරාගෙන ඉදලා බැරිම තැන අනේ මට ඉබේටම කෙඳිරිලි තියවුණා..
"ශ්... සද්ද එපා දෝනි ඉන්නවා..."
එයා කෙල්ලගෙ මූණ තව හිරට පපුවට කරගන්න ගමන් ආයෙ ආයෙත් සද්දෙට මගෙ තොල් ඉරුවා.. එයාගෙ එක අතක් මගෙ පපුව හීන්සීරුවට මිරිකද්දි කිරි පුරලා තිබුනු මුළු පපුවම හිරිවැටිලා යනතරම් වේදනා දුන්නත් ටිකෙන් ටික ඒක මාව සතුටු හැඟීමකින් පිරෙව්වා..
ඉතිං මං ඒ බෙල්ලෙ දෝතින්ම එල්ලීගෙන ඒ තොල් අස්සෙ හොඳටෝම පැටලුනා... මගෙ ආදරේ.. මගෙ ජීවිතේ.. මගෙ හුස්ම.. මගෙ හැමදේම...
"ම්හ්... ආහ්... අප්පා.. ම්හුක් දූනිට සිදෙනවනෙ..."
"අහ්.. අනේ රෝසමල.. මගෙ මැණික... සොරි.. අප්පට සොරී..."
දෙයියනේ කෙල්ල එයාව තල්ලු කරකරම කෙඳිරිලි තියන්න ගද්දි අපි හිටියෙ හාදුවෙ මහ ගැඹුරුම තැනක.. පව් චූටික්කිගෙ සුදු බෝල මූණ ඕනෙවටත් වඩා රතු ගැහිලා තිබුනා..
ඉතිං එයා හරි සිහියට ආපු පළවෙනි තප්පරේම මහ කලබලේකින් නොසෑහෙන්න කෙල්ලව ඉඹ ඉඹ සමාව ගත්තා... කෙල්ල චූටි කෙඳිරිල්ලක් තිබ්බත් ඇති ඒ පපුව නවතින්න යන ගානට ගැහෙනව..
"ආ... අපානෙ.. කෙල ගාන්න අපානෙ.. ඔය සිදෙනවා... ම්හු ම්හු..."
අන්තිමට කෙල්ල සැර පාටට මූණ හදාගෙන කම්මුල තවත් රතු වෙන්න අතින්ම පිහිද පිහිද පණ්ඩිත ආච්චියෙක් වගේ ෆෝන් එකත් කිහිලි ගහගෙන යන්න ගියා.. ඒ ගිහින් තප්පරේට ආයිමත් හැරිලා ආවා...
"මල්ලි බබා.. කූ අප්පට සිද්දන්නෙ ඒම නෑ.. අක්කි බබා හොලෙන් බලාගෙන ඉන්නෙ හලිද..."
ඒ කියලා එයාගෙ අප්පටත් රවලා මගෙ බණ්ඩියත් ඉඹලා ආපහු ආච්චි ටයිප් එකටම යන්න ගියා..
"හෑහ් ඒකිට මොකා වැහිලද ඒ??"
"යා හ්‍යොං... ඒ ඔයාගෙ දරුවා දෙයියනේ.."
"හහ්.. හරි හරි ඉතිං.. මේ.. ඒක නෙවෙයි රූම් එකට යන්ද??"
"එ..ඒ මොකටද??"
"ඇයි දැන් මේ නැඟිට්ටපු අයව නිදි කරවන්නෙ කවුද ආ.. මෙතන කිස් එකක්වත් දෙන්න පුළුවන්යැ. අර කිව්වත් වගේ අර යස්සනී පුටුවක් අස්සට වෙලාවත් බලාගෙන ඇති.."
දෙයියන්ගෙ නාමෙට ඔයා මේ මොනවද රත්තරනේ කියවන්නෙ... අනේ අර නොදරුවටනෙ මේ මහ ඕන්නැති කතා කියවන්නෙ..
"බබා යන්කො... ම්හු යන්කො... කෝ යන්කෝ..."
"යා මට බෑ පිස්සුද.."
"අනේ චුට්ටක්.. කිස් එකක් දෙන්න විතරක්... දැන් කී දවසකින් ඉම්බෙ නැද්ද බං..."
යාහ් හරි කෝලමක් වුණානෙ මේක.. ඇයි දැන් මේ කෙල්ලවත් බිම පෙරළගෙන ඉම්බෙ කාවද එතකොට..
"බෑ මට බෑ..."
"අනේ වස්තු.."
"බෑ කිව්වනෙ..."
"අනෙ අනේ අනේ..."
"අශ් හ්‍යොං.."
"ම්හ්.. මං කෑවෙත් නෑ... බඩගින්නෙ ඉන්න අසරණයගෙ හිතනෙ මේ රාස්ස පැටියා නපුරුකමට රිද්දන්නෙ.."
දෙයියනේ එයා කෑවෙ නෑ නේන්නම්.. දෝනි එයාට කව්වපු ඒවගෙන් බාගෙකටත් වඩා බිම පුරාවට ඉහිරිලා තියෙද්දි මං මුකුත්ම නොකියා හීන්සීරුවට නැගිටලා ගිහින් එයාට තොක්බොක්කි චුට්ටකුයි ජජම්‍යොන් චුට්ටකුයි චිකන් කෑලි දෙකකුයි බෙදාගෙන ආවා..
"කමූ..."
"මට එපා.."
"කෝ ආ කියන්නකෝ..."
"එපා කිව්වනෙ.."
"අනේ රත්තරන්..."
"....."
එයා යන්නම හැරුණා..
"කෑවොත් උම්මා එකක් දෙනවා..."
"අහ් ඇත්තටමද??"
දෙයියනේ ඒ ඇස් දිලිසිච්ච තරම්.. අනේ මට මෙච්චර ආදරෙයි ද වස්තුවේ... එකම එක හාද්දකට ඔච්චරක් නැහෙන්න තරම්ම ආදරෙයි ද දෙයියනේ.. මං එයා කන්න කලිම්ම හරි පරිස්සමට ඒ කම්මුල ඉම්බා... යාන්තමට සිනිදු හිනාවක් එක තප්පරේට ඒ මූණ පුරාවට දුවද්දි මං අනිත් කම්මුලටත් හීන්සීරුවට තොල් තද කරා..
"ප්ලීස් රූම් එකට යමු බබා..."
එයාට මාව ඕනෙ... කවදාටදෝ පස්සෙ හම්බුනු දිග හාද්දක් හින්දා එයා ඕනෙවටත් වඩා උනුසුම් වෙලා ඉද්දි මං තවත් එයාව මහන්සි නොකරම කෑම පිඟානත් අරන් කාමරේට ඇදුනා..
"ඔයා ඔහොම ඉදගන්න මැණික මට පුළුවන්.."
මං ඇදෙන් ඉදගන්න කියලා එයත් වාරුවෙලා වාරුවෙලා කොහොමහරි තනියමම නැගිටලා ඇදෙන් වාඩි වුණා.. ඔයා හරි ඉක්මනට ඇවිදින්න ගනී වස්තුවේ... හැමදේම හරි ඉක්මනටම විසදෙයි..
කෑම පිඟාන පැත්තකින් අරන් තියපු එයා එහෙමම ඇද විට්ටමට හේත්තුවෙලා මාව ඒ වතට වාරුකරගත්තා.. වාරු කරගෙන හරි ආදරෙන් හිස්මුදුන ඉම්බා...
"අමාරුද? එයා දවසින් දවස බරවෙනවා බබා.."
ඊයෙ වගේම දෝතින් බණ්ඩිය උස්සගත්තු එයා මගෙ කම්මුලක් රතුවෙන තරම්ම ඉඹලා බෙල්ල අග්ගිස්සෙ මූණ ඔබාගෙන කියෙව්වා..
"මංහ්.. මං මහ තිරිසනෙක් මැණික.. මං හොඳ අප්පා කෙනෙක් නෙවෙයි... මට කවදාවත් එහෙම වෙන්න බැරිවුණා.. එයා මෙච්චර ලඟට ඇවිල්ලත් එයා මගෙනෙ මේ මගෙ ලේනෙ කියලා මට දැනගන්නවත් බැරිවුණා.. අනේ මං ඔයාවත් සැක කරා මගෙ වස්තුව.. කොහොමද දරාගත්තෙ මැණික... දෙයියනේ මං එහෙම හිතුවෙවත් කොහොමද රත්තරන්... මං.. මං මෙච්චර..."
"ෂ්... ඇති මහත්තයෝ.. අනේ ඇති... මමයි වැරැද්ද කරේ... ඔයා අච්චර අහද්දි අහද්දිත් මමයි නෑ කිව්වෙ.."
"සමාවෙන්න මැණික..."
අන්තිමට නොකරපු වැරැද්දකට සමාව ඉල්ලපු එයා මට වචනයක්වත් කියන්න නොදී එහෙමම මාව තුරුල් කරන් මූණ පුරාවට සද්දෙන් සද්දෙන් හාදු තියන්න ගත්තා..
"අහ්හ් ඒක කරන්න හ්‍යොං..."
එයා හිටියෙ අපහසුවෙන්.. මං එයාව දන්නවනෙ...
"එපා මැණික.. උම්මා...හ් මං නිකන් කිව්වෙ... මෙතන තියෙන්නෙ මගෙ ජීවිතේම බබා.. අපි එයා එනකල් ඉමු..."
"ඒකට කමක් නෑ රත්තරන්.. එයාට රිද්දන්නෙ නැතුව කලාට කමක් නෑ..."
නොසෑහෙන වෙලාවක් තිස්සෙ මගෙ දිහා බලාගෙනම උන්නු එයාගෙ ඇඟිලිතුඩු හරි පරිස්සමට මගෙ ඇඟ පුරාම එකම එක තැනක්වත් මඟ නෑර මුළු ඇඟ පුරාවටම එහෙමෙහෙ දිව්වා.. එයාගෙ ඒ ආදරේ උතුරන පහසට හිරිවැටුනු ඇඟ මං තව තවත් ඒ පපුව අස්සට ගුලිකරගත්තා..
එතනින් එහාට ගෙව්නෙ මහ අනුරාගික වරු ගානක්.. දරුවට යන්තමටවත් අපහසුවක් නොවෙන්න කවරදාකටදෝ පස්සෙ දවසක අපි ආයිමත් වතාවක් අපේ වුණා... ඒ ලැබිච්ච හාද්දක ඉදම්ම තිබ්බෙ මහ පරිස්සම් ගතියක්.. නොසෑහෙන්නම ආදරේ උතුරන ගතියක්...
"රිදෙනවද මැණික..? අනේ මං රිද්දුවද??"
"ම්හු..."
"ආදරෙයි මගෙ වස්තුව.."
පුතු පැටියට චූටි හෙලවීමක්වත් නොදැනෙන්න එයා මාව තුරුල් කරගෙන ආයෙ ආයෙම නොසෑහෙන්න ඉම්බා..
"මගෙ පුතූ... ඔයාට රිදුනෙත් නෑ නේද? අප්පට පපාව දකිද්දි සිහියක් නැතුව යනවනෙ මැණික.. අහ් ඉක්මනට අප්පා ලඟට එන්න වස්තුව මං බලන් ඉන්නවා..."
"ම්හ්හ්... ඩොක්ටර් උදේ කෝල් කලා හ්‍යොං.. හෙට උදේට ස්කෑන් එකක් කරමු කිව්වා..."
"අ..හ්.. අපිට එයාව බලන්න පුළුවන්ද හෙට.."
"හ්ම්ම්"
අනේ ඒ ඇස් එක තප්පරේට දිළිසුනා.. ඇඟිලිතුඩු පවා නොසෑහෙන්න වෙව්ලුවා... දරුවා ජැක්සන්ගෙ කියලා හිතාගෙන වුන්නු දවස්වල ඉදම්ම එයාට චූටියව බලන්න හරි ඕනෙකමක් තිබුනා.. දැන් ඒ ආදරේ තවත් වැඩිවෙලා ඒ පපුව පුපුරන්න තරම්ම ගැහුනා..
"අ..හ් මට අද රෑට නින්ද යන එකකුත් නෑ මැණික.. මට එයාව මඟෑරුනා.. මට එයාව මුල ඉදම්ම මඟෑරුණනෙ.. එයා සමාව දෙයි නේද කූ... මගෙ දරුවා මට සමාව දෙයි නේද?
"එයා හැමදේම දන්නවා හ්‍යොං.. මෙතන ඉදන් එයා හැමදෙයක්ම බලාගෙන හිටියෙ... ප්ලීස් ඔයාගෙ පිටට වැරැද්ද පටවගන්න එක දැන්වත් නවත්තන්න රත්තරන්.."
එයා සියවෙනි වතාවටත් ආයෙමත් මාව ඉම්බා.. මූණ රතු ගැහිලා ඇස්දිගට ආදර කඳුළු උතුරද්දිත් මාව හරි ලෝබකමකින් ඉම්බා...
*********
අපිට එහෙමම නින්ද යන්න ඇති මං ආයෙ නැගිටිද්දි එයා හිටියෙ මාව එයාගෙ පපුව අස්සටම ඔබාගෙන බණ්ඩියට උඩින් ලොකු අතකුත් හරි පරිස්සමට දාගෙන..
එයාව ඇහැරවෙන්නැති වෙන්න සීරුවට ඒ අත එහෙමෙහෙ කරපු මං ඇද විට්ටමට බර වෙලා නැගිටගෙන ගිහින් හරි ඉක්මනට සනීප වොෂ් එකක් දාගත්තා... ඒගමම්ම හොට් වෝටර් චුට්ටක් බෝල් එකකට පුරෝගෙන ඇවිත් ටවල් එකක් පොඟව පොගව ඒ ඇත්දළ පාට වතම තෙතමාත්තු කරා.. ඇහැරෙව්වත් තේරුමක් නෑ තනියම ඔය ටික කරගන්න බෑනෙ...
එයා බණ්ඩිය කුරුකුරු ගාද්දිත් පොඩි එකෙක් ගානට සැපට දොයි.. පව් බඩගිනි ඇති උදේ ඉදම්ම කෑවෙත් නෑනෙ මගෙ මොට්ටයා..
"හ්‍යොං.."
"....."
"කෝ නැඟිටින්නකො මහත්තයෝ.."
"ම්හ්..."
"නැඟිටින්නකො රත්තරන්.. ඔයා බඩගින්නෙනෙ ඔය දොයි... අනේ මේවනං සීතල වෙලා දැන්.."
"ම්හ්..හ් ම්හුක් කමක් නෑ මැණික... කවන්නකො බඩගිනියි.."
එයා දිග ඈනුමක් යව යවම කියෙව්වා..
"තප්පරයක් ඉන්න මං චුට්ටක් රත් කරලා ගේන්නම් ම්.."
"අහ් නෑ යන්.. මාත් එන්නම්..."
අපි සාලෙට යනකොට දෝනි හොබීගෙ ඔඩොක්කුවේම නින්ද ගිහින්.. යුංගි හ්‍යොං හොබීගෙ අනිත් කකුල උඩ ඔලුව තියාගෙන නිදි... ටේ හ්‍යොං බිම ඉදගෙන යුංගි හ්‍යොංගෙ බඩ උඩින් ඔලුව ගහගෙන නිදි... අශ්... මේ ගෙදර ඇඳවල්වලට මොකක් වෙලාද දෙයියනේ.. සේරමලා සාලෙ මැද්දෙ මෙහෙම දොයියන් ඉන්නෙ...
"කෙල්ලව ඇඳකින් තියන්නද හොබී.."
"එපා හ්‍යොං ඔහොම හිටපුදෙන්... දැන් ඔය දඟලලා දඟලලා චුට්ටක් ඇස් පියාගත්තෙ.. එහෙමෙහෙ කරන්න ගියොත් ඇහැරියි.."
එයා හොබී එක්ක කතාවට වැටෙද්දි මං කෑම ප්ලේට් එකත් අරන් එහෙමම කිචන් එක දිහාවට ඇදුනා..
"කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නෙ බබා.. දැන් තියෙන්නෙ බලන් ඉන්න... හැමදේම තියෙන්නෙ එයාගෙ අතේ..."
"...."
"හ්ම්ම් හැබැයි තවත් මොනවහරි උනොත්නම් චිම් ඉවසන එකක් නෑ.."
මං යද්දි ජින් හ්‍යොං කිචන් අයිලන්ඩ් එකට වාරු වීගෙන ජුනී හ්‍යොං එක්ක කෝල් එකක්.. එයා හිටියෙ හරි සීරියස් මූඩ් එකක.. කතා කරපු දේවල් වුණත් හිතන්න හිතන්න පපුව බරවෙන ජාතියේ දේවල්..
මං මුකුත්ම නොකියා ගිහින් කෑම ටික මයික්‍රොවේව් එකට දැම්මා...
ජින් හ්‍යොං මගේ දිහා බල බලම නම්ජූන් හ්‍යොංට මොන මොනවදෝ මුමුණලා කෝල් එක කට් කලා..
"ඔයා ඔය දැන්ද කන්නෙ කූ.."
"අහ්.. නෑ මේක ජිමිනි හ්‍යොංගෙ හ්‍යොං..."
"ඊයෙ මූණ එල්ලගත්තු වෙලාවෙ ඉදන් ඒ බඩ හිස් කූ.. කොච්චර කවන්න දැඟලුවත් කෑවෙ නෑ... ඔයාවත් කැව්වොත්නං කයි හැබැයි.."
මං කූල් කෝක් කෑන් එකක් අරන් ටේබල් එක උඩින් තියන ගමන් එහෙමම ඔලුව වැනුවා.. එතකොට ඊයෙ රෑට කාලත් නැද්ද මේ මනුස්සයා... අ..ශ් ඉන්නකෝ වමනෙට එනකල් කව්වලා තමයි නවත්තන්නෙ අද මං..
"ඔයාට මොනා හරි හදලා ඕනෙද?"
"ම්හු.. එපා හ්‍යොං... මං දවල් හොඳටම කාලා නිදාගත්තෙ.."
"ෆෘට් ජූස් චුට්ටක්?"
"ම්ම්ම් හ්ම්ම්... ජුනී හ්‍යොං මොකද කියන්නෙ හ්‍යොං?"
"එහෙම විෂේෂ මුකුත් නෑ කූ.. එයා ලබන සතියෙ එන කතාවක් කිව්ව... එයාට දුකයි අනිත් හැමෝම කපල්ස් මෙහෙ එකට ඉද්දි මං තනියම ඉන්න එකට.."
"අනේ හ්‍යොං..."
"ෂ්..ෂ්... මට පාලු නෑ පැටියෝ... ඔයා දන්නවනෙ කූ එයා ගැන.. එයා ඕනෙවටත් වඩා වද වෙනවා දේවල් ගැන..."
ජින් හ්‍යොං ජුනී හ්‍යොං ගැන කියවද්දි මට මතක් වුණේම එයාව.. ඒ විදිහමයි ඒ ගතිගුණමයි.. එක අතකට දෙන්නා අයියා මල්ලි කියාගන්න එක සාධාරණයි...
"හ්‍යොං.. නෝවට කොහොමද දැන්..?"
"කෙල්ල ඉක්මනට සනීප වෙයි කූ... තාම කන්න බොන්නනම් බෑ.. ඒත් ඉක්මනටම නැගිටියි..."
"හ්ම්ම්.."
ජින් හ්‍යොං හරි පරිස්සමට මගෙ ඔලුව අතගාගාම නෝවා සනීප වෙනගමන් ඉන්න බව කිව්වා.. එයා අමුතුයි.. ඒ ඇස් මගෙන් මොන මොනවදෝ හංගනවා... ඇයි..? ඇයි මට මෙහෙම හිතෙන්නෙ..
"ම්හ්ම් ඔයා ඔහොමම කෑම ටික ගෙනියන්න කූ.. මං ඉක්මනට ජූස් එක ගේන්නම්.."
ඔලුව වනන ගමන් රත්වුණු කෑම එක ආපහු අරගත්තු මම කෝක් එකත් ඇඟිලි අතරට හිර කරන් එහෙමම සාලෙ දිහාවට ඇදුනා..
ඒත් කිචන් එකෙන් එද්දි තිබුණ සතුට සාලෙ මැද්දට එද්දි එක තප්පරේට වාෂ්ප වෙලා ගියා....
දකින දේ හීනයක්ද ඇත්තක්ද මං සතුටු වෙන්න ඕනෙද කෑගහලා අඬන්න ඕනෙද කියලවත් හිතාගන්න බැරිවෙනකොට අතේ තිබුනු කෑම ප්ලේට් එක කෝක් එකත්තෙක්කම එහෙම්පිටින්ම බිම අතෑරුණා... සත්තයි මාව වතුරෙන් ගොඩදාපු මාළුවෙක් ගානට ගැහෙන්න ගත්තා..
යුංගි හ්‍යොං එක්ක මොන මොනවදෝ කියව කියව ලස්සනට හිනාවීගෙන හිටපු එයා ඇහුණ ඒ එක සද්දෙට තප්පරේට මගෙ දිහා බැලුවා..
"ම්..මැණික.. ඇයි පණ... ඇයි අමාරුද රත්තරන්..."
එයා කෑගහගෙනම වෙව්ලන ඇඟිලිවලින් වීල්චෙයා එක ඇද ඇද එන්නත් කලින් මගෙ දිහාවට ඇදුනෙ ඔම්මා.. ඔව් ඇවිත් හිටියෙ ඔම්මයි අප්පයි... යුංගි හ්‍යොංලා හිටගත්තු තැනම ගල් ගැහිලා හිටගෙන උන්නා.. කලබල ඇස් එක්ක එක හුස්මට මගෙ ලඟට ආපු එයා ඔම්මව දැකලා ආපහු ආපස්සට යන්න ගත්තා...
"මගෙ.. මගෙ පුතේ.. අනේ මගෙ රත්තරන්... ඔයා.. දෙයියනේ ජොන්.. මේ බලන්නකෝ අපේ දරුවා..."
ඔම්මා මාව පපුව අස්සටම තුරුල් කරගත්තා.. අම්මෙක්ගෙ සුවඳ නොසෑහෙන්නම මඟෑරිලා තිබුණු මට අම්මෙක්ගෙ වේදනාව ඕනෙවටත් වඩා දැනුන මේ කාලෙ ඔම්මව දැක්කම ඉස්පාසුවක් නැතුව ගියා...
මාව ලැබෙන්න ඔම්මත් මේ දුකම විදින්න ඇති.. එයත් මං වෙනුවෙන් මහමෙරක් තරම් කැපකිරීම් කරන්න ඇති... ඉතිං මට සේරම අමතක වෙලා ගිහින් කෑගැහිලම ඇඬුවා.. දෙයියනේ මට ඔයාව කොච්චරක්නං ඕනෙ උනාද ඔම්මා.. ඔයා ලඟ හිටියනං කියලා දවසකට කීවතාවක්නං හිතුවද?
"මගෙ පුතූ... අනේ එයා ලොකුවෙලා මැණික.. බලන්නකො මේ පයිනුත් ගහනවා..."
ඔම්මා මාව ඉඹ ඉඹ පැටියව අතගානවා.. මං එයා දිහා බැලුවා... අනේ පිට මනුස්සයෙක් ගානට කොහෙදෝ ඈතක් බලාගෙන හූල්ලනවා.. මගෙ පපුව එහෙම්පිටින්ම පිච්චිලා ගියා...
"දෙයියනේ ඔයාව හොයාගන්න විදපු දුකක් වස්තුවේ.. යමු.. යමු රත්තරන් අපි ගෙදර යමු.."
ඒ ඇස් ගැස්සුනා.. පව් දෙයියනේ හුස්ම එහෙම්මම හිරවෙන්න ඇති හැමෝටම හොරෙන් පරිස්සමට පපුවත් අතගාගත්තා..
"එ..ඒත් ඔම්මාහ්..."
"ඔම්මා කියන්නෙ ඇත්ත. මෙතන ඔයාව බලාගන්න කෙනෙක් නෑ ජන්කුක්.. ළමයා ලැබෙනකන් එහෙ ගිහින් ඉමු..."
ඒ අප්පා.. එයා කිසි තෙතමනයක් නැති කටහඬකින් කියෙව්වා... මාව මාස ගානක් තිස්සෙ බලාගත්තෙ මේ මිනිස්සු අප්පා.. මට චූටි අමාරුවක්වත් නොදැනෙන්න මාව පරිස්සම් කරේ මේ මිනිස්සු... ආස ආස දේවල් අහ අහ කන්න ගෙනත් දුන්නෙ මේ මිනිස්සු.. නෑව්වෙ කැව්වෙ පෙව්වෙ අඩුම තරමෙ වමනෙ ටික පවා ඇද්දෙ මේ මිනිස්සු.. අනික මගෙ මුළු ජීවිතේම මෙතන තියනකොට මං මොන හිතකින් මෙහෙ දාලා යන්නද...
"නෑ අප්පා මං.."
"තවත් මුරණ්ඩු වෙන්න එපා පුතේ.. ඔම්මයි මායි මේ මාස තුන හතර නොසෑහෙන්න විදෙව්වා.. තවත් අපිට දුක් දෙන්න එපා... දරු පැටියට කරදරයක් වෙන්නෙ නෑ ඒක පොරොන්දුවක්. ජිමින්.. මං පොරොන්දු වෙනවා දෙන්නවම පරිස්සමට ගෙනත් බාර දෙන්නම් දරුවා ලැබුනම..."
එයා හිටියෙ දිගටම බිම බලාගෙන.. තරහටද දුකටද බයටද මන්දා ඒ ඇඟිලිතුඩු ඕනෙවටත් වඩා වෙව්ලුවා.. නෑ රත්තරන් මොන දේ කොහොම වුණත් මං පණ ටික දීගෙන හරි දරුවව රකිනවා වස්තුවේ...
"ඒත් අප්පා..."
බෑ.. මට බෑ දෙයියනේ... අනේ මට ඔයාව දාලා යන්න බෑ මහත්තයෝ.. මාස දෙකක් හරි උහුලන් ඉන්නෙ කොහොමද.. රෑ තිස්සෙ පුතු පැටියත් ඔය උනුහුම හොයද්දි මං තුරුල් වෙන්නෙ කාගෙ පපුවටද රත්තරන්? අඩුම තරමෙ හාද්දක්වත් නැතුව මාස දෙකක් ගෙවන්න ඕනෙද? බෑ වස්තුවේ අනේ මට බෑ..
"ඔයාට එයාව ඕනෙමනං එයාවත් එක්කගෙන යමු.."
"නෑ..හ් නෑ කූ මිනී කොහෙවත් යන්නෙ නෑ.."
අප්පගෙ කතාවට කාටත් කලින් යුංගි හ්‍යොං කලබල වුණා.. ඒ ඇස් කේන්තියෙන් රතු ගැහෙන්න එක තප්පරයක් යන්නත් නැතුව ඇති...
"මං යන්නම් හ්‍යොං.."
"නැහ්.. නෑ නෑ තමුන් යන්නෙ නෑ මිනී..."
ඇයි යුංගි හ්‍යොං මෙච්චර කලබලෙන්.. ඇයි එයාව මාත්තෙක්ක එවන්න බෑ කියන්නෙ.. එයා යන්නත් කැමතියි නං මොකක්ද දෙයියනේ ප්‍රශ්නෙ..
"තමුන් ගෙදරින් එළියට එක අඩියක් තියන්නෙ නෑ මිනී.. මිස්ටර් ජොන් මේ වෙච්ච දේවල් හොඳටම ඇති.. තවත් ප්‍රශ්න ඇති නොකර ආපු අතක් බලාගෙන යනවා යන්න..."
ඇයි මෙයාලා මෙහෙම මගෙ අප්පට බනින්නෙ? මොනවද වෙච්ච දේවල් ඇති කියන්නෙ.. අනේ යුංගි හ්‍යොං මෙහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයිනෙ..
"එහෙනම් එයා එන්නෑනෙ. අපි යමු ජන්කුක්.."
"අප්පා ඒත්..."
"කෝ ඔයාගෙ රූම් එක කොහෙද? බෑග් එක පැක් කරගන්න ඉක්මනට.."
"හ්‍යොං.. මට බෑ රත්තරන්.. අනේ මට ඔයා නැතුව ඉන්න බෑනෙ..."
"යන්න.."
"අහ්??"
"එයාලාඑක්ක යන්න කුකී... එයාලා කියන්නෙ ඇත්ත.. මේ දවස් ටික ඔයා ඉන්න ඕනෙ ඔම්මා ලඟ..."
මං හිටියෙ දරාගන්න පුළුවන් උපරිම සීමාවත් පැනලා... එයා දිගටම කිව්වෙ මට යන්න කියලම වෙනකොට ඔම්මලාගෙ කරදරේ දරාගන්නබැරිම තැන මං යන්න තීරණේ කරා.. කමක් නෑ මාස දෙකයිනෙ.. ඔය කාලෙ ඉක්මනට ගෙවෙයි වස්තුවේ..
****************************
පැටවුනේ..
කතාව බෝරින්ග් වගේත 🥲
හිතෙන දේ කමෙන්ට් එකක් දාන් යන්න වස්තුලා..
ආදරෙයි 🥰❤️
පරිස්සමට ඉන්න 🥺❤️