Love Me Like You Do || Comple...

By NimuMochi

37.2K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

අපේ දරුවා

873 121 103
By NimuMochi

"මැණික.."

"ම්ම්ම්ම්..."

"මගෙ බණ්ඩිගෙඩියා..."

"ම්ම්ම්හ්.. ම්හ්ක්"

"සුදු බෝලෙ.. කෝ මේ මැදට එන්නකෝ පණ.."

එයා සැහැල්ලු හිනාවක් එක්ක වාරු නැති කකුල් එහෙමෙහෙ කරලා මාව මැද්දෙන් ඉන්දවගෙන පරිස්සමට ඒ පපුවට මාව බරකරගත්තා.. හරි රස්නෙට මාව තුරුල් කරන් දෝතම මගෙ බඩ යටින් යවලා අනේ මහ පරිස්සමකින් බණ්ඩිය එයාගෙ අත්වලට උස්සගත්තා..

දෙයියනේ දැනුනු සැනසීමක්... මං එහෙමම එයාගෙ උරහිසට ආපස්සට ඔලුව බර කරන් කඳුළු උතුරන ඇස් හිරට පියාගෙන නොසෑහෙන වෙලාවක් එහෙමම හිටියා.. එයාගෙ සුවඳ මැද්දෙන් ඒ රස හාදු මැද්දෙන් සත්තමයි මහ වෙලාවක් හරි සැනසිල්ලෙ ගෙව්නා..

"සනීපයි රත්තරන්... ඇත්තටම හරි සැනසීමයි.. එයා දැන් දැන් හරියට බර වෙලා හිටියෙ.. දවස තිස්සෙම උස්සගෙන ඉන්න එක ලේසියක් නෙවෙයි..."

මං එහෙමම හැරිලා ඒ බෙල්ල පාමුලින් තොල් තද කරන් හිමීට මිමිණුවා.. මේ ආදරේ මහමෙරක් දෙයියනේ... එයා කොච්චර අමාරුවකින් හිටියත් මං වෙනුවෙන් දවස තිස්සෙම මේ වෙන කැපකිරිල්ල ලේසි නෑ..
ඔයා හින්දම ඔහොම උහුලනවා මිසක් කාගෙදෝ කියලා හිතාගෙන ඉන්න දරුවෙක් වෙනුවෙන් මේ වෙන කැපවීම එසේමෙසේ කැපවීමක් නෙවෙයි වස්තුව...

"ලස්සන හොඳ බෝල බබෙක් වෙන්න ඇති කූ.. ඊලඟ ස්කෑන් ඩේ එකට මාත් ඉන්නවා... මට එයාව බලන්න ඕනෙ.."

එයා ආයිමත් මාව හරි ආදරෙන් ඉම්බා.. මේ විනාඩි ගානට එයා සියවතාවක් මාව ඉඹින්න ඇති.. ඒ තොල් දහස් වතාවක් උරහිස් අතරෙ ඒ කෙලවරේ ඉදන් මේ කෙලවරට යන්න ඇති... කොලර් බෝන් එක උඩ යන්තමට ඇදිච්ච දත් පාරවල් ඇත්තමයි ගණන් කරගන්න බැරි තරමටම ඇති...

"හ්ම්ම් නෙක්ස්ට් වීක් ඩොක්ටර් එනවනෙ.. අපි එතකොට එයාව බලමු..."

"හ්ම් හ්ම්ම් උම්ම්ම්මා අපේ චණ්ඩි බණ්ඩියා... මෙහෙම ලොකුවෙලා ලොකුවෙලා අන්තිමට මෙයාව එළියට ගන්න අමාරුවෙයිද මැණික.."

"එහෙම උනොත් බණ්ඩිය කපලා ගමු..."

අනේ ඒ ඇස් ගැස්සුනා..

"යාහ්.. එපාහ්.. එපා.. අනේ කෝකද වැඩියෙන් රිදෙන්නෙ?? රිදෙන්නැති විදිහකට ගමු මැණික... අමාරු නැති විදිහකට ගමු.."

එයා මහ කලබලේකින් කියවනවා.. අමාරු නැති විදිහකට පැටියව ගන්නලු.. කොහොමද රත්තරන්...? කොයි විදිහත් අමාරුයි වස්තුවේ.. බණ්ඩිය කැපුවත් මාස ගානක් විදවන්න ඕනෙ.. චූටි සිදුරකින් බෝල පැන්ඩෙක් එළියට ඇදගන්න එක වුනත් ලේසියක් නෙවෙයි..

"යා.. ඔයා හැමතිස්සෙම රස රස කෑම ගෙනත් ගොඩ ගොඩ කව්වනවනෙ.. ඉතිං කාලා කාලා තමයි කොල්ලා බෝල වෙලා තියෙන්නෙ..."

"හහ්.. මෙන්න වැඩක්... කන්නෙ කවුරුවත් නම යන්නෙ කාගෙවත්.. පව් අහිංසක පොඩිඑකා..."

"යා.. ඔයා ඔය කියන්නෙ මං පෙරේතයෙක් වගේ හැමතිස්සෙම කනවා කියලද?? මං දෙන්නෙකුට කන්න ඕනෙ... එයා මං කන ඔක්කොම කනවා තමයි.. ඒකනෙ මට හැමවෙලාවෙම බඩගිනි එන්නෙ... ඉස්සර මං ඔච්චර ඔහොම කෑවෙ නෑනෙ.. අනික ජින් හ්‍යොං දැන් රස කෑම ගොඩක් හදනවත්තෙක්ක... මට හැදුවත් ඒවගෙන් බාගයක්ම කන්නෙත් ඔයා.. කෝ මං මුකුත් කියනවද ඒවට.. හහ්..."

මං මගෙ හේතු ඔක්කොම එක හුස්මට කියාගෙන ගියා.. මොකක්දෝ හේතුවකට ඇස් අග්ගිස්සෙන් කඳුළුත් බේරෙද්දි මං වයින් කරලා තිබ්බ බෝනික්කෙක් වගේ සේරම ටික එක යායට කියවගෙන ගියා..

"හෝව් හෝව්.. අයියෝහ් ඉතිං මගෙ බෝල ගෙඩියා අඩනවත්තෙක්කනෙ.. මගෙ මැණික ආස ඕනෙ දෙයක් ඕනෙ තරමක් කන්න රත්තරන්... හැමදේම හදන්නෙ ඔයාට තමයි පණ.. පැටියව එළියට ගන්න ඔයාටත් ඇඟට හයියක් ඕනෙනෙ.. කාලා බීලා බෝලෙ වගේ ඉන්න මගෙ වස්තුව.. ඒකට කමක් නෑ.. මං මේ එව්වා මෙව්වා කියන්නෙ විහිළුවටනෙ ඉතිං..."

බොරුවටත්තෙක්ක් මූණ දෙක කරන් අඩන්න ගත්තු මාව එහෙන් මෙහෙන් සද්දෙට ඉඹ ඉඹම එයා කියවන් යද්දි මං මහ ආඩම්බරේකින් සටන ජයගත්තු සතුට වින්දා.. පුතු පැටියා දැක්කට කමක් නෑ.. එයා උනත් ඕවා ඉගෙන ගන්න ඕනෙ දැම්ම ඉදන්..

"මගෙ මැණික කන්න ආසා මොනාහරි තියෙයිද??"

"ම්ම්??"

"තියෙයිද රත්තරන්.. ඕනෙ දෙයක් කියන්න වස්තුව..."

"හෙට දවල්ට තොක්බොක්කි ගෙන්නලා දෙනවද? කිම්චි චිගේ එකකුත්තෙක්ක.."

"හරී.. හෙට තොක්බොක්කි පාටී... යේහ්.."

අනේ ඒ ඇස් දිළිසෙනවා.. එයා ආසයි මං කැමති දේවල් ගෙනල්ලා දෙන්න.. ආස ආස දේවල් පුළු පුළුවන් විදිහට හද හද කව්වන්න... කව්වලා කව්වලා අන්තිමට බණ්ඩිෆුල් නම් හිනාවෙන්න කිය කිය හැරෙන හැරෙන පැත්තට කට වටටම සද්දෙට ඉඹින්න..

"අපි දෙන්නා හදමුද??"

"ම්ම්හ්"

"අපි දෙන්නා හදමුද තොක්බොක්කියි කිම්චි චිගෙයි.. ජින් හ්‍යොංවුත් ඉන්නවනෙ උදව්වට..."

"ඕක ඔච්චර තටම තටම අහන්නත් දෙයක්ද ආහ්?? හදමුකො මැණික.. ඔයා දන්නවනෙ මං ඉතිං ඕවට එක්ස්පර්ට්නෙ..."

අනේ මගෙ පණ්ඩිත කොල්ලා.. ඔයා මෙහෙම ඉදිද්දි හරි ආදරේ හිතෙනවා රත්තරන්... මට වෙන මුකුත් එපා හැමදාමත් මේ වගේ හිනාවෙලා සැනසීමෙන් ඉන්න.. මේ පපුවට මෙහෙම තුරුල්වෙලා මැරුණත් සැනසීමයි මට එතකොට..

"දැන් ඇතිද? දොයියමුද ම්ම්??"

දෙයියනේ එයා තාමත් බණ්ඩිය උස්සගෙන.. අමාරු ඇති.. එයාට හොඳටම අමාරුඇති... මං ඉක්මනටම ඒ අත් එහාමෙහා කරත් එයා ආපහු පුතු පැටියව හරි පරිස්සමට උස්සගත්තා...

"ම්හු.. ඔයා මුළු දවසම උස්සන් ඉන්නවනෙ... මට මේ චුට්ට උස්සන් හිටියට මුකුත් වෙන්නෙ නෑ බබා.. ඔයාට මෙහෙම අපහසුද දන්නෙ නැති හින්දයි ඇහුවෙ මැණික.."

එයා ආයි ආයිමත් මාව ඉම්බා.. මේ එක රෑට අඩුම තරමෙ හාදු මිලියනයක්වත් හම්බෙන්න ඇති.. සත්තයි ඒ තරම්ම එයා මාව ඉම්බා..

"ඔයා දන්නෙ නෑ මට තියන සැනසීම රත්තරන්.. පිං අනේ ඔයාට පිං මගෙ වස්තුව.."

"ෂ්... මොනවද මේ කියවන්නෙ ආහ්?? ඔහ් ඒකනම් රිදෙන්න ඇති.. මහ දඟ කොල්ලෙක් ඉන්නෙ මැණික.. කකුල් ගසනවා නේද දවසම..."

"හ්ම්ම්.. ඔයා ලඟින් ඉදිද්දි ඒක වැඩියි.. එයාට දැනෙනවා ඇති..."

දෙයියනේ මට කියවුණු දේත්තෙක්ක ඒ මුළු පපුවම ගැස්සුනා.. බණ්ඩියට යටවෙච්ච ඇඟිලිතුඩු පවා වෙව්ලුවා.. අනේ විනාඩියක් දෙකක් යනකල් හරියකට හුස්මක්වත් ගන්න නැතුව ඇති මගෙ බෙල්ලට තද වෙච්ච ඒ තොල් නොසෑහෙන වෙලාවක් යනකල්ම එහෙම්මම තිබුණා..

"එයා ඔයාගෙ රත්තරන්..."

දරාගෙන ඉන්න බැරිම තැන මටවත් නෑහෙන තරමෙ කටහඬකින් මට යාන්තමට මිමිනුනා.. විනාඩියක් දෙකක් එහෙමම.. හුස්මක්වත් නොගෙන එහෙමම ගෙවෙන්න ඇති..

"මේ අපේ දරුවා.. ඔයාගෙයි මගෙයි දරුවා..."

ඒ පපුව ගැහෙන වේගෙ උහුලගන්නම බැරුව වුණත් අනේ මං ඔහේ කියෙව්වා.. නෑ එයාගෙ හැලහොල්මනක්වත් නෑ... කොයිවෙලාවකද මන්දා බණ්ඩිය ආපහු මගෙ කකුල් දෙක උඩටම අතෑරිලා තිබුනා.. මගෙ බෙල්ලට යාවෙලා තිබුනු ඒ තොල් සුදුපාට කොන්ක්‍රීට් වහළෙ දිහාවට හැරවිලා තිබුණා...

එයා අඬනවා.. ඒ ඇස්දෙකෙන් ගලන කඳුළුවලට මාව ඕනෙවටත් වඩා තෙතබරියම් වෙලා ගිහින් හිටියෙ.. ඒ තරමටම එයාගෙ අඩවන් වෙච්ච තියුණු ඇස් දිගට කඳුළු වැල් බේරුණා..

"ඇ..ඇයි..හ්? ඇයි මට කිව්වෙ නැත්තෙ ඇයි??"

මාව පැත්තකට කරලා මගෙන් ඈත් වෙවී ඇද විට්ටමට හොඳටම බරවෙන ගමන් එයා වෙව්ලන කටහඬකින් යාන්තමට මිමිණුවා.. නෑ..මට උත්තර නෑ රත්තරන්... මටවත් නොතේරුණු හේතුවකට නොකියපු ඒ දේ ඔයාව මෙච්චර මෙහෙම රිද්දයි කියලා අනේ මං කවම කවදාකවත් හිතුවෙ නෑ වස්තුවේ..

"ම්හ්මං..හ් මං... මං මොකෙක් කියලද හිතන් ඉන්නෙ යකෝ..??"

එපා රත්තරන්.. අනේ ඔහොම කෑගහන්න එපා දෙයියනේ... මං දෝතින්ම ඔලුව බදාගත්තා.. රණ්ඩුනම් වෙන්න බෑ වස්තුවේ අනේ එපා..

"තොට.. තොට මාව විහිළුවක්ද යකෝ?? උඹට මාව විහිළුවක්ද?? මගෙ ළමයෙක් බඩේ තියාගෙන... කී සැරයක්.. මං කී සැරයක් ඇහුවද මේ මගෙ එකෙක්ද කියලා... කී පාරක් ඇහුවද ආහ්?? මං කොච්චර විදෙව්වද කියලා දන්නවද???
පණ වගේ රැකලා කොහෙදෝ යන එකෙක්ගෙන් බඩවෙනකල් බලන් ඉන්න වුණානෙ කියලා කොච්චර පසුතැවුනද කියලා දන්නවද?? අශ්... මං... මං මොන මෝඩයෙක්ද?? මං.. අහ්හ්... පලයන්... මෙතනින් පලයන් ජන්කුක්.. මං හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නෙ... මොනවා කරයිද දන්නෑ පිං අයිතිවෙයි මෙතනින් පලයන්..."

ඒ ඇස්වලින් කඳුළු වැල් උතුරනවා.. ඒ ඇඟිලිතුඩු සීමාවක් නැතුවම ගැහෙනවා... අනේ ඒ කටහඬ පවා වෙව්ලනවා.. මට සමාවෙන්න මහත්තයෝ... මුලදි මුලදිම ඔයා ඔය දේවල් අහන්න අදිමදි කරනකොට බලෙන් ඒවා කිය කිය යන්න මට හයියක් තිබුනෙ නෑ රත්තරන්..

"අහ්.. අනෙහ් අනේ මට සමාවෙන්න හ්‍යොං... "

"මට කියලා කන පලාගන්නෙ නැතුව මෙතනින් පලයන් ජන්කුක්.. දෙයියන්ගෙ නාමෙට මෙතනින් පලයන්.."

"බෑ.. බෑ... එපා රත්තරන්... අනේ අපිව මෙහෙම ඈත් කරන්න එපා.."

"තෝ යන්නැද්ද?? තෝ.. තෝ..."

එයා නැඟිටගත්තා.. මගෙ ඇස්වලින් මෙච්චර කඳුළු වැටෙනවා දැක දැකත් කිසි වගක් නැතුවම වීල් චෙයාර් එකට බරවෙවී කොහොමින් කොහොමහරි එයා නැඟිටගත්තා... ඒත්තෙක්කම එයාව අල්ලගත්තු මගෙ අත ගසාදාලා අනේ එහෙමම රෝද පුටුවට කඩාවැටුනා.. නයිට් ස්ටෑන්ඩ් එකේ ලොකර් එකක් අස්සට අත යවලා ඒ අස්සක තිබුනු සිගරට් පැකට් එකක් එක්ක ලයිටර් එකක් අතට මිරිකගත්තු එයා කොහෙටදෝ යන්න හැරුණා...

"එපා රත්තරන්.. බොන්න එපා.. ඔයා බෙහෙතුත් ගන්නවා. අනේ ඔය වස බොන්න එපා මහත්තයෝ.. නවත්තලානෙ හිටියෙ.. අනේ ඔයා මේවා නැවැත්තුවානෙ.. මගෙ වැරදිවලට ඔයා ඔහොම දඬුවම් විදගන්න එපා දෙයියනේ .."

නෑ දෝතින්ම එල්ලිලා කෑගැහුවත් එයා නෙවෙයි නැවතුනේ..

එයාගෙ පස්සෙන් යාගන්න ඕනෙ වුණත් එන්න එන්නම දැනුනු පුතු පැටියගෙ දැඟලිල්ල දරාගන්න බැරිකමට මං එහෙමම ඇඳට වාරුවුණා.. බෑ යාගන්න හයියක් නෑ.. ඊටත් වඩා ඒ කියවෙන වචන අහගන්න හයියක් නෑ..

ඔයා මොන විදවිල්ලක් විදවන්න ඇතිද කියලා හිතෙද්දිත් පපුව රිද්දන්න ගත්තු ඒ හැඟීම අනේ මට උහුලගන්නම බැරුව ගියා  රත්තරන්..
බණ්ඩිය අතගගා මෙයා මගෙද මෙයා මගෙද කිය කියා සිය වතාවක් ඇහුවත් මගෙන් ලැබුනෙ එකම උත්තරයක් වෙනකොට අමු අමුවෙ පපුව රිද්දගෙන ඒ සේරම ඉහිලුව ඔයා අද මේ කියවිච්ච වචනෙ දෙක ඔයා කොහොම දරාගන්නද මගෙ වස්තුව.. අනේ මට සමාවෙන්න රත්තරන්...

වරු ගානක් තිස්සෙ අඬ අඬා හිටපු මට නින්ද ගියෙ කීයටද කියන්නවත් මං දන්නෙ නෑ.. තද නින්දක හිටපු මම දැකපු මොකක්දෝ විකාර හීනයක් හින්දම ගැස්සිලා ඇහැරෙද්දිවත් එයා රූම් එකට ඇවිත් තිබුණෙ නෑ...

අදින් ඉවරද මහත්තයෝ.. අනේ මේ සේරම අදින් ඉවරද?? මෙච්චර ලොකු දඬුවමක් සැර වැඩි නැද්ද?? ඔයා කොහෙද මොකද කරන්නෙ රත්තරන්.. කාමරෙනුත් එළියට වීගෙන මෙච්චර වෙලාවක් තිස්සෙ ඉදන් බොනවද?
හිතට දැනිච්ච මහ මුස්පේන්තු හැඟීම උහුලගන්න බැරි හින්දම මං කඳුළුවලට තෙතබරියම් වෙච්ච කොට්ටෙට අත තියාගෙන ඇඳ විට්ටමේ එල්ලීගෙන නැගිටගත්තා..

වැඩි දුරක් යන්න නෑ... එයා කේන්තියට නෙවෙයි යන්න ඇත්තෙ.. පුතු පැටියටයි මටයි හොඳ නැති හින්ද කාමරේ නොබොන්න ඇත්තෙ... කොහොමත් ඔයා ආයිත් බොන්නෙ නෑ කිව්වනෙ.. ඒ හින්දා බොන්න නැතුව ඇති.. අනේ මං හිත හදාගන්න දාහක් දේවල් හිතුවා.

"හ්‍යොං..."

නෑ.. පේනමානෙකවත් නෑ... සද්දයක් ඇහෙන මානෙකවත් නෑ..

"හ්‍යොං... අනේ එන්නකෝ.. ඔයා කොහෙද??"

මං මිමිණුවා.. ආයෙ ආයෙත් අඬ අඬම මිමිණුවා... එයාගෙ හෙලවීමකවත් සද්දයක් නැතිතැන වුණත් මං මහ අසරණකමෙම්ම ඔහේ මිමිණුවා...

"හ්‍යොං... අනේ කොහෙද රත්තරනේ ඉන්නෙ.. ගිය දිහාවකින් එන්නකෝ.."

"ම්හ්හ්ක් ක්හ්ක්.. ක්හ්ක්ක්.."

එයා ඉන්නවා.. දෙයියනේ එයා ඉන්නවා... බැල්කනියට වෙලා සීතලේ ගැහි ගැහී ඈතක අතරමං කරගත්තු ඇස් එක්ක එයා රෝද පුටුවට වාරු වීගෙන සද්දයක් නෑහෙන්න කහිනවා.. කැහැ කැහැම තාමත් ඇඟිලිතුඩු අග්ගිස්සට හිරවෙච්ච සිගරට් එකක් උරනවා..

"හ්‍යොං.. ඇතුළට යමු... ප්ලීස්.. මෙතන සීතලයි..."

"එපාහ්..."

"ප්ලීස් රත්තරන් අනේ ඇතුළට යමුකෝ..."

"මගෙ දරුවා... උඹ මොන හිතකින්ද මෙහෙම කරේ ජන්කුක්? මට අඬන්නද හිනාවෙන්නද කියලවත් තේරෙන්නෙ නෑ... මටහ්.. මට හ්හ්හ්ක්ක්ක්..."

එයා අඬනවා... මොන මොනවදෝ මුමුණ මුමුණම ඉකිගහනවා.. ආපහු ඒ කම්මුල් දිගට කඳුළු බෝල පල්ලම් බහිනවා.. අනේ මට සමාවෙන්න රත්තරන්... මෙච්චර ගින්දරක් දුන්නට මට සමාවෙන්න..

"අනේ ඇතුළට යමුකො මහත්තයෝ..."

නෑ අඬන්න එපා කියන්න මට අයිතියක් නෑ.. ඒ ඇස්වලට කඳුළු දුන්නෙ මං වෙච්චිකොට මට අඬන්න එපා කියන්න අයිතියක් නෑ.. මං එහෙමම ඒ කකුල් දෙක බදාගෙනම බිම ඉදගත්තා... සීතල ටයිල් කැටවල හිරිකඩට ඇගම හිරිවැටීගෙන යද්දි මං දෝතින්ම ඒ කකුල් පපුවට කරගෙන ඉකිගැහුවා..

මේ සේරම දරාගෙන බලාගෙන හිටපු එයා කිසි කතාවක් නැතුව කිසිම කිසි කතාවක් නැතුව රූම් එකෙන් එළියට රෝද පුටුව තල්ලු කරන් යන්න ගත්තම උහුලගන්න බැරිම වෙනකොට අනේ මං කෑගහලම ඇඬුවා..

"සීතලේ ඉදලා මගෙ දරුවව මරාගන්නෙ නැතුව ගෙට එනවා..."

රවාගත්තු මූණක් එක්ක ගේ ඇතුළට ඇදිච්ච එයා ඒ ගිහින් හරි චුට්ටකින් මහ නපුරු කටහඬකින් කෑගැහුවා.. සත්තයි දරුවට මොනවහරි වුනොත් මාව මරයි දෙයියනේ... බිත්ති දිගට වාරු වෙවී අමාරුවෙන් නැගිටගත්තු මං එහෙමම කාමරේට ගිහින් අඬාගෙනම ඇදට වැටුනා..

නෑ වස්තුවේ.. අප්පා පපාට රිද්දන්නෙ නෑ මැණික... එයාට චුට්ටක් කේන්ති ගිහින්නෙ.. ඒකයි ඔය නපුරෙක් වගේ කෑගහන්නෙ.. එයා මගෙ පුතුට ආදරෙයි.. මහ හුඟක් ආදරෙයි...

*******

"මගෙ කොල්ලට මෙච්චර හරියක් කරලා යනකන් තෝ මොකක්ද කරේ යකෝ.."

"කෑගහන්න එපා හ්‍යොං... මෙයා ඔච්චරලා එහෙට මෙහෙට හැරි හැරී ඉදලා දැන් ඇස් පියාගත්තා විතරයි.. ප්ලීස් මං හොඳින්..."

එයාගෙ පපුව අස්සට ගුලිවෙලා තද නින්දක උන්නු මං ජුනී හ්‍යොංගෙ කෑගැහිල්ලට ගැස්සිලා ඇහැරුණා.. ඒත්තෙක්කම එයාගෙ මුණුමුණුව ඇහෙද්දි ඒ හිත රිද්දන්න බැරිකමටම මං යාන්තමට ඇස් පියාගත්තා...

එයා කොයි වෙලාවෙ කාමරේට ආවද? කොයි වෙලාවෙ මාව මෙහෙම පපුවට ගුලි කරගත්තද? කොච්චර වතාවක් ආදරෙන් මාව ඉම්බද මං දන්නෑ... මං මේ මුකුත් දන්නෙ නෑ.. ඒත් මට බය හිතුනා.. අනේ ඒත් මට ඇස් අරින්න බය හිතුනා.. දැන් මෙහෙම තුරුල් කරගෙන ඉම්බට ඇහැරුනොත් මාව තල්ලු කරලා දාලා ආයිමත් යන්න යයි කියලා මට බය හිතුනා..

උදේවෙලා ඉර පායන ටිකට නම්ජූන් හ්‍යොංවුත් මෙහෙ ඇවිත් තිබුනා.. යුංගි හ්‍යොං කිව්වා හරි ජුනී හ්‍යොං ඉන්නෙ යක්ෂ කේන්තියකින්.. මරාගෙන මැරෙන තරමෙ කේන්තියකින්...

"හොඳින් කියන්නෙ.. මොකක්ද හොඳින් කියන්නෙ?? නෝවා හිටියෙ නැත්තන් අද මං මුගෙ මිනියටත් කර ගහන්න ඕනෙද යුංගි.. ආහ්? කතා කරනවා.. උඹ ඒක වෙනකල්ද මේකව ගෙදර දාලා හතරවටේ රවුම් ගැහුවෙ..."

දෙයියනේ ජුනී හ්‍යොං තනිකරම යක්ෂාවේෂ වෙලා.. ඒ කටහඬ කේන්තියටම වෙව්ලනවා.. අනේ යුංගි හ්‍යොං එයාගෙයි ජුනී හ්‍යොංගෙයි මැද්දෙ හිටගෙන කිසිම කිසි කතාවක් නැතුවම බිම බලන් ඉන්නවා... මහ වැරැද්දක් කරපු ගානට සේරම නපුරු කතා අහගෙන බිම බලාගෙනම ඉන්නවා..

"ඇති දැන් ඇති හ්‍යොං.. මමයි.. මමයි යුංගි හ්‍යොංව ටවුන් එකට යැව්වෙ... එයා මං වෙනුවෙන්ම නැහීගෙන ඉන්න ඕනෙද හ්‍යොං?? එයා එයාගෙ දේවල් බලන්නෙ නැද්ද? හොබීගෙ බබෙක් ඇබෝට් වෙලා.. පැටියට ඊයෙට හරියටම සති දෙකයි.. අපිවත් දන්නෙ නැතුව කිරිකැටියෙක් අපිව දාලා ගිහින්... කොල්ලට බ්ලීඩ් වෙනකල් කවුරුවත් දන්නෙ නෑ.. ඔයා ඔහොම කේන්තියෙන් කෑගහන්න එපා.. මේ මිනිස්සු මේ දරාගෙන ඉන්නෙ එසේමෙසේ දුකක් නෙවෙයි..."

දෙයියනේ හොබීගෙ දරුවෙක්.. මං.. මං මේ මුකුත් දන්නෙ නෑනෙ දෙයියනේ... කවදා කොහොම වෙච්ච දේවල් ගැනද රත්තරනේ ඔයා මේ කියවන්නෙ.. හොබී...

අනේ මගෙ හොබී කොහොමද මෙච්චර දුකක් දරාගෙන හිනාවෙලා ඉන්නෙ.. ඒකද ආපු වෙලාවෙ ඉදම්ම කෙල්ලව තුරුල් කරන් ඉස්පාසුවක් නැතුව ඉම්බෙ... ඒකද මං එද්දි මට මූණ නොදී හැමතිස්සෙම ඇස් මගෑර මගෑර කොහාට කොහාටහරි වුනේ.. ඒකද ඒ ඇස් ඕනෙවටත් වඩා රතුගැහිලා ඉදිමිලා තිබුනෙ... අනේ ඇයි දෙයියනේ මට මෙච්චරක් දේවල් හංගන්නෙ.. මං කවුරුවත් නෙවෙයිද? මං එයාලගෙ කවුරුවත් නෙවෙයිද??

"බබෙක් ඇබෝට් වෙලා..? මොනවද මේ මිනී කියන්නෙ යුංගියා..."

"එ..ඒක ඇත්තක් ජූන්.."

"ආහ්.. අහ්හ්හ්..."

ජුනී හ්‍යොං දෝතින්ම ඔලුව බදාගෙන කෑගහගෙනම ඇඳේ කෙලවරකට කඩන් වැටුනා.. ටේ හ්‍යොංගෙ ඉකියක් දෙකක් ඇරුණම ජුනී හ්‍යොං හරි බරට හුස්මක් දෙකක් ඇදගන්න සද්දෙ මිසක් වරුවක් විතර යනකල්ම කිසි සද්දයක් කාමරේ පුරාවටම තිබුනෙ නෑ...

"ඇයි?? ඇයි මේ දේවල් මගෙන් හංගන්නෙ යකෝ.. උඹලා මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ??"

"කුකී ඉන්න තත්වෙත් එක්ක මේ දේවල් එයාට කොහොම කියන්නද හ්‍යොං.. මේවා මේ ගෙදර කතාවෙන්න බෑ.. එයාට ඉඟියක්වත් නොවැටෙන්න රැක රැක කීයක් දේවල් කරන්නද..."

"උඹලා හිතුවද මටත් ළමයෙක් හම්බෙන්න කියලා.. තොපිට ඕවා කියන්න වෙලාවක් තිබුනෙම නැද්ද යකෝ.. අශ්.. අහ් සොරි යුන්ගියා.. මටහ්.. අනේ මට කේන්ති ගියා... කෝ හොබී.. කොල්ලා හොඳින්ද??"

"කමක් නෑ ජුනී.. ඒකට කමක් නෑ.. පෙරේදා රෑ අපිත් දැනගත්තෙ.. ඒකා මුළු රෑ පුරාවට හුස්ම හිරවෙනකල් අඬලා අඬලා ඊයෙ පාන්දරම හොස්පිට්ල් ගියෙ... උගෙ ඔහොම හුස්ම වැටෙන එකත් ඇති ජූන්.. අනේ මගෙ කොල්ලා හරි පව් බං..."

යුංගි හ්‍යොං අඬනවා.. දරුවෙක් නැති වෙන එක... දෙයියනේ පැටියා ඇවිත් සතියද මාසෙද මාස අට හතද කියලා වැඩක් නෑ.. දරුවා දරුවමයි.. ඒ වේදනාව එකමයි. එකම වෙනස මේ මිනිස්සු පැටියා වෙනුවෙන් හීන නොදැක්ක එක. දරුවෙක් ඇවිත් කියලා නොදැන උන්න එක.. එහෙම දැනන් හිටියනං හොබී අද ඔහොම කෙලින් කටින් නොඉන්න තිබුණා...

නෑ.. කොහොමත් හොබීගෙ හිත හයියයි... එයා හරි පරිස්සමට දේවල් දරාගන්නවා.. ඒත් ඇයි දෙයියනේ මෙච්චර ගින්දර.. ඇයි මෙච්චර ප්‍රශ්න අපිටම... කවද්ද සැනසීමක් ලැබෙන්නෙ.. කවද්ද හිතේ සැනසිල්ලෙ බයක් සැකක් නැතුව හුස්ම ටිකක් ඇඳගන්න පුළුවන් වෙන්නෙ? දෙවියො මොන ලෝකෙද ඉන්නෙ?? ඇයි අපි දිහා යාන්තමටවත් බලන්නෙ නැත්තෙ..

"යුංගි.. පලයන්... කොල්ලව තනි කරන්න එපා... ටේ ඔයත් යන්න.. දෙන්නම යන්න.."

"නෑ ජූන්... මගෙ මැණික හිත හදාගෙන ඉන්නෙ.. ඌ හීන දැක්කෙ නෑ.. අඩුගානෙ ඌ දන්නෙවත් නෑ... කමක් නෑ... පැටියා ආපහු එයි.. ඉක්මනටම ආපහු එයි... ඒ එනකල් මේ ගෙදර ඇතිවෙන්න දරුවො මේ ඉන්නෙ.. කුකීට දරුවා ලැබුනම එයාලව බලන්නත් කෙනෙක් ඕනෙනෙ... ඔක්කොම එකපාර එකතැන් උනාම අමාරුයි.. හැමදේම වෙන්නෙ හොඳට... අපේ පැටියා හදිස්සි වෙලා ආවට සේරම තේරුම් ඇරන් ආපහු යන්න ඇති. ඉක්මනට ආයිත් එයි.. අප්පලා දෙන්නෙක්ම ඉන්න එකේ එන්න මඟෑරෙයි කියලා බයවෙන්න දේකුත් නෑනෙ..."

යුංගි හ්‍යොං මූණට නග්ගගත්තු අමාරු හිනාවක් එක්ක හ්‍යොං කඳුළු පෙර පෙර හිටපු ටේ හ්‍යොංව තුරුල් කරන් සද්දෙට ඉඹින ගමන් කියෙව්වා..
ටේ හ්‍යොං වුණත් හවස හිටියෙ මුකුත්ම නොවිච්ච ගානට... දෙයියනේ මොන ගින්දරක් පපුව අස්සෙ හිර කරන්ද ඔය ඉන්න ඇත්තෙ.. යුංගි හ්‍යොං ආපු වෙලාවෙ ඉදන්ම වද වුණේ අපිගැන.. හෙව්වෙ බැලුවෙ අපි ගැන... තමන්ගෙ ලෙයින් හැදිච්ච කිරිකැටියෙක් නිකම්ම ලේ බිංදු වෙලා හොබීගෙ කකුල් දෙපැත්තෙන් බේරෙද්දි මොන තරමකට ඒ පපුව පිච්චෙන්න ඇද්ද..
මාව දකින වාරයක් ගානෙ මේ බෝලවෙච්ච බඩගෙඩිය දකින වාරයක් ගානෙ ඒ හිත් කොච්චරක්නං රිද්දගනීද..

"හ්‍යොං.."

"ම්ම්හ්??"

"ඌව මට ඕනෙ..."

"අහ්??"

"ඔය හිතන්නෙ ඌව ඉවරයක් කරන්නනෙ? එපා.. ඒකව මරන්න එපා.. ඌව මට ඉතුරු කරන්න..."

එයා.. ඒ එයා.. මාරාවේශ වෙච්ච ඒ ගැඹුරු කටහඬ මාව අමු අමුවෙ වෙව්ලවනකොට එයා නම්ජූන් හ්‍යොංගෙන් කාවදෝ මරන්න ඉල්ලුවා..

ජැකීවද? නැත්තන් වෙන කවුරුහරිවද?? කවුරු වුණත් ඒ මේ හැමදේකම කෙලවරක හිටපු මනුස්සයා.. සූමින් නූනගෙ මරණෙ ඉදලා අංකල් පාක්ගෙ  මරණෙට වෙනකම්ම වග කියන්න වෙච්ච මනුස්සයා.. ඊයෙ සාලෙ මැද්දෙ කිසි හේතුවක් නැතුව වෙඩිකාපු අහිංසකයො පස් හය දෙනාගෙම මරණවලට හේතුවෙච්ච තිරිසනා...

ලේසි මරණයක් එපා රත්තරන්.. එසේමෙසේ මරණයක් දෙන්න එපා... විදවන්න අරින්න.. හොඳටම විදවන්න අරින්න...

   
    
**************************
  
ඔන්න මේ පාරනම් කලින් ආවා.. 🤭

අද කොටස හොඳටම දිගයිත්තෙක්ක හරිතේ.. 😌

පරිස්සමට ඉන්න පැටවුනේ 🥺🥰🫂

ආදරෙයි හොඳටෝම 😌🥰😘❤️

ඔන්න සෝස බෝලෙ ගෙදර එනව.. 🥺😭😭


පස්සෙන් වැටීගෙන ආදරේ බෙද බෙද යන අපේ ආදර ගුලිය 🥺🌸


හත්තික්කේ මෙහෙම ඉන්න මනුස්සයාවනෙ මං මේ සුකුරුබුකුරු බොටමක් කරලා තියෙන්නෙ.. 🤧🤧😭

හුවෑහ් හුරතලයා 🥺🥺❤️

Continue Reading

You'll Also Like

27.2K 3.5K 39
Vminkook 🐯🐣🐰 Top - Jungkook Taehyung Bottom - Jimin Taekook 🐯🐰 Top - Jungkook Bottom - Tae Jikook 🐣🐰 Top - Jungkook Bottom - Jim...
559K 30.1K 19
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
3.6K 546 12
Love makes you weak...🥀 HOSEOK × SUGA × JIMIN
7.2K 2.5K 25
"Sometimes it lasts in love, but sometimes it hurts instead" Published date :- 2022.12.08