මොහොතකට කලින් දැනුන සතුට වැස්සටම හේදිලා යනවා වගෙ දැනෙද්දි එයා එකපාරටම ඉන්න තැනින් නැගිටලා මගෙ උකුල උඩින් වාඩි උනෙ කකුල් දෙක මගෙ ඉන දෙපැත්තෙන් දාගෙනයි...ඊටපස්සෙ එයාගෙ සීතල අත් බට්න්ස් ගලවලා තිබුන මගෙ ශර්ට් එක ඇතුලෙන් ගිහින් මගෙ පිට වෙලාගද්දි එයා මගෙ නිරුවත් පපුවට තුරුල් උනෙ එයගෙ මුහුණ මගෙ බෙල්ලෙ අස්සෙ ඔබාගෙනයි....
දෙයියනේ.... මං මේ දකින්නෙ හීනයක්ද....
*
*
*
මට දැනෙන්නෙ මගෙ හුස්ම නැවතිලා වගෙයි...ඒත් මටවත් දරාගන්න බැරි වේගයකින් පපුව ගැහෙනවා... මෙහෙම දෙයක් මේතරම් ලන් වීමක් මං එයාගෙන් බලාපොරොත්තු උනෙ නෑ... මට මැරෙන්න තරම් සතුටුයි දෙයියනේ... ඒ සතුටට ඇස් දෙකේ කදුළු පිරෙනකොට මං මේ දකින්නෙ හීනයක් නම් ඒ හීනෙන් මාව ඇහැරෙන්න එපා කියල හිතනගමන් මේතරම් වෙලා සතුට වෙව්ලපු අත්දෙකෙන් මාත් එයාව තුරුල් කරගත්තා...
තත්පරයක් දෙකක් විනාඩියක් ගියා... ඒ විදිහට විනාඩි දහයක්ම ගත උනා... අපි දෙන්නගෙම කටින් වචන පිට උනෙ නැතත් මට දැනුනෙ අපි දෙන්නගෙම හදවත් කතා කරනවා වගෙයි... ඒ තරම් සද්දෙට අපි දෙන්නගෙම පපුව හයියෙන් ගැහෙනවා.... වැස්ස තව තවත් වැඩි වෙලා අවට වටපිටාව සීතල උනත් අපි දෙන්නගෙම උණුසුමින් අපේ සිරුරු ගිනියම් වෙනකොට එයා තවත් මගෙ ඇගට තුරුල් උනා... මට තවත් මේ නිහඩබව ඉවසන්න බෑ..මටත් ඕනෙ එයා එක්ක ඒ වගේ කතා කරන්න... අපේ හදවත් වගෙ...
"බෝබෝ......."
"ම්ම්...?"
"ඇයි ඔයාට මේතරම්ම සීතල දරාගන්න අමාරු....?"
"දන්නෙ නැ... සීතල ගොඩාක් දැනෙනකොට මගෙ අත් කකුල් ගල් වෙනවා.... අත් කකුල් වල ඇගිලි නිල් වෙලා ඉදිකටු ඇනෙනවා වගේ රිදෙනවා....පොඩි සීතලක්වත් දරාගන්න අමාරුයි පොඩි කාලෙ ඉදන්ම....මං සීතලට ආසත් නැ... "
"එතකොට කාමරේ ඒසී එකට අමාරු නැද්ද...?"
"ඒසී තිබුනට මං ඒක යූස් කරන්නෙ නැ..."
ඔව් ඇත්ත තමයි... මට එයාගෙ කමරේදි කිසිම සීතලක් දැනිලා නැ... කාර් එකේදි උනත් එයා නිතරම ඒසී එක ඕෆ් කරනවා නේද කියල දැනුයි මට මතක් උනෙ....
"සුරේන් සර් දන්නවද...?"
එහෙම අහද්දි එයා ලොකු හුස්මක් ගත්තා...
"නැතුව ඇති....."
ඊට වඩා මං එයාගෙන් ඒ ගැන ඇහුවෙ නැ... මොකද ඒ වචන දෙක ඇතුලෙ තිබුනෙ ලොකු කලකිරීමක්.... සර්ට ගොඩාක් එයාව මගඇරිලා...
දෙයියනේ මේ කොල්ලා කොහොමද අවුරුදු ගානක් පිටරටක හිටියෙ...?
"ඒත් දැන් මං සීතලට ආසයි..."
"ඇහ්........."
කලින් සීතලට කැමති නෑ කියපු කොල්ලා දැන් ආසයි කියද්දි ඇයි එහෙම කිව්වෙ කියලා හිතනකොට එයා තවත් තදින් මට තුරුල් උනා... තුරුල් වෙලා ඒ මුහුණ මගෙ බෙල්ලෙ අතුල්ලකොට මට ඉවසුම් නැති වෙද්දි මමත් එයාව තදින්ම තුරුල් කරගත්තා....
"බෝ..හ් ආහ්..අහ්ම්ම්.."
'මොකක්ද මැණික ඔයා මේ කරන්නෙ..?' දැන් එයාගෙ තොල් මගෙ බෙල්ලෙ එහා මෙහා යනවා.... ඒ උණුසුම් දෙතොල් පහසට සියුම් කිතියක් එක්ක මගෙ ඇග තවත් ගිනියම් වෙද්දි මගෙ කටින් කෙදිරිල්ලක් පිට උනෙ මටත් නොදැනිමයි....
මං ජීවිතේ පළවෙනි වතාට මං ආදරේ කරපු ආදරේ කරන කොල්ලගෙන් මේතරම් උණුසුමක් මේ වගේ ස්පර්ශයක් ලැබෙද්දි තවත් ඉවසන්න නම් මං හැගීම් දැනීම් නැති එකෙක් වෙන්න ඕනෙ.... ඒත් හැගීම් වලට වහල් වෙලා එයාට පස්සෙ පසුතැවෙන්න සිද්ධ උනොත් ඒ දැනෙන වරදකාරී හැගීමෙන් මිදෙන්න අපි දෙන්නටම බැරි වෙයි....
ඒ නිසා මට ඕන උනෙ තවත් මේ හැගීමෙන් මත් වෙන්න කලින් අකමැත්තෙන් උනත් මොහොතකට එයාව නවත්තන්නයි... එයා මේ දේවල් කරන්නෙ හොද සිහියෙන්ද...එයා ඉන්නෙ කාගෙ ලගද කියන එක එයාට මතකද...නැත්නම් සීතල නිසා දැනෙන හැගීම් වලට මත් වෙලා එයාගෙ රදීශ් ලග ඉන්නවා වගෙ එයාට දැනෙනවද.... එයාව මට අයිති නැ කියන හැගීම හිත කොනක ඉදන් කෑගහනකොට මට එයාගෙන් ඒවට උත්තර ඕන උනා....
"බෝ..හ්හ්...අහ්ම්ම්.. මොකක්ද මේහ් කරන්නෙ අහ්හ් ..."
අත් දෙකෙන් මං එයාව ඈත් කරන්න හැදුවෙ එයා එක්ක කතා කරන්නයි... මේ දැනෙන හැගීම් වලට ඉඩ දෙන්න කලින් මගෙ හිතෙ තියෙන ආදරේ එයාට කියන්නයි මට ඕනෙ...
එයාගෙ ආදරේ නොලැබුනත් එයා මගෙ නොවුනත් තවත් මේ හැගීම හිරකරගෙන ඉන්න බැ කියල මට හිතුනා... ඔව්...තවත් නම් බැ.... මං අද කියනවා.... මං අද එයාට කියනවා මං එයාට කොච්චර ආදරේද කියලා... එයාව මට කොච්චර වටිනවද කියලා...එයා මගෙ හුස්ම, මගෙ පන කියලා එයා දැනගන්න ඕනෙ.... එයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි උනත් මගෙ ආදරේ හැමදාමත් එයා වෙනුවෙන්මයි කියල එයා දැනගන්න ඕනෙ...
ඒත් එයා තවත් තදින් මාව බදාගෙන අසිහියෙන් වගෙ මගෙ බෙල්ල සිපගන්නකොට මටත් ඉවසුම් නැති උනා... බැහැ දෙයියනේ තවත් බැ මට.... එයාගෙ මේ දගකාරකම් වලට පිං සිද්ධ වෙන්න මගෙ යටිකයත් උණුසුම් වෙනවා මගෙ උකුල උඩ ඉන්න එයාටත් දැනෙන්න ඇති...
"අහ්ම්ම්....ආහ්හ්...බෝ..හ් ඇති.........."
තව දුරටත් මගෙ පාලනය මගෙන් ගිලිහෙන්න කලින් මං එයාගෙ උරහිස් වලින් අල්ලගෙන අමාරුවෙන් හරි එයාව මගෙන් ටිකක් ඈත් කරා...එයා හයියෙන් හුස්ම ගන්නවා...එයාව වෙව්ලනව...ඒත් දැන් ඒ සීතලට නෙමෙයි කියල මං දන්නවා.. එයා ඉන්නෙ එයාගෙ හැගීම් පාලනය කරගන්න බැරුව....
"අනේ..හ් ශා..න් අයි..යේහ්...."
මගෙන් චුට්ටක් ඈත් කරනකොට කෙදිරිල්ලකින් වගෙ එයාගෙ කටින් මගෙ නම පිට උනා... ඇත්තමයි මට දැනුන සතුට එයා දන්නවනම්.....ඒ සතුටට ආයෙත් මගෙ ඇස් තෙත් උනෙ අනේ ඔයා මගේම උනානම් කියන හැගීමෙන්..... ඒ කියන්නෙ... ඒ කියන්නෙ එයා ඉදලා තියෙන්නෙ හොද සිහියෙන්.... එයාට මෙහෙම හැගීමක් දැනිලා තියෙන්නෙ මං ගැනමයි....
එයා ආයෙත් මගෙ ඇගෙ එල්ලෙන්න හදනවා... ඒත් ඊට කලින් මං දෝතින්ම එයාගෙ පිරුණු කම්මුල් අල්ලගත්තා... මට ඕන උනෙ එයත් එක්ක කතා කරන්නයි... මේ හැගීමෙන් තවත් මත් වෙන්න කලින් තව අඩියක් ඉස්සරහට යන්න කලින් මට ඕනෙ මගෙ හිතේ තියෙන ආදරේ එයාට කියන්නයි....
ඒත් ලාවට වැටෙන ලයිට් එළියෙන් ඒ මුහුණ ඒ ඇත් දළ පාට හම රත්තරන් පාටට දිලිසෙනකොට අඩවන් වෙලා තියෙන ඇස් , යන්තමින් විවර වෙලා තියෙන රෝස පාට තෙත තොල්පෙති දකිනකොට එයත් එක්ක කතා කරනවා තියා මට හුස්ම ගන්නත් අමතක උනා.... එයා ඒතරම් සරාගී උනෙ කොහොමද...? මෙහෙම පෙනුමක් කවදාවත් එයාගෙන් මං දැකලා නැ.... මොහොතකට මට අමතක උනා අපි ඉන්නෙ කොහෙද, එයා කාගෙ කවුද, කාටද අයිති, මං කවුද කියන එක.... දැනුනෙ එකම දෙයයි...එයා මගේමයි කියන හැගීම විතරයි.... හිත පුරා දැනුන ඒ හැගීමෙන්ම මං නොසන්සුන්ව ඒ තොල් පෙති වලට ලන් උනා....
මේ මගෙ ආදරේ...පළවෙනි ආදරේ.... මේ මගෙ පළවෙනි හාදුව.... ඒ හාදුව එයාගෙ රෝස පාට තොල් පෙති උඩ නතර වෙද්දි අඩවන් වෙලා තිබුන ඒ ඇස් පියවෙනවා මං දැක්කා....
ඒ තොල් වල සිනිදු පහස උණුසුම එක මොහොතකින් මගෙ සීමා මායිම් බිදලා දැම්මා.... හීනෙන් පවා සිපගන්න පෙරුම් පුරපු ඒ තොල් පෙති වල මුල්ම පහස මාව පිස්සු වැට්ටුවා....
මං කොච්චර පිස්සු වැටුනද කියනවනම් ඒ තොල් උඩ මගෙ තොල් තියාගෙනම එක අතක් එයාගෙ ඉන වටේ දාලා එයාව ඇදලා අරන් ඇගට තවත් හිර කරගත්තෙ දරාගන්න බැරි ලෝභකමකින්....එයාට ඕන උනත් මගෙන් ගැලවෙන්න බැරි විදිහට....
මගෙ ඒ ස්පර්ශයට එයාගෙ පියවිලා තිබුන ඇස් ඇරිලා පුදුමයෙන් ලොකු උනා....ඒත් ඒ ඇස් වල බයක් නැ.... ඒ ඇස් දිලිසෙනවා....'උබ මෙච්චර දවසක් දැක්කෙ ශාන්ගෙ ඉවසීම විතරයි මගෙ වස්තුව... උබ අද මගෙ සීමාව පැන්නුවා...දැන් ඉතින් ටිකක් රිදුනත් ඉවසන්න වෙයි මැණික....'
ඒ ඇස් දිහා බලාගෙන එහෙම හිතනගමන් මං ඒ තොල් පෙති මගෙ තොල් වලින් උරන්න ගත්තා...ගොඩාක් තදින්...දවස්ගානක් පිපාසයෙන් හිටපු මනුස්සයෙක්ට දිය පොදක් ලැබුනා වගෙ නොසන්සුන්ව මං ඒ තොල් දෙකේ අතරමං උනා.... එයත් මගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන පුදුමයෙන් ලොකු උන ඇස් ආයෙත් පියාගත්තෙ කැමති දෙයක් කරන්න මට ඉඩ දීල වගෙයි......
හුස්මක්වත් ගන්න නොදි මං තදින් ඒ තොල් දෙක ඉරුවෙ ඒ තොලේ තියෙන හැම රසක්ම වගෙ උරාගන්නයි.... විනඩි දහයකට විතර පස්සෙ මොහොතකට නැවතිලා එයාට හුස්මක් ගන්න දුන්නෙ ඒ තොල් දිහාම බලාගෙනයි... ඒත් එක මොහොතකට විතරයි.....එයගෙ රෝස පාට තොල් රතු පාටින් ඉදිමිලා දිලිසෙනවා අඩ අදුරෙත් මට පේනකොට මං ඒ තොල වටේටම මගෙ දිව අරන් ගියා...
"අයි..යෙහ්.... අහ්ම්ම්...."
එයා කටත් ඇරන් හයියෙන් හුස්ම ගන්නගමන් කෙදිරිගානවා....ඒ හුස්මක් පවා මාව මත් කරන තරමටම සුවදයි......මට ඕනෙ එක අංශුවක් නෑර ඒ තොල් වල රස බලන්න....ආයෙත් මං ඒ කම්මුල් දෙකම මගෙ අත් දෙකෙන් අල්ලගෙන මගෙ දත් වලින් තොල් හෙමීට හපනගමන් දිවෙන් තෙත් කරා...
"ආව්..අහ්ම්..ම්හ්..."
හිමීට හැපුවත් ඒ සිනිදු තොල්පෙති වලට රිදෙනවා ඇති... ඒත් මට අතාරින්න බැ....ඒ තොලේ හැම රසයක්ම විදින්න ඕනෙ... මං පිස්සුවෙන් වගෙ ආයෙත් යටි තොල උඩු තොල මාරුවෙන් මාරුව සිපගත්තා...හැපුවා.. ආයෙත් දිවෙන් තෙත් කර කර ඉරුවා.... ජීවිතේට හාදුවක රස විදලා නැති මං මගෙ පළමු හාදුව උපරිමයෙන් වින්දා.... එයාට රිදෙනවා ඇති...මට එහෙම එයාට රිද්දන්න ඕන උනෙ නෑ...එයා මගෙ පණ...එයා මගෙ ජීවිතේම.... 'ඒත් සමාවෙයන් මගෙ මැණික...මට උබ ලගදි මීට වඩා ඉවසන්න අමාරුයි...'
එයාට රිදුනත් එයා ඒක විදිනවා කියල මට තේරුනෙ එයාගෙ කෙදිරිලි වලින් වගේම මගෙ ඇග පුරාම නොසන්සුන්ව යන එයාගෙ අත් වලින්...එයා තව තවත් මාව එයා ලගට ඇදලා ගන්නවා... මට වගේම එයාටත් මගෙන් ඈත් වෙන්න ඕනකමක් නෑ කියල මට දැනුනා...
ටික වෙලාවකින් එයත් මගෙ හාදුවට හවුල් වෙද්දි මගෙ හැගීම් තව තවත් ඇවිස්සෙන්න ගත්තා.... එයාගෙ සිපගැන්මෙ තිබුනෙ නුහුරුබවක් කියල මට මොහොතකට හිතුනා... මේක එයාගෙත් පළමු හාදුව වගෙයි මට දැනුනෙ... ඒතරමට මටත් වඩා එයාගෙ සිපගැනීමෙ ආධුනික බවක් තිබුනා...
තොල් පුපුරලා කටට ලේ රස දැනෙනකන් රස විදපු ඒ තොල් ආයෙත් මං දිවෙන් තෙත් කරා.... ඒගමන් දිවෙන්ම ඒ තොල් පෙති ඈත් කරලා ඒ කට ඇතුලට දිව දාගෙන ඒ උණුසුමෙන් රසෙන් මං තව තවත් මත් උනා.... ඒත් මට මදි.... කොයිතරම්ද මොන වගේද කියල කියන්න නොතේරෙන තරමට එයා ගොඩාක් රසයි.....ඒ රස මේ ලෝකෙ කිසිම මදුවිතකට සමාන කරන්න බෑ කියල හිතුනා මට.... එයා අමෘතයක්..... පාටක් රසයක් මේ වගෙයි කියලා නමක් දෙන්න බැරි කවදාවත් එපා නොවෙන ඇති වීමක් නැති අමෘතයක්.....
එයාට වගේම මටත් හති... ඒත් ඒ සිපගැනීමෙ ඇති වීමක් තිබුනෙ නෑ අපි දෙන්නටම....
කොයිතරම් වෙලාවක් ගියාද අවට මොනව වෙනවද කියල නොදැනෙද්දි තොල් අතර අතරමං වෙලා හිටපු අපි දෙන්නා එකපාරටම පියවි සිහියට ආවේ ෆෝන් එකක් රින්ග්ස් වෙන සද්දෙටයි....
දෙන්නම ගැස්සිලා වටපිට බැලුවෙ ඒ සද්දෙ ආවෙ කොහෙන්ද බලන්නයි.... එයාගෙ ෆෝන් එක... ඒක කලිසම් සාක්කුවේ.... දැන් ඒක අතට ගන්නනම් එයාට නැගිටින්න වෙනවා.... ඒත් එයාට උවමනාවක් තිබුනෙ නෑ නැගිටලා ඒකට ආන්ස්වර් කරන්න.... ඒ ඇස් මගෙ දිහාම බලන් ඉන්නවා.... එයා තාමත් ඉන්නෙ මත් වෙලා වගෙයි...මාත් එහෙමයි.... එක හාදුවකට පුළුවන්ද මේතරම් දෙයක් කරන්න....? සියුම්ව වින්දත් රළුව වින්දත් ඒ හාදුව ඒ මොහොතෙ අපිට අපිවම නැති කරන හැටි ඒක විදපු අය දන්නවා ඇති....
එයා දිහාම බලන් මං එයාගෙ නලලට මගෙ නලල තියාගත්තා..ඊටපස්සෙ ඒ කම්මුලට අතක් තියාගෙන මහපට ඇගිල්ලෙන් ඒ දෙතොල් හෙමීට පිරිමැද්දා.... ඒවා තාම තෙතයි.... කට වටේම මගෙයි එයාගෙයි කෙළ වලින් නෑවිලා... පිහදන්න ලෝභයි මට... තොල් රතුපාට වෙලා ගොඩාක් ඉදිමිලා... අපි දෙන්නට මොකක්ද උනෙ කියල අපිට තාමත් හිතාගන්න බැ.... ඇවිස්සෙන හැගීම් ලගදි අපි දෙන්නම පාලනයෙන් තොරයි කියලනම් මං තේරුම්ගත්තා... මට දැන්වත් එයා එක්ක කතා කරන්න ඕනෙ.... එයා දැනගන්න ඕනෙ මගෙ හිතේ එයා ගැන තියෙන හැගීම....
"රිදෙනවද.... ම්ම්..?"
"න්..නැහැ...."
මං ඇහුවෙ ඒ තොල් දිහා බලාගෙන.... එතකොට ඒ තොල් වල ඇදුනෙ තෘප්තිමත් හිනාවක්....මං ඒ තොල් දෙකට දීපු දසවද වල හැටියට රිදුනෙ නැත්නම් පුදුමයි... එයාට රිදෙනවා ඇති.... ඒත් එයා ඔළුව හොලවලා නෑ කිව්වා..
"බෝබෝ....."
"ම්ම්...? "
"මට දෙයක් කියන්න තියෙනවා..."
මං කිව්වෙ එයාගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන....
"හ්ම්...කියන්න...."
"බෝබෝ....ම්..මං ඔයාට්...................."
ආයෙත් එයාගෙ ෆෝන් එක රින්ග්ස් වෙනවා... කවුද දන්නැ... හදිස්සියකට ගන්නවද දන්නැ....
" ඒක ආන්ස්වර් කරලා ඉන්න...."
එහෙම කියලා මං එයාගෙන් ටිකක් ඈත් වෙන්න හැදුවෙ...
"එපා... කියන්න හදපු දේ කියල ඉන්න..."
" දරුවො ඕක ආන්ස්වර් කරලා ඉන්න..."
"අනේ අයියෙ....ඒක පස්සෙ බලමු... කියන්න හදපු දේ කියල ඉන්නකො..."
"හ්ම්ම්...."
රින්ග්ස් වෙලා කෝල් එක කට් වෙනකොට නලලින් ඈත් වෙලා මං මගෙ මැණිකගෙ පිරුණ කම්මුල් ආයෙමත් පාරක් අත් දෙකෙන්ම අල්ලගෙන ඒ ඇස් දිහා බැලුවා... ඒ ඇස් අද හැගීම් ගොඩකින් පිරිලා දිලිසෙනවා.... ඒ හැම හැගීමක්ම මං වෙනුවෙන් කියලයි මට දැනෙන්නෙ...
"බෝබෝ... මේක හොදට අහගන්න.... මං මේ කිය................"
ආයෙත් අර සද්දෙ...එයාගෙ ෆෝන් එක..
"ආහ්හ්...ශිට්... මේ හු#$ පොළොවෙ ගහන්න හිතෙනවා මට දැන්...."
මේ කොල්ලා ඒක ආන්ස්වර් කරන්නෙත් නෑ... ඒ අස්සෙන් එයාට කේන්ති ගිහින්.... මටත් කේන්තියි....ඇත්තටම ඒ එන කෝල් එක අපේ කතාවට බදාවක්... ඒත් කවුරු හරි හදිස්සියකට ගන්නවද දන්නෙත් නැහැනෙ...
" ඕක වැදගත් කෝල් එකක් නෙමෙයි නම් ආන්ස්වර් කරන්න බැරිනම් බලලා සයිලන්ට් දාන්නකො.."
"ම්ම්...ඉන්න ටිකක්...."
එයා මගෙ උරහිස අල්ලන් ටිකක් ඉස්සිලා සාක්කුවෙන් ෆෝන් එකත් අරන් මගෙ උකුලෙන්ම වාඩි වෙද්දි මාත් අත්දෙක එයාගෙ ඉනවටෙ දාලා මගෙ ලගට ලන් කරගත්තා... දැන් තවත් නම් මට එයාගෙන් ඈත් වෙලා ඉන්න අමාරුයි...
එයත් මට තුරුල් වෙලා ඊටපස්සෙ ෆෝන් එක බලනකොටම ඒ කෝල් එක එන නම දකිද්දි එයාගෙ වගේම මගෙ මුහුණත් වෙනස් උනා...
ඒ රදීශ්....... එකදිගට එයාට කෝල් අරන් තියෙන්නෙ රදීශ්...... මේතරම් වෙලා මං හිටපු හීනෙන් මාව ඇහැරවන්න ඒ නමට පුළුවන් උනා...
එයා මගෙ නෙමෙයි මට අයිති නෑ කියන හැගීමෙන් ආයෙත් හිත වේදනාවෙන් මිරිකෙනකොට එයා කෝල් එක කට් කරලා ෆෝන් එක අපි හිටපු බෙන්ච් උඩට දැම්මා... එයා කේන්තියෙන්... මං වේදනාවෙන් බලන් හිටියෙ ඒ මුහුණ... ඒත් එයා මගෙ ඇස් මගඇරලා මගෙ පපුවට තුරුල් උනෙ මාව තදින්ම බදාගෙන.....
මං පපුව පුරවලා ලොකු හුස්මක් ගත්තා... ඇත්තටම එයාගෙයි රදීශ්ගෙයි බැදීම මොකක්ද...? ඇත්තටම එයාලා ආදරේ කරනවද...? ආදරේ කරනවනම් ඒ බැදීම මැද්දට ඇවිත් මං මේ කරන දේ හරිද...? අනිත් පැත්තෙන් සුරේන් සර්.... මට රස්සාවක් දීපු මනුස්සයට මං කරන්නෙ වැරද්දක් නෙමෙයිද... ? රස්සාවකුත් දීලා තවත් මං වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න හිතන් මගෙ අප්පච්චිගෙ වගකීමත් ගන්න හදන ඒ මනුස්සයට මං මේ කරන්නෙ ද්‍රෝහිකමක් නෙමෙයිද....?
මගෙ හිතේ තියෙන ආදරේ එයාට කියනකන් ඉවසිල්ලක් නැතුව හිටපු මගෙ හිත දැන් වරදකාරී හැගීමකින් පිරිලා....
"අ...අයියේ.....?"
"ම්ම්ම්......"
"කියන්නකො......."
"මොකක්ද......."
"දැන් ටිකකට කලින් කියන්න හදපු දේ...."
"ම්ම්...ඊට කලින් මට දෙයක් දැනගන්න ඕනේ..."
"මොකක්ද......?"
"රදීශ් කවුද ඔයාගෙ....?"
"......................................."
"ම්ම්ම්....?"
"......................................"
එයා මගෙ පපුවට තුරුල් වෙලාම සද්ද නැතුව හිටියා.... 'ඇයි මැණික ඔයා ලග ඒකට උත්තර නැත්තෙ...? ඔයා ඔහොම ගොළු වෙලා ඉන්නකොට මට දැනෙන වේදනාව ඔයා දන්නවද......?' එයා ලොකු හුස්මක් අරන් මගෙ පපුවෙන් ඈත් වෙලා නැගිටින්න හැදුවා....ඒත් මං ඉක්මනටම එයාව අල්ලගෙන නැගිටින්න නොදී එයාගෙ උරහිස් වලට අත තියාගත්තා... ඊටපස්සෙ අහක බලන් ඉන්න ඒ මුහුණ මගෙ පැත්තට හරවගෙන මං ඒ මුහුණට එබුනා... ඒත් එයා බිම බලාගෙන....
"මගෙ දිහා බලන්න........."
"..............................."
"බෝ........මගෙ ඇස් දිහා බලන්න... අන්තිම වතාවට ඉල්ලන්නෙ....."
එතකොට එයා ඇස් උස්සලා මං දිහා බැලුවා.. ඒ ඇස්වල කදුළු.... මං ඉක්මනට ඒ කම්මුලකට අත තිබ්බා...
"ඇයි මැණික මේ........"
'මැණික..' ඒ වචනෙ මං කිව්වා නෙමෙයි මගෙ කටින් පිට උනා...එතකොටම එයාගෙ ඇස්වල පිරිලා තිබුන කදුළු ඇස්වලින් පල්ලම් බහිනකොට මට හීල්ලුනා... පිහි තුඩකින් මගෙ පපුව හූරනවා වගේ වේදනාවක් දැනෙද්දි මං ඒ කදුළු පිහිදන්න හදනකොට ආයෙත් එයාගෙ ෆෝන් එක රින්ග්ස් වෙනවා......
අපි දෙන්නම බෙන්ච් එක උඩ තිබුන ෆෝන් එක දිහා බැලුවා.... රදීශ්ම තමයි ....
මං ආයෙත් බැලුවෙ එයාගෙ මුහුණ.... ඒ මුහුණ කිසිම හැගීමක් නැතුව හිස් වෙලා වගෙ..... ෆෝන් එක දිහා හිස් බැල්මෙන් බලන් හිටපු එයා ෆෝන් එකත් අතට අරන් මගෙ උකුල උඩින් නැගිටලා යද්දි මට ආයෙත් හීල්ලුනා.... මගෙ ඇගෙ කොටසක් ඇගෙන් වෙන් උනා වගේ හැගීමක් දැනෙද්දි වේදනාවෙන් මං එයා දිහා බලන් ඉන්නකොට එයා ටිකක් එහාට ගිහින් කෝල් එකට ආන්ස්වර් කරා.....
" ඇයි............?"
".........................."
"මොකටද ගත්තෙ......?
"..........................."
"නැ....... යාළුවෙක් එක්ක ගමනක් ආවා..."
"..........................."
"දැන් බැ......මං දුරක ඉන්නෙ...."
"..........................."
"ම්ම්...හෙට එන්නම්......."
කෙටි සංවාදයක්......එයා කියපු හැමදේම මට ඇහුනා..... එතනින් මට වද දුන්නෙ හෙට එන්නම් කියපු කතාව.... එයා ආයෙත් හෙට රදීශ් ලගට යනවද....
මං ශර්ට් එකේ බට්න්ස් ටිකත් දාගෙන ඉන්න තැනින් නැගිටලා එයා ලගට ගියා...එයා කළුවරේම පේන ඈත මුහුද දිහා බලන් කල්පනා කරනවා.... දැන් වැස්ස පායලා.... අපි කොච්චර වෙලාවක් මෙතන හිටියද කියල හිතාගන්න බැ....මං මගෙ ෆෝන් එක කාර් එකෙ දාලා ඇවිත්...
මං එයා ලගටම ගිහින් එයාගෙ උරහිසෙන් අල්ලලා මගෙ පැත්තට හරවගත්තා...ඒත් එයා මගෙ මුහුණ බැලුවේ නැ....
"බෝබෝ......."
".........................."
"මොකක් හරි ප්‍රශ්නයක්ද....? "
"........................."
"ඔහොම ඉන්න එපා දරුවො.... කතා කරන්නකො...."
" අපි ගෙදර යමු........."
"ම්ම්...යමු.... ඒත් යන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා....."
"මට අහන්න ඕනෙ නැ.... දැන් යමු..."
"නැ ටිකක් ඉන්න... මං අහපු දේට ඔයා උත්තර නොදුන්නට කමක් නැ...මං කියන දේ අහන් ඉන්න...."
"එපා.......!! මං කිව්වනෙ මට අහන්න ඔනෙ නෑ......!! "
"බ්..බෝ........"
එයා එහෙම කෑගහනකොට මාව ගැස්සුනා....එයා කේන්තියෙන්....ඇයි මේ.....? එයා කේන්තියෙන් ඉන්නෙ මාත් එක්කද....? අද මෙතන සිද්ධ උන දේට එයා පසුතැවෙනවද....? රදීශ් කතා කරාට පස්සෙ එයා රදීශ්ට කරේ වැරද්දක් කියල හිතන් පසුතැවෙනවද....? මට දැනෙන්නෙ පුදුම අසරණකමක්.... ඊටත් වඩා දරාගන්න බැරි වේදනාවක්.....
"ශාන් අයියෙ.... ප්ලිස් අපි දැන් ගෙදර යමුද....?"
මුලින්ම කේන්තියෙන් කෑගහපු එයා දැන් ගොඩාක් හොදින් මගෙ ඇස් දිහා බලන් අහනවා.... ඒ ඇස් වල තරහක් නෑ.... ඒත් තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියල මට මේ වෙලාවෙ කියවගන්න තේරෙන්නෙ නෑ....
"මට කතා කරන්න ඕනෙ බෝ...."
අද මං හිතුවක්කාර උනා.... මගෙ හිතෙ තියෙන ආදරේ වෙනුවෙන් ඔව් මං හිතුවක්කාර වෙනවා.... ඒ ආදරේ එයාට කියන්නෙ නැතුව මට මෙතනින් යන්න බෑ... මෙතන සිද්ධ උන දේ මගෙ පැත්තෙන් බැලුවොත් ඒ හැමදේම උනෙ මගෙ හිතේ එයා වෙනුවෙන් තිබුන ආදරේ නිසයි කියලා එයා දැනගන්න ඕනෙ....
"ඒත් මට අහන්න ඕනෙ නෑ අයියෙ... ප්ලීස් දැන් යමු...."
"බෑ....මෙතන අද උන දෙ මොක්........."
"ඉට්ස් ජස්ට් අ මිස්ටේක්.... ෆොගෙට් ඉට්.....! ඕකේ....?"
"ම්..මොකක්...??"
"ඔව්...ඒක තමයි ඇත්ත...මට ඒ වෙලාවෙ සීතල දරාගන්න බැරි උනා.. ඒකයි ඒ හැමදේම උනෙ..ඔයා දන්නවානෙ මං ගේ කියලා.... ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙක්ට තුරුල් වෙලා ඉන්නකොට මට හැමදේම අමතක උනා... එච්චරයි උනෙ... දැන් ඇති....ඒක දැන් අමතක කරන්න.... මට පරක්කු වෙනවා...අපි යමු....."
එහෙම කියලා එයා එතනින් යද්දි මගෙ ලෝකයම එක තැන නතර උනා වගෙයි මට දැනුනෙ.... ඒක එයාට වැරදීමක්ලු.... සීතල නිසාලු එහෙම උනෙ..... එතකොට මගෙ ආදරේ......මගෙ හැගීම්..... මට දැනුන දේ....
එතනින් එහාට තවත් කිසි දෙයක් හිතාගන්න බැරුව මගෙ හිත ගල් වෙනවා වගෙ දැනෙනද්දි එයා තනියම නේද කාර් එක ලගට ගියෙ කියල මතක් වෙනකොට වෙව්ලන කකුල් දෙකට පණ අරගෙන මං ඉක්මනට එයාගෙ පස්සෙන් දිව්වා....
එයා කාර් එකට හේත්තු වෙලා මං එනකන් ඉන්නවා... මං එයා දිහා නොබලම ඩ්‍රයිවින් ශිට් එකට නගිද්දි එයත් එහා පැත්තෙන් නගිනවා මං දැක්කා...කාර් එක රිවස් කරලා අරන් ආයෙ මේන් රෝඩ් එකට දැම්මෙ එයා දිහා වැරදිලවත් බලන්නෙ නැතුවයි.... කොහොමද මං එයාගෙ මුහුණ බලන්නෙ....? එයාගෙ ආදරේට එයාගෙ රදීශ්ට අද එයා අතින් වැරද්දක් උනෙ මං නිසයි....
මගෙ හිත මගෙන්ම අහනවා මං එයත් එක්ක තරහා උනාද කියලා... නෑ පොඩ්ඩක්වත් නෑ... කවදාවත් නෑ.... එයා කියනවනම් ඒ උනෙ වැරදීමක් කියලා හරි මං පිළිගන්නම්.... කමක් නැ එයාගෙ වැරදීම නිසා හරි මට පුළුවන් උනා මං ආදරේ කරන එයාට මගෙ පළමු හාදුව දෙන්න.... එයාට ඒක වැරදීමක් උනත් මට ඒක ලස්සන හීනයක්.... හීනෙන්වත් සිපගන්න නොලැබෙයි කියල හිතපු ඒ තොල් මට මගේ කරගන්න පුළුවන් උනා.... ඉතින් මට එයාගෙන් ලැබුන ඒ මතකය ඇති නේද ජීවිත කාලෙටම.....
මං මගෙ හිතින් තනියම එයාට ආදරේ කරපු එකට එයා වැරදි නෑ... මගෙ බෝබෝ තාම පොඩි කොල්ලෙක්.... මෙතනදි එයාගෙ කිසිම වැරද්දක් නෑ.... එයා හිතනවනම් මෙතනදි වැරද්දක් උනා කියල ඒකට එකම වැරදිකාරයා මමයි..... හැගීම් පාලනය කරගන්න බැරුව හැමදේම මොහොතකින් අමතක කරපු මමයි වැරදි.....
මං එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ සිද්ධ උන හැමදේටම....
ගෙදරට එනකන්ම එයා මාත් එක්ක කතා කරේ නෑ... කාර් එක නවත්තපුගමන් එයා කාර් එකෙන් බැහැලා ගෙට යද්දි මං එයා යන දිහා බලන් ඉදලා ලොකු හුස්මක් අරන් කාර් එකෙන් බැස්සෙ කදුළක් උනන්න හදන ඇස් දෙකට තරවටු කරගෙනයි.....
.
.
.
.
"ගුඩ් මෝනින් ශාන්...."
"ආහ් ගුඩ් මෝනින් සර්...."
"ඊයෙ දෙන්නා එක්ක බීච් ගිහින් එනකොට රෑ උනාද...?"
"ගොඩාක්ම රෑ උනෙ නැ....9:00 විතර උනා සර්....."
මං උදෙන්ම කිචන් එකට ආවෙ බෝබෝගෙ කිරි එක අරන් යන්න... එයා ලෙඩ උන දවසින් පස්සෙ මේකත් මගෙ රාජකාරියක් වෙලා... ඒත් මං ගොඩාක් සතුටින් ඒක කරන්නෙ....
නීතා අම්මා උදෙන්ම පොල් සම්බෝලයි පරිප්පුයි චිකන් කරියත් එක්ක ඉදිආප්ප හදලා....මමයි උදෙන්ම නැගිටලා ඒකත් හදන්න හිටියෙ.... බෝබෝ දැන් ගොඩාක්ම ආස මං හදන කෑම වලට.... ඒත් මහා රෑ වෙනකන් නැගිටගෙන කල්පනා කරපු නිසා පාන්දර වෙද්දි මට ටිකක් නින්ද ගියා... ඇහැරෙන්න පරක්කු උනත් නැගිට්ට ගමන් මුහුණ කට හෝදගෙන ඇවිත් එයාගෙ කිරි එක හැදුවා... එතකොට තමයි සුරේන් සර්ත් කිචන් එකට ආවෙ...
"චූටි පුතා අද කොහෙවත් යනවා කිව්වද ශාන්....?
"ඔව් සර් 10:00 වෙද්දි යාළුවෙක් හම්බවෙන්න යන්න ඕනෙ කිව්වා..."
"ආ එහෙමද....?"
"ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක් ද....?"
"අද වැඩ ටිකක් වැඩියි දරුවො.... මං ශාන්ව ඔෆිස් එකට එක්කන් යන්නයි හිතුවෙ..... එහෙනම් මෙහෙම කරන්න... චූටි පුතාගෙ වැඩේ ඉවර වෙලා දෙන්නත් එක්කම ඔෆිස් එක පැත්තෙ එන්න...."
" හා සර්.... අපි එන්නම්... "
සර් එහෙම කියල එතනින් යනකොට මං කිරි එකත් අරන් එයාගෙ කාමරේට ආවා... 8:00යි වෙලාව.... තාම නිදිද දන්නැ කියල හිතනගමන් දොරට තුන්පාරක් විතර තට්ටු කරත් කිසි සද්දයක් නැ.... නිදි වෙන්න ඇති කියල හිතන් දොරේ අගුලට අත තිබ්බෙ වෙනදා පුරුද්දට දොර ඇරගෙන ගිහින් එයාව අවදි කරන්නයි...
"තමුසෙ මොකද ඔය කරන්නෙ...?"
ඒත් එක්කම ඇහුන කටහඩට මං හැරිලා බලද්දි ඒ හිටියෙ තේජාන්.... ඌ මොකද අද කුකුලත් අතේ තියන්ම මෙහෙ ඇවිත් තියෙන්නෙ....? එනවා සද්දයක්වත් ඇහුනෙ නෑනෙ... මට ඔරවගෙන මොකද කරන්නෙ අහනවා... ඉතින් , මං බය වෙයිද මේ ගස් හිපාටුවට...?
"ඇයි මොනව කරනවා වගේද පේන්නෙ...?"
"හහ්... තමසෙට කොහෙන්ද හයියක් මගෙන් ප්‍රශ්න කරන්න....? තමුසෙ දන්නවා නේද මං කවුද....? "
"ම්ම්... ඔව්....හොදට දන්නවා මිස්ටර් තේජාන්.... අනික මං කතා කරන්නෙ මගෙ හයියෙන්...."
"තමු................."
තේජාන් තවත් මොනවද කියන්න ඇගිල්ලත් දික් කරන් මගෙ ලගට එද්දිම බෝබෝගෙ කාමරේ දොර ඇරුනා... එයා උදෙන්ම ලෑස්ති වෙලා... තාම 8:00යිනෙ වෙලාව....
"ඔහ්...අශූ...... ගුඩ් මෝනින් මගෙ කොල්ලො..."
"ගුඩ් මෝනින්....."
"ගුඩ් මෝනින් ශාන් අයියෙ...."
"ම්ම්...ගුඩ් මෝනින් බෝබෝ.... දැන්ම යනවද...? ආ මේ කිරි එක බොන්න මං ඉක්මනට ඇදුමක් දාගෙන එන්නම්...."
"එපා අයියෙ... මට පරක්කු වෙනවා... ඔයා අද ඉන්න... මං තේජාන් අයියත් එක්ක යන්නම්....?"
එයා එහෙම කියද්දි ඇත්තමයි මගෙ ඇගම පණ නැති උනා.... එයා ඇයි මූ එක්ක යන්නෙ....? මං තේජාන් දිහා බලද්දි ඌ කට කොනකින් සමච්චල් හිනාවක් දාගෙන ඉන්නවා....
"බ්..බෝ ඒත් සර් කියල තියෙන්නෙ ඔයා යන හැමතැනම ඔයත් එක්ක යන්න කියලනෙ...."
"ආ... හා හා ඔයා දැන් ඒ ගැන වොරි වෙන්න ඕනෙ නෑ ශාන්.... එයාට යන්න ඕන තැනක දැන් එයාට මේ අයියා එක්ක යන්න පුළුවන්.... මං ඉන්නවනෙ මගෙ අශූ බලාගන්න.... නේද බබා....? "
තේජාන් එහෙම කියලා එයා ලගට ඇවිත් ඒ උරහිස වටේ අත දානකොට මගෙ අත කේන්තියෙන් මිටි මෙලවුනා....
"ඔ..ඔව් අයියෙ මං තේජාන් අයියත් එක්ක ගිහින් එන්නම්....."
එහෙම කියල මගෙ අතෙ තිබුන කිරි එකට විතරක් බැල්මක් දාගෙන මගෙ දිහා නොබලා එයා තේජාන් එක්ක යනකොට මාව වෙව්ලන්න ගත්තා... මූ එක්ක ගියොත් එයාට කරදරයක් වෙන්න පුළුවන්.... සුරේන් සර් දන්නවද අද එයා යන්නෙ තේජාන් එක්ක කියලා...? දෙයියනේ මං දැන් මොකක්ද කරන්නෙ...?
මමත් ඉක්මනට කිරි එක අරන් ඒ දෙන්නගෙ පස්සෙන් පහලට ආවා.... ඒ එද්දි සුරේන් සර් කෑම කනවා....
"ආහ් කට්ටියම පහලට ආපු එක හොදයි... කෝ තුන්දෙනාම එන්න කන්න...."
අපි පහලට යද්දි සර් තුන්දෙනාටම කෑම කන්න කතා කරා.... කන්න නෙමෙයි මගෙ ඔළුව මෙතන ගිනි ගන්නවා මූ මගෙ කොල්ලව අරන් යයිද කියලා...එයත් කැමැත්තෙන්ම ඌ එක්ක යන්න ලෑස්ති වෙලා... ඇයි බෝබෝ ඔයා මෙහෙම කරන්නෙ...? ඔයාට මුන්ගෙන් අනතුරක් තියෙනවා කියලා ඔයා දන්නෙ නැද්ද...?
"කන්න බෑ ඩෑඩ්... ගමනක් යන්න තියෙනවා...මං තේජාන් අයියා එක්ක ගිහින් එන්නම්..."
"ඒ කොහෙද..? ශාන් එක්ක නේද යනවා කිව්වෙ...?"
ආ ඒ කියන්නෙ සර් දන්නෙත් නෑ එයා මූ එක්ක යනවා කියලා... අනේ සර් කොහොම හරි එයාව නවත්තන්න....
"නෑ ඩෑඩ් උදෙන්ම යන්න ඕනෙ... "
"ඔව් මාමේ... අශූ උදෙන්ම මට කතා කරපු නිසයි මාත් මේ උදෙන්ම දුවගෙන ආවෙ...එහෙනම් අපි යමුද බබා...?
"ම්ම්..ඒකත් එහෙමද.....?"
එහෙම කියලා සර් මගෙ දිහා බලනවා මං දැක්කා...මං ගොඩාක් අසරණ විදිහට සර් දිහා බලන් හිටියෙ... සර් ඇයි බෝබෝ යන ගමන් ගැන කරන දේවල් ගැන හොයලා බලන්නෙ නැත්තෙ... සර්ගෙ නංගිගෙ පුතා වලත්ත හිපාටුවෙක් කියලා සර් දන්නෙ නැද්ද...ඇත්තමයි මට දැන් සර් එක්කත් කේන්තියි
"හරි එහෙනම් කොල්ලො.....................
*
*
*
*
*
*
*
*
*
නැවත හමුවෙමු............
𝒵 𝒽 𝒶 𝓎 𝒾 .........🖊️
_______________________________
අද චැප්ටර් එක මට ගොඩාක් අවුල් වගෙ. මේක ලියාගන්න උදේ ඉදන් ට්‍රයි කරනවා. පැය ගානක් ලිය ලිය ඩිලීට් කරා. ෆස්ට් කිස් එක දෙන්න ලේසි උනාට ඒ ගැන ලියන්න මෙච්චර අමාරුයි කියලා අදයි තේරුනෙ 🙈