𝐓𝐡𝐞 𝐎𝐧𝐞 𝐅𝐨𝐫 𝐌𝐞 (Ta...

By Jeon_Haeso

16.9K 2.6K 157

Jungkook සහ Jimin පෙම්වතුන් වන අතර Taehyung සහ Jimin හොදම යාලුවන් වේ. එතකොට Jungkook And Taehyung ?????? 𝐓𝐚... More

Introducing
Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 (End)
New Story

Chapter 02

920 150 9
By Jeon_Haeso

Taehyung ඔහු පිටත්වූ ස්ථානයට පැමිණියේය.ඔහු පැමිණි rooftop එක ඔහු ඔහුගේ මව සමග සිටින විට නිතරම එන තැනක් විය.

ඔහු නිහඩවම දොර විවෘත කර බැලූ විට ටේහ්‍යුන්ග් වාඩි වෙන බංකුවේ වෙන කෙනෙක් ඉන්නවා දැක්කේය.

"කවුද ඒ? මම කවදාවත් මෙතන වෙන කෙනෙක් ඉන්නවා දැකලා නෑනේ"

ටේහ්‍යුන්ග් කල්පනා කරලා පිරිමි කෙනා ගාවට ගියා.

ජංකුක් තමන්ගේ සිතුවිලි වල ඉද්දි තමන් ලගින් කවුරුහරි වාඩි වෙනවා ඔහුට දැනුනා.ජංකුක් ඒ පැත්ත බැලුවත් ඒ කෙනා තවමත් ඉස්සරහා බලන් හිටියා.

ජංකුක් සැරින් සැරේ එම පුද්ගලයා දෙස බැලුවේය.ඔයාලට එයාට දොස් කියන්න පුලුවන්ද? එයා ලග ඉන්න කෙන ඇත්ත කෙනෙක් නෙවෙයි.එහෙත් අන්තිමට ජංකුක් ඉස්සරහා බලා ගන්න තීරණය කරා.

"ඔයා දන්නවද මගේ ආච්චි මට කියලා තියෙන්නේ ඔයාට හිතේ වද දෙන දේ ඔයා දන්නේ නැති නෙකෙන්ට කිවුවොත් ඔයාට හිතට සනීපයක් දැනෙයි කියලා.ඒ නිසා ඒක කියලා දාන්න"

Taehyung Jungkook දිහා බලන්නේ නැතුව කිවුවත් එයාගේ කටහඩ ඇහුනම බලන්න හිතුනා.

"එහෙමද....."

"ඔව්"

"ඔයාට sure ද?"

ටේහ්‍යුන්ග් හිස සැලුවා පමණි.

"මගේ තාත්තට ඕනේ මගේ boyfriend එක්ක මන් breakup වෙනවා බලන්න.ඔයාට ඒක විශ්වාස කරන්න පුලුවන්ද?ඒකට හේතුව තාත්තා එයට කැමති නැති එක.සමහර වෙලාවට මට තේරෙන්නේ නෑ මට 25 වගේම මන් මේ වෙනකන් කිසි දෙයක් කරලා නෑ.මම හැමදේම කරේ එයාට ඕන දේවල්.ඒ වගේම ජිමින් එයා සමහර වෙලාවට Ughh....මම දන්නේ නෑ"

"ඒ ඔයාගේ boyfriend ද?"

"ඔව් ඒත් සමහර වෙලාවට එයා අපි දෙන්නා එකට නෙවෙයි ඉන්නේ වගේ හැසිරෙනවා.මේක පිස්සුවක්....මට ඕන වුනේ මාව එක පාරක් තේරුම් ගන්න කෙනෙක්."

ටේහ්‍යුන්ග්ට ඇත්තටම ජංකුක් ගැන දුක හිතුනා.

"Let me make you feel better.

ටේහ්‍යුන්ග් පැවසුවා.

"මගේ තාත්තට ඕනේ එයාගේ job එක expand කර ගන්න ඕන නිසා මන් දන්නේ නැති කෙනෙක්ට මාව marry කරලා දෙන්න.මාත් එක්ක බලද්දි ඔයා තාමත් හොදයි"

ජංකුක් ඇස් ලොකු කර ඔහු දෙස බැලුවා.ටේහ්‍යුන්ග් ගේ ප්‍රශ්නයත් එක්ක තමන්ගේ ප්‍රශ්නය පොඩි එක්ක කියලා ජංකුක්ට තේරුනා.

"Ho God....ඔයා ඉතින් මොකද කරන්නේ"

"මන් කැමතියි කිවුවා"

ටේහ්‍යුන්ග් සන්සුන් ස්වරයෙන් කිවුවේ ජංකුක්ව ව්‍යාකූල කරලා.

"ඒත් ඔයා කිවුවනේ ඔයා ඒ කොල්ලව දන්නේ නෑ කියලා.ඇයි ඔයා ඔයාටම මෙහෙම කර ගන්නේ.මන් කියන්නේ ඔයා ආදරේ කරන්නේ නැති කෙනෙක්ව බදින්න යනවා කියන එක.ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවනම්..."

"මම ඇත්තටම විශ්වාස කරනවා හැම කෙනෙක්ටම එයාලගේ ජීවිතයේ එක සැබෑ ආදරයක් තියනවා කියලා.මටත් ඒම එකක් දැනටමත් තිබුනා ඉතින්....."

ටේහ්‍යුන්ග් ගේ කම්මුල් දිගේ කදුලු කිහිපයක් කඩා වැටුණි.ජංකුක්ට ඒ දිහා නොබලා ඉන්න බැරි උනා.

"අඩනකොටත් එයා හරිම ලස්සනයි." ඔහු සිතුවා.

"ඒ වගේම මගේ තාත්තගෙන් ගැලවෙන්න තියන එකම ක්‍රමය මේක විතරයි."

ඔහු කදුලු පිස දමා හුස්මක් ගත්තා.

"ඔයා දන්නවද මන් හිතන්නේ මගේ ආච්චි හරි කියලා මට ඇත්තටම හොදක් දැනෙනවා."

"ඔව් මටත් Thank you"

"ඒ ඇයි?

"මට ඇහුම්කන් දුන්නට"

ටේහ්‍යුන්ග් බංකුවෙන් නැගිට,

"මන් බලාපොරොත්තු වෙනවා හැමදේම හරි යයි කියලා.මාවා වැරදියට වටහා ගන්න එපා ඒත් ඔයාගේ තාත්තා ඔයා ගැන හොයලා බලනවා."

ජංකුක්ද බංකුවෙන නැගිට්ටා.

"මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ දේත් ඉක්මනට විසදෙන්න කියලා."

"ඒකට කමක් නෑ.ඔයා දන්නවනේ මිනිස්සු හැමදේකටම හුරු වෙනවා කියලා.කෝමහරි මට දැන් යන්න වෙනවා"

"හේයි...ඒත් මට ඔයාගේ නම හරි කියලා යන්න"

ජංකුක් ටිකක් හුරතල් විදියට අහපු නිසා ටේහ්‍යුන්ග්ට හිනාගියා.

"ඔයා දන්නවනේ අපි මගේ ආච්චිව dissapoint නොකර ඉමු" දෙන්නම හිනා වුනා.

"මම ඇත්තටම ඔයාව ආපොහු දකින්න බලාපොරොත්තු වෙනවා" ජංකුක් හිනාවෙලා කිවුවේය.

එකපාරටම ටේහ්‍යුන්ග් ඔහුව වැළදගත් නිසා ජංකුක් හිටි තැනම ගල් උනා.ටේහ්‍යුන්ග් ගේ අත් ජංකුක්ගේ ගෙල වටේ එතුනා.

"මට සමාවෙන්න"

ටේහ්‍යුන්ග් අයින් වෙන්න හැදුවත් ජංකුක් ටේහ්‍යුන්ගේ ඉන වටේ අත යවමින් තවත් ලං කර ගත්තා.

එයාලා විනාඩි ගානක්ම ඒම්මම හිටියා.දෙන්නටම අයින් වෙන්න ඕනේ උනේ නෑ ඒත් ඒ දෙන්නම ආගන්තුකයින් විතරයි.

දෙන්නම වැළදගැනීමෙන් අයින් උනාට පස්සේ ජංකුක් ටේහ්‍යුන්ගේ දෑත් තමන්ගේ දෑත් අතර සිර කර ගනියි.

ජංකුක්ට මේ මොහොතේ ජිමින්ව අමතක වෙලාම ගියා.

"මට ඔයාව කලින් මුණගැහෙන්න තිබුනා"

ජංකුක් එක වරම පවසයි.ටේහ්‍යුන්ග් ඔවුන්ගේ දෑත් සහ ජංකුක් දෙස බලා දුකින් හිනාවී

"මම දැන් යනවා. "ටේහ්‍යුන්ග් එතනින් යයි.

අනාගතයේදී තමන් ආගන්තුකයින්ට වඩා වැඩි දෙයක් තියනවා කියලා කවුරුත් දැනන් හිටියේ නෑ.


🐻🐰🐣

ටේ marry කරන්න යන්නෙ කාවද කියලා කියම්න බලන්න 😌

Continue Reading

You'll Also Like

1.4M 34.2K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
135K 1K 11
LOVING ETHAN WADe Shaira is secretly inlove with Ethan Wade long time boyfriend ng ate Sheenna niya,nanahimik lang siya sa isang tabi at kontento na...
1.2M 65.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...