Baby Bully ✔️

By sanju_54321

20.3K 3K 370

Baby bully Taehyung Nerd daddy Kook More

INTRO
CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
EPILOGUE

CHAPTER 12

669 128 11
By sanju_54321

🐯 ජන්කුක් පෝසත් තමයි හ්‍යුන්ග්. ගුණධර්ම වලින්, හැදියාවෙන්, ආදරයෙන්, අහිංසක කමෙන් වගේ තව ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ගාව නැති ගුණාංග ගොඩකින් මගේ කූකි පෝසත්.

🐱 මම උඹ වැරදි තීරණයක් ගන්න කලින් ආපහු අහන්න කැමතියි ටේහ්‍යුන්ග්. මේක ආකර්ෂණයක් නෙවෙයි ද? උඹට ශුවර් ද ඕක තමයි සැබෑ ආදරේ කියලා.

🐯 සීයට දාහක් හ්‍යුන්ග්. මගේ කූකි කියන්නේ හැබෑ මහත්මයෙක්.

🐱 උඹ කොහොමද ඒක හරියටම කියන්නේ.

🐯 මගේ කූකි කිව්වා, අපි එක වහළක් යටට වෙනකම්, මාව වැරදි විදියට අල්ලන්න එයාට ඕන නැහැ කියලා. මගේ කූකි ඉන්න ගේදොර පුංචියි වෙන්න පුළුවන්... එයා ට තියෙන මුදල් චුට්ටයි වෙන්න පුළුවන්... ඒත් ඒ හදවත ගොඩක් ලොකුයි.

🐱 මම දන්නවා බන්. කූකී කියන්නේ හොඳ කොල්ලෙක්. ඒත් කොහොමද බං මේ වගේ සැපට ජීවත් වුණ උඹ වගේ කොල්ලෙක්, ඉස්සරහට ඌත් එක්ක ජීවත් වෙන්නේ..?

ටේහ්‍යුන්ග් හැමදාමත් හිර වෙන ප්‍රශ්නේ යුන්ගී ඇහුවේ ටේහ්‍යුන්ග් ගේ අත් දෙකම තමන්ගේ අත් අතරට අරගන්න ගමන්.

🐯 ලුණුයි බතුයි විතරක් කාළා හරි, කන්න බොන්න නැතිව හරි, මීට පස්සේ මගේ කූකි නැති තැන මට ගෙදරක් වෙන්නේ නෑ හ්‍යුන්ග්. මම අහංකාර වෙලා මගේ කූකි ට රිද්දුවා.

ඒ හැම දේටමත් පස්සේ මගේ ආදරේ ප්‍රතික්ෂේප නොකර බාර ගත්ත මගේ කූකි තරම් මට තව කාවවත් වටින්නේ නෑ හ්‍යුන්ග්. ඒක මතක තියා ගන්න.

මොකද මේ ටේහ්‍යුන්ග් ඔය දැකලවත් නැති හොබි අංකල් ගේ පුතාට වඩා මගේ දුප්පත් කූකිට පණ තරමට ආදරෙයි. මට මේ දේපළ, මිල මුදල් සේරම අතහරින්න පුළුවන්. ඒත් මට මගේ කොල්ලා ව අතහරින්න බෑ හ්‍යුන්ග්. මම ඒ තරම් ශක්තිමත් නෑ..

ටේහ්‍යුන්ග් යුන්ගී ට තුරුලු වෙලා කිව්වේ මේ ගෙදර තමන් ව යම් හෝ තරමකට තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ යුන්ගී කියලා තේරුම් අරගෙන.

🐱 ඒක නෙවෙයි, යමු පහළට.. ජන් එන එකක් නැති පාටක් පේන්න තියෙන්නේ..

🐯 ජන් කිව්වේ..?

🐱 ජන් කිව්වේ හොබි අංකල් ගේ පුතා..

🐯 ජන් ද ජොන් ද මම දන්නේ නෑ හ්‍යුන්ග්. ඒත් මට මගේ කූකිව අතහැරලා වෙන ජීවිතයක් ඕන නෑ.

🐱 නර්ඩ් කෙනෙක් එක්ක උඹ පැටලුන තරම අන්තිමට ඒකව නැතිව බැරි තැනකට ම වැටුණා නේද..?

🐯 පෙනුමෙන් එයා නර්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් හ්යුන්ගී. ඒත් මගේ කොල්ලා හොට් ඩැඩී කෙනෙක්. එයාව බාත්රොබ් එක විතරක් පිටින් දැකපු මම නේ දන්නේ එයාගේ හොට් වර්ෂන් එක.

🐱 වාහ්... ඒ කියන්නේ උඹ කුක් ට දපනෙ ම වැටිලා නේද...?

🐯 කූකි වෙනුවෙන් ඕන දෙයක් කරනවා හ්‍යුන්ග්. මට එයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ. ශුවර් පිට කියන්නේ, එයා දුප්පත් කියලා මට එයා ගැන තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ.











යුන්ගි ටේහ්‍යුන්ග් ගැන හොඳටම දන්නවා. මොකද ටේහ්‍යුන්ග් දෙයක් ලබාගන්නවා කියලා හිතුවොත් නම් ඒ දේ ලබා ගන්නේ නැතුව කවදාකවත් අතාරින්නෙ නැහැ. ඒ වගේම තමන් ආදරේ කරන කෙනාව එක පාරින් එහෙම අතාරින්න තමන්ගෙ මල්ලි කොහොමටවත් සූදානම් නෑ කියලා යුන්ගී හොඳටම දැනුවත්.

🐱 කෑම කන්න යම් පහළට. ජන් මල්ලි එන්නෙත් නැති එකේ නිදහසේ කෑම ටිකක් කන්න පුළුවන් වෙයි ඔයාට.. හැබැයි කාමරයට වෙලා හිටියොත් නං, ඔයා දන්නවා ඔම්මට කොච්චර නම් කේන්ති එනවද කියලා....

🐯 හොඳයි හ්‍යුන්ග්... මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන එන්නම්. ඔයා පහලට යන්නකො. බයවෙන්න එපා ෂුවර් පිට මම එනවා. මම ඔම්මගෙන් බැනුම් අහන්න කැමති නෑ...

ටේහ්‍යුන්ග් හිනාවෙලා කියද්දි ඔලුව වනපු යුන්ගි ටේහ්‍යුන්ග් ගේ ඔලුවත් අතගාලා පහළ තට්ටුවට යන්න පිටත් වුණා. ටේහ්‍යුන්ග් තමන්ගෙ ටවල් එකත් අරගෙන බාත්රූම් එක අස්සට රිංග ගත්තා...















___________________________________

ටේහ්‍යුන්ග් ශෝට් එකක් එක්ක බැගී ටී ශර්ට් එකක් ඇඳගෙන පහළ තට්ටුවට ගිය වෙලාවෙ කට්ටිය හිටියේ මැරේජ් එක ගන්න සුදුසු දින වකවානු ගැන වගේම වෙඩින් එක ගන්නේ කොයි වගේ ප්ලේස් එකකද කියන එකත් ගැන කතා කරන ගමන්.

තමන්ගේ හ්‍යුන්ග් නම් සද්ද නැතුව කෑම එකටම විතරක් අවධානය දීගෙන හොදට බඩ කට පුරෝලා කන හැටි දැක්කහම ටේහ්‍යුන්ග් ට පුංචි සැනසීමක් ආවෙ නැතුවමත් නෙමේ එහෙත් ලොකු හුස්මක් ඉහළ දාපු ටේහ්‍යුන්ග් පඩිපෙළ බැහැලා ගිහින් dining table එකට වාඩි වුණා.

🦄 හා හා ඔය ආවෙ මගේ බෑණා පොඩ්ඩ... කොච්චර නම් වෙලා බලන් හිටියද අපි ඔයා එනකම් පැටියෝ. ඔයා මොකක්ද කියන්නේ අනිත්දා ද වෙඩින් එක ගන්න හොඳ නෑ එහෙම නැත්තං ලබන සෙනසුරාදා ද..?

🐼 ආන්ටි දෙයක් ඇහුවම උත්තර දෙනවා ළමයො... පිට්ටු ගිලපු මොකෙක්ද එකෙක් වගේ බිම බලාගෙන ඔහේ ඉන්නෙ නැතුව අහපු දේට උත්තරයක් දෙනවා. මම දැන් දවස් කීපයක ඉඳලා බලාගෙන කසාදෙ ගැන කතා කරන වාරයක් පාසාම උඹේ කටේ මොනාහරි හිරවෙනවා වගේ උඹ හැසිරෙන්නෙ කියලා මට පේනවා. මොකක්ද උඹට මේ කසාද එක්ක තියෙන ප්‍රශ්නේ.?

කියහන් බලන්න මමත් කැමතියි ඔබට මොකද්ද තියෙන අවුල කියලා හරියටම දැනගන්න. ඇයි දෙයියනේ.. කොච්චර කාලෙක ඉඳන් ද මම කියන්නේ මේ කසාද සිද්ධ වෙනවා කියලා. දැන් ඇයි උඹ ඔය බිම බලාගෙන ඉන්නේ කියනවා බලන්න මොකක්ද තමුන්ට තියෙන ප්‍රශ්නේ..

ජින් අතට ගත්ත චොප්ස්ටික් එක ආයෙමත් ප්ලේට් එක උඩින් තියලා ටේහ්‍යුන්ග් ගෙන් ප්‍රශ්න කළේ නළල රැලි කරගෙන..

🐯 ඔම්මා.... එහෙනම් මම ඇත්තම කියන්නම් මට මේ marriage එක කරන්න බෑ.

🦄 ඒ මොකද

🐯 අම්මා මම දැනටමත් කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා. මං බැන්දොත් බඳින්නේ එයා විතරයි. වෙන කාවවත් මට ඕනේ නෑ. සමාවෙන්න මට මේක කියන්න මෙච්චර වෙලා ගියාට. මට සමාවෙන්න ආන්ටි...

🦄 මොකක්ද ළමයො ඔයා ඒ කිව්වේ ඔයා ඇත්තටම කැමති නැද්ද..? අපේ පුතාව බඳින්න ඔයාට ඇත්තටම ඕනි නැද්ද...? මගේ දරුවාව බැඳලා ඔයාගේ ගෙදර අය අපිට වුණු promise එක ඉෂ්ට කරන්න..?

🐯 නැහැ ඇන්ටි මට බෑ එක කරන්න... මට බෑ මම ආදරේ නැති කෙනෙක්ව බැඳලා එයාගේ ජීවිතය අපායක් කරල දාන්න. මට ඕනි ඔයාලගේ පුතා සතුටින් එයා කැමති කෙනෙක් එක්ක ජීවත් වෙනවා දකින්න. එයාට එයා ආදරේ කරන කෙනෙක්ට කසාද බඳින්න දෙන්න. මට බෑ එයාව බඳින්න....

🐼 උඹ ඇත්තටම හොඳ සිහියෙන් ද කතා කරන්නේ.. උඹ දන්නවද මේකෙන් අපිට කොච්චර පාඩුවක් වෙනවද කියලා.. බිස්නස් වර්ල්ඩ් එකේ හොඳම tycoon දෙක එකතු කරල අපි බෑන්ඩ් එකක් හදන්නයි හැදුවේ.

🐯 මම ඔයාලට ඒක කරන්න එපා කිව්වේ නැහැනේ... මම කිව්වේ මට ඔයාලගේ පුතා බඳින්න බෑ කියලා විතරයි.ආන්ටි ...ඒ වගේම මට සමාවෙන්න අංකල් ..මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන්න ඇති ...ඒත් මට මගේ ආදරේ අතහරින්න බෑ

ටේහ්‍යුන්ග් ඇස් දෙකත් පියාගෙන එක හුස්මටම කියලා දැම්මෙ මේ දැන් එයාව ගෙදරින් එළියට දැම්මත් කමක් නෑ වගේ තදට හිත හදාගෙන මොකද එයාට ඕනි වුණේ නෑ හැමදාමත් වගේ තමන්ගේ ආදරේ ගැන වත් තමන්ගේ ආදරවන්තයා ගැන වත් ගෙදරට හංගන්න. ඒත් නිහඬවම හිටපු හොබී ඒ වෙලාවේ කතා කළා..

🐿️ දැන් ටේහ්‍යුන්ග් කියන්නේ අපිට ඔයාව අපේ බෑණා විදිහට හම්බ වෙන්නෙම නෑ කියලා ද..?

ටේහ්‍යුන්ග් හොබී දිහාට හැරිලා බැලුවේ කවදාවත් නැති තරම් ගැඹුරු විදිහට එයාගෙ කටහඬ ඇහුණ නිසා..

ටේහ්‍යුන්ග් හොබී ගෙ ඇස් දිහා කෙලින් බැලුවා. ටේහ්‍යුන්ග් ඇත්තටම මුරණ්ඩු දරුවෙක් වෙලා කියන එක නම් තවදුරටත් හෝසොක් ට පුදුමයක් වුණේ නැහැ.

ටේහ්‍යුන්ග් හෝසොක් ට කතා කළේ කෙලින්ම හෝසොක් දිහා බලාගෙන.

🐯 මට සමාවෙන්න අංකල්.. මම හිතාමතා එහෙම කරනවා නෙවෙයි. මොකද මම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් නම් මට ඕනම දෙයක් අතහරින්න වගේම එයා වෙනුවෙන් ඕනම දෙයක් අල්ලගන්නත් මම පසුබට වන්නේ නැහැ... මොකද මම හිතපු තරම් ඔයාලා ආදරණීය නෑ වගේම ඔයාලට ඔයාලගේ බිස්නස් එක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඇති. ඒ වගේම මමත් ගොඩක් ඉවසන්නෙ නෑ විතරක් නෙවෙයි මගේ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පසුබට වන්නේ නැහැ...

ටේහ්‍යුන්ග් හෝසොක් ට කිව්වෙ ටිකක් විතර කටහඬ උස් කරලා.

🐯 ඒ වගේම ඔව්. මාව ඔයාගේ බෑණා කරගන්න හිතන්නවත් එපා. මොකද සල්ලි පස්සෙ යන ඔයාලට නෑදෑයෙක් වෙනවට වඩා ඔයාලගේ කවුරුත් ම නොවී ඉන්න ලැබෙනවා නම්... මට ඒක සතුටක්.

ටේහ්‍යුන්ග් කිව්වෙ කවදාකවත් කියන්න බලාපොරොත්තු වුණ දෙයක් නම් නෙවෙයි. එයා බලාපොරොත්තු වුණේ තමන් වෙන කෙනෙක්ට ආදරෙයි කියන එක පැහැදිලි කරලා දෙන්න උනත් හොබී ගෙ හරස් ප්‍රශ්න ඇහිල්ල නිසා ටේහ්‍යුන්ග් ට මේ විදිහෙ කතාවක් උත්තරයක් විදිහට කියවුණා.

🦄 මම හිතන්නේ ජින් ඔප්පා.. අපි අහගන්න ඕන හැම දේම අහගත්තා. තවත් අහගන්න දේවල් නැහැ. මට තේරෙනවා මගේ දරුවට මොනවා වෙයිද කියලා මෙයාව බැන්දුවොත්.. හොබී... තවමත් ඔයා හිතනවද ටේහ්‍යුන්ග් තමයි අපේ දරුවට ගැලපෙන ම කෙනා කියල..?

යුන්ජි ඇහුවේ ටේහ්‍යුන්ග් ගේ වචන නිසා ඇත්තටම පොඩි වේදනාවක් දැනෙන නිසා... ඒත් එයාලා කරන රංගනයට ඒක ගානට ගැලපුණ නිසා හොබි ත් උත්තර දුන්නා.

🐿️ නැහැ යුන්ජි... තව විනාඩියක් වත් මේ වගේ තැනක ගෙවන්න මට ඕන නැහැ. ඒ වගේම නම්ජුන්... ඉශ්ට කරන්න බැරි පොරොන්දු වෙන එක නවත්ත ගනින්. උඹට තිබුණා අපිට මෙහෙම කතා කරලා අපහාස කරන කම් මේ කසාදෙ වෙන්නේ නැත්තම් ඒක අපිත් එක්ක වැදගත් තාලෙට කතා කරන්න. මෙහෙම කරන්නේ නැතිව. කමක් නැහැ... ටේහ්‍යුන්ග් ගේ ජීවිතේ ට අපි එන්නේ නෑ මීට පස්සේ කවදාවත්. අපේ යාලුකම නැති වුණා කියල හිතා ගනිං මස්සිනා. මම සතුටු වෙනවා අපේ පුතා මෙතන නොහිටි එක ගැන...












මතු සම්බන්ධයි...
හලොව්...

මාව මතකද...?

Continue Reading

You'll Also Like

81.9K 5.4K 12
ᗪOᑎT ᒍᑌᗪGE ᗩ ᗷOOK ᗷY ITᔕ ᑕOᐯEᖇ • Bad boy Taehyung • Nerd Jungkook What will happen when They meet ? Is Jungkook really a Nerd or ....... #F words #...
88.3K 2.5K 90
Harry Styles is a rockstar and a millionaire and he's always in the tabloids for his bad boy behaviour, and he's even in the campaign for the newest...
291K 8.7K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
40.6K 6.1K 18
Taekook 🐰🐯 Warning Mature🥴 Covered by Lchi_jk Callista_taeyeon