The Call || Namjin || Complet...

Da Cyra_00

4K 956 56

මගේ අතේ තිබ්බා නිල්පාට ලස්සන Forget - me - not මල් පොකුරක්...දන්නවාද ඒ මල් වලින් කියන්නේ සත්‍ය ආදරණීය මතක ගැන... Altro

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
Final Chapter

Author Note

226 48 24
Da Cyra_00

හරි මන් මුලින්ම පැහැදිලි කරන්නම් මෙතන ඉන්න චරිත ටික හරියටම කවුද කියලා ,

01. Kim Seokjin

ජින් කියන්නේ 2014 වෙනකොට තුන්වන වසරේ ඉගෙන ගන්න මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්...( chapter 2 )

ඒ කියන්නේ 2014 වෙනකොට ජින්ට වයස 22යි..ජින් කියන්නේ ඔම්මායි අප්පායි නැතුව මල්ලිව තනියම හදාගන්න කෙනෙක්...ඔම්මායි අප්පායි මැරෙන්න කලින් සල්ලි ඉතුරු කරලා තිබ්බ නිසාත් කැෆේ එක කුලියට දීලා තිබ්බ නිසාත් ජින්ටයි ජන්ග්කුක්ටයි ජීවත් වෙන්න ඒ ගාන ඇති..ඒත් ජින් ජන්ග්කුක් ඉස්සරහ ශක්තිමත් කියලා පෙන්නුවට ඇත්තටම එයා එහෙම නෑ...ජින් අවුරුදු දෙකක් පන වගේ ආදරේ කරපු කෙල්ල එයාව අතෑරලා වෙන කෙනෙක් එක්ක යාලු උන එකට සෑහෙන්න කඩන් වැටෙනවා..එයාට මැරෙන්න උනත් හිතෙනවා... ( chapter 02 )

ඒත් ජින් අන්තිමට ජන්ග්කුක් වෙනුවෙන් ජීවත් වෙනවා..එයාගේ ජිවිතේ ආයි අනිත් පැත්ත පෙරලෙන්නේ 2014 මාර්තු 23 වෙනිදා ආව කෝල් එකෙන්...එදා ඉදන් 2014 අප්‍රේල් 13 වෙනිදා වෙනකම් ජින් නම්ජුන් දෙන්නා ආදරේ කරනවා..ඒකට ලොකුම හේතුව වෙන්නේ ජින්ට එයාගේ දුක බෙදාගන්න කෙනෙක් ඕන වෙලේ නම්ජුන් එයාට ලන් උන එක...ජින් කියන්නේ තනි උන කෙනෙක්..ජන්ග්කුක් එයා එක්ක කතා කරන්නෙවත් නෑ..ඉතින් ජින්ට එයාගේ වේදනාව පිට කරන්න පුලුවන් උනේ නම්ජුන් එක්ක විතරයි...ජන්ග්කුක් තාමත් ඉස්කෝලේ යන නිසා ජන්ග්කුක් ජින් ලග රැදෙන්නේ හරි අඩුවෙන්..හිටියත් එයා කතා කරන්නේ නෑ..ඉතින් ජින් එයාගේ හැම හැගීමක්ම බෙදාගන්නේ අහම්බෙන් හම්බුන නම්ජුන් එක්ක..

ඉතින් මුලු වැකේශන් එක ඉවර වෙනකම්ම ඒ දෙන්නා කතා කරනවා..මුලදි දෙන්නාට දෙන්නා යාලුවෝ උනාට පස්සේ පස්සේ දෙන්නාම ආදරේ කරන්න ගන්නවා...ඉතින් එයාලා ආදරේ ප්‍රකාශ කරනවා..හැබැයි ජින් මේ පාර හැමදේම ජන්ග්කුක්ට කියනවා..ඉතින් ජින්ට ආයි ශක්තිමත් වෙන්න උදව් කරන්නේ ජන්ග්කුක්..

කතාවේ 2014න් පස්සේ ආයි අපිට ජින්ව හම්බුවෙන්නේ 2022 දී...ඒ වෙනකොට ජින්ට වයස 30ක්...2022 වෙනකොට ජින් කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක්...ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රොෆෙසර් කෙනෙක්...ජින් හැමවෙලේම කැම්පස් ඇවිල්ලා උගන්නන්නේ නෑ...එයා ස්පෙශල් ප්‍රොෆෙසර් කෙනෙක් නිසා එයා එන්නේ ස්පෙශල් සබ්ජක්ට් උගන්නන්න විතරයි..අන්තිමට ජින් එහෙම ආව වෙලේක තමයි නම්ජුන් ලගට එන්නේ....

ඒ 2022 අප්‍රේල් 15 වෙනිදා..කතාව පටන් ගන්නේ මෙතනින්..( chapter 01 )

02. Kim Jungkook

ජන්ග්කුක් එහෙමත් නැත්තම් කුකී කියන්නේ 2014 වෙනකොට අවුරුදු 15ක පොඩි කොල්ලෙක්...ජින්ගෙයි ජන්ග්කුක්ගෙයි අතර ලොකු පරතරයක් තියෙනවා..ඉතින් ජින්ට ජන්ග්කුක් කියන්නේ පුංචි බබෙක් වගේ කෙනෙක්...ඒ වගේම ඇක්සිඩන්ට් එකක් නිසා ජන්ග්කුක්ගේ කන් ඇහෙන්නේ නෑ..( කතාවේ ඒක ගැන තියෙනවා. ) ජන්ග්කුක්ගේ කන් ඇහෙන්නේ නැති නිසා එයා කතා කරන එකත් නවත්තනවා..ඉතින් ජන්ග්කුක් හුගක් වෙලාවට එයාගේ හැගීම කොයි වගේද කියලා දන්වන්නේ මල්වලින්...ඒක ඉතින් තේරෙන්නේ ජින්ටයි ජන්ග්කුක්ගේ හොදම යාලුවා ජිමින්ටයි විතරයි..

ආයි ජන්ග්කුක් ගැන කියවෙන්නේ final chapter එකේ දී...ඒ කියන්නේ 2022 වෙනකොට ජන්ග්කුක් කියන්නේ අවුරුදු 24ක කොල්ලෙක්...ඒ වෙනකොට තාක්ෂණය දියුණු නිසා ජින්ටම පුලුවන් වෙනවා ජන්ග්කුක්ගේ කනේ ඔපරේශන් එක කරලා කන් බෙරේ සිදුර හදන්න..ජින් ENT specialist කෙනෙක් වෙන්නෙම ජන්ග්කුක් වෙනුවෙන්..ඉතින් අවුරුදු 24ක ජන්ග්කුක් කියන්නේ ඩාන්සර් කෙනෙක්..ඒ වගේම එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා...ඒ කිම් ටේහ්‍යුන්..ටේහ්‍යුන් ජන්ග්කුක් හම්බුවෙන්නේ ඩාන්සින්ග් කරනකොට..එයාලා දන්නා ආදරේ කරනවා දැනට අවුරුදු 3 ක ඉදන්..ඒ නම්ජුන් 2019 දි ඉල්සාන් වල ඉදන් බුසාන් වලට ටේහ්‍යුන් එක්ක ආව දවසේ ඉදන්ම..

03. Kim Namjoon

නම්ජුන් කියන්නේ වර්තමානයේ ජීවත් වෙන කෙනෙක්..එයත් ජින් වගේම සාමාන්‍ය පවුලක කෙනෙක්..නම්ජුන්ට කැම්පස් එක සිලෙක්ට් වෙන්නේ බුසාන් වල..ඉතින් නම්ජුන් එයාගේ මල්ලි උන ටේහ්‍යුන්වත් අරගෙනම 2019 දී බුසාන් එනවා..මොකද ටේහ්‍යුන්ටත් යන යන තැන නම්ජුන්ගේ පස්සෙන් යන්න ඕන..ඔම්මලා උනත් නම්ජුන් බුසාන් ගියාම තනියම නිසා ටේහ්‍යුනුත් එයා එක්ක යනවට කැමති උනේ...2019 දි ආපු නම්ජුන් රෙන්ට් එකට ගන්නේ නොදැනුවත්වම උනත් ජින්ගේ ගෙදර..මොකද ජින් කියන්නේ ඒ වෙනකොට අවුරුදු 27ක ස්පෙශලිස්ට් ඩොක්ටර් කෙනෙක්..ඒ නිසා එයා ජන්ග්කුක් එක්ක හිටියේ වෙන ගෙදරක..

2022 වෙනකොට නම්ජුන් කියන්නේ අවුරුදු 22ක තරුනයෙක්..ඒ වගේම එයා 2022 දී ජින්ගේ කැම්පස් එකේම ජින්ගේ ෆැකල්ටි එකේම තුන්වන වසරේ සිසුවෙක්..නම්ජුන් කැම්පස් ගියත් එයා වැඩිය කාත් එක්කවත් කතා කරන කෙනෙක් නෙමෙයි..ඉතින් එයාට යාලුවෝ එහෙම නෑ..නම්ජුනුත් ජින් වගේම කැම්පස් එකෙ ඉන්නේ තනියම....ඒ නිසායි නම්ජුන්වත් ජින්වත් ඒ දෙන්නා එකම කැම්පස් එකේ ඉදලත් අදුරන්නෙ නැති එක ගැන එච්චර තැකීමක් කරන්නේ නැත්තේ..

ජින්ව හම්බුවෙන්න නම්ජුන් 2022 අප්‍රේල් 13 එනවා..ඒත් ජින් එතන ඉන්නෙ නෑ..මොකද නම්ජුන් දන්නේ නෑ ජින් කියන්නේ අතීතේ කෙනෙක් කියලා..එයා ජින් එනකම් දවසෙම බලාගෙන ඉදලා ගෙදර එන්නේ ජින් ආවේ නැත්තේ ඇයි අහන්න..ලමයි එක්ක නම්ජුන් කතා කරන්නෙත් නැති නිසා නම්ජුන්ට ජින් ගැන ලමයිගෙන් අහන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..නම්ජුන්ට යාලුවෙක්‍ට කියලා හිටියේ ජින් විතරයි..නම්ජුන් සෝෂල් නෑ...ඉතින් හරිම ඉක්මනට නම්ජුන් ජින්ට ආදරේ කරනවා..

2014 ජින්ට සමලිංගිකත්වය කියන්නේ ලොකු ප්‍රශ්නයක් උනාට 2022 ඉන්න නම්ජුන්ට ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි...ඒ නිසායි ජින් පැකිලුනත් නම්ජුන් එයාට ආදරෙයි කියලා කියන්නේ..

04. Kim Taehyung

ටේහ්‍යුන් තමයි නම්ජුන් එක්ක ගෙදර හිටපු එකම කෙනා..ටේහ්‍යුන් ටිකක් දඩබ්බර චරිතයක් උනත් ටේහ්‍යුන් එයාගේ හ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි..2019 වෙනකොට අවුරුදු 18ක් උන ටේහ්‍යුන් ආපු ගමන් කරන්නේ ඩාන්සින්ග් ක්ලබ් එකකට බැදෙන එක..එතකොට තමයි ටේහ්‍යුන්ට අවුරුදු 20ක ජන්ග්කුක් හම්බුවෙන්නේ...ටේහ්‍යුන්ට වඩා ජන්ග්කුක් වැඩිමල් උනත් එයාලා දෙන්නා හොදම යාලුවෝ වෙනවා..මොකද ඒ දෙන්නාම හුගක් ආස කරන්නේ එකම දේවල් වලට...කාලයක් යනකොට ටේහ්‍යුන් ජන්ග්කුක් කියන්නේ ඒ ගෙදර අයිතිකාරයා කියලා දැනගත්තාම ජන්ග්කුක් ඒ ගෙදර යනවා..ඒත් ජින් ගැන කිසිම දෙයක් ජන්ග්කුක්ට කියන්නේ නෑ..ජුන්ගේ සම්පූර්ණ විස්තර ටික ජින්ට ලැබෙන්නේ ජන්ග්කුක් හරහා..නම්ජුන් බුසාන් ආවට පස්සේ ජින් එයා ගැන සෙවිල්ලෙන් හිටියේ ජන්ග්කුක්ගේ උදව්වෙන් තමයි..

•  හරියටම කිව්වොත් එදා අකුණු ගහපු දවසේ pizza ඔර්ඩර් කරන යෝජනාව ටේහ්‍යුන්ටයි , නම්ජුන්ටයි දෙන්නෙත් ජන්ග්කුකම තමයි... ( chapter 04 )
මොකද ඒකෙන් විතරයි 2014 දි කඩන් වැටිලා හිටපු එයාගේ හ්‍යුන්ග්ව ශක්තිමත් කරලා ගන්න පුලුවන්...ඇරත් එදා තමයි ටේකුක් දෙන්නාගේ 2 years anniversary එක...නැත්තම් ඔයාලා හිතනවද 2022 වගෙ දියුණු තාක්ෂණයක් තියෙන කාලෙක හෑන්ඩ් ෆෝන් එක තිබිලත් නම්ජුන් ලෑන්ඩ් ලයින් එකෙන් බැනුම් අහගෙන දෙපාරක්ම කෝල් ගනිවි කියලා ??  ( chapter 12 )

•  ඒ වගේම එහා පැත්තෙන් ජින් බැන්නාම නම්ජුන් ෆෝන් එකේ අවුලක් කියලා හිතලා එයාගේ තාත්තට හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් කරන්න හැදුවත් ජන්ග්කුක්ම තමයි ඒකත් ලෑන්ඩ් ෆෝන් එකෙන්ම අරගන්න කියන්නේ.. ( chapter 05 )

•  අන්තිමට ජින්ගේ කිසිම උත්තරයක් නැති උනාම, කොච්චර කෝල් කරත් ජින්ට කොල් යන්නේ නැති උනාම නම්ජුන් පිස්සු හැදිලා ඉන්නකොට ජන්ග්කුක් තමයි බලෙන්ම නම්ජුන්ව ආයි ඊට පස්සෙ දවසේ කැම්පස් යවන්නේ...නැත්තම් ඔයාලා හිතනවාද නම්ජුන්ට එයා ආදරේ කරන කෙනා ගැන කිසිම තොරතුරක් නැති උනාම, එයා ඇත්තටම අතීතේ කෙනෙක් කියලා දැනගත්තාමත් හොද මානසික මට්ටමකින් ආයි කැම්පස් එකට යන්න පුලුවන් කියලා..?? ( chapter 15 )

______________________♡_________________________

හරි අපි දැන් බලමු එදා උනේ මොකක්ද කියලා ??

ජින් තැන් දෙකකදිම ඔයාලට කිව්වා මතකද අහස දම්පාටට හැරිලා පරිසරහ හරි වෙනස් විදියට තිබ්බේ කියලා..( chapter 03 ) ඒ වගේම ඒ දවස් දෙකම හයියෙන් අකුණු ගහන දවස්..මන් කිව්වේ ,

2014 මාර්තු 23 - ජින්ගේ ඩේට් එක

2022 මාර්තු 23 - නම්ජුන්ගේ ඩේට් එක

ඉතින් මෙතන උන කාලගුණික විපර්යාසයට කියන්නේ solar flare effect කියලා...

ඉතින් මේකෙදි වෙන්නේ සූර්‍ය කිරණ නිසා පෘථිවි විද්‍යුත් චුම්බක තරංග වෙනස් වෙලා ඒවා විදුලි ජාල, අන්තර්ජාල සම්බන්ධතා වගේම අනෙකුත් සන්නිවේදන උපාංග වලට හානි කරන එක..මේක හුගක්ම කලාතුරකින් එන සිදුවීමක්..

මෙන්න මේ සිදු වීම තමයි මන් කතාවට අරගත්තේ..

මන් කතාවට ඒ ඇති වුන චුම්බක බලපෑම නිසා ඇති උන කාලගුණික විපර්යාසය මේ විදියට කාල දෙකක සංඛ්‍යාත සමාන වෙලා මෙහෙම එකම ගෙදර ලෑන්ඩ් ලයින් එක කාල දෙකක සම්බන්ධ උනා කියලා ගත්තේ.. ( Film theory - මේක ෆිල්ම් එකක තිබ්බේ 😁 )

හරියට ජින්ගේ ගෙදර මේ ලෑන්ඩ් ලයින් එක තමයි අනාගත සහ අතීත කාල අතර සම්බන්ධතාවය හැදුවේ..

______________________♡_________________________

මන් හිතනවා ඔයාලට තිබ්බ හැම ප්‍රශ්නයක්ම දැන් විසදුනා කියලා 😁😁

ටිකක් මොලේ කචල් වෙනවා තමයි...

දැන් ආයි මුල ඉදන් කියවන් යන්නකෝ...එතකොට ඇත්තටම මොකක්ද උනෙ කියලා ඔයාලට තේරෙයි..

ටොප් බොටම් ගැන නම් මගෙන් අහන්න එපා...ඒ ගැන ඇත්තටම මන් හිතුවේ නෑ..ඔයාලට කැමති විදියකට දාගන්න පුලුවන් 😌😌


______________________♡_________________________

ඔන්න එහෙනම් ජින්ව අවුරුදු 02 පුරාවටම මතක තියාගන්න මගෙන් ලැබුන තෑග්ගක්..🥺🥺

පරිස්සමින් ඉන්න ලොකූ...
ඔයාව හුගක් මතක් වෙයි අපිට..🥺🥺

ඒ වගේම පොරොන්දු වෙනවා ඔයා එනකම් ඉන්නවා කියලා...සරන්හේ ලොකූ...❤️❤️❤️❤️

______________________♡_________________________

Continua a leggere

Ti piacerà anche

171K 4.3K 200
FOR OFFLINE READING PURPOSES!! STORY NOT MINE!! Rebirth in the End Times: I Led My Family to Scoop Up Billions of Goods 末世重生:我带全家狂卷亿万物资 Author: Ink...
27.7K 2.8K 57
The story is currently from Abhinav's POV only. It begins from Abhir's custody battle which AkshNav lose.
20.9K 415 112
"I'd sell my own bones for sapphire stones 'cause blue is your favorite color." -Cavetown~ Meteor Shower Gally and Venus's relationship is built off...
45.2K 4.4K 31
The aliens kill every human they catch, or in rare cases, put trackers on them to discover their hidden villages. When Natalie is caught in an ambush...