Baby Bully ✔️

By sanju_54321

20.3K 3K 370

Baby bully Taehyung Nerd daddy Kook More

INTRO
CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
EPILOGUE

CHAPTER 8

740 133 5
By sanju_54321

ජින් එතනින් එහෙම කියලා යන්න හදනවත් එක්කම වීඩියෝ එක ඉවර වුණා. ටේහ්‍යුන්ග් යුන්ගී ගේ කොලර් එකෙන් අල්ලගෙන හෙල්ලුවේ අදහා ගන්න බැරි නිසා...

🐯 අනේ කියන්න හ්‍යුන්ග්... ඇයි මේ..? ඔම්මා ඇයි මෙහෙම කරන්නේ..?

🐱 ඔයාව හොබි අංකල් ගේ පුතා ට තීන්දු කරපු මැරේජ් එකට ජන්කුක් බාධාවක් වගේ දැනෙනවා ඇති...
















ටේහ්‍යුන්ග් එදා රෑ දවසම වේදනාවෙන් ගත කළේ තමන්ගෙ පවුලෙ අය මේ තරම් මිනිස්සු අතර සල්ලි නිසා බේද දකින්නෙ ඇයි කියලා හිතාගන්න බැරිව.

ටේහ්‍යුන්ග් ට දැන් මතක නෑ තමනුත් කාලයක් එහෙම තමයි හිටියේ කියලා. තමන්ට ත් හැමදේම සල්ලි වුණ කාලයක් තිබුණා කියලා... දැන් ටේහ්‍යුන්ග් දන්නෙත් නැති ගානටයි ඉන්නේ.

ඒකට නම් හේතුව ටේහ්‍යුන්ග් හද පතුලෙන් ම ජන්කුක් ට ආදරේ කරන්න පටන් ගැනීම. ටේහ්‍යුන්ග් ගේ කිසිම රසයක් නැති, ඒකාකාර ජීවිතේට ඇවිත් ඒ ජීවිතේ නිවැරදි වෙන්න ඕන තැන් තේරුම් කරලා දෙන නිසා ටේහ්‍යුන්ග් ජන්කුක් ට වඩාත් ආදරෙයි.

_______________________________________

" අනේ ටේහ්‍යුන්ග් ප්ලීස්.. අද නම් මට කරදර කරන්න එපා... මම උණ හැදිලා ඉන්නේ... ප්ලීස්.. මට තවත් නම් මේවා දරා ගන්න ශක්තියක් නැහැ.."

ටේහ්‍යුන්ග් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යන මොහොතේ ටේහ්‍යුන්ග් ගෙ ඇස් නතර වුණේ කොලේජ් එකේ එක්තරා දුප්පත් ශිෂ්‍යයෙක් ගාව. ටේහ්‍යුන්ග් ඔහු දිහා බලපු වෙලාවෙ ම ඔහු තමන්ගේ bully ගෙන් ඉල්ලුවේ තමන්ට එහෙම කරන්න එපා කියන දේ.

ටේහ්‍යුන්ග් එදා කොලේජ් එකේ හිටියේ මලානික විදිහට. දිනපතා ටේහ්‍යුන්ග් ගෙ ටාගට් වුණ ළමයි ටේහ්‍යුන්ග් ඉස්සරහ ඔලුව නමන් ඉඳියේ අද ටේහ්‍යුන්ග් තමන්ට මොනවා කරයිද කියලා වුණත්, ටේහ්‍යුන්ග් කවදාවත් නැතිව එයාලගේ පිටට තට්ටුවක් දාලා එයාට විතරක් ඇහෙන්න කතා කළා.

" විනාඩි පහකින් රූෆ්ටොප් එකට එන්න.."

කියලා ශාන්තව මුමුණන ටේහ්‍යුන්ග් එතනින් ඈතට ඇවිදගෙන යන හැටි කොලේජ් එකේ හැමෝම වගේ බලාගෙන හිටියේ මෙහෙම වුණේ කොහොමද කියලා...

ගොඩක් දුරට ටේහ්‍යුන්ග් කියන්නේ මේ විදිහේ ඉවසීමක් තියෙන කෙනෙක් නොවුණ නිසා අද ටේහ්‍යුන්ග් ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හැමෝටම තේරුම් ගියා..









ටේහ්‍යුන්ග් ගේ මූඩ් එක හරි නැහැ කියලා දැක්ක ගමන් ම ටිකක් එහාට වෙන්න තිබ්බ බිත්තියකට මුවා වෙලා ටේහ්‍යුන්ග් දිහා සන්තෝෂය පිරුණු බැල්මකින් බලාගෙන හිටිය ජන්කුක් තමන්ට එහා පැත්තෙන් හිටිය යුන්ගි දිහාට හැරුණා..

🐱 හායි මස්සිනා..

🐰 ආ.. හ්‍යුන්ග්...

🐱 අර බලපන්කො.. අරූ නිකන් ඉන්නෙ හරියට උගෙ ලෝකෙම කඩා වැටිලා වගේනෙ.. හරියට ඌ බංකොලොත් වෙලා ඉන්න වෙලාවට කා එක ෆිනෑන්ස් එකෙන් ඉස්සුවා වගේ එයා ඉන්නේ.

🐰 ඒත් එයාට ඒවා දැනෙන්න ඕනනේ හ්‍යුන්ග්.. ඒ අර්බුදය එයාට තේරෙන්න ඕන..

🐱 ඔයා මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ජන්කුක්.? ඔය මොක කිව්වා වුණත් ඌ මගෙ මල්ලී.. මට තේරෙනවා ඔයාට එයා ගැන අයිතියක් තියෙනවා කියලා..

ඒ වුනාට බං මට තේරුම් ගන්න බෑ.. ඇත්තටම උඹ වෙනස් බං...

🐰 මේ මගේ ඇති වෙනසක් නැහැ හ්‍යුන්ග්.. මම සාමාන්‍යයයි. සරලයි.. ගොඩක් දේවල් ජීවිතේට පුරවගත්ත කෙනෙක් නෙවෙයි.

ඒකයි වෙනස හ්‍යුන්ග්. මම යනවා රූෆ්ටොප් එකට.. මට ශුවර් දැන් එයා මාව එතන හොයනවා ඇති. මම වෙනදා මේ වෙලාවට නිදහසේ පාඩම් කරන්න යන්නේ එතැනට...

එහෙම කිව්ව ජන්කුක් සාක්කුවෙන් ගත්ත බෝල කණ්ණාඩි දෙකත් දාගෙන බිම බලාගෙන පන්තිය දිහාට ඇවිදගෙන යන හැටි යුන්ගී බලාගෙන හිටියේ කට කොණකට හිනාවක් තියාගෙන....
















මොහොතක් ගත වුණ තැන ජන්කුක් රූෆ්ටොප් එකට ඇවිත් හිටියා. ටේහ්‍යුන්ග් අඬගහපු දුප්පත් පිරිමි ළමයා ටේහ්‍යුන්ග් ගාව හිටගෙන හිටියා.

ජන්කුක් ඒක දැක්කෙම නෑ වගේ ගිහිල්ලා රූෆ්ටොප් එක අයිනේ තියෙන බංකුවේ වාඩි වුණේ ටේහ්‍යුන්ග් වගේම ඒ පිරිමි ළමයා කියන දේවල් පැහැදිලි ව ඇහෙන තැනක.

ටේහ්‍යුන්ග් ට ජන්කුක් තමන්ගේ අහළ පහළ ඉන්න නිසා ඇති වුණ ප්‍රීතියටත් එක්ක ඒ ළමයාට කිට්ටු වුණා.

🙍‍♂️ ට්.... ටේහ්‍යුන්ග්... අනේ...

🐯 බය වෙන්න එපා සුකී. මම ඔයාට කරදරයක් කරන්න නෙවෙයි කතා කළේ..

🙍‍♂️එ.. එහෙනම්..

ටේහ්‍යුන්ග් ගේ හිනාවෙ ලස්සන විඳගන්න ගමන් සුකී ඇහුවේ ටේහ්‍යුන්ග් කවදාවත් තමන් එක්ක හිනා වෙලා කතා කරලා නැති නිසා උපන් පුදුමය එක්ක....

🐯 සුකී පහළ දි කිව්වා නේද, අසනීපෙන් ඉන්නේ කියලා. බෙහෙත් ගත්තද...?


ටේහ්‍යුන්ග් සුකී ගේ නළලට අත තියද්දි ටේහ්‍යුන්ග් ට  දැනුණේ ගොඩක් ලොකු උණුසුමක්.

🙍‍♂️ ප්‍රයිවට් හොස්පිටල් එකකින් බෙහෙත් ගන්න කොහෙන් හොයන සල්ලි ද අපට ටේහ්‍යුන්ග්..? මම පැනඩෝල් පෙති මත බීලයි ඉන්නේ..

🐯 එහෙම කියන්න එපා. මම දැකලා තියෙනවා ඔයාගෙ හැම සබ්ජෙක්ට් එකකට ම හොඳ රිසල්ට්ස් තියෙනවා.

🙍‍♂️ ටේහ්‍යුන්ග් ව පහු කරගෙන යන්න හිතලා නෙමෙයි මම එහෙම...

🐯 මම දන්නවා. මීට පස්සෙ සුකී ට මොනවම හරි දේකින්, මම මේ කිව්වෙ ඉගෙන ගන්න තියෙන මොනවහරි මුදල් අපහසුතා තියෙනවා නම් මට කියන්න.

අනිත් අය දැනගන්න ඕන නෑ මම මෙහෙම දෙයක් කිව්වා කියලා.. ඒත්... හොඳට ඉගෙන ගන්න...

මුදල් මත පදනම වුණ මේ ලෝකේ ඉන්න ස්ථාවර තැනක් හදා ගන්න. ඒ වෙනුවෙන් උදව් කරන්න මේ ටේහ්‍යුන්ග් විතරක් නෙවෙයි අර ජන්කුක් ගේ පවා උදව් ඔයාට දෙන්න ලෑස්තියි.









ටේහ්‍යුන්ග් ගේ මේ වචන ටික සංවේදී බවෙන් පිරිලා තියෙන බව දැනුණ ජන්කුක් මද හිනාවක් තියාගෙන තමන්ගේ පොතට ම මූණ හරවගෙන ඉද්දී, සුකී හෙමීට රූෆ්ටොප් එකෙන් පහළට ඇවිදගෙන ගියේ... මේ වෙලාවෙ ඉගෙනීමට යන වියදම් නිසා අධ්‍යාපනය නවත්තන්න කියලා හිතාගෙන හිටපු සුකී ට අලුත් ජීවයක් දුන්නා වගේ.





________________________________________

ටේහ්‍යුන්ග් හෙමින් හෙමින් ජන්කුක් ගාවට ඇවිදගෙන ඇවිත් ජන්කුක් ඉස්සරහ හිට ගත්තා. ජන්කුක් තමන්ව දැක්කෙ නැති ගානට පොත දිහා බලාගෙන ඉන්නවා දැක්කහම ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ අතේ තිබ්බ පොත වහලා පැත්තකින් තියලා ජන්කුක් දිහා බැලුවා.

🐰 මොකද ටේහ්‍යුන්ග්..?

ජන්කුක් අහපු මොහොතේ ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ කකුල් දෙකට දෙපැත්තෙන් තමන්ගේ කකුල් දාලා ජන්කුක් ගේ උකුල උඩ ජන්කුක් ට මුහුණ පාලා ඉඳ ගත්තා...

🐯 කෝ ඩැඩී මගේ රිවෝඩ් එක..?

🐰 මොන රිවෝඩ් එකද..

🐯 ඇයි කිව්වේ.. මම නෝටි නම් මාව පනිශ් කරනවා.. කියලා. ඒත් මම අද ගුඩ් වර්ක් එකක් කළානේ.. කෝ මගේ රිවෝඩ් එක...

🐰ටේහ්‍යුන්ග්...

🐯 බේබි කියන්න...

ජන්කුක් ගේ පපුවට හේත්තු වෙලා ටේහ්‍යුන්ග් කතා කළේ තමන්ගේ දිග හීනි ඇඟිලි වලින් ජන්කුක් ගේ පපුවෙ රටා අඳින ගමන්.

🐰 ඇත්තද...? දැන් මම ඔයාට බේබි කියලා කියන්න ඕන ඇයි..? අර ඕන තරම් කෙල්ලො ඉන්නෙ... ඔයාට ඩැඩී කියලා කියන්න...

ජන්කුක් කිව්වම ටේහ්‍යුන්ග් තමන්ගේ තොල් දෙකත් උල් කරගෙන ජන්කුක් දිහාවට හැරුණා.

🐯 මේ ටයිගර් හැමෝටම පේන්නේ ඩැඩී ලුක් එකකින් වෙන්න පුළුවන්. බට්.. මේ ටයිගර් එයාගෙ බේබි වර්ෂන් එක පෙන්නන්නේ ඔයාට විතරයි ඩැඩී...

🐰 ඒ මොකද..? බැරි වෙලාවත් ඔයා මට..









🐯 ඔව්.. මම ඔයාට ආදරෙයි. මම ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරම් හිත හයිය කරගෙන ඉන්නේ...

🐰 ඕනම දෙයක්..?

🐯 ඔව්... ඕනම දෙයක්..

🐰 මගේ ජීවිතේට ඔයා වගේ පොහොසත් කෙනෙක් ගැලපෙයි කියලා හිතනවද.?

🐯 ඔයා වගේ තමයි... සමහර කාරණා වලදි මම ඔයාට වඩා ගොඩක් දුප්පත්. ඒ  වගේම...

🐰 ඒ වගේම..?



ජන්කුක් ඇහුවේ ටේහ්‍යුන්ග් එක පාරටම මූණ ඇඹුල් කරගෙන බිම බලා ගත්තේ මොකක් හින්දද කියලා තේරුම් ගන්න බැරි වුණ නිසා.

🐯 මම දන්නවා... ඊයෙ අපේ ගෙදර ඔයා ආව වෙලාවෙ අපේ ඔම්මා ඔයාගෙ හිත රිදෙන විදිහේ කතා ගොඩක් කියලා තිබුණා කියලා..

🐰 මම ඒක ගැන ඔයාට කිව්වේ නෑ නේ..

ජන්කුක් කිව්වා වුණත් ටේහ්‍යුන්ග් හුරතල් විදිහට හිනා වුණා. ඔය හිනාව ජන්කුක් ටත් එයා මෙච්චර කාලයකට ටේහ්‍යුන්ග් ගෙ මූණෙ එයා දැක්ක ලස්සන ම හිනාව වුණා.

🐯 මම ඔයාට ආදරෙයි..

🐰 මමත් මගේ බේබි ටයිගර් ට ගොඩක් ආදරෙයි. මගේ බේබි..

🐯 කිස් එකක්...

🐰 මම ඔයාගෙ නෙ බේබි. හදිසි වෙන්න එපා. ඔයාගෙ රිවෝඩ් එක අදම ඕනද..? හ්ම්..?

🐯 ඔව්.. අදම ඕන... මට අවුලක් නැහැ. ඇවිදගෙන යන්න පුළුවන්.

🐰ඊට වඩා හොඳ නැතිද අද ඔයා මගේ ගෙදර එන එක බේබි.. ඒත් මට ඔයාට ගොඩක් සැප පහසුව නම් සලසන්න ගොඩක් අමාරු වෙයි..

🐯 මට සැප ඕන නැහැ ඔයාට මගෙ ගාවින් ඉන්න පුළුවන් නම් ඩැඩී.

🐰මගේ බේබි ටයිගර් දැන් හොඳ ලමයෙක් වෙන්න පටන් අරන්. දන්නවා ද ඒක මට කොච්චර සතුටක්ද කියලා..

🐯 මම දන්නවා.. ඔයා මට ගොඩක් ආදරෙයි.. ඒ ආදරේ තමයි මම ගොඩක් හොඳ කෙනෙක් කරලා තියෙන්නේ..








ටේහ්‍යුන්ග් හෙමීට ජන්කුක් ගෙ තොල් වලට පාත් වෙලා ජන්කුක් ගෙ පළවෙනි කිස් එකේ අයිතිකාරයා වුණා. ටේහ්‍යුන්ග් ට ජන්කුක් ගොඩක් ආදරේ කරන්න හේතුවක් තමයි ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ හදවතට ගොඩක් දැනුණු කෙනෙක් වුණ එක...







_______________________________________

කොලේජ් ඉවර වුණ වෙලාවට තමන් ව ගන්න එන තමන්ගේ අප්පගෙ බෙන්ස් එක හරවලා යවපු ටේහ්‍යුන්ග්, තමන්ගේ ජන්කුක් එනකම්, ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා.

🐯 ජන්කුක්... ඔහොම ඉන්න.. මම එනවා ඔයත් එක්ක...

බිම බලාගෙන ගිය ජන්කුක් දිහාට අත වනන ගමන් ටේහ්‍යුන්ග් කියද්දි ජන්කුක් ආපහු හැරුණා.. ටේහියුන්ග් ජන්කුක් ගේ ගාවට දුවගෙන ගිහින් එයාගෙ අතේ තමන්ගේ අත් දෙකම පටලවා ගත්තා.

🐰 ඇයි මේ ටේහ්‍යුන්ග්...,

🐯 මාව ඔයාගේ ගෙදර එක්කගෙන යන්න..



































මතු සම්බන්ධයි..

ඔයාලගේ අදහස් කියාගෙන යන්න..

Continue Reading

You'll Also Like

383K 13.2K 33
A gangster falls for a southern belle. Will she be able to tame her? A Rihyoncé story
171K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
304K 9.1K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...