Love Me Like You Do || Comple...

By NimuMochi

37.4K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

හදිස්සි පාටිය

517 109 127
By NimuMochi

"ඇත්තටම ආදරේ කරානම් දාලා යන්නෙ නෑ නේද? ඇත්තටම ආදරේ කරානම් එහෙම යන්න බෑ නේද??... එයා මට බොරුවක් ද කරේ හ්‍යොං.. එයා මාව රැවැට්ටුවද??"

දවසකට ඔය වගේ ආත්මාර්ථකාමී කතා සිය ගානක් මගෙ කටින් මිමිණෙද්දිත් ගෙදර කිසි කෙනෙක් ඒවට විරුද්ධව දෙයක් කිව්වෙම නැති තරම්.. එයාලා හා කියන්නෙත් නැතුව හුම් කියන්නෙත් නැතුව සේරම අහගෙන හිටියා...

එයාලා දන්නවා මේ රිදෙන හින්දා කියලා.. මේ පිටවෙන හැම වචනයක් ගානෙම තියන වේදනාව එයාලා හැමෝම දන්නවා...
හ්‍යොංගෙ හුස්මක සුවඳ දෝනිගෙ හුරතල් කෑගැහිල්ල ඒ ආදරේ මතක් වෙන වාරයක් ගානෙම පපුව ඕනෙවටත් වඩා පිච්චෙද්දි මාව තුරුල් කරන් හැමදේම හොදින් වෙයි කුකී කියන්න මට හිටියෙ එයාලා විතරයි..

මොන දේ උනත් එයා ගියෙ දරුව ගැන විතරක් හිතලා කියන ආත්මාර්ථකාමී නපුරු හැඟීමෙන් මිදෙන්න මට බැරි උනා.. මං මෙච්චර විදවනවා පිච්චෙනවා කියලා දැන දැනත් ගියාට පස්සෙ එක කෝල් එකක්වත් ආන්සර් නොකරන්න තරම් එයා නපුරු වෙලා හිටියා..

අර අසනීප පිට බාගෙට වැනි වැනී ගියපු හැටි මායාවක් ගානට හැමතිස්සෙම හිතේ ඇදෙන එක දරාගන්න බැරිම තැන පරිස්සමින් ගියාද මැණික කියලා අහ අහ යවපු එක මැසේජ් එකකටවත් එයාගෙන රිප්ලයි නෑවිත් තිබුනා.. ඉතිං මට එහෙම හිතෙන එක අසාධාරණද??

ආදරේ හොඳම තැන පරිත්‍යාගය කියලා කිව්වත් තවත් ඇස් අගට ගලන්න කඳුළු මට තිබුනෙ නෑ.. මං ඒ තරමටම ඇඬුවා. ඇස් ඉදිමිලා රතුවෙලා ගල් ගැහෙනකල්, ඔලුව රැයක් දවාලක් නැතුව පුපුරන්න තරම් රිදුම් දෙනකල් මං හැම තප්පරයක් ගානෙම ඇඬුවා...

එයාලා ගිහින් සතියකින් නම්ජූන් හ්‍යොංවුත් ගිය හින්දා මුළු ගෙදරම තිබුනෙ මළ ගෙයක් ගානට පාළුවෙලා.. ජින් හ්‍යොං හුස්ම ගත්තෙත් ඕනෙවට එපාවට.. ටේ හ්‍යොංගෙ පවා ඇස් අග කඳුළු බෝල නළියනවා මං දෙතුන් වතාවක්ම දැක්කා.. හොබී හිටියෙම හ්‍යොංට ගුලි ගැහිලා මූණ එල්ලගෙන. ඒත් අඩුගානෙ එයාට ටේ හ්‍යොං හරි ඉන්නවනෙ... මට කවුද ඉන්නෙ..

අනේ මං තනිවෙලානෙ හ්‍යොං.. මට තනියි රත්තරනේ මට ඔයාට තුරුල් වෙන්න ඔය පපුව අස්සට ගුලි ගැහිලා මුළු පපුවම ඉඹින්න ඕනෙ.. ඔය සුවඳින් පෙනහළු පුරවගන්න ඕනෙ.. ඔය හිනාව එක තප්පරේකට හරි දැකගන්න ඕනෙ... ඔය අත් අස්සට හිරවෙලා හාද්දක රහ බලන්න ඕනෙ... ඔය කටින් මැණික කියලා මිමිණෙනවා අහන්න ඕනෙ..

මේක නපුරු හීනයක් විතරයි කියලා හිත හදාගෙන මං කවදා වෙනකල් ඉන්නද වස්තුවේ.. ඔයා ආපහු එනවනම් කල්පයක් හරි දරාගෙන ඉන්න තිබුනා.. ඒත් ආයෙත් දකින්නවත් නෑ කියලා දැනෙද්දි තුන් හිතම ගිනිගන්නවා දෙයියනේ...

"කුකී... හෙට යුනි යන්න එපා... අපි උදේම ඔහෙ එනවා..."

එයාලා ගිහින් හරියටම මාසෙකුත් සතියක් ගෙවිච්ච දවසක රෑක ඔම්මගෙන් ආපු කෝල් එක මට තවත් මානසික වදයක් උනා.. එයාලා එන්නෙ හොඳකට නෙවෙයි කියන දේ පපුවට වද දෙද්දි මං කඳුළු ගලන ඇස් කොට්ටෙට ඔබාගෙන නොදරුවෙක් ගානට ඉකි ගැහුවා.. මට තිබුණෙම පහුවෙනිදට ඉර පායන එක ගැන නපුරු නරක මතක වෙච්චිකොට අනේ හෙට ඉර නොපායනවනම් කියලා අනන්තවත් සැරයක් හිතුනා..

"කූ අන්න ඔම්මලා ඇවිත් පැටියෝ..."

උදේ හත අට වෙද්දිම ජින් හ්‍යොං ඇවිත් මගෙ කෙස් ගස් අතරින් ඇඟිලි යව යව මුමුණද්දි අඬලා අඬලම ඉදිමිච්ච ඇස් අමාරුවෙන් ඇරගෙන විනාඩි ගානක්ම ඉර එළිය වැටිච්ච සිවිලිම කෙලවරකට මං රිදෙන ඇස් තියන් හිටියා..

"පහළට යන් බබා.. එයාලා බලන් ඉන්නවනෙ..."

නෑ මට යන්න ඕනෙ නෑ.. ඒ මූණු දකින්නවත් ඕනෙ නෑ... එදා සිද්ධියෙන් පස්සෙ ඔම්මලා මගෙන් නොසෑහෙන්න ඈත් උනා.. කතා කලෙත් උවමනාවකට විතරමයි. ඉතිං එයාලගෙ මේ හදිස්සි කඩාවැදිල්ල මාව ආයෙ ආයෙත් අමුතුවෙන් පිච්චුවා...

අනික කවදාවත් නැතුව ඔම්මා රූම් එකටවත් නෑවිත් ජින් හ්‍යොංව එවන්න තරම් එයාලා මගෙන් ඈත් වෙලාද කියලා හිතෙද්දි අමුතුවෙන් රිදෙන්න දේවල් නොසෑහෙන තොගයක් පපුව ඉස්සරහා ගොඩගැහුනා..

"එයාලා මොන දේ කිව්වත් ඉවසන් ඉන්න පැටියෝ..."

රූම් එකෙන් එළියට යන්න අඩියක් තියා හ්‍යොං මගෙ පිට දිගට අතගගා රහසින් මිමිණුවා. හ්‍යොංලා දන්නවා ඔම්මලා කරන්න හදන දේවල්.. කොහොමත් මෙච්චර දේවල් ඉවසුව එකේ දැන් කවුරුහරි ඇවිත් ඇස් ඉස්සරහම පපුවට පිහියෙන් ඇන්නත් උහුලන් ඉන්න පුළුවන් තරමට මගෙ හිත ගල් ගැහිලා තියෙන්නෙ... ඉතිං මං පපුවකට දරාගන්න බැරි තරමෙ දුකපාට හිනාවක් දීලා එහෙමම යන්න හැරුනා..

"කූ අපි අද ගෙදර යන්න ඕනෙ.. ගිහින් ඉක්මනට බඩු ටික ලෑස්ති කරගන්නකො... නෙක්ස්ට් සන්ඩේ ගෙදර පොඩි පාටි එකක් තියෙයි. ඔයා ඒකට ඉන්නම ඕනෙ.."

ජින් හ්‍යොංගෙ රසම රස කප් කේක්ස් එක්ක මල් මල් හැඩේට හදපු ලස්සන කුකීස් කාලා රස්නෙට හදපු කෝපි බිබී හිටපු ඔම්මලා එකපාරම සීරියස් මූඩ් එකක් හදාගෙන හරි  හදිස්සියෙන් වගේ කියවන්න පටන් ගත්තා..

"නෙක්ස්ට් වීක් තියෙන එකක්නම් මං තව දවස් දෙක තුනක් ඉදලා එන්නම් ඔම්මා.. කැම්පස් එකේ වැඩත් පාඩු වෙනවනෙ... තව සති දෙකකින් එක්සෑම්.."

වචනයක්වත් කතා නොකර ෆෝන් එකට එබීගෙන ඉන්න අප්පා දිහාවටත් ඇස් යව යවම මං හිමීට මිමිණුවා.. එයාලා කියන කියන දේට ඔලුව වනපු එයාලගෙ හුරතල් ජන්කුකී මෙහෙම තනි තීරණ ගන්න මුරණ්ඩු කොල්ලෙක් වෙච්ච එක ගැන කේන්තිය තැවරිච්ච නරක පාටක් එක පාරම ඒ දෙන්නගෙම මූණු හරහා ඇදීගෙන ගියා..

"නෑ නෑ දැන් අපි ආපු එකේ අපිත්තෙක්කම යන්.. ඔයා දැන් හරියටම අවුරුද්දකින් ගෙදර ඇවිත් නෑ කුකී... අඩුම අපේ බර්ත්ඩේ පාටිස් පවා ඔයා මගෑරියා... හ්ම් හ්ම්ම් වෙන කතා නෑ.. ගිහින් ලෑස්ති වෙන්න ඉක්මනට.."

ඔම්මා සද්දෙට කෑගහුවත් අප්පා මේ වෙනකල්ම කිසිම දෙයක් කිව්වෙ නෑ.. එයා පිට නන්නාදුනන ගෙදරකට ආපු ගානට ඔහේ ඉදගෙන ෆෝන් එක ඔබනවා..
අප්පා කවදාවත් ඔහොම හැසිරිලා නෑ... ඔම්මටත් වඩා වෙනදට මං ගැන වද වෙන්නෙ අප්පනෙ. ඇයි මේ?? එයා මාත්තෙක්ක තරහා වෙලාද?? එදා එයාට ලැජ්ජා කරලා එතනින් ආපු නිසාද..?? එයාට එයාගෙ දරුවට වඩා බිස්නස් ෆ්‍රෙන්ඩ්ස්ලා ලොකු වෙලාද??? අනේ ම්ට ආයෙ ආයෙත් රිදුනා..

"කූ මොනවද හිත හිත ඉන්නෙ ආ?? අපිට පරක්කු වෙනවා.. ගිහින් කරන්න වැඩ ගොඩක් තියෙයි. තව දවස් කීයද තියෙන්නෙ. ඉක්මනට ඕනෙම කරන දේවල් ටික පැක් කරන් එන්න.."

"මොකටද ඔම්මා මේ හදිස්සියෙ පාටියක්..."

"තමුන්ට කියන දෙයක් තේරෙන්නේ නැද්ද ජොන් ජන්කුක්...?"

එකපාරම හේතුවක් නැතුව පාටියක් දාන්නෙ ඇයි කියලා මට හිතාගන්නම බැරි උනා.. ඔම්මලාගෙ ඇනිවසරි එකටත් තව මාස දෙකක්ම තියෙනවනෙ..
හිටපු ගමන් කලබලෙන් මෙහෙ ඇවිත් මාවත් එක්කන් යන්න තරම් හදිස්සි පාටිය මොකක්ද කියලා හිතාගන්න බැරි හින්දම ඔම්මගෙන් ඇයි ඇහුවම අප්පගෙ කෑගැහිල්ලට මාව ගැස්සුනා.. කම්මුල් දිගට කඳුළු ගලද්දි තව තප්පරයක්වත් එතන නොයිද එක හුස්මටම මං රූම් එකට දිව්වා...

ආදරේ කරන මිනිස්සු ගොඩක් මැද්දෙ ඉදන් නොදන්න පිට මිනිස්සු ගොඩක් මැද්දකට ඇදන් යන්න හදනවා වගේ මට දැනුනෙ.. මං කොහොමත් අලුත් මිනිස්සුන්ට හරි බයයි.. එයාලට හුරු වෙන්න මට නොසෑහෙන්න කල් යනවා... අද ඔම්මලාගෙනුත් මට ඒ අලුත් බව බය එහෙම්පිටිම්ම දැනුනා..
කවදාවත් නැතුව දැනෙන මේ මූසල පාට අමුත්තට මාව හිරි වැටීගෙන ගියා..

"කුකී.. උදව්වක් ඕනෙද?"

හ්‍යොංගෙ සුවඳ පිරුණු කොට්ටෙ පපුවට තුරුල් කරන් පොඩි එකෙක් ගානට ඉකි ගගහා හිටපු මං ටේ හ්‍යොංගෙ කටහඩට ආයෙ ආයෙත් ගැස්සුනා..

"අනේ ඔයාලටත් ඕනෙ මාව යවන්නද හ්‍යොං..?"

"පිස්සුද කූ.. මොනවද මේ කියවන්නෙ ආ??"

"මට යන්න බෑ හ්‍යොං... අනේ මට මහ බයක් දැනෙනවා.. එයාලා අමුතුයි... මට එයාලා එක්ක යන්න බෑ... අනික එයාගෙ සුවඳ තියෙන්නෙ මෙහෙනෙ හ්‍යොං.. මේ බලන්න දැනුත් මං ලඟ ඉන්නවා වගේනෙ... මේ සේරම දාලා මං ගිහින් ඉන්නෙ කොහොමද හ්‍යොං.. මගෙ පණ ගැහෙන්න හේතු තියෙන්නෙ මෙතනනෙ හ්‍යොං... මට හුස්ම වැටෙන්නෙ මේ දේවල් හින්දනෙ.."

ටේ හ්‍යොං මුකුත්ම නොකියා හරි පරිස්සමට මාව පපුවට බරකරන් ඔලුව අතගෑවා.. මට බයයි.. සතියකට උනත් යන්න මට බයයි.. හදිස්සියෙවත් මං නැති සතියෙ එයා මෙහෙ ආවොත්.. මොකක්ම හරි හේතුවකට ආවොත්... මට මූණ චුට්ටක්වත් බලාගන්නවත් නෑනෙ දෙයියනේ.. එක තප්පරේකටවත් හිත හදන් ගෙදරින් එළියට බහින්නෙ කොහොමද එතකොට...

"වෙන්න තියන දේකට හිත හයිය කරන් මූණ දෙන්න බලාගෙන යන්න කූ.. චිම් වෙනුවෙන් තවත් බලන් ඉන්න එක තේරුමක් නෑ.. දැන් මාසෙකුත් පහු උනානෙ... කොච්චරක් ආදරේ හිතේ තිබ්බත් ඌ ආයෙ එන එකක් නෑ.. උට එන්නැති වෙන්න හේතු එකක් දෙකක් නෙවෙයි තියෙන්නෙ කූ..."

"එයා ඔයාට කතා කරාද? එයා ඔයාට කතා කරාද?? ආ.. මට කියන්න හ්‍යොං එයා ඔයාට කතා කරාද??"

ඇගේ එල්ලීගෙන කෑගැහුවත් ටේ හ්‍යොං හිටියෙ දිගටම බිම බලාගෙන.. වැරැද්දක් කරලා අහුවෙච්ච පොඩි එකෙක් ගානට මූණ හදාගෙන.. මට ඒ බැල්මෙන්ම තේරුනා එයාලා නිතරම කතාකරන බව..

"ඇයි දෙයියනේ නොකිව්වෙ?? ඇයි මට නොකිව්වෙ හ්‍යොං.. ඔයා දන්නවා මං කොච්චර විදෙව්වද කියලා.. ඔයා දැක්කා මං දවස තිස්සෙම නොකා නොබී අඬ අඬ ෆෝන් එකේම එල්ලිලා හිටපු හැටි.. දැන් මැසේජ් එකක් එයි දැන් මැසේජ් එකක් එයි කියලා හිත හිතා හූල්ලපු හැටි... ඒ දැක දැකත් ඇයි මට මෙහෙම කරේ හ්‍යොං.."

"ඔයාගෙම හොඳට කූ... නොකිව්වෙ ඔයාගෙම හොඳට.."

මෙච්චරක් විදවද්දිත් ඒ දැක දැකම ටේ හ්‍යොං මෙහෙම කරපු එක මට උහුලගන්නම බැරි උනා.. එයාට නිකමට හරි මට කියන්න තිබුනා හ්‍යොං පරිස්සමින් ගියා කියලවත්.. දැන් කෙල්ල එක්ක සැනසීමෙන් ඉන්නවා කියලවත්...

"කෝල් ගන්න බවක් කියන්න එපා කියලා ඌ මට නොවැන්ද ටික විතරයි කුකී.. දරුවා ගැන හිතලාවත් කියන්න එපා කිව්වම දෙයියනේ මං වෙන මොනවා කරන්නද..? ඒකා එහෙම අසරණ වෙන්න ඕනෙ එකෙක් නෙවෙයි කූ... උතුරන්න සල්ලි තියාගෙන අතට පයට වැඩකාරයො එක්ක සැපට ඉන්න තිබ්බ ජීවිතයක් අච්චර අර දුක් විදින්නෙ.. ඔයා නැතුව ඌ හොඳින් ඉන්නවා කියලද හිතන් ඉන්නෙ කුකී? උගෙ ජීවිතේ ඔයාට තියන තැන අඩුගානෙ අර නොදරුවටවත් නෑ.. ඒකා ගැන වැරදියට හිතන්න එපා උඹට පව් පිරෙයි..."

ටේ හ්‍යොං අමාරුවෙන් වචන හිර වෙවී මුමුණද්දි මං ඒ වචනයක් ගානෙම රිදෙන පපුව අතගගා ඉකි ගැහුවා..
මං දන්නවා එයාගෙ ජීවිතේ මට තියෙන තැන කාටවත් අයිති නෑ කියලා.. මං දන්නවා එයා මහමෙරක් තරම්ම මට ආදරෙයි කියලා... ජාති ජාතිත් ඒ ආදරේ දශමෙකවත් වෙනසක් වෙන්නෑ කියලා..
එහෙම දැන දැනත් කාටදෝ අයිතිවෙන්න ඇරලා මෙච්චර උහුලගන්නෙ කොහොමද රත්තරනේ මං මේ දේවල්..

"මටහ්.. මට එයාගෙ කටහඩ අහන්න ඕනෙ හ්‍යොං... අනේ පිං අයිතිවෙයි මට චුට්ටක් ඒ කටහඩ අහන්න දෙන්න හ්‍යොං.. ආයෙ කවදාවත් එපා... මැරෙනකම්ම ඒ ඇති මට... ප්ලීස් හ්‍යොං.. එක..හ් එකම එක පාරක්.. මං කතා කරන්නෙ නෑ.. ප්ලීස් කටහඩ අහන්න විතරයි ඕනෙ..."

"කූ..."

"අනේ එක පාරක් හ්‍යොං ප්ලීස්..."

මං හුස්ම ඇද ඇද හූල්ලනවා බලන් ඉන්න බැරිම තැනද කොහෙද ටේ හ්‍යොං ස්පීකර් ඔන් කරලා හරි හදිස්සියෙන් කාටදෝ කෝල් එකක් ගත්තා.. පපුව නොසෑහෙන්න ගැහෙනකොට චුට්ටක් වෙලා රින්ග්ස් ගිහින් එහා පැත්තෙන් කෙනෙක් ආන්සර් කලා..

"හලූ... තේතේ අජොසී..."

අනේ කතා කරේ කෙල්ල.. ඒ කටහඩ ඇහුනත් ඇති පපුව හිරිවැටීගෙන යනවා.. මගෙ හුරතලේ... ඔයාගෙ සුවඳ මේ දැනුත් අප්පට දැනෙනවා පැටියෝ.. ඔයා මේ හැමතැනම චූටි අඩි තිය තිය දුවපු හැටි තප්පරෙන් තප්පරේට මැවෙනවා... කූ අප්පා නැතුව ඉන්නෙ කොහොමද මැණික ඔයා..

"හෙලෝ.. ඒන්ජල්.. කොහොමද ඉතිං?? මොකද කරන්නෙ ආ??"

"මුකද කලන්නෙ.."

"ඔව් මගෙ රෝස මල මොකද කරන්නෙ..?"

"අපි කාතුන් බලනවනෙ.."

අනේ අපි කිව්වෙ ඔයත් ඉන්නවද රත්තරනේ කෙල්ල එක්ක.. නැත්තන් එයා නූනා ගැනද මේ කියවන්නෙ... මං වෙව්ලන ඇඟිලි තුඩු රිදෙන්න මිරිකගෙන හුස්මත් හිර කරන් ඇස් පිල්ලමක්වත් නොගහා දිගටම බලන් හිටියා.. දැන් ඇහෙයි දැන් ඇහෙයි කියලා ඔයා හුස්මක්වත් සද්දෙට ගන්නකල් උගුරකට වේලගෙන බලන් හිටියා. ඒත් ඇත්තටම මේ කෝල් එකටම මගෙ හිත දැනටමත් නොසෑහෙන්න පිරිලයි තිබුනෙ..

"හ්ම් හ්ම්ම් බයි කෑවද මගෙ සුදු බෝලෙ ම්..."

"ඔව්නෙ අප්පා කිව්වා බයි ඔක්කොම කෑවොත් කූ අප්පව බලන්න එක්කන් නනවා කීලා.. ඉතිං බන්ඩිය පිලිලා පිලිලා සිදෙද්දිත් බබා හබුන් ඔක්කොම කෑවා..."

අනේ වචනවලට මෙච්චර රිද්දන්න පුළුවන් ද රත්තරන්.. කෙල්ල බත් කටක් කන්නෙ මාව බලන්න එන්න පුළුවන් වෙයි කියලා හිතන්ද?? පව් මාව බලන්න එක්කන් එයි කියලා හිතන් බඩ රිදෙන තරමට පිරිලා තියෙද්දිත් ඔක්කොම කොහොමහරි කාලා.. ඒ කටහඩේ තැවරිලා තිබ්බෙ මහ නොඉවසිල්ලක්.. දැන් එන්න පුළුවන් නම් දුවගෙනම එන තරමෙ හදිස්සියක්..

"හොඳ බබා.. බයි ගොඩක් කාලා ඉක්මනට ලොකු උනොත් ඉක්මනට කූ අප්පව බලන්න එන්න පුළුවන් ම්.."

ටේ හ්‍යොං කෙල්ලට බොරු බලාපොරොත්තු මහ ගොඩක් දෙද්දි සද්දෙට හිනාවෙන්න ගත්තු එයාව කවුරුහරි ආදරෙන් ඉම්බා...

ඉතිං මගෙ පපුව ආයෙමත් අලුතින් ගල් ගැහුනා.. ඒ සද්දෙ ඔයාගෙ.. ඔය ඇහෙන දැගලිල්ල ඔයාගෙ... මට දැනෙනවා රත්තරන් ඔයා එයාගෙ ලඟම ඉන්නවා.. ඔය හුස්මත් මට දැනෙනවා.. අනේ චුට්ටක් මොනවහරි කියන්නකො වස්තුවේ. මට කටහඬ චුට්ටක් ඇහුනනං අති...

"නූමී... මොකෝ ඒපාර සද්දයක් නැත්තෙ?? තේරුණාද මගෙ සුදු බෝලෙට ම්??"

"ඔව් තේලුනා.. නූමියා ඔක්කොම හබුන් කාලා ඔකු බබෙක් එලා කූ අප්පා බලන්න නනවා.. පුතා මෙත්තලම මෙත්තලක් ආදලෙයිනෙ එයාත.."

"කෝ ප්‍රින්සස් මෙහෙ දෙන්න ඕක.. දැන් ඇති.. දැන් දොයියගමු..."

දෙයියනේ එයා.. ඔව් ඒ එයා... අනේ මාසෙකටත් පස්සෙ ඒ කටහඩ ඇහුවෙ.. මගෙ ඇස් එක තප්පරේට තෙමීගෙන ගියා. තොල් විසුමක් නැතුවම වෙව්ලුවා.. ඉහින් කනින් නොසෑහෙන්න දාඩිය බිංදු ගලද්දි මාව වතුරෙන් ගොඩදාපු මාළුවෙක් ගාණටම ගැහුනා.

"අපා.. අනේ දූනිට දොයිමත නෑනි..."

"පණ්ඩිත වෙන්න එපා නූ.. ඔයා දවල් නිදාගත්තෙත් නෑ කිව්වා ජෝජ්.."

ඔයා දවල් ගෙදර හිටියෙ නැද්ද? කොහෙද කෙල්ලත් දාලා දවල් තිස්සෙ දිව්වෙ මහත්තයෝ.. මගෙ හිත ඔහේ තනියමම කියෙව්වා..

"ජෝර්ජ් අංකල් නූටි නූටී..."

"මෙහෙ එනවා.. දඟ කරොත් අයිස්ක්‍රීම් නෑ හෙට.."

"අපා.. අප්පා බොලු කියන්නෙ.. ඇමදාම අයික්කීම් දෙනවා කීනවා.. දෙන්නෙ නෑ... අප්පා ආදලේ නෑ නූමිට.. කූ අප්පානං දෙනවා ආදලේ ගුඩක් එක්ක අයික්කීම් මෙත්තලක්ම.."

දෙන්නගෙ රංඩුව හිනාවෙවී අහන් හිටපු මාව කෙල්ලගෙ වචනත්තෙක්ක ගැස්සුනා.. පව්. වචන දහයක් කිව්වොත් හත අටක්ම මං ගැන..

ඒවට ඔයා සද්දයක්වත් නෑ... අනේ  ඔයාගෙ හුස්මක්වත් ඇහෙන්නෙ නෑ.. පව් පපුව පිච්චෙන්න ඇති... කොහොමද මේවා දරාගෙන අහගෙන ඉන්නෙ රත්තරනේ.. කෙල්ල හැම තප්පරයක් ගානෙම මාව මතක් කරනව ඇති.  කවදා වෙනකල් උහුලන්නද?? කෙල්ල කවදා මගෙන් මිදෙයිද? අනේ දවසක එයාට කූ අප්පෙක් හිටියා කියලා අමතකම වෙලාම ගියොත්...

"තේතේ අජොසී.."

"ම්ම්..."

"මේ අප්පා අඬනෝනෙ..."

අනේ මගෙ රත්තරනේ... මොන පවක්ද වස්තුවේ අපි මේ ගෙවන්නෙ.. පපුව අස්සට පිහි කිනිසි දාහක් බස්සන ගානට කෙල්ලගෙ වචන පපුව පාරද්දි මං රහසින්ම ඉකි ගැහුවා.. ටේ හ්‍යොං පවා ඒ වචන අස්සෙ හිරවෙලා ගල් ගැහිලා බලන් හිටියා..

ලඟට ඇදලා අරන් පපුවට තුරුල් කරන් කඳුළු පිහදාලා හාදු තවරන්න කොච්චර ඕනෙ උනත් අඩුමගානෙ ආදරෙයි කියලවත් කියාගන්න බැරිකමටම මං ලේ පනින තරම් තදට තොල් හපාගෙන හීල්ලුවා..

"නූමි අනේ දොයියගනින්කො මැණිකේ කියන දේ අහලා.."

ඒ වචනයක් ගානෙම තිබ්බෙ මහ වේදනාවක්. එයාගෙ වෙව්ලන කටහඩ යාන්තමට ඉකි ගහනවා ඇහෙනකොට පපුව පැත්තක්ම ඇදුම්කෑවා.. ටේ හ්‍යොං කියනවා වගේ ඔයා ඔහොම විදවන්න ඕනෙ කොල්ලෙක් නෙවෙයි රත්තරන්..

"තේ තේ අජොසී.. අපි හෙත කතා කලමුත අනේ?.. පව් අප්පට දුක ඉතිලනෙ. නූමි බබා දොයියනවා.. ගුත් නයිත්.. ලයි යූ.. බායි..."

කෙල්ල හරි ඉක්මනට කතාව ඉවර කරා.. පව්.. අප්පගෙ කඳුළු මේ වගේම ඒ පපුවත් පුච්චනවා ඇති...

"ටේ.. මගෙ මැණික හොඳින් නේද??"

"ඔ..ඔව් චිම් කොල්ලා හොඳින්.."

"බලන්න ආසයි ටේ.. දවල් ඉදන්ම මහ අමුත්තක් දැනෙනවා මට... මූණ චුට්ටක් බලාගත්තනං ඇති. අනේ කොල්ලට නින්ද යනකල් ඉදලා වීඩියෝ කෝල් එකක් ගන්නවද..?"

දෙයියනේ එයා මොනවද මේ කියවන්නෙ.. මං ගැස්සුනු ඇස් එක්ක එහෙමම ටේ හ්‍යොං දිහා බැලුවා. ඒ ඇස් මට මූණ නොදී ලොකු වරදකාරී හැඟීමකින් බිම බලාගෙනම හිටියා..

මං මෙච්චර පිච්චෙද්දි ඔයා කොහොමින් කොහොම හරි හිත හදාගන්නවද රත්තරන්.. ඔහොම රෑවල් කීයක් හොරෙන් මං දිහා බලන් හිටියද? තව මොනවද මට හංග හංග කරන්නෙ මහත්තයෝ... මං නොදන්න කොච්චරක් දේවල් තව තියෙයිද?? ඔහොම කරන්න එපා වස්තුවේ ඔයාගෙ මැණිකට හරියට රිදෙනවා.. මං මෙහෙ විදවනවනෙ.. දාලා ගිහින් මොනවද ඔයා මේ කරන්නෙ රත්තරනේ...

"ටේ.."

"ම්ම්..."

"එයා බඳින්නද යන්නෙ?"

මං ගැස්සුනා.. මොනව ගැනද මේ කියවන්නෙ? ජැකී ගැනද අහන්නෙ? දැන් ඒක ඉවරයිනෙ.. එයත් දන්නවනෙ එදා වෙච්ච දේ... තාමත් එයාට ඕනෙ මාව කාටහරි දීලාදාලා ගැලවිලා යන්නද? මං බදින්න හිටියෙ ඔයාව රත්තරන්.. දැන් වෙන කාවදෝ බැදලා ජීවිත කාලෙම විදවන්න කියලද මට කියන්නෙ වස්තුවේ..

"කුකී.. මොකද කරන්නෙ මෙච්චර වෙලා? සති දෙක තුනකට යන්නෙ.. ඕනෙම දේවල් විතරක් ගන්න. ඉක්මන් කරන්න.. පරක්කු වෙනවා.. "

දෙයියනේ ඔම්මා.. බයටම මගෙ අතින් කෝල් එක කට් උනා. සති දෙකතුනක් තිස්සෙ ඉන්නෙ මොකටද නිකන් පාටි එකක්නම්... මට අමුත්තක් දැනුනා..

"කුකී..හ්"

"මේ එනවා ඔම්මා..."

ටේ හ්‍යොංවුත් හිටපු හින්දා ඔම්මා උඩට එන්න තප්පරයක් තියලා අතට අහුවෙන අහුවෙන දේවල් දාගෙන යාන්තන් රූම් එකෙන් එළියට පැනගන්න පුළුවන් උනා.. මතක් කරලම හ්‍යොංගෙ රෙකෝඩර් එකයි සුවඳම සුවඳ හූඩියකුයි එයා දුන්නු චූටි චූටි තෑගි දෙකතුන්කුයිත් බෑග් එක අස්සට ගුලි කරා... මේ සතිය දෙක හුස්ම වැටෙන්න මේ ඇති..

සත්තම සත්තයි මොකක්දෝ අමුතු මූසල හැඟීමක් පපුව හූරද්දි ජින් හ්‍යොංලගෙ දුකපාට මූණු දිහාවට ඇස් තියාගෙන වෙව්ලන කකුල් අද්ද අද්ද එදා ගෙදරින් පිට උනේ මෙච්චර විනාසයක් අතලඟ කියලා දැනගෙනනං නෙවෙයි..

  
 
***************************

අනේ පැටව්නේ මං මේ දවස් ටිකේම ගෙදර හිටියෙ නැහැ. ට්‍රේනින් එකකට ගිහිල්ලා හිටියෙ.  අනේ ඒකයි දෙන්න පරක්කු උනේ.. සමාවෙන්න වස්තුලා 🥺🤧🤧

ආදරෙයි මගෙ හුරතලයො ටිකට 🥰❤️

ආදරෙයි චුට්ටක් පේන්න නැතිවෙනකොට හොයලා බලලා ආදරෙන් මැසේජ් එකක් දානවට 🥺❤️🥰

පරිස්සමින් ඉන්න.. මේ දවස්වල හැමතැනම වෛරස් උණ.. හරි අමාරුයි හැදුනම.. පරිස්සමින් පැටව්නේ 🤧

ගුත් නයිත් 😌

අපේ හා පුංචා 🥺 එයා හරි වීරයෙක් 🥰❤️

Continue Reading

You'll Also Like

27.5K 1.4K 28
Peep in 💖 Contains Rape scenes sexual and physical voilence Read at ur own risk ❗🔞
2.5K 82 19
hi everyone I hope you like this story it's a story about two Royal Family where the youngest daughter of the mehta family is going to get married to...
2.9M 54.4K 17
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
6.7K 1.3K 22
❛ You Got Me my little prince & I never let you go.... ❜ '°• 𝗬𝗼𝘂 𝗚𝗼𝘁 𝗠𝗲 •°' jikook fanfiction by se_ha. this is only fanfiction. ⚉Sta...