Panda Express[ Completed]

Bởi __MiN_SugA__004

15.2K 3.5K 4K

Just for fun Started : 2022 : 02: 13 Xem Thêm

CHARACTERS
CHAPTER-1
CHAPTER-2
CHAPTER-3
CHAPTER-4
CHAPTER-5
CHAPTER-6
CHAPTER - 7
CHAPTER-8
CHAPTER-9
CHAPTER-10
CHAPTER-11
CHAPTER-12
CHAPTER-13
CHAPTER-15
CHAPTER-16
CHAPTER-17
CHAPTER-18
CHAPTER-19
CHAPTER-20
CHAPTER-21
CHAPTER-22
CHAPTER-23
Q & A
CHAPTER-24
CHAPTER-25
CHAPTER-26
CHAPTER-27

CHAPTER-28

391 81 137
Bởi __MiN_SugA__004


විශේෂ දැනුම්දීමයි ❗













අනිවාර්යෙන් අන්තිම වෙනකන් කියවන්න 💕

______________________________

දෙසැම්බර් මාසේ උදාවෙද්දි  මුළු සෝල් අගනුවරම හිම වලින් යටවෙලා.හැම නත්තලටම වඩා මේ පාර නත්තල අපිට විශේෂ වුනේ හදිසියෙම ලැබුනු  ආරන්චියකට පස්සෙයි. ඒ පණිවිඩේ කට්ටියට කිව්වට පස්සෙ  මට වගේම එයාලටත් ඕනෙ වුනේ එක ලස්සන තැනකට එකතු වෙන්න .සෝල් වල තියෙන ලස්සන තැන් කිව්වම ඉතින් ඕනෙ කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නෙ නම්සන් කුළුණනෙ.හ්ම්...ඉතින් අපිත් තීරණේ කරේ  ආදරණීය නමිසන් කුළුනෙදි එකතු වෙන්න .

මැන්ශන් එකේ හැමෝමත් එක්කම අපි එක්ක කායි,බෙකී,චැනී ලිසා,රෝස් එක්ක රෝසෙගෙ පොඩි එකාත් එකතු වුනා. අපි ඒ වෙද්දි හිටියෙ කුළුනෙ පඩිපෙල් නගින ගමන්.මම ටේනුව වඩන් ඉඳිද්දි චිමි යුන් ව වඩාගෙන හිටියා.

අවසානෙදි අපි කුළුන උඩටම නැග්ගා.සාමාන්‍යෙන් ගොඩක් සෙනග හිටියත් සතියෙ දවසක  ආව නිසා අද සෙනඟ ඒ තරම් හිටියෙ නැහැ.නම්සන් කුළුනෙ මුදුනින් පහළ බලද්දි සෝල් වල හිම පෙනුනෙ හරියට සුදුපාට කාපට් එකකින් වැහිලා වගේ..

මම දිගු සුසුමක් පිටකරා...

වෙනදාට වඩා හැමදේම වෙනස් විදියට මට දැනුනා...මීට කලිනුත් එයාලාගෙන් ඈත් වෙලා තිබ්බත් මේ සැරේ ගොඩ කාලයක් නිසයි සමහරවිට එහෙම අමුතුවට දැනෙවා ඇත්තෙ .චීමිවයි චූටිපුතාවයි ඇටපුතාවයි
මාත් එක්ක එක්ක යන්න පුළුවන් වුනත් මේ හැමෝම නැතුව මගෙ පවුලෙ හිස්තැනක් තියෙයි.

ජිමින් මගෙ  ආදරණිය හස්බන්ඩ් හැම සතුටකදිම නැතත් හැම දුකකදිම එයා මන් ළඟ හිටියා.එතකොට පොඩ් යක්ස පැටව් දෙන්නාගෙ වැඩේම මාව බෙදාගන්න මරාගන්න එක තමයි මොනවා වුනත් ඒ දෙන්නත් ජිමින්ව වගේම මට  ආදරෙයි කියලා මන් දන්නවා.

.
.
.

කට්ටිය දැන් ටික වෙලාවක් යනකන්ම එකට ඉඳියත් කවුරුත් කාත්  එක්කවත් කතා කරේ නෑ .

" ඒයි...මොකද මේ ..සද්දෙ වහලා..මළගෙයක් වත්ද " මම හිනාවෙවී එහෙම ඇහුවෙ පිස්සො රැළ අද සන්සුන් වෙලා වගේ ඉන්න එක මට අපහසුවක් වගෙයි දැනුන නිසා.

"  මොනාද මේ කියන්නෙ බේසික හ්යුන්" නම්ජුන් දුවන් ඇවිත් මාව බදාගත්ත පාර මගෙ හුස්මත් හිරවෙලා ගියා..

" යා මේ මොකද මේ... කෝ කෝ අහකට වෙනවා.."මන් නම්ජුන්ව තල්ලු කර කර අහකට කරන්න හද්දදි එයා තව ටිකක් මාව තද කරගත්තා මට දැනුනා මගෙ ශර්ට් එක තෙත් වෙනවා වගේ.ඒත් එක්කම හොබීයි ජන්කුකයි
,ටේයි  දුවන් ඇවිත් මගෙ දෙපැත්තෙන් හග් කරගත්තා.

ජුනා,කිව්ව ගමන් ඉතින්  ආතල් කෝටියයි.මතක සටහන් නම් එමටයි කොහොම උනත් අපි හැමෝගෙන්ම සන්වේදිම එයා කියලයි මට හිතෙන්නෙ

එතකොට හොබී...කාට මොන විදියට සැලකුවත් මම හොබීට ගරු කරලා සැලකුවෙ මොන හේතුවකටද කියලා මටත් තේරෙන්නෑ .සමහරවිට එ කරුනාවන්ත ස්වීට් කොල්ලාට මොනවත් කියන්න හිත දෙන්නැති නිසා වෙන්නැති. මෙන්න මේකයි....හොබීට ජැක්සේනයාව  හම්බුන්නැත්තම් මන් හිටියෙ ජිමින් එක්කම හොබීවත් කරකාර බැඳගන්න කියලා .ඒත් ඉතින් හරිගියේ නෑනෙ අපරාදෙ නේද ?

ජැක්සේනයාගෙ අරිශ්ටෙ තමයි හොඳටම කරේ!

ජන්කුකා, අපි හිනාවෙද්දි හිනා වෙනවා වගේ ජන්කුක් අපි අඬද්දි අපි එක්කම ඇඬුවා අපි අතර ඉන්න  ආදරණියම චරිතෙ ජන්කුක් තමයි

ටේ ගැන කියනවානම් එයත් ජන්කුක් වගේම  ආදරණීයයි වගේම සන්වේදියි.

ටික වෙලාවක් එහෙමම වැළඳගෙන  ඉඳලා ඈත් වෙද්දි .ලිසායි රෝසුයි කඳුළු පිහදානවා ඒ අතරෙ ජිමිනුත් ගිහින් ටේව හග් කරගෙන ඉන්නවා. ආයිශ් මේ වගේ සන්වේදි සිද්ධි මට දිරවන්නෙම නෑ.. ඇස් වලට වතුර වගේ ඒවත් උනනවා මේවා බලන් ඉද්දි.

ලිසායි රෝසුයි ගැන කියනවනම් ලිසා කිසිම දෙයක් බරපතලව ගන්නැති සැහැල්ලු කෙනෙක් , ඒකිට අවුරුදු හයක් වුන නම්ජින් එක්ක පලහිලව්වක් තිබ්බ එක නම් මන් ජීවිතේට අමතක කරන්නෑ.

එතකොට රෝස්,රෝස්ට වද දීම මගෙ විනෝදාංශෙ වුන කාලයක් තිබ්බා දැන් කියලත් වෙනසක් නෑ. අකමැති කම පෙන්නුවට රෝසුත් ආසම මාත් එක්ක රණ්ඩුවෙන්න කියලා මන් දැනන් හිටියා.

" ඕයි මගෙ හතුරා.." එහෙම කෑ ගහන් මන් ළඟට  ආවෙ කායි.කායිත් හිනාවේගෙන ඇවිත් මාව වැළඳගත්තා.

" දැන් වුනත් පරක්කු නෑ උඹට සංකුට්ටිව මට භාරදීලා යන්න පුළුවන්."
කායි වැළඳගැනීම අතරෙම හිනාවෙවී එහෙම කියද්දි මාත් කායිගෙ බඩට එකක් ඇන්නෙ හිනාවෙවීමයි.
"පලයන්න... උඹට හතුරා වගේ රඟපාන එක හරියන්නෑ බන්"

"  ආහ් එහෙම මේ පහතට දාන්නෙපා ඈ මට බැරිවුනාට මන් එක්කන්  ආපු එක්කෙනාට පුළුවන්නෙ.." ඇහැක් ගහන ගමන් කායි එහෙම කිව්වා.

"ශ්ශ්ශ් අපො කෑ ගහන්නෙපා යකො"මන්  චීමි දිහා හොරෙන් බල බල කියද්දි කායි හිනා වෙන්න ගත්තා.

" යන තැනකට මාවත් එක්කන් පලයන්කො උඹලා ගියාම කාටද හතුරුකන් කරන්නෙ" කායි මූණ බෙරි කරන් වගෙ කියද්දි මම  ආයෙමත් හිනා වුනා.

හතුරා හතුරා කිව්වට චීමීට හරි මට හරි ප්‍රශ්නයක් නම් කායි අනිවාර්යෙන් අපි එක්ක හිටියා .. ආ....වැදගත්ම දේ ,ජිමින්ව බයිටට ගන්න කායිගෙන් මට හිමිවෙන නොමද සහයෝගය..

"යුන්ගියා" ඒ කටහඬ ජැක්සේනයාගෙ

" ඕ ජැක්සේන "

" මේ ....මන් ඔයාට තෑග්ගක් ගෙනාවා " ජැක්සන් බෑග් එකක් ඇතුළෙන්  ගිෆ්ට් බොක්ස් එකක් එළියට අරගන්න ගමන් කිව්වා

" මොකක් වුනත් කමන්නෑ උඹේ අරිශ්ට බෝතල් නම් එපා..." මන් එහෙම කියපු පාර කට්ටියටම හිනා ගියා.

" අයියෝ නෑ අප්පා මේක එහෙම එකක් නෙවෙයි..." ජැක්සන් තෑග්ග මන් අත තිබ්බා

" තෑන්ක්--"

" පිස්සුද එක පවුලෙ අය තෑන්ක් කරන්නෑ ......මාත් පවුලේ නේද දැන්?"

ජැක්සන් දෙගිඩියාවෙන් වගේ අහද්දි මන් හිස සැලුවෙ ඔව් කියන්න .ඒත් එක්කම ජැක්සන් මාත් එක්ක හිනාවුනා.

ජැක්සේන, මුල ඉඳන්ම අපි එක්ක නොහිටියත් දැන් එයත් අපේ පවුලෙ කොටසක් ..මාත් එක්ක නම් වලි තමයි ඒත් අනිත් හැමෝටම ජැක්සන් හොඳ යාලුවෙක් විශේෂයෙන්ම පොඩි අයගෙ ජැකී මාමා විදියට.

"අනේ මා අයියේ......." ජිමින්ව හග් කරන් හිටපු රෝස් ඇතින්නක් වගේ මන් පැත්තට දුවන් එද්දි මම හිටන් හිටපු තැනින් අයින් වුන නිසා රෝස් ගිහින් බිම වැටුනා.ඒත් පසුබට වුන්නැති රෝස්  ආයෙම නැගිටලා ඇවිත් මගෙ ඇඟට පැන්නා.

"මගෙ අයියාට වද දුන්නොත් මන් ඔහේව හොයන් ඇවිත් වද දෙනවා "
එහෙම කියපු රෝස් ඉවත් වෙද්දි ඒත් එක්කම ලිසාත් ක්ෂනිකව මාව වැළඳගෙන ඉවත් වුනා

හුරතල් බෙකී සහ වලත්ත චැනී දෙන්නත් අපෙන් සමුගන්න එකතු වෙලා හිටියා

කාලය ගත වුනා.


අපි ඊට පස්සෙ රෙස්ටොරන්ට් එකකට ගිහින් පාටි එකක් තිබ්බා.කොච්චර කාලයක් අපිට යූ.එස්.ඒ වල ඉන්න වෙයිද කියලා හරියටම කියන්න බැරි නිසා .හැමෝම එකට එකතු වෙලා සැමරීමක් කරන අවසන් වතාව මේක වෙන්න පුළුවන්

ඉතින් නොදැනුවත්වම සාදයත් අවසන් වෙන වෙන වෙලාව එද්දි තේරුනා පැන්ඩා එක්ස්ප්‍රස් මැන්ශන් එකට සමුදෙන්න කාලෙ හරි කියලා

එහෙනම්,  ආයෙ දවසක හම්බ වෙමු ......පිස්සු  මැන්ශන් එකේදී







_________________________________

පසුදින.....


"මනුස්සයො දැන් ෆ්ලයිට් එක පිටත් වෙන වෙලාවත් ළඟයි " මන් හිටියෙ කේන්තියෙන්, මගෙ කම්පැනි එකේ වැඩ වලට ඉල්ලගත්තු සෙකට්‍රිව මාත් එක්කම එක ෆ්ලයිට් එකේ අරන් යන්න ඕනෙ .ඒත් ෆ්ලයිට් එක පිටත් වෙන්න ලන් වෙලත් එහෙම කෙනෙක් තවමත් ඇවිත් හිටියෙ නැහැ...
"තමුසෙලාගෙ ඔය සෙකට්‍රිට වෙලාවට වැඩ කරන්න බැරි නම් මට වෙන සෙකට්‍රි කෙනෙක් හොයලා දෙනවලා..."

" සන්සුන් වෙන්න හියුන් දැන් එයිනෙ අපි තව ඉවසමු.." ජිමින් මගෙ ලඟට වෙලා පිටට තට්ටු දම දමා සන්සුන් කරවන්න හදනවා.

.
.
.
.
.
.
.
.
.
.

"ටානි  ආන්තු....!"

ටානියා

මම වඩන් හිටපු ටේනු කිව්ව නමත් එක්ක මමත් කලබලෙන් වගේ ඒ දිහා බැලුවා..ඔව් ඒ එයා...ටානියා...
ජිමින්ට ටේනු මුලින්ම නම කියද්දි ඇහුනෙ නැති එක හොඳට ගියා.
හිටිය නිසා මන් අහක  බලාගත්තෙ මාව දැක්කෙ නෑ වගේ ඉන්න හිතාගෙන.

" ටානි ආන්තු ! ටානි ආන්තු...ම්ම්ම්ම්ම්හ්ක්" මම ටේනුගෙ කට තද කරලා අතින් වැහුවා

" හලෝ ...." ඒ කටහඬ කණ ළඟින්ම වගේ ඇහෙද්දි මාව තිගැස්සුනා.පිටිපස්ස හැරෙද්දි ටානියා මගෙ ළඟින්මයි හිටන් හිටියෙ

" ත-තමුසෙ....!!!" තරහින් වගේ එහෙම කෑ ගැහුවෙ ජිමින් ...

" හලෝ මිස්ටර් පාර්ක් ..ඔයත් එක්ක රණ්ඩු වෙන්න ආසයි ඒත් මන් ආවෙ වැඩකට නැති අය නිසා කාලෙ නාස්ති කරගන්න නෙවෙයි.."

" ම්--ම්වෝ..." ජිමින් කුලප්පු වෙලා වගේ ඉස්සරහට යන්න හදද්දි මන් එයාගෙ බඳ වටේ අත යවලා බොහොම අමාරුවෙන් නවත්තන් හිටියෙ.

" ටානියා...ඔයා මෙතනින් හොඳයි ප්‍රශ්නයක් ඇති වෙන්න කලින්..."

" වට්? මන් මොකටද යන්නෙ සුගා ඩැ--උප්ස් අයි මීන් මිස්ටර් සී .ඊ.ඕ....."

" මොකද්ද ඒකෙ තේරුම..."

" ඔයා ඔයාගෙ සෙකට්‍රිව පිළිගත්ත විදිය නම් හරිම කැතයි සුගා ඩැඩී.." ටානියා එයාගෙ නියපොතු වල හැඩ බලන ගමන් වගේ එහෙම කියලා සූට් කේස් එකත්  ඇදගෙන ඉස්සරහට යන්න ගත්තා." එන්න බබාලා ෆ්ලයිට් එක මිස් වෙයි..." ටානියා කියද්දි යුන්මින් හිනා වෙවි ගිහින්  ටානියාගෙ අතේ එල්ලුනා...

මමයි ජිමිනුයි තාම හිටන් හිටපු තැනම ගල් ගැහිලා වගේ හිටන් ඉන්නවා...

"මින් යුන්ගි තමුන් මේක ප්ලෑන් කරා එහෙම නේද"

" පි-පිස්සුද බබා ...සත්තයි මන් මේකට කිසි සම්බන්දයක් නෑ"

" මන් ඕකිව ප්ලේන් එකෙන් බිමට තල්ලු කරනවා..." ජිමින් වේගෙන් කියාගනෙ ගිහින් සූට් කේස් එකත් ඇදන් යන්න ගියා...

" ඉන්න ..එයා මොකක් කරනවා කියලද කිව්වෙ..." සූට් කේස්  එක අතකින් උස්සගෙන අනිත් අතින් ටේනුවත් වඩාගෙන මන් දුවන්න ගත්තෙ ජිමින්ව අල්ලගන්න ලෑස්ති වෙලා..
" බබා ඔහොම ඉන්න මුකුත් කරන්නෙපා......"

THE END🍃

___________________________________

අවසානය ගැන මොකද්ද හිතන්නෙ ....

ඔහොමම ඉන්න තව චැප්ටර් එකක් තියෙයි

පැන්ඩා එක්ස්ප්‍රස් එකට බායි කියමු එහෙනම්

වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි🌹

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

10 1 1
Do not read this please 😭🙏
2 0 1
The chances of failure in the stock market are high and very scaring. A professional training can help people trade with wisdom and skill. If you are...
58 4 4
Laqueque came from a broken neighborhood. She never really had a normal life. That was until she met Robert. Robert had saved Laqueque from her old...
1 0 1
⭐성인용품사이트추천『OIO-57⑤1-1⑨8②신정역성인용품퀵❤️남자성인용품⭐#망원자위용품구입후기,#총신대입구역남자자위기구매장,#대치섹시코스프레퀵배송⭐남성보조기구십구놀자[19NOLJA.COM]』️천왕성인장난감퀵❤️성인제품파는곳⭐#석계역커플용품퀵,#신대방동SM도구구매후기...