Love Me Like You Do || Comple...

By NimuMochi

37.4K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

අමාරුම අමාරු නපුරු දවස්

588 112 108
By NimuMochi

"ප්ලීස් කුකී මට මෙහෙම චුට්ටක් ඉන්න දෙන්න.. ජීවිතේ අන්තිම වතාවට ප්ලීස් මැණික යන්න එපා..."

නෑ.. තවත් ඉන්න තරම් හයියක් මට තිබුනෙ නෑ.. මට අකීකරු මගෙ හිතට අකීකරු ඇඟිලිතුඩු තාමත් එයාගෙ ගොරෝසු කෙස්ගස් අතරින් එහෙමෙහෙ වෙනකොට එයා කඳුළු පුරෝගත්තු ඇස් මගෙ බඩ මැද්දට තදකරන් පොඩි එකෙක් වගේ කෑගැහුවා..

බෑ තවත්නම් මං මොන හයියකට මේවා උහුලන් ඉන්නද රත්තරන්.. වේලිච්ච උගුරට කෙල බෝල තල්ලු කර කර රිදෙන්න ගත්තු පපුව හිමීට අතගාගත්තු මං දරාගන්නම බැරිම තැන එයාව පැත්තකට කරලා යන්නම හැදුවා..

"මට ඔහොම කරන්න එපා.. නොයා බෑ රත්තරනේ.. හේතුවක් ඇතුව මං යන්නෙ.."

"අනේ ඔයාගෙ හේතු.. ආපහු එන්න යනවා වගේ කතා කරන්න එපා හ්‍යොං.. යන්න ගිහින් එයා එක්කම ඉන්න.."

"මං සතුටින් යනවා කියලද හිතන්නෙ කුකී.. මගෙ මූණෙ කොතනකවත් සැනසිල්ලක් පේනවද?"

නෑ ඒ මූණෙ කිසිම සැනසිල්ලක් නෑ.. ඒත්...

"අහ්.. මේ විකාර නවත්තන්න හ්‍යොං.. මට යන්න ඕනෙ.. කෝ එහාට වෙන්න..."

"හරි. යනවා.. මෙච්චර කියලත් තමුන්ට මාව තේරෙන්නේ නෑ දැනෙන්නෙ නෑ කියන්නෙ මේක මෙතනින් නවතින්න ඕනෙ තමයි..."

මාව බදාගෙන බඩ අස්සෙන් මූණ ඔබන් හිටපු එයා හරි ඉක්මනට මගෙන් ඈත් වෙලා නැගිට්ටා.. ලාඳුරු ලෙඩෙක්ව පැත්තකට කරන ගානට මාව තල්ලු කරගෙන නැගිට්ටා... එයාම මාව දාලා යන්න හදලා දැන් මට වැරදි කියනවද? දෙයියන්ගෙ නාමෙට ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ පාක් ජිමින්..

"ඔම්මලා මට ප්‍රපෝසල් එකක් ගෙනත්"

මාත් කේන්තියෙන් කෑගැහුවා.. ඇයි එයා විතරක් හිත රිදෙන දේවල් කරද්දි මං දරාගෙන ඉන්න ඕනෙ? මටත් පුළුවන්නෙ රිද්දන්න... ඉතිං පොඩි එකෙක් වගේ කේන්තියෙන් මං කෑගැහුවා..

ඔව් හිතුවා වගේම එයාට රිදුනා... ඕනෙවටත් වඩා මහ හුඟක් රිද්දගත්තා.. ඒ අත් කකුල් එහෙමම ගල් ගැහුනා.. ඇස් බෝල රතුවට තෙතපාටින් දිලිසුනා.. හුස්ම උනත් වැරදි තාලෙට එහෙන් මෙහෙන් ඇදගත්තා.. නහර ඉලිප්පුන අත් මිට මොළවගෙන මාව පිච්චෙන තරමෙ බැල්මක් මට දීපු එයා තව තප්පරේකටවත් නොයිද එක හුස්මට රූම් එකට ගියා..

"මං ඒකට හා කියනවා.. ඔයා එක්ක ඉදලා මොනවද මට ලැබුනෙ... හැමදාම හිත රිදුනා විතරයි.. ඒකට හා කිව්වොත් අඩුගානෙ මට ආදරේ විදින්නවත් හම්බෙයි.. ජැකී කොහොමත් මට ආදරෙයිනෙ..."

සද්දෙට ඉකිගැහෙද්දිත් මං පිස්සෙක් වගේ කෑගැහුවා.. එයා එක බැල්මක්වත් මට නොදී දත්මිටි කාගෙනම යන්න ගියා..

ඔයාට මායි දරුවයි අතරින් කෙනෙක් තෝරගන්න කියනව නෙවෙයි දෙයියනේ මේ.. ඒත් ඔයා දැනගන්න ඕනෙ මාත් ඒ ආදරේ චුට්ටක් හරි විදින්න ආසයි කියලා රත්තරන්.. ජුනී හ්‍යොං අච්චර යන්න එපා එපා කියද්දිත් සේරම දමලාගහලා යන්න තරම් ඔහොම නපුරු වෙන්නෙ කොහොමද..

ඔයා දන්නවා මට මෙච්චර දේවල් උහුලගන්න බෑ කියලා... ඒ දැන දැනත් ඔයා යන්න හදනවා.. අනික හ්‍යොංලත් නැතුව පණ්ඩිතකමට ගිහින් දෙයක් උනොත් තවත් වතාවක් ඔයාගෙ මරණයක් දරාගන්න තරම් හයියක් නෑ වස්තුවේ මට..

"අප්පා... එපා...හ් බයයි.. නූමිට බයයි.. අප්පා.. එපා.."

දෙයියනේ කෙල්ල... මාව වෙව්ලලා ගියා.. අර නොදරුවට මොනවා කරනවද..? කෙල්ලගෙ ඇඬිල්ලට ගේ දෙවනත් වෙද්දි මං තප්පරේට දෙකට ඒ කාමරේට දිව්වා..

මං යද්දිත් මුළු කාමරේම සම්පූර්ණෙන්ම අනිත් පැත්ත පෙරලලා තිබ්බ එයා ඒ වෙනකොටත් මහ ගොඩක් දේවල් බිම දදා විනාස කරන ගමන් හිටියෙ.. රතුවෙච්ච ඇස් දිගට කඳුළු පෙර පෙර එයා යකෙක් ගානටම කෑගැහුවා...

අනේ කෙල්ල ඇද කෙලවරක බිමට ගුලිවෙලා චෙරි ගෙඩියක් තරමටම රතු ගැහුන මූණ දෝතින්ම වහගෙන කෑගගහා අඬනවා.. ඇඳුම් තෙමාගෙන චූ යන තරමටම කෙල්ල බයවෙලා තිබුනා...

ඔයා කවම කවදාවත් බීපු දවසකවත් මෙහෙම හැසිරිලා නෑ වස්තුවේ.. අනික මේ ඔයාගෙ පණටික වෙච්චි කොට මේ කෙල්ල මෙහෙම අඬද්දි පපුව ගල් කරන් ඔයා ඔය මොන විකාරයක්ද නටන්නෙ දෙයියනේ...

බිම පුරාවට සීසීකඩ වෙච්ච වීදුරුකටු මහ ගොඩක් මැද්දෙන් අඩිය බේර බේර ගියපු මං දෝනිව පරිස්සමින් තුරුලට අරන් වඩාගත්තා.. කෙල්ල වැරදිලාවත් හ්‍යොං දිහාවට බැල්මක්වත් නොදී ඉකිගගහා අඩනවා...

"යා.. ඕක නවත්තනවා.. පිස්සු හැදිලද??"

එයා අපි දිහාවත් බලන්න වද නොවී දිගටම කෑගගහා දේවල් පොළවෙ ගහද්දි මං කෙල්ලව පපුවට කරගෙන කෑගැහුවා...

"යනවා.. මට පාඩුවෙ ඉන්න දීලා යනවා... ගිහින් අර ජැකීද මොකාද එක්කම ඉන්නවා.. යනවා.."

එයා හැසිරුනේ හරි අමුතුවට.. කවදාවත් එයාගෙන් නොදැක්ක තරමෙ කේන්තියක් දුකක් ඒ මූණ පුරාවට ලියවිලා තිබුනා...

"කුකී.. ඔය දරුවත් අරන් එළියට එන්න... එයා තව ටිකකින් කන්ට්‍රෝල් වෙයි.."

මේ කලබලේ සද්දෙට කාමරේ දොර ලඟට ජුනී හ්‍යොං ඇරෙන්න ගෙදර හිටපු හැමෝම පිරිලා තිබුනා. අර බොඩිගාඩ්ස්ලා විදිහට හිටපු සැරපාට මිනිස්සු පවා..

නූමිව අරන් එළියට එන්න කියලා යුංගි හ්‍යොං කෑගහද්දි තමයි මං පියවි සිහියට ආවෙ.. කෙල්ල මගෙ බෙල්ල අස්සට මූණ ඔබාගෙන තාමත් අඬනවා... හූල්ලලා හූල්ලලාම ඒ චූටි අතපයත් එක සීරුවට ගැහෙනවා..

"අහ්.."

සීසීකඩ විසිරිලා තිබුන වීදුරුකටු මගෑර මගෑර ආපු මට එකපාරම කකුල පසාරු කරන් ගියපු ඇහැට නොපෙනෙන තරමෙ වීදුරු කටුවක් හින්දා මට කෑගැස්සුනා.. කකුලටත් වඩා පපුව රිදුම්දෙන හින්දමද කොහෙද ඇත්තටම ටිකක් සද්දෙන් කෑගැස්සුනා..

අච්චර විනාසයක් කර කර හිටපු එයාව එක තප්පරේට නවත්තලා දාන්න ඒ සද්දෙම ඇති වුණා.. අනේ මහන්සි පාටට හුස්ම ඇද ඇද කලබල ඇස්වල කඳුළු පුරවන් බලපු ඒ බැල්ම මගෙ පපුවත් පිච්චුවා... නුනාගෙ කකුල කැපුනු දවසෙ මහ ලේ ගොඩක් දැකලත් ගානකටවත් නොගත්තු එයාගෙ ඇඟිලිතුඩු පවා බය හිතෙන තරමට  වෙව්ලන්න අරන් තිබුනා..

"ම්හ්හ්.."

"එපා ඇවිදින්න එපා ඔහොමම ඉන්න.."

බිම පුරාම තැන තැන විහිරිච්ච වීදුරු කටු තොගේම පාග පාග එයා එක හුස්මට දුවන් ආවා.. ඒ කෙස්ගස් දාඩියෙන් පෙඟිලා නලල පුරාවට ඇලිලා.. පපුව ඕනෙවටත් වඩා වේගෙන් උස් පහත් වෙනවා... උගුරකට වේලිලා ඒ තොල් පවා සුදුමැලි වෙලා..

"රිදෙනවද?? රිදෙනවද?? කියන්නකො දෙයියනේ රිදෙනවද?? බය වෙන්න එපා.. මං ඉන්නවනෙ බය වෙන්න එපා.."

තනියමම මුමුණ මුමුණ කෙල්ලත්තෙක්කම මාවත් දෝතටම උස්සගත්තු එයා හරි පරිස්සමින් දොර ලඟටම අපිව අරන් ඇවිත් බිමින් තිබ්බා..

"රිදෙනවද කූ?? අනේ ජින් හ්‍යොං බලන්නකෝ... එයාට තුවාලයි.. මං එයාට තුවාල කරා... මං.. මං එයාට තුවාල කරා.."

ඇහැටවත් නොපෙනෙන චූටි ලේ බිංදු දෙක තුනක් දිහා බලාගෙන හුස්ම ඇද ඇද කියවන එයාව දැක දැක තවත් එතන ඉන්න තරම් හයියක් මට තිබුනෙ නෑ.. ඉතිං මං කෙල්ලත් අරන් එහෙමම පහළට ගියා...

"එයාව බලන්න එයාව බලන්න.. මාත්තෙක්ක තරහ වෙලා.. ජින් හ්‍යොං යන්නකො.. ලේ එනවා.. එතනින් ලේ එනවනෙ ගිහින් බලන්නකො..."

එයාගෙ බලකිරිල්ලටම ජින් හ්‍යොං කකුලට බෙහෙත් දාලා චූට්ටන් ප්ලාස්ටරයක් ගැහුවට පස්සෙ මං සාලෙවත් නොඉද දෝනිත් අරන් ගාඩ්න් එක දිහාවට ඇදුනා..

කෙල්ලට ඇඟිල්ලක් උරව උරව මගෙ උරහිසේම නින්ද ගිහින් තිබුනෙ.. ඒත් මට ඇදකින් තියන්න ලෝබ හිතුනා... හෙට ගිහාම ආයෙ කවදාවත්.. කවම කවදාවත් දකින්න වෙන්නෙ නැතිකොට මේ හුරතලේ පපුවට ඔබාගෙන හූල්ලනවා ඇරෙන්න මං වෙන මොනව කරන්නද..

"කූ.."

විනාඩි ගානක් විතරම ලොකු කල්පනාවක හිටපු මං යුංගි හ්‍යොංගෙ කටහඩට ගැස්සුනා..

"අහ්.. හ්‍යොං..."

"මොනවද මේ වෙන්නෙ කුකී..?"

"මං දන්නෙ නෑ හ්‍යොං..එයාට ඔච්චර කලබල වෙන්න දෙයක් කිව්වෙ නෑ මං.. හරිනං මායි බඩු පොලේ ගහන් දඟලන්න ඕනෙ... එයා නුනා එක්ක ගිහාම මං තනියම මෙහෙට වෙලා දුක් විදිනවා බලන්නද එයාට ඕනෙ.."

"ඔය ඉරිසියාවටනෙ බං කියවන්නෙ..."

"මෙහෙම ගිහින් හෙටින් පස්සෙ මට මොකද වෙන්නෙ හ්‍යොං.."

"හුඟක් දුරට ඌ හෙට යයි කුකී.. සමාවෙයන් මට කොල්ලව එක්කන් යන්න වෙනවා..."

"නම්ජූන් හ්‍යොං එදා යන්නත් එපා කිව්වා.. ඒ තියෙද්දිනෙ ඔය හදිස්සියෙන් දුවන්න හදන්නෙ.."

මං සද්දෙන් නහය උඩට ඇද ඇද මිමිණුවා. දුකයිනෙ ඉතිං..

"ජූන් කැමතියි කුකී.."

"එයා.. අනේ එයා එදා එපා කිව්වනෙ..."

"ඒත් දැන් තත්වෙ වෙනස්.."

"අහ්? ඇයි.. ඇයි එහෙම කියන්නෙ හ්‍යොං..."

"මට හැමදේම ඔයාට කියන්න බෑ කූ.. එක්කො මිනීට හිතුන දවසක ඔයාට හැමදේම කියයි.. ඒ නැතත් ඔයාට කවදමහරි තේරෙයි... ඌ තීරණයක් ඇරන් ඉන්නෙ කුකී දැන්නම් ඌව නවත්තන්න අපි කාටවත් බෑ.."

"හ්ම්ම් එහෙනම් එක්ක යන්න හ්‍යොං.. එයාටත් ඕනෙ යන්නනෙ.. ඉතිං ගියපුදෙන්..."

මං උගුර අස්සෙ ඉකියක් හිරකරන් මුමුණද්දි යුංගි හ්‍යොං මහ බරට හුස්මක් අතෑරියා.. අනේ එතකොට ඔයා හෙට ඇත්තටම යනවද මැණික.. පපුව කීතු කීතුවට ඉරෙන තරමටම ඇදුම් කෑවා.. මට රිදෙනවා රත්තරන් මහ හුඟක් රිදෙනවා...
මං කොහොමද මගෙ මොට්ට හිතට මේ දේවල් ඒත්තුගන්වන්නෙ දෙයියනේ.. කොච්චර තේරුම් කරවන්න හැදුවත් ඔයා යන බවක් පිලිගන්න මේ හිත ලෑස්තිම නෑ... අන්තිමට මං ආපහු පිස්සෙක් වෙයිනෙ..

"ඌ ඔය කරන්නෙ කරන්න තියන හොඳම දේ කුකී.. තමන්ගෙ කිරි බිබී හැදෙන කෙල්ලට අච්චර දේවල් කරපු ගෑනි උඹට මොනවා නොකරයිද.. ඔය ඒ බයට ඕකා යන්න හදන්නෙ කුකී.. ඌට විසි හතර පැයම ඔයාගෙ ලඟ ඉදන් ඔයාව රකින්න බෑ... උඹට තේරෙනවනෙ ඒක.. අනික ඌ අයිති උගෙ ගෑනිට.. ඌ තාම කසාද මිනිහෙක් කුකී. උට දරුවෙක් ඉන්නවා..."

මාව ගල් ගැහුනා.. දෙයියනේ මං හීනෙකින්වත් නොහිතපු දෙයක් හින්දයි අන්තිමට ඔයා යන්න යන්නෙ රත්තරනේ.. මං ගැන හිතලද ඔච්චර ගින්දරක් ඉහිලුවෙ... මාව රකින්නද සේරම දමලා ගහලා යන්න යන්නෙ??

මට මං ගැනම ලැජ්ජා හිතුනා.. මේ ටික වෙලාවටත් මං මොනවද ඔයාට නොකිව්වෙ මැණික.. කොච්චරක්නම් හිත රිදෙන කතා කිව්වද..? ඔයා කිව්වත් වගේ ආදරයක් රැකෙන්නනං එතන විස්වාසයක් තේරුම් ගැනිල්ලක් තියෙන්න ඕනෙ.. ඇත්ත අනිකව දැනෙන්නෙවත් නැතුව කොහොමද ඉස්සරහට යන්නෙ... අනේ සමාවෙන්න රත්තරන් මට සමාවෙන්න...

"මට මං ගැන බලාගන්න පුළුවන් හ්‍යොං.. එයාට යන්න එපා කියන්නකෝ.. හැමදේම ඉක්මනට හරියයි... අපි මොකක් හරි කරමු.. එයාට මතකෙ එනකල්වත් ඉන්න කියන්නකො.."

මං ගහන්න තියන අන්තිම තුරුම්පුවත් ගැහුවා.. මට ලෝබයිනෙ.. අනේ තව සතියක්වත්.. ජුනී හ්‍යොං යනකල්වත් තියාගන්න තිබුනනම්...

"නෑ කුකී.. හැමදේම හරියන දවස් නෑ.. හැමදේටම හුරුවෙන දවස් තියෙන්නෙ.. එදාට තමයි හැමදේම හරියන්නෙ... අපි දේවල්වලට හුරුවෙන්නයි ඕනෙ.. අනික මං හිතන්නෙ නෑ ඌට මතකෙ ආවා කියලා ඔය තීරණේ වෙනසක් වෙයි කියලා... උට දේවල් මතක් නොවෙන තරමට හොඳයි.."

"අහ් ඇයි හ්‍යොං එහෙම කියන්නෙ??"

"මින්සුට මේ දේවල් ලේසි නෑ කුකී.. ඒකා කන්නෙ එසේමෙසේ කට්ටක් නෙවෙයි. මං දන්නවා මේ දේවල් ඔයාටත් අමාරුයි.. ඒත් උට මෙච්චර ප්‍රෙෂර් එකක් දෙන්න එපා... ඕකව පොඩි බබෙක් ගානට රකින්න කිව්වෙ හොස්පිට්ල් එකෙන්.. දැන් මෙහෙ ආවත් හරි ඌ ඉන්නෙම මහ පීඩනේකින්."

"මං.. මං මොනවද කරන්න ඕනෙ හ්‍යොං.."

"දැන් කරන්න තියෙන්නෙ කාලෙට ඉඩ දීලා බලන් ඉන්න එක.. අනික මින්සු මේ සේරම දාලා දුවන්න හදන එකම හේතුවත් දරුවා නෙවෙයි කූ..."

මාව ගැස්සුනා.. මටත් මෙච්චරක් රිද්දලා එයාටත් රිද්දගෙන එකපාරම යන්න දගලන්නෙ දරුවා හින්දත් නෙවෙයිනං වෙන මොකක්ද හේතුව රත්තරනේ..

"ඇයි එහෙම කියන්නෙ හ්‍යොං.. මොකක්ද ඒ කතාව? අනේ කියන දෙයක් මට තේරෙන්න කියන්න දෙයියනේ..."

හ්‍යොං ආපහු  මහ බරක හුස්මක් අතෑරියා..

"මින්සුගෙ අප්පගෙ බිස්නස්වලට මොකද උනේ කියලා කුකී දන්නවද?"

නෑ ඇත්තටම මං ඒ ගැන මුකුත්ම දන්නෙ නෑ... අඩුම ගානෙ ටේ හ්‍යොංටවත් ඒ ගැන හොයන්න තරම් සිහියක් තිබුනෙ නෑ.. ඉතිං අපි ඒ ගැන මුකුත්ම දන්නෙ නෑ.. මං ඔහේ දෙපැත්තට ඔලුව වැනුවා...

"ඇත්ත.. මනුස්සයා නැතුව බිස්නස්වලින් ඇති වැඩේ මොකක්ද?.. එක අතකට මේ දේවල් ඔයාලා නොදන්න තරමට හොඳයි... පුළුවන්නං ඌ මෙහෙට නොආපු ගානට හිත හදාගෙන ඉස්සර හිටපු විදිහට ඉන්න බලන්න කූ.."

දෙයියනේ ඔය කියන තරම්ම එහෙම ඉන්න එකත් ලේසි උනානම්.. හ්‍යොංලගෙන්වත් කිසි උදව්වක් නැතිතැන ගිනිගන්න පපුවක් එක්ක මං අන්තෙටම අසරණ උනා.. හේතුවක් ඇති.. මේ හැමදේකටම හේතුවක් ඇති... දෙයියනේ ඒත්...

"යන්න කූ අන්තිම වතාවට ගිහින් කතා කරලා එන්න.. එක්කො දෙන්නම කතාකරලා විසඳුමකට එන්න... දැන් කොල්ලා නිවිලා ඇති... ඔය දුකටනෙ දඟලන්නෙ.."

අනේ මං ප්‍රපෝසල් එක ගැනත් කිව්වා.. දෙයියනේ පිච්චි පිච්චි ඇත්තෙ...

"කෝ කෙල්ලව මට දීලා යන්න කුකී.. හොබී ලඟ ටිකක් තියන්න ඕනෙ.. සාංකාවෙන් ඉන්නෙ කෙල්ල යන එක ගැන..."

හොබී පව්.. පහුගිය ටිකේ නූමි හිටියෙම හොබී එක්ක... තුන්වේල කැව්වෙ පෙව්වෙ පවා නුනා නෙවෙයි හොබී.. මං දෝනිව එහෙමම යුංගි හ්‍යොංට දීලා කාමරේ දිහාවට ඇදුනා..

ටොනාඩෝ එකක් ආපු ගානට මුළු කාමරේම විනාස වෙලා තියෙද්දි බිම පුරා විසිරිලා තිබුනු බඩුමුට්ටු වීදුරු කටු මැද්දෙන් මං කාමරේ ඇතුළටම ගියා.. නෑ එයා කොහෙවත් නෑ... බැල්කනි එකේවත් නෑ.. කොච්චර අසරණ හැඟීමක් දැනුනද කියනවනං ආපු තිගැස්මට මං හුස්ම ඇද ඇද දුවන් ගිහින් ඒකෙන් පහළත් බැලුවා... නෑ ඔයා එහෙම මෝඩ මිනිහෙක් නෙවෙයි.. කොහාට ගියාද රත්තරනේ මේ විනාඩි ගානට..

"අ..හ්... ඔම්මා..හ් ම්ම්..හ්..."

එකපාරම මහ වේදනාත්මක කෙදිරිල්ලක් වොශ් රූම් එක අස්සෙන් ඇහෙන්න ගද්දි මාව එහෙමම ගල් ගැහුනා.. ඒ එයා... මොකක්ද කරගත්තෙ දෙයියනේ.. හුස්මක් ගන්නවත් පරක්කු නොවී මං එහෙමම වොශ් රූම් එකට දිව්වා..

දෙයියනේ... අනේ දෙයියනේ එයා හිටියෙ අමු අමුවෙ ෂවර් එකට ඔලුව අල්ලගෙන.. ඇදන් හිටපු ඇදුම් තෙතබරියම් වෙලා ඇගෙටම ඇලිලා තියෙද්දි එයා ඔලුව බදාගෙන ෂවර් එක යට බිමට වකුටු වෙලා හිටියා.. ඒ ඇස් බෝල පවා උඩට ගිහින් ඇග ඕනෙවටත් වඩා අමුතුවට ගැහුනා...

"රිදෙනවා.. ඔම්මා..හ් අහ් ඔලුව..."

"දෙයියනේ අනේ ඇයි රත්තරනේ මේ?"

මොකක්ම හරි හේතුවකට රිදෙන්න ගත්තු ඔලුවට ඒ වේදනාව දරාගන්න බැරිම වෙනකොට එයා දුවන් ඇවිත් එහෙමම ඔලුව ෂවර් එකට අල්ලගෙන තිබුනා.. ගල් ගැහෙන තරම් සීතල වතුර ඇග තෙමද්දිත් එයා වේදනාවෙන් කෑමොර දිදී එහෙමම බිම ඉදගත්තා.. නෑ ඒක එසේමෙසේ වේදනාවක් වෙන්නනම් බෑ... මාව තෙමන මේ උණු කඳුළු ඒකට ඕනෙවටත් වඩා සාක්කි දුන්නා...

අනේ ඒ කෑගැහිල්ල උහුලගන්න බැරිම තැන මං එහෙමම ඒ මුළු ඔලුවම බදාගෙන ඉඹ ඉඹ පපුව මැද්දට තුරුල් කරගත්තා.. ඇස් දෙක නොපෙනෙන ගානට හිරට පියාගෙන නොනවත්වාම කෑගහන එයාව හරියකට  වත්තන් කරගන්නවත් බැරුව මාත් එහෙමම වතුර ගොඩ උඩ ඇදන් වැටුනා..

"හ්‍යොං.. හ්‍යොං... දෙයියන්ගෙ නාමෙට ඇස් අරින්න වස්තුවේ... ඇයි මේ.. මොකද උනේ??"

"අහ්.. මගෙහ්.. මගෙ ඔලුව... කුකී අනෙහ්.. අනේ මට රිදෙනවා දෙයියෝ ඉන්න බෑ.."

"හ්‍යොං... ජින් හ්‍යොං.. කවුරුත් නැද්ද?? අනේ ඉක්මනට එන්නකෝ..."

එයාව මෙහෙම දාලායන්න බැරිකමට ජින් හ්‍යොංට යුංගි හ්‍යොංට කාටම හරි ඇහෙයි හිතාගෙන මං කෑගැහුවා.. උගුරෙන් ලේ රහ දැනෙනකම්ම කෑගැහුවා..

"අ..හ්.. එ..එයාලා... එයාලා මැරුනා.. එයාලව මැරුවාහ්... ම්ම්හ්.. ඔම්මාහ්... එහ්... ආ....හ්...කුකී.. මැණිකහ්.."

එයාට මතකෙ එනවද? ඒකද මෙච්චර වේදනාවක්.. ඒ සුදුමැලි ගැහිච්ච වෙව්ලන තොල් උඩින් මං නොසෑහෙන වතාවක්ම තොල් තද කරා.. එක සීරුවට මුළු ඇඟම අතගෑවත් ඒ කෑගැහිල්ල තප්පරේකටවත් නැවතුනේ නෑ..
ඔලුව දෝතින්ම බදාගෙන මොරදිදී හිටපු එයා එකපාරම සිහියක් නැතුව ඇදන් වැටෙද්දි මගෙ හුස්ම එහෙමම හිර වුණා... අනේ මං කෑගැහුවා.. නහර උලුප්පගෙන රිදෙන ඔලුවක් එක්ක ඉකිගගහා කෑගැහුවා..

අන්තිමට රූම් එකේ දොර ඇරගෙන හ්‍යොංලා සේරම එකපාර මතු වුණා..

"දෙයියනේ කුකී ඔය මොකද??"

සුගා හ්‍යොං හොබීට වාරුවෙලා එහෙමම බිම ඉදගද්දි ජින් හ්‍යොං එක හුස්මට දුවන් ඇවිත් ෂවර් එක වහලා එයාව පරිස්සමට මගෙ ඇගට වාරු කරලා නාඩි බැලුවා..

"යුංගි ටේ.. කොල්ලව ඉක්මනට රූම් එකට ගෙනියන්න.. පුළුවන් තරම් උනුසුම් කරන්න... මං පහළින් ඕනෙකරන දේවල් අරන් එන්නම්.. ඉක්මන් කරන්න..."

මං හිටියෙ සිහියකින් නෙවෙයි.. මට මැවි මැවී පෙනුනෙම පත්තරේ තිබුනු මිනිය... වතුරෙන් තෙතබරිත වෙච්ච අර කාගෙදෝ මිනිය.. හ්‍යොංලා එයාව රූම් එකට ගෙනියන්න උස්සද්දි ඒ අතපය හතර ඔහේ කඩාගෙන වැටුනා... මං වතුර ගොඩේම බිම වකුටුවෙලා යාන්තමට හරි හුස්මක් ඇදගන්න දතකෑවා..

"කූ.. කුකී... යා කුකී හුස්ම ගනින් රත්තරනේ.. හ්‍යොංට මොකුත් වෙන්නෙ නෑ.. ජින් හ්‍යොං ඉන්නවනෙ බය වෙන්න එපා.. එයාට මුකුත් වෙන්නෙ නෑ..."

ඒ හොබී එයා මාව වාරු කරන් ඉකිගගහා නොසෑහෙන්න දේවල් කියෙව්වා... අඩුම ගානෙ හ්‍යොංව බලන්න යාගන්නවත් හයියක් නැතිකමට මං එහෙමම හොබීගෙ පපුව අස්සට ගුලි ගැහෙද්දි එයා එක සීරුවට මගෙ ඔලුව අතගෑවා... නෑ හොබී අතගාලා නිවන්න පුළුවන් වේදනාවක් නෙවෙයි මේ තියෙන්නෙ..

"කූ.. ජින් හ්‍යොං පුළුවන් හැමදේම කරනවා... චිම් එහෙම දුර්වලයෙක් නෙවෙයි නිකම්ම මැරිලා යන්න.. ඒකා එක පාරකුත් මරණෙන් නැගිට්ටා... බය වෙන්න එපා උට ඉක්මනට සනීප වෙනවා.. උට සනීප වෙද්දි ඔයා අසනීප වෙලා ඉන්න එපා.."

ටේ හ්‍යොංවුත් ඇවිත් මාව තුරුල් කරන් එකදිගට කියෙව්වා... මගෙ හිත හදන්න කියෙව්වා උනත් ඒ අතපය පවා නොසෑහෙන්න වෙව්ලනවා මට දැනුනා..

"අනේ එකපාරම මේ මොකක්ද උනේ හ්‍යොං..."

"මේක එකපාර වෙච්ච දෙයක් නෙවෙයි කූ.. ඌ කොහොමත් හිටියෙ අසනීපෙන්.. උට චුට්ට චුට්ටදේවල් මතක් වෙවී තියෙන්න ඇති... ඔයා ඉන්නෙත් ප්‍රෙෂර් එකක නිසා ඔහෙ නොකිය ඉන්න ඇති..."

මගෙ ඇස් පනාපිට පහුගිය දවස් එක පෝලිමට මැවෙද්දි මං ගල් ගැහිලා ගියා.. ඇත්තනෙ එයා හිටියෙම ලෙඩ පාටට... හැමතිස්සෙම ඔලුව අතගගා... අනේ මට හිතුනෙම ඒ නුනා හින්දා කියලා... අඩුගානෙ නිකමටවත් මට අහන්නවත්බැරි උනා.. මං මහ නරක මිනිහෙක් රත්තරන්.. අඩුගානෙ ඔයාගෙ වේදනාවක්වත් තේරුම් ගන්න බැරි තරමෙ නරක ආදරවන්තයෙක්..

"අඩන්න එපා කූ.. මං පුළුවන් හැමදේම කරා.. දැන් තියෙන්නෙ චිම්ට සිහිය එන්න විතරයි... ඔය ඇඳුම් අයින් කරලා දාලා චුට්ටක් මෙයාව පපුවට කරන් ඉන්න.. මේ ගැහෙනවනෙ.. නැතතන් සීතලට උණ ගනී හවස් වෙද්දි.. කොල්ලව චුට්ටක් තුරුල් කරන් හිටියම සේරම හරියයි.."

ජින් හ්‍යොංවුත් මං ලඟට ඇවිත් ඔලුව අතගගා මිමිණුවා.. ඔව් මටත් ඕනෙ දැන් එයාව හොද රස්නෙට තුරුල් කරගන්න.. තුරුල් කරන් මුළු ඇඟ පුරාවටම හාදු තියන්න.. ඒ හාද්දක් ගානෙම මේ වෙච්ච දේවල්වලට සමාව ඉල්ලන්න..

දඩිබිඩියේම කාමරේට දුවපු මං වතුර බේරෙන ඔලුව එහෙන් මෙහෙන් පිහදාගෙන තෙත ඇඳුම් මාරු කරලා එක හුස්මට ආපහු ආවෙ එයාව තුරුල් කරගන්න හිතන්... ආයෙ කවදාවත්ම බැරි උනත් මට මේ එක තප්පරෙත් ඇති..

හ්‍යොංලා ඉස්සරහම හරි පරිස්සමට ඒ ලා රස්නෙ නළල ඉඹලා ඇදට ගොඩවෙච්ච මං එහෙමම ගල් ගැහුනෙ දොර ඇරගෙන එකපාරම කාමරේට මතුවෙච්ච කෙනා හින්දා..

  
****************************

හත්තික්කේ හොඳටම පරක්කුයි නේද??

අන්න අරුන්දෑ ළමයත් අරන් ප්‍රියම්බිකාව එක්ක රට හැරදා යන්න හදන්නෙ... 🤧

එයැයිට බැනලා හරි ඔයැයිලා කමෙන්ට් එකක් හලන් යන්න හුම්ම්.. 🙃

මං ආදරෙයි පැටවුනේ.. පරිස්සමින් ඉන්න.. 🥰😘😘❤️

Continue Reading

You'll Also Like

1.2M 108K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
11M 255K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
27.4K 1.4K 28
Peep in 💖 Contains Rape scenes sexual and physical voilence Read at ur own risk ❗🔞
2.3M 136K 45
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...