Love Me Like You Do || Comple...

By NimuMochi

37.3K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
රසම රස රාම්‍යොන්
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

තෑගි

501 115 85
By NimuMochi

දෝනිගෙ අතේ තිබ්බ බෑග් එක මං මහ ලෝබකමින් තුරුල් කරගත්තා.. කෙල්ලගෙ අතේ එව්වත් මේ ඔයාගෙන් හම්බවෙච්ච දෙයක්නෙ..

"අලින්න අලින්න... අප්පා සස්සන බඩ්ඩක් තීනවා කිව්වා ඇතුලෙ.."

අනේ කෙල්ලගෙ හදිස්සිය.. සතුටට උඩත් පැන්නවෙනවා. පව්.. උහුලගන්නම බැරි තරම් සතුටින් වෙව්ලන හිත හිමීට පපුව අස්සෙ හංගගෙන මං බෑග් එක ඇතුලට අත දැම්මා..

දෙයියනේ මේක මහ ලොකුයිනේ.. අනේ ලස්සන රැපින් පේපරේකින් වට වෙලා තිබුනෙ අපි තුන්දෙනාගෙ ෆ්‍රේම් කරපු ෆොටෝ එකක්.. එයාටයි මටයි මැදිවෙලා කෙල්ල මලක් වගේ හිනාවීගෙන ඉන්නවා..

ඕක ගත්තෙ එයාලා මෙහෙ ආපු මුල් දවස්වලමයි.. ඇදේ උඩුබැලි අතට දිගාවෙලා ඔලු තුන එකට හේත්තු කරන් ඇස් චූට්ටන් වෙනකල් හිනාවීගෙන එක එක කෝලම් තාලවලට ගත්තු ඒ පින්තූර අස්සෙ ඕනෙවටත් වඩා ආදරේ පිරිලා තිබුනා.. එයින් එකක් එයා ප්‍රින්ට් කරවලා..

"යේ... අප්පයි නූ බබයි කුකී අප්පයි.."

කෙල්ල ඇගිල්ල වීදුරුව උඩ තිය තිය කියද්දි මං ෆොටෝ එක ඉඹලා පපුවටම තුරුල් කරගත්තා..

"ඔමෝ... කාගෙද මේ හුරතලේ කූ.."

දෙයියනේ ඔම්මා.. ඔම්මයි අප්පයි ඇවිත්...

"යා.. ඔයාලා ඇවිත්.. මට කිව්වෙවත් නෑ.."

ෆොටෝ එක එහෙමම අනිත් පැත්ත හරවලා බිමින් තියන ගමන් මං නැගිටලා ඔම්මව තුරුල් කරගත්තා.. අම්මලා ලඟින් එන ආදර සුවඳින් එයාව පිරිලා ගිහින් තිබුනා.. මට කොච්චරක්නම් මඟෑරුනද මේ ආදරේ...

"කිය කිය සප්‍රයිස් දෙනවද බබා... කෝ එන්න.. මට ඔයාව හුඟක් මතක් වුණා... උම්ම්මා.. මගෙ හුරතලේ... සෙංඉල් චුක්කාහේ ජන්කුකී..."

"එයා නෙමෙයි මමනෙ බබා.. මේ ඉන්නෙ කුකී අප්පා.. මම තමයි බබා..."

කෙල්ල හොඳ පැහැදිලිවට කියද්දි ඔම්මගෙයි අප්පගෙයි මූණු ඕනෙවටත් වඩා කළු ගැහුණා.. ඒ ඇස් අමුතුවට බෝල වුණා.. ඔව් ඉතිං කෙල්ල මට අප්පා කිව්වනෙ....

"මේ කවුද කුකී? ඇයි ඔයාට අප්පා කියන්නෙ?"

"පොඩ්ඩෙක්නෙ ඔම්මා.. එයාගෙ ආසාවනෙ... ඔය ජිමින් හ්‍යොංගෙ බබා... නූනා කොහෙද ගිහින්. එයා එනකල් අපි මෙයාව බලාගන්නවා..."

"අනේ චිමී වගේමයි හුරතලේ.. කෝ පුතේ කොල්ලා.. බලන්නත් ආසයි.."

ඔම්මා ඇස්වල කඳුළු පුරවන් දෝණිව වඩාගෙන ඉම්බා... ඔම්මා දන්නවා හ්‍යොං ජීවත් වෙනවා කියන්න.. අප්පා එදා මෙහෙ ආපු දවසට පහුවදාම ඔම්මා මට කෝල් කරලා එයා එක්කත් මහ හුඟක් වෙලාම කතා කලානෙ.. ඔම්මා මටත් වඩා හරි ආදරෙයි එයාට...

"අප්පා දොයිනෙ.. ඉන්නකු මං ඈලවන් එන්නම්..."

අපි ඔක්කොමලා එපා කියද්දිත් කෙල්ල දඟලලා දඟලලා ඔම්මගෙ ඇඟ දිගේ පහලට රූටලා හ්‍යොංව හොයාගෙන රූම් එකට දිව්වා.. බෝල කකුල් බිම තිය තිය පාත්ත පැටියෙක් වගේ දුවනවා.. හුරතලේ බෑ..

"ඔම්මා කෝ මගෙ ප්‍රසන්ට් එක ආ??"

නෝක්කාඩු මොනවහරිත් කියවන්න එපැයි.. ඉතිං බොරුවට දුක මූණකුත් හදාගෙන මං එයාගෙ මුළු බෑග් එකම ඇද්දා.. නෑ තෑගි මුකුත්ම නෑ... අප්පා ඇවිත් තිබුනෙත් අත් දෙකම වන වන..

"ඇඳුමක් දාන් එන්න. අපි එළියට යමුකො. ඔයාට හිතාගන්න බැරි විදිහෙ ගිෆ්ට් එකක් අප්පා ඔයාට ලෑස්ති කරලා තියෙන්නෙ කූ... ඔයා ආස වෙයි.."

මගෙ කෝලම්වලට හිනාවෙවීම ඔලුව අතගාලා නලල ඉඹින ගමන් අප්පා කියෙව්වා.. ඒ දෙන්නගෙ ඇස් දිලිසෙනවා... මට සතුටු හිතුනා..

මං ඔම්මා හදන් ආපු මියොක්ගුක් (Korean seaweed soup) එක බොන අතරෙ ඔම්මලා ජින් හ්‍යොං රසම රස හංග්වා බොක්ස් එකක් එක්ක ගෙනාපු උණු ලෙමන් තේවල රහ වින්දා..

ඔම්මගෙ අතින් හදපු කෑමක් කාලෙකට පස්සෙ කන්න හම්බුනේ.. එයා රසට කේක් ගෙඩියක් එක්ක කිම්පබ් තොගේකුත් හදන් ඇවිත් තිබුනා..

අපි තේ බීලා සාලෙට එනකොටම වගේ එයා දෝණිවත් වඩාගෙනම හිමීට පහළට ආවා.. ඒ ඇස් මලානිකයි.. අනේ ඔයා දවසට දෙකට ලෙඩ පාට වෙලා රත්තරනේ... ඔහොමම නුනා එක්ක දිගටම හිටියොත් ඔයා ඇවිදින මලමිනියක් ගානටම වැටෙයි..

ඔම්මා හරි ආදරෙන් දුවන් ගිහින් දෝනිවත් මැදිවෙන්න එයාව තුරුල් කරගත්තත් එයා හිටියෙ චුට්ටක් විතර කලබල පාටට... ම්ම්හ්.. ඔයාට නුහුරු ඇති..

"චිම්.. මගෙ පුතේ.. අනේ ඔයාව ආයෙ කවමදාවත් දකින්න වෙන්නැතිවෙයි කියලා මං හරියට දුක් උනා දරුවො.."

"ඔම්මාහ්..."

"අනේ මගෙ පුතු වෙනස් වෙලා ගොඩක්.."

ඇස්වල කඳුළු මහ ගොඩක් පුරෝගත්තු ඔම්මා ඉවසිල්ලක් නැතුවම එයාව රිදෙන්න ඉම්බා.. අනේ ඒ තොල් පවා හීනියට වෙව්ලුවා... එක තප්පරේට  සතුටු පාට හිනාවකින් මූණ පිම්බුනා.. එයාට ආදරේ කරන තව කෙනෙක් හම්බෙලානෙ. ඉතිං සතුටු නැද්ද..

"ජියෝ නැතිවුණ දවස් ටිකේ හිටියෙම මටයි කුකීටයි තුරුල් වෙලානෙ.. එකපාරම නැති උනා කිව්වම මට උහුලගන්නත් බැරි උනා දරුවෝ.."

"ක්.. කවුද ජියෝ කියන්නෙ??"

ඔම්මට ඇඬුනා.. එයා කෑගහලම ඇඬුවා.. සීතල පාටට සුදුමැලි වෙච්ච ඒ මූණ පපුවට තියාගෙන ඔම්මා ඉඹ ඉඹ හූල්ලද්දි අනේ දෝණි පවා ඉකිගගහා ඇඬුවා...

"ඒ.. ඒ මගෙ ඔම්මද?"

"ඔව් රත්තරනේ ඒ ඔයාගෙ ඔම්මා..."

"ම්ම්හ්.. මට... මට නම අමතක උනා.. මට සමාවෙන්න.."

ඔයා ආන්ටි ජියෝව දන්නවනෙ රත්තරනේ.. ඒ ඔයාගෙ ඔම්මා දෙයියෝ... ඔයා එයාලා ගැන විස්තර හෙව්වනෙ.. සොහොන බලන්නත් යමුයි කිව්වෙ... අනේ අමතකද?? නෑ ඒකට කමක් නෑ.. සමහරවිට ඔයාට ඔම්මව නමින් මතක තියාගන්න අමතක වෙන්න ඇති..

"ම්හු... ඒකට කමක් නෑ පුතේ.. ඔයා තනිවෙලා නෑ.. අපි හැමෝම ඔයාට ඉන්නවා... ඔම්මා අප්පා මේ මල්ලි කෙනෙකුත් ඉන්නවානෙ.. අපි ඔයාගෙම පවුල කියලා හිතන්න තේරුණාද..?"

එයා මහ අසරණ පාටට හිනාවුණා.. අනේ මගෙ පපුව එහෙමම පිච්චිලා යන තරම් අසරණ පාටකට හිනාවුණා..

"කුකී අපි අද යන්නත් ඕනෙ. ඉක්මනට යමුද?"

අප්පා හදිස්සියෙම කලබල කරපු හින්දම දෝනිව සිය වතාවක්ම ඉඹලා අපි යන්න ලෑස්ති වුණා.. කෙල්ලවත් අරන් එන්න ඔම්මට ඕනෙ උනත් එයාට අප්පගෙ අත් වලින් පහළට බහින්න හිතක් තිබුනෙ නෑ..

වේගෙන් ඇදුන වාහනේ ටවුන් එක කිට්ටුවටම ඇදෙද්දි මං හිටියෙ ඔම්මට තුරුල් වෙලා ඒ උරහිසේ ඔලුව ගහගෙන.. ඔම්මා දිගටම මාව පපුව අස්සට කර කර ලෝබකමෙන් ඉම්බා... මං හිතන්නෙ එයා හිටියෙ සතුටින්..

"කූ බහින්න දරුවො.."

ඔම්මගෙ කටහඬට පියවි සිහියට ආපු මං කා එකෙන් බැහැලා එයාලත්තෙක්කම ලොතේ හොටෙල් එකක් ඇතුළට ඇදුනා.. සෑහෙන කාලෙකින් ඔම්මලා එක්ක ඩිනර් එකක් නොගත්ත හින්දම මං චුට්ටක් එක්සයිට් වෙලා හිටියෙ..

හොටෙල් එක ඇතුළට ගිහින් ඈතින් හිටපු කවුදෝ නන්නාදුනන මිනිස්සු තුන්දෙනෙක් ඉදන් ඉන්න ටේබල් එකක් දිහාවට ඇදුන අප්පා එයාලා එක්ක ඕනෙවටත් වඩා සුහදව කතාකරන ගමන් පැත්තකින් වාඩිවුණා.

දෙයියනේ ඒ හිටියෙ ජැකී.. එයාගෙ ඔම්මයි අප්පයිත් එක්ක..

ආන්ටිව හග් කරලා ජැකීගෙ කම්මුලක් ආදරෙන් වම් අල්ලට හිර කරපු ඔම්මා මාවත් අල්ලගෙන ගිහින් ටේබල් එකෙන් වාඩි උනා.. මං හිටියෙ හුස්මක් ඇදගන්න සිහියක් නැතුව.. මොකක්ද මේ වෙන්නෙ දෙයියනේ...

"අපේ ජන්කුකීනම් ජැක්සන් පුතාව දන්නවා ඇති.. දෙන්නා එක යුනිවර්සිටි එකේනෙ..."

කෑමත්තෙක්කම අප්පලාගෙ බිස්නස් කතාගොඩක් ඉවර වෙද්දි එයාලා අන්තිමට අපි දිහාවට හැරුණා.. ජැකීනම් හිටියෙ සතුටින් පිම්බීගෙන.. ඉතිං එයා ඕනෙවටත් වඩා ඔලුව වැනුවා... එයා සතුටින්.. එයා හොඳටම සතුටින්...

"කොල්ලා හරි ලැජ්ජාකාරයා නේද ජොන්.. මූණත්තෙක්ක රතුවෙලා..."

ජැකීගෙ අප්පා අමුතු කතා කියවන්න ගත්තම වෙන්න යන්නෙ මොකක්ද කියලා අදහසක් නොතිබ්බත් ඒ දේ හොඳ දෙයක් නෙවෙයි කිය කිය මගෙ හිත නොසෑහෙන්න ගතු කිව්වා...

"ඔම්මා මොකක්ද මෙතන වෙන්නෙ??"

එයාලා හිටියෙ මවාගත්තු සන්සුන්කමකින්.. මං මෙතන මොන නාඩගමක් නටයිද නොදන්නකමට ගැහෙන්න අරන් තිබුන හිත් හැමෝගෙන්ම හංග හංග එයාලා ලොකු රඟපෑමක් පටන් අරන් තිබුනා..

"ජන්කුකී.. ඔයාට සතුටු හිතෙන ආරංචියක් කියන්න තියෙනවා... මිස්ටර් වන්ග් ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනත්... ජැක්සන් පුතා ඔයාට ඉස්සර ඉදන්ම කැමැත්තෙන්නෙ හිටියෙ.. එයා හරිම කෙයාරිං.. ඔයා අසනීපෙන් හිටපු දවස්වල එයා හොඳටම ඒ ගැන වද වුණා.. අනික ඉතිං එයා ඔයාගෙ යාලුවෙකුත් හින්දා මේකට අකමැති වෙන්න හේතුවක් නෑනෙ ඔයාට.."

අප්පා සේරම තීරණය කරලා ඉවර ගානට කතා කරද්දි මාව කේන්තියටම වෙව්ලුවා... එතකොට හ්‍යොංට මොකද වෙන්නෙ?? මගෙ ආදරේට මොකද වෙන්නෙ?? මගෙ සතුටට මොකද වෙන්නෙ??

"මේකද ඔම්මා මගෙ බර්ත්ඩේ ගිෆ්ට් එක? ආදරේ නොකරන මනුස්සයෙක්ව බදින්න කියලා ප්‍රපෝසල් එකක් ගේන එකද? මේක දෙන්නද ඔයාලා ඔච්චර එක්සයිට් වෙලා හිටියෙ..?"

මං කෑගැහුවා රත්තරන්.. ජැකීගෙ ඔම්මලා පවා ගල් ගැහිලා බලන් ඉද්දි මාව පුච්ච පුච්ච ඔයාගෙ මූණ ඇස් ඉස්සරහා මැවෙන්න ගද්දිත් මං තරහින් දත්මිටි කකා කෑගැහුවා..

"ප්ලීස් අප්පට ලැජ්ජා කරන්න එපා කූ.."

හිමීට මගෙ අතකින් මිරිකපු ඔම්මා මවාගත්තු හිනාවක් එක්ක මගේ දිහාවට නැමීගෙන මුමුණද්දි කිසිම කිසි දවසක ඔමලාට අකීකරු නොවිච්ච මං ඔම්මවත් පැත්තකට කරන් පුටුවෙන් නැඟිටලා හැමෝටම එක්ස්කියුස් කරලා එළියට ආවා..

එයාලා කොහොමද එහෙම දෙයක් කරන්න හිතුවෙවත්.. අනික අද මගෙ බර්ත්ඩේ එක.. අනේ එයාලා මුළු දවසම විනාස කරා...

ටැක්සියක් නවත්තගන්න එහෙට මෙහෙට වෙවී හිටපු මං ඔම්මගෙ සීතල කම්මුල් පාරකට ගැස්සුනා..

"කූ ඔයාට පිස්සු හැදිලද ආ?"

"මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න ඔම්මා.. අමුතුවෙන් පිස්සු හැදෙන්න දෙයක් නෑ.. මං කොහොමත් බෙහෙත්වලින් ජීවත් වෙච්ච මිනිහෙක්නෙ.. ආයෙත් මාව ඒ තැනට දාන්න එපා.. පිං අයිතිවෙයි අප්පවත් අරන් ගෙදර යන්න.. ප්ලීස්..."

කවදාවත් නැතුව එයාගෙ අත මං වෙනුවෙන් ඉස්සෙද්දි දෝතින්ම මූණ බදාගෙන කෑගහපු මං ඔම්මව එතනම දාලා එහෙමම ටැක්සියක නැගලා ගෙදර ආවා... මගෙ සැනසිල්ල තියන තැන.. මගෙ පණ ගැහෙන තැන..

මං එද්දි එයා හිටියෙ සෝපා එකේ වැටිලා.. ඒ ඇස් හරි තදින් පියවෙලා තිබුනා... එහෙමම ඒ මූණට එබුනු මං මෙච්චර දවසක් එයාගෙ ආදරේ නොලබ වේලිලා ඉරිතලපු තොල් ඒ නළල මැද්දට සීරුවට තද කරා.. එයා හීනි කෙදිරිල්ලක් එක්ක තව තවත් ගුලි ගැහෙද්දි එහෙමම සෝපාවට බරවෙච්ච මං එයාගෙ ඔලුව දෝතින්ම අරන් ඔඩොක්කුවෙන් තියාගත්තා.. අනේ මගෙ ආදරේ..

"කූහ්..."

"ම්ම්ම්..."

"සනීපයි මැණික.."

මගෙ හීනි ඇඟිලි තුඩු එයාගෙ කෙස්ගස් අස්සෙන් එහෙමෙහෙ වෙද්දි එයාට ඉබේම මිමිණුනා.. අනේ ඒ එක වචනෙටත් මගෙ ඇස් දිගට කඳුළු පිරුණා..

"ජන්කුකී..."

"ම්ම්..."

"කියන්න දෙයක් තියෙනවා..."

"මොකක්ද??"

"මට සමාවෙන්න.."

මාව ගැස්සුනා.. මොකටද සමාව ඉල්ලන්නෙ... මොකක්ද ඔයා කරන්න යන්නෙ වස්තුවේ??

"මෙහ්.. ය්.. යුංගි හ්‍යොං හෙට.. එයා හෙට ඇමරිකා යනවා... හදිස්සි වැඩක් වැටිලා.. ජුනී හ්‍යොංට යන්න බෑනෙ.. ඉතිං එයාට යන්නම වෙනවා..."

එකපාරම මොකක්දෝ මූසල හැඟීමක් පපුව හාරන්න ගද්දි වෙව්ලන්න ගත්තු ඇඟිලිතුඩු මං එහෙමම ගුලිකරගත්තා.. මට බයයි.. රිදෙනවා හ්‍යොං.. අනේ මට රිදෙනවා රත්තරන්....

"ම්..හ්... මාත්... මාත් ඒත්තෙක්කම යනවා කූ.."

සත්තමයි පපුව එහෙමම නැවතුනා.. තාමත් හුස්ම වැටෙනවද කියලවත් විස්වාසයක් නැති තරමටම ඒ වචන ටික අමු අමුවෙ මාව පිච්චුවා.. අර එහෙමෙහෙ දුවපු ඇඟිලිතුඩු වලට පවා ඒ තරම්ම රිදුනා... අනේ මෙහෙමම හුස්ම නවතී කියලා බයටම මං කොණ්ඩ ගස් දෙක තුනක එල්ලීගෙන මහ බරට හීල්ලුවා...

"එප්..පාහ්... අනේ මං මැරෙයි හ්‍යොං.. මාව මෙහෙමම මැරිලා යයි.."

"ම්හ්හ්.. නොයා බෑ මැණික..."

"එ.. එතකොට දරුවා..."

"ඒ දෙන්නත්තෙක්ක තමයි යන්නෙ කූ..."

මාව පිච්චුනා.. වතුර චුට්ටක්වත් ඉහින්න කෙනෙක් නැතුව මං ගිනි අරන් අළුවෙලාම ගියා..  ඔහොම සැහැල්ලුවකින් වචන විසිකරලා දාන්න ඔයා කොහෙන්ද ඉගෙන ගත්තෙ රත්තරන්... මට රිදෙනවා කියලා දැන දැනම හැඟීම් මැරිච්ච මිනිහෙක් වගේ වචන කියවන්නෙ කොහොමද ඔයා ඔහොම...

ඔම්මටත් කෑගහගෙන එයාගෙ ආදරේ වෙනුවෙන් පේවීගෙන ආපු මාව මට මැවි මැවී පෙනුනා.. මට කේන්තියිනෙ මැණික.. තවත් උහුලන්න බෑ...

"මං ගියොත් මට නැතත් අනිත් ඔක්කොටම සැනසීමෙන් ඉන්න පුළුවන් කූ.. ඔයාට ආදරේ නැතුව නෙවෙයි මේ යන්නෙ.. දරුවා වෙනුවෙන් ඔයා වෙනුවෙන් යන්නෙ..."

සැනසීමෙන් ඉන්න පුළුවන්..? අනේ ඔයා නැතුව මට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා හිතන්න තරම් ඔය හිත ඔච්චරටම මෝඩ උනේ කොහොමද රත්තරනේ..

කමක් නෑ ඔයාට යන්නනෙ ඕනෙ.. ඉතිං බර හුස්මක් අරන් කියන්න තියන සේරම කියලා දාලා එයාව පිටත් කරන්න මං හිත හදාගත්තා.. කමක් නෑ දරුවා වෙනුවෙන්නෙ..

"හ්‍යොං.. මට හිතෙනවා ඔයා එක්කම හිටපු දවස් හරි ඉක්මනට ගෙව්නා කියලා.. මේ ආදරේ නිවීසැනසිල්ලේ විදින්නවත් ඉඩ නොතියම කාලෙ මහ ඉක්මනට ගෙවිලා ගිහින් මැණික.. ඔයා හිතාගන්නවත් බැරි තරමට වෙනස් වෙලා.. මට කියන්න හ්‍යොං..
දෙයියන්ගෙ නාමෙට මට කියන්න මං මේ පාවිච්චි වෙනවද? බොරු බලාපොරොත්තු ගොඩ ගහගෙන මෝඩයෙක් ගානට ඔයාගෙ වචනයක් ගානෙම රැවටෙනවද??
එහෙනං ඇයි හත්දෙයියනේ ඇයි එහෙනං මට ඔයාගෙ ආදරේ මෙච්චරක්ම දැනෙන්නෙ? ඇයි ඔයාගෙ හුස්මක පවා තියන ආදරෙන් මාව මේ තරම් පිච්චෙන්නෙ රත්තරන්? එක පාරම වෙනස් මෙහෙම වෙන්න මොකක්ද උනේ වස්තුවේ.. අපි හොඳින් හිටියනෙ නූනා ආවට පස්සෙත් ඔය පපුව උඩ මං සැනසිල්ලේ ගුලි ගැහුනනෙ...
දැන් ඇයි මේ?? යන්නද ඕනෙ? ම්?? යන්නද ඕනෙ?? යන්න.. කමක් නෑ යන්න... මං දන්නවා මට තරං නූනට දරාගන්න බෑ.. පපුව කෑලි කෑලිවලට කැඩිලා විනාසවෙලා ගියත් මං දරාගෙන උහුලගෙන හිටියත් නූනට එහෙම බෑ..
ඉතිං යන්න.. දරුවා වෙනුවෙන් එයා වෙනුවෙන් යන්න... මට පුළුවන් උහුලන් ඉන්න.. ඔයාගෙ කියාගත්තු මිනියකට මිනිස්සු මල් ගෙනත් තියනවා දැක දැකත් දරාගෙන හිටපු මංනෙ මේ ඉන්නෙ... ඉතිං මට මේ දේවල් මොනවද හ්‍යොං... යන්න.."

මං ඇඬුවා.. කෑගැහුවා.. ඉකිගගහා හීල්ලුවා... වෙන මොනවා කරන්නද.. හෙටයි කියලා දාලා යන්නද අහද්දි මං වෙන මොනවා කරන්නද..

"හරි කමක් නෑ මං මුලට යන්නම්.. මං නවතින්නෙ නැතුව මුලටම යන්නම්.. ඔයා මගෙ ජීවිතේ හිටපු නැතිම කාලෙට.. ඔයා කියලා කෙනෙක් ආන්ටිගෙ වචනවලින් විතරක් මවාගෙන උන්නු කාලෙට... මට තනියම ඉන්න පුළුවන්.. මං අවුරුදු එකහමාරක්ම එහෙම හිටියනෙ..
ඒත් ඒ ගෙවිච්ච දවස් පුරාවට හුස්ම වැටුනෙ ඔයා තවත් මේ ලෝකෙ නැතිකොට කරගන්න දෙයක් නැතුව මැරෙන්න අයිතියක් නැතිකමට හිත ගල් කරගත්තු මිනිහෙක්ගෙ හ්‍යොං.. ඒත් ඔයා අද මාව දාලා ගියොත් තත්වෙ වෙනස්නෙ මහත්තයෝ.. ඔයා කොහෙද කෑවද බීවද අසනීපෙන්ද දරුවට කොහොමද.. ඔය වගේ දාහක් ප්‍රශ්න මාව වෙලාගනී... මං ආයෙත් පිස්සෙක් වෙයි මැණික.. කොච්චර හිත හයිය කෙනෙක් උනත් මෙච්චරක් දේවල් දරාගත්තා උනත් ඔයාව අමතක කරලා දාලා ඉන්න තරම් හිත හයිය කරගන්න බෑ මට. මොකද මාත් මනුස්සයෙක්.. මට තියෙන්නෙත් හැඟීම් දැනීම් දැනෙන හිතක්.. රිදුන ගමන් කඩාගෙන වැටෙන හිතක්... ඔයා නූනා මත්තෙ නැහෙද්දිත් ආදරේ නාමෙන් ඔක්කොම උහුලන් ඉන්න අසරණ හිතක්. මගෙ හුස්මක් ගානෙම ඉන්නෙ ඔයානෙ රත්තරනේ... ඔයා මෙහෙම මාව දාලා ගියාම මං තව කොච්චර කාලයක් මෙහෙම අඬන්න හූල්ලන්න ඕනෙද? කොච්චර කාලයක් මං හොඳින් වගේ රඟපාන්න ඕනෙද? අනේ එක්කො මට ආදරේ නෑ කියලා මේ මෝඩ හිතට ඒත්තුගන්නලා යන තැනක යන්න රත්තරන්.. මැරි මැරී හරි මේ මතක එක්ක මං ජීවත් වෙයි.."

හ්‍යොංව වෙව්ලනවා.. ඒ කඳුළු මගෙ කලවා අස්සෙන් උරාගෙන පපුවටම ගලන් ගිහින් මුළු පපුවම ගිනි තියනවා... ඉතිං මට රිදෙනවා.. ඕනෙවටත් වඩා රිදෙනවා..

"යං..."

"අහ්??"

"අපි යං කුකී... අර කෙල්ලවත් අරන් අපි කොහෙහරි යන් දෙයියනේ.. ඔයාගෙ ඔම්මා අප්පා නැත්තං මං මේ වෙද්දිත් කොහෙටහරි ගිහින් කූ.. අනේ ඔහොම අඬන්න එපා.. ඔයාගෙ මේ කඳුළු මාව අවුලවනවා මැණික.. ඒවා මං හින්දා නේද කියලා මතක් වෙද්දි පපුව අළු වෙලාම යනවා.."

එයාගෙ කඳුළු වලින්ම තෙතබරියම් වෙච්ච මගෙ ඔඩොක්කුවට ඔලුව ගහගෙන ඉන වටෙන් අත් යවලා බඩ අස්සෙ මූණ ඔබාගෙන අනේ ඉතිං එයා අඬනවා.. පොඩි එකෙක් ගානට සද්දෙන් ඉකිගගහා අඬනවා...

"මං මටත් වඩා ඔයාට ආදරෙයි කූ.. ඒක ඔයා දන්නවා.. මේහ්.. දැනෙනවද මේ හුස්ම වැටෙන්නෙත් ඕනෙවට එපාවට.. ඒකත් මෙහෙමම නවතිනවනං මට සැනසිල්ලක් මැණික.. කියන්නකො මං කාවද තෝරගන්න ඕනෙ කූ..? ඔයාවද? දරුවවද??"

ඔය අහන ප්‍රශ්නවලට මං ලඟ උත්තර තිබුනනං අපි මෙච්චරකල් මෙහෙම විදවයිද රත්තරන්.. නෑ... මොනදේ උනත් අර නොදරුවා වෙනුවෙන් මට තවත් ආත්මාර්ථකාමී වෙන්න බෑ වස්තුවේ.. ඒ අහිංසකීට ඔම්මෙක් අප්පෙක් ඉන්න ඕනෙ... මේ ගෙවිච්ච ජීවිතේ ඒ කෙල්ලට හැමදාටම තියෙන්න ඕනෙ... ඉතිං එහෙනං මායි මෙතනින් ගැලවෙන්න ඕනෙ..

"අනේ මට හිත හදාගන්න ඕනෙ හ්‍යොං.. ඔයාව කවදමහරි දවසක පාරකදිවත් දැක්කත් ඇස්වලින්වත් ඔයා නැති පාළුව නොපෙන්න ඉන්න පුළුවන් වෙන තරමටම මට හිත හදාගන්න ඕනෙ මැණික..."

"ම්හ්.. මටහ්.. මට සමාවෙන්න කුකී.."

"අපි මෙතනින් මෙහෙමම නවතිමු රත්තරන්.. ඊට කලින් එකපාරක්.. එකම එක පාරක් බොරුවට හරි හිනාවෙනවද?? මට ඔයාව මතක තියාගන්න ඕනෙ.. කඳුළු නැතුව ඔය මූණ මතක තියාගන්න ඕනෙ.."

නෑ එයා හිනාවුණේ නෑ.. කඳුළු නැතුව දැන් ඒ මූණට හිනාවක් ගන්න බෑ... පව් වෙව්ලන්න ගත්තු තොල් ලේ පනින තරම් තදට හපාගෙන එයා මහ බරට හුස්ම දෙක තුනක්ම ඇද්දා...

"ම්හ්හ්.. බ්..බෑග් එක ලෑස්තියිද හ්‍යොං?? බඩු ගොඩක් ඇතිනෙ අස් කරන්න... කෝ ඉන්නකෝ මං ඒ ටික ඉක්මනට අස්කරලා දෙන්නම්.. නුනාටත් වැඩ වැඩීනෙ.. නූමිගෙ බඩුත් අස් කරන්න එපැයි.. අපි ඔයාගෙ ටික අස් කරන් ඉමු..."

එක හුස්මට කියවන් ගිහින් එයාගෙ ඔලුව පරිස්සමට ආපහු සෝපාවෙන් තියලා කොච්චර නැඟිටින්න හැදුවත් එයා බර ගලක් වගේ දිගටම එහෙමම හිටියා..

"කූහ්.. එපා... යන්න එපා.. ඔහොම ඉන්න..."

"කෝලම් නොකර පැත්තකට වෙන්න හ්‍යොං.. අර කාමරේම බඩු ටික අස් කරන්න ඕනෙනෙ... ඉන්න මං පිළිවෙලකට කරලා දෙන්නම්.. අඩුගානෙ ඒකවත් ඔයා වෙනුවෙන් කරන්න දෙන්න.."

මං එයාව තල්ලු කරන්ම නැගිටින්න හැදුවත් ඒ ඇඟිල්ලක්වත් හොලවගන්න නොදී මගෙ බඩ අස්සට මූණ ඔබාගෙන ලෝම පිරිච්ච හිම වළහෙක් වගේ හරි ලෝබකමට මාව බදාගෙන හිටියා..

"කෝ පැත්තකට වෙන්නකො හ්‍යොං.."

"ම්ම්හ්.. එපා..හ් අනේ මගෙ නහරක්වත් පුපුරයි දෙයියන්ගෙ නාමෙට නවත්තන්නවා ජන්කුක්.. මං මැරිලා යයි.."

"බොරුවටනෙ කෑගහන්නෙ.. යන්න හිත හයිය කරගත්තු ඔයාට මේ වචන ටිකකට මෙච්චර රිදෙන්න විදිහක් නෑනෙ... ඉතිං බොරුවට කෑගහන්න එපා හ්‍යොං... දරාගෙන ඉන්න ඉගෙනගන්න.."

මං ඔහේ කේන්තියටම කියෙව්වා.. යනවනම් කොහොමත් එයා මං නැතුව ඉන්න හුරුවෙන්නම ඕනෙනෙ..
     
       

****************************

කතාව ගැන ඔයාලගෙන් ආපු හැම කමෙන්ට් එකක්ම මට හුඟක් වටිනවා... ඔයාලට මං මහ ගොඩක් ආදරෙයි අනේ... මගෙ හුරතලයෝ ටික.. 🥺🥰😘😘

ආදරෙයි පැටවුනේ... 🥰

Continue Reading

You'll Also Like

10.8M 249K 60
𝐅𝐫𝐨𝐦 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 𝐭𝐨 𝐋𝐨𝐯𝐞𝐫𝐬 Enzo Mariano is known for being nothing but ruthless. He is feared by all in the Italian mafia. He kills on...
27.2K 3.5K 39
Vminkook 🐯🐣🐰 Top - Jungkook Taehyung Bottom - Jimin Taekook 🐯🐰 Top - Jungkook Bottom - Tae Jikook 🐣🐰 Top - Jungkook Bottom - Jim...
7.2K 2.5K 25
"Sometimes it lasts in love, but sometimes it hurts instead" Published date :- 2022.12.08
14.5K 2.7K 23
------- add library ------- ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ When those who love us are close, that love is of no value to us .... But when that love leaves...