අඬලා අඬලම නින්ද ගියපු මං ආයිත් ඇහැරුනේ සීතලට මොන මොනවදෝ මූණ පුරාවට දුවනවා දැනෙද්දි..
ඇස් ඇරිය පමාවට මාව එහෙමම ගල් ගැහුනෙ මට එහා පැත්තෙන් දිගාවෙලා මාව තුරුල් කරන් ඉකිගහන හ්‍යොංව දැක්කම... දෙයියනේ කොට්ටේ මෙච්චර තෙතබරියම් වෙනකම් අඬන්න තරම් මොනවද උනේ වස්තුවේ..
"හ්‍යොං.. ඇයි රත්තරනේ මේ??"
අනේ ඒ කඳුළු දැක්කම හේතුවක් නැතුවම මටත් පපුව හූරගෙනම ඉකි ගැහුනා.. තොල හපාගෙනවත් දරාගන්න බැරිම තරමට ඇඩෙද්දි මං ඒ පපුව අස්සට තුරුල් වුණා... ඒ සුවඳ අස්සෙ සනීපෙට ගුලි ගැහුනා..
මං ඇහැරියා කියලා දැනුනු ගමන් මගෙ කටහඬ ඇහුණු ගමන් එයා හැදුවේ මාව එහෙමම අතෑරලා දාලා යන්න... මං ඇස් හිරට පියාගෙනම සද්දෙට ඉකිගගහා ඒ බාහුවක එල්ලුනා..
"එපා..හ් මාව දාලා යන්න එපා.."
හැමදාමත් වගේ මගෙ කඳුළු ඒ හිත රිද්දනකොට එයාගෙ ලොකු අතක් මගෙ කොණ්ඩ ගස් අස්සෙන් එහෙමෙහෙ දුව දුව මාව සංසුන් කරන්න දතකෑවා..
"ම්හ්.. මට..හ් මට සමාව දෙන්න එපා කූ.. මට සමාව දෙන්න එපා.."
"මොකක් කරාටද මහත්තයෝ.. ඇයි මේ??"
"කිසිමදේකට.. මේ කරන කිසිමදේකට මට සමාවක් දෙන්න එපා මැණික.."
නෑ හ්‍යොං එපා.. ඔයා කවදාවත් මෙහෙම දුර්වලයෙක් වෙලා හිටියෙ නෑ... ඔයා හිත හයිය මහ නපුරු කොල්ලෙක්නෙ.. මං ආදරේ උනේ ඒ කොල්ලටනෙ... කෝ ඒ නපුරුකම්.. අනේ මෙච්චර වෙනසක් මට එකපාර උහුලගන්න බෑ මැණික.. මං හින්දා දුර්වලයෙක් වෙන්න එපා.. මං මේ පුරෝගෙන තියෙන පව් ඕනෙවටත් වැඩී රත්තරන්.. තවත් නම් බෑ..
මං ඒ පපුව මැද්දට තොල් තද කරාම එයා මගෙ ඔලුව අතගගාම නළල කෙළවරකට බර හාද්දක් තිබ්බා..
"මගෙ වස්තුව.."
"ම්ම්..."
"මගෙ මැණිකට පුළුවන් ද දෙයියෝ මාව අමතක කරන්න..."
අනේ මාව පිච්චිලා ගියා.. මොනවද රත්තරනේ මේ අහන්නෙ.. මං කොහොමද ඊට පස්සෙ හුස්මක්වත් ගන්නෙ... මට ඇඬුනා.. ඒ පපුව මැද්දෙ දත් පාරවල් හිටිනකල් හපාගෙන මං ඉකිගගහා ඇඩුවා..
"බෑහ්.. මට බෑ..."
දාලා යන්න හදන්නෙ කියලනම් කියන්න එපා රත්තරන්.. මෙහෙමම හුස්ම යයි මගෙ..
"ඔයාගෙ ජීවිතේ තව එහෙම්මමයි කූ.. මගෙ මත්තෙ එල්ලිලා ඉදලා ඔයාට ලැබෙන දෙයක් නෑ වස්තුවේ.. අන්තිමට රිදෙන හිතක් එක්ක ජීවිත කාලෙම හූල්ලන්න වෙන්නෙ... මගෙ පව්වලට ඔයත් කරගහන්න එපා මැණික.. දැන් ඇති.. දැන්වත් අපි නවතිමු..."
"නෑ එපා.. මාව දාලා යන්න එපා..හ්..."
මං ඇඬුවා.. කතාකරගන්න තියා හුස්මක් ඇදගන්නවත් බැරි වෙනකල්ම මං ඇඬුවා... මගෙ නළල මැද්දට පපුව හෙල්ලෙන තරමෙ බර හාද්දක් තවරපු එයා කවදාවත් දැකලා නැති තරමෙ වේදනාබර මූණක් එක්ක මං දිහාවට ඇස් තියන් ඉදලා වැටෙන මහ කප්පරක් කඳුළු හංග හංග කාමෙරෙන් එළියට ගියා.. මං කෑගගහා අඬද්දිත් හිතක් පපුවක් නැති ගානට යන්නම ගියා..
පහුවදා දවසම ගෙව්නෙ හ්‍යොංගෙ ඇස් කෙලවරක තරම් බැල්මක්වත් ලැබුනෙ නැතුව... නුනා ඒ ගැන හිටියෙ ඕනෙවටත් වඩා සතුටින්..
කකුලට අලුතින් බෙහෙත් දාන්න ගියා කිව්වට එයා දුවයි හ්‍යොංවුයි එක්ක දවස තිස්සෙම සොවුල්වල කඩයක් ගානෙම මතක හිටින තරමටම ඇවිදලා තිබුනා... මාව යුනි එකෙන් ගන්න එන්න පවා හ්‍යොංට අමතක කරවන තැනට එයා හ්‍යොංව එයාට ඇබ්බැහි කරවගෙන තිබුනා..
"අප්පා ඔම්මව මේම අඩාගෙන හබුන් කන්න කඩේ ගියා.."
දෝනිට පවා ඔම්මයි අප්පයි එක්ක ගෙවිච්ච සතුටු දවස ගැන කියන්න රස කතා මහ ගොඩක් තිබ්බා.. කෙල්ල ඒ එක එකක් ගානෙම ඇවිත් මාත්තෙක්ක කියෙව්වෙ නුනාගෙ උවමනාවට මිසක් මාව රිද්දන්න හිතාගෙන නොවෙනකොට මං කෙල්ලව හාදුවලින් වහ වහ කඳුළු බෝල හංගාගත්තා..
"කූ අප්පා උයා අඬනෝද?"
"ම්හ්හ්ක්.. නෑ මැණික ඇයී??"
කෙල්ලට මං හැරෙනකොට තේරෙනවා.. පව්..
"අප්පත් දුක ඉතුනම ඕමම දූනිගෙන් මූණ හංගගන්නවා.."
අනේ මං රෝස කැකුළ දෝතටම අරන් ඉඹගෙන ඉඹගෙන ගියා.. මේ පැහිච්ච කෙල්ලට මං මොනවා කියලා රවට්ටගන්නද රත්තරනේ..
"නූමී ඔම්මා ඔයාව හොයනවා අන්න.."
එකපාරම කාමරේට එබුනු හ්‍යොං මට මොකුත් නොකියම කෙල්ලව වඩාගෙන අරන් ගියා.. ඒ ඇස්වල තිබුනෙ සීතල බැල්මක්.. මූණෙ එක හිනා පොදක් නැති තරමටම ඔරවගෙන සැර දදාම කෙල්ලව අරන් ගියා.. ඔයාට මේ එක පාරම මොනවා උනාද වස්තුවේ..
කල්පනා කරන්න තිබිච්ච දාහක් දේවල් එක්ක කොට්ටෙට ඔලුව ගහන් හවස් වරුවම ගෙවපු මං වොශ් එකකුත් දාන් රෑට කන්න ගියේ බඩගින්න දරාගන්න බැරිම තැන.
පඩිපෙලේ බහින්න තව පඩි පහ හයක් තියෙද්දිම නුනාගෙ කෝලම් මට ඈතටම පෙනුනා..
හ්‍යොංගෙ පුටුවට එහායින් තිබුනු පුටුව අරන් හ්‍යොංට ඕනෙවටත් වඩා ලං කරගෙන ඔහේ එහෙන්මෙහෙන් අනන බත් චුට්ට චුට්ට එයා හ්‍යොංගෙ කටට එබුවා..
ඒ අස්සෙන් අකුරක්වත් මිස් නොකර ලොකු රස කතාවකුත් කියෙව්වා. හ්‍යොං බත් ටික ගිල්ලෙ නොකා බැරිකමට.. ඒ ඇස් පවා මහ මහන්සි පාටකට හැරිලා තිබුනෙ.
පව් ඕක රසට ඇනුවනං බඩ පිරෙන්න කයි.. මේසෙට ඔලුව ගහන් පොඩි එකෙක් වගේ කටට ඔබන අමු බත් ඔහේ ගිලදාන එයා දැක්කම මගෙ පපුවත්තෙක්ක පිච්චිලා ගියා..
"ඇති සූ..."
"අනේ කන්නකෝ බබා.. ඔයාට මං කවද්දි තමයි කන්න බැරි..."
නූනා තව මොනවත් කියන්න කලින්ම එයා චොප්ස්ටික් අතරෙ හිරවෙච්ච බත් ගුලිය එහෙමම කටට ඔබාගෙන හපන්නෙවත් නැතුවම ගිල්ලා.. නුනා ලෝකයක් දින්න තාලෙට ඒ ලස්සන මූණ මැද්දට මහ අප්‍රසන්න හිනාවක් නග්ගගෙන මගේ දිහාවට හැරුණා..
"දන්නවද මිනී ඊට පස්සෙ අර ජරා මිනිහා හින්දා හරුයි චෝයියි ඩිවෝස් උනා.. පොඩි දරුවා අඬලා අඬලම අසනීප වෙලා මැරිලා ගියා.."
ඒ කිව්වෙ කාගෙ දරුවෙක් ගැන උනත් මට කකා හිටපු බත් ටික පවා හිර වුණා.. එයා ඒ කරන්නෙ තර්ජනයක්ද එහෙම නැත්තන් ඇත්තටම වෙච්ච සිද්ධියක් කියනවද කියලා හිතාගන්න බැරුව මං පපුව අතගාගන්න ගමන් හිමීට කැස්සා...
හ්‍යොං කලබල මූණක් එක්ක එක තප්පරේට වතුර වීදුරුවක් අතට මිරිකගත්තත් නුනා දිහා බලලා හිමීට ඒකෙන් උගුරක් දෙකක් බීලා අහකබලා ගත්තා.. ඒත් ඒ ඇස් තෙත පාටින් දිළිසුනා..
මේසෙ කෙලවරක ජින් හ්‍යොංගෙ උදව්වෙන් සුප් කෝප්පයක් බිබී හිටපු නම්ජූන් හ්‍යොං පවා ඒ කතාවට මූණ අමුතුවට හදාගත්තා.
"මිනී කන්න ආවානං විකාර නොකර කනවා.."
බැරිම තැන වෙන්න ඇති ජුනී හ්‍යොං එයාට සැර දැම්මා.. එයාටත් තේරෙන්න ඇති මෙතන ඕන්නැති කතාවක් වෙනවනෙ කියලා..
"හ්හම්.. හ්‍යොං මේ අපි සැටඩේ හවස යන්න කියලා බැලුවෙ..."
දෙයියනේ මට දෙවනි වතාවටත් හිර වුණා.. රිදෙන පපුව එහෙමම ගල් ගැහෙද්දි කම්මුල් තෙමාගෙන ගලපු කඳුළු බත් එකටම වැටුනා... අනේ රිද්දද්දි තව තව උහුලන්න කිව්වට මං තව කොහොම කොච්චරක් කියලා උහුලන්නද මැණික..
"මාත්තෙක්කම යං මිනී.. තව සති දෙක තුනකින් මට යන්න පුළුවන් වෙයි.."
ජින් හ්‍යොං පවා ඔලුව වනද්දි ජුනී හ්‍යොං කේන්ති කටහඬ නැති කරන් ආදරේ පාටටම කියෙව්වා..
"සූට හදිස්සි වැඩක් තියෙයිලු හ්‍යොං..."
"හදිස්සි වැඩක්නම් එයාට යන්න කියන්න. උඹ මාත්තෙක්ක මිසක් කොහෙවත් යන්නෑ.. උඹ ජීවිතේට තර්ජන තියන මිනිහෙක් මින්සු. මට ජන්වූන්ව වගේ උඹවත් නැති කරගන්න බෑ.. සූමිනා ඔයාට යන්න ඕනෙනම් මං ඇරේන්ජ් කරලා දෙන්නම් හැමදේම.."
ජුනී හ්‍යොංගෙ ස්ථීර කටහඩ ඉස්සරහා හ්‍යොං පවා කටඋත්තර නැතුව බිම බලාගද්දි ජින් හ්‍යොං එක සීරුවට නම්ජූන් හ්‍යොංගෙ හැඩිදැඩි අත දිගට අතගෑවා..
"අහ් මේ.. න්නැහ්.. නෑ ඔප්පා මාත් ඔයාලත්තෙක්කම යන්නම්.."
අන්තිමට නුනාගෙ කටින් හෙමීට මිමිණුනා.. ඔව් එයා කපටියි.. ඕනෙවටත් වඩා...
"මට ඇති. මං රූම් එකට යනවා හ්‍යොං.. සූ ඔයා කාලා එන්න."
මං මෙතන ඉන්නවද නැද්ද කියලවත් වගක් නැති ගානට එයා අනිත් අයට කතාකරගෙනම යන්න හැරෙද්දි බත් කටවල් පහ හයකට වඩා කාලා නැති එයාගෙ පිඟාන එහෙමම මේසෙ කෙලවරකට තල්ලුවෙලා ගියා..
"මිනීහ්... ඔයාට දෙයක් අමතක වුණා ලව්.."
"මට ඩෙසට් එපා.."
"යා.. මේ ඔයාගෙ රසම රස ඩෙස්ට් එක බබා.."
අපි ඔක්කොම ඉස්සරහා නුනා තොල් උල් කරන් එයාගෙන් හාද්දක් ඉල්ලද්දි අනේ ඒ ඇස් ගැස්සුනා.. පුටු ඇන්ද කිටිකිටියෙ මිරිකගෙන මං දිහාවට හොරෙන් ඇස් පා කරද්දි පිච්චෙන පපුව රහසින් අතගගා මං බිම බලන් තොල් හැපුවා..
"රූම් එකට ආවම දෙන්නම්..."
මගෙ අතේ තිබුනු චොප්ස්ටික් දෙක එහෙමම බිම අතෑරුනා.. ඔය අතට අහුවෙන එකකින් ඇනලා දාලා මාව මෙහෙමම මැරුවනං මට මීට වඩා සැනසිල්ලයි රත්තරන්..
"ම්හු... බෑ බෑ මං කාලා එද්දි ඔයා දොයියයි.."
නුනාට ඕනෙ මගෙ ඉස්සරහදිම හාද්දක් ගන්න. ඒක අර නූමිට උනත් තේරෙන කතාවක්...
"විකාර කරන්න එපා සූ.."
නුනාගෙ මූණ තප්පරේට ඇද වුණා... එකපාරම මවාගත්තු හදිස්සියකින් මගෙ දිහාවට හැරුණු එයාගෙ අතේ වැදිලා වතුර වීදුරුව කෑම එක උඩට අතෑරෙද්දි හ්‍යොං පපුව පිච්චෙන තරමෙ බර හුස්මක් පාතට දැම්මා..
මගෙ ඇස් ඉස්සරහම තප්පරේකටත් අඩු කාලෙකින් එයාගෙ තොල් නුනාගෙ කම්මුලක තැවරීගෙන යද්දි මං කිසි දෙයක් නොදැක්ක ගානට වතුරෙන් පෙඟුනු බත් තලියක් අතින්ම අරන් කටට ඔබාගත්තා.. කට දිගට පෙරුණු දියබත්වලින් කඳුළුවල ලුණු රස ඕනෙවටත් වඩා දැනෙද්දි රිදෙන්න තොල් හපාගෙන මං පණ අදින ගානට හීල්ලුවා..
හ්‍යොං වචනයක්වත් නොකියා වෙව්ලන ඇඟිලි තුඩුවලින් බරට අරගත්තු එයාගෙ ඉතුරු කරපු බත් එක මගෙ ඉස්සරහින් පොළේගහන ගානට අතෑරලා මගෙ බත් එක එහෙමම අරන් ගිහින් සින්ක් එකටම හැලුවා.. ඊට පස්සෙ තවත් එතන ඉන්න වද නොව්නු එයා හුස්මක් ගන්නවත් නොනැවතී අපි ඔක්කොටම රවාගෙන එහෙමම කාමරේට ගියා..
"කුකී මං ඔය ටික කන්න අනේ හිටියෙ.. එයා ඉතුරු කරපුවනෙ.. ඔයා ඕක කන්න එපා අලුතින් එකක් බෙදාගන්න... අහ්.. කෝ ඉන්නකො මං බෙදලා දෙන්න..."
නුනා එකපාරම හරි හදිස්සි අනුකම්පාවක් මවාගත්තා.. මං දන්නව ඔයා ඕකෙන් එක කටක්වත් කන්නෙ නෑ නූනා.. ඔයා එයාට එච්චරක්වත් ආදරේ නෑ.. මට රිද්දන්නනෙ ඔයා ඔහොම කරන්නෙ ඔය..
"එපා නූනා මට ඇති.."
පපුව ගිනිඇරන් ඉද්දි බඩගින්න මොකට නිවාගන්නද?? මං එහෙමම නැගිටලා අත හෝදන් ඇවිත් ගාඩ්න් එක කෙලවරට ඇදුනා..
පොන්ඩ් එක ඉස්සරහා තිබුනු බෙන්ච් එකේ ඉදන් අහසට ඇස් තියාගෙන හිත වෙන කොහෙදෝ පාකරවන්න දැගලුවත් හ්‍යොංගෙ තොල් නුනාගෙ කම්මුල් අස්සෙ දැවටෙනවා මැවි මැවී පේන්න ගද්දි මං දෝතින්ම ඔලුව බදන් ඉකි ගගහා ඇඩුවා.. කමක් නෑ ඔයාට හේතුවක් තියෙන්න ඇති.. මොන දේ උනත් මං ආදරෙයි වස්තුවේ...
"කූ..."
කොච්චර වෙලාවක් ඇඬුවද කියලවත් නිනව් නැතුව ඔහේ ඇස් පියන් හිටපු මං හොබීගෙ කටහඩට ගැස්සුනා...
"යං කොල්ලො ඇතුළට.."
"බෑ.. මට බෑ හොබී... මට..හ් මට කියන්න එයා මේ බොරුවක් නේද කරන්නෙ? හෙට මගෙ බර්ත්ඩේ එක හින්දා මාව සප්‍රයිස් කරන්න නේද මේ රඟපාන්නෙ??"
ඒ වචනෙට දෙකට ඇස්වල කඳුළු පුරෝගත්තු හොබී මං අස්සෙම ගුලි ගැහිලා ඉදගෙන මගෙ දෑතම ඒ අත් අතරට අරන් හිරට බදාගත්තා.. ඇත්ත හෙට මගෙ උපන් දිනේ... මොන දේ ඇස් පනාපිට සිද්ධ උනත් මං හිත හදාගත්තෙම ඒ හින්දා.. සමහරවිට මේ එයාලගෙ ප්ලෑන් එකක් වෙන්න ඇති..
"එයා මාව සප්‍රයිස් කරන්න රඟපානවා හොබී.. පව් මං හිතින් බැන්නත්තෙක්ක කරන මොට්ට වැඩවලට.. බනින්නැතුව පුළුවන්ද එයා නූනවත් කිස් කරා මගෙ ඇස් ඉස්සරහම... ඒත් එයා කොහොමද.. යා... ඔයා නේද එයාට කිව්වෙ හෙට මගෙ බර්ත්ඩේ එක කියලා... නැත්තන් ටේ හ්‍යොං කිව්වද දන්නෙත් නෑ..."
"අනේ රත්තරනේ.."
හුස්මක්වත් නොගෙන දිගටම කියවන් යද්දි හොබී මාව පපුවට තුරුල් කරන් සද්දෙට කෑගැහුවා.. ඒ ඇඟිලිතුඩු හරි සීරුවට මගෙ කෙස්ගස් අතරින් එහෙමෙහෙ වුණා..
"දෙයියන්ගෙ නාමෙට හුස්මක් අරන් සන්සුන් වෙයන් කුකී... මොකා මොන මඟුල කරත් උඹත්තෙක්ක අපි ඉන්නවා.. අනේ අපි ඉන්නවනෙ බං... අපි උඹට ආදරෙයි රත්තරන්.. ප්ලීස් ආයෙත්නං අසනීප වෙන්න හිතන්නවත් එපා කූ..."
මෙච්චරක් දේවල් කියද්දි කඳුළු හංගන් හිනාවෙනවා ඇරෙන්න මං වෙන මොනව කරන්නද.. උදේ රෑ නැතුව අඬලම දැන් මහන්සියි මට.. දාහක් ජාති හිත හිත හොබීගෙ පපුව අස්සෙම ඔලුව ඔබන් ඉදපු මට එහෙමම නින්ද ගියා..
"යා.... සෙංඉල් චුක්කාහේ කුකී.. නෝමු නෝමු සරංහේ.."
හොඳ උණුහුමට ඇදේ ගුලි ගැහිලා නිදන් හිටපු මං මහ කෑගැහිල්ලකට පස්සෙ ගැස්සිලා ඇස් ඇරියා.. නින්ද යද්දි හොබීගෙ තුරුලෙ හිටියත් මං ඇහැරුනේ ඇදේ කොට්ට මහ ගොඩක් මැද්දෙ.. වෙනදා ජිමින් හ්‍යොං ඇද හදන විදිහටම මාව මැදි වෙන්න කොට්ට තොගයක් වට කරන් ඇද හදලා රස්නෙට බ්ලැන්කට් එකක් පොරවලා තිබුනා.. අනේ ඒ එයාද??
"යා.. සෙංඉල් චුක්කාහේ ජන්කුකා.."
හොබී කන ලඟටම ඇවිත් සද්දෙන් කෑගැහුවා.. ටේ හ්‍යොං ජින් හ්‍යොං සුගා හ්‍යොං මේ ඔක්කොමලා රසපාට කේක් ගෙඩියකුත් උස්සගෙන රූම් එකටම ඇවිත්... අනේ මට ඕනෙම ඇස්දෙක පේනමානෙකවත් නැතිකොට පපුව පිච්චිලා ගියත් හිත හයිය කොල්ලෙක් වගේ මං හැමෝටම සතුටු හිනාවක් දැම්මා..
"පහළට යමුද නම්ජුනී බලන් ඉන්නවා විශ් කරන්න.."
අනේ මේ රෑ දොළහා වෙනකල් අච්චර අසනීප මනුස්සයෙක්වත් ඇහැරවගෙන තියාගෙන මොනවා කරනවද දෙයියනේ මේ කෝලම් මළු ටික..
සමහරවිට එයත් ඇති... පහළට බහින පඩියක් ගානෙම හිත එහෙම කෑගහද්දි සමාව ඉල්ලගෙන උම්මා මහ ගොඩක් දෙන එයාව මං හිතිනුත් මවාගත්තා.. අශ්.. දෙන්න හොඳ නෑ සමාව.. මාව කොච්චරනං ඇඬෙව්වද නපුරා..
බලාපොරොත්තු මහ ගොඩක් පුරෝගෙන එයා දකින්න ආසම හිනාව මූණට අරන් පහළට ආවත්... නෑ එයා නෑ... සෝපා එකේ කෙලවරක සතුටු හිනාවක් එක්ක ඉදගෙන හිටියෙ ජුනී හ්‍යොං විතරයි...
"හැපි බර්ත්ඩේ කුකී.."
"තෑන්ක් යූ හ්‍යොං..."
"යා.. එන්න කෝ කේක් කපමු..."
අනේ එයා නැතුව..? පව් මගෙ හිත නොසෑහෙන්න කෑගැහුවා...
"ඉක්මනට කපමු කුකී... පුදුම අමාරුවකින් ඕක රැකගෙන තියාගත්තෙ මේ සාගතකාරයන්ගෙන්.."
"ආ.. කවුද දන්නෑ ඇඟිල්ලෙන් ඇනලා චුට්ට චුට්ට කෑවෙ.. මේ පැත්තෙම මේ පුල්ලි පුල්ලි තියෙන්නෙ එයා ඇන ඇන කාලා කූ..."
ටේ හ්‍යොංගෙ හොර වැඩ හොබී එක හුස්මට කියවන් යද්දි කේක් එක පුරා තියන පුල්ලි දැකපු ජින් හ්‍යොං ආවේස වෙන්න ගත්තා..
"යා... මොළයක් කියලා කලදක් නැද්ද.. මං කොච්චර මහන්සි වෙලාද ඕක හැදුවෙ.. බර්ත්ඩේ කේක් ඔහොම හොරෙන් කනවද? තමුන්වනම් හදන්න බෑ කිම් ටේහ්‍යොන්.. කසින් කෙනෙක් කියලා කියන්නත් ලජ්ජයි. මොන පෙරේතකමක්ද මේ.. බ්ලා බ්ලා බ්ලා..."
මං ලොකු කේක් කෑල්ලක් කපලා ඒක ජින් හ්‍යොංගෙ කටට ඔබනකල්ම එයා හුස්මක්වත් ගන්න වද නොවී දිගටම ටේ හ්‍යොංට බැන්නා..
"ම්ම්ම්... ඒක රසයි... හැපි බර්ත්ඩේ කූ.."
අන්තිමට හොබීට කව්වපු ලොකු කේක් කෑල්ල ගිලින ගමන් මගෙ කම්මුලක් ඉඹලා හොබී රස පාටට මූණ හද හද කියෙව්වා..
"මොකක්ද මෙතන වෙන්නෙ??"
දෙයියනේ ඒ එයා.. නිදිමත බේරෙන ඇස් චප්ප කර කර අවුල් වෙච්ච කොණ්ඩෙ එහෙට මෙහෙට හදහද එයා සාලෙට එබුනා.. ඒ ඇස්වල ඕනෙවටත් වඩා පුදුමයක් ලියවිලා තියෙද්දි ඇහිබැමි එකට අලවගත්තු මූණ මහ නපුරු පාටට හදාගෙන තිබුනා..
"අද කූගෙ බර්ත්ඩේ එක මිනී..."
නම්ජූන් හ්‍යොංගෙ කටහඩට අපි දෙන්නා දෙමාරුවට ගැස්සුනා.. ඒත් ඒ ඇස්වල තිබුනෙ මහ සීතල බැල්මක්..
"අහ්.. ඕකේ සොරි ෆෝ ඩිස්ටර්බින්ග්.."
අඩුම තරමෙ විශ් එකක්වත් නොකර අපි ඔක්කොටම සැරට රවාගෙන කිචන් එක දිහාවට යන්න ගියපු එයා ආයිත් හැරුනා..
කේක් ගෙඩිය ලඟ ගල් ගැහිලා බලන් හිටපු මගෙ ලඟටම ආව එයා මූණට ඕනෙවටත් වඩා ලඟින් එබීගෙන තප්පර ගානක්ම ඉදලා එකපාරම ලොකු කේක් කෑල්ලකුත් කටට ඔබාගන්න ගමන් හැරිලා යන්න ගියා.. මොන දේ කිව්වා කරා උනත් ඒ ඇස් කිව්වෙම වෙන කතාවක් වෙද්දි මටත් හොරෙන් මගෙ ඇස් තෙත් වෙන්න ඇරන් තිබුනා..
පහුවදා උදේ යුනි ගිහිනුත් අපි යාළුවොත්තෙක්ක රස කේක් එකක් කැපුවා.. ඒකනම් තනිකරම හොබීගෙ ප්ලෑන් එකක්.. එයාට ඕනෙ මාව සතුටු කරන්න... ඉතිං එයා පුළුවන් හැමවිදිහකටම ඒ වෙනුවෙන් මහන්සි වෙලා තිබුනා..
හරිම සාමාන්‍ය තෑගි තොගයක් අතරින් ජැකීගෙන් හම්බුනු රෝස මල් පිරිච්ච ලොකු චොක්ලට් බකට් එක වෙනමම කැපිලා පෙනුනා... එයා තාමත් මට ආදරෙයි..
ඒ ගැන ලියවෙච්ච චූටි නෝට් එකකුත් ඒත්තෙක්කම ඇමිණිලා තිබුනා. ආසාවෙන් දුන්නු තෑග්ගක් ආපහු හරවලා යවන්න බැරිකමටම ඒක ගත්තත් හ්‍යොං ඕක දැක්කොත් මොනවා නොහිතයිද කියන එක ගැන මගෙ හිත නොසෑහෙන්නම වද වුණා..
"කූ අප්පා..."
ගෙට ගොඩවෙද්දිම කොහෙදෝ ඉදන් කෑගහගෙන දුවන් ආපු කෙල්ල අර ආදරේ හිතෙන බබාලගෙ සුවඳ විහිදුවගෙනම මට තුරුල් වුණා..
"ඇපි බ..ත්දේ කුකී අප්පා.. සලංහේ.."
"නාදෝ සරංහේ සුදු මැණික..."
"කූ අප්පට ගිප්ට් එකක් තීනවා..."
කෙල්ල උස්සගන්න බැරි තරමෙ ලොකු බෑග් එකක් හරි අමාරුවෙන් අණ්ඩක කෙලවරකින් උස්සගෙන බිම දිගට ඇදන් ආවා..
"අම්මූ.. බලම බලයි ඒක.. අප්පට මං කිවුවා දූනිට අලන් නන්න බෑ කීලා. කෝ කීන දේ අහන්නෑනෙ නූටියා..."
අනේ ඔයා තෑගිත් ගෙනත් මහත්තයෝ...
මේ බෑග් එකේ මුකුත් නැතුව හිස් තිබ්බත් මට මේක මහමෙරක්...
(මොනාත ජිමිනා දෙන්න ඇත්තෙ බර්ත්ඩේ බෝයියට 🤭)
****************************
"මම කොහොම විස්තර කරන්නද
හදවත පුරා පැතිරෙන ඒ වේදනාව
මගෙ නමින් තිබුන හැම හාදුවම
මගෙ ඉස්සරහා නූනට ලැබෙද්දි
පොඩ්ඩක්වත් මම ගැන හිතුන්නැද්ද රත්තරන්
මට ලැබුන හැම උණුසුම් වෙලාගැනීමක්ම
මගෙ ඉස්සරහම නූනට ලැබෙද්දි 'අනේ පපුව පැලිලා මාව මැරිලා ගියානම්' කියලා නොහිතුනාම නෙවෙයි
අඬන දෝණිව පපුව අස්සෙ හංග ගද්දි
'ඔයාගෙ මේ මලත් අඩනවනෙ හ්‍යොං කියලා
දුවන් ගිහින් බදාගන්න නොහිතුනාම නෙවෙයි
මගෙ ඉස්සරහම ඔයා වෙන කෙනෙක්ට අයිති වෙලා
කමක් නෑ හ්‍යොං
'ඔයාගෙ මරණෙත් මම දරාගත්තනෙ' කියලා රිදෙන පපුව අතගගා මම මාවම සැනසුවා රත්තරන්
ඒකපාර්ශ්වික ආදරේ දන්නේ ඒ ආදරවන්තයෝ විතරයි හ්‍යොං "
White__Lilly මේක මේ චූටි පැට්ටගෙන්.. ලස්සනයි නේද 🥺🙈🥰❤️
ඔයාලා මෙහෙම එව්වා එවද්දි මට හුඟක් සතුටුයි අනේ.. 🥺 ආදරෙයි බබූ 🥰❤️❤️
****************************
සමාවෙන්න පැටවුනේ.. 😔
මං හොඳටම පරක්කුයි.. මං දන්නවා ඒක...
මගෙ යාළුවෙක් නැති උනා බබාලා.. ඉතිං වචනයක්වත් ගලපගන්න මූඩ් එකක් තිබුනෙ නෑ..
අද කොටසත් මට ෆිට් නෑ... අද දෙන්නම්ම කියලා කීපදෙනෙක්ටම පොරොන්දු උන හින්දා හදිස්සියෙන් ටයිප් කරන් දුවන් ආවෙ.. සොලී 🥺🥺
පරිස්සමින් ඉන්න මගෙ මැණික් කැට ටික.. ආදරෙයි 🥺🥰❤️