HIDDEN DEVILS 😈🔎 (Completed...

kaushi_vi_ed

100K 16.7K 5.7K

Mafia King Master Leo. Detective sean... Two Dominants.. Еще

intro 😈
😈 chapter 1 😈
😈Chapter 2😈
😈Chapter 3 😈
😈 chapter 4 😈
😈chapter 5😈
😈chapter 6😈
😈Chapter 7😈
💥spoiler chapter 💥
😈chapter 8😈
😈chapter 9😈
😈chapter 10😈
😈Chapter 11😈
😈chapter 12😈
😈chapter 13😈
😈chapter 14😈
😈chapter 15😈
😈chapter 16😈
😈chapter 17😈 🔞
😈chapter 18😈
😈chapter 19😈
😈Chapter 20😈
😈chapter 21😈
😈Chapter 22😈
😈chapter 23😈
😈chapter 24😈
😈chapter 25😈
😈chapter 26😈
😈Chapter 27😈
😈Chapter 29😈 🔞
😈Chapter 30😈
😈Chapter 31😈
😈Chapter 32😈
😈Chapter 33😈
😈Chapter 34😈
😈Chapter 35😈
😈Chapter 36😈
😈Chapter 37😈
😈Chapter 38😈 🔞
😈Chapter 39😈
😈Chapter 40😈 (THE END)

😈Chapter 28😈

1.9K 379 93
kaushi_vi_ed

Chapter 28

👈

"ආශිගේ වැඩේ ඉවරයි ජාන්.. මිස් ලීසා ලෑස්තිද.... ?? "

යිබෝ ඇහුවේ කට කොනකින් හිනා වෙලා...

"හෙට රෑට හම්බෙමු ආශි..... "

ජාන් එයාගේ සරාගී ගෑනු කටහඬින් කිව්වේ යීබෝගේ මූණට හිනාවක් එද්දී..

"I' m waiting Miss Lisa.... "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

පසු දින උදෑසන.....

.
.

"Good Morning Ashi sir... "

"Good Morning Beauty... ඇයි මේ අද හොටෙල් එකේ හැමෝම බිසී වෙලා... "

"මේහ්.. අද පොඩි පාටි එකක් තියෙයිනේ සර්.... "

යීබෝ හිටියේ reception එකේ... staff එකේ හැමෝම එහෙ මෙහෙ දුවනවා.. හොටෙල් එකේ තිබුනේ කලබලයක්..

"ඒක ආශි සර්ට වැඩක් නෑනේ... "

"ඒ ඒ බියුටී... මාත් මේකේනේ ඉන්නේ කියන්නකො.. "

"ඒක Annual party එකක්.. රහසෙන් කරන්නේ ආශි සර්.. ඒකට එන්නේ ගොඩක් සල්ලි තියෙන ලොකු ලොකු අය.. අපේ මැනේජර් සර් කරන්නේ.. ප්‍රධාන වෙන්නේ drugs... "

ඒ කෙල්ල කියද්දී යීබෝ අනිත් පැත්ත හැරිලා කට කොනකින් හිනා උනා..

"බියුටී.. මගේ නමත් දාන්න... payment කොහොමද... ?? "

යීබෝ කියද්දී ඒ කෙල්ල හිටියේ බය වෙලා බලාගෙන...

"එතන්ට යන එක භයානකයි ආශි සර්.. ඒක එච්චර හොඳ තැනක් නෙමෙයි.. අනික හැමෝටම ඒකට යන්න බෑ.. tickert issue කරන්නේ dark web එකෙන්... "

යීබෝ ජාන් එක්ක කතා වෙලා තිබුන විදිහට ජාන් එතන්ට ගියත් යීබෝ යන්න නෙමෙයි හිටියේ.. එකක් ආශි විදිහට tickert අරන් ඒක ඇතුලට යන්න බෑ... මොකද ආශිව හැමෝම දැන් දන්නවා... ලියෝ විදිහට යන්නත් බෑ...

අනික ඒක තිබුනේ හොටෙල් එකේ down floor එකේ.. රහස් හෝල් එකක.. ඒ වගේම මාකෝ දීපු මැප් එකේ හැටියට high security area එකට යන්න තියෙන්නේ එතනින්..

ඉතින් ඒකට ලේසියෙන්ම යන්න පුලුවන් එකම දවස අවුරුද්දකට සැරයක් තියෙන මේ පාටි එක විතරයි.. යීබෝ හිටියේ system hack කරන්න.. ජාන් තමයි ඇතුලට යන්න ලෑස්‍ති වෙලා හිටියේ..

ඒත් දවස් පහකින් ජාන්ව දැකලා නැති නිසා යීබෝට ඒකට යන්නම ඕනි උනා.. අනික මොනා උනත් ජාන්ව ඇතුලට යවන්න යිබොගේ හිතේ තිගැස්මක් තිබුනා.. මොකද ජාන්ට තාම ලොකු පුහුණුවක් තිබුනේ නෑ..

ඒ නිසා ඒකට කලින් යීබෝට ජාන්ව හම්බෙන්නම ඕනි උනා...

"මිස් බියුටී... මට බැරිද ඔයාලගේ staff එකේ කෙනෙක් විදිහට ඇතුලට යන්න..."

"ආ යූ ක්‍රේසි ආශි.. ඒක යන්න හිතන්නවත් හොඳ තැනක් නෙමෙයි... "

"බලන්න විතරයි.. ගියා ආවා.. ප්ලීස්.. "

යීබෝ කියලා කියලා කොහොම හරි කෙල්ලගෙන් staff ඉන්න අයව අහගත්තා.. ඒ හිටපු ඔක්කොම හොටෙල් එකේ room boysලා.. ඉතින් යීබෝ ගිහින් උන් එක්ක කොහොම හරි කතා කරලා කරලා ටික වෙලාවකට ඇතුලට යන්න අවසර ගත්තා..
ඒ waiter කෙනෙක් විදිහට...

හවස් වෙද්දී හොටෙල් එකේ පිටින් සාමාන්‍ය උනත් ඇතුලෙන් තිබුනේ යුද්ධයක් වගේ.. අනික ලෝකේ තියෙන හොඳම වාහන වලින් එක එක මිනිස්සු හොටෙල් එකට ආවා...

මේ අතරේ යීබෝ waitersලා එක්ක උන්ගෙ පස්සෙන් ගියේ SilverRay hotel එකේ down floor එකට... ඇත්තටම ඒක ඇතුල වෙනම ලෝකයක් වගේ උනා...

මේ වෙද්දී තවමත් හරියට සෙනඟ හිටියේ නෑ... මුලු හෝල් එක පුරාම ඇස් කඩාගෙන යන එලි තිබුනේ night club එකකටත් වඩා සැරට.. මැද තිබුන disco ball වල එලිය තව තව ඇස් වලට අමාරු වෙද්දී ඇතුලට ගිය වෙලේ ඉදන් යීබෝ හිටියේ අමාරුවෙන්..

ඒ වගේම LSD music track වට පිටෙන් play වෙනකොට drugs නැතුවම දැනුනේ වෙනමම ලෝකෙකට යනවා වගේ..

යීබෝ බාර් එක ලඟ තියෙන ස්ටූල් එකේ වාඩි උනේ ඔලුව කැරකිල්ල වගේ එද්දී ඇගිලි දෙක නලලෙන් තියාගෙන..

"ආශි.. අමාරුයිද.. දැනටම මෙහෙම නම් තව ටිකකින් තව අමාරු වෙයි.. ඒකනේ කිව්වේ.. එලියට යන්න.. "

Staff එකේ කෙනෙක් කිව්වත් යිබෝ ඔලුව හොල්ලලා ශේප් කියලා කිව්වා.. ටික ටික යීබෝගේ ඇස් ඒ එලි වලට හුරු උනා.. වෙලා යන්න යන්න හෝල් එක සෙනඟ පිරෙද්දී එක එක විදිහේ drugs වර්ග එහෙ මෙහෙ මාරු වෙන්න ගත්තා.. යීබෝගේ ඇස් තිබුනේ phone එකේ..

"I'm at SilerRay.. "

යීබෝට ජාන්ගෙන් massage එක එද්දී යීබෝගේ ඇස් හෝල් එක පුරාම එහෙ මෙහෙ ගියා.. ටිකකින් යීබෝ දැක්කේ කලු පාට කොට ගවුමක් ඇඳලා high heels දාලා දොර පැත්තේ ඉඳන් ඇතුලට එන ජාන්ව.. යීබෝගේ මූණට ලා හිනාවක් ආවා...

ජාන් ගිහින් වැඩි සෙනඟක් නැති හරියකින්  වාඩි වෙද්දී යීබෝ වයින් ග්ලාස් එකක් tray එකක් තියලා හෙමීට ජාන් ලඟට ගියේ පිටිපස්සෙන්..

මිනිස්සු හැමෝම උන්ගේ ලෝක වල.. මුලු හෝල් එකේම තිබුන සැර ගඳ ඇත්තටම ඔලුව කැක්කුම හදන්න තරම් අමාරු උනා..   යීබෝට ඕනි උනේ ඉක්මනට ජාන්වත් මෙතනින් යවලා එයාටත් එලියට යන්න..

මොකද දැනට මෙතන සාමාන්‍ය උනත් තව ටිකකින් මේ මිනිස්සු ඔක්කොම තිරුසන්නු වගේ වෙනවා..

"Hello Miss... "

යීබෝ ජාන්ගේ පිටිපස්සෙන් ගිහින් කනට කරලා අහද්දී ජාන් ගැස්සිලා ගියා.. යීබෝ කට කොනකින් හිනා වෙලා.. ජාන්ගේ ලඟින් vine glass එකක් තියලා ඇහැක් ගහගෙන එතනින් එහාට ගියා..

ජාන් වයින් glass එක ගද්දී දැක්කේ තිබුන tissue එක.. ඒකේ මොනා හරි ලියලා තියෙයි කියලා දැකපු නිසා ජාන් ඒක අරන් බැලුවා..

"Don't drink.. Fallow me.. "

ඒක දකිද්දී ජාන්ගේ මූණට කට කොනකින් හිනාවක් යද්දී යීබෝ දිහා බැලුවා.. යීබෝ ජාන් දිහා බලලා ලා හිනාවක් දාලා wash room එක පැත්තට යද්දී ජාන් දැනටමත් මත් වෙලා හිටපු මිනිස්සු අස්සෙන් wash room එක පැත්තට ගියා..

ජාන් wash room එකේ දොර ලඟට යනවත් එක්කම ජාන්ව එහෙන්ම ශක්තිමත් අතකින් ඇඳලා අරන් බිත්තියට හේත්තු කරවද්දී ජාන්ට හිතන්නවත් වෙලාවක් නොදී එයාගේ තොල් තව තොල් දෙකක් අතර හිර උනා.. ඒ සුවඳ ඒ උණුහුම ජාන් හොඳටම දන්න නිසා ජානුත් ඒ සිපුමට එකතු උනා..

දවස් පහකින් හම්බුන මේ පහස යීබෝව උමතු කරද්දී සිපුම වේගවත් උනේ ජාන්ගේ නිරාවරණය වෙලා තිබුන කලවා දිගේ යීබෝගේ අත් ගිහින් ජාන්ගේ පිටුපස යීබෝගේ අත් වලට මිරිකෙද්දී..

"ම්හ්ක්..."

ජාන්ගේ පාලනයත් නැති වෙලා ගිහින් ජාන්ගේ අත් යීබෝගේ ඇඟපුරා දිව්වේ එයාලා ඉන්නේ කොහෙද කියන එකත් අමතක කරවලා..

පියාගෙන හිටිය ඇස් එක තප්පරේකට ඇරෙද්දී යීබෝ දාක්කේ ඒ පැත්තට එන චෙන්ව..

ඉක්මනින් ජාන්ව තල්ලු කරන් wash room එකක් අස්සට ගිය යීබෝ wash room එකේ දොර වැහුවා..

"Mr.Chen.. මට ඔයාලගේ අලුත්ම drug එක ඕනි.. "

"ඒක තියෙයි සර්.. මෙතන ටිකක් free උන ගමන් මං සර්ව එතන්ට එක්ක යන්නම්.. අපේ high security එකේ තියෙන්නේ.. "

"ම්න් කීයටද... ?? "

"තව පැයකින්.. 12 ට... "

එලියෙන් ඇහුන කටහඬවල් එක්ක යීබෝ බැලුවේ watch එක දිහා.. වෙලාව 10.45යි..

හරියටම පැයයි විනාඩි කාලයි... ඒ එක්කම අඩි සද්ද එලියට යනවා ඇහෙද්දී යීබෝ ලාවට දොර ඇරලා බැලුවේ අනිත් කෙනා කවුද බලන්න..

යීබෝගේ මූණට ආවේ ලා හිනාවක්..

"කවුද...?? "

"ඔටුන්න හිමි කුමාරයා.. "

යීබෝ කියද්දී ජාන්ගේ මූණටත් හිනාවක් ආවා...

"යීබෝ අපිට කාලයක් නෑ.. "

ජාන් කියද්දී යීබෝ එහෙන්ම ජාන්ව තුරුල් කරන් නලලෙන් තොල් තියාගත්තා..

"පුලුවන් කියලා ශුවර්ද ජාන්.. නැත්නම් මේක ඕනි නෑ.. මට ඔයාගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ.. "

"යීබෝ.. ඔයා සම්පූර්ණ system එකම hack කලානේ.. බය වෙන්න එපා.. මං ඉතුරු ටික බලාගන්නම්.. "

"ම්න්... පරිස්සමින්... මතක තියාගන්න ජාන් ඔයා අදෘශ්‍යමානයි කියන එක.. කිසි කෙනෙක්ට ඔයාව පේන් නෑ කියලා හිතාගෙන යන්න.. එතකොට සැක හිතන් නෑ... "

"ම්න්.. යමූ.. විනාඩියත් වටිනවා යීබෝ.. අපිට පැයයි තියෙන්නේ... "

ජාන් කියද්ඩ්ගී යිබෝ ජාන්ගේ නලලින් කිස් එකක් තිබ්බා..

"උබට එක හීරිමක් හරි උනොත් මං උබව මකෝනවා ජාන්.. ඒ නිසා පරිස්සම් වෙයන්."

යීබෝ කියද්දී ජාන් හිනා වෙලා යීබෝ එක්ක එලියට ආවා.. දැන් එලියේ හිටියේ මිනිස්සු නෙමෙයි අමු තිරිසන්නු..

යීබෝගේ ඇස් ගියේ කුමාරයයි චෙන්වයි හොයන්න.. කුමාරයා එක තැනක කෙල්ලො හතර පහක් වට කරන් ඉද්දී චෙන් තව තැනක කෙල්ලෝ දෙන්නෙක් වට කරන් හිටියා..

දැන් උන්ට මෙලෝ සිහියක් නෑ කියන එක දන්න නිසා යීබෝගේ මූණට හිනාවක් ආවා.. ජාන් මේසයක් උඩ තියෙන විස්කි බෝතලයක් ගද්දී යීබෝ ජාන්ගේ අතට earbuds එකක් දුන්නා..

ජාන් යීබෝට ඔලුව හොල්ලලා එක පැත්තකට යද්දී යීබෝ එතනින් එලියට ඇවිත් පුලුවන් තරම් වේගෙන් ගියේ එයාගේ රූම් එකට..

"ආශි.... "

"මගේ ඔලුව කැරකෙනවා හරි අමාරුයි.."

"කිව්වා මං....... "

මූණට හම්බුන staff එකේ කෙල්ලටත් එහෙම කියන් ගිහින් යීබෝ එයාගේ කාමරේට ගිහින් දොර වහලා ලොක් කලා.. පුටුවෙන් වාඩි වෙලා headset එක දාගෙන මේසේ උඩින් ලැප් දෙකක් දිග ඇරගත්තා..

"ජාන්.. හරි... "

යීබෝ කියද්දී ජාන් එයාගේ ගවුමේ එක අතක් ටිකක් පාත් කරලා කොණ්ඩේ අවුස්සන් විස්කි බෝතලෙත් අරන් කාමරේක දොර ලඟින් නැවතුනා..

Control Unit

එහෙම ගහලා තිබ්බ දොර ඇරගෙන ජාන් ඇතුලට ගියේ වෙරිපාටක් අරන්.. ඒක ඇතුලේ හිටියේ මිනිස්සු තුනයි.. ඒක CCTV room එක... ඒ වගේම එතන sound tracking system එකකුත් වෙනම තිබුනා.. ඒකට Analog නොවෙන හැම digital signal එකක්ම අහු උනා.. ඒක ගැන කලින් මාකෝ දැනුවත් කරලා තිබ්බා..

යීබෝට මේක hack කරගන්න පුලුවන් උනත් එහෙම උනොත් සැක හිතන්න පුලුවන් නිසා ඒකට වෙනම plan එකක් ගැහුවා...

"Excuse me... "

ජාන් කියද්දී ඒ හිටපු තුන් දෙනාම ජාන් දිහා හැරිලා බැලුවා..

"මට..... පාර හොයලා දෙනවද.... ?? "

ජාන් සරාගී විදිහට අහද්දී උන් ඔක්කොම ජාන් දිහාට අවදානේ දුන්න..

"ඔහෝ පාර වැරදුනාද... එන්න අපි පාර හොයලා දෙන්නම්.. "

ඒ මිනිස්සු එහෙම කියලා ජාන්ගේ ලඟට ලන් වෙද්දී ජාන්ගේ කට කොනකින් හිනාවක් ආවා.. ඒ සැනින් ක්‍රියාත්මක උන ජාන් එයාගේ අතේ තිබුන පිස්ටල් එකෙන් තුන් දෙනාටම ශූට් කලේ හිතන්නවත් කාලයක් නොදී..

තාක්ශණේ දියුණුයි.. ඒ පිස්ටල් එකෙන් පොඩි සද්දයක්වත් එන්නේ නෑ.. ඒත් බුලට් එක ඇග පසාරු කරනවා.. උන් තුන් දෙනාම එතන වැටෙද්දී ජාන්ගේ කට කොනට ආවේ හිනාවක්...

"යීබෝ.. ok.. "

"ම්න්.. ඕක ලොක් කරලා මාකෝ කියපු wash room එකට යන්න.. ඒකේ ඇඳුමක් තියලා ඇති.. ඉක්මන් කරන්න ජාන්.. "

යීබෝ කියපු එක tracking device එකෙන් ඇහෙද්දී ජාන්ගේ මූණට ආවේ හිනාවක්.. එයා දැනටමත් ඉන්නේ high security area එකේ.. ජාන් දොර වහලා ලොක් කරලා බිත්ති වලට මුවා වෙවී ගිහින් wash room එකට ගියා..

ඒකේ තිබුන ලොකර් එකක මාකෝ ජාන්ට ඇඳුමක් තියලා තිබ්බා.. ජාන් පුලුවන් ඉක්මනට ඇඳුම් ටික ගලවලා දාලා බොරු කොණ්ඩෙත් ගලවලා දාලා අර ඇඳුම ඇඳගත්තා.. ඒ high security area එකේ soldiersලාගේ uniform එක..

ජාන් ඒක ඇඳලා fake Id එක කරේ දාගත්තා.. ID එක කියන්නේ නිකන් කාඩ්බෝඩ් කෑල්ලක්.. photoshop වලින් හැදුවැකි..

ජාන් ඒක දාගෙන පිස්ටල් එක ඉනේ ගහගත්තා.. ලොකු හුස්මක් අරන් එලියට ආවා.. කෙලින්ම යීබෝ කියන විදිහට ඉස්සරහට ගියා.. යීබෝ හිටියේ CCTV වලින් ජාන් දිහා බලාගෙන...

"ඔතනින් වමට.. දොරක් තියෙයි.. එතන ගාඩ් එකට දෙන්නෙක් ඉන්නවා.. මූණුවත් බලන්න එපා ගණන් නොගෙන ගිහින් දොර ඇරන් ඇතුලට යන්න... "

යීබෝ කියද්දී ජාන් ඉස්සරහට ගියා ඒ මිනිස්සු දෙන්නා ජාන්ගේ ID එක දිහා බලද්දී ජාන් ඒක ගණන් නොගෙන නිකන්ම ගිහින් දොර ඇරියා.. ඇතුලේ ජාන් වගේ ඇඳගත්ත අය ගොඩක් හිටියා..

"නවතින්න එපා ජාන්.. කෙලින්ම යන්න.. කාගෙවත් දිහා බලන්න එපා.. කෙලින්ම ඔයා යන්න ඕනි තැන ඔයා දන්නවා වගේ යන්න.. හරි ඉස්සරහා සුදු පාට දොරක් තියෙයිනේ.. එතන්ට යන්න.. "

"එතන ඉන්න උන්ට ලා හිනාවක් දාලා finger print එක තියන්න.. "

යීබෝ කියද්දී ජාන් කෙලින්ම ගිහින් එකෙක්ට ලා හිනාවක් දාලා finger print එක තිබ්බා..

ජාන්ගේ finger print එකට දොර ඇරුනා.. යීබෝ කලින්ම ජාන්ගේ finger print එක system එකට enter කරලා තිබ්බා..

"නවතින්න එපා ජාන්.... යන්න... "

එතන හිටියේ දෙතුන් දෙනයි.. ඒ කාගෙවත් අවදානේ ජාන්ට නොඑන්න ජාන් සාමාන්‍ය විදිහට හෙමින් හෙමින් ඉස්සරහට ගියා..

තනි සුදු පාට හෝල් එකේ ඉස්සරහට යද්දී තව දොරක් ලඟ දෙන්නෙක් හිටියා.. උන් දෙන්නා ජාන් දිහා බැලුවේ පරීක්ශාකාරී බැල්මක්..

"උන් එක්ක හිනා වෙනවා... "

යීබෝ කියද්දී ජාන් ඒ දෙන්නා එක්කම හිනා උනා ඒත් උන් හිටියෙ ජාන්ගේ ID එක දිහා බලන්...

ජාන් දොර අරින්න හදද්දී උන් දෙන්නා ජාන්ව නැවැතුතුවා..

යීබෝ අත් එකට තියාගෙන screen එක දිහා බලන් හිටියේ තිගැස්මකින්..

"මං තමුන්ව කලින් දැකලා නෑ.. "

"මං ආවේ බොස්ගේ වැඩකට... "

ජාන් කියද්දී උන් ලාවට හිනා උනා..

"හැමෝටම මේකට යන්න බෑ... මං බොස්ගෙන් අහන්නම්... "

"How dare you.. බොස් ඉන්නේ වැඩක උබට මැරුම් කන්න ඕනිද... අනික මට ඔහොම කතා කරන්න උබ කවුරු කියලද හිතන් ඉන්නේ බලන් හිටපන්.. "

උන් චෙන්ට කෝල් එකක් ගන්න හදද්දී ජාන් කෑ ගහලා දොරේ ලොක් එක අරිද්දී eyeiris system එකක් ආවා.. ජාන් ඒකට එයාගේ ඇස් අල්ලද්දී door එක නිකන්ම ඇරුනේ එතන ඉන්න අය බය වෙද්දී..

මොකද මේක ඇතුලට යන්න අවසර තිබ්බේ ටීම් එකේ ලොක්කන්ට විතරයි..

"සො.. සොරි සර්.. "

උන් ජාන්ට සොරි කියද්දි ජාන් එතනින් ඇතුලට ගියේ ලා හිනාවක් දාලා...

"Thankz GOD"

යීබෝ කටින් පිට වෙද්දි ජාන් පපුවෙන් අතක් තියාගත්තා...

"ජාන් ලිෆ්ට් එකෙන් යන්න එපා.. පඩිපෙලෙන් යන්න.. මතක තියාගන්න.. එතන ඉන්නේ පස් දෙනයි.. ඒ අය තමුන්ව දකින්න බෑ.. "

යීබෝ කියද්දී ජාන් එතන තිබ්බ පඩිපෙල දිගේ පහලට බැස්සා...

"Hide... "

යීබෝ කියද්දී ජාන් ඉක්මනට බිත්තියට මුවා උනා..

"ඌට ශූට් කරන්න ජාන්.. "

යීබෝ කියද්දී ජාන් හිටපු තැන එක මිනිහෙක් පහු කරද්දිම ජාන් ඒ මනුස්සයාගේ පිටිපස්සෙන් ගිහින් බෙල්ලට ශූට් එක..

ලේ එන්නේ නෑ මැරෙන්නේ නෑ... drug එකක්.. දවසකට සිහි නැති වෙනවා.. සද්දයක් ඇහෙන් නැති ගන් එකෙන් ශූට් කරලා ජාන් ඒ මිනිහාව ඇඳලා බිත්තිය පිටිපස්සෙන් තිබ්බා..

"ජාන්... මතකනේ.. හොඳ හෙවිල්ලෙන් යන්න.. අවදානේ තියාගනින් මහත්තයෝ.. කණු වලට මුවා වෙවී ඉස්සරහට යන්න.."

යීබෝ කිව්වේ ජාන් කණුවකට මුවා වෙලා ලොකර් ලොකර් එක්ක තියෙන හෝල් එක දිහා බලන් ඉද්දී..

"තුන් වෙනි කණුව ලඟට යන්න.. අඩි සද්දෙ ඇහෙන්නේ නැති වෙන්න.... "

යීබෝ කියද්දී ජාන් පුලුවන් ඉක්මනට එතන්ට ගියා.. රබර් අඩි සපත්තුවෙන් සද්දයක් ඇහුනේ නෑ..

ජාන්ගේ ඉස්සරහා මිනිස්සු දෙන්නෙක් හිටියා.. එක්කෙනෙක් ජාන්ගේ පැත්තට එද්දී ජාන් කණුවට මුවා වෙලා ඒ මිනිහා එතන පහු කරනවා එක්කම අතින් ඇදලා අරන් කට වහලා බෙල්ලට ශූට් කරලා සද්දෙ ඇගෙන් නැති වෙන්න හෙමින් බිමින් තිබ්බා..

"ජාන් අනිකත් එනවා... "

යීබෝ කියද්දී ජාන් ඉක්මනට නැගිට්ටා.. ඌ පිස්ටල් එක දික් කරන් ඉස්සරහට ඇවිත් පිස්ටල් එක ජාන්ට දික් කරද්දිම ජාන් පිස්ටල් එක විසි වෙන්න ගහලා උගෙත් බෙල්ලට ශූට් කලා..

මූණට අහු වෙන හැමෝටම එහෙම ගහන් ගිහින් ඉස්සරහා තිබුන දොර ලඟට ගිය ජාන් ඒක ඇරගෙන එක පාරට ඇතුලට ගියා...

"Freeze zhan......... "

යීබෝ කෑ ගහද්දී ජාන් ඒ හිටපු විදිහටම freeze වෙලා වටපිට බැලුවා.. එතන ඉස්සරහා තිබුනේ lacer security system එක.. ජාන්ගේ එක කකුලක් චුට්ටක් හෙල්ලුනොත් ඒකේ වදිනවා.. ජාන් එහෙන්ම ඇස් වහගෙන සන්සුන් වෙලා freeze වෙලාම හිටියා..

යීබෝ ඉක්මනට system එක hack කරලා ඒ lacer එලි ටික අයින් කලා...

ඉස්සරහා තිබුනේ සේප්පුව... ජාන් කෙලින්ම එතන්ට ගිහින් number pannel එක දිහා බැලුවා..

"Don't touch.. wait.. "

යීබෝ කියද්දී ජාන් බලන් හිටියා.. යීබෝ system එක hack කරලා pin එක කඩලා දොර ඇරියා.. ඒක ඇතුලේ තිබුනේ කලු පාට box එකක් එක්ක බෑග් එකක්..

යීබෝ එතන තියෙන security system ඔක්කොම කැඩුව..

"ජාන්.... විනාඩි හතයි තියෙන්නේ බෑග් එක අරන් පුලුවන් ඉක්මනට එන්න.... කා දිහාවත් බලන්න එපා.. කෙලින්ම එන්න...."

යීබෝ කියද්දී ජාන් බෑග් එක අරන් ආපු විදිහටම එලියට ආවා..

"ජාන් උන් එනවා... "

ජාන් හිටියේ 2nd security hall එකේ.. එතනින් එද්දිම යීබෝ කෑ ගැහුවේ ඇගිලි එකට පටලවන් වේගෙන් ඇගිලි වල ඇට ටික කඩන ගමන්..

ජාන් ලොකු හුස්මක් අරන් ඉස්සරහට එද්දී චෙන් එක්ක අනිත් මිනිහා ජාන්ගේ ඉස්සරහින් ඇතුලට එනවා..

ජාන් බෑග් එක අතේ තද කරගෙන මූණ හංඟන් වගේ වේගෙන් එයාලා ලඟින් ඉස්සරහට ගියා..

චෙන්ගේ අවදානේ ජාන්ට යොමු උනේ නැතත් අනිත් මිනිහා ජාන් දිහා බැලුවේ හෝදිසියෙන්.. වෙන කාගෙවත් අතේ බෑග් නැති වෙද්දී ජාන්ගේ අතේ බෑග් එකක් තිබ්බා.. ඒ මිනිහා අවදානෙන් බලද්දී චෙන්ගේ අවදානෙත් ජාන්ට යොමු උනා..

"ඔහොම නවතිනවා... "

චෙන් කියද්දී ජාන්ට දාඩිය දාන්න ගත්තත් ජාන් වෙනසක් නොපෙන්වා චෙන් දිහා බලලා ඔලුව නැමුවා...

"මොනාද බෑග් එකේ... "

"Guns බොස්... "

ජාන් හිතන්නේ නැතුව කෙලින්ම උත්තර දෙද්දී යීබෝ හිටියේ අසූහාරදාහට බය වෙලා..

"මොන...?? "

"Repair කරන්න තියෙන guns.. "

ජාන් කියද්දී චෙන් ජාන් දිහා බැලුවේ පරීක්ශාකාරී බැල්මක්.. ජාන් මූණෙන් කිසි හැඟීමක් නොපෙන්නුවත් ජාන්ගේ කන ලඟින් දාඩිට බිංදුවක් ගලන් ගියා..

"හිතපන් යීබෝ හිතපන්.. "

යීබෝ ඔලුව බදාගෙන මුමුණන සද්දෙත් ජාන්ට හොඳට ඇහුනා..

"කෝ පෙන්නපන්.... "

චෙන් කියද්දී යීබෝ හිටියේ screen එක දිහා බලාගෙන.. ජාන් එහෙන්ම බෑග් එක ගන්න ගමන් එයාගේ ඉස්සරහා තියෙන camera එක දිහා බැලුවා..

ජාන් කැමරා දිහා බලන් ඉන්නවා දකිද්දී යීබෝ ඉක්මනට screen එක ලොකු කලා.. ජාන් ඇස් වලින් උඩ පෙන්නද්දී යීබෝ ජාන් පෙන්නන දිහා බැලුවා..

"ඉක්මන් කරනවා... "

චෙන් කියද්දී ජාන් නැමිලා බෑග් එක හෙමින් අරිද්දීම රතු පාට එලි එක්ක main alarm එක වඳින්න ගත්ත නිසා චෙන් වගේම අනිත් අය කලබල උනා..

"මොකක්ද ඒ.. "

"Main safe එකේ alarm එක... ඉක්මන් කරනවා.. ඒ පැත්තට යනවා හැමෝම.. වටකරනවා.. "

චෙන් ජාන්ව අමතක කරලා කෑ ගහන් ඉස්සරහට යද්දී ජාන් පුලුවන් ඉක්මනට බෑග් අරන් ඉස්සරහට දිව්වා..

"දුවපන් දෙයියෝ..... "

යීබෝ කියද්දී ජාන් ඉක්මනට එතනින් එලියට එද්දී යීබෝ ලැප් දෙක අකුලන් ඉක්මනින් බෑග් එකට දාගෙන phone එකත් අරන් කාමරෙන් එලියට දිව්වා...

ඉස්සරහට එන අයගේ ඇඟේ වැඳි වැඳි යීබෝ ඉස්සරහට දුවද්දී හැමෝම බලන් හිටියේ පුදුම වෙලා.. යීබෝ පහලට එද්දීම ජානුත් බෑග් එක අරන් එතන්ට දුවන් ආවා..

"ආශි සර්.. "

Reception එකේ කෙල්ලත් කෑ ගහද්දී යීබෝ ජාන් එක්ක එලියට දිව්වා.. ඒ වෙනකොටත් කුවාන් කාර් එක hotel එක ඉස්සරහා නතර කරලා තියෙද්දී දෙන්නාම කාර් එකට දිව්වා..

ජාන් කාර් එකට නඟිද්දී යීබෝත් නඟින්න හදලා බෑග් ටික කාර් එකට දාලා ආයේ ඇතුලට දිව්වේ කුවාන් වගේම ජානුත් පුදුමෙන් බලද්දී..

"යීබෝ........ "

ජාන් කෑ ගහද්දී යීබෝ ගිහින් CCTV cam එකක් ඉස්සරහට ගිහින් එයාට විතරක් ආවේණික ලෝකෙම දන්න golden mafia Master Leoගේ ring එක දාලා තිබ්බ මැද ඇගිල්ල කැමරාවට පෙන්නලා දුවන් ආවේ සෙකියුරිටි එකේ උන් වගේම lions soldiersලා එයාලාගේ පැත්තට දුවන් එද්දී..

යීබෝ කාර් එකට නැගලා දොරත් වහන්න කලින් කුවාන් කාර් එක start කරන් ඉස්සරහට ගත්තා..

කාර් එක පැත්තට වෙඩි වරුසාවක් ආවත් ඒ එක්කම කාර් එකට පිටිපස්සෙන් ලොකු truck එකක් දාද්දී ඒ එක වෙඩිල්ලක්වත් කාර් එකට නැතුව truck එකට වැදුනේ ඒ truck එක පෙරලිලා පාරත් block වෙද්දී..

උන්ට හිතන්නවත් කාලයක් නොදී කාර් එක වේගෙන් ඉස්සරහට ඇදුනේ කාටවත් ආයේ කාර් එක හොයන්නවත් බැරි වෙද්දී..

"කුවාන් ඒ truck එක.. "

"ආ බය වෙන්න එපා.. තාක්ශණේ තියෙන්නේ ඒකටනේ මාස්ටර්.. ඒක AI truck එකක්. Driver කෙනෙක් නෑ.. Master seanගේ idea එකක්... "

කුවාන් කියද්දී යීබෝ බැලුවේ ජාන් දිහා.. වචනයක්වත් නොකියා යීබෝ ජාන්ව තද කරලා පපුවට තුරුල් කරගත්තේ ජානුත් යීබෝව බදාගනිද්දී...

අවදානම ගොඩක් වැඩි වෙද්දී ජාන් වගේම යීබොත් හිටියේ හිතින් ගැහි ගැහි.. අන්තිමට හිතේ තිබ්බ ලොකු බර නිදහස් වෙද්දී සිතට දැනෙන සැනසීම එක්ක දෙන්නම බදාගත්තා.. කණ්නාඩියෙන් මේක දැකපු කුවාන්ගේ මූණට ආවේ ලස්සන හිනාවක්..

"අන්තිම මොහොතේ මට පිස්සු හැදුනා ජාන්.. මොනා කරන්නද හිතාගන්න බැරි උනා... තමුසේ හොඳ වෙලාවට මට alarm එක පෙන්නුවේ... "

"තමුසේ කලබල වෙනවා වැඩියි යීබෝ.."

ජාන් කියද්දී යීබෝ ජාන්ව ඈත් කරලා ඒ තොල් සිපගත්තා..

.
.

එයාලා drugs ටික මඟින් පුච්චලා විනශම කරලා දාලා කෙලින්ම ගියේ pvt jet එකට.. එහෙන්ම තුන් දෙනාම චීනෙට යන්න පිටත් උනා..

දවස් පහක ඉදන්ම හරි නින්දක් නැති නිසයි මහන්සිය නිසයි යීබෝට ජාන්ගේ උකුල උඩ නින්ද යද්දී ජානුත් නිදාගත්තා..

ඊලඟ දවසේ හවස් වෙද්දී එයාලා චීනෙට land කලා.. එයාලා ගියේ golden palace එකට...black palace එකට තව ටිකක් දුර යන්න ඕනි නිසා.. ඇත්තටම ඇඟට වෙහෙස වගේම තෙහෙට්ටු ගතිය නිසා කාලා බීලා නාලා ආයේ දෙන්නම නිදාගත්තා..

ඊලඟ දවසේ උදේම දෙන්නාම ගියේ ග්‍රැනීව බලන්න..

"ආ ඉලන්දාරි දෙන්නාට මේ නාකි ගෑනිව මතක් වෙලා තියෙන්නේ.. මොකක් හරි තියෙන්නම ඕනි මෙහෙ එන්න.. නැත්නම් මුන්ට මං උන්නත් එකයි මලත් එකයි.."

ගිය ගමන් ග්‍රැනී ආඩපාලි කියද්දි ජාන් ගිහින් හුරතල් මූණක් දාගෙන ග්‍රැනී ලඟින්  බිම වාඩි උනා..

"කාලෙකින් ආවම ඔහොමද අප්පා ඔයා අපිට කතා කරන්නේ.. නපුරියක් වෙලා.."

ජාන් කියද්දී ජාන්ව තුරුල් කරන් යීබෝටත් ලඟට කතා කරපු ග්‍රැනී දෙන්නාවම තුරුල් කරගත්තේ හිස් මුදුන ඉබින ගමන්..

"මගේ කොල්ලෝ දෙන්නා... "

ටික වෙලාවක් යනකන් ඉඳලා ආයේ දෙන්නාම ඉක්මනට එන්න පිටත් වෙද්දී ග්‍රැනීගේ මූණ ආයේ බෙරි වෙලා ගියා..

"ආවත් දුවනවා ඉතින්.. දවල්ට කාලා යන්නකෝ ලමයිනේ... "

"අපි ටික දවසක් චීනේ ඉන්නවා ග්‍රැනී.. එන්නම්කෝ ආයේ.. අද රෑට BIZ conference එක.. ඒකට යන්න එපැයි දෙන්නම.. ග්‍රැනීට එන්න බෑද.. "

"අනේ මට බෑ කොල්ලෝ ඕවට එන්න.."

"එතකොට මේ පාර වන්ග් පවුලෙන් යන්න ඉතුරු උනේ මං විතරයි නේද.."

යීබෝ කිව්වේ සුසුමක් හෙලලා.. ග්‍රැනී යීබෝගේ ඔලුව අතගාද්දී ජාන් ඇවිත් යීබෝට තුරුල් උනා..

"ලබන අවුරුද්දේ දෙන්නාම එකට යමූ.. හස්බන්ඩ් ඇන්ඩ් හස්බන්ඩ් විදිහට.."

China Annual BIZ conference එකට චීනේ ඉන්න ප්‍රමුක පෙලේ businessmanලා හැමෝම එනවා.. ඉතින් පලවෙනියා යීබෝ වෙද්දී තුන්වෙනියා ජාන් නිසා දෙන්නාම අනිවාර්යයෙන් ඒකට සහභාගී උනා.. ඒත් දෙන්නාටම තාම එකට යන්න බැරි උනේ marriage එක රහසක් නිසා..

ජාන්ටත් තව වැඩ කිහිපයක් තියෙනවා කියලා  ග්‍රැනීලගේ ගෙදරින් ජාන් වෙනම පිටත් උනේ හවසට කොහොමත් වෙන වෙනම යන්න තියෙන නිසා..

හවස් වෙද්දී ජාන් ලෑස්ති වෙලා conference එකට ගියේ එයාගේ BMW එකේ... තනියම...

කොහොමත් wang family, yang family වෙද්දී හැමදාම xiao zhan චීනෙට තනි පුද්ගලයෙක් උනා..

කාර් එක නතර කරද්දී එතන හිටපු කෙනා කාර් එකේ දොර අරිද්දී ජාන් ඒකෙන් බැහැලා red carpet එකෙන් ඇතුලට ගියේ ලා හිනාවකින් හැමෝටම සංග්‍රහ කරන්..

ඊලඟට යැන්ග් family එක ආවා.. ඒ Mr.Yang , Mrs. Yang , Miss. Ann Yang සහ yang පවුලේ පුතා Mr. Yang Jackson..

එයාලත් red carpet එකෙන් ඇතුලට යද්දී හැමෝගෙම ඇස් නැවතිලා තිබුනේ අන්තිම කෙනා එනකන්..

Gold color bike 4ක් ඉස්සරහින් ඉස්සරහින් එද්දී පිටිපස්සෙන් ඇවිත් නතර කලේ gold lambogini එක...

මෙච්චර කාලයක් හැමදාම මේකට wang family එක ආවේ rolls royce එකක උනත් අද ආවේ lambogini එකක්.. ඒ වන්ග් යීබෝ විතරක්..

වන්ග් ෆැමිලි එකෙනුත් අද වන්ග් යීබෝ විතරක් ඉතුරු වෙලා ඉද්දී මේ දිහා බලන් හිටිය කිහිප දෙනෙක්ගේ මූණු වලට නම් හිනාවක්.. මූණෙ කිසිම හිනාවක් නැති සීතල පෙනුමෙන්ම යීබෝ ඉස්සරහට ගියා..

යීබෝ ගිහින් යීබෝට වෙනම ලෑස්ති කරලා තිබුන royal chair එකේ වාඩි වෙද්දී යීබෝගේ ඇස් වටේ දුවලා ජාන් ලඟ නැවතුනා.. ජාන් කාටවත් නොපෙනෙන්න අතේ තිබුන වයින් ග්ලාස් එක උස්සලා යීබෝට ලා හිනාවක් දෙද්දී යීබො කට කොනකින් හිනා උනා..

ටිකෙන් ටික පාටි එක යද්දී කිහිප දෙනෙක් ඇවිත් යීබෝ එක්ක කතා කලාත් යීබෝ වචන දෙක තුනකට වඩා කතා කලේ නෑ..

මේ අතරේ ජාන් හිටපු ටේබල් එකට Mr. Yang , Mrs. Yang , Miss. Ann තුන් දෙනා යද්දී ජාන් එයාලට සුහද හිනාවක් දුන්නේ මේක් බලන් හිටිය යීබෝගේ ඇගේ මාලු නටද්දී..

"Mr. Xiao Zhan.. "

"Mr.Yang.. වාඩි වෙන්න.. "

ජාන් කියද්දී යැන්ග් ඈන්ව ජාන් ලඟින් ඉන්දවලා ඒ ඉස්සරහායින් යැන්ග් වාඩි උනේ ජාන්ගේ කට කොනින් හිනාවක් ඇඳෙද්දී..

"Hello Yibo... "

ජාන්ලා දිහා රවාගෙන බලන් හිටිය යීබෝ ඒ ඇහුන කටහඬ දිහාට හැරුනා..

"Jackson.. කාලෙකින්..."

"ම්න් ඔව් බන්.. කාලෙකින් චීනෙට ආවේ.. උබලගේ පපායි සීයා පපායි දෙන්නාම නැති උනාලු නේද.. මට එන්න බැරි උනා මචං.. සොරි.. "

"ඒකට කමක් නෑ.. "

යීබෝ කිව්වත් යීබෝගේ ඇස් තිබ්බේ ජාන් ලඟ..

"මං මෙතනින් වාඩි වෙන්නද..  "

"වාඩි වෙයන්.. "

යීබෝ කියද්දී ජැක්සන් වාඩි වෙලා යීබෝ බලන් ඉන්න දිහා බැලුවා..

"උබ අපේ නංගිව reject කලාලු නේද.. ඉතින් අපේ පපා වෙන කෙනෙක් කතා කලා.. මගේ අනාගත මස්සිනා.. xiao zhan.. අවුලක් නෑ පොර හැන්ඩියා.. නේහ් බන්.. "

ජැක්සන් වයින් ග්ලාස් එකක් බොන ගමන් අහද්දී යීබෝ ජැක්සන් දිහා බැලුවේ ඇහි බැමක් උස්සලා..

"දැන් මාසයක් විතර වෙනවා බන්.. පොර අද හම්බෙලා කතාකරගමු කිව්වලූ.."

ජැක්සන් කියද්දී යීබෝගේ අත් මිට මෙලවුනා.. යීබෝ හිටියේ ජාන් දිහා බලාගෙන.. ජාන් වගේම ඈනුත් හිටියේ හිනා වෙවී.. ඉතින් යිඔබෝගේ කේන්තිය ඩබල් උනා..

යීබෝ එතන තිබ්බ වයින් ග්ලාස් එක හුස්මට බීලා දැම්මේ කට කොනකින් හිනා වෙලා..

"ඉතින් උබේ අනාගත මස්සිනාව අඳුරගන්නේ නැද.. යමු අපිත් ඒ පැත්තට. මං මිනිහා එක්ක කතා කරලාම නෑ.. "

ජැක්සන් යීබෝ දිහා බලන් හිටියේ ලෝක පුදුම හතෙන් එකක් දැක්කා වගේ.. යිබෝ කිසි කෙනෙක් එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි කියලා ජැක්සන් දැනන් හිටියා..

"යමූ.. "

ජැක්සන් කියද්දී යීබෝත් නැගිටලා ජැක්සන් එක්ක ඒ ටේබල් එකට ගියා..

"යීබෝ පුතා... "

"යැන්ග් අන්කල්... දැන් අපිව අමතක වෙලා වගේ.. අලුත් බෑනා නිසාද... ?? "

යීබෝ ජාන් දිහා බලන් කියද්දී ජාන්ගේ මූණෙ තිබුන හිනාව නැති වෙලා අඳුරු වෙලා ගියා..

"අනේ නෑ පුතා.. පුතා අකමැති නිසා අපි මේ මිස්ටර් ජාන්ට කතා කලේ.. ඒත්... "

"Congratulations Mr. Xiao Zhan.. "

යැන්ග් අන්කල් භාගයක් කියද්දීම යීබෝ කට කොනකින් හිනා වෙලා ජාන්ට අත දික් කලා... ජාන් ටික වෙලාවක් හිටියේ confuse වෙලා..

"යී..බෝ.. සො.. සොරි.. Mr.Yibo.. එහෙම දෙය... "

ජාන් ගොත ගහ ගහ වගේ කිව්වත් යීබෝ බලෙන්ම ජාන්ගේ අත අරන් අතට අත දුන්නා..

"අන්කල් මං යන්න ඕනි.. වැඩ වගයක් තියෙයි.. ජැකියා මං යනවා.. මිස්ටර් ජාන් පස්සේ හම්බෙමු එහෙනම්.. "

යීබෝ එහෙම කියලා එතනින් එලියට බැහැලා ගියේ ජාන් ඒ දිහාම බලන් ඉද්දී.. ජාන් එක දිගට කෝල් ගත්තත් යිබෝ answer කලේ නෑ.. ටිකකින් phone එක off කරලා තිබ්බා..

ජානුත් ඉක්මනට හැමෝගෙන්ම සමු අරන් එතනින් එලියට ආවා.. golden palace එකට ගියත් යීබෝ හිටියේ නැති නිසා එහෙන්ම කුවාන්ටත් කෝල් කරලා black palace එකට ගියා...

යීබෝ ඇතුලේ කියලා කුවාන් කිව්ව නිසා ජාන් ඉක්මනට ඇතුලට ගියා..

"ඉතින් Mr.Zhan.. wedding එකට date fix කරගත්තද.... ?? "

සාලේ පැත්තෙන් යීබෝගේ කටහඬ ඇහෙද්දී ජාන් ඒ දිහාට හැරුනා.. යීබෝගේ අතේ සිගරට් එකක් තිබුනා අනිත් අතේ තිබ්බේ විස්කි බෝතලයක්.. Ash tray එක උඩ ඉවර උන සිගරට් කොට පහ හයක් තිබුනා...

"යී..බෝ... පොඩ්ඩක් අහන්න.."

"මොනාද මට අහන්න තියෙන්නේ Mr.Zhan.. අහන්න ඕනි ඔක්කොම මට ජැක්සන් කිව්වා.. "

යීබෝ කිව්වේ ලා හිනාවක් එක්ක...

"ඔයා හිතන විදිහේ දෙයක් මෙතන නෑ යීබෝ..."

"මොකක්ද යකෝ මං හිතන විදිහ.. ආ.. කියපන්.. මං උබව මගේ හස්බන්ඩ් විදිහට පිලි අරන් මගේ ජීවිතේ හැමදේම උබ එක්ක බෙදාගද්දී උබේ දේවල් මට නොකියන්නේ උබ මාව හස්බන්ඩ් විදිහට පිලිඅරන් නැති නිසානේ නේහ්... "

යිබෝ නැගිටලා ඇවිත් ජාන්ගේ කොලර් එකෙන් අල්ලන් අහද්දී ජාන්ගේ ඇස්වල ලා තෙතමනක් ඇවිත් තිබ්බා..

"යී...බෝ..... "

"ශ්.. ශ්.... කිසි දෙයක් කියන්න එපා ජාන්. උබ ඒකිව බඳින්න කැමති නෑ කියන්න මං දන්නවා.. අනික ඒකි ලෙස්බියන්.. මෙතන මට රිදෙන්නේ උබ ඕක මගෙන් මාසයක් තිස්සේ හංඟපු එක බන්.. "

යීබෝ කිව්වේ ජාන්ව පිටිපස්ස හරවලා ඇඟට හේත්තු කරන් බෙල්ල කිස් කරන ගමන්..

"යී..."

"ශ්.. ශ්... ජාන්.. මුකුත් කියන්න එපා.. "

යීබෝ එහෙන්ම ජාන්ගේ කන් පෙත්තක් දත්වලින් අල්ලගත්තා...

"Go to Red Room & ready for your Husbund.. "

යීබෝ කියද්දී ජාන් අනිත් පැත්ත හැරෙන්න හැදුවත් යීබෝ ජාන්ව තව තද කරලා අල්ලලා රිදෙන්න කන හැපුවා..

"Don't move. Just listen.. "

යීබෝ ආයේ කන් පෙත්තක් තෙත් කරන ගමන් කතා කලා...

"Only red shirt.. No underwears.. "

"Go & Ready yourself My noughty husbund.."

යීබෝ කට කොනකින් හිනා වෙලා කිව්වේ ජාන්ව ඉස්සරහාට තල්ලු කරන ගමන්..

ජාන් අඩියක් දෙකක් ඉස්සරහට ගියත් යීබෝ ආයේ කතා කරද්දී ජාන්ව එහෙන්ම නැවතුනා..

"I think you got my point husbund..
THE RED ROOM NOT THE BED ROOM..." 

.
.
.
.
.
🥀kaushy....

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

👉 හායිම්...🙂 අද කොටස නම් බෝරින් ඇති.. mission මඟුලක්නේ.. ආයේ ඒම ඒවා නෑ.. 🙂💔

👉 මේ මාස්ටර් සීන් ඉතින් හස්බන්ඩට හංඟලානේ.. අනේ මන්දා ඉතින්.. 😒 ජාන් කියන දේ ඇහුවේ නෑ හැබැයි යීබෝ 🙂

👉 මේ ලමයි.. මේ කතාවේ bdsm scene දෙකක් තියෙයි.. දෙන්නම dominant උන එකේ නැත්නම් හරි නෑනෙ. 🤧 එකක dominant යීබෝ.. අනිකේ ජාන්.. 😌❤️ සර්ව සමයි. 🔞 mark එකත් එක්ක update කරන්නේ. අකමැති අයට බලන්නෙවත් නැතුව ඉන්න පුලුවන්.. ✋

👉 "THE RED ROOM NOT THE BED ROOM..."  Did you get my point..?? 😏

👉මට ඕනි ගාණට vote comment නැත්නම් ඊලඟ කොටස පරක්කු වෙයි. 😒 අපි දවසක් තිස්සේ ලියන එකට වචනයක් type කරන්න.. කැතයි නම් කැතයි කියලා හරි.. 💔

👉 ගිහින් එඤ්ඤං 😘❤️

(3850 words)

Продолжить чтение

Вам также понравится

1.9K 479 8
නොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑ...
152K 22K 16
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
255K 45.4K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
2.4K 720 54
"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇත...