Love Me Like You Do || Comple...

By NimuMochi

37.2K 6.3K 3.6K

"My love for you is past the mind, beyond my heart, and into my soul." More

සරංහේ.. 💜
යුන්මී නූනා
රිදුන හිත්
ඉරිසියාකාර පාක් ජිමින්
Lotte World
ඔම්මා
මුරණ්ඩු කුකී
ආදරය පිරුණු සුප්
사랑 🥺
බ්ලැක් ඊගල්ස්
ටු මයි ලව්ලි කුකී
හොඳම හොඳ ජැකී
ආපහු ආපු මොට්ටයා
රිදවීම
ඇත්තම ඇත්ත හාදු
මගෙ හැමදේම ඔයා
අලුත් අප්පා
බීච් ගමන
ක්.. කවුද ඔතන
හොල්මන් පාර
අන්තිම හාද්ද?
නුනාගෙ අයිතිය
පලිගැනීම
උපන්දින කුමාරයා
තෑගි
අමාරුම අමාරු නපුරු දවස්
පපුව බර තීරණ
ආපහු ඇමරිකාවට
හදිස්සි පාටිය
පැනලා යන්ද?
කසාදය
ජැකීගෙ දරුවා
මෝචි සුවඳ නූමි
ආදරේ...
රෝසපාට ලොලිපොප්
හැපි ටූ ටූ
මිනීමරුවා
කවුද??
නෝවා..
මං හින්දා...
අපේ දරුවා
දූනිට සොලී...
රසපාට තොක්බොක්කි
ගෙදර යාම
එයා එන්නයි යන්නේ..
බෝල පැන්ඩා
🤗
Mafia Hijacked Heart
කුකීගෙ වස්තුව
ඇත්තටම ඉවරයි...
🌼✨️🥰

රසම රස රාම්‍යොන්

576 108 48
By NimuMochi

ඒත්තෙක්කම හිතන්නවත් තත්පරයක් ඉතුරු නොකර මාව ඇදිලා ගිහින් බිත්තියෙ කෙලවරක වැදුනෙ පපුව නොසෑහෙන වේගෙන් ගැහෙන්න ගද්දි..

සාලෙ පුරාම  විහිදිච්ච කෑලි කපන්න පුළුවන් තරමෙ අඳුරවත් නොපෙනෙන තරමට මං ඇස් තදට පියාගෙන හිටියෙ.. ආත්මෙම ගැහෙන එයාගෙ සැනසිලි සුවඳත්තෙක්ක එකපාරම තොල් දෙකට දැනිච්ච හරි හුරුපුරුදු ස්පර්ශෙට මාව ගැස්සිලා යද්දි මං හිමීට ඇස් ඇරියෙ ඒ සුවඳින් මුළු පපුවම පුරවගෙන..

අනේ ඒ තියුණු ඇස් හරි ආදරෙන් මගෙ මූණ පුරාවට එහෙමෙහෙ දිව්වා.. හාද්දක් ඕනෙකමටම මං ආයිමත් හීනියට ඇස් පියාගනිද්දි ඒ තොල් හරි පරිස්සමින් මගෙ නළල මැද්දට තද වුණා... ඊට පස්සෙ කම්මුලට, කන් පෙත්තට, බෙල්ල පාමුලට පිළිවෙලට එහෙමෙහෙ වුණා..

"මං ආදරෙයි"

මට ඔහේ මිමිණුනා..

"එයාලට කරදර කරන්න එපා මැණික.."

තොල් අස්සෙ ඔබාගත්තු මගෙ තොල් හීනියට හපන ගමන් එයා හරි හිමීට මිමිණුවා.. එතකොටයි මට මතක් වුණේ සාලෙ මැද්දෙ එහෙට මෙහෙට වෙච්ච හෙවනැල්ල.. මගෙ ඇස් හරි ඉක්මනට ඒ පැත්තට දිව්වා...

ජනෙල් තීරු අස්සෙන් සාලෙට වැටිච්ච හඳ එළියෙනුයි ලාවට දැල්විච්ච බල්බ් එළියෙනුයි දැකපු දෙයින් මාව එහෙම්පිටිම්ම ගිනිගත්තා..

දෙයියනේ එතන හිටියෙ හොබී එක්ක යුංගි හ්‍යොං.. එයාලා හරි ආදරෙන් තුරුල් වීගෙන හාදු දීගන්නවා.. අනේ මට ටේ හ්‍යොංගෙ සතුටු මූණ මැවි මැවී පෙනුනා.. එතකොට යුංගි හ්‍යොං එයාව රවට්ටනවද?? අච්චරට පෙන්නුවෙ තනිකරම බොරු ආදරයක්ද..? අනේ ඇයි හොබී ඔයත් මේවට පැටලුනේ...  දැන් මේවා කොහෙන්ද කෙලවර වෙන්නෙ??

මට හැමදේටමත් වඩා කේන්ති ගියේ යුංගි හ්‍යොං ටේ හ්‍යොං එක්ක අෆයා එකක ඉන්නෙ කියලා දැන දැනම එයත් මෙහෙම හැසිරෙන එකට..

"අතන මොකක්ද වෙන්නෙ?"

"අහ්?"

"අතන මොකක්ද වෙන්නෙ හ්‍යොං.. ඔයාගෙ යුංගි හ්‍යොං ඔය තරම් නරක මනුස්සයෙක් කියලා මං දැනන් හිටියෙ නෑ..."

කේන්තියෙන් වෙව්ල වෙව්ලම එක හුස්මට කියවන් යන මං දිහාවට එයා ඇස් බෝල කරන් බලන් හිටියා..

"යා.. මොකක්ද ඒකෙ තියන වැරැද්ද.. එයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනං ඔයා කලබල වෙන්නෙ මොකටද..? ඒක එයාලගෙ කැමැත්ත.."

හ්‍යොංගෙ වචනත්තෙක්ක මාව දෙතුන් වතාවක්ම ගැස්සිලා ගියා.. දෙයියනේ ඔයා කොච්චර නරකයෙක් වෙලාද හ්‍යොං... කොහොමද ඔය වගේ දෙයක් ගැන ඔච්චර සුළුවට හිතන්නෙ..

"විකාර කියවන්නෙ නැතුව අර ටික කාලා ගිහින් නිදාගන්න කුකී.."

"යා.. කොහොමද ඔයා ඔහොම කියන්නෙවත් හ්‍යොං.. අ..ශ් මොකද ඔයත් කරන්නෙ ඒ දේම නිසාද ආ??"

මං කේන්තියෙන්ම කියලා දැම්මා.. අදහගන්නවත් බැරි තරමෙ කතාවක් ඇහුණු ගානට ඒ ඇස් මහ අමුතු පාටකට හැරුණා..

"මොකක්ද ඒ කතාව?"

"ඇයි බොරුද..? ඔයා කරන්නෙත් ඒදේමයිනෙ මාවයි යුන්මි නූනාවයි..."

එතනින් එහාට වචනයක්වත් කියාගන්න බැරි විදිහට මගෙ කම්මුල් රත් වෙන තරමෙ සැරම සැර නපුරු පාරක් කන හරහා වැදුනා.. හිතන්නත් කලින් කඳුළු බෝල ඇස් දිගට ගලද්දි මං එහෙමම බිත්තියට වාරු වෙලා එයා දිහාවටම ඇස් තියාගෙන හිටියා.. එයා කේන්තියෙන් වෙව්ලනවා..

"තමුන්ට මාව දැනෙන්නෙ එහෙමද? ආ කුකී කතා කරනවා මගෙ ආදරේ දැනෙන්නෙ එහෙමද??"

කියවිච්ච දෙයක් ආපහු අද්දවා ගන්න බෑ.. එයා අච්චර විදවනවා කියලා දැන දැනත් මොන හේතුවකට මගෙ කටින් එහෙම දෙයක් එළියට පැන්නද කියලා හිතාගන්නම බැරිතැන මං සද්දෙට ඉකි ගගහා දිගටම බිම බලන් හිටියා..

"මීට පස්සෙ තමුන් මාව දකින්න ඕනෙ යුනි යනඑන වෙලාවට විතරයි.. මේ ගේ ඇතුළෙදිවත් මගෙ ඇස්මානෙට පේන්න ඉන්නෙ නෑ..."

කේන්තියෙන් ලේ පාටට දිළිසෙන ඇස් එක්ක නපුරෙක් වගේ වෙව්ල වෙව්ල සද්දෙට දත්මිටි කාගෙනම මුමුණපු එයා මං ඉන්න පැත්තක්වත් නොබලා යන්න ගියා.. දුකටද බයටද මන්දා මාව නොසෑහෙන්න වෙව්ලුම්කද්දි උගුර අස්සෙන් දිගින් දිගටම පපුව පිච්චෙන තරමෙ කෙදිරිලි මතුවුණා..

"හේයි මොකද මේ?? කූ ඔයා ඔය අඬනවද?? ඇයි මොකක්ද උනේ?"

ඒත්තෙක්කම කොහෙදෝ ඉදන් එකපාරම මගෙ ඉස්සරහින් මතුවෙච්ච ටේ හ්‍යොං දුක මූණකුත්තෙක්ක එක හුස්මට කියවගෙන ගියා..
දෙයියනේ එයා තව චුට්ටක් ඉස්සරහට හැරුණොත් සේරම දේවල් දකිනවා... හොබීලා තාමත් අසිහියෙන් වගේ තුරුල් වෙලා කිස් කරනවා.. ටේ හ්‍යොං සීරුවට මගෙ ඔලුව අතගානගමන් මාව එයාගෙ පපුව මැද්දට තුරුල් කරගත්තා..

"අහ්.. අර දෙන්නගෙ විකාර දැකලා ඔයා බය වුණාද කූ..?"

දෙයියනේ එයා දැකලද..? හිත අස්සෙ අච්චර ගින්දරක් ඇවිලෙද්දි කිසිදෙයක් නොවිච්ච ගානට ඔහොම ඉන්න පුළුවන් වුණේ කොහොමද හ්‍යොං ඔයාට..

"යා යුංගි හ්‍යොං.. ඔය කෝලමත් අරන් රූම් එකට යනවද.. සාලෙ මැද්දෙ ඉදන් මොනවද ඔය කරන්නෙ ආ..? මේ පොඩි එකත් බය වෙලා.."

ටේ හ්‍යොං දිගටම කියවද්දි යුංගි හ්‍යොං හොබීව ඉඹින එක පැත්තකින් තියලා අපි දිහා බල බලම හිනාවෙන ගමන් ටේ හ්‍යොං දිහාවට ෆ්ලයින් කිස් එකක් විසි කරා..

ඒක හරි ඉක්මනට අල්ලගෙන ලෝබකමින් පපුවට තුරුල් කරගන්න ටේ හ්‍යොං දිහාවට මං පුදුමෙන් ඇස් බෝල කරගෙන බලන් හිටියා.. කොහොමද දෙයියනේ ඔච්චරක් දේවල් දරාගන්නෙ.. මෙතන කිසි දෙයක් නොවිච්ච ගානට හැමදේම උහුලගෙන ඉන්නෙ.. මගෙ හිත හැමතිස්සෙම ඒ ගැනම වද වුණා..

අන්තිමට යුංගි හ්‍යොං ලැජ්ජාවෙන් රතුවෙලා එයාගෙ පපුව අස්සෙ ඔලුව ඔබාගෙන ඉන්න හොබීවත් උස්සගෙනම ටේ හ්‍යොංටත් ඇහැක් ගහන ගමන් එතනින් යන්න ගියා..

"සමාවෙන්න මේ දේවල් ඔයාට නොකිව්වට කූ.. තිබුන ප්‍රශ්නත්තෙක්ක අපිට කතා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑනෙ.."

හ්‍යොං දිගටම කියවද්දි මං ඔහේ අහගෙන හිටියා.. කොතනදි කොහොම මාතෘකාව දුක පැත්තකට හැරෙයිද කියලා බයෙන් මං හුස්මක්වත් නොගෙන දිගටම අහගෙන හිටියා..

"යුංගි අපි දෙන්නටම ආදරෙයි කුකී.. මුලින් එයා මාව විතරක් දැනන් හිටපු කාලෙත් එයා මට ආදරේ කලා.. කෙලින්ම නොකිව්වත් එයා ඒ දේවල් මට දැනෙන්න ඇරියා.. පස්සෙ හොබීව දැනගත්තම එයා හොබීටත් ආදරේ වෙන්න ගත්තා.."

පපුව රිදි රිදී ඇවිලෙද්දි මං ඔහේ අහගෙන හිටියා.. මොනවා කියන්නද කොහොම හිත හදන්නද හිතාගන්න බැරුව වුනත් මං දිගටම අහගෙන හිටියා..

"ඒ වගේම... ඒ වගේම මාත් ඒ දෙන්නටම ආදරෙයි.. මට කවදාවත් ඒ දෙන්නගෙන් කෙනෙක් තෝරගන්න බැරි තරමටම මං ඒ දෙන්නටම ආදරෙයි.. හොබිත් එහෙමයි... ඉතිං.. ඉතිං අපි තුන්දෙනාම.."

දෙයියනේ මාව ගල්ගැහිලා ගියා... එතකොට එයාලා තුන්දෙනාම... අ..ශ් හ්‍යොං ඒක දැනගෙන ඉන්න ඇති.. ඒකයි එයා මේ දේ ගැන වද නොවුනෙ... මං එයාට කියපු දේවල් ආයෙ ආයෙත් කන් ආසෙ දෝංකාර දෙද්දි මං එහෙමම බිත්තියට වාරු වුණා..

"කූ.. ඇයි මේ??"

"මං.. මං හ්‍යොංට බැන්නා.."

"අහ්??"

"මං මේ ගැන කියලා එයා එක්ක රංඩු කලා හ්‍යොං.."

ටේ හ්‍යොංගෙ ඇස් ගැස්සුනා.. එයා හොඳටම ජිමින් හ්‍යොං ගැන දන්නවනෙ.. කෙනෙක් එක්ක තරහා වුණොත් ලේසියකින් යාළු කරගන්න බැරි ජාතියේ මනුස්සයෙක් ජිමින් කියන්නෙ.. එයාගෙ කේන්තිය හරි සැරයි. මට නොදැනිම ඉකි ගැහෙද්දි ටේ හ්‍යොං හරි පරිස්සමට මාව තුරුල් කරගත්තා.. හැමදේම හොදින් වෙයි කියන්න වගේ පිට දිගට ආදරෙන් අතගෑවා..

"කන්න මොනවහරි උස්සගෙන ගිහින් මූණ ඉස්සරහා චුට්ටක් එහෙට මෙහෙට කරානම් මනුස්සයගෙ තරහා තප්පරෙන් ඩවුන් කුකී.. බය නැතුව යන්න. වෙන නමකින් හිටියත් ඔය අපේ එකාමනෙ.."

ටේ හ්‍යොංගෙ උපදෙසුත්තෙක්ක එයා ආස විදිහට සැරට හදාගත්තු රාම්‍යොන් කප් එකකුත් උස්සගෙන මං වෙව්ල වෙව්ලම එයාලගෙ රූම් එකට ඇදුනා.. අර රකුසු මූණ මතක් වෙද්දිත් මට බයයි.. හොඳටම බයයි...

මං යද්දි එයා හිටියෙ බැල්කනි එකට අත් තියාගෙන ඒකට වාරු වෙලා සිගරට් එකක් බොන ගමන්..

හුස්මක් ගන්න අමාරුවෙන තරමට දුම හැමතැනම පැතිරිලා යද්දි මං ආපුවගක් ගණන් නොගෙන ඈතක් බලාගත්තු එයා දිගටම සිගරට් කූර ඉරුවා..

තවත් බලාගෙන ඉන්න බැරිම තැන මං රාම්‍යොන් කප් එක පැත්තකින් තියලා එයාව පිටිපස්සෙන් හරි හිරට බදාගත්තා.. පිට දිගට හාදු දෙකතුනක් තියද්දි එයා කේන්තියෙන් එහෙට මෙහෙට වුණා..

"පැත්තකට වෙන්න ජන්කුක්.. මට පාඩුවෙ ඉන්න දෙන්න..."

මට ඇඬුනා.. කෑගැහිලම ඇඬුනා.. මං මොන තරම් නපුරු කතාවක්ද කිව්වෙ කියලා මතක් වෙන ගානෙම කඳුළු අලුත් කර කර මං ඉකි ගගහා ඇඬුවා.. ඒත් එයා එක දශමයක්වත් හෙල්ලෙන්නෙ නැතුව නපුරුපාටින් රවාගෙනම හිටියා..

"ම.. මට සමාවෙන්න හ්‍යොං... මං.. මං දැනන් හිටියෙ නෑ..."

හරි පසුතැවීමක් තැවරිච්ච මූණක් අමුතුවට හදාගෙන දිගටම බිම බලන් හූල්ලන එයාව දකිනකොට තවත් දරාගන්න බැරිම තැන මං එයාගෙ කකුල් දෙක දෝතින් බදාගෙන එහෙමම බිම ඉදගත්තා..

"අනෙහ්.. අනේ මට සමාවෙන්න හ්‍යොං..."

"ඔයාට මාව දැනෙන්නැද්ද කුකී..?"

අමාරුවෙන් පිටවෙච්ච වචන ටිකකට පපුවම හීරීගෙන යද්දි මං කඳුළුවලටම පෙඟිලා ගිහින් තෙතබරියම් වෙලා හිටියෙ..

"කමක් නෑ ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි. මේ හැමදේකටම වැරදි මම.. ලබන සතියෙ යන්න හිටියත් රෑ වෙච්ච දේත්තෙක්ක මටයි දූටයි යුංගි හ්‍යොං යන්න දෙන එකක් නෑ.. ඒත් නම්ජුන් හ්‍යොංට සනීප වුණගමන් අපි යනවා.. ආයෙත් නොඑන්නම යනවා... එතකන් දුවවත් මංවත් ඔයාට ඇහැ ගැටෙන්න එන්නෙ නෑ.. ඒක පොරොන්දුවක්.."

නෑ මට එහෙම පොරොන්දු එපා හ්‍යොං.. අපි මේ ඉන්න විදිහටම ඉමු... ඔයාට යන්න වෙන දවසක් එනකල්වත් මෙහෙමම තුරුල් වෙලා ආදරෙන් ඉමු.. අනේ මට මැරෙනකල් පණ ටික ගැටගහගන්න පුළුවන් තරමෙ මතක ටිකක් දීලා යන දිහාක යන්න මං තරහක් නෑ රත්තරනේ..

"අනෙහ් එපා.. මං.. මං ආදරෙයි හ්‍යොං.. මං ආදරෙයිනෙ ඔයාට..."

වචනයක්වත් නොකියා බිම බලන් හිටපු මං අන්තිමට යාන්තන් මුමුණගත්තා.. දෙයියනේ ඒත්තෙක්කම එයා දත්මිටි කාගෙන සිගරට් එක එහෙමම අල්ලට තද කරගත්තා.. එක තප්පරේට හම පිච්චීගෙන යනවා පෙනෙද්දි මං එහෙමම එයාගෙ අතට ගහලා සිගරට් එක විසිකරලා දෝතින්ම ඒ අත බදන් පිච්චුන තැන හරි පරිස්සමට ඉරුවා..

එයා කඳුලක්වත් නොහෙලා ඈත බලන් හූල්ලද්දි මං අඬ අඬම රතුවෙච්ච අල්ල පුරාවට තෙත හාදු තැවරුවා.. ඔයා මහ මුරණ්ඩු කොල්ලෙක් රත්තරන්...

"මං හෙට පොඩි ගමනක් යනවා.. මං වෙනුවෙන් දරුවව ටිකක් බලාගන්න කුකී.. එයා දැන් හරියට ඔයාගෙ ආදරේ හොයන්න අරන්. ඒ ගැන මට සමාවෙන්න.."

"ඔයාට කොහෙවත් යන්න එපා කිව්වනෙ යුංගි හ්‍යොං.."

"මං ගැන හොයන්න මං නොයා වෙන කවුරු යන්නද.. දැන් ගිහින් නිදාගන්න කූ. හුඟක් රෑවෙලා.."

මොකක්ද එයා ගැන හොයන්න යනවා කියන්නෙ.. එයා පාක් ජිමින් ගැන හොයන්නද හදන්නෙ.. ඇයි යටගැහිච්ච දේවල් ආයෙ උඩට අඳින්නෙ මැණික.. අන්තිමට මට ඔයාව ආයෙමත් සැරයක් නැතිවෙයි.. අනේ මට බයයි හ්‍යොං.. ඔයා අර මිනීමරුවො පස්සෙ ආයිත් දුවන්න ගත්තොත් ආයෙ මට ඔයාගෙ හුළගක්වත් වදින්න හම්බෙන්නැතිවෙයි දෙයියනේ...

"එපා හ්‍යොං ඕවගෙන් කිසිම හොඳක් වෙයි කියලා හිතෙන්නෙ නෑ මටනම්.."

බැරිම තැන මං යාන්තන් වචන දෙකතුනක් ගැටගහගත්තා...

"මට මං ගැන දැනගන්න අයිතියක් තියනවා කුකී.. බය වෙන්න එපා.. මං පරිස්සම් වෙන්නම්..."

දෙයක් කිව්වොත් කරලම නවතින ඔයා එක්ක තවත් මොන වාදද මැණික.. මං එහෙමම කට පියාගත්තා.. වෙන දෙයක් වෙච්චදෙන්.. මොන දේ උනත් ඔයත්තෙක්කම මාත් ඉන්නවා..

බඩ කුරු කුරු ගාද්දිත් එයා මං ගෙනාපු චොක්ලට් මල්ලෙන් එකක් අරන් කටට ඔබාගෙන සිගරට් ගඳ නැතිකරගන්න ගමන් ඇඳට පැන්නා.. දෝනි පොඩි කුනුකුනුවකුත්තෙක්ක එහෙමම හ්‍යොංට තුරුල් වුණා..

"හ්.. හ්‍යොං මේහ්.. මං මේක ඔයාටමයි හැදුවෙ.. කනවද...?"

අර රාම්‍යොන් කප් එක දෝතින්ම උස්සගත්තු මං එයා ඉස්සරහින් හිටගද්දි එයා ඇද විට්ටමට වාරු වෙලා ඉදගන්න ගමන් කට ඇරියා..

"කෝ කවන්න.."

චොප්ස්ටික් අතරට ගත්තු සැර පාට රාම්‍යොන් තොගයක් එයාගෙ තොල් අතරින් රිංගවපු මං ඒ තොල් අස්සෙ තැවරිච්ච සෝස් ටික මගෙ තොල්වලින්ම හිමීට ඉරුවා..

"ම්ම්හ්... මටහ්.. මට මතකයි.."

"අහ්??"

"මට මතකයි කුකී... මට මතකයි ඒ රස.. මං කාලා තියනවා මේ රසම තියන රාම්‍යොන්..."

එයා ඔලුවත් බරට අල්ලගෙන ඇස්වල කඳුළු පුරවගෙන මුමුණද්දි මං එයාව තුරුලු කරගෙනම ඉකිගගහා ඇඬුවා.. කොහොම අමතක වෙන්නද ඉස්සර ඔයා කෑවෙම මං හදපු රාම්‍යොන් වෙච්චිකොට...

"ම්හුක්.. ම්හුක්... අප්පාහ්... දූනිට කුක්කු ඌනිනෙ"

දෙයියනේ අපේ සද්දෙට කෙල්ලත් ඇහැරිලා..  එයා එපා කියලා එළවපු හ්‍යොංගෙන්ම කිරි චුට්ටක් ඉල්ල ඉල්ල කෙදිරිලි තියනවා.. හ්‍යොංගෙ අතට රාම්‍යොන් කප් එක දුන්නු මං දෝනිවත් තුරුල් කරගෙන ඇදේ වැතිරුනෙ පපුව කෙල්ලගෙ කට ලඟට හිමීට ලං කරන ගමන්මයි. එයාට මං ඉද්දි අප්පා මොකටද..

"ම්ම්... ආ කියන්නකෝ... කන්න කූ.. මං දන්නවා ඔයා කාලත් නෑ තාම.."

හ්‍යොං මටත් කව්වන ගමන් රාම්‍යොන් ඔක්කොම හරි ආසාවෙන් කාලා දැම්මා.. කට වටේට සෝස් තැවරෙන හැම වෙලාවකදිම මගෙ තොල් එක්ක ඒ තොල් හදිස්සියෙන් හදිස්සියෙන් පැටලුනා..

අමාරු දවසක රැයක් හරි ආදරෙන් එයාට තුරුල් වෙලා ගෙවෙද්දි මං පපුව පිරෙන්න ගත්තු ලොකු හුස්මවල් දෙකතුනක්ම දෝනිගෙ නළලට තද කරා..

හ්‍යොංගෙ අත් අතරෙම සනීපෙට ඇස් පියවෙච්ච මං පහුවදාට එළිවෙද්දි ඇහැරුනේ හ්‍යොං ගැන හෙවනැල්ලක තරම්වත් හෝඩුවාවක් නැතුව.. උදේම යන්න ඇති.. යුංගි හ්‍යොංලා පවා එයා ගෙදර නැති බව දැනගත්තෙ උදේ කෑම වෙලාවෙදි.

හරියකට ගියපු දිහාවක්වත් නොදැන එයා එනකල් බලන් ඉන්න එක හරි අමාරු වැඩක් වුණා.. එයා ආවත් හරි දවසක්ම එයාගෙන් මිදිලා ගෙවිච්ච පළවෙනි වතාව මේ.. උදේ ඉදන්ම දෝනි එක්කම දවස ගෙව්නත් හැම තප්පරේකම හිත අස්සෙ ඉදන් පපුව මැද්දම කොනිති ගහන්න එයාට පුළුවන් වුණා..

උදේ කෙල්ලව වොශ් කරවන තැන ඉදන් හවස එයා එනකල් ගාඩ්න් එක පුරාම දුව දුව සෙල්ලම් කරපු වෙලාව වෙනකල් ගෙවිච්ච හැම තප්පරේකම දූයි මායි හරි හරියට ලං වුණා.. එයා දැන් මටත් අප්පා කියනවා..

නූමි කියන්නෙ චූටි ඒන්ජල් කෙනෙක්.. ඒක ඇත්තටම ඇත්ත.. මට එක මොහොතක්වත් දුකක් නොදැනෙන්න එයා වගබලාගත්තා.. හ්‍යොංව මතක් වෙලා හූල්ලපු හැම වෙලාවකම කෙල්ලගෙන් මූණ පිරෙන්න හාදු මහ වැස්සක්ම හම්බුනා.. එයා කාගෙදෝ දරුවෙක් වුනත් හ්‍යොංගෙ ගතිගුණ එහෙම්පිටිම්ම කෙල්ලට පිහිටලා තිබුනා...

හ්‍යොං එනවයි කිව්ව වෙලාව පහුවෙලා පැය දෙක තුනක්ම ගත වෙද්දි හැමෝගෙම පපුවල ගින්දර පත්තුවෙන්න ගත්තා.. දවල් කෑමට එනවයි කියපු කෙනා අන්තිමට හවස පහ හය වෙද්දිවත් නෑවිත් ඉන්නකොට දෝණිට පවා ඒකෙ අමුත්තක් දැනෙන්න අරන් තිබුනා.. කෙල්ලගෙ කටිනුත් අප්පා කෝ කියන එක ඇරුනම වෙන වචනයක් පිට නොවුන තරම්...

අන්තිමට බැරිම තැන යුංගි හ්‍යොංලා එයාව හොයන්න පිටත් වුණා.. එයා හිටියෙ කේන්ති ගන්න පුළුවන් උපරිම සීමාවෙ. හ්‍යොංගෙ ආන්සර් නොකරන ෆෝන් එකට සියවෙනි වතාවටත් කෝල් ගන්න ගමන් එයාලා ගෙදරින් පිටත් වුණා..

නොසෑහෙන්න දැනෙන මූසල ගතිය දරාගන්නම බැරිතැන මං කෙල්ලවත් තුරුල් කරන් ආපහු ගාඩ්න් එකට ඇදුනා.. ඔයා කොහෙ ගියාද රත්තරනේ..? යන තැනක කියලා යන්න බැරි ඇයි දෙයියනේ..

"කුකී අප්පා..."

"ම්ම්හ්?"

"නූමිගෙ අප්පා කෝද ගියෙ?"

"දන්නෑ පැටියෝ.. අප්පා එයි දැන් ම්.."

හැමදාම කියවන කතාව මං ඔහේ මිමිණුවා.. ඇත්තටම ඔයා කෝ මැණික.. මේ මාව ගැහෙනවා බයටම..

"අප්පා දූනි බැනපු හින්දා දූනි දාලා ගීන්ද??"

"නෑ මැණික අප්පා එනවා දැන්.. අපි අප්පා එනකොටම දුවගෙන ගිහින් ඇඟට පැනලා බය කරමු ම්.."

"හී... අප්පව බය කලමූ.."

ඇතුළට අයිස්ක්‍රීම් පුරවපු චොක්ලට් බෝල ගොඩක් ගිලින ගමන් අපි දෙන්නා හ්‍යොංව බය කරන්න ප්ලෑන් කරන්න ඇරන් දැන් වරුවකටත් වැඩී.. පව් දැන් දැන් කෙල්ල නිදිමතේම මගෙ කර බදාගෙන අඟිල්ලක් උරවනවා...

අන්තිමට ගේ ඉස්සරහා වාහනයක් නැවතෙද්දි දෝනියි මායි කතා කරගෙන හිටපු විදිහටම ගේට් එක ඉස්සරහට දිව්වෙ ආපු කෙනා ඇතුළට නෑවිත් ඕනෙවටත් වඩා එතන ලතවෙවී ඉන්නකොට.. ඇයි තාමත් ඇතුළට එන්නැත්තෙ.. දෙයියනේ ඔයාට කරදරයක් ද වස්තුවේ? නැත්තන් වෙනදා වගේ සිහි නැතිවෙනකල් බීලද??

ගැහෙන පපුවත්තෙක්ක මං ගේට් එක ඇරියෙත් වාහනේ හිටපු කෙනා එළියට බැස්සෙත් එකම තප්පරේක.

"අහ්.. ඔයාහ්??"

සතුටින් උඩපැන පැන ගේට් එකෙන් එළියට දිව්ව කෙල්ල ගියපු වේගෙන්ම ඇවිත් මගෙ පිටිපස්සෙ හැංගෙද්දි ආපු කෙනාගෙ කටින් නොදැනිම පිටවුණේ වෙව්ලන කටහඬක්...

 
*************************

 
අනේ චුට්ටම චුට්ටක් පරක්කු වුණා පැටවුනේ.. 🥺

වැඩ ගොඩයි සමාවෙන්න 🤧

පරිස්සමින් ඉන්න හැමෝම.. ආදරෙයි මහ ගොඩක් 🥰❤️

Continue Reading

You'll Also Like

12.3K 65 7
This is my first time writing stories/oneshots (and yes they r kinda short but il try to make them longer) I hope y'all enjoy my oneshots:). If y'a...
573K 30.9K 19
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
7.2K 2.5K 25
"Sometimes it lasts in love, but sometimes it hurts instead" Published date :- 2022.12.08
928K 83.5K 38
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...