Love Of The Alpha King (zhany...

By ZinanAsami39

4.5K 1K 954

වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා... More

Part-1
Part-2
Part-3
Part-4
Part-5
Part-6
Part-7
Part-9
Part-10
Part-11
Part-12
Part-13
Part-14
Part-15
Part-16

Part-8

227 64 75
By ZinanAsami39

මෙය මාගේ මනංකල්පිතයක් බැවින් සැබෑ ජීවිතයේ ජීවත් වන්නන් හා සම්බන්ධ කර නොගන්න...







                    🐺Chapter-8🐺






"මොනවද yun ඔච්චර කල්පනා කරන්නෙ..ඔයාට පේන්නෙ නැත්ද මූ මට කරපු දේ..."

උලමිට මළ පැනල..😒

"මොකක්ද දැන් මට කරන්න කියන්නෙ..?"

මෙච්චර වෙලාවක් සද්දයක් නැතුව උන්නු රජතුමා අන්තිමට මොකක්ද එයාට කරන්න කියන්නෙ ඇහුව..

"එයාට දඩුවම් කරන්න..."

"මොකක්ද දෙන්න කියන දඩුවම...?"

"කස පාරවල් දහයක්.."

දෙයියනේ...කස පාරවල් දහයක්...😖මං අද නම් ඉවරෙටම ඉවරයි..මට ඉබේටම වගේ රජතුමාගේ මූණෙ දිහා බැලුන..එයත් මං දිහා රවාගෙන බලන් ඉන්නවා..වැරදි කරල තව රවන්නත් එනවනෙ හුම්..😑මෝඩය..

"එලියෙ දණ ගස්සන්න.."

"ඒත් මං කිව්වෙ කස පාරව්..."

"නවත්ත ගන්න මෙයිලී..මේක මගේ මාලිගාව..තීරණ ගන්නෙ මමයි.....
.......zihan..."

"රජතුමණි..."

"මෙයාව එලියෙ දණ ගස්සන්න.."

"ඒත් රජතුමණි..."

"මං කියන දේ කරනවා කියවන් නැතුව.."

"එහෙමයි රජතුමණි..."

මාව එලියෙ දණ ගස්සන්නලු..උදේ ඉදන් වැඩ කරල කරල පස්සෙ උයල දැන් දණ ගහන්න..හොදයි..මං හිතුව හරි ඔයත් අන්තිමට ගත්තෙ ලූනගෙ පැත්ත..එක අතකට ඔයා වැරදි නෑ ඒ ඔයාගෙ අනාගත බිරිදනෙ..

මං රජතුමා දිහාවත් නොබලම එන්න හැරුන..අර වේස ගෑනිට මං දණ ගහලත් මදිලු..තෝ මට කරපු දේට මං පලි නොගොත්තොත් මගෙ නම xuan නෙමෙයි මෙයිලී...උබවත් දවසක මං මේ මාලිගාව ඉස්සරහම දණ ගස්සන එක ගස්සනවම තමයි...🤬

"Xuan උතුමානනි.."

දණ ගහනකන් ඉදල මට කතා කරපු zihanගෙ හඩ බිදිල ගිහින් තිබුනා..

"රජතුමා ගැන වැරදියට හිතන්න එපා..සමහරවිට එයාට වෙන කරන්න දෙයක් නැති වෙන්න ඇති.."

"හ්ම්..."

එයා යන්න ගියා..මං ලග නවතින්න හදපු lingවත් එක්කගෙනම එයා යන්න ගියා වෙනකොට බිම දණ ඔබ්බ ගත්තු මං මගේ අත් දෙක දණහිස් උඩින් තියා ගත්තා...අහස ගොරවනවා..අකුණු ගහනවා වගේම සැර හුළගකුත් එහා මෙහා යනවා..සමහරවිට මට විහිලු කරනවා ඇති..ඔව් පුදුමයක් නෑ මං කොහොමද එයා මගේ පැත්ත ගනී කියල විහිලුවට වත් හිතුවෙ...

මුලින් පින්නක් විතරක්ම වැටුනු අහස දැන් දැන් මගේ හිත වගේම හයියෙන් අඩනවා..සීතල වැහි බිදු මහා ලොකු කැට විදියට අහසින් වැටිල මාවත් තෙත් කරගෙනම ඇදුමට උරා ගන්නවා..මං මෙච්චර වෙලාවක් දණහිස් දෙකෙන් තියාගෙන උන්නු අත් දෙකේ ඇගිලි දිගෑරල වැස්සට ඇල්ලුව..යන්තමට අල්ලෙ කැටයම් වෙලා තිබුනු කරගැට වලට සීතක වැහි කැට වැටෙනකොට සනීපයි..ඒත් මට එහෙම වැඩි වෙලා අල්ලගෙන ඉන්න උනේ නෑ..මගේ ඇගිලි වල හම ඇගිලිලා සුදුමැලි වෙලා ගියා..මොකද ඒ වතුර හරි සීතයි..

මං ඇහි පිහාටු දිගේ වැටෙන වතුර බිංදු අස්සෙන් වම් පැත්තට වෙන්න තිබුනු මල් පැල දිහා බැලුවා...උදේ හිටවපුව..මුල් හෑරෙන එකක් නැති වෙයි..මට හෙට වතුර දාන්න ඕනෙත් නෑ..මං ආයෙත් කවදාවත් රජතුමාගේ ඉස්සරහට එන්නෙ නෑ..මොකද මට එයා වෙන කෙනෙක් එක්ක ඉන්නව දරා ගන්න බෑ..හේතුව මොකක් උනත් මං අද විදවන්නෙ එයා නිසා..

වැස්ස පටන් අරන් දැන් හෝරාවකටත් වැඩියී..මුලින් මුලින් සීතල ඉවසන් උන්න උනත් දැන් දැන් මාව වෙවුලන්න අරන් තිබුන..

"උබට ඉවර වෙන්න අදහසක් නැත්ද අහස..මගෙත් හිත දැන් උබ වගේ මහා ගොඩාක් සැරට අඩනවා.."

මං හෙමින් මිමිණුවා..තාමත් ගොරවනවා..මං ගොරවනවට හරි බයයි..ඉස්සර නම් මං වහින වෙලාවට මෑනියන්ගෙයි පියාණන්ගෙයි මැද්දට රිංගනව උනත් අද මං ඒක දරන් උන්න..සැරින් සැරේට ගහන අකුණු එලි වලට මට මගෙම හෙවනැල්ල බිම ඇදිල තියෙන හැටිත් මාව යන්තමට වෙවුලන හැටිත් පෙනුන..

එයා නම් දැන් ලූන එක්ක තුරුල් වෙලා ඇති..සමහරවිට රමණයෙ යෙදෙනවත් ඇති..පුංචි කාලෙ ඉදන්ම විවාහ ගිවිසගෙන උන්න එයා ලූනගෙ අතින්වත් අල්ලල නෑ කිව්වම කවුද විශ්වාස කරන්නෙ..එයා දැන් ලූනව ඉබිනව ඇති..මාව අමතක ඇති..දැන් වැස්සට මාව තෙමෙනව කියලත් එයාට අමතක ඇති..එක අතකින් කස පාර වැදුන නම් මං දැන් තුවාල වෙලා හරි කාමරේ ඉන්න තිබුන..එහෙනම් සමහරවිට මට නින්ද ගිහින් තියෙන්නත් තිබුන..ඇයි එයා මට එහෙම කරේ..මං බැන්න රණ්ඩු උනා තමයි..ඒත්...ඒත්...

එයාට තිබුන මට මෙහෙම නොකර ඉන්න..මං හරි බයයිනෙ ගොරවනවට..මං හරි ඉක්මනින් අසනීප වෙනවනෙ සීතලට..මං හරි බයයි මෙහෙම තනි වෙන්න..අද කවුරුත් නෑ මගේ තනියට..අනේ පියාණනි එයා දැන් ලූන එක්ක නිදියනව ඇති..මට දුකයිනෙ..මට පාලුයිනෙ..මට වේදනයිනෙ..මාව එක්ක යන්න..මෑණියනි මාව එක්ක ගිහින් කාටම හරි විවාහ කර දෙන්න..එතකොට එයා මාත් එක්ක තෙමේවි..මාත් එක්ක දඩුවම් විදීවි..මගේ සීතලට උනුහුමක් වේවි..අනේ පියාණනි මාව අරන් යන්න..ඉස්සරහ ගහේ බැදල දඩුවම් කරත් කමක් නෑ මං අඩන් නැතුව ඉන්නම්..ඒත් මට මෙහෙ ඉන්න බෑ..මට..මට දුකයි..මට ඇඩෙනවා..මට අරකිව මරන්න තරම් තරහයි පියාණනි ඔයාට බැරිද මං වෙනුවෙන් ඒකිව මරන්න..මට ඕනෙ මේ මං අද දණ ගහන් ඉන්නවා වගේම ඒකිත් මේ මාලිගාව ඉස්සරහ මේ විදියටම දණ ගහන්න..

මං ඇඩුවා..දවල් වගේ මට ඕන උනේ නෑ කදුලු හිර කරන් ඉන්න..මොකද මේ වැස්සට මගේ කදුලු මට වත් පේන්නෙ නෑ..මං මගේ තොල හපාගෙන හයියෙන් ඇඩුව..මං දන්නෙ නෑ මට දුක ඇයි කියල..මං දන්නෙ නෑ මං අඩන්නෙ මට දඩුවම් දුන්නටද ගොරවනවට බයේද නැත්තම් රජතුමා ලූන එක්ක ඉන්නවා කියල හිතුනි නිසාද කියල..සමහරවිට ඒ ඔක්කොටම වෙන්න ඇති..ඇයි මට හිතෙන්නෙ මට අයිති දෙයක් වෙන කෙනෙක් භුක්ති විදිනව කියල..ඇයි මට හිතෙන්නෙ එයාට ගන්න තිබුනෙ මගේ පැත්ත කියල..මං දන්නෙ නෑ..මගේ වෘකයත් සෑහෙන්න වේදනා විදිනවා..එක පාරටම මට මොකක්ද දෙයියනේ මේ උනේ..මං කාගෙ පවකටද මේ කර ගැහුවෙ..

එයා මට එන්න කිව්වෙ නෑ..ඒ කියන්නෙ මං මුලු රෑම මෙහෙම ඉන්න ඕනෙද..මට තව කොච්චර වෙලා මෙහෙම ඉන්න පුලුවන් වේවිද..මගේ පපුව ගැහෙනව මටම දැනෙනව..මගේ අත් වගේම කකුලෙ ඇගිලි ගැහෙනව..මගේ දත් එකිනෙකට වදිනව..තොල් පවා වෙවුලනවා..වැස්ස ඉවරයක් වෙන පාටක් කොනකවත් පේන්න නැති වෙනකොට හමන සීතල හුළගට මාව බිම ඉන්දුන..

"ඌට මාව ඕනෙ නෑලු..ඌ මට දඩුවම් කරා යකෝ..ඌ මට දඩුවම් කරා..."

මං කෑ ගැහුවා..මං කියන දේවල් අහන් ඉන්න කෙනෙක් නැති උනත් මං ඔහේ කෑ ගැහුව..

"එලියෙ දණ ගස්සන්න..."

එයාගෙ කට හඩ කණ් දෙක පුරාවටම දෝංකාර දෙනකොට මං ආයෙත් බිම තණ ඔබා ගත්ත..උබට ඕනෙ මං දණ ගහන්න නම් මං දණ ගහන්නම්..මං හෙට උදේම මේ මාලිගාවෙන් පිට වෙනවා..මාව ජින් රාජ්‍යයේ ගහක එල්ලපු මළ කුණක් උනත් මං හෙට යනව..

ඉවරයත් නැති වැස්සත් මමත් විතරක්ම තනි උනු මාලිගා බූමියෙ වැස්සට මාව තනි කරන්න දුක හිතිලද කොහෙද තාමත් වහිනව..ගල් අල්ලපු පාර මැදට වෙලා දණ ගහන් උන්න මගේ දණිස් දෙක දැන් දැන් හිරි වැටිල ගිහින් තිබුන උනත් මං ඔහේ බිම බලන් උන්න..මොකද මගේ ඇස් දනවා..කොච්චර පිලිගන්න අකමැති උනත් මං එයා දැන් එයි දැන් එයි කියන්න බලන්න උන්න..මං බලන් උන්න එයා ඇවිත් මට උන දේ පැහැදිලි කරනකන්..ඒත් එයා නෑ..එයාට මාව ඕනෙ නෑ..දැන් එයා එයාගෙ ලූනත් එක්ක තුරුල් වෙලා නිදි ඇති..මං අහල තියෙනවා ගෑනුන්ට තරහ ගියාම හරි වසයිලු..ඉතින් පිරිමි එයාලගෙ තරහ නිමන්න එයාලව සතුටු කරනවලු..ඉතින්......ඉතින් එයත් දැන්....

"Xuan..."

හහ්..මට දැන් එයාගෙ කටහඩත් ඇහෙනව ඇහෙනව වගේ..මට පිස්සු හැදිලද...නැත්තම් සන්නියද...

"Xuan..."

මං ඔහේ බිම බලන් උන්න උනත් මට ආයෙත් ඒ කටහඩ ඇහෙනකොට මං හෙමීට ඔලුව උස්සල බැලුව....

ර්..රජ..තු..ම..ණි..හ්.. (හික්)

ඒ එයා..වැස්සෙ තෙමීගෙනම එයා ඇවිත් තිබුන උනත් මගේ කටින් වචන පිට නොවී ඉකියක් විතරක් පිට උනා..මොකද අඩල අඩල මගේ උගුරෙන් එලියට වචන එන්නෙ නෑ..

"මගේ මැණිකෙ.."

මං ලගට හෙමින් හෙමින් අඩි තියපු රජතුමා මාව හරහට උස්ස ගත්ත..ඒත් මං මූණ බැලුවෙ නෑ..මොකද මගේ ඇස් දැවිල්ලයි..මුලු ඇගම හිරිවැටිල..

ඇයි..ඇයි එහෙම කරේ..කියල මට අහන්න ඕන උනත් වචන පිට නොවෙන හින්දම මං නිහඩව උන්න..වැස්සෙම තෙමීගෙන ආපු එයා මාවත් උස්සගෙන මාලිගාව ඉස්සරහින් නැතුව පිටි පස්සෙන් ගිහින් කොරිඩෝවක් දිගේ අඩි තියන්න ගත්ත..එයාගෙ ආදරේ ඇති ඉස්සරහ..ඒකයි මාව පිටි පස්සෙන් අරන් යන්නෙ...

"Zihan.."

"ලෑස්තියි රජතුමණි..."

කාමරේක දොරක් ඇරපු රජතුමා මාව උස්සගෙන ගිහින් උණුසුම් වතුර තියෙන නාන බේසමක බැස්සුව..සනීපයි කියන්න බෑ..මුලින්ම සීතලේ ගැහුනු මට මද රස්නෙ වතුරත් හරි උණුසුම්ව දැනුන..හරියටම මාව පිච්චෙනව වගේ..මං අමාරුවෙන් උනත් හරි හෙමීට ඇස් දෙක ඇරිය..එයා මං දිහා බලන් ඉන්නවා..ඒ ඇස් ගොඩාක් රතු වෙලා..ඉදිමිල තිබුන..ඒ තොල්...ඒවත් රතු වෙලා...............
සමහරවිට...සමහරවිට මං හිතුව දේ හරි ඇති...

මගේ ඇගේ තිබුනු මඩ වලට පිරිසිදු වතුරත් ජරා වෙලා යනකොට පුංචි පුංචි ගල් කෑලි වගේම රොඩු කෑලි වතුරෙ පා වෙන ගමන් තිබුන..මෙච්චර වෙලාවක් මගේ දිහා බලාගෙන හිටපු රජතුමා අන්තිමට මාව නාන බේසම ඇතුලෙම හිට්ටෙව්ව වෙනකොට මං බිම බලාගෙන හිටියා..මට බයයි එයා දිහා බලන්න මොකද මට ඇඩුනොත්..

"ඔහොම ඉන්න.."

එයා මට ඔහොම ඉන්න කියල මගේ උඩ ඇදුම් සම්පූර්ණයෙන්ම ගැලෙව්වා වගේම මං සද්ද නැතුව හිටිය....ඒත් එයා එක පාරටම මගේ යට ඇදුමත් ගලවන්න පහලට අදිනකොට මං අමාරුවෙන් උනත් එයාගෙ අත අල්ල ගත්ත..ලැජ්ජාවක් නෑ..ඒත් අසරණකමක් දැනෙනවා..

"මං මොකුත් කරන්නෙ නෑ..බය නොවී ඉන්න..."

එයා එහෙම කියනකොට මං මගේ අත ගත්ත...මොකුත් කරන එකක් නෑ තමා කරන්න ඕනෙ ඔක්කොම කරලනෙ එන්න ඇත්තෙ..දැන් මහන්සි ඇති දගලල..😒

මගේ ඇදුම් ඔක්කොම ගලවපු එයා මාව ආයෙමත් උස්සගෙන ගිහින් තවත් නාන බේසමකට බැස්සුව..ඒක නම් සනීපයි..ඒ වගේම බෙහෙත් සුවදයි..එයා ඒකට බෙහෙත් කලවම් කරල මං හිතන්නෙ..

බෙල්ල ලගට වෙනකන් වතුරට ඇග බස්සපු මං දිගෑරිය ඇස් දෙක පියා ගත්ත..ඇගේ සීතල හෙමින් හෙමින් නැති වේගෙන එනකොට දණිස්සෙ කැක්කුම වගේම ඇගේ කැක්කුම එලියට එන ගමන් උන්න..දතක් උනත් කැක්කුම හිරිය ගියාම වෙනකොට සීතලට හිරි වැටිල තිබුනු අත පය හිරිය යනවත් එක්කම වේදනා දෙන්න ගත්ත..ඇගේ වේදනාවයි හිතේ වේදනාවයි එක්ක තව අලුතින් ඔලුව කැක්කුමකුත් ඒකට එකතු වෙනකොට මං හෙමින් හෙමින් ඇස් ඇරිය..

එයා බේසම ලගම ඉදගෙන මගේ දිහා බලාගෙන ඉන්නව..සුරංගනාවි නලවල වෙන්නැතිනෙ එන්න ඇත්තෙ පවු මහන්සි ඇති..😒😑

මං ඇස් අරිනකන් හුම් සද්දයක් නැතුව හිටපු රජතුමා එයාගෙ එක අතකට වතුර අරගෙන මගේ මූණ තෙමුව වගේම පුංචි බාජයක් අරගෙන අන්තිමට මාව නෑව්ව..නාවල බේරෙන්න වෙන්නැති හිත..මං හෙට මෙහෙන් ගියාම අර කුරු වැල ගෙඩිය තෝම කාපිය ඌරු මීයා..

වචනයක් වත් නොකිව්වට මොකද මං හිතින් පුලුවන් තරම් දෙහි කැපුව..ඇයි යකෝ මට දඩුවම් දීල මූ හොදට නිදා ගන්න ඇති..

මෙච්චර වෙලාවක් මාව නාවපු රජතුමා ආයෙත් මා බේසෙමේම නැගිට්ටවල මගේ ඉණේ තුවායක් එතුව වගේම ආයෙත් මාව හරහට වඩා ගත්ත..

"Zihan..."

"රජතුමණි..."

"මෙයිලී නිදි නේද..."

"එහෙමයි රජතුමණි.."

"හ්ම්..."

එයා එයාගෙ කුප්ප ප්‍රියම්බිකාව නිදිද අහනවා..ඕක ඉතින් අර අහිංසකයගෙන් අහන්න ඕනයෑ ඇයි නිදි කරවල නෙමෙයිද ආවෙ..😒

එයා මාවත් අරගෙන ආයෙත් කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගියා වෙනකොට ටික දුරක් ආපු රජතුමා කාමරේකට ඇවිත් දොර වැහුව..අද මට දගලන්නවත් පණ නෑ..අඩල අඩලම හෙම්බත් උනු මට දැන් ඕනෙ සැනසීමෙන් නිදා ගන්න..

"රජ...තුම..ණි.."

"බය නොවී ඉන්න..."

රජතුමා එයාගෙ ඇදුම් එකින් එක ගලවනව මං යන්තමට දැක්ක පාර කොහෙන් ආව හයියකටද මංද මාව ඇදේ බාගෙට ඉන්දුනා වෙනකොට එයා මට බය නොවී ඉන්න කියන ගමන් මහ අමුතු හිනාවක් එක්ක ඇවිත් ඇදේ ඇල වෙලා මාව ඇදල එයාගෙ උරහිස්ස උඩට ගත්ත..

ඇගේ කොච්චර අමාරු තිබුනත් මං වැස්සෙ ගැහුන වෙලාවට වඩා වැඩියෙන් දැන් මගේ පපුව ගැහෙනවා හරියට මගේ හුස්ම හිර වෙන්න වගේ...මං තදින් ඇස් පියා ගත්ත...රජතුමාගෙ උඩු කය නිරුවත් පපුවෙ උනුසුම මගේ සීතල යන්තමට අඩු කරනකොට එයා හෙමීට මගේ පිට දිගේ එයා එයාගෙ අතක් උඩට පහලට අරන් ගිහින් මගේ නළලට පුංචි හාදුවක් තියල ලොකූ හුස්මක් පිට කලා...

"Xuan..ඇයි ඔයා එහෙම කරේ...?"

එයා මගෙන් ඇයි එහෙම කරේ අහනවා..කොහෙම කරපු එකක් ගැනද එයා මේ අහන්නෙ..

"මො..කක්..ද.."

මං ඇහෙන නෑහෙන ගානට අකුරු ඇමිණුවා..

"ඔයා ඇයි මෙයිලිගෙ ඇගට සුප් එක හැලුවෙ..?"

මෙච්චර වෙලාවක් උඩුපෙළි අතට උන්නු රජතුමා මං එයාගෙ අත උඩ ඉන්දැද්දිම පැත්තට හැරිල මගේ මූණට එබුන..එතකොට එයා දැනගෙන මං ඒක කලේ හිතල කියල..ඇත්තටම මං ඇයි එහෙම කරේ..මටත් හිතා ගන්න බෑ....

"ම්ම්..ඔයා ඇයි එහෙම කලේ xuan...?"

එයාට රිදිල චිංචිමානවිකාවගෙ ඇගට සුප් හැලුන කියල...පුහ්..

"මං දන් නෑ.."

මං ඇත්තම කිව්ව..මං දන්නෙ නෑ..

"දන්නෙ නෑ...?"

"හ්ම්..මට කර..න්න හිතුන..ඉතින් කරා..ඔයාට දුකයි නේද නෝනට රිදුනම..?"

මං එයාගෙ දිහා කෙලින් බලාන දුකයි නේද ඇහුවම එයා කට කොණින් මහ අමුතු හිනාවක් දැම්ම..

"හ්ම් දුක හිතුන...ගොඩාක්.."

මං හිතුව හරි..එයා ලූනට ආදරෙයි...

"හ්ම්..මං හෙට මෙහෙන් යනව..."

"මෙහෙන් කිව්වෙ..?"

එයා ආයෙත් මට රවනව..මේ අසනීපෙන් ඉන්න මට රවනව..

"මාලිගාවෙන්..ඔයාගෙන්..ඔයාගෙ ජීවිතෙන්....."

"මොනවද ඔයා මේ කියවන්නෙ xuan..?මං ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ..."

"ඔයා මාව තියාගෙන ආයෙත් අරය කිව්වම මට දඩුවම් කරන්නද..?"

එයා නිහඩ උනා..කියන්න දෙයක් නැතුව ඇති..

"මේක මගේ ජීවිතය..මට ඕනෙ නෑ කාගෙවත් දෙවෙනි තේරීමක් වෙන්න.."

මං ආයෙත් කිව්වම එයාගෙ මගේ ඇස් දෙක දිහා මාරුවෙන් මාරුවට බලන්න ගත්ත..මාව අත් අරින්න රජතුමණි මට යන්න දෙන්න..මං හිතුවත් කියන්න ගියෙ නෑ..මොකද මං හෙට යනව..

"ඔයා කවදාවත් මගේ ජීවිතේ දෙවෙනි තේරීම නෙමෙයි..."

"එහෙනම් තුන,හතර නැත්තම් අන්තිමයද..."

"නිදා ගන්න xuan..ඔයා නිදිමතෙන්.."

"ඔයා ප්‍රශ්න මගාරින්න දක්ශ නෑ රජතුමණි..මං හෙට මෙහෙන් යනවා.."

"හ්ම්..ඔයාට යන්න ඕනෙම නම් යන්න..ඒත් මේක මතක තියා ගන්න.. සමහර දේවල් රකින්න නම් අත් අරින්නම වෙනව xuan..හරියටම මට ඔයා වගේ...ඒක නිසා කවදාවත් මං දිහා වැරදියට බලන්න එපා..මොකද මං ඔයාට අයිති කිසි දෙයක් ඔයාට නැත්තම් වෙන කාටවත්ම අයිති වෙන්න දෙන්නෙ නෑ.."

"මට මොනවද ඔයාගෙ අයිති..?"

එයා අයිතිය ගැන කියනකොට මං තවත් කටපියන් නොයිද මගේ අයිතිය ගැන ඇහුව..එයා මොකක්ද මේ හැටි කියන අයිතිය..

"මෙතන.."

එයා මගේ අතක් අරගෙන එයාගෙ නිරුවත් පපුවෙන් තියාගත්ත..එතකොට මට අයිති එයාගෙ හදවත නම් එයාගෙ ඇග අයිති කාටද...?

"ඔයා මගේ කවුද රජතුමණි..?"

"මං ඔයාගෙ...."

ටොක්..ටොක්..ටොක්..

"රජතුමණි ලූන ඇහැරිල..."

එයා මගේ කවුද කියන්න හදනවත් එක්කම zihan මෙයිලී ඇහැරිලා කියල දොරට තඩිබාන්න ගත්ත වෙනකොට ඒ ඉක්මනින්ම ඇදෙන් බැහැපු එයා උඩ ඇදුමත් ඇදගෙන දොර ලගට ගියා..

"අද මෙතන නිදා ගන්න xuan..මං යනවා.."

"ආයෙ ඔයා එන්නෙ නැත්ද..."

මං ඇහුව නෙමෙයි ඇස්සවුන..

"නෑ මං අද එන්නෙ නෑ..පරිස්සමින් ඉන්න.."

එහෙම කියපු එයා යන්න ගියා වෙනකොට දෙන්නත් එක්ක උන්නු ඇදේ අන්තිමට මං තනි උනා..

"මෙයිලී..මෙයිලී..මෙයිලී..එයා මං ලගට එන හැම වෙලාවකම උබ කොහෙන් හරි ඇවිත් එයාව අරන් යනවා..ඉතින් මින් පස්සෙ වෙන දේවල් වලට වගකීම මං ගන්නෙ නෑ..ඒ හැමදේටම මුල උබ..මින් පස්සෙ එයාගෙම මේට් ආවත් මං එයාට යන්න දෙන්නෙ නෑ...ඒ වගේම මාලිගාව ඉස්සරහ උබව දණ නොගැස්සුවොත් මං පුරාණ සුදු වෘක ආත්මය නෙමෙයි.."

මගේ වෘකය Xiexie හිත යටින් ගොරවන්න අර ගත්ත වගේම මොන මොනවදෝ මුමුණපු එයා නිහඩව නින්දට ගිය වෙනකොට මාත් මගේ බර වුනු ඇස් හෙමින් වහ ගත්ත...



















සමහර දේවල් රකින්න නම් අත් අරින්නම වෙනව xuan..
                             From Alpha King..
2022/08/09

Continue Reading

You'll Also Like

4.5K 1K 16
වැටෙන්න වැටෙන්න... නැගිටින්න... ආයෙත් නොවැටි ඉන්න අත දෙන්න... මං ඉන්නව ඔබේ අසලම... ජීවිතේ සමහර දේවල් තියෙනවා දෛවයටත් පිටින් යන..අන්න එහෙමයි මං ආයෙත්...
9.1K 1.1K 18
"അൽമേധ സാമ്രാജ്യം"- മനുഷ്യരോ അതോ ചെന്നായ്ക്കളോ എന്ന് തിരിച്ചറിയാനാകാത്ത തരത്തിലുള്ള ഒരു വലിയ ജനത ആ നാട്ടിൽ തങ്ങളുടെ സന്തോഷകരമായ ജീവിതം ആസ്വദിച്ചു പോന...
38K 6.5K 58
සෑම දෙමුහුන් ජීවියෙකුගෙම පූජනීය දේවතාවිය වන සඳ දෙව්දුව දුශ්ඨයෙකු අතින් කෙලසී තම ජීවිත ගමනට සමුදෙන්න තීරණය කරනා විට එතුමියගේම විෂිශ්ඨම නිර්මනය වූ ලයික...