COURTESAN OF THE PALACE || KS...

By Ayo_PJM

4.5K 1.4K 458

A women who Reserved For Royal Mans.... A KSJ FanFiction By_Ayo Start :- 2022.07.07. End :- 2022.09.07. More

(01) රක්ත සේලය
(02) සාදයේ ගිනිසිලුව
(03) දෝලාව
(04) කුමර බඹසර
(05) පළිඟු දෑස
(06) පණ්ඩිත නදිය
(07) අනුවණ වදකාරිය
(08) ලොම් ගුලිය
(09) දෙපලු පළඳනාව
(10) නදි අසබඩ
(11) උණුසුම් සිනහව
(12) සිත්තම
(13) රාජකීය නියෝග
(14) රදළ පිනවීම
(15) අමුත්තකුගේ පැමිණිම
(16) ගලා යන නදිය
(17) රිදුම
(18) ප්‍රේමයේ මුසුව
(19) ප්‍රේමාන්විත දෑස්
(20) අභිසාරිකාවක
(21) අග්නි පළිහ
(22) ⁣ප්‍රේමය නිසාම
(23) බොඳ වුන ඡායා
(24) ප්‍රේමයේ සලකුණ
(25) බලාපොරොත්තුව
(26) හුරැබුහුටි වදකාරිය
(27) රාජකීය උදහස
(28) යළි හමුවීමක්
(29) සයුර වෙතට

(30) පළිඟු තාරකාව

225 48 45
By Ayo_PJM

" පියාණනි.........!! පියාණනි.....!!! අවධි වන්නකො........ පියාණනි...... !! "

හනුල්ගේ හුරැබුහුටි කෑ ගැසිම් සවන් වැකුනත් සොක්ජීන් දෑස් වසාගෙනම අනික් පස හැරැනා. නමුත් එලෙසින් ඔහුට නිදාගැන්මට හැකිවුයේ නිමේශයක් පමණයි.

" ආාාාහ්........ හනුල්යා..... පණ්ඩිත වදකාරිය.........!!! "

පුංචි හනුල් සිටියේ සොක්ජින්ගේ සිරැර මතට නැගගෙනයි.

" ඔබ ඔය කුමක් කරනුයේ දැන්..ආ... හනුල්යා...!! "

" මා මේ අසුපිට යනවා... ඔබ විලසින්.. "

" මා....විලස... නුඹේ පියා අස්වයකු මෙන් පෙනෙනවාද...? ⁣මොට්ට කෙල්ල..! "

සොක්ජීන් හනුල්යා අල්වාගෙන සියුම් ලෙස කිති කවන විට ඇගේ සිනා හඬ ඔවුන්ගේ මැඳුර පුරාම විසිර ගියා.

පස් වසරක් වුන පුංචි හනුල් නිවැරදි ලෙස කතාබස් කිරීමට පුරැදු වුන පසුව සොක්ජීන්ගේ මුවඟ සිනහවක් නොමැති මොහොතක් සෙවීමත් අපහසු වුනා.

පුංචි හනුල්යා තුරැළට ගෙන මදක් සයනයට වී සිටි සොක්ජින් ඇයවත් ඔසවාගෙනම ස්නාන කුටිය වෙතට ගියා.

" පියාණනි... රෝස පෙති.... අතුරමුකො..!! "

" සෑම දිනක රෝස පෙති අවැසි නැහැ... හනුල්යා......!!! "

" මා ස්නානය කරන්නේ නැහැ.....!! "

හනුල්යා ඇගේ පුංචි දෑත් හරහට බැදගෙන මුහුණු පුම්බාගෙන පවසන විට සොක්ජින් තම සිනහව මැඬගෙන සිටියා.

" පණ්ඩිත....වදකාරිය.......!! "

" කුමක් ද පියාණනි.........???? "

" නැහැ...නැහැ...කිසිවක් නැහැ... මා ගොස් රෝස පෙති රැගෙන එන්නම්.."

හනුල්යාගේ පුංචි පළිඟු දෑස් සතුටින් දිලෙන දෙස සොක්ජීන් සිනහාවෙමින් බලාසිටියා.

⁣ඉන්පසු හෝරාවක් පුරාවට සොක්ජීන් උණුසුම් දියෙහි සිට හනුල්යගේ හුරැබුහුටි ක්‍රියාදෙස බලාසිටියා.

ස්නානය නිමා කල පසුව සොක්ජීන් සිටියේ හනුල්යාගේ කුඩා කෙස් වැටිය සියුම් ලෙස පිසදමන ගමන්ය.

හනුල්යා සිටියේ ඔවුන්ගේ කුටියේ තිබුන විසිතුරැ බහාලුම් ඇද දමන ගමන් ය.

" පියාණනි.......!!!! "


" ආාහ්...හනුල්යා... මා ඔබ අසළයි සිටින්නේ... කිමද...එවර......? "



" මෑණි...යන්..........."



හනුල්යාගේ බිඳි ගිය හඬින් සොක්ජීන් ඈ දෙස බලන විට ඇය සිටියේ ගාරම්ගේ රැව ඇදි සිතුවම ඔස්සේ ඇගේ කුඩා ඇඟිලි රැගෙන යමන් ය.

" එය......බොහෝ.... සුන්...දරයි..... පියාණනි.... ! "

" මෑණියන්...... මෙන්ම ඔබත් සුන්දරයි.. මගේ හනුල්යා..."





සොක්ජීන් තම හඬෙහි වෙනසක් නොකර එලෙස පවසා හනුල්යාව ඔහුගේ ඇකයට ගත්තා.

" කවුරැන් ද...... මෙය සිතුවම් කලේඑ... ? "

" මා මිසක් වෙන කවරෙක්ද..ඉදින්..!! "




" එසේනම්..... මාත් සිතුවම් කරන්නකො... පියාණනි......!! "




හනුල්යාගේ ඇවටිලි කිරීම් වලින් ගෙවි ගිය හෝරා කිහිපයට පසුව ඇය සිටියේ සොක්ජීන්⁣ගේ උකුල මතයි.

මොහොතකට පෙර සොක්ජින් විසින් සිතුවම් කරන ලද සිතුවම දිගේ හනුල්යා තම කුඩා ඇඟිලි තුඩු රැගෙන යමින් සිටියා.

සොක්ජීන් ඇගේ පුංචි උර මතින් ඔහුගේ මුව තබාගෙන එදෙස බලාසිටියා.

" මේ කවුරැන්ද පියාණනි.....? "

" මේ ඔබනේ....... "

" මා මෙතරම් සුන්දරයි ද..... නමුත් මා කිසිදිනෙක මෙලෙස හිස සරසා නැහැ නේ.... ආාහ්... පියාණනි.....!!!! ඔබ වෙනත් කෙල්ලකු සිතුවම් කලේ ඇයිද... පියාණනි........!! "

හනුල්යා සොලවන පුංචි හිස සොක්ජීන්ගේ දෙතොල්වල වැදිම නිසා සොක්ජින් සිටියේ තම දෙතොල් මත දෑත් තබාගෙනයි. ඇ⁣ගේ හුරැබුහුටි කෑ ගැසීම්වලින් සොක්ජීන්ගේ සවන් පිරි ගොස් තිබුනා.

" අයි⁣ගො....අයිගො..... මේ බලන්න.. හනුල්යා... හැඬිමට තරම්... ඔබේ පියාණන්ව අවිශ්වාසද... ?
.
.
.
බලන්න මේ... කුඩා දෙ⁣තොල්.. මයි.. ඔබ සතුවි ඇත්තේ... ම⁣ගේ දෙ⁣තොල් මෙන්..
.
.
.
මේ... පිරැනු කොපුල්... බලන්න ඔබගේ.. මෑණියන් මෙන්....
.
.
.
මේ පළිඟු දෑස් බලන්න... හනුල්යා.. ඔබගේ මෑණියන් ලෙසින්....
.
.
.
ඔබගේ සිහින් කෙස්වැටිය බලන්න.. මේ.. එයත් මෑණියන් විලසමයි... "

සොක්ජීන් හනුල්යාගේ දෙතොල් කොපුල්.. දෑස් අල්වා සිතුවම පෙන්වන විට හනුල්යා ඒ දෙස ආශාවෙන් බලාසිටියා.

සොක්ජීන්ගේ ද දෙ⁣⁣තොල් පරික්ෂා කිරිමෙන් පසුව හනුල්යා ඇගේ සිතුවම සිනහා වී තුරැල් කරගත්තා.

සොක්ජීන් තම පුංචි දියණියව ඔහුගේ තුරැළට ගෙන ඇගේ කොපුල් මතින් හාදු තවරා ඇයව වැළඳගත්තා.

ගාරම් සිහිවීම නිසා සොක්ජීන්ගේ හද වියවුල්ව තිබුනත් හනුල්යා නිසාවෙන් සොක්ජීන් ඒ වේදනාව යටපත් කරගත්තා.

ඔහු තම දියණි⁣යගේ දිලෙන පළිඟු දෑස් දෙස බලා සිනහාසුනා.


















****************************

" පියාණනි....... අප මේ කොහිද යන්නේ... ? "

" දොක්මො.... මාමණ්ඩි... ඔබවත් පවසන්නකො....? "



" අසු තදින් අල්වා ගන්න හනුල්යා..."




සෙමින් ඇදෙන අසු පිට සොක්ජීන්ට පිට දී සිටි හනුල්යා ඇවටිලි කරමින් විමසුවත් සොක්ජීන් ඇයට තරවටු කර අසුගේ වේගය වැඩි කලා.

මුහුණ හකුලුවාගත් හනුල්යා සොක්ජීන් හා දොක්මෝ වෙතට සියුම් රැවුම් පා කලා.





" අප මේ කොහිද.. සිටින්නේ......? පියාණනි....! "

ප්‍රවේසමෙන් හනුල්ව අල්වා අසුගෙන් බිමට ගත් සොක්ජීන් හනුල්යාගේ කුඩා දෑත තම දෑතට සිරකරගත්තා.

" අපි සයුර බැලීමටයි පැමිණියේ..."



සොක්ජීන් සිනහවක් නගාගෙන හනුල්යා දෙස බැලුවා.

" මෑණියන් අප දෙස බලාහිඳනවා නේද.. පියාණනි.......? "


" අප මෑණියන් එනතෙක් සයුරේ රැළි වල පෙණ කැටි අල්වමු..... ! "





හනුල්යාගේ සිනාව මුසු ව ගිය කෑ ගැසුමුත් සොක්ජීන්ගේ සියුම් සිනාහඬිනුත් මුලු වෙරළ තිරයම වැසි ගියා.

හිරැ අවරට ගොසින් සඳු සිතිජ තලයෙන් එබි එන තෙක්ම ඔවුන් එහි රැඳි සිටියා.

චන්ද්‍රයා නිසා සයුරැ රැළි දිලීමට පටන් ගත් පසුව සොක්ජීන් සිටියේ වැල්ල මත හිඳගෙන සයුර දෙස බලාගෙනයි.

හනුල්යා තම කුඩා දෑත් සොක්ජීන්ගේ කර වටා දමාගෙන ඇගේ හුරැබුහුටි වත ඔහුගේ හිස වෙතට නැඹුරැ කරගෙන ඝන නිල් පැහැති අහස් කුස බලාසිටියා.

නිහඬතාවය බිඳ දැමුවේ සයුරැ රළත් සුළගත්ම පමණක් වුනා.





" සෙම්පතිතුමනි..........!! "






සොක්ජීන් ඒ හුරැපුරැදු හඬින් ගැස්සි බලන විට ඈතින් නරි සිනාමුසු මුහුණින් ඔවුන් දෙස බලාසිටියා.

" හනුල්යා... ඔබ දොක්මො මාමණ්ඩිය සමඟින් ගොසින් රසකැවිලි මිලට ගන්න... "

" එහෙමයි පියාණනි....... "


දොක්මෝ සමඟින් නගරය වෙතට ඇවිද යන හනුල්යා දෙස බලාසිටි සොක්ජීන් හිඳ උන් තැනින් නැගිට නරි වෙතට ඇවිද ගියා.

නරි මෙන්ම සොක්ජීන් ද නිහඬව ම සයුර දෙස බලාසිටියා.








" ඇය ඔබ දෙස බලා සතුටු වනවා ඇති සෙම්පතිතුමනි...... ! "

" ඇය සතුටින් හිඳිනවා ඇති... මා සෙම්පතියකු නොවෙයි දැන්.. නරි.. මා කිම් සියොක්ජින්..... "

" නමුත් ඔබයි.. බෙක්ජේහි එකම රිදි පළිහ... යුධය නිමා කර සෞභාග්‍යය ගෙන ආ... "



නරිගේ වදන්වලට කිසිවක් නොපැවසු සොක්ජීන් සඳ අසලින් දිලෙන පළිඟුවක් බඳු තාරකාව දෙස බලාසිටියා.

" ඉදින් නරි... නුඹ විවාහ වන්නේ නැති ද.... ? "

" මා සිතන පරිද්දෙන්... විවාහය.. මා හට උරැම නොවුවක්... එය හුදෙක් මගේ ඉරණමයි...... ! "




" ප්‍රේමය නිසාවෙන් උරැම වන විදවීම නම් ඔබට උරැම හැඩයි..... ! "


සොක්ජීන් පළිඟු තාරකාව දෙස බලාගෙනම පවසන විට නරි සියුම් ලෙස සිනාසුනා.

" මා හට කමාකන්න නරි...... මා නිසා..! "



" ප්‍රේමය නිසා උරැම වන විදවීමකට වගකීම අප ගතයුතුයි.. සෙම්පතිතුමනි.. එය වේදනාත්මක හෝ සතුටුදායක විදිමක් වුවත්..... එය බාර ගැනීම ප්‍රේමකරන්නා සතු වගකීමක්..... ! "





සොක්ජීන් මොහොතක් නරි දෙස බලා නැවතත් අහස්කුස දෙස බැලුවා. සිනාසුන නරි සොක්ජීන් හට ආචාර කොට සයුරින් ඉවතට ඇවිද ගියා.

" මා පැමිණෙන තෙක් බලාහිදින්න ගාරම්......
.
.
.
මා ඔබ වෙතට පැමිණෙන දිනය තෙක් බලාසිටින්නම්...
.
.
.
පසුව අප දෙදෙනාම එක්ව හනුල්යා පැමිණෙන තෙක් බලාහිඳිමු..... "









ඈත කාල වර්ණ අහස් කුසේ දිලෙන පළිඟුවක් බඳු තාරකාව දෙස බලා සොක්ජීන් මිමිණුවා.

වේදනාව තුළ පවතින රසය සොක්ජීන් දැන සිටියා... ප්‍රේමය නිසා සොක්ජීන් ඒ හැඟිම් විදගත්තා.

සයුර වෙතින් එන සුළඟින් තම හද පුරවා සුසුමක් ගත් සොක්ජීන් දෑස් වසාගත්තා.

බලාපොරොත්තු වුන අවසානය ඔවුන් වෙතට නොපැමිණියත්... සැනසිලිදායක හැඟිම් ඇති හදින් ඔවුන් එකිනෙකා උදෙසා බලාසිටින්නට තිරණය කලා.

ප්‍රේමය පිරැනු හදින් ඔවුන් එකිනෙකාගේ හමුවීම උදෙසා බලාසිටියා...









" පියාණනි....... !! "




හනුල්යාගේ සිහින් හුරැබුහුටි හඬ නිසා සොක්ජීන් හැරි ඇය දෙස බැලුවා.

ඇය නවමු ලෙසින් සිනාසෙමින් සොක්ජීන් දෙස බලාසිටියා. ඇගේ පළිඟු දෑස් නොබිඳි යන ලෙසින් දිලෙමින් තිබුනා.

" අපි වෙරළ දිගේ ඇවිද යමු ද පියාණනි......!! "

රසකැවිලි මුව පුරා තබාගෙන කෑ ගසන හනුල්යා දෙසට සොක්ජීන් සිනහාවෙමින් ඇවිද ගියා.

හනුල්යාගේ සියුමැලි දෑත සොක්ජීන් තම දෑතට සිරකරගත්තා. ඔවුන් වෙරළ තිරය ඔස්සේ හෙමින් හෙමින් ඇවිද යන විට කාල වර්ණ අහස්ගැබේ වුන පළිඟු තාරකාව දීප්තිමත් ලෙසින් බැබලුනා.


අභිසාරිකවක් විලස උපත ලැබු ඇය ප්‍රේමය සමඟ ගලා ගොසින් අවසානයේ සයුර හා බැඳුණ පළිඟු තාරකාවක් ව දිලිසුනා.

සටන් වැදීම දිවිය කරගත් ඔහු අවසානයේ ප්‍රේමය සමඟින් බලාසිටියා.
























~ THE END ~
Courtesan Of The Palace

______________________________________

තාරුකා නිවා දුර ඈත තනි වෙලා....
.
කොහේ ගියාද දිව්යාංගනා....
.
නික්මී නොයා මහදේ දොර වසා....
.
හදේ රැඳෙන්න දිව්යාංගනා....
.
ළං වී ඉඳින්න දිව්යාංගනා....
.
හදේ රැඳෙන්න දිව්යාංගනා....
.
.
.
.

මුලින්ම.. සමාවෙන්න.... සැඩ් එන්ඩින් එකක් දුන්නට.. ඒක හරි ආමාරැයි...
ලියන්නත්... ඒත් ප්ලොට් එක වෙනස් නොකර මං හිතපු එන්ඩ් එකම දුන්නා.

ලියපු පොත්වලින් හරිම සංයමයෙන් ලියලා ඉවර කරපු පොත මේක වෙන්නැති... 🙂

ඊයේ මහ පාන්දර සීතල නිසා සිංදුවක් අහන්න ගත්තම ඔය සිංදුව ප්ලේ උනාම හිතුනා මේකත් ටිකක් ඒ වගේ නේ කියලා..

කතාව ගැන හිතෙන දෙයක් කියන් යන්ඩො......

_AYO_

Continue Reading

You'll Also Like

10.1K 1.5K 27
දුක ,තනිකම විතරක් උරැම වු මගේ ජීවිතයට වසන්තය එවිද ??
17.4K 3K 25
"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampire...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ