උදෑසන හිරැ කිරණ නිසාවෙන් උණුසුම් වන තුරැපත් නැගෙනහිර දෙසට නවමු ලෙසින් බර වී තිබුනා. මලින් බර වුන තුරැපඳුරැ වටා කුඩා සමනලුන් රොන් උදෙසා දඟදෙන විට කුඩා පියුම් පෙති විදහා පිබිදීමට පටන් ගත්තා.
පෙරදින පුරාම තිබුන පොද වර්ශාවෙන් පසුව පරිසරය ඉතා ප්‍රබෝධමත් ව දිලෙමින් තිබෙන අයුරැ දෙස පුංචි වටකුරැ දෑසක් සිනහාවෙමින් බලාසිටියා.
වනය ආසන්නයේ වුන කුඩා පැල්පතෙහි කවුලුවෙන් පිටතට එබි තිබුන පුංචි පළිඟු දෑස්වල නැවුම් බව උතුරා ගොසින් තිබුනා. ඇය ඇගේ කුඩා හුරැබුහුටි දෑත්වලින් පැල්පතේ කවුලුව දෙසට නැමි තිබුන මල් ඉත්ත අල්ලාගැනීමට ඇඟිලි තුඩුවලින් එසවෙමින් සිටියා. ඇගේ සිහින් කුඩා දෙතොල් සපාගෙන මල් ඉත්ත අල්වා ගැනීමට වෙහෙසුනේ ඒ කුඩා හුරැබුහුටි මුහුණත් පුම්බාගෙනයි.
ඇය ලා රෝස පැහැති කුඩා පුෂ්පයක් බඳු උනේ. කුඩා දෑඟිලි... හුරැබුහුටි අත් පා.. නිල් පැහැයකට හුරැ පළිඟු දෑස්.. මෙන්ම රෝස පැහැති පිරැනු කොපුල් නිසාමයි.
ඇය ඇගේ කාරිය නවතා දමා වටකුරැ ගත් පළිඟු දෑසින් යුතුව ඈතින් පැල්පත දෙසට ඇවිද එන රැව දෙස බලා සිනහාසුනා.
" මෑ...............ණි......යනි......!!!! "
ගාරම් පැල්පත තුළට පැමිණෙන විටම කුඩා හුරැබුහුටි පියුම ඇගේ ඇකය වෙතට පැනගත්තා.
" ඕ.... හනුල්...... ඔබ අවධි උනාද... ? "
" ම්මමම... මෑණි......යන්.... එ_න තෙ_ක්.. මා බලා_සිටියා..... මේ... මා.. ත_නි_වම.. වස්_ත්‍ර හැදගත්_තා... මෑ_ණියනි......! "
අපහසුවෙන් වදන් එකතු කර හුරැබුහුටි ලෙසින් කතා බස් කරන තම දියණියගේ පිරැනු කොපුල් මතින් ගාරම් සිපුමක් තැබුවා.
" මෑ...ණි_ය_නි... මා... මේ_වා රැ..ගෙන.. යන්_නද..? "
ගාරම් ඇගේ උර මත තිබුන පුෂ්පයන් පිරැන කූඩය පසෙකින් තබන විට හනුල් එදෙසට තම කුඩා හුරැබුහුටි දෑත් දිගු කරමින් පැවසුවා.
" මගේ පුංචි හනුල් ට තනිව යා හැකි ද..? "
" එ...සේ_ය... මෑ....ණි_යනි......"
ගාරම් ඇගේ පුංචි හුරැබුහුටි දියණියගේ පළිඟු දෑස් දෙස බලා සෙනෙහසින් සිනහාසුනා. ඇගේ පිරැනු කොපුල්... අව්‍යාජ සිනහව... ගාරම් හට සුසුම් ගැනීම පහසු කලා.
" එසේ...නම්... ප්‍රවේසමෙන්.. හැකි ඉක්මනින්.. මේ පුෂ්ප වෙළඳසැලට දී පැමිණෙන්න.. වැටහුනාද... හනුල්..... "
ගාරම්ගේ වදන්වලට පුංචි හනුල් ඇගේ හිස සොලවමින් සිනහාසුනා. ගාරම් පුංචි හනුල්ගේ වස්ත්‍ර නිසි පරිදි සකසා ඇගේ කුඩා උර මතින් පුෂ්ප පිරැන කූඩය රැදවුවා. එය ඇයට පහසු වන පරිදි සකසා ඇගේ හිසට වැස්මක් දැමු ගාරම් හනුල්ගේ කොපුලක් මතින් සිපුමක් තැබුවා.
" ඉක්මනින් ම පැමිණෙන්න... වැටහුනා ද.. හනුල්.. මෑණියන්. පහළ දිය පහර වෙතට ගොසින් සේද සෝදාගෙන පැමිණෙන්නම්.. පසුව අප දෙදෙනාම.. ඒවා ප්‍රධානි නිවස්නයට දී අහර ගමු.... ම්මම.. "
" අයිගෝ....... මෑ_ණිය_ණි..... මා හ_ට කුස ගි_නි නොමැ_ත..... අප රාත්‍රි_ය_ට අහ_ර ගනි_මු... "
හනුල්ගේ වදන්වලට ගාරම්ගේ දෑස්වල කඳුලු බිංඳු එක් රැස් වුනත් ඒවා සෙනෙහසින් බර වී තිබුනා. උපන් මෙහොතේ සිටම කටුක ගැහැට ඔවුන් වෙතට පැමිණියත් හනුල් ඇයට දිවි ගෙවීමට දිනෙන් දින පහසුකරන අයුරැ ගාරම් හොඳින් දැන සිටියා.
ඇගේ ඒ හුරැබුහුටි ක්‍රියාවන්වල තිබුන නැණවත් බව ගාරම්ව විමතියට පත් කලා. සිව්වසරක් පමණ වයසැති පුංචි හනුල්ගේ සියල්ලම ගාරම් ප්‍රාණවත් කලා.
හනුල් ඔවුන්ගේ කුඩා පැල්පතින් පිට වන විට ගාරම් විසල් සේද ප්‍රමාණයකුත් රැගෙන දිය පහර වෙත ගියා. ගාරම් දිවි ගෙවීම සඳහා හැකි පමණින් වෙහෙසව කටයුතු කලා. ඇගේ පුංචි දියණියගේ කුසගින්නට වරක් හො අහරක් ලබාදීමට ගාරම් කෙසේ හෝ උත්සහ කලා.
පුංචි හනුල් කඩවිදිය ඔස්සේ හිමින් හිමින් පා තබමින් ඇවිද ගියා. ඇය ඇගේ උරමත තිබුන කුඩා පුෂ්පයන් නොතලමින් ඇවිද යාමට ඇගේ හුරැබුහුටි පා සෙමින් සෙමින් තැබුවා.
නමුත් සිදුවුයේ කුමක් ද......
" ආාාහ්........... ම_ගේ.... පි_යු....ම්......! "
පුංචි හනුල් සිටියේ බිම පතිතවයි. නමුත් ඇගේ දෑස් රැඳි තිබුනේ ඇයට මදක් පසුපසින් බිම විසිර තිබුන ඇගේ පුෂ්ප කූඩය වෙතටයි. කඩවිදි ඔස්සේ ඇවිද යන ජනයා කිසිවක් නොදත් විලස තලා පෙලමින් ඒ පුෂ්ප මතින් ඇවිද යන විට හනුල්ගේ පළිඟු දෑස්වලින් කඳුලු බිඳු කඩාහැලෙන්නට උනා.
ඇය ඉක්මනින් නැගිට කුඩා පා තබමින් ඒ වෙතට ගියත් පුෂ්ප සියල්ල තැලි පොඩි ව ගොසින් තිබුනා. නමුත් පුංචි හනුල් නැඹුරැ වී ඒවා එක් රැස් කිරීමට ගියා මෙන්ම එහි සිටි කිසිවකුටත් ඇයව නොපෙනුනා.
ඒ ජනයා අතර පුංචි හනුල් තැලිබිඳි යන වග වැටහුණේ ඇය දෙස බලාසිටි හැඟිම් විරහිත ගැඹුරැ දෑසකට පමණක් වුනා.
ඉක්මන් වුන ඒ ගැඹුරැ දෑස් හනුල්ව ඔසවා ඔහු වෙතට ඇදගත්තා.
" කු...ම___ක්.. ආාාා...හ්........ මා... අත් හ_රිනු... න......... පු_රැ දෑ.... ස්.. ඇත්... තා.....!!! "
සොක්ජීන් සිටියේ තම සවන් වලට දැනෙන සිහින් වුවත් ගිගුම් දෙන කෑ ගැසීම දරාගෙනයි. ඔහුගේ දෑත් අතර සිරවි සිටි කුඩා හනුල් ඇගේ පුංචි දෑත්වලින් සොක්ජීන්ගේ දෑත් කොනිති ගසමින් සිටියා.
" ආාාහ්...... නවත්වනු...... ඔය දැඟලිල්ලත්.. කෑ ගැසීමත්......!! "
සොක්ජීන් උස්හඬින් එලෙස පැවසු විට හනුල් ඇගේ ක්‍රියාව නවතා ඔහු දෙස බලාසිටියා. කඳුලු දිලිසෙන ඇගේ පළිඟු දෑස්වල.. නොරිස්සුම් පැතිර ගියා.
" ආාාහ්... නු_ඹ... නපු.........රැ දෑස් ඇත්තාාාාආා.... නූඹ_යි ම_ගේ පුෂ්_ප බිම දැමු තැනැ_ත්තා... නපුරැ....මිනිසාාාආා....! "
" ආාාාහ්....ආාාහ්..... අත් හරිනු... වදකාරිය...! "
හනුල් ඇගේ කුඩා මුවින් සොක්ජීන්ගේ දෑත සපාකෑවේ සොක්ජීන්හට සිදුවන්නේ කුමක් දැයි හෝ වැටහීමටත් පෙරමයි.
" ආා....ආා... අත්හරිනු...... නුඹේ ඔය පුෂ්ප වලට ඇති තරමක්... කාසි මා ලබාදෙන්නම්... වදකාරි ව්‍යාග්‍ර පැටවෝ...!!! "
හනුල් ඇගේ පිරැනු කොපුල් මතට වැටි තිබුන කෙස් රැලි වලට වේගයෙන් සුසුම් ලෑවේ නොරිස්සුමෙන් දිලිලෙන පළිඟු දෑස්වලින් සොක්ජීන් දෙස බලාගෙනමයි.
සොක්ජීන් කුඩා සැපුම් පහර වැදි තිබුන ඔහුගේ අත අල්වාගෙන හනුල් දෙස බලාසිටියේ විමතිය පිරැනු දෑසිනි.
" කා_සි..... සො_ළො_සක්.... අවැ_සි....මා හ_ට...! "
වදන් ගැලපීමත් පටලවාගන්නා මේ පුංචි වදකාරියගේ හැසිරිම පිළිබඳ සොක්ජීන් අදහාගත නොහැකි දෑසින් බලාසිටියා.
සොක්ජීන් තම පසුම්බිය ගෙන කාසි සොළොසක් ගෙන හනුල් වෙතට දිගු කලත් ඇගේ කුඩා හුරැබුහුටි දෑත්වලට එය දැරිය හැකිදැයි සැකයක් ඔහුටම උපන්නා.
හනුල් ලැබුනු කාසි සොළොස එකින් එක පිරික්සමින් ඇගේ කුඩා සේද කැබැල්ලක ඒවා ප්‍රවේසමෙන් තබන අයුරැ සොක්ජීන් බලාසිටියා.
කුමක් නමුත් ඇගෙන් දැනෙන හුරැපුරැදු බව සොක්ජීන් ව ඈ දෙස බලාසිටීමට සැලැස්වුවා.
හනුල් ඇගේ පළිඟු දෑස්වලින් රවමින් ආපසු හැරි යාමට සැරසුනා. එවරයි... සොක්ජීන් හට වැටහි ගියේ... ඇගේ දෑස්.. නීල පළිඟු ලෙසින් දිලෙන වග.
වැළලි ගිය හැඟිම් රාශියක් හද තුළින් කැලති එන විට සොක්ජීන් පුංචි හනුල් දෙස අවධානයෙන් බලාසිටියා.
නමුත් ඒ කුඩා පළිඟු දෑස් ඒ වන විටත් වෙනතකට ඇඳි තිබුනා. පුංචි හනුල් කඩවිදියේ කුඩා ළමුන් වට වී පොර බදින රසකැවිලි වෙළෙන්දා දෙස බලාසිටියා.
ඒ දෑස් ආශාවින් දිලිසෙමින් තිබුනත් ඇය තම හිස ගසා නැවත යාමට තම කූඩය පුංචි දෑත් අතර සිරකරගන්නා විට සොක්ජීන්ගේ හද පෙර නොවිරැ ලෙසක රිදුමක් ඇඳි ගියා.
" ඕහ්... පණ්ඩිත වදකාරිය....!! "
" එව_ර......කි_ම...ද න_පුරැ දෑ_ස් ඇ_ත්තා....!!! "
ඊළඟ නිමේෂයේ පුංචි හනුල් සිටියේ දිලෙන පළිඟු දෑස්වලින් සිනහාසෙන ගමනුයි. ඇගේ දෑත් පුරා නොයෙක රසකැවිලි පිරි තිබුනා. ඇය ඒවා ප්‍රවේසමෙන් තමාට තුරැලු කරගන්නා විට සොක්ජීන්ගේ මුවඟ සිහින් සිනහවක් නැගුනා.
" ස්_තූති.........යි..... ඔබ__තුමා___ට......! "
" කිමද... මා නපුරැ දෑස් ඇත්තා නොවේද එවර...? "
වසර ගණනාවක් මුළුල්ලේ ම හිත්පිත් නැති විලසින් කටයුතු කල කඩවසම්.. දරදඬු.. ව්‍යාග්‍රයකු බඳු රණශූරයාගේ මුවඟට සිනහවක් ගෙන ඒමට පුංචි හනුල් සමත් වෙලා.
ඇගේ තතු විමසිය යුතු යැයි හද බලකල විට සොක්ජීන් ඇය වෙතට නැඹුරැ උනා.
" සෙම්පතිතුමනි.... නෞකාව පැමිණලා.. අප ගෝර්යා වෙත පිටත් යාමට සුදානම්... !! "
දොක්මෝගෙ හඬින් සොක්ජීන් නැවතත් ආපසු හැරැනා. ඔහුට හිස සැලු සොක්ජීන් නැවතත් හැරි බලන විට පුංචි හනුල් එහි නොසිටියා.
හනුල්ගේ රැව ඈත ජනයා අතර නොපෙනි යන විට සොක්ජීන්ගේ හද නොසන්සුන් ලෙසින් ඇදුම්කෑවත් ඔහු දොක්මො වෙත හැරැනා.
" මේ පුංචි දිවයින.... දිවි ගෙවිමට නම් කදිමයි නොවේද.....! සෙම්පතිතුමනි..."
" හ්ම්...විය හැකියි... නමුත් මා හට විසිමට කරැණක් මෙහි නොමැති වග දන්නවා නේ.. ගෝර්යාවෙන් ලැබුන තතු නිවැරදි වුවහොත් ඈ සමඟින් දිවි ගෙවීමට මෙහි මැඳුරක් මිලට ගත යුතුයි.....! "
සොක්ජීන් සුපුරැදු උස් දරදරඬු හඬින් එලෙස පැවසුයේ නගරයෙන් ඉවතට ඇවිද යන ගමන්ම යි.
ඈතින් රළ නගන සාගරය දෙසට සොක්ජින් ඇවිද යන්නට ගියේ දොක්මෝ ඔහු පසුපසින් එන විටයි.
~ පුංචි හනුල් ~
______________________________________
නුඹේ වගක් පවසන්න බැරි.........
සොඳුරැ රැවැති ඔබ මටයි හිමි.....
.
.
.
.
.
කිරැළ අපේ පෙම් රජදහනේ...
හිමියනි... මා තුරැළට ආවේ.......
ඒක මං ආසම සිංදුවක්..........❤️